Sunday 7 July 2013

කම්මැලිකමට හේතුව මොකක්ද? - Sunk in Laziness


අද මහා කම්මැලි දවසක්.

උදේ හතට විතර ඇහැරුණත් ඇඳෙන් බැස්සේ නමහමාරට. ඒකත් කලේ හාමිනේ රත්කරලා ආපහු ගෙනත් දුන්නු තේ මග් එකේ පිහිටෙන්. උදේට කෑවේ දහයට!

නිකං ඈලි මෑලි දුබල ගතියක් තමයි ගතට සිතට දැනෙන්නේ. ගමන බිමනත් නිකං අනේපිඬු සිටුතුමා වැස්ස වෙලාවේ ඇවිදිනවා වගේ තමයි කෙරෙන්නේ. වෙනදා වගේ කඩිසරව ඩබල් එකේ ඇවිදින්න හිතෙන්නේ නෑ.

මං කාලෙකට ඉස්සර කියෝලා තියෙනවා චිත්ත පරිපෝෂිතයෝ කියලා පරිවර්තන පොතක්. මට මතක හැටියක මේකේ තියෙන්නේ පිටසක්වලින් ආපු ජීවීන් කොට්ඨාශයක් මිනිස් සිත් ඇතුලේ පරපෝෂිතයෝ විදියට ජීවත් වෙන සීන් එකක්. මේ වගේ චිත්ත පරපෝෂිතයෝ බෝ වුණාමද මන්දා මේ කම්මැලිකම එන්නේ.

ඉස්සර ලංකාවේ තිබුණා මට මතකයි ඩියුරෝල් කියලා විටමින් ටොනික් එකක්. මේ කියන්නේ අර තරලසාර ජාති මාකට් එකට එන්න ඉස්සර.

ඩියුරෝල් ගැන ඒ දවස්වල රේඩියෝ එකේ වෙළඳ සේවයේ ගිය ජීංගල් එකක් තිබුණා මෙන්න මෙහෙම. මේක කියන්නේ කෙල්ලෙක් තමන්ගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගැනයි.

දිනෙක ආව මගෙ සුපෙම්වතා
කල්පනාවෙනි නැතුව කතා
ඇහුවාම විමසලා මොකැදැයි කියා
ඔහු කිව්වා,
කම්මැලියි ඇඟට පණ නෑ කියා
මා කීවා ගන්න
ඇඟ පතට පණ එන්න - ඩියුරොල්
කඩිසරව ගැවසෙන්න - ඩියුරොල්
යකඩ චෙරි රස ඇතී - ඩියුරොල්
මිහිරි විටමින් ටොනික් - ඩියුරොල්


මං හරියටම දන්නේ නෑ දැන් මේ ඩියුරෝල් කියන විටමින් ටොනික් එක ලංකාවේ මාකට් එකේ තියෙනවද කියල. ඔය උඩ තියෙන ෆොටෝ එක නං හොයා ගත්තේ වෙබ් එකෙන්.

මෙන්න තවත් පරණ රේඩියෝ ජිංගල් දෙකක්.
http://kathandara.blogspot.com/2012/06/sunlight-jingle.html

-කතන්දරකාරයා

ප/ලි:
කම්මැලිකම හෙට වෙනකොට දුරුවේවා!

(image: http://www.afipaafricanmarket.com/store/product160.html)

68 comments:

  1. matath kammalikama thiyanawa affa.yakada pethiwath bonna one :/

    ReplyDelete
    Replies
    1. කතාන්දරකාරයා අසාධාරණ වැඩක් කරලා.මගේ විරෝධය.
      කෝ මගේ ප්‍රතිචාරය.මොකද උනේ ඒකට.

      Delete
    2. @ G Manju
      හොඳ වෙලාවට මේ දෙවැනි කමෙන්ටුව දැම්මේ. එය දැක මා සොය බලන විට ඔබේ ඒ කමෙන්ටුව ස්පෑම් වී තිබී හමුවූණා.

      එය මා සිතා මතා කපා දැම්මා නම් එය ඔබට කෙරෙන අසාධාරණයක් තමයි, නමුත් මා එසේ කළා යැයි සිතිමට ඔබට කිසිදු හේතුවක් නෑ නේද?

      අප බොහෝ විට කරන දෙයක් තමයි, වැරදි උපකල්පන කර, ඉන් පසු ඒවා මත පදනම්ව අන් අය ගැන ප්‍රශ්න කිරීම.

