Thursday 20 September 2012

නෙට් නැති දෙදිනක ජොලිය - Two days without Internet, oh, what a feeling!


අන්තිමට කතන්දරයක් දැම්මේ - සැප්තැම්බර් 17 දා! ඉන්ටර්නෙට්, වෙබ්, ස්කයිප් අනං මනං නැතුව ගෙඩි දවස් දෙකක් ම ගෙවුණා!

අම්මේ, ඒකේ තිබුණු ජොලිය...!!!

මුල් පැය විසිහතරේ නිදා ගත්තේම නෑ. ලැප්ටොප් එකක් ලඟින් ගියේ නෑ. ඉන්ටර්නෙට්, වෙබ්, ස්කයිප් අනං මනං තියෙනවාද, නැද්ද කියලා බැලුවේවත් නෑ.

ඒකටත් එක්ක මූවීස් හතරක් ම බැලුවා.

දෙවෙනි දවසේ පැය විසිහතරෙන් වැඩි වෙලාවක් නිදා ගත්තා. අනිත් පැය කිහිපය නිදිකිරා වැටෙමින් හිටියා.

ඇත්තටම මේ අන්තර්ජාලයෙන් කෙටි කාලයකට හරි එහෙමවත් බේරිලා ඉන්න ලැබුණු එක ලොකු දෙයක්.

මාර සනීපයක් දැනෙන්නේ, හිතට වගේම ඇඟටත්.

තවත් දවස් දෙක තුනක්වත් මේ දැළෙන් බේරිලා ඉන්න පුළුවනි නම්...

එහෙනං කවදා හරි දවසක නැවත හමුවෙන තෙක් ආයුබෝවන්!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න මගේ මූවි මැරතන් එක.
1. මෙන් ඉන් බ්ලැක්-3
2. මෙරිගෝල්ඩ් හොටේල්
3. ෆාදර් ඔෆ් ඉන්වෙන්ෂන්
4. හින්දි චිත්‍රපටියක් (නම මතක නැත-කාලවකවානු තුනක, 1915, 1960, 2010, එකම කොල්ලයි, එකම කෙල්ලෝ දෙන්නයි ඉන්න කතා කෑලි තුනක්)

ප/ප/ලි:
බුදු අම්මෝ, වට් එ කොයින්සිඩන්ස්. සමනල විප්ලවය ලේඛකයා ගේ සහ මගේ ග්‍රහචාරය එක වගේ!
http://samanalaviplavaya.wordpress.com/2012/09/20/extra1/



(image: http://www.123rf.com/photo_9692486_man-tangled-in-a-web-of-the-internet.html)

36 comments:

  1. :-) සුබ පැතුම්..........

    ReplyDelete
    Replies
    1. Katandara uncle mewa katandarada...danne nati kamatai ahuwe mokada me penne natida awith kahala gohin tyenne HIKZ

      Delete
  2. ප/ප/ලි:
    බුදු අම්මෝ, වට් එ කොයින්සිඩන්ස්. සමනල විප්ලවය ලේඛකයා ගේ සහ මගේ ග්‍රහචාරය එක වගේ!
    http://samanalaviplavaya.wordpress.com/2012/09/20/extra1/

    ReplyDelete
    Replies
    1. මගේ සැකය තහවුරු උනා. ඔහේ නේද ඒකත් ලියන්නේ..

      Delete
  3. මටත් මේ දවස් වල අන්තර්ජාල පහසුකම් තිබුනට නිකන් නෑ වගේ අයියෝ...

    SLT WWW...
    1 country... 1 kbps!!!!

    ලොල්ය...
    :ඩී

    ReplyDelete
  4. grahacharya 1 wageda, nethnam dennama ekkenekda kiyalath welawakata mata hithenawa aiyo.

    ReplyDelete
  5. මහත්මයගෙන් උදව්වක් බලාගෙන ගොඩ උනේ හොඳ වෙලාවක නොවෙයි වගේ. මහත්මයා අපේ බ්ලොග් අඩවිය පැත්තෙත් ඇවිත් යන්න.
    http://ithihaasaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා මෙන්න මෙහෙම හරියට ලින්ක් එකක් දාන්න ඉගෙන ගන්න.
      http://ithihaasaya.blogspot.com/

      Delete
    2. කොහොමද මහත්තයෝ එහෙම දාන්නේ. ලොකු උදව්වක්. මෙන්න මගේ ඊ තැපෑල
      inamaluwe.buddadasa@gmail.com

      Delete
  6. කාකා නෙට් එකේ බිල ගෙවන්නේ නැතුව පොල්ල තිබ්බා නේද ?

