Sunday 21 July 2013

අනුලා දේවිය ගේ සළුපට අහසට! - Written, directed and produced by Kathandarakaraya


කතන්දරකාරයා සිනමා අධ්‍යක්‍ෂණයට පිවිසෙයි!

තව ටික කාලෙකින් සරසවිය වගේ සිනමා පත්තරවල, දිනපතා සහ ඉරිදා පත්තරවල සිනමා අතිරේකවල, මාසික සඟරාවල දකින්න ලැබෙන හෙඩ් ලයින් නිවුස් එකක් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ.

ඇත්තටම නං මං චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න හිතුවේ මීට අවුරුදු දහයකට විතර ඉස්සර දවසක. ඒ ප්ලෑන් එක හරි ගියා නම් අර බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලමින් තිරගත වුණු අබා විත්‍රපටියේ අධ්‍යක්‍ෂ වෙන්නේ මංතුමායි.

මෙන්න ඒ ගැන විස්තර කියවෙන අතුරු කතාව.
http://kathandara.blogspot.com/2010/03/blog-post_05.html

ගිය දේ ගියා!

චිත්‍රපටියක් නිෂ්පාදනය කරනවා කියන්නේ කවුරු හරි ලියපු තිර රචනයකට අනුව කවුරු හරි අධ්‍යක්‍ෂණය කරන චිත්‍රපටියකට සල්ලි වියදම් කරන එකනේ?

දැන් ඉතිං කතන්දර බ්ලොග් එක අවුරුදු හතරක් කරගෙන ගිහිල්ලා, කතන්දර 850 ක් විතර ලියලා දාලා හොඳ ඇක්ස්පීරියන්ස් ලැබිලා තියෙන එකේ මට හිතුණා, එක එකාට කියලා චිත්‍රපටි ලියෝලා හදෝලා ගන්නේ නැතුව මංතුමාම කතාවක් ලියලා, අධ්‍යක්‍ෂණය කරලා, නිෂ්පාදනය කරගන්න.

මෙන්න මගේ විත්‍රපටියේ මාතෘකාව.

අනුලා දේවිය ගේ සළුපට අහසට

මේක අබා, පැරකුම්, සිද්ධාරථ, කුවේණී, අජාසත්ත ජොන්රා එකට අයිතිවෙන ඓතිහාසික කතන්දරයක්.

අනුලා දේවිය කියලා අපි කිව්වට ඇත්තටම ඇය අනුලා රැජින. ක්‍රිස්තු පූර්ව පළමුවෙනි සියවසේ ලංකාවේ අවුරුදු පහක් විතර රජකම් කරපු එයා තමයි ලංකාවේ මුල්ම රාජ්‍ය නායිකාව. ඔය කාලෙම තමයි මිසරයේ ක්ලියෝපැට්රා රජකම් කරලා තියෙන්නේත්.

රැජිනක් වුනත් අනුලා ට බිසව කියන්නට හේතුව තමයි ඇය මුලින්ම රජවරු හතර පස් දෙනෙකු ගේ බිසව විදියට ඉඳීමයි. ඒ හැම රජෙක්ම හරියට අර මේ කාලේ අපරාධකාරයෝ පොලීසියට ආයුධ පෙන්නන්න යන කොට පැනලා යන්න ගිහිල්ලා මැරෙනවා වගේ, ආහාර විස වෙලායි මිය ගිහින් තියෙන්නේ. අන්තිමේදී අනුලා රැජින වෙලා මාස හතරක් විතර රජකම් කළ ලු!

ඒ මාස හතරේ රැජින කාලයේ ඇයට සේවා සපයන්න රජවාසල භටයෝ තිස් දෙන්නෙක් හිටියා ය කියලයි කියවෙන්නේ.

හොඳ කතා වස්තුව නේද?

නිකං පිළිහුඩු පියාමැස්සෝ ගැන ජාතිභ්‍රෂ්ඨ චිත්‍රපටි හදන්න ගිහින් රජවරු තරහා කරගන්නේ නැතුව මෙන්න මේ වගේ අපේ වැදගත් ඓතිහාසික කතන්දර ගැන නේ හසන්ත සිනමා සිත්තම් හදන්න ඕනෑ!

අනුලා ගේ රෝල් එකට ඉන්දියාවෙන් හොඳ නිළියෙක් තෝරා ගන්නයි අදහස් කරන්නේ. අනුලා ගේ මුල් සැමියන් පස් දෙනා ගේ රෝල්ස් වලට දැනටම ඉල්ලුම් පත්තර ඇවිත් තියෙන්නේ.

