Wednesday 6 July 2011

කාර් කේස් එක ක්ලෝස් වෙයි - Car Kathandara Mega Series Finale'


අද මේ කාර් මෙගා කතන්දරේ අවසානයක් දකින්නයි යන්නේ. කතාවත් ඉවර කරනවා. සේරම ලූස් ස්ට්‍රින්ග්ස් ටිකත් ගැට ගහලා දානවා.

මෙතෙක් කතාව සේරම ෆ්ලෑෂ් බැක් එකක් විදියට ඕනෑ නෑ නේද? කෙටියෙන් කියනව නං කාර් එක ලේසියෙන් විකුණන්න ගිහින් වුනේ, තියෙන කාරෙකත් නැතිවෙන තැනට බඩු සෙට් වීමයි.

ෆර්නැන්ඩු ලා මට ෂැරේඩ් එක විකුණනවා කියලා දුන්නු පොරොන්දුව කැඩුවාය කියලා මට පුළුවන් ද මං පෙරේරා ට රතු කොරොල්ලා කාර් එක විකුණනවාය කියලා දුන්නු පොරොන්දුව කඩන්න?

ඒක නිකං හරියට ගෝතමාලාවේ ත්‍රස්තවාදියෝ නීති විරෝධී ත්‍රස්ත ක්‍රියා කරන කොට ගෝතමාලාවේ ආණ්ඩුවත් රාජ්‍ය ත්‍රස්තවාදී වැඩ කරලා ඒක සාධාරණීකරණය කරනවා වගේ වැඩක් නේ.

ඇඩ්වාන්ස් දුන්නු විසි පන්දාහ මට ආපහු දීලා, අත්සන් කරපු ඇග්‍රිමන්ට් කොලේ ඉල්ලගෙන ෆර්නැන්ඩු ලා යන්න ගියා.

පහුවදා හවස කියපු වෙලාවටම මිස්ටර් පෙරේරායි, නෝනයි දෙන්නාම ආවා සල්ලිත් අරගෙන.

හාමිනේ නං පොඩ්ඩක් විතර තාමත් අකමැති බව පෙන්නුවත්, මං පොරොන්දුව නොකඩා පෙරේරා යුවලට මගේ රතු කොරොල්ලා එක දුන්නා අරගෙන යන්න.

එක පොඩි කොස්සකට තිබුනේ පෙරේරා ට්‍රාන්ස්ෆර් පේපර් එකේ පොරගේ නම නොලියා මගේ අත්සන විතරක් ගත්තු එකයි. මං කාර් එක ගන්න කොටත් ඒක ඕපන් පේපර්ස් උඩ තිබුණු නිසා මං ඩබල් ට්‍රාන්ස්ෆර් එකක් දාගත්තා නේ වැඩි පරිස්සමට.

මේ කාරණය කේස් කරගෙන මට කාර් එක නොදී ඉන්න හදන්න තිබුණත් මං ඒක කළෙත් නෑ.

අපේ ඇන්ටිගේ ස්ටාෆ් එකේ එකට වැඩකරන කෙනෙක් හින්දා මං කළේ තව මාස හයකට විතර වලංගු ඉන්ෂුවරන්ස් එකත් පොරටම දීපු එකයි.

අන්තිමේ දී හාමිනේයි, මායි, අපි දෙන්නා පෙරුම් පුරලා, පෙරුම් පුරලා ගත්තු, පැජරොයියෙකුගෙන් උම්බා එකක් ලැබුණු, නොයෙකුත් වැඩවලට අපිට ඉතාමත් ප්‍රයෝජනවත් වුණු, අපේ රෝස බබී ඉස්-ඉස්සෙල්ලාම හොස්පිටිතාලේ ඉඳලා ගෙදර ආපු, මංතුමා ස්පීඩ් කරන්න ගිහින් අහුවෙලා, උසාවියේ ලැගලා, ලොක්-අප් එකට පවා වැටෙන්න හේතු කාරක වුණු අපේ රතු කොරොල්ලා කාරෙක ගෙදර පාරෙන්, කෝට්ටේ පාරට වැටිලා, නුගේගොඩ පැත්තට ඇදිලා, නොපෙනී යන හැටි දුකෙන් බලං හිටියා!

අංශක තුන්සිය හැටක් කැරකිලා ගිහින් දැන් අපි දෙන්නා හිටපු තැනටම ඇවිත්!

අපේ සුළු ධනේෂ්වර සිහිනයට තාවකාලික නිමාවක්...!!!