      මා කලින් දවසක ලියූ නෝටි හස්බන්ඩා කතාවෙන් කියවෙන්නේ එයයි.
      http://kathandara.blogspot.com/2010/09/blog-post.html



      Delete
  2. කතාන්දරකාරයාගේ කෙටිම පොස්ට් එකද මන්දා?

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව ස්පෑම් වී තිබී හමුවූයේ සඳුදා (9 ජූලි) දිනයේ දී ය.

      Delete
    2. මාතලන් දමා තිබුණු කමෙන්ටුවක් ඇතුළුව තවත් කමෙන්ට් කීපයක්ම ස්පෑම් ගොඩේ තිබී හමුවිය.

      Delete
    3. කමෙන්ටු අනුමත කරන වෙලාවට ස්පෑම් බැලීමත් හොඳ බ්ලොග් කරුවෙකුගේ ලක්ෂණයක්. එහෙම කලාම අවුලක් නෑ. නැත්නම් තමුන්ට විරුද්ධ කමෙන්ටුවක් ස්පෑම් උනොත් එල්ලවිය හැකි චෝදනා ගොඩයි.

      Delete
    4. හැබැයි මම අහලා තියෙනවා ප්‍රතිචාරයට මොකද උනේ කියලා? එක එල්ලේම චෝදනා කරත් නැ. නිතරම කියවන බ්ලොග් එකක් තමයි මෙක.කථා කරන දේවල් වල බොහෝ අර්ථ සැඟවිලා තියෙනවා.ඒක මට වැදගත් සමාජය ගැන මට විවිධ පැතිකඩ වලින් දකින්න.

      Delete
    5. @ රාජ්
      මින් පසුව මේගැන මා සැලකිලිමත් වෙන්නම්. මා කිළණ් දිනක කතන්දරයක්ම ලියූ පරිදි මගේ සමහර පෝස්ට්වලට දිගට හරහට වෙළද දැන්වීම් එන නිසාත්, ඒවා කෙලින්ම ස්පෑම් ගොනුවට යන නිසාත්, නිතරම එය විවර කර බැලීමට මට මේ වෙනතුරු අවශ්‍යතාවයක් තිබුණේ නෑ.

      මාසයකට පමණ ඉහත, කවුදෝ මට ඊ-මේල් එකක් එව්වා කමෙන්ටුව නැත්තේ ඇයි කියා අහලා. එදාත් මං ස්පෑම් එක ක්ලියර් කළා.

      Delete
    6. @ GM
      මෙන්න මේ ටිකට නමත් මාරු කරළා!

      ඔබ පොදු පරිගනකයක් භාවිතා කරනවාද? මොකද මෙතැනට එන සමහර ප්‍රතිචාර මං ස්පෑම් කියා නම් කරනවා. ගූගල් අංකල් සමහර විට ඒවායේ අයිපී ලිපිනයන් මගින් ස්පෑම් ට්‍රෑක් කරනවා වෙන්නත් පුලුවනි.

      Delete
    7. අපි ඩොංගල් එකකින් ලොග් වෙන තාක්කල් කකා ට අපේ කමෙන්ට් බ්ලොක් කරන්න වෙන්නේ නෑ. මොකද ඩොංගල් වලින් ඉතින් ඩයිනමික් අයි පී නේ... හෑ... හී... හු.... :)

      Delete
  3. /අනේපිඬු සිටුතුමා වැස්ස වෙලාවේ ඇවිදිනවා වගේ/
    මේ ප්‍රස්ථා පිරුළ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මමත් අහන්න හිටියේ.හැබෑට මොකක්ද මේකේ තේරුම?

      Delete
    2. මං ලිව්වා නං විශාකා තොමෝ පැමිණි විලාසෙන් කියලා ගැලපෙන්නේ නෑ නේ.

      ඒ හින්දා ප්‍රධාන උපාසිකාවගේ නම නොලියා ප්‍රධාන උපාසකයා ගේ නම දැම්මා! කොහොමද ටිකිරි මොලේ?

      Delete
    3. මේ බයිලා නොලියා සුදු අප්පුහාමි වැස්ස වෙලාවේ ඇවිදිනවා වගේ කිව්ව නම් අපට තේරෙනවා.

