Wednesday 4 May 2011

කතන්දරකාරයා ට චරිත සහතිකයක් ලැබේ! - A character certificate for Mr Kathandara Karaya


මං මේ කතන්දර කෙරුවාව කරගෙන යන්නේ සාර්ථක දෙවෙනි අවුරුද්දේ. සිංහල බ්ලොග් අවකාශයේ ගතිකත්වය ගැන හිතන කොට ඒක සෑහෙන්න දිග කාලයක්.

ඔය කාලය ඇතුළත මට විවිධ චරිත සහතිකත් ලැබිල තියෙනව. බියොන්ඩ් ද ෆ්‍රේම් ගේ හැකින් ලිපියේ තිබුණු සහතිකේ ගැන නං අමුතුවෙන් මතක් කරන්න ඕනැ නෑනේ. මේ ළඟදී කවුදෝ මන්දා මගේ නමට සමාන නමකින් ග්ලැඩ්ෆ්ලයි ගේ බ්ලොග් එකේ කමෙන්ට් කරලත් තිබුණා.

ඔය චරිත සහතික ගැන හිතුන වෙලාවක තමයි මේ අද කතන්දරේ මතක් වුනේ.

මේක නං වෙන කවුරුවත් මං ගැන ලියල දීපු චරිත සහතිකයක් නෙමේ. මං, මා ගැනම ලියපු චරිත සහතිකයක් ගැනයි.

පස්තාච්චි කුපාඩි ගහල, ඩ්‍රැකියුලා ෆොටෝ අරං ගෙදර ආපු දවස්වල ඉඳල ම වගේ මට හිතිල තිබුණෙ කර කර හිටිය ජොබ් කට්ටට වඩා හොඳ වෙන ජොබක් හොයාගන්න. මොකද ඔය රීස්ට්‍රක්චරින් වගේ දේවල් හින්ද වැඩපොළේ පරිසරය අල වෙමිනුයි තිබුණේ.

සන්ඩේ ඔබ්සර්වර් එකේ ජොබ් බලන ගමන්ම මට හිතුණා කෝකටත් කියලා, බොසී ගෙනුයි, බොසී ගේත් බොස් වෙන ඒජීඑමෙකු ගෙනුයි රෙෆරන්ස් ලියුම් අරං තියාගන්න ඕනැ කියල. එතකොට ඔය හදිසියේ වත් ඉන්ටර්වීව් එකක් සෙට් වුනොත් පෙන්නන්න පුළුවනි නේ.

ඒජීඑමා ගෙන් ලියුමක් ඉල්ලුවාම පොර කියපි, "කතන්දර ඔයා එකක් ඩ්‍රාෆ්ට් කරල දෙන්න, මං ඒකට අනුව ලියුම හදන්නං!" කියල. පොර සමහර විට අදහස් කරන්න ඇත්තේ, මගේ සුදුසුකම්, පලපුරුදුකම් වැඩිය හොඳින් දන්නේ මංතුමා ම නිසා, ඒ ගැන නිවරදි වාර්තාවක් ලියුමට ඇතුළත් කරන එකයි මගෙ හිතේ.

ඒ මොනවා වුණත් මාත් අතට ආපු චාන්ස් එක අත හැරියේ නෑ. ගිහිල්ලා ලිව්වා මගේ චරිත සහතිකේ.

මගේ බයෝ ඩේඩා පොඩ්ඩක් දලා, වැඩපොළේ කරපු වැඩ විස්තර කරලා හෙම අන්තිමට ලිව්වා මෙන්න මෙහෙම.

"Mr Kathandara Kaarayaa is a young energetic engineer with innovative ideas and is capable of undertaking industrial engineering assignments ...blah, blah, blah.

I have found him to be efficient and trustworthy at work he is engaged in ...blah, blah, blah.

He has excellent work ethics. Blah, blah, blah..."

චරිත සහතිකයේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ගිහින් ඒජීඑමා ට දුන්නා.

පොර ඒක කියවගෙන ගියා එක් හුස්මට. අන්තිමේදී කිව්වේ මෙච්චරයි.

"ෂහ්, මේක මරුනේ, කතන්දර!"

දැන් ඒ කිව්වේ මං හොඳට ඒක ලියලා තියෙන නිසා මගේ ලිවීමේ හැකියාව ගැන පොරගේ අදහස ද, නැත්තං, ඒ මංතුමා ම ලියලා තිබුණු මගේ හැකියාවන් දැකලා පොර මා ගැන පැහැදිලා, ඒ නිසා කටට ආපු අදහස ද මන්දා?

ඒ මොනවා වුනත්, ඒ "ෂහ්, මේක මරුනේ!" කෑල්ලත් මගේ චරිත සහතිකයේ ම (නොලියවුණු) කොටසක්.

-කතන්දරකාරයා

ප/ලි
ඔය මොන සහතිකේටත් වැඩිය කතන්දරකාරයාට වටින්නේ මේ බ්ලොග් එක කියවන ඔහෙලා වගේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර ටික තමයි.