හාමිනේ මා දිහා බැලුවා. මං කාර් එක සාමාන්‍යයෙන් නවතලා තියෙන ගරාජ් එක හිස් වෙලා තියෙන හැටි බැලුවා. නොදැනුවත්වම අපි දෙන්නාටම දිග සුසුම් පිටවුණා!

මෙන්න මේ වෙලාවේ ඉතා දුක්බර වයලීන් වාදනයකට අපේ කතා බහ ක්‍රොස් වෙනවා. හාමිනේ ගේ මූණ බොඳ වෙලා යනවා. කාර් කතන්දර මෙගා සීරීස් එකේ ක්‍රෙඩිට් රෝල් එක ස්ක්‍රෝල් වෙන්න පටන් ගන්නවා.

කතන්දර සීරීස් එකේ අවසානය අන්න එහෙමයි සනිටුහන් වෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
මිස්ට පෙරේරා එක්ක එක බැංකුවේ වැඩ කරල තියෙන මගේ ඇන්ටි මේ දවස්වල හිටියේ සී-ෂෙල්ස් වල නිවාඩුවකට ගිහින්. එහේ කාලයක් තිස්සේ ඉන්න අපේ නෑ ගෙදරක.

ඔන්න ඇන්ටි ආවට පස්සේ මං මිස්ට පෙරේරා ගැන කිව්වා.

"ආ ඔය කියන්නේ අර කාර් බ්‍රෝකර් වැඩ කරන මනුස්සයා නේද?" ඇන්ටි කියපි.

අන්තිමේදී බැලින්නම් මං මේ බ්‍රෝකර් කෙනෙකුගේ රඟපෑමකට අහුවෙලා නේ! පෙරේරා වයිෆ් එක්ක ආවත් කාර් එක ගෙනියන්න ඒක රඟපෑමක් විතරයි. පොර ඕපන් පේපර්ස් මත කාරෙක ගෙනිහින් තියෙන්නේ ඉක්මනටම ගාණක් තියං විකුණන්නයි.

ප/ප/ලි
තව සති තුනක් කට්ට කාලා මං ගත්තා නිසාන් මාච් එකක්. හොඳ වෙලාවට ඒ කතන්දරවල එච්චර කියන්න දෙයක් නෑ!

(image: http://bestanimations.com/Holidays/Fireworks/Fireworks.html)

54 comments:

  1. ඉවරයි ඉවරයි.
    ඇත්තටමේ මේ කතා ඉවර වීමේ සතුට අපි සමරන්න් ඕනේ :D
    මේ කතා මාලාව මගේ හිතට කොච්චර වැදුනද කියනවනම් දැන් පාරේ යන රතු කාර් දැක්කමත් බය හිතෙනවා :D

    ReplyDelete
  2. උන්න හැටියට මලා මදෑ කියලා හිතහදාගන්න තිවුනේ. නිසාන් මාර්ච් එක නරකම නැහැනේ.... ඉතිං ඒකට දඩ කොල එහෙම වැදුනේ නැතිද?

    ReplyDelete
  3. "ඒක නිකං හරියට ගෝතමාලාවේ ත්‍රස්තවාදියෝ නීති විරෝධී ත්‍රස්ත ක්‍රියා කරන කොට ගෝතමාලාවේ ආණ්ඩුවත් රාජ්‍ය ත්‍රස්තවාදී වැඩ කරලා ඒක සාධාරණීකරණය කරනවා වගේ වැඩක් නේ."

    The above analogy is not valid for your case. The terrorist and the government have two way relationship while you, the potential seller and the potential buyer have three way relationship.

    ReplyDelete
  4. සිරාවට.. රතු කොරොල්ලා දැක්කත් දැන් කකා මතක් වෙනවා..

    ReplyDelete
  5. ඕකෙ චුට්ටක්වත් මතු සම්බන්ධ කෑල්ලක් නැත්ද?

    ReplyDelete
  6. දුක හිතෙන අවසානයක්.
    අර කිව්වත් වගේ උන්න හැටියට මලා මදෑ අයියේ !!!!

    ReplyDelete
  7. " හොඳ වෙලාවට ඒ කතන්දරවල එච්චර කියන්න දෙයක් නෑ!"
    හොඳ වෙලාවට !!!!!!!!!!!

    ReplyDelete
  8. හොද වෙලාවට මාච් එකට කතා නැත්තේ. කොහොම නමුත් මෙගාව ඉවර වීම දුකකි...