    ReplyDelete
  7. සමනල ලේඛකයට දෙන ස්පොන්සර් එකේ හැටියට නම් මටත් හිතෙන්නේ එකම ග්‍රහචාරේ කියලා තමා... හි හි

    ReplyDelete
  8. හින්දි චිත්‍රපටියක් (නම මතක නැත-...)
    අනේ කතන්දරගෙ බබා උක්කුං

    මම නං ලඟදි බැලුවා පරන දෙමල චිත්‍රපටියක්. "කල්ලවඩං වරුකලේ"

    - සනාත

    ReplyDelete
    Replies
    1. මං විස්තර හොය ගත්තා. ඒත් නම නම් ඔබට මතක හිටින ජාතියේ එකක් නොවේ.

      Teri Meri Kahaani

      This story takes us through a journey of eternal love between a couple who have vowed to love each other not only in this life but in every life to follow.

      Genre: Romance
      Runtime: 120 Mins
      Director: Kunal Kohli
      Cast: Shahid Kapoor, P. Chopra
      Languages: Hindi, English subtitles

      Delete
    2. කාල තුන වැරදියි. 1910, 1960 සහ 2012 .එක ගැන මම දාපු කතන්දරේ බලන්න යන්න මෙතනට.
      http://hadathala.blogspot.com/2012/09/blog-post_9.html (පොඩි ඇඩ් එකක්, වැඩිහිටියෝන්ගේ ආදර්ශය. )

      Delete
    3. පොඩි ළමයින්ට පොඩි පාඩමක් -
      - ලින්ක්ස් දාන්නේ මෙන්න මෙහෙමයි!

      http://hadathala.blogspot.com/2012/09/blog-post_9.html

      Delete
  9. හී හී ඉන්ටර්නෙට් නැතුව ඉන්නකොට අමුතුයි තමා

    ReplyDelete
  10. මම ජීවිතේට ටැමිල් ෆිල්ම්ස් බලන්න කැමති නෑ. ඒත් දවසක් බැලුව "වෙටින්ග් රූම්" කියල එකක්. ත්‍රාසය භීතිය, කුතුහලය, ෆන් එක ඔකොම තියෙනව.

    ReplyDelete
    Replies
    1. මමත් බැලුව.ඉන්ග්ලිශ් එකක්, ඒක නම් පෝර්න් මූවි එකක්.
      Genre-වෝටර් ස්පොර්ට්

      Delete
  11. ඔය හින්දි පිචර් එක නම් හොදයි...
    ඉන්ටනෙටුයි ෆෝනුයි ලැපුයි නැතිව ඉන්නකොට කොහොමට හිටීද ? නේද කතන්දර මහත්තයෝ ??

    ReplyDelete
  12. ඉන්ටනෙට් නැතුව මට නම් එහෙම ජොලියක් නෑ අප්පා...

    ReplyDelete
  13. ආ ඔය හින්දි ‍ෆිල්ම් එක වැසිකිලියේ දෝංකාරයද කොහෙදෝ!!

    ReplyDelete
  14. WWW මං හිතන්නේ හිතේ සැහැල්ලුව වචන වලට පෙරළුවා මදි කියලා

    ReplyDelete
  15. Avurudu 65 kollo kello ranga panne hindi films walama thama. mehemath boru

    ReplyDelete
  16. අපි කොච්චර සතුටෙන්ද හිටියෙ කකා ආයිත් බ්ලොග් ලියන එකක් නෑ කියලා
    ශික් විතරක්

    ReplyDelete
  17. දැන් එහෙනම් නටේ නැතුව ඉන්න පුළුවන් නේද

    ReplyDelete
  18. දැන් දැන් වෙන හේතුන් මත නෙට් නැතුව බෑ..

    ReplyDelete
  19. නෙට් නැති උනොත් මම ටිකක් මහත් වෙයිද මන්ද :D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ හාඩ් ඩිස්ක් එකත් ෆෝමැට් උනොත් නේ පුතේ..... :)

      Delete
  20. තව ෆිල්ම්ස් ටිකක් බලලා අපිට විස්තර කියන්ට.:D

    ReplyDelete
  21. මූවීස් බලන එකට නම් මාත් ලයික්

    ReplyDelete
  22. WWWWW - "World Without World Wide Web" !!! Think of our happy childhood days.....

    ReplyDelete
  23. මටනම් ඔය අන්තර්ජාල බිඳ වැටීම් කවදාවත්ම සිදුවෙන්නේ නෑ. මම භාවිතා කරන්නේ රාවණ රජතුමාගේ කාලයේ තිබී හමුවූ ඉපැරණි හෙළ පාෂාණයක්. ඒ පාෂාණය වටේ කම්බි ඔතා විශේෂ සුරයකින් ජීවම් කර එම කම්බි අග්‍ර යූඑස්බී පෝර්ට් එක තුලට ඔබා ඩොංගල් එකක් විදියට භාවිතා කරන එකයි කරන්නෙ. කිසිදු අන්තර්ජාල ගාස්තුවක් වැය වෙන්නේත් නැහැ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.