Saturday 19 March 2011

පොඩි කුමාරිහාමි ට ලොකු පිලිතුරක්!


මං ගෑනු බොස් ලා හෙවත් බොසී ලා ගැන කතන්දරේ ලියන කොට ඉංජිනේරුවා කියන සාමාන්‍ය භාවිතයේ යෙදෙන වචනය වෙනුවට "මැවිසුරුවා" කියලයි ලිව්වේ.

ඒ වචනය හැදුවේ ඊලියන් ද සිල්වා කියලත් සඳහන් කළා.

ඔය ඊලියන් ද සිල්වාත් මැවිසුරුවෙක්. ඒ එක්කම සිංහල වචන සෑහෙන ගාණක් හදලා තියෙනවා ඉංගිරිසි ටෙක්නිකල් වචන වලට ගැලපෙන්න. මගේ වෙන්ට කතන්දර සීය ගැනවත් හිතන්නේ නැතුව මං පෙරේදා අළුත්ම පෝස්ට් එකක් දැම්මා ඒ ඊලියන් ද සිල්වා හදපු වචන සැට් එකෙන් මට හොයාගන්න පුළුවන් වුනු ඒවා එක්ක.

ඒ පෝස්ට් එකට ප්‍රතිචාර ගොඩක් ආවා. ඊලියන් ද සිල්වා හදපු වචන වගේම, ඒ වෙනකොට භාවිතයේ තිබුණු වචනත් ටෙක්නිකල් වචන සඳහා යොදාගත්තු බවකුයි පේන්නේ. ආනන්දවර්ධන තමයි මේ කරුණ පෙන්වා දුන්නේ.

සාමාන්‍යයෙන් මැවිසුරුවෝ කියන්නේ ජනප්‍රිය වෙන චරිත නෙමේ නේ. ඊලියන් ද සිල්වා ට වඩා එයාගේ සහෝදරයා ටයිටස් තොටවත්ත හුඟක් ජනප්‍රියයි. මං ඔය සහෝදරකම ගැනත් සඳහන් කළා පේරේදා දාපු පෝස්ට් එකේ.

ඒක දැකලා අපේ පොඩි කුමාරිහාමි ට පොඩි ප්‍රශ්ණයක් ඇවිත්. කොහොමද "ද සිල්වා" ගේ සහෝදරයා "තොටවත්ත" වෙන්නේ කියලා.

ඉතිං මට හිතුණා ඒකට ලොකු උත්තරයක් දෙන්න. මගේ ඔය පොඩි පොඩි වැඩ නෑනේ!

සිංහල නම් ගැන මං දැන් කාලෙකට කලින් කතන්දර කීපයක්ම පල කළා. මෙන්න ඒවා.

1. පබා ල ගෙ, බබා ල ගෙ නම් ගැන කතන්දර කීපයක්
2. බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස
3. අම්මා ගේ නම දුවට
4. ආච්චී ලා ගේ, බබා ලා ගේ නම්

හැබැයි ඔය කතන්දර හැම එකේම කියවෙන්නේ අපේ සිංහල මුල් නම් ගැනයි, වාසගම් ගැන හෙම නෙමේ.

වාසගම් ගැන ලියන එක ටිකක් විතර රිස්කි වැඩක්. මොකද ඔය වාසගම් හෙවත් පෙළපත් නම් වලට පරම්පරාව හෙවත් කුලය සම්බන්ධයි නේ. ඒකයි රිස්ක් එක!

ඒ හින්දා ආයෙත් පොඩි පොඩි කතා කීපයක් විතරක් ලියන්නම්.

දැන් ඉස්සෙල්ලාම බලමු මේ පොඩි කුමාරිහාමි ගේ ප්‍රශ්ණේ විසඳන්න. කොහොමද "ටයිටස් තොටවත්ත", "ඊලියන් ද සිල්වා" ගේ සහෝදරයා වුනේ?

ඔය ලංකාවේ පාවිච්චි වෙන ද සිල්වා, සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ෆොන්සේකා වගේ නම් මං දන්න හැටියට පරම්පරානුගත පෙලපත් නම් එහෙම නැත්තං වාසගම් නෙමේ. ඔය නං අළුතින් දාගත්තු ඒවා නමේ අගට.