    ReplyDelete
  9. හොද වෙලාවට කාර් එකක් ගත්තේ බස් එකක් එහෙම ගත්තනං............

    ReplyDelete
  10. අපෝ ඉවරද! දැං නං ​ටොයොටා කොරොල්ලා නැතුව කෑවත් නොකෑවා වගේයි.

    (ටොයොටා කාරයොවත් කොරොල්ලා කාර් එකක් මෙච්චර දවසක් වවාගෙන කාලා නැතුව ඈති. අන්න ඒකයි තට්ටයෝ කට්ටයෝ කියන්නෙ)

    ReplyDelete
  11. බුද්ධි මොකද ක.කාගෙ තට්ටෙත් එක්ක ඔච්චර තරහා?

    ReplyDelete
  12. ඉවරායි..................
    ඇති යන්තං දැන් අලුත් කතන්දරයක් අහන්න පුළුවන්... එක පෝස්ට් එකෙන් දාන්න පුළුවන් කතාවක්නේ මේ 12කට කඩලා දැම්මේ..

    ReplyDelete
  13. athi yaantham evarai

    ReplyDelete
  14. [[ඒක නිකං හරියට ගෝතමාලාවේ ත්‍රස්තවාදියෝ නීති විරෝධී ත්‍රස්ත ක්‍රියා කරන කොට ගෝතමාලාවේ ආණ්ඩුවත් රාජ්‍ය ත්‍රස්තවාදී වැඩ කරලා ඒක සාධාරණීකරණය කරනවා වගේ වැඩක් නේ.]]

    හිකි හිකිස්‌.

    උසාවි සාවියයි, කාර් මර උගුලයි ඔක්කොම බැලුවම කතන්දර නිකමට හිතෙන්නේ නැද්ද ගෝතමාලාවේ ආණ්ඩුවේ උන් පණ්ඩිතයින් නොවුනට ඒ දන්ඩේන් යන හැටි දන්නවා කියලා.

    ReplyDelete
  15. ගොඩාක් වෙලාවට අපිට සමාජයේ හමුවෙන්නේ මේ පෙරේරල ෆෙර්නන්ඩොලා වැනි අය තමා.
    අපි අවන්ක වෙන්න ගියාම ගොඩාක් වෙලාවට පාඩු සිදු කරගන හරි අපි ප්‍රතිපත්ති රකින්න උත්සාහ ගන්නවා. ඒ අපි පුරුදු වෙලා තියන හැටි. පෙරේරලාට මේ වගේ දේවල් සිම්පල්.අනිත් එක ඒක කවදහරි ඔයා දැනගත්ත කියලත් එයාලට ඒක ගානක් නෑ. ඒවගේ වැඩ එයාලට පුරුදු නිසා.ඒත් අපි රැවටුනා කියල හිතුනම කලකිරෙනවා නේද?

    ReplyDelete
  16. කොමෙන්ට්ස් නොදැම්මත් මෙගා එක දිගටම කියෙව්වා... මෙගා එක ඉවරවීම ගැන අප්‍රමාණ සතුටුයි... සුපුරුදු කතන්දර සූරීන් නැවත මතු වේවි කියා හිතෙනව...

    ReplyDelete
  17. කාර් එකක් විකුනන්න, මං දන්න තට්ට ප්‍රනාන්දු නමින් ප්‍රසිද්ධව සිටි බ්‍රෝකර් කෙනෙක්, පාදිලි උන්නාන්සෙ කෙනෙක් විදියට ලෝගුව ඇන්ද, ඒ හින්ද පෙරේර ගැන එච්චරම පුදුම වෙන්න දේකුත් නැහැ.

    ReplyDelete
  18. ඕකනේ අයියා කියන්නේ ..මනුස්සකම විකිනිලා ඉවරයි කියලා.
    ඒත් හිත හොද කෙනාට..හරියනවාමයි.

    අලුත් කතා සීරිස් එකක්..බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  19. හිප් හිප් හුරා......... චිරාත් කාලයක් වවාගෙන කෑමට තිබූ කතා රාජයා මෙසේ අවසන් කල වගයි.... ! අද බොමු

    ReplyDelete
  20. සමහරවිට මේ කතා මාලා‍වෙ එච්චරම දෙයක් නැතුව ඇති.
    ඒ වුනාට සීරීස් එක කියවද්දි ඉගෙනගත්ත දෙයක් නෑමයි කියල කියන්න පුළුවන් කාටද?

    ReplyDelete
  21. ඔයින් ගියා මැදෑ .......