      Delete
    4. ඒ වුණත් කකා අනේපිඬු සිටුතුමා වැස්ස වෙලාවක ආසාවටවත් ඇවිද්දා කියලා කතාවක්වත් නැති නිසා මේක ටිකක් අවුල් වගේ නේද :P

      Delete
  4. වෙනදට සන්ඩේ ස්පෙෂල් දාපු කකාට වෙචිචි දෙයක්...සංසාරේ සංසාරේ... බණක් බාවනාවක් කරන් ඉන්න කාලේ ඇවිත් දැන්... දැන් වත් තේරෙනවද කකා මම කියපු දේවල් ඇත්තෙයි කියලා..

    ReplyDelete
    Replies
    1. බණ කියන්න නං පුළුවනි!

      Delete
  5. පැන්ෂන් යන කාළේ හරි වගේ. ලේ ධාතුව වඩවන්න, අශ්වාගන්දාරිෂ්ඨ පොඩ්ඩක් ගන්න. නැතිනම් මෝදයකින් පොඩ්ඩක් ගන්න. මොකෝ ඕවා ගත්තත් නොගත්තත්, කතාකරපු ගමන් යන්න එපාය.

    ReplyDelete
    Replies
    1. මාතලන් දමා තිබුණු කමෙන්ටුවක් ඇතුළුව තවත් කමෙන්ට් කීපයක්ම ස්පෑම් ගොඩේ තිබී හමුවිය.

      මං නං කතා කරපු පලියටම යන්නේ නෑ!

      "එන් නට බැහැ තවම දාතම පැමිණ නැත
      යන් නට පෙර කළ යුතු වැඩ අපරිමිත
      සන් කර මරු යවා ආපසු එලොව වෙත
      සන් සුන් ගත තුලට යලි වැද ගතිමි මිත"

      මෙන්න සම්පූර්ණ කතන්දරේ:
      http://kathandara.blogspot.com/2010/07/blog-post_28.html

      Delete
  6. අනේ මන්ද.දන්න කාලෙක ඉදල නැගිටින්න බැරි හෙනයක් මට නම් නැහැ.
    උණ ගතියක් තිබුනාම නම් ඉතිං සොරිම තමා.
    ඇද උඩ දෙන්නගෙ කැබිනට් සාකච්චාව මධ්‍යම රාත්‍රිය වෙනකං ගියත් මම නම් පාන්දර 4.30 ට ඇහැරෙනව ෆිට් එකේ.
    මම හිතන්නෙ එක එක්කෙනාගෙ වයසයි/වැඩයි අනුව තමා ඔය කම්මැලිකම එන්නෙ.

    ReplyDelete
    Replies
    1. මටත් අර ඒරොප්පේ ට්‍රිප් එක ගියා කාලේ කිසි ආමරුවක් ණැතුව උදේ නැගිටින්න පුළුවන් කම තිබුණා!

      Delete
    2. Mamath giya sathiye eroppe trip ekak giya 14 days. Harima amrui hffa.

      Delete
    3. යුරෝපෙදි එහෙම තමයි කකා කොච්චර නිදිමැරුවත් උදේට ගාණක් නැතුව ඇහැරුනහැකි

      Delete
    4. ඒරොප්පේම යන්න ඕනෑ නෑ. ජපානේ ඉන්න කෙනෙක් මැලේසියා ආවාම, මැලේසියා ඉඳලා ලංකාවට ආවාම ඇඟ තාම වැඩ කරන්නේ පැය ගාණකට කලින් ඔරලෝසුවක් විදියට නිසා කලින් ඇහෙරෙන එක හරිම ලේසියි.

      හැබැයි ඉක්මනටම නිදිමත වෙනවා!

      Delete
  7. Replies
    1. පටන් ගන්න නං ලේසියි, කරගෙන යන එක තමයි අමාරු.

      Delete
  8. සුවෙන්සු ද සුඑන්සු ද කියලා හෙළ ඔසුවක් ගැනත් මේ වගේ දැන්වීමක් තිබුණා.

    හෙළ ඔසුවකි සුවෙන්සු

    ReplyDelete
    Replies
    1. ඇඟ මැලි කම් දුරු කරවන
      වෙහෙසෙන සිරුරට පණ දෙන
      ළඳුනගෙ ඇති රුව රැක දෙන
      හෙළ ඔසුවෙකි සුඑන්සු

      -සුවෙන් සිටීමට සුඑන්සු-

      Delete
    2. සුඑන්සු කියන්නේ හෝමියෝපතිකාරයෙකු ගේ බේත් ජාතියක් නේද?