ඔය කියන නම්, තමන්ගේ නමේ අගට තියෙන කොයි කාගේත් වගේ නම්වල වාසගම වෙනම ම තියෙනවා. බොහෝ වෙලාවට ඒ වාසගම තමයි නමේ මුල් කොටස.

ටයිටස් සහ ඊලියන් ගේ වාසගම "තොටවත්ත ගේ" වෙන්න ඇති. හැබැයි අගට "ද සිල්වා" කියන නම තිබුණා. ඒක, මේ සහෝදරයින් දෙන්නගේ තාත්තා හරි, සීයා හරි, සීයාගේත් තාත්තා හරි, පරම්පරාවේ කෙනෙක් එකතු කරගත්තු කෑල්ලක්.

ටයිටස් තොටවත්ත ගේ උපන් නම විකිපීඩියා එකේ තියෙන්නේ එම්මැනුවෙල් ටයිටස් ද සිල්වා කියලයි. පස්සේ පොර තොටවත්ත කියන පරම්පරා නම අගට යොදා ගත්තා වෙන්න ඕනෑ.

මෙන්න මං දන්න උදාහරණ කීපයක් මගේ යාළුවන් ගේ.

විජය සිල්වා එක්කෙනෙක්. මුළු නම අහංගම ගේ විජය සිල්වා. නමුත් දැන් අහංගම කෑල්ල පාවිච්චියක් නෑ. ළමයින්ට දාන්නත් නැතුව ඇති.

රුක්ෂාන් සිල්වා තව කෙනෙක්. මුල් නම අගම්පොඩි. දැන් පාවිච්චියක් නෑ. ළමයිනුත් ඒ නම ඉස්සරහට ගෙනියන්නේ නැති වෙයි.

මගේ අංකල් කෙනෙක් පුවක්පිටිය ගේ පියසිරි පෙරේරා. හැමෝම පී.පී. පෙරේරා කියලයි කියන්නේ. පුවක්පිටිය වාසගමේ අවසානය දැන් උදාවෙලා.

තව මගේ මිත්‍රයෙක් අප්පුහාමිලා ගේ සුරංජිත් පෙරේරා. වාසගම පාවිච්චියක් නෑ. ඒ මදිවට ළමයින්ට අළුතින් වාසගමක් හදලා දාලා! (මං එහෙම වැඩක් ඔය ඇහැව්වමයි).

දැන් ඔය කියන අයගේ සහෝදරයෝ ඉන්නවා නං, ඒ අය අතර -සිල්වා, -පෙරේරා කෑලි වෙනුවට සැබෑ වාසගම පාවිච්චි කරන අයත් ඇති.

හරියට, ඊලියන් ද සිල්වා ගේ සහෝදරයා වන ටයිටස් තොටවත්ත වගේ!

දැන් මෙන්න දවසේ ප්‍රශ්ණය.

අනාදිමත් කාලෙකට කලින් ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් ටීම් එකේ ඉඳලා තියෙනවා "සරත් ප්‍රනාන්දු" කියලා කොල්ලෙක්.

පොර ගේ මල්ලී ගිහින් තියෙන්නේ XXXX විද්‍යාලය ට යි. ක්‍රිකට් ගැහැව්වා විතරක් නෙමේ, මල්ලී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ කැප්ටන් වෙලාත් හිටියා.

මේ මල්ලී ගේ නම මොකක්ද?

-කතන්දරකාරයා

ප/ලි
රුක්මනී දේවි ගේ නංගී හෙලන් ඩැනියෙල්ස් වෙන්නේ ඔය ඊලියන් ද සිල්වා සහ ටයිටස් තොටවත්ත වගේ කේස් එකක් නිසා නං නෙමේ.

ඒක නං පොඩි කුමාරිහාමි වගේ කෙනෙක් වුනත් දන්න සාමාන්‍ය දැනුම ප්‍රශ්ණයක්.

(image: http://pothystextiles.blogspot.com/)

42 comments:

  1. උත්තරේ සවිස්තරව දුන්නට බොහොම ස්තූතියි.

    අනේ 'පොඩි කුමාරිහාමි'ගේ ලස්සන.

    ඔන්න මට තවත් ප්‍රශ්නයක් තියනවා. එයා 'ඔසරිය' නැතුව ඇයි 'සාරියක්' ඇඳගන ඉන්නේ කියලා. ඒකට උත්තරේ හිතෙන හැටියට නම් ඔසරියක් ඇඳගත්ත චූටි කුමාරියක් හොයාගන්න බැරි උනු නිසා වෙන්න ඇති.