39 comments:

  1. දැන් ඉතින් කතන්දරගේ චරිත සහතික දැක්ක හැටියේ කට්ටිය දැනගනීවි කවුද ඒවා ලියලා තියෙන්නේ කියලා.

    ෂා...කතාවත් මරුනේ.

    ReplyDelete
  2. ෂා මේක මරුනේ කතන්දර අයියේ.... සුපිර් ඇ... අනේ අපිට නැහැනේ ඔය වගේ බොස්ලා...

    ReplyDelete
  3. මේ පොස්ට් එකත් මරුනේ කතන්දර...

    ReplyDelete
  4. මං හිතන්නෙ දෙකම වෙන්න ඕන..... ඔයා ඉතිං ලියන් දස්සයනේ......

    ReplyDelete
  5. "ෂහ්, මේක මරුනේ, කතන්දර!"

    ReplyDelete
  6. සමහර වෙලාවට ඔය චරිත සහතික "වන්ටු" ගහල එකවගේම චරිත සහතික දෙකක් ආචර්යවරු දෙන්නෙක් ළමයි දෙන්නෙක්ට එකම පස්තාච්චි කුපාඩි වලට දීල තියනවා. මටමතකයි, එක අලුත ආපු ආචර්යවරකුට තමන්ම තමන්ටම ලියපු එක ව්නේකෙනෙක් වෙනලමයකු සහතික කරලා කියවන්න හම්බුනා.

    "පොර සමහර විට අදහස් කරන්න ඇත්තේ, මගේ සුදුසුකම්, පලපුරුදුකම් වැඩිය හොඳින් දන්නේ මංතුමා ම නිසා, ඒ ගැන නිවරදි වාර්තාවක් ලියුමට ඇතුළත් කරන එකයි මගෙ හිතේ." මේකනම් කරන්නේ වැදගත් එව්වා "බිසී බොසා" අතින් මගෑරෙයි කියල.

    ReplyDelete
  7. චරිත සහතිකේ බ්ලොටින් පේපර් එකක ගහන්න තරං චරිතෙ නරකට තියෙන්න නැතුව ඇතිනේ?

    ReplyDelete
  8. හපොයි මම නම මං තුමා ගැන චරිත සහතික ගෝස්ට් රයිට් කරලා ඇති ඉහේ කෙස් ගානට. අවුරුදු ගානක් හරි නොගිය පස්තාච්චි සිහිනය ඊට එක හේතුවක් වුනා.

    ReplyDelete
  9. ලොක්ක අදහස් කරන්න ඇත්තේ , ලිවිම සහ නිර්මාණාත්මක බව මරු කියල වෙන්න ඕනි.

    ලොක්ක ඒකෙන් කොපියක් තියා ගත්තෙ නැතෙයි.

    ReplyDelete
  10. ප/ලි කතාව නම් අනිවා ඩෙෆා.....!!!!

    ReplyDelete
  11. ෂා මෙකත් මරු තමා.චරිත සහතික නම් අපිම ලියන එක තමා මරුම.මොකද අපිට ස්වයං වර්ණනාවක් කරගන්න පුලුවන් නම් තමා වෙන දෙවල් කරන්නත් හිතට හයියක් එන්නේ.

    ReplyDelete
  12. ලොක්කත් හොයමින් ඉන්න ඇත්තේ තමන්ගේ දුවට පුතාට මේවගේ සහතිකයක් හදාගන්න ක්‍රමයක් . එතකොටම කතන්දරගේ සහතිකේ දැක්කා ඒකේ තියන අදහස් තමන්ගේ වැඩේට යොදාගත හැකි බව වැටහුනා ඉතින් නිකම්ම "මරු නේ" කියැවුනා එහෙම වෙන්න උනත් පුලුවන් නේද ?

    ReplyDelete
  13. කතන්දර අයියා වැඩ කලේ වානේ සංස්ථාවේද ??? ඔය උඩ තියෙන ෆොටෝ එක නිසා ඇහුවේ...

    ReplyDelete
  14. අද නං චරිත සහතිකත් ආචාර්ය උපාධි ගානටම වැටිල නේද? කතන්දරට සහතික නෙමෙයි අපිනං දෙන්නෙ පින්! කී දෙනෙක්ට මග පෙන්නුව කියලද.

    ReplyDelete
  15. @ පොඩි කුමාරි
    ඔයාගෙන් මං සහතිකයක් ඉල්ලුවොත් මොනවාද ලියලා දෙන්නේ?

    ReplyDelete
  16. @prasanna86k
    ප්‍රසන්න
    හැමදාම නෑ, හැමතැනම නෑ!

    ReplyDelete
  17. @ අළුත් කොල්ලා
    මරුනේ කියන එක දැන් පරණ වචනයක්. එළ, තෙල්, කිරි වගේ එකක් පාවිච්චි කරන්න.

