Sunday 16 September 2012

බැලූන්වලින් සොමිය ලබන්නෝ - Balloon Fetish, what the....?


අපි පොඩි කාලේ චිත්‍රකතාවක් ගියා මොකක්ද මන්දා පත්තරේක, ඒ කතාවේ නම ප්ලාස්ටික් ආදරේ.

මේකේ තිබුණේ, අර රෙදි සාප්පුවල සාරි ගවුම් අන්දලා ෂෝ කේස් ඇතුලේ දාලා තියෙන ප්ලාස්ටික් පිළිරුවකට ආදරය කරපු මිනිහෙක් ගැනයි.

මේක ආදරයක් ද, ෆෙටීෂ් එකක් ද මන්දා? මොනවා වුණත් පොර ඒ ඉටි රූපේ දිහා බලාගෙන ඉඳලා වින්දනයක් ලැබුවාය කියලායි පෙනුනේ.

ප්ලාස්ටික් සිහින කතාව ඉවර වුනේ කොහොමද කියලා නං මට මතක නෑ. මොකද, කතාව අතරමගදී මං ලොකු ළමයෙක් වෙලා චිත්‍රකතා බලන එක අත හැරලා දාපු හින්දා!

ඔය කතාව මට මතක් වුනේ මේ ගිය මාසේ පත්තරයක් බලමින් ඉන්න වෙලේ ඇස ගිය පොඩි නිවුස් අයිටම් එකක් හින්දයි.
මෙන්න ඒ පත්තර කෑල්ල.



වැඩි විස්තර කියවන්න මෙතනින්. ඡායාරූපත් තියෙනවා!
http://www.dailymail.co.uk/news/article-2181284/Dave-Collines-Man-balloon-fetish-sleeps-kisses-sticks-shirt.html

මේ නිවුස් එකේ කියවෙන හැටියට, ඇමෙරිකාවේ ආකන්සාස්වල ඉන්න ඩේව් කොලින්ස් කියන පොරට වින්දනය එන්නේ රබර් බැලූම් බෝල වලින් ලු!

පොර බැලුම් එක්ක කරන්න කැමතිම දේවල් තමයි, බැලුම් කමිසය අස්සේ දාගෙන ඉඳීම, බැලුම්වලට උම්මා දීම සහ රෑට බැලුම් තුරුලුකරං නින්දට යෑම.

ඩේව් ගේ මේ බැලුම් සුරපුරේ බැලුං හැටපන්දාහක් ම තියෙනවාය කියලයි කියන්නේ.

සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ලෙස අද පලවෙන කතන්දර දැනුම් සාගරෙන් බිඳක් මෙයින් නිමයි.

කියවූ ඔබ සැමට ස්තුතියි!

-කතන්දරකාරයා

ප/ලි:
පස්මහ බැලුම් මොනවාදැයි දන්නවාද?

(image: http://www.dailymail.co.uk/news/article-2181284/Dave-Collines-Man-balloon-fetish-sleeps-kisses-sticks-shirt.html)

26 comments:

  1. pas maha balum
    1)nik balum
    2)kaha balum
    3)rathu balum
    4)sudu balum
    5)thabili balum

    ReplyDelete
  2. 1. නෙතඟින් බැලුම්
    2. පිචැර් බැලුම්
    3. පොරොන්දම් බැලුම්
    4. දරුවන් බැලුම්
    5. ඔරවා බැලුම්

    ReplyDelete
    Replies
    1. ඇයි එබී බැලුම් අමතක උනාද?

      Delete
    2. යටින් බැලුම්

      Delete
  3. මාත් ගන්න ඕනෙ ඉංග්‍රීසි පත්තරයක්... :)

    බ්ලොග් පෝස්ට් කීයක් ගොඩදාගන්න පුලුවන්ද?...

    අනේ කකා මාමෙ හොඳ කතා ටිකක් ලියන්නකො..

    ReplyDelete
    Replies
    1. පත්තර නැති උනාට කකාට කතා නැති වෙන්නේ නෑ...
      චූ කතා, කක්කා කතා, ජොකා කතා කීයක් නම් ලියතෑකි ද..

      Delete
  4. අපේ පැත්තෙ අක්ක කෙනෙක් හිටිය එයා බැලුම පුම්බල ඒක උඩින් වාඩි වෙනව.

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි බැලුම් මිරිකන්න. පොඩි කාළේ නෙමෙයි අනේ.. දැනුත්

      Delete
  5. අනී... හරි සෝක් කතාව !

    ReplyDelete
  6. මම හිතුවේ පොර එලාම් එකටත් බැලුමක් පාවිච්චි කරනවා කියල. බැලුවම් මේවා පිපිරෙන්නැති ඒවා.

    ReplyDelete
  7. වැල බැලුම්
    බ්ලූ බැලුම්
    ජිල් බැලුම්
    එක්ස් බැලුම්
    බ්ලොග් බැලුම්

    ReplyDelete
  8. කකා කියන විදියට පේලි අතරේත් කියෙව්වා ,, ඒත් ම්හූ....

    ReplyDelete
  9. Arkansas wala witharak newe meheth baloon walin honda honda sellam karana aya innawa. Baloon jathith onetharam thiyanawa. Bola baloon, digati baloon, wage.Habai baluma pupurawa gaththoth baduma thama.

    ReplyDelete
  10. Pas maha balum kiyanne, 1. satha 5 e balum, 2. satha 10 balum, 3.satha 15 balum 4. satha 20 balum, 5. satha 25 balum.

    ReplyDelete
  11. මාර ආසාවල් නෙහ්

    ReplyDelete
  12. ඔය බැලුම් පිම්බුවේ කව්ද දන්නේ නැහැ

    ReplyDelete
  13. දැනුම සාගරේ... අනෙ මගෙ කට... මොකක්ද බන් මේකෙන් ලැබෙන දැනුම... ගමේ ලිද ගාව කතාකරන ඕපදූප වලින් හම්බවෙන දැනුමත් මේ වගේ තමයි...

    ලියන්නකො වැදගත් ලිපියක්...හරසුන් මේවගේ දැනුමක් පාඨකයාට ලබාදීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොනවද? ඔය පත්තරේ තිබුන වැදගත්ම ලිපිය ඕකද..

    ReplyDelete
    Replies
    1. දැනුම් සාගරය යනු සරදම් යෙදුමකි.

      නමුත් මා නම් මේ වගේ කේස් ලෝකේ තියෙනව බව දැන ගත්තේ ඔය පත්තර කෑල්ල බැලීමෙනි. ඒ අතින් එයද දැනුමකි.

      සමහර විට ඔබ මීට කලින් ඒ බව දන්නවා විය හැකියි.

      Delete
  14. පස් මහ බැලුම් යනු

    උඩ බැලුම්
    බිම බැලුම්
    නෙතඟින් බැලුම්
    කෝල බැලුම්
    සහ
    ලිහන්නට පෙර ඔබා බැලුම් ය.

    ReplyDelete
  15. ආතල් ගන්න අලුත් ක්‍රමයක්!ඔයපාර දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශන වලත් ලියවී මිනිසුන්ට ආතල් ගන්න බැලූන් දෙනවා කියල!

    ReplyDelete
  16. සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  17. අඩේ..පවු යකෝ ඒ මනුස්සයා......බැලුම් වලටම මාර ගානක් යනවා ඇති මයේ හිතේ..එතකොට මෙයාට බැලුම් නෝනා කෙනෙක් නැද්ද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.