    ReplyDelete
  2. ප්‍රශ්නෙ ට උත්තරේ නම් බන්දුල වර්ණපුර හරි මහේල ජයවර්ධන හරි දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න ඕන ෂොට් එකටම. මොකද මම දන්නා තරමින් ඔය දෙන්නා තමයි නාලන්ද එකෙන් ආපු ක්‍රිකට් කැප්ටන් ලා දෙන්නා.හරි උත්තරේ තියෙනවද ඔතන?

    ReplyDelete
  3. ප්‍රශ්නෙ ට උත්තරේ නම් බන්දුල වර්ණපුර හරි මහේල ජයවර්ධන හරි දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න ඕන ෂොට් එකටම. මොකද මම දන්නා තරමින් ඔය දෙන්නා තමයි නාලන්ද එකෙන් ආපු ක්‍රිකට් කැප්ටන් ලා දෙන්නා.හරි උත්තරේ තියෙනවද ඔතන?

    ReplyDelete
  4. @පොඩි කුමාරිහාමි
    ඔයා ගේ බ්ලොග් එකේ දාන ෆොටෝ ගත්තු ඇල්බම් එඛෙන්ම තමයි මේකත් ගත්තේ.
    එකේ දාන්නකෝ ඔයා ඔසරි ඇඳන් ගත්තු එකක්. මං කොපි කර ගන්නම්.

    ReplyDelete
  5. @All
    ක්‍රිකට් ගැසූ මල්ලී ගැන තිබුණු සඳහන පොඩ්ඩක් එඩිට් කළා.

    ReplyDelete
  6. @සන්ජය,
    ඔබේ පිළිතුර ලැබුණා. පසුව එකතු කරන්නම්.

    ReplyDelete
  7. මං හිතන්නේ සරත් ප්‍රනානදුගේ මල්ලි අනුර තෙන්නකෝන් වෙන්න ඕන. බ්ලොග් අවකාශයේ මං දන්නා තරමින් එකම එක් අයෙක් පමණක් දන්නා මගේ පෙලපත් නාමයත් මගේ උප්පැන්නේ හා හැඳිනුම් පතේ විතරක් සඳහන්ව තිබෙනවා. මගේ භාවිතා කරන නමත් මගේ පියාගේ නමත් ගත්තම මම ඔහුගේ පුතා බව දැනගන්න නම් උප්පැන්නේ නම බලන්නම ඕන. ඒනිසා ඔය පෙලපත් නාම ගැන පුදුම වෙන්න දේකුත් මට නෑ.
    සුභ දවසක් කතන්දර..!!!

    ReplyDelete
  8. කාටය යකෝ "පොර" ය කියන්නේ..දුටු ගැමුණූ කියලා හිතුවය ?
    කොනක ඉඳන් හැක් කරනවා හරිය..ලමාවාට්ටුවෙ අත දරුවො දාලා ගස්සනවා හරිය..
    ටයිමාමාට පොර කිව්වාම බලන් ඉන්න ඇහැකිය..

    ReplyDelete
  9. කතන්දර මමත් සිල්වා කෙනෙක්..ඔබතුමා කිව්වා වගේම මුලට නමක් තියෙනව වාසගම වගේ.. ඕක හින්දා පිටරට වලදි නම් අනේක වධ විඳිනවා..ඇයි මුන් අපේ මුල් නම කියල ගන්නේ නමේ මුලට තියෙන වාසගමනේ..

    ReplyDelete
  10. අපේ වාසගම තියෙන්නේ නම මුලට. නම අගට පරම්පරාවෙන් එන නමක් නෑ. ඒත් සමහර වෙලාවට පෝරම පුරවනකොට ඒක හරි වදයක්.

    ReplyDelete
  11. ‍අද මේ කතා කරල තියෙන විශය ගැන වැඩිදුරට දැනගන්න අවශ්‍ය නම් ඒ ගැන ලියවෙලා තියෙන පොත් දෙකක් ගැන කියන්නම්;
    පළමු එක තමයි අපේ පුවත් පතක හිටපු කතුතුමෙක් ‍වුන වික්ටර් අයිවන් මහතා ලියපු මට මතක හැටියට නම් පොතේ නම ජාතික ඒකාග්‍රතාවය හා පවුල් පොරය විය යුතුයි. අනෙක පොතේ නම නම් දැන් අමතකයි ඒත ලියල තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ හිටපු පීඨාධිපති ට්යුඩර් සිල්වා මහතා. ඒකත් කුලවාදය ගැන තමයි ලියල තියෙන්නේ...