    ReplyDelete
  18. @ ප්‍රියන්ත
    මෙන්න ප්‍රියන්තගෙනුත් මට සහතිකයක්. තෑන්කියු!

    ReplyDelete
  19. @ කල්හාර
    මේ මොනවා කියනවද? හීනෙනුත් කතන්දර ලියනවා.

    ReplyDelete
  20. @ අමිලආර්ට්
    ඔයා නං කොපි කැට් කෙනෙක්.

    ReplyDelete
  21. @ අමිල අබේනායක
    හා, හා, ඔය එළිවෙන්නේ රහස්!

    ReplyDelete
  22. @ ඔබ්සෝවර්
    අපෝ අපි වැඩ කාබන් පෑන් වලින්. බ්ලොටින් පේපර් දැන් නෑ. පාවිච්චිය ටොයිලට් පේපර්.

    ReplyDelete
  23. @ සුජීව
    ඔබතුමාටත් හොඳ ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙනවා වගේ!

    ReplyDelete
  24. @ සොඳුරු සිත
    ලොක්කා කොපියක් දාන්න ඇති ෆයිල් එකේ. පස්සේ රිෆර් කරන්න.

    ReplyDelete
  25. @ චතූ
    කෝ ඉතිං දෙන්නකෝ එකක්?

    ReplyDelete
  26. @ උදියා
    දන්නවාද? ටෙලිවිෂන් කෝකියෝ තමයි හොඳම ස්වයංවර්ණනාකාරයෝ!

    ReplyDelete
  27. @ හිස් අහස
    තමන්ගේ නෑයන්ගෙන් චරිත සහතික ගන්න සිරිතක් නෑ. වැරදිලාවත් එහෙම කරන්න එපා.

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. @ ගයියා
    ලස්සන ෆොටෝ එක නේද?

    ReplyDelete
  30. @ ඉන්දික උපශාන්ත
    මාස් පතා පින් දෙනව නං, ඕක නිකං අර දෙයියන්ට දෙන පිං පඩියක් වගේ වෙයි නේද?

    http://kathandara.blogspot.com/2010/03/akon.html

    ReplyDelete
  31. චරිතෙ ඔබේ පණ මෙන් ‍රැක ගන්න....... කියල මැක්ස්වෙල් මෙන්ඩිස් උන්නැහේ කිව්වෙ මෙන්න මේවගෙ චරිත වලට වෙන්ඩැ.

    බොස් හොරාගෙ අම්මගෙන් පේනෙ නාහ හොරාගෙන්ම නෙ මෙදා පොටේ අහල තියෙන්නෙ.

    ReplyDelete
  32. "කතන්දර ඔයා එකක් ඩ්‍රාෆ්ට් කරල දෙන්න, මං ඒකට අනුව ලියුම හදන්නං!"

    අඩේ බොසා ඔයාට කතාකරන්නෙත් කතන්දර කියලද?.මිනිහත් එහෙනම් බ්ලොග් බලන කෙනෙක්...............:D

    ප.ලි-
    ඔයා පරන කතන්දර වල ලින්ක් දාන එක හොදයි.මොකද ඒ ලින්ක් නොබැලුවොත් අපිට සිරාවටම කතන්දරය තේරුම් යන්නේ නෑ.

    තවත් බොහෝ කාලයක් කතන්දර කොටන්න ඇගිලිවලට වැඩිපුර ශක්තිය හා හිතට දිරිය ලැබෙන්න ඕනේ.......!!!!!

    ReplyDelete
  33. මම අහලා තියෙනවා ප්‍රේමදාස මහත්තයා මැරෙන්න කලින් කියලා තියෙනවා(අර ලලිත් ඇතුලත්මුදලි මහත්තයාව මැරුවා කියලා අභූත(ද මන්දා) චෝදනා එල්ල වෙලා තියෙන කාලේ........

    "මාව වෙඩි තියෙලා මරලා දාන්න.ඒත් පොඩිකාලේ ඉදන් මම ආරක්ශා කරගෙන ආපු චරිතය විනාශ කරන්න එපා" කියලා

    චරිත සහතිකේ ගැන ඒ මිනිස්සු හිතුවේ අන්න එහෙම......

    ~~~~දෙපාරක් කමෙන්ට් දාලා බ්ලොග් එක කැතකරාට සමාවෙන්න~~~~

    ReplyDelete
  34. @nawammawatha
    චරිතෙ ඔබේ පණ මෙන් ‍රැක ගන්න කියල කිව්වෙ මට නං වෙන්න බෑ. කාඩ් කුඩු නේ!

    ReplyDelete
  35. @ රජිත්
    අයියෝ රජිත් ඕනෑ පාරක් කමෙන්ට්ස් දාන්න.

    ReplyDelete
  36. @ රජිත්
    බෙහොම ස්තුතියි සුභ පැතුමට.
    මෙන්න මාත් දෙපාරක්ම කමෙන්ට් කළා!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.