අර රැජින කාලේ සේවය සලසපු රාජ පුරුෂයෝ තිස් දෙනා ගේ චරිතවලට නං අයැදුම් පත්තර බාර ගන්නවා.

-කතන්දරකාරයා

ප/ලි:
Flying Fish හෙවත් ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටිය ගැන ලියවුණු මා කියවූ ලිපි මෙන්න.

1. විකිපීඩියා ලිපිය
http://en.wikipedia.org/wiki/Flying_Fish_(film)

2. ප්‍රියන්ත ෆොන්සේකා ගේ අළු බ්ලොගයේ පලවුණු "ඔහු හරිම කොට ය!"
http://priyanthaf.blogspot.com/2013/07/blog-post_18.html

3. අළු බ්ලොගයේම "ජගත් චමිලගේ ගෙයි බිත්තියට මුවා වී සංජීව පුෂ්පකුමාරට වෙඩි තැබීම"
http://priyanthaf.blogspot.com.au/2013/07/blog-post_15.html

4. මාතලන් ලියූ "ඉගිලෙන මාළුවාගේ, මාළු කෑම - Flying Fish, Smells Bad"
http://maathalan.blogspot.com/2013/07/flying-fish-smells-bad.html

5. තහනම් වචන බ්ලොගයේ පලවුණු "තොට පිස්සුද යකෝ!! | Are You Fucking Crazy?"
http://thahanamwachana.blogspot.com/2013/07/are-you-fucking-crazy.html

6. අමිල චතුරංග අන්සතු දින පොතේ ලියූ "flying සංජීව (ඉගිලෙන පරවියෝ)"
http://ansathudinapotha.blogspot.com/2013/07/flying.html

7. ජනසංසදය බ්ලොගයේ පලවුණු තහනමෙන් පසු ජගත් පුෂ්ප කුමාර කළ ප්‍රකාශය
http://peoplesforumsl.blogspot.com/2013/07/flying-fish.html

8. ලංකා නිවුස් වෙබ් හි පලවූ තහනමට විරෝධය පෑමට පැවැත්වුණු පුවත් පත් සාකච්ඡාව ගැන විස්තරය
http://sinhala.lankanewsweb.com/news/9202-2013-07-18-07-47-07

9. ලංකා නිවුස් වෙබ් හි පලවූ ගාමිණී වියන්ගොඩ ලියූ "‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය සහ ආණ්ඩුවේ නිරුවත"
http://sinhala.lankanewsweb.com/features/9206-2013-07-18-13-40-04

10. දයානන්ද රත්නායක ගේ අස්වැන්න බ්ලොගයේ ඔහු ලියූ "කන්තලෙන් ලෝකයට ඉගිල්ලෙන මාලුවෝ Flying Fish" ලිපිය
http://aswanna.blogspot.com/2013/07/fling-fish.html

11. දයල් බතී ලියූ "ඉගිලෙන්න මාලුවනට Flying Fish ඉඩ දෙන්න, බලධරයිනි, පිළිකුල් කිරීමට පෙර කරුණාකර චිත්‍රපටය නැරඹුවාද?"
http://dayal-bathee.blogspot.com/2013/07/flying-fish_18.html

12. අශෝක හඳගම රන්දොර වෙබ් අඩවියට ලියූ ලිපිය
http://www.randora.lk/index.php/latest-news/item/1442-hadagama
(මේ අඩවියේ හදගම සහ හදයා කියන්නේ හඳගම සහ හඳයා ට බව පෙනේ!)

13. ලංකා නිවුස් වෙබ් හි පලවූ පසන් ජයතිලක ලියූ "විමුක්තිගෙන් පාඩම් ඉගෙන, සංජීව පුෂ්පකුමාර ප්‍රශ්ණ කිරීම"
http://sinhala.lankanewsweb.com/art-news/9216-2013-07-19-10-14-34

14. තෙලා ගේ සටහන් හෙවත් idea365 ලියන භාරත තෙන්නකෝන් ලියූ "සංජීව පුෂ්පකුමාරගේ ‘ඉඟිලෙන මාළුවෝ’ වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ඇයි?"
http://idea365.blogspot.com/2013/07/blog-post.html

15. Loopholes බ්ලොගයේ ලියවුණු "පියාමැස්සෝ විකාරය"
http://www.loopholesblog.org/2013/07/blog-post.html

16. ප්‍රියන්ත ෆොන්සේකා ගේ අළු බ්ලොගයේ පලවුණු "අපි කවදාවත් දන්නෙ නැහැ ඊළඟ මිනිත්තුවෙ මොනව වෙයිද කියල" සම්මුඛ සාකච්ඡාව
http://priyanthaf.blogspot.com.au/2013/07/blog-post_23.html

17. බූන්දි වෙබ් අඩවියේ පල වූ විකුම් ජිතේන්ද්‍ර ගේ "සොල්දාදුවෝ සහ ඉගිල්ලෙන මාළුවෝ"
http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3570

18. බූන්දි වෙබ් අඩවියේ නැවත පළ වූ ෂෙහාන් ධර්මකීර්ති ගේ "උල්කාපාතත් එක්ක ඉගිල්ලෙන මාළුවෝ සහ කිලින් ෆීල්ඩ්ස්" (මූල් ලිපිය ෂෙහාන් ගේ "රෑ අහස" බ්ලොගයේ පළවිය)
http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3567

19. හරක'ගෙ බ්ලොග් එක ලියන තිලින පෙරේරා ගේ "හොටැන් ස් පයිසි ප්ලයිං පිෂ්" http://harakageblogeka.blogspot.com.au/2013/07/blog-post_6255.html

20. සංවේදී බ්ලොගයේ පලවුණු ඉගිල්ලෙන මාළු සංවේදී ඇසින් විචාරය http://sanwedi.blogspot.com/2013/10/21.html

21. බස්සිගේ නවාතැන බ්ලොග් අඩවියේ බල්සී ලියූ මාලුවෝ ඉගිල්ලෙනු කියැවූවෙමි නමැති විචාරය http://bassigenawathana.blogspot.com/2013/09/flying-fish.html

22. ලූප් හෝල්ස් බ්ලොග් අඩවියේ පලවූ විචාරය - ගයේෂා මුදා හැර මාළුවෝ තවදුරටත් පිහිනීම
http://www.loopholesblog.org/2013/10/blog-post_17.html

(image: http://en.wikipedia.org/wiki/Flying_Fish_(film))

75 comments:

  1. කැමරා/විදුලි ආම්පන්න නොමිලේ මගෙන්.

    ReplyDelete
    Replies
    1. ලයිට් අල්ලන එකත් හොඳ ජොබ් එක නේද?

      Delete
    2. පන්දං කියන්නෙත් ලයිට්වලට ම සමාන පදයක්නේ

      Delete
    3. හ්ම්...නරකමත් නැහැ.
      පළපුරුද්ද අත්‍යවශ්‍යයි.

      Delete
  2. පැන්ෂන් ගිය බිසවක් නම් ඉන්නව ලංකාවෙම ඔය සියලු සුදුසුකම් තියෙන.හැබැයි කොන්ඩෙ කොටට කපල.බැරි වෙයිද විග් එකක් දාල ගන්න.
    ඕන නම් කතා කරල දෙන්නම්.නොමිලේම රගපායි.එයාටත් දැන් කොහොම හරි කරලියට එන්නයි ඕන.

    ReplyDelete
    Replies
    1. ආපෝ බෑ, හොඳ සිංහල චිත්තරපටිවලට හරියන්නේ ඉන්දියාවේ නිළියෝ!

      නීලපෙරුමාල් කළු කපුගේ ලා ඉන්දියාවෙන් ඇවිත් දැන් අවුරුදු පන්සීයක් විතර ගිහින් හින්දා ඉන්දියානු කියා සලකන්න අමාරුයි!

      Delete
  3. කාකා,

    මට මාර වැඩක් උනා කකා.
    මම පාරේ යනකොට තට්ටයෙක් හිටියා. ඌ උගේ තට්ටේ අත ගගා මගේ දිහා බලං හිටියා. ඊට පස්සේ එක අතකින් තට්ටේ අතගාන ගමන අනිත් අතින් මට කතා කළා.

    කකා ටත් එහෙම වෙලා තියෙනවද කකා?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔහෙට ස්කිට්සෝෆ්‍රීනියා හෝ වෙනත් එවැනි ලෙඩක්!

      Delete
  4. හොඳම ළිපිය උනේ මේක. ඒක කතාට මග ඇරිලා.. ඒකත් ලිස්ට් එකට දාන්න..

    http://aswanna.blogspot.com/2013/07/fling-fish.html

    මමත් බඩ පොඩ්ඩක් අඩු කරගෙන රෙඩි වෙන්නම්... අර සෝ එකට මාවත් ගන්න හොඳේ.. සල්ලි ඕන නෑ.. මම ඔහේට ගානක් දෙන්නම්.. හැබයි තිස් ගානක් ඉන්න එකේ... මගේ කෑල්ල කපන්න එහෙම බෑ.. ඩොක්ටර් ෂිවාගෝ එකට පස්සෙ දිගම සෝ එක වෙයිනේ. ඇයි යකෝ 30 ගානක් එක්ක සැක්ස් සීන් පෙන්නන්න තියෙනවනේ.. මගේ එක නම් ක්ලෝසප් ගන්න එපා ගෙදරට මාට්ටු වෙයි..

    ReplyDelete
    Replies
    1. අපොයි ඒක බැලුවා නේන්නං මගේ බ්ලොග් රෝලේ තියෙනවානේ. ඔන්න එකතු කළා! ස්තුතියි.

      Delete
    2. බඩ අඩු කර ගන්න බැරි වුනොත් අර ගහලයෙකු ගේ චරිතයටවත් ගන්න බැරියැ!

      Delete
    3. කතා... මේකත් කියවා.. එකතු කරන්න...

      http://www.lankaday.com/2013/07/blog-post_21.html

      Delete
    4. මාතලන්,
      ඔය හඳගම ගේ එකම ලිපිය තමයි හැම තැනම පළවෙන්නේ!

      Delete
  5. කතන්දරගේ යෝජිත චිත්‍රපටයේ ප්ලොට් එකනං නියමයි. මේ ඒ ගැන නොවේ..

    ළගදි පටන් තිරගත වෙන්න ගත්ත නිකිණි වැස්ස ගැන. ඔය චිත්‍රපටය නිෂ්පාදනය කොළේ දොස්තර මහත්තයෙක්නේ. වියදම ලක්ෂ 450යි. ඔහුම තමා කිව්වේ. දැනට ආදායම ලක්ෂ 43යි. ඔන්න නිෂ්පාදකගේ කලදසාව.

    ඒවුණාට දොස්තර මහත්තයා වැඩේ අතාරින්නේ නැ කිවුවා. තව එකක් හදනවලු නිෂ්පාදක එයාමයි. අධ්‍යක්ෂණය ඔහුගේ පුතා. මගේ යාළුවෙක් මිනිහා. ඒ කතාව තම වෘත්තියට අදාළව කරනවයි කියලා තමා කිව්වේ.

    දොස්තර මහත්තුරුත් නිෂ්පාදකයෝ වුණු එකේ ඉංජිනේරු මහත්තුරුත් නිෂ්පාදකයෝ වුණාම වරදක් තියේ යෑ. හැබැයි අධ්‍යක්ෂනේත් තමංම කොරගන්න එක ඇගට ගුණයි.

    ReplyDelete
    Replies
    1. මගේ චිත්තර පටියේ නළුවන් අති බහුතරයක් ම කරන්නේ ගරු රඟපෑම් නිසා ඒ අතින් නම් විදයම අඩුයි.

      සීරියස් පිට කියනවා නම්, ලංකාවේ මාකට් එකට ලක්‍ෂ 450 ක් වියදම් කරලා මූවි එකක් සැදීම මෝඩ වැඩක්. සල්ලි නාස්තියක්. මං හිතන්නේ අපි හදන්න ඕනෑ අඩු වියදම් චිත්‍රපටයි.

      Delete
    2. මම කියල දෙන්නම් අඩු වියදමින් චිත්‍රපටයක් නිපදවන විදිය.
      යසපාලිත N,Mu.අරු,සුනිල් S,රෝයි D,සුනිල් Tවැනි අය දින 10න් රූපගත කිරීම් ඉවර කරල දින 100 දුවල ආදායම් පෙට්ටි කැඩුව.
      වියදමක් යන්නෙ හින්දි කෑල්ලට විතරයි.එකත් මම බලන්නම් පොරක් ඉන්නව බොලිවුඩ් වල.
      කකා ගත්ත තීරනය අත නොහරින්න.
      කරනා හැටි මම කියා දෙමි.

      Delete
    3. ඔන්න ඔහොම එන්නකෝ කෙන්ජි!
      ප්‍රොජෙක්ට් එකේ කන්සල්ටන්ට් තනතුරක් දෙන්නම්.

      Delete
    4. කෙන්ජි වගේ මා නම් චිත්‍රපට හදන හැටි දන්නේ නැහැ කකා. හැබැයි බජට් එක අඩු කර ගන්න ගමන්, බොක්ස් ඔෆිස් කඩා ගන්න ක්‍රමයක් නම් දන්නවා. රජ කාලේ ඇඳුම් වලට ගොඩක් වියදම් වෙන්න ඉඩ තියනවා. ඒ හින්ද ඔය බඩ තියන ගහලයට විතරක් සරමක් වගේ දෙයක් පටලොවලා, අනෙක් සියලු දෙනාම උපන් ඇඳුමට කිට්ටුවෙන් යන දෙයකින් වැහුවහම ඇති. ගාණත් ඉතුරුයි, හෝල් නිකම් පිරිලා ඉතිරිලත් යාවි. ඔය සම්භාව්‍ය කියන දේ ප්‍රචාරය කරන්න රුපියල් දෙසිය පනහක් විතර දීලා ගැඹුරු කටහඬක් තියන කෙනෙක් ගත්ත නම් තවත් ගොඩ!

      Delete
    5. @ නලියා , කකා , කෙන්ජි , රයිගම්

      ඇත්තටම කෙන්ජි අයියේ ෆීල්ඩ් එකේ ඉන්න අය දෙයක් නොකරන එකයි ප්‍රශ්නේ.එක්කෝ සියල්ල එකට පැහිලා නැහැ..ඒ කියන්නේ පබ්ලිසිටියක් දෙන්න දන්නේ නැහැ..ඒ වෙනුවෙන් මුදලක් වෙන් කරන්නේ නැහැ..හදපු දේ ඔඩොක්කුවේ දාගෙන හිටියට වැඩක් නැහැ..මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ..

      රෝයි D , සුනිල් T වගේ අය නම් යම් මට්ටමකට ඉදිරියෙන් ඉන්නවා ඒ යුගයේ අනිත් අයට සාපේක්ෂව..නමුත් බහුතරය උන්නේ පාළු ගෙවල් වල..මොන තරම් උසස් නිර්මාණයක් උනත් මිනිස්සු දන්නේ නැහැ එවැනි දෙයක් තියේද කියලා..නිකන් බොස කපන්න හෝල් වලට එන ලව් කපල් වලින් බොක්ස් ඔපිස් ගහන්න බැහැ...

      ඔයා දැක්කනේ මගේ මීඩියා පෝස්ට් එක ..? ඒකෙදි මම සිනමාවත් ඈඳ ගත්තේ නැහැ කතන්දරේ දිග වැඩි නිසා..නමුත් සිනමාව තුළත් පවතින යථාර්තය ඕකයි...

      වැඩක් කරද්දී ළූණු බික ගැනත් හිතන්න වෙනවා..චි**ම බදන් ඉඳලා බැහැ..

      Delete
  6. HA HA, SALU PATA AHASATA, SARAMA PUTUWA YATA. PUKA PENENAWA, CHOO KAKKA YANAWA.

    ReplyDelete
    Replies
    1. අයියෝ මිස්ටර් KAPITAL ANKAL ඔහේට එපා වෙන්නේ නැද්ද මේ එකම ජෝක් එක දාන්නේ?

      පොඩ්ක් හරි විවිධත්වයක් තිබුණොත් නේද ජීවිතේ ජොලියක් ලැබෙන්නේ?

      Delete
    2. AI, MR, KAKA, MEKA WENAS BAWA NOPENEDA?

      Delete
    3. ඇයි ජී පඩ ? ඒවත් යනවා.

      Delete
  7. මාතලන් කිව්වමයි මතක් වුනේ.
    මට චරිතයක් ගන්න බැරි වෙයිද?
    චරිත සහතික බලන්නෙ නැහැනෙ?

    ReplyDelete
    Replies
    1. බඩේ සයිස් එක කොහොමද? ක්ලෝස් අප් වලට ඔට්ටුද?

      Delete
    2. සික්ස් පැක්.
      ක්ලොසප් නැතිව කොහොමද ජනප්‍රිය වෙන්නෙ?

      Delete
    3. මට කෙන්ජියට කොහොමත් කඩු පාරක් දෙන්න ඕන වෙලා තිබුනේ.. එහෙනම් ගහලයගේ පාට් එක මම ගන්නම්..

      Delete
    4. මෙහෙමයි මාතලන්,දක්ෂකම තමන්ගෙ හිතේ තිබුනට අතිගරු Scriptwriter,Producer & Director උතුමන්ගෙ කැමැත්ත නැතිව බැහැ ගහල චරිතයට වුනත් සුදුසු කම් ලබන්න.

      Delete
  8. සිනමා පාසැලක පංතියක දී සිනමා කෘතියක් කරන ළමයි එහි දී තමන්ට කියලා දීලා තියෙන විදියට ලබාගත යුතු යැයි කියන ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් වෙහෙසෙන්නෙ.

    මුලින් ම උපන්‍යාසයක් හදා ගන්නව. එය විභාගයට පර්යේෂණයක් සැලසුම් කරගන්නව. පර්යේෂණයේ යෙදෙමින් දත්ත එකතු කරනව. එකතු කරගත් දත්ත විශ්ලේෂණය කරනව. දත්ත වලින් උපන්‍යාස තහවුරු කරගන්නට පුළුවන් වුනා ද බැරි වුනා ද කියන එක තීරණය කරනව. ඒත් පාසැල් ඉගෙනීම ඉවර වෙලා, සමහර වෙලාවට කැම්පස් ඉගෙනීම පවා අවසන් කරලා, සත්‍යය ලෝකයට ගියාට පස්සෙ විද්‍යාත්මක විමර්ශනයේ යෙදෙන්නෙ එහෙම නෙමෙයි කියල දකිනව. කාලාන්තරයක් තිස්සෙ උපන්‍යාස විභාගයට ලක් නොවී තිබීම, ලැබෙන ප්‍රතිඵල ගැන විද්‍යාඥයන් එකඟ නොවීම, මේවා පංතියේ දී කියා දෙන්නෙ නැති ඒවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Sherry Seethaler ලියන ලද Lies, Damned Lies and Science (2009) පොත ඇසුරෙනි.

    ReplyDelete
    Replies
    1. මේකත් රෝගයක්, අන්දකයිප්පු ටිකක් කන්න!

      Delete
  9. අනුලා රැජිනට ගන්න ඕන රජ පෙනුමක් රාජ ඌශ්නයක් ඇති කෙනෙක්.නරකද අරලිය එකට කෝල් එකක් දීලා බැලුවොත්?රජතුමාගේ බාලම මල්ලි හොඳයි ගහලයාහේ චරිතෙට.

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ, නිළිය ඉන්දියාවෙන්.

      ගහලයා හොඳ බඩෙක් වෙන්න ඕනෑ, අර අබා එකේ හිටියා වගේ!

      Delete
  10. ඔන්න කලින්ම කිව්වා මටත් මොකක් හරි ඕනේ. ඇයි දෙවියනේ අන්තර් ජාතික තලේට යන එකක මුණ දාගන්න ආයේ කවද්ද හම්බෙන්නේ මෙහෙම

    ReplyDelete
    Replies
    1. අර රාජ්‍ය සේවයේ චරිත තිස් දෙකෙන් එකක් දෙන්නම්!

      Delete
  11. ලයිට් අල්ලන හරි ට්‍රැක් තල්ලුකරන හරි දෙයක් මටත් දෙන්න. ආ හදිස්සියක වාහනයක් උනත් එලවන්න පුලුවන් මට.

    ReplyDelete
    Replies
    1. මේක රජ කතාවක් බං.
      වාහන වලට තියෙන්නෙ අලි,අස්පයො.
      ජොබක් තියෙනව බොට අලි/අස්පයො ඇගට ඉනිමගක් හේත්තු කරල උඩට නැගල,උඩ ඉන්න නළු/නිළි යන්ගෙ දහදිය පිහිදාන්න ෂුට් කරන්න පෙර.
      හොදට ගෙවනව.
      ඩොලීට්‍රැක්/ලයිට් කොල්ලන්ට වඩා මේකට ගෙවනව.

      Delete
  12. ඔය රාජ්‍ය සේවයේ චරිත තිස් දෙකට හරියන රාජ්‍ය සේවයේ පළපුරුදු අය ලංකාවෙන් හොයාගන්න පුළුවනි. ඒ නිසා ඒ චරිත තිස් දෙක එහෙම ඉන්දියාවට දෙනව නෙවෙයි ඕං.

    ඒක නෙවෙයි, ඔය කතාව චිත්‍රපටියට ගන්න අවසර ගත්තද, ලංකාවෙ ඉතිහාසය අයිති කට්ටියගෙන්?

    අනුලා දේවිය සිංහල බුද්ධාග‍මේ නෙවෙයි මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. කාගෙන්ද පනා පුත්‍ර කුහුඹු පැණියාගෙන්ද? හෙනහුරා

      Delete
    2. නෙහුරාටත් පාට් එකක් ඕනැ වෙලා වගේ!

      Delete
  13. පිච්චෑර් එක ඉන්දියාවෙම නළු නිළියෝ දාගෙන ඉන්දියාවෙම ෂූට් කළා නම් ගොඩ... අනික හඬ දෙකැවි වලට කප් ගහපු ඔස්තාර්ලා දාලා වැඩේ කම්මුතු කරගන්ට පුළුවන්නෙ. මෙහෙ තහනං කරත් ඉන්දියාවේ වත් පෙන්නන්න බැරියැ

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් කාරයෝ දැම්මොත් චිත්‍රපටිය කොට වෙයිද?

      Delete
    2. පිස්සු නම් කෙලින්න එපා. ප්‍රධාන නිළිය විතරක් නෙවෙයි ඔක්කොම නිලියෝ ටික ඉන්දියාවෙන් ගේන්න. නළුවෝ මෙහේ අය හොදා.

      Delete
  14. කතන්දර, කටින් බතල හිටවන අයට වඳින පුදන ලෝකයක පාරට්ටු බෑවාට කන්න බතල ලැබෙන්නෙ නැති බව කියා දෙන්න කොච්චර අමාරු ද?

    ReplyDelete
  15. කකා... දන්නවද වැඩක්... පොත් කියවලා විද්‍යාව ඉගෙන ගෙන ඒවා වන් ටු වන් බ්ලොග් වල ඔබන සම හරක් අය හයිපොතිසිස්, තියරි කියලා පටලවගෙන නැට්ට ගිනිතියාගෙන ඉන්නෙ.....

    ඇත්තම කාරනේ continental drift ඇතිවෙන්නෙ වාමාන්ශිකයින් සහ ඔබාමා නිසා....

    ReplyDelete
  16. කකා ආර්ට් ඩිග්රි ගහපු එක්කෙනෙක් ලගදි ඔලුව කොහෙද වැදිලා විද්‍යාව උගන්වන්න යනවා..... පව්........ පොත් කියවලා විද්‍යාව තේරුම් ගන්න බැරුව වන් ටු වන් කොපි ගහලා බ්ලොග් පුරවනවා..... හරි පව් නේද කකා..... බැහැ කිව්වත් පිළිගන්නෙත් නෑ.... හරි ඔලුවනෙ.....

    ReplyDelete
  17. It's a total madness that the official website of Flying Fish movie is blocked by ISPs.
    http://www.flyingfishmovie.com/

    ReplyDelete
    Replies
    1. මේක අයින් කරලා තියෙන්නේ අයිතිකාරයාමයි..නැතුව SL ISP බ්ලොක් එකක් නෙවේ..යුරෝප් වලට පේන්නෙත් නැහැ ..( විහින් නහින්නේ නැතුව අයින් කරගනින් කියන්නැති )

      Delete
  18. අනේ මාවත් මතක තියාගන්න කකා..ගහකට , මලකට , වළාකුලකට හරි කමක් නැහැ ...

    ReplyDelete
  19. පිටපත් 35 කට වඩා රිලීස් කරන්න එපා හොඳේ !

    ReplyDelete
  20. කකා මටත් බඩෙක්ගෙ පාට් එකක් දෙන්න පුළුවන්ද...බැරිමනං ආට් පැත්ත බලාගන්නං කෙන්ජිත් එක්ක

    ReplyDelete
    Replies
    1. පදුරු වටේ තලන ජොබ් එක දෙන්නම් කෝ!

      Delete
  21. කකාට මේ මනුස්ස ජීවිතයෙන් කරන්න බැරි වෙලා තියෙන්නේ ඡන්දේ ඉල්ලන එකයි ගනිකා නිවසයක් කරගෙන යන එක විතරයි මහිතේ. ඒ තරමටම කකා කියන්නේ අපට ඉන්න මහානර්ඝ වස්තුවක් නෙහ්.
    අනේ.. මොකටද ඉතින් ඒ හරිය

    ReplyDelete
  22. "අනුලා දේවියගේ සලුපට අහසට" ඉතිහාස කතා පුවත් අනුව නම් අනුලා දේවිය "කාම රැජිනක්" ඒකනේ ඔය තරම් ස්වාමි පුරුසයෝ හිටියේ. වැඩේ සෙට් වුනේ නැත්නම් වස දුන්නා. මේ කතා පිටපත මුලින්ම රැගුම් පාලක මන්ඩලේට ඉදිරිපත් කරන්නම වෙනවා නැත්නම් ඒ රැගුම් පාලක මන්ඩලේ කපලා කපලා කොටලා අන්තිමට ඉතුරු වෙන්නෙ පටන්ගන්නකොට දාන නම් පේලි ටිකයි අන්තිමට ආන "නිමි" කියන කෑල්ල විතරයි. හැබැයි පිටපත මුලුන් මණ්ඩලේ අනුමැතියට ඉදිරිපත් කලොත් XXX තමයි හම්බ වෙන්නේ මොකද ඒගොල්ලත් ඒව බලනවා. අපි ඒ අය පෙන්නන හින්ද බලනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන බය වෙන්න එපා දයා.
      මල් මැදුරෙ උපදේශන සඝ 4ක් 5ක් ඉන්නව සමහර දවස්වල මා එක්ක සකේ වඩියක් ගහල පන්සිල් ගන්න.
      ඒ අය කිව්ව ගමන් සේරම ශේප්.

      Delete
    2. පිටපතේ වැඩිය දෙබස් නැති වෙයි වගේ!

      Delete
  23. //අර රැජින කාලේ සේවය සලසපු රාජ පුරුෂයෝ තිස් දෙනා ගේ චරිතවලට නං අයැදුම් පත්තර බාර ගන්නවා. //

    නරකද කකා මේ චරිතෙකට ඉල්ලුම් කලා නම්..

    ReplyDelete
    Replies
    1. ගරු ජෝති;Scriptwriter,Producer & Director කකා තුමා බව නොදැක්කෙහිද?

      Delete
    2. ඔය කියන්නේ අර හාමුදූරුවරු අනිත් අයට දන් බෙදන්න කියනවා වගේ කතාවක්.

      Delete
  24. කකා මාවත් කඩල වෙලෙන්දෙක්ට හරි ගන්න කකා.
    මට හොඳට කඩල විකුණන්න පුලුවන්.
    ටේස් කඩල ටේස් කඩල ටේස් කඩලේ....ඒ ඒ ඒ !!!!

    ReplyDelete
  25. දැන් මේක පෙන්නන මණ්ඩලේ මොකක්ද? ඊ ඒ පි ද, එම් පි අයි ද, එහෙමත් නැත්තම් සංස්ථාවේ රිත්මා ද?

    ReplyDelete
    Replies
    1. පිටපත් 85 ක් ගහනවා. මංඩල දෙකක්ම ඕනෑ වෙයි!

      Delete
    2. අන්න බළලා මල්ලෙන් එලියට පැන්නා.කකා ත් දෑත් ශක්තිමත් කරලා.

      Delete
  26. මං මේක් අප් ආටිස්ට් වෙන්නං. කතාවේ හැටියට නිළියගේ මුළු ප්‍රධාන ඇඟටම මේක් අප් දාන්න තියෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. ඇයි ගහලයා එපාද?
      අන්න කෙන්ජි කියනවා නිලියන් ගේ දාඩිය පිහින්නත් ජොබ් එකක් තියෙනවාලු!

      Delete
  27. කකා, අපි අද පන්සල් යමු ද ?
    කකාගේ හිතේ තියෙන මෝහ අඳුර නැති වෙලා යන තැනකට වැඩක් මිසක් අවැඩක් නොවෙන්න කියලා පිනක් දහමක් කර ගම්මු.
    කකාට ඉතින් තව අවුරුදු තුනයි නේ ජීවන් වෙන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මං මැරුණාම ඔහේ ගිහින් පින් දෙන්න කෝ!

      Delete
  28. සියළු දෙනාටම ස්තුතියි!
    මුහුරත් උළෙල ගැණ විස්තර පසුව දැනුම් දෙමි.

    ReplyDelete
  29. ඔය ෆිල්ම් එකත් කොහොමහරි හොරාට රිලීස් වෙයි. මතකනේ අපි අක්ෂරේ ෆිල්ම් එක බැළුවා.
    අන්න එහෙම රිලීස් වෙන එකත් එක අතකට හොඳා. එට්ය්හකොට ටිකට් එකට යන ගානත් ඉතුරු වෙනවා.
    මම අද 1ද මන්දා ?

    මම එක ඇනෝ.

    ReplyDelete
  30. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 72
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 4
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 8
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 26
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 34

    ReplyDelete
  31. අමතක නොකර ඔකේ ප්‍රධාන නළුවට අර ඒකටම පතාගෙන ඔතාගෙන ආපු පනාපුත්‍ර කුහුඹුපැණි මහත්තයව ගන්ට හොඳා! නැන්නම් රාජෝදහසට ලක් වෙයි ඔන්!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.