    ReplyDelete
  12. මැවිසුරුවන්ට අධිපති දෙවියො තමයි විශ්වකර්ම දෙවියො. ඔය විශ්වකර්ම දෙවියො ගැනත් හරි හරි කතන්දර තියෙනවා. කියමුකො බලන්න එකක්

    ReplyDelete
  13. නම සහ වාසගම පටලවලා ගත්ත අයත් ඉන්නවා. උදා. විදියට තාත්තගේ නම ඉමදූව අලුත්වත්තේ පියදාස වෙනකොට පුතාට නම දානවා ඉමදූව අලුත්වත්තේ සරත් කුමාර පියදාස කියලා. මේක වැරදියි. මෙතන පියදාස කියන්නේ තාත්තාගේ නම මිසක් වාසගම නෙමෙයිනේ. ඒ නිසා පියදාස කියන කෑල්ල පුතාට අවශ්‍ය නෑ.

    ReplyDelete
  14. සරත් ප්‍රනාන්දු ක්‍රීඩා කල තරගය පාවා දුන්නේ කවුද?
    ඕක තමා මගේ ප්‍රශ්නය :)

    ReplyDelete
  15. Software Engineer : මෘදුකාංග මැවිසුරු

    ReplyDelete
  16. අනික ඔය නම් දාන එකත් ඩිංගක් විතර පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.

    මගෙ යාළුවෙක් ඉන්නව "වෙදහැන්දිගේ අනිල් ලසිත් සිල්වා" කියල. ඒ නම මුක අකුරු එක්ක ඉංග්‍රීසියෙන් ලිව්වම . W.A.L Silva. ඌට නැති නැන කතාකරන්න වල් සිල්වා කියල. [අර නමේ අකුරු වලට ගැලපෙන්න ආදේශක නම් යොදා ඇත]

    ReplyDelete
  17. ඔය වගෙ එව ඔන තරම් තියනව...
    රණසින්ංහ ආරච්චි කියන එක අපෙ තාත්ත අයින් කරල...
    පුවතත් දැන්විම් කැල්ල ගෙදර තියනව...
    හෙතුව දිග වැඩි කියල....
    එක නිසා අයියගෙයි මගෙයි අගට විතරක් නිකම්ම රණසිංහ තියෙන්නෙ..

    ReplyDelete
  18. මෘදුකාංග හරි දෘඩාංග හරි මැවිසුරුවෙක් වුනොත් වුන දවසට මම ගහනව මගේ මේසෙ බොඩ් එකක් මැවිසුරු පැන්ඩා...මරු නේද ?ඒක නිකං පොඩි දේව ගතියක් එනව නේද ? මැවිසුරු කියල දෙවියෙක් එහෙම හිටියද කොහෙ හරි පොතක ?

    ReplyDelete
  19. ඕව නම් මොනාද ? අපේ පැත්තෙ ඉන්නව වාසගම ඇවිල්ල පුස්ස කන්දලාගේ.කඩ්ඩෙන් P.K වුනාට සිංහලෙන් ලියන්නෙ එහෙම නෙවෙ නෙ. .ඕක ඉතින් සින්හල පොරම කොලේක ඩොට් දාල ලියල නිලධාරියෙක්ට භාර දුන්නම එතන ඉන්න හිතෙයිද ?

    ReplyDelete
  20. සුට්ටන් සුට්ටන් පුරස්න නැතිව නෙමයි සුදු මහත්වරු අපේ නම් ගම් ලියන්න කියන්න හදනකොට......
    මගේ වාසගම නම් උන්දැලැ දොඩනව බොරු ඕO....

    ReplyDelete
  21. පුවක්වැටිය කේවට්ටයලාගේ අමාරිස් මතක් වුනා.