      ඔය හුඟක් දේවල්වල තිබිලා තියෙන්නේ 10% ඇල්කොහොල්!

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. අශ්ව ඝන්ධ තරලසාරයෙන් කාලක් ගැහුවා නම් කකා, ඔය කම්මැලි කම්වල කෑලි වත් සොයා ගන්න ලැබෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. නාවල පැත්තෙ බුවෙක් හොරණ පැත්තෙ නැගල යන බිමක් හැදුව ඒකාලේ.නම මතක නැහැ.
      කාලෙකට පස්සෙ අතේ මාට්ටු.නමුත් පස්සෙ පලා බබා.

      Delete
    2. උදේ අහයට කලින් ඔය තරලසාර බේත් බොන්න ටිකක් අමාරුයි!

      Delete
    3. කෙන්ජි, සුඑන්සු හැදුවෙත් හොරණ සුගතදාස වෙද මහත්තයාගේ සුගත රසායනාගාරයෙන්. තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට ටිකක් මෙහායින් හොරණ පැත්තට වෙන්න තිබුනේ. මේවා සේරම "තරල සාර". බේත් බොන්න උදේ රෑ කියලා නැහැ කකා. කොයි වෙලාවෙත් අමාරුයි.එකනේ බේත් කියන්නේ.

      Delete
    4. ඉරිදා උදේ 10 වගේ ඉඳන් ගිය ටෙලි කීපයකට අනුග්‍රහය දුන්නා "සුවෙන්සු"..

      Delete
  11. durol nam nahe durex thiyenawa maye hithe.

    ReplyDelete
    Replies
    1. ඩියුරෙක්ස් දාන්න පණ තියෙන්න එපායැ... දැන් කකාගෙ ප්‍රශ්නෙ පණ නැති එකනෙ..... වෙද මහත්තයට උපහාස කරපු ඇනෝ කොමෙන්ට් පබ්ලිශ් කරනකොට අපි හිතුවා ඕක වෙයි කියලා....

      Delete
  12. ඒ කාලෙම වගේ ගුවන් විදුලියේ ගිය සබන් ඇඩ් එකක් මතක් වුණා.

    එන්න නිමල් වාඩි වෙන්න
    එනතුරු අපි බලා උන්නෙ
    ඔබේ උසස්වීම ඔබට ලැබුනද නැද්දැයි අහන්න

    ඉන්ටවිවුත් ගියා තමයි
    ලොක්ක කීව කථා අහල
    මට හරි ලැජ්ජා හිතුනා

    මොකක්ද මොකක්ද ලොක්ක කීවේ?

    මෙතනින් එහාට මට මතක නෑ. කොහොම නමුත් ලොක්ක කියන්නෙ නිමල් ඇඳන් හිටිය කමිසෙ හේදිලා නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය ජීංගලේයි ඕකෙම අනිත් එක සුනිලා පාසලට ගියේ කියන එකයි ගැන ලියවුණු කතන්දරේට මං ලින්ක් එකක් දාලා තියෙන්නේ දැක්කේ නැද්ද?

      මෙන්න ආයෙත් ඒක.
      http://kathandara.blogspot.com/2012/06/sunlight-jingle.html

      Delete
    2. හරි ඒක තමයි. ස්තූතියියි

      Delete
    3. වංශපුර ජානක කියන්නේ කකාගේ මල්ලිද මන්දා

      Delete
    4. @වංශපුර දේවගේ ජානක :
      කරුණාකර දිග ලිපි ලියන්න එපා. Please limit to few sentences. Thanks!

      Delete
  13. මුල පේලි දෙක මට මතක හැටියට මෙහෙමයි කකා

    මං දැක්කා ඊයෙ මගෙ සුපෙම්වතා
    කනගාටුවෙන් වගෙ නැතියි කතා

    ReplyDelete
    Replies
    1. මේ මුල් පදය මගේ මතකයේ තිබුණු එකට වඩා අර්ථයෙන් හරි වගේ.

      Delete
  14. බ්ලොග් ලොවේ අලුත්ම සෙල්ලම දන්නවද ගරිල්ලා මාකටින්.සැමට මිතුරු එක කරන්නෙ මාතලන් කියන එක තමයි අළුත්ම හොට් නිව්ස් එක.පුළුවන්තරම් පබ්ලිස්ටිය දෙන්න

    ReplyDelete
  15. අපරාදේ කියන්න බෑ කම්මැලි කම නම්. උදේ ලෙක්චර් එකේ ඉද ගත්ත වෙලේ ඉදන් එනවා නිදි මතක්. ආයේ නැගිටිනවා බොරු

    ReplyDelete
    Replies
    1. ලෙක්චර්ස් කරන අයට කොහොම කම්මැලි ඇතිද?

      Delete
  16. කකාට නැති වෙලා තියෙන්නේ කොයි පන ද ?

    ReplyDelete
  17. //කතන්දර කාරයාJuly 7, 2013 at 8:49 PM

    //මං 2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වෙච්ච පොත් කිහියපක් ගත්තා සැප්තැමථබරයේ පොත් ප්‍රදර්ශනයේදී.

    කකා මේ පොත් ටික මොනවද කියලා කියන්න පුලුවන් ද ? ලොකු උදව්වක් කකා.

    ReplyDelete
    Replies
    1. දවස් තුනක් ගියා, පොත් රාශියක් ගත්තා, සමහර ඒවා තමා පෙට්ටවල. කැමිලස් ප්‍රකාශන ටික විතරයි කියෙව්වේ!
      http://kathandara.blogspot.com/2012/09/picture-story.html


      Delete
  18. අද කම්මැලිකමේ පොස්ට් එක ලියල තියන්නේ......

    ReplyDelete
    Replies
    1. යකෝ කකාට පන නෑ. ඒකයි මෙහෙම ලියන්නේ.
      කවි නෑ. නශ්ඨකාමේ... !

      Delete
    2. @ Anonymous July 8, 2013 at 10:43 AM

      ඔබේ චිත්තහ්ප්‍රීතිය ගැන සිතා ඉහත කමෙන්ටුව පළ කළෙමි!

      Delete
    3. තෑන්ක්ස් කකා....ඔබේ සැප මගේ සතුටයි.

      Delete
  19. විටමින් ඩී ඌනතාවය ද දන්නේ නෑ... :-\ ඕස්ට්‍රේලියාවේ ගොඩක් අයට වින්ටර් එකේ ඕක එනවා - විශේෂෙන් අඳුරු හම තියෙන අයට වැඩියෙන් බලපානවා කියල තමයි අහල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. කොයි කාළෙට වුනත් රෑ නිදාගන්න 2:30am වෙනකං උන්නාම මෙහෙම වෙනවා!

      Delete
  20. Age catching up eh? Try couple of Sildenafil Citrate pills. BTW was it Aneypindu Sitanan or Vishaka who walked slow?

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ මෙයට එක හේතුවක් සෙනසුරාදා රාත්‍රී ආහාරය ගත්තේ මැදියම වීමත් ඉන් පසුව කිලෝ මීටර් තිහල පමණ දුරක් කාරය පදවා නිදි නොලබා 2.30 පමණ වේලා සිටීමත් විය හැකියි.

      Delete
    2. /* BTW was it Aneypindu Sitanan or Vishaka who walked slow? */

      මං ලිව්වා නං විශාකා තොමෝ පැමිණි විලාසෙන් කියලා ගැලපෙන්නේ නෑ නේ.

      ඒ හින්දා ප්‍රධාන උපාසිකාවගේ නම නොලියා ප්‍රධාන උපාසකයා ගේ නම දැම්මා!

      Delete
  21. කකා ලියන්නෙම මෙලෝ රහක් නැති පෝස්ට්මයි.
    ෆේල්... මේකත් ගූ හැත්තෑවේ පෝස්ට් එකක් !!!

    ReplyDelete
    Replies
    1. Coming from you, this is one of the best compliments I can wish for!

      Delete
  22. වයසට ගියහම පෑන කෙලින් කරන්න අමාරුයි නේ. ඉතින් එතකොට ලියවෙන්නෙම මේ ජාතියේ පෝස්ට්. ඒකට ඉතින් පෑනට බැනලා වැඩක් නෑ. මොකද පෑන හොඳට ලියවුන කාලයකුත් තිබ්බා නෙහ්.
    මම අද 1ද මන්දා ?

    මම එක ඇනෝ

    ReplyDelete
  23. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 66
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 9
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 6
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 25
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 26

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.