    ReplyDelete
  22. නැහැයි කිව්වට මාර්ච් එකත් එයි තව ටික දොහකින්......
    එහෙම නොවේවා!!!!!!!

    ReplyDelete
  23. අනේ ඉවරද . විහිළුවෙන් විහිළුවෙන් හරි අපිත් යමක් දැන ගත්තනේ .

    ReplyDelete
  24. පෙරේර නෙවේනෙ බලං යද්දි කාර් එක විකුනල තියෙන්නෙ . . . කතන්දර තමයි අපිට කාර් එක විකුනල තියෙන්නෙ මෙච්චර දවස්

    ReplyDelete
  25. මම කලිනුත් ඔය පෙරේරලා ගැන කිවනේ සතෙකට විශ්වාස කරන්න එපා කියලා.. ඔය හැම පෙරේරලා ම එකයි වගේ... කොහොම හරි ඔහොම උන එකත් හොදයි.... දැන් කාර් 2 ක සැප විදලා තියනවනේ

    ReplyDelete
  26. @ පූසා
    මං දන්න අනිත් පූසො නං කාර් වලට බය නෑ. ඒ ගොල්ලන්ට ජීවිත නමයක් තියෙනවා!

    ReplyDelete
  27. @ prasanna86k
    මාච් එක ගැනත් කතන්දර තියෙනවා. හොඳ වෙලාවට ඒවා මෙච්චර හැල-හැළැප්පීම් තිබුණු ඒවා නෙමෙයි.

    ReplyDelete
  28. @ SL
    අයි වෝස් ටෝකින් අබවුට් බීන් හිපොක්රිිටිකල් ඇන්ඩ් මයි එක්සාම්පල් මැචස් ද කන්ටෙක්ස්ට්. මයි එක්සාම්පල් වෝස් නොට් අබවුට් එනි මල්ටි-පාටි කන්ට්රෑපක්ට්ස්!

    ReplyDelete
  29. @ වැම්පයර්
    රතු කාර් කියන්නේ සෙක්ස් සිම්බල් එකක්.

    ReplyDelete
  30. @ ප්රිසන්න
    බලමු, බලමු, සීරීස් ටූ එයිද දන්නේ නෑ, අර කාර්ස් 2 මූවි එක වගේ. හැබැයි මගේ ලයිට්නින් මැක්වීන් මං වික්කා නේ.

    ReplyDelete
  31. @ මධුරංග
    අනේ ද කියන්නේ. දුක තමයි. ඇත්තු මැරෙන්නේ දළ පිටින්!

    ReplyDelete
  32. @ හරී-පිණිපලස
    කාගේ කාගේත් හොඳ වෙලාවට. මහත්තැන් අර කාර් එක පදින්න දුන්නා නං, අපිටත් හරී ගෙන් හොඳ කතන්දර අහගන්න තිබුණා නේද?

    ReplyDelete
  33. @ ADK කොලුවා
    දුකයි, දුකයි, මාසයකටත් වඩා බඩගෝස්තරේ හොයා ගත්තේ ඔය රතු කොරොල්ලා එකෙන් නොවැ!

    ReplyDelete
  34. @ මයිලා
    බස් එකක් ගත්ත නං ඒකේ නම දාන්න ක-යන්න මගෙන් දෙන්න තිබුණා. අපරාදේ නේද?

    ReplyDelete
  35. @ බුද්ධි
    මං තට්ටයෙක් වුනේ හොඳ වැඩට හිහින්.
    තට්ටයින් ට මේ කරන නිගරුව නිසා ඔබට ෂර්වුඩ් පැත්තේ ෂෙරීෆ් මාමලා ගෙන් තව දඩ කොල ලැබේවා, මැරියන් ගේ ටොකු නිසා කොණ්ඩය හැලේවා යි පතමි!

    ReplyDelete
  36. @ හරී
    මං හිතන්නේ බුද්ධි ගේ තාත්තා ගේ තට්ටේ. ඉතිං පොරට බයයි තව කාලයක් යන කොට වැඩේ සෙට් වෙයි කියලා.

    ReplyDelete
  37. @ sameerausa
    ඔන්නං එක වාක්යැයෙන් ලියන්න පුළුවන් ඕනෑම කතන්දරයක්. ඒත් එතකොට කොහෙමෙද බබාලා ව නිදිකරවන්නේ?

    ReplyDelete
  38. @ ඇනෝ 1
    ඔය කතාව හාමිනේත් කිව්වා!

    ReplyDelete
  39. @ සුජීව කොකාවල
    කොයි ආණ්ඩුවෙත් ඉන්නේ ඒ දඬු පෝබියා කෂ්ටිය තමයි!

    ReplyDelete
  40. @ ගිම්හානී
    කළකිරෙනවා නං තමයි. ඒත් ජීවිතේ රසවත් වෙන්නේ ඔය සේරම ලුනු ඇඹුල් ආවම තමයි නේද?

    ReplyDelete
  41. @ සපතේරු උන්නැහේ
    මෙගාව නං ඉවරයි. නමුත් සාගාව දිගටම යනවා.

    ReplyDelete
  42. @ ඔබ්සර්වර්
    ඉස්සරහ තට්ටයෝ කට්ටයෝ, පස්සෙ තට්ටයෝ මොට්ටයෝ, දෙපැත්තෙම තට්ටයෝ සෙක්සියෝ. තට්ටෙන් සොමිය දෙන්න දන්නේ දෙපැත්තෙම තට්ටයෝ විතරයි.

    ReplyDelete
  43. @ නිල් අහස
    නමුත් මං නං තාම විකිණිලා නෑ. මං රෝහන බැද්දගේ ගැන ලිපියේ ප/ලි යේ කිව්වා වගේ මගේ ගාන ආවේ නැති හින්දා වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  44. @ nawammawatha
    අපෝ බොන්නම දන්න පොර. අපි දන්නවා නේ පට්ටන්දරේ!

    ReplyDelete
  45. @ ඇනෝ 2
    ඇත්තටම මං නං ඔය සිද්ධිවලින් පාඩම් ගොඩක් ඉගෙන ගත්තා.

    ReplyDelete
  46. @ පන්සල් හන්දිය
    එක කතන්දරයක නිමාව, තව කතන්දරයක ආරම්භයයි.

    ReplyDelete
  47. @ හීනියට
    හීනියට වගේ ලියලා දාන්නත් හිතයි. හැබැයි වෙන්ඩ කතන්දර ලයිස්තුවේ නං තාම නෑ, නෑ මයි!

    ReplyDelete
  48. @ ඕනයා
    කාර් විකිණීමත්, කතන්දර විකිණීම වගේම අමාරු වැඩක්!

    ReplyDelete
  49. @ දේවා
    දෙක නෙමේ, මාච් එකට පස්සේ ඩයිහට්සු ෂැරෙඩ් එකක් ගත්තා, ඊට පස්සේ ආපහු රතු කොරොල්ලා එකක් ගත්තා. දැන් දුවන්නේ ටොයොටා කැම්රියක්!

    ReplyDelete
  50. @ Bindi
    බින්ඩි, හැමදාම නෑ, හැම තැනම නෑ.

    ReplyDelete
  51. SL: "ඒක නිකං හරියට ගෝතමාලාවේ ත්‍රස්තවාදියෝ නීති විරෝධී ත්‍රස්ත ක්‍රියා කරන කොට ගෝතමාලාවේ ආණ්ඩුවත් රාජ්‍ය ත්‍රස්තවාදී වැඩ කරලා ඒක සාධාරණීකරණය කරනවා වගේ වැඩක් නේ."

    ///The terrorist and the government have two way relationship///, but there is a third party: the public and the other parties in the country. So if the ගෝතමාලාවේ ආණ්ඩුව is doing ත්‍රස්තවාදී වැඩ to the other parties (public, and others) and use that to justify "ගෝතමාලාවේ ත්‍රස්තවාදියෝ නීති විරෝධී ත්‍රස්ත ක්‍රියා". the case contains 3 parties. :D.

    ReplyDelete
  52. රතු කොරොල්ලාවේ කතාව ඉවර වෙච්ච එකෙන් ඇයිදමන්දා මාර සතුටක් දැනෙනවා . අළුත් කතාවක් බලන්න ලැබෙන නිසාද ? කාර් එක අඩු ගානකට ගිය නිසාද . අනේ මන්දා මොකටද කියලා

    ඇත්තම කීවොත් මටත් නිකං කාර් එකකට යටවුණා වාගේ තමයි දැනුනේ .

    මොකක්ද ඊලඟට දෙන කතාව

    ReplyDelete
  53. හැබැවටම ගෝතමාලාවේ ආණ්ඩුවත් තිරස්සවාලු වැඩ කොරනවා නේන්නෙම්.. ඉතින් අපි කොලාම මොකෝ ?!!

    ReplyDelete
  54. අපිට කතා ලියන ක.සූ
    විය බ්‍රෝකර් ගැටේ අසූ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.