    අපේ යාලුවෙක්, 70-80 ගණන් වල කළු පටි ගහපු කරාටේ ශුරයෙක්, අපි දැනගෙන හිටියෙ "ඩොනල්ඩ් සිල්ව" කියල ,ඒ කාලෙ ලංකාව පුරා ලයිට් කණු තාප්ප වල කරාටේ පන්ති පෝස්‌ටර් වදින කොට "ඩොනල්ඩ් ගොඩැල්ලවත්ත" කියල අපි හිතුවේ වෙන කව්රු හරි කියල. බලනකොට පොරගේ නම "ගොඩැල්ලවත්තගේ ඩොනල්ඩ් සිල්වා".

    තව එකක් සුද්දන්ගෙ රටවල් වලට ගියාම ගමගේලා නිකම්ම "ගැමේජ්" වෙනවා, ඒ වගේම පෝරගේ කෙනෙක් "පොරාජ්" වෙලා හිටිය කියලත් ආරංචි වුනා. මං දන්න බාලගේ කෙනෙක් ඔස්ට්‍රේලියාවෙ "බලාජ්". වෙන එකක් තියා සනත් වගේ ලේසි ඒවත් "සැනාත්" කියල අමාරුවෙන් කියන්නෙ සුද්දො. බමුණුආරච්චි එහෙම නැත්තන් සුරියආරච්චි වගේ ඒවා මොන විධියට කියනවද දන්නෑ .
    D.B.කුරුප්පු මහත්තයගෙ පොතක{පර්ත් ගමන} ඔය ගැන විස්තර තියෙනව, මං හිතන්නෙ ඒ මහත්තය දැන් පදිංචිය ඔස්ට්‍රේලියාවෙ කියල,ඒ වුනාට තාම සිංහලෙන් පොත් ලියල ප්‍රකාශයට පත් කොරනව.


    මේ මාතෘකාව ගැන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් වුනත් හිත් රිදීම් එහෙමත් ඇති වෙන්න පුළුවන් නිසා නිස්සද්ද වෙන එක හොඳා කියල හිතුන.

    ReplyDelete
  22. මෙතෙක් ලැබුණු ප්‍රතිචාරවලට ස්තුතියි.

    පොඩි කුමාරිහාමිගේ ප්‍රශ්ණය වුනේ අයිය ට යි, මල්ලි ට යි, නමේ අග්ගිස්ස වෙනස් ඇයි කියලනේ. අක්කලගෙයි නංගිලගෙයිත් ඔහොම වෙනව, රුක්මනී දේවි ගේ නංගී හෙලන් ඩැනියෙල්ස්! ඒකට හේතුව නම් රුක්මනී දේවී කියන්නේ ස්ටේජ් නේම් එකක්, එයාගේ නියම නම ඩේසි ඩැනියෙල්ස් ඒකයි.

    වැඩි දෙනෙක් මගේ ප්‍රශ්ණෙට උත්තර දන්නේ නෑ වගේ.

    සරත් ප්‍රනාන්දු කියලා අයියා කෙනෙක් ඉන්න, ලංකාවේ ක්‍රිකට් කැප්ටන් වෙලා හිටිය මල්ලී ගේ නම මොකක්ද?

    ReplyDelete
  23. නිවැරදි පිළිතුර, බන්දුල වර්ණපුර, ලකුණු කීයක් දෙනවද ?

    ReplyDelete
  24. About sarath Fernando මේක වැරදි වෙන්න පුළුවන් ඒ වුනත් මට සාධාරණ සැකයක් තියෙනව බන්දුල වර්ණපුර කියල හේතුව පොර අම්මගෙ සර්නේම් එකෙන් ගියෙ, ඒකටත් හේතුවක් තිබුන. ඒක කියන්න ගියොත් ලංකාවේ ට්‍රැඩිෂන් ගැනත් කතාකොරන්න වෙනවා.

    ReplyDelete
  25. හාමුදුරු නමක් ලංකාවෙ පෙළපත් නාම වලට මුල් වූ කරුණු කාරණා ගැන රසවත් පොතක් ලියල තියෙනවා.ඒක හරිම රසවත් අයුරින් ලියවුනු පොතක්ලු.මම කියවලා නැහැ.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.සෑම කෙනෙක්ම තමන්ගේ පෙළපත ගැන විස්තර අවම වශයෙන්වත් දැන සිටිය යුතුයි.තමන්ගේ පෙළපත් නාමය හැදුන හැටි අඩුම තරමින් තමන්නේ තාත්තා,සීයා,මුත්තා,... ආදී හතර දෙනෙක්ගෙවත් විස්තර දැනන් ඉන්න ඕන කියලයි මම හිතන්නේ.

    ReplyDelete
  26. To all bloggers & readers I 'll be out of circulation for about a month starting 21 st of March.

    "Oba" to some & "Observer" to some others

    ReplyDelete
  27. Obsever ගෙ කොමෙන්‍ටුව දැක්කාම මට මේක මතක් උනේ. මේක මගෙ යාලුවෙක් කියපු සිද්දියක්.

    මේක "ලු" කතාවක්.

    එක පාරක් පිටරටක මියුසික් සෙරමොනි එකකට ලංකාවෙන් ගිය ආර්ටිස්ට් අඳුන්නල දීල තියෙන්නෙ රොහාන බෑඩ් ගයි කියල ලු. :)

    ReplyDelete
  28. පොඩි ප්‍රශ්නයක් දිහ වුනත් හෙනම තාර්කික විදියට බලනව නේද? එල එල!

    ReplyDelete
  29. අපේ යාළුවෙක් හිටියා දී කිරි කෑ මුදියන්සේලාගේ කියලා වාසගමක් තියෙන....
    තව මුලකුරු B.A.D. කියල තිබ්බ එක්කෙනෙකුත් ඉන්නවා...
    ඔය සිංහල නම් ගම් ඉංග්‍රීසි අය කියවන හැටි ගැනත් තව කථා වගයක් තිබ්බ හරියට මතක නෑ දැන්

    ReplyDelete
  30. සැහෙන්න දිගට ලියන්න දේවල් තියෙන මාතෘකාවක්. වෙලාවක් හොයා ගත්තම ලියන්නම්.

    කතන්දරගේ බ්ලොග් රෝලේ මගේ කවි බ්ලොග් එක දැම්මට බොහොම ස්තුතියි. ලිවීමට දිරිමත් වෙනවා. වැඩිපුර ලියන්න බලන්නම් [දැනට මාසෙට එකක් දෙකක් නේ ලිව්වේ]

    ReplyDelete
  31. ලස්සන කෙලිපොඩ්ඩි. හැබෑටම කකා පොඩ්ඩි ඔය වගේම ලස්සනද?
    ටයිටස් තොටවත්ත ගැන මාත් ටිකක් දන්නවා. අදහන්න වටින මනුස්සයෙක්. කොයි වෙලාවෙත් කරටි කැඩෙන්න ගහල ඉන්නෙ, හරිම ජොලි පොරක්, ඒත් වැඩ ටික කරනව තිතට. මං අහල තියෙන කතා දෙකක් කියන්නම්:

    ස්ථානය: ලංකාවෙ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක කැන්ටිම
    බොහෝ කලක් පිටරට ඉඳලා ආපු මනුස්සයෙක් බත් එකක් කනව හැන්දෙන් ගැරුප්පුවෙන්.

    ටයි මහත්තයා: සිංහල නේද? කන්නෙ බත් නේද? කාපංකො අතින්

    අනික් කතාව:
    ඒ අයතනයෙම වැඩසටහනකට ආපු කෙනක් පුහුණුවීමකදි වන්නමක්ද කොහෙද නටනවලු වරද්ද වරද්දා, "ඔහොම් නෙමෙයි යකෝ, නටාපිය මෙන්න මෙහෙම" කියලා නටලම පෙන්නුවලු.

    ඔය කතාවල් මං අහපුවා, ඒත් මං දන්න දෙයක් තමා ඔහුගේ සිංහල, ඉංග්‍රීසි භාෂාවල් හැසිරවීමට තිබූ අපුරු හැකියාව, ඒකයි කිව්වෙ"අදහන්න වටින මනුස්සයෙක්" කියල.

    ReplyDelete
  32. පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට [නොකවුට්] ක්‍රිකට් ප්‍රශ්නෙට උත්තර දුන්නොත්. මේ කෙනා සංගා, මහේල, සනත්, මාවන්, හෂාන් නොවේ, මොකද ඔවුන්ට එහෙම සොහොයුරෙක් හිටය නම අපි දැන ගන්න ඕනේ. අරවින්ද ට ඉන්නේ අක්ක කෙනෙක්, අර්ජුන ගේ මුළු පවුලම රටම දන්නවා. මඩුගල්ලේ වෙන්න බැහැ ඔහු උඩරට පොරක්. ඩි එස් ද සිල්වා, මෙල්, මෙන්ඩිස්, තිසේරