Friday, 28 September 2012

පරණ කෝට්, පරණ කෝට් - Two thoughts about love


මේවා පරණ කේස්, නැවත නැවතත් රී-සයිකල් කරනවා.

කාලයක් තිබුණා මගේ ජීවිතයෙන් කොටසක් බස් හෝල්ට්වල ගෙවුණු. ඒක සතුට මෙන්ම දුකත් පිරුණු කාලයක්.

ඉතින් ඔහොම බස් හෝල්ට්වල රස්තියාදුවෙන වෙලාවල්වලදී ජීවිතේ ගැනත් නොයෙකුත් දේවල් හිතෙනවා.

මේවා ඒ අවුරුදු විසි එකේ දී දාර්ශනික සිතුවලි කියලයි හිතුණේ. දැන් කියවන අයට නං මෙළෝ රහක් නැතිය කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා.

මෙන්න ඔය කියන කාලේ ලියපු කවියක්. ඇත්තටම නං කවි දෙකක්.

ආදරය ගැන කවි දෙකක්

1.
පැය ගණනාවක් දුක් විඳ
බස් රිය දුම්රිය ඇතුලේ
අවසානයෙදී
ඇය දැක සැනසෙන
තත්පර ගණනද
මොක්සුව ගෙන දෙන
මහා භද්‍රයකි!

2.
හෙලවෙන කණුගොඩ
හිල්වුණු වහලය
මලකඩ සමගින් දිරාපත්ව ඇති
බස් නැවතුම් පොළ
රජ මැදුරක් විය


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා


(image: http://www.trekearth.com/gallery/Asia/Sri_Lanka/North/Eastern/Colombo/photo395694.htm)

19 comments:

  1. හෙලවෙන කණුගොඩ
    හිල්වුණු වහලය
    මලකඩ සමගින් දිරාපත්ව ඇති
    කතන්දරගේ බ්ලොග් එක
    මළ වදයක් විය

    ReplyDelete
    Replies
    1. වහළය හිල් වෙලා. මළකඩ සමගින් දිරාපත් වෙලා.
      ඒත් මොන තරම් මළ වදයක් වුනත් බස්‍එකේ යන්න ඕනැනම් බස් හෝල්ට් එකට වෙලා ඉන්නම වෙනවා.

      ඉතින් ගන්නකො ඇනෝ කාර් එකක්. ස්කූටරයක් නැත්නම් බයිසිකලයක්වත්!

      Delete
    2. අපි ලාංකිකයොනෙ මහත්තයෝ. ඔක්කෝම අනුන් දෙනකල් බලාගෙන ඉන්නවා. ඒකෙ වැරදි තිබුණොත් දෙන එකාට බනිනවා. ඒ අපේ හැටිය.

      හැබැයි ඔය යෝජනාවත් නරකම නෑ. බස් හෝල්ට් කැඩිලා නිසා වහාම අපට කාර්, ස්කූටර් බැරිනම් පුෂ් බයිසිකලයක් වත් ආණ්ඩුවෙන් දෙනු. අපේ ගමන් යාමේ අයිතීන් සුරකිමු. අපේ ගමන් වියදම් පිණිස 6%ක් වෙන් කරනු. නැතිනම් මහා පාගමනක් යන්නෙමු.

      දැන්වත් දෙයිද බලමු.

      Delete
  2. පුදුම සුන්දර කාළයක්.. ඇයි එතකොට බස් එකේ පස්සේ සීට් එක. මාසේ ඉවරවෙන්න ළඟයි... Hikz :D

    ReplyDelete
  3. මට නම් මේවා කවි නොවේ. මේවා කතන්දරකාරයා හස්ත මෙව්වා එකෙන්ම කරපු එක (සමාවෙන්න පළ කරපු එක) හොදයි.කතන්දරකාරයා කියා තිබෙන විදිහටම නම් මේවා මෙලෝ රහක් නැති බැව් පෙනේ. එහෙත් උනහපුළුවාට උගේ පැටියාත් කවියකි. (සමාවෙන්න, මැණිකකි.)කිලෝබයිට් ගණනක් පුච්චාගෙන තකහනියේ කතන්දර කියවන්නට ගොඩවදින මට අර මොකද්ද එකකින් තළන්නට ඕනෑය. කොහොම උනත් මට වූ සන්තෑසිය පසුව එන අයට සිද්ද වෙන්නට දෙන්නට නරකය. එම නිසා මේ පෝස්ටුවෙන් අමාරුවෙන් හෝ කිසියම් වැදගත් සංවාදයක් ඇතිවී නම් යහපත් ය. එහෙත් දුෂ්කරම දේ එහෙම වැදගත් යමක් සොයාගැනීමයි.

    අමාරුවෙන් නමුත් සොයා බලන විට මම දුටු වැදගත්ම දේ නම් මොනවා වුවත් කතන්දරකාරයා සිංහල ව්‍යාකරණය නම් මැනවින් ආරක්ෂා කර ඇති බවයි. පහත බලන්න.

    පරණ=හරියටම හරිය.'ර' කාරයට පසුව මූර්ධජ 'ණ' කාරය යෙදේ.
    දාර්ශනික==තාලුජ 'ශ 'කාරයට පසුව දන්තජ 'න ' යෙදීම.
    බස් නැවතුම් පොළ==ස්ථානවාචී නාම පදවලදී මූර්ධජ 'ළ' යෙදීම. උදාහරණ- දුම්රියපොළ., වෙළදපොළ ආදී වශයෙන්....

    කෙසේනමුත් ,ව්‍යාකරණ වල කාරියද කතන්දරකාරයා අනාගෙන තිබේ.ඒ තමන්ගේ මෙලෝ රහක් නැති කවිය මෙළෝ රහක් නැති බැව් කියන්නට යාමෙනි. මෙලෝ රහක් නැහැ යනු මේ ලෝකයේ පවතින කිසිදු රසයකට අඩංගු නොවෙන බවයි. මෙලෝ යනු මේ ලෝකය යි. 'ලෝකය' යනු 'ළෝකය' නොවෙ.

    ReplyDelete
    Replies
    1. @රතු රජරට,

      කමෙන්ට් එකත් පෝස්ට් එක වගේමයි. මෙලෝ රහක් නෑ.

      Delete
    2. puka puka puka
      දැන් පුක ගැන තියන ලින්ක් එකත් ටක් ගාල පහලින් දාන්න...

      Delete
  4. ඒ කාලේදි ඉතිං මේ නවි අදහස් විතරක් නෙවෙයි නේ... කරන වැඩෙත් දාර්ශනිකයිනේ... එහෙම හිතලා බැලුවාම මේවා කවදාවත් පරණ වෙන අදහස් නොවෙයි කියන එකයි මගේ අදහස...

    අදටත් බස් එකක නැග්ගොත් දැක බලාගන්න ලබෙනවනේ... හි හි

    ReplyDelete
  5. මේ මරදාන බස් හෝල්ට් එක නේ !
    අර එල්පීස්ටන් එක පැත්තට වෙන්ඩ තියෙන බස් හෝල්ට් එක නේ !

    ReplyDelete
  6. චික්! මේ සාහිත්‍ය මාසේ....... සාහිත්‍ය කන්නද කිව්ව ජේආර් මුත්තගෙ වටිනකම තේරෙන්නෙ දැං තමයි.

    ReplyDelete
  7. කට්ටියට සාහිත්‍යයත් එපා වෙලා වගේ.
    ඒත් මෙහෙම විවේචන කරන එක හරිද?

    මට මතක් වුනේ "සුරාවෙහි අගයත් - එහි ඇති මනා ගුණයත්...." ඒ කවියෙ සාහිත්‍ය රසය ගැන නෙවෙයි, ඒකෙ තේරුම ගැන.

    කවිත් ඒ වගේ. කවියේ රසයත් එහි ඇති මනා ගුණයත් ඒවා රස විඳින්නෝ මිස නොවිඳින දුදනෝ කෙසේ කවදා තේරුම් ගනිත්ද?

    ReplyDelete
  8. මේ බස් හෝල්ට් එකම අද - වර්තමානයේ පින්තූරයක් අරන් දාන්න පුලුවන් නම් ?

    ReplyDelete
  9. Mithurani, balanna kakka ge ihatha kai pada wel nonawathina diya ellak men gala basna akaraya. Methuma kaiya pasamin kaipada wela kara thaba gena Peradeniye paara dige barata bare gena yanu kothekuth daka aththemi. Thawada meme kai pada hastho pak karama yen eli dak wannata ganna wehesa apamanaya. Kaiyata ma upan kakka thuma apata adambarayaki.

    ReplyDelete
  10. අය්යෝ කවි නම් තවත් එපෝ. . . . . . .
    මේව කියවල අපිට වෙන ලෙඩක් හදෙය් අප්ප. . .

    ReplyDelete
  11. කවියක් නිසි ලෙස රස විඳීමට නම් පාඨකයාද අත්දැකීමෙන් පරිපූර්ණ විය යුතුය.නො එසේව කවක් රස විඳීමට තැත් දැරීම විදෙස් බසකින් බණක් ඇසුවාක් මෙන් මෙලෝ රහක් නොමැති වේ.එනිසා යොවුන් වියේ බස් නැවතුමක රස්තියාදු නොවී දෙගුරුන් බස් මැනවින් පිළිපැද ගෙටමැ වී සිටියවුන් මෙ කව කියවා කුමන මතක මිහිරියාවක් මවා ගන්නද? අහෝ!!!

    ReplyDelete
    Replies
    1. යාළුවා අපි කුමාරගමගෙ අයියනායක රසවින්දෙ දඩයමේ ගිහින් අත්දැකීම් අරගෙන නෙවෙයි.,'මළගිය දරුවෙක් කියවලා ඇඬුවෙ අපේ දරුවෙක් මැරිලා නෙමෙයි.
      'සමන් පොහොට්ටුවක් බිමයි පිපෙන්නටත් කලින් 'කියල මීමන ලියලා තියෙනකොට අපිට ඒක දැනුනා. තම ජීවිතානුභූතීන් පාඨකයාට දැනෙන සේ ප්‍රතිනිර්මාණය කිරීම කවියාගේ වගකීමයි. කවි කියවන්න අත්දැකීම් අරගෙන එන්නයි කියලා කියනවා ඇහුවමයි මේ ..එහෙමනම් කාකා ඊළගට ලියන්නෙ මොකද්ද කියලා කියන්ටෝ අපි අත්දැකීම අරගෙන එන්නෝ....
      (හැබැයි දිනුක කාකාගේ කවි ගැන සලකා බලන විට නම් ඔබේ අදහස සෑහෙන්න හරි .)

      Delete
  12. මට ලබන අවුරුද්දට 21යි.මාත් මොනවා හරි ලියන්න ඕන පස්සේ කාලෙකදී බ්ලොගේ දාන්ඩ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.