Friday 2 March 2012

කතන්දර හාමිනේ පශ්චාත් උපාධි කළ හැටි - What a cruel husband?


මේ කතන්දරේ කියෙව්වයින් පස්සේ සමහරු මට හොඳටෝම දොස් කියන්න, බනින්න, දෙහි කපන්න ඉඩ තියෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. කියන්න තියෙන කතන්දර කියන්න එපායැ?

පශ්චාත් උපාධි හෙවත් පස්තාච්චි වැඩේ කියන්නේ හැමෝගේම හිත යන දෙයක් නෙමේ. සමහරු මුල් උපාධිය අරගෙන කැම්පස් එකෙන් දොට්ට බහින්නේ ආයේ නං යුනිවසිටිවල පස් පාගන්නේ නෑ කියලයි. ඒත් තව පිරිසක් ඉන්නවා ජීවිතේට යුනිවසිටිවලින් එළියට බහින්නේ නැතුව එතනම ඉඳලා වයසට යන අයත්.

සමහර වෙලාවට තමන් කරන රස්සාවේ ඉහලට යන්නත් ඔය පස්තාච්චි වැඩ කරන්න අවශ්‍ය වෙනවා. එහෙම වුනත් ඒවා ගැන නොසොයා නිකං සාමාන්‍ය විදියට පොල් කඩ කඩ ඉන්න අයත් ඉන්නවා දුසිං ගාණක්.

මංතුමා කතන්දර හාමිනේබැන්දේ එතුමිය විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා ජොබ් එකකට ගිය අළුතමයි. ඔය කියන්නේ මං පස්තාච්චි ඇදලා ආපු කාලේ!

ඇන්ටිගේ ඇනෙක්සියේ කල් යවලා, පස්සෙන් පහු අපේම තැනක් සෙට් කරගෙන අපි රාජා ගේ කඩේ පැත්තේ පදිංචියට ගිය කාලේ ඔන්න දවසක් කතන්දර හාමිනේට අයිඩියාස් එකක් ඇවිත් මට කතා කළා.

"කතී!"

"ඇයී?"

"මටත් හිතෙනවා කතී පෝස්ට් ග්‍රැජුවේට් කරන්න."

"ඉතිං, හරිම හොඳයිනේ."

"පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එකට ගිහින් විස්තර ගන්න ඕනෑ."

"ඒක තියෙන්නේ ඔයා ගේ වැඩ පොළ ලඟ පාරෙන් එහා නිකං අල්ලපු වත්තේ වගේ නේද?"

"ඔව්."

"හොඳයි, එහෙනං ලේසියිනේ."

"එහෙනං ඔයා හෙට වැඩට හිහින් පොඩ්ඩක් කලින් එනවද මගේ වැඩපොළ පැත්තේ?"

"ඇයි ඒ?"

"අපි දෙන්නටම එතකොට යන්න පුළුවනි නේ පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එකට."

"මං මොකටද? ඔයා නේ පෝස්ට් ග්‍රැජුවේට් කරන්න යන්නේ, මමයෑ, ඔයා යන්න."

"අනේ කතී එන්නකෝ!"

"මට නං එන්න විදියක් නෑ. ඔයා ගේ වැඩ පොලේ ඉඳලා මීටර් දෙසීයක් දුරින් තියෙන පෝස්ට් ග්‍රැජුවේට් ඉනන්ස්ටිටියුට් එකට යන්න ඔයාට මං නැතුව බැරි නං ළමයෝ ඔයා කොහොමද පෝස්ට් ග්‍රැජුවේට් කරන්නේ?"

ඉතිං ඒ කතාව එතනම ඉවර වුණා.

හාමිනේ පශ්චාත් උපාධි ආයතනයට ගියේ නෑ විස්තර ගන්න. ටික කාළෙකට පස්සේ අපි දෙන්නා තුන්දෙනා වුණාට පස්සේ ඒ පශ්චාත් උපාධි අදහස් කාලයේ වැලි තලාවෙන් වැසිලා ගියා.

ඔන්න මිනිස්සුන් ගේ හැටි නේද! බඳින්න කලින් ලව් කරන කාලේ නං අපායට යන්න වුනත් ඒවි. බැඳලා අවුරුද්දක් ගියෙත් නෑ, මේ පොඩි ගමණක් යන්නත් එන්න බෑ කියනවා.

මිනිස්සු වෙනස් වෙන හැටි!

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි මේ කතන්දරේ කියවලා හිතන්න එපා මං නරක හබියෙක් කියලා. මං හාමිනේට මෙව්ව එකක් පවා අරං දීලත් තියෙනවා නේ.

අනික මේ අද වෙනකොට හාමිනේ ඔය සේරම පස්තාච්චි ජාති සමතික්‍රමණය කරලායි ඉන්නේ. කාටද ආඩම්බර!


(image: http://www.buzzinefilm.com/reviews/film-post-grad-08272009)

33 comments:

  1. බඳින්න කලින් කියන ඔක්කෝම දේවල් බැන්දාට පස්සෙත් කොරන්න ගියොත් අගේට හිටී.. :D

    ReplyDelete
    Replies
    1. හී හී ඒකනම් ඇත්ත :D

      Delete
    2. පස්ට කතාව!

      Delete
  2. මටත් තාම ඔහොම එකක් කරන්න හිතිලා නෑ නෙ...

    ReplyDelete
  3. අපෝ පස්තාච්චි නම් මතක් කරන්නවත් එපා. ඕකට හිත ගියහම පස් කන්දකට යටවෙනවා නොදැනීම.
    කතන්දර හාමිනේට සුභ පැතුම්!!

    ReplyDelete
  4. තේරුනේ නැති නිසයි අහන්නෙ..මොකද්ද මේ සමතික්‍රමණය කියන්නේ?

    කතන්දර නරක හබියෙද්ද හොඳ හබියෙද්ද කියන්න අපිට බෑනේ..කතන්දර හාමිනේ මොකද කියන්නේ කියලා අපිත් දැන ගන්න කැමතියි...

    ReplyDelete
    Replies
    1. කකා මාමාගේ නව නිපැයුමක් වෙන්ට ඕනෙ...

      Delete
    2. නොදකින් මුන් සිහලවත් දන්නේ නෑ... සමතික්‍රමණය, සම = සමාන , අතික්ක්රමනය =ඉක්මවා යාම
      තේරුම: ඊට සමාන හෝ ඊට වැඩි
      --මීට 8 පාස් එකා

      Delete
  5. ඔයත් නිකන් පොර ටෝක් දුන්නට පෘතග්ජන මනුස්සයෙක්නේ.. තව කතා ලියන් කොට එලියට එයි කල වැරදි...

    ReplyDelete
  6. ක :කා හාමිනේ පස්තාච්චි අදින කාලේ ඉවසගන හිටපු එකෙන්ම පේනවා හොද සැමියෙක් බව.
    මටත් ඒවගේ ඉවසීම ලැබේවා.......!

    ReplyDelete
  7. මමත් ඔය ඇහුවමයි සමතික්‍රමණය කියල වචනයක් ..... පොඩ්ඩක් පහදනවා නම් වටිනවා ....

    ReplyDelete
  8. මමත් ඔහොම එකක් කරන්න මේ පුල පුලා බලා සිටිනව.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ සමතික්‍රමණය කරන්නද?

      Delete
    2. ඉතින් නදී ... පුල පුලා ඉන්නෙ නැතුව කරන්නකෝ......

      Delete
    3. කරන්න තමයි අනේ ඇප්ලිකේසොන් දාලා තියෙන්නෙ. :)

      ටැෆික් ඇනෝ- මොකද්ද ඒ?

      Delete
  9. වසිලිස්සා2 March 2012 at 11:19

    ඒ කාලේ බැරි උනත් දැන් කාකාගේ හාමිනේ පස්තාච්චි අදාල ඉවරනේ , පස්සේ කාකා උදවු වෙලා තියනවනේ ඒ කාලය ගතකරන්න ඒ නිසා වැරද්දක් කියන්න බැහැ.මමනම් මගේ කුමාරයාට පස්තාච්චිය අදින්න උනන්දු කරමින් ඉන්නේ.

    ReplyDelete
  10. අපේ හාමිනේටනම් කොච්චර කරපන් කිව්වත් උනන්දුවක් නෑ...... අනේ වාසනාවන්..... මම අදහස් කලේ මේ පස්තාච්චිය ගැනයි....

    ReplyDelete
  11. අපේ හාමිනේ මගෙන් ඉල්ලපු ගොඩා.......ක් බරපතල ඉල්ලීමක් නොසළකා හැරලා, ආපහු කවදාවත් නිවැරදි කරන්න බැරි, මං නැවත මතක් කරන්නත් කැමැති නැති, ඒත් මේ වගේ වෙලාවට (සහ අන්තිම හුස්ම හෙළන වෙලාවට) නොවැරදීම මතකයට එන බරම බරපතල වැරැද්දක් කරගත්තු මට කතන්දරගේ මේ සිද්ධිය ගැන වැඩිය සංවේදී විය නොහැකිය.

    ReplyDelete
  12. එදා ගියානම් හරිනේ,,, නරක හබි. :/

    ReplyDelete
  13. පශ්චාත් උපාධිය ගැන මමනං ඉන්නෙ කතන්දර අර කියපු පලවෙනි කාන්ඩෙ ඇතුලෙ.

    ReplyDelete
  14. iyaa oya kiyanne MSC eka ganada....master ekath kiyanne mekatada..dannawa nam oya ganath poddak wistara dannako..wadagath wei kiyawanna ena ayata

    ReplyDelete
  15. මුලින්ම කතන්දර හාමිනේට සුබ පැතුම්.....

    පස්තාච්චි අදින්න කිසිම ආසාවක් නැතුව තමයි මමත් කඩෙන් එලියට ආවේ. ඒ කියන්නේ මම පලවෙනි කාණ්ඩයේ
    හිතේ තියෙන ආසාවටත් පටන් ගන්න හිතේ තියාගෙන ඉන්න ව්‍යාපාරයක් වෙනුවෙනුත් වෙනම වර්ගයේ තාච්චියක් අදින්නනම් හිතේ තියෙනවා
    උසස් පෙලට ගණිතය කරපු මට සත්ව විද්‍යාව සම්බන්ධ උපාධියක්‌ ගන්න හිතිලා තියෙනවා..... :))
    බලමුකෝ ඉස්සරහට
    මොනවා උනත් පස්තාච්චිනම් අදින්න බැහැ

    ReplyDelete
  16. පවු වැඩේ අයියේ....

    ReplyDelete
  17. එල කතාව, බූඩි කාලෙකින් කතීගේ බ්ලොග් එකපැත්තේ ආවේ !!!
    ඇත්තටම බදින්න කලින් ඉන්න විදිහට පස්සේත් ඉන්න බැරිද?

    ReplyDelete
  18. //ඔන්න මිනිස්සුන් ගේ හැටි නේද! බඳින්න කලින් ලව් කරන කාලේ නං අපායට යන්න වුනත් ඒවි. බැඳලා අවුරුද්දක් ගියෙත් නෑ, මේ පොඩි ගමණක් යන්නත් එන්න බෑ කියනවා.//

    පිරිමින්ගේ හැටි ඔහොමමයි අප්පා...:D

    ReplyDelete
  19. ඔබී තාම කළාතුරකින් වුනත් මතක් කරනව, ලොකු දුව හම්බෙන්න ඉන්දැද්දි ක්ලිනික් ගියෙ අපේ අම්මත් එක්ක කියල

    ReplyDelete
    Replies
    1. ඔබාව ගෙනියන්න පුලුවනෑ ලමයි හම්බවෙන්න ඉන්න ගෑනු ටිකක්වත් ඉන්න තැනකට . . .

      Delete
    2. ඕනයා
      ඒක හරි. ළමයි නැති ගෑණු ඉන්න තැනකට නං හොදයි.

      Delete
  20. ඇත්ත කියලා තියනවා මොනා උනත්!

    ReplyDelete
  21. හිකිස් සිරා.. !

    ReplyDelete
  22. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    අවිවේකී කාලයක් නිසා සියළු දෙනාටම පිලිතුරු දෙන්න තියා අසා ඇති ප්‍රශ්ණවලට උත්තර දෙන්නවත් වෙලාවක් නෑ.

    හාමිනේ ඔය ෆෙලෝෂිප් එකද මොකක්ද එක අරගෙන දැන් අවුරුදු පහක් විතර වෙනවා!

    මා සමතික්‍රමණය කියා අදහස් කලේ අබිභවායාමයි. ඒ කියන්නේ පස්චාත් උපාධි යනාදිය ලබාගැනීමයි.

    ReplyDelete
  23. මම තවමත් තනිකඩේ කරන නිසා ගැටළුවක් නැහැ. පස්තාච්චි ඇදලා තියෙනම කෙල්ලෙක් හොයාගෙන එයාගේ PhD [Permanent Head Damage] එකට සප් එක දෙනවා :))

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.