ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 24 September 2012
කාලයේ ආපස්සට යන්න පුළුවන් නම්? - The joy a letter can bring
නෙට් එකෙන් ඈත් වෙලා, බ්ලොග්කොහොලික් තත්වය මැඩගෙන මං කාලයේ රේඛාව දිගේ ආපස්සට ගියා.
ඉතිං එතකොට තමයි ඊ-මේල් වෙනුවට ටෙලිෆෝනයෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ.
තවත් ආපස්සට ගියොත් ලියුම් යුගේට යැවෙනවා. මං කලින් කයි-කතන්දරයකින් කිව්වා වගේ ලියුමක් යවලා උත්තර එනකං බලාගෙන ඉන්න කොට තියෙනව සනීපේ අද දන්නේ කීයෙන් කී දෙනාද?
මේ කවියත් ලියුමක් නිමිත්ත කරගත් එකක්.
ජීවිතයේ සැබෑ කතාව
ඔබ නැතිනම් මා සනසාලන්නට
සැතපුම් සියයක් එපිට දෙසේ සිට
එවන හසුනකින්
සීතල වැඩි වී
රුධිරය ගල් වී
මා මියගොස් දිගු කලක් විය යුතුයි
ඔබ මට දිරියකි
ඔබ මට සවියකි
ඈත එපිට සිට ගෙන එන්නේ
කුරිරු ලෝකයේ රුදුරු බවින් මා
මුදවා ගෙන සනසාලන්නේ
පෙළකට ඈඳුණු පබළු වැලක් සේ
අකුරු පිරුණු සෙනෙහසේ හසුන් පත්
මවෙත ලැබෙන සඳ
මුළු ලෝකෙම දේ අමතක කරළා
සිනා නැගිය හැක
ලොව සොඳුරුම දේ ආදරයයි!
(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.
-කතන්දරකාරයා
ප/ලි:
සාහිත්‍ය මාසය ඉවර වෙන්නත් ලඟයි, නේද? තව සතියයි!
(image: http://lovewallpapershotpicures.blogspot.com/2012/01/beautiful-love-wallpapers.html)
Subscribe to:
Post Comments (Atom)
HUTA, JOKA, PA A,
ReplyDeleteOnna maha kai kakkathuma adath maha kai sagarayen bindak palakarala. Sahurdayini mewa deneth piyagena balaw. Mekath ethuma hastho pakrama magin eli dakwana lada ekak lu. Unnehe ta jayawewa.
ReplyDeleteඅනේ මන්දා කිවුවලු.. මම නන වැඩිය දන්නෙ නෑ ඔය ගැන :D
ReplyDeleteඔන්න අපිත් හස්තද්වාරයෙන් කයි පද බැදලා, සාහිත්‍ය මාසය වෙනුවෙන් විරිඳු සැට් එකක්ම පබිලිස් කොලා.. කතන්දර මහත්තයා විරිඳු ගැනත් ළිපියක් ලිව්වද....?
ReplyDeleteලස්සනයි..පෙම් හසුනකින් ලැබෙන සතුට වචන වලට නගන්න අමාරු බව ඇත්ත..
ReplyDeleteමේ සැරේ සාහිත්‍ය මාසේ කයි කතන්දර ගොඩක් තිබුනනේ නෑනේ
මායාවෝ හි පළකෙරුනු කයි කතන්දර ඊළඟ අවුරුද්දටත් ඉතුරු කරගන්න හිතුවද?
ලව් ලෙටර් ලියන කාලේ පෙම්වතුන් තරහ වෙනවා අඩුයි. දැන් එස්.එම්.එස්. නිසා කේන්ති පිට මැසේජ් කරලා වැඩේ කෑ ගන්නවා.
ReplyDeleteබොහෝ කළකට පෙර සිත්තර නම් චිත්‍ර කතා පත්‍රයේ ඇල්ෆා නමින් කතාවක් පල වුනා. මහත්මයා මෙහි සඳහන් කර තිබෙන ආකාරයේ...
ReplyDeleteLassani, Lassani, harima lassani. Kakkawo thumo siya Mayawo nam Hasthopak karamayen eli dakwana lada maha kavyayen uputa pala karana ladde kai ithama swalpayaki. mema kalpaya pawathina thuru palakireemata sehena kai thawa ehei etha.
ReplyDeleteමං නං ලියුම් ලිව්වෙම නෑ.ලිඛිත සාක්ෂි කොහෙවත් ඉතුරු කරන්ඩ හොඳ නෑනෙ
ReplyDeleteතව සතියයිනේ
ReplyDeleteඅම්මප මේ හස්තද්වාරයෙන් ලියවුන කයි කීයක් නම් ආවද ? කොල්ලො ගැටවු හස්තද්වාරයෙන් ඇඳ රෙදි වල ලෝක සිතියම් වත් අඳින් නැතුව ඇති මේ තරම්!
ReplyDeleteනියම කයිය !
ReplyDeleteඅර සොඳුරු සිත කියන, අඳුරු වත ඇති, වඳුරු කත එයාගේ බ්ලොක් කෑල්ලේ උඹහැගේ පලහිලව්වක් ගැන මොනාදෝ ලියලා තිබ්බා... ඒ හින්දා මාත් මෙහෑට රූටෑවා.. බොලාගේ බ්ලොක් කෑල්ල ලෝඩ් වෙන්නෙම නැහැනේ හරියට.... මොකදෑ හැබෑට ඒ? උඹහැගේ බ්ලොක් එකේ අනම් මනම් කතන්දර වැඩියි මයෙහිතේ.... පුලුවන් නම් ඔයි එක එක කයි කතන්දර හලලා දාලා, පාඩුවේ කතන්දරයක් කියගෙන හිටහං...
ReplyDeleteවඳුරු කත කීවැයි කියලා සොඳුරු සිත අඳුරු කරගන්නව හෙම නෙවෙයි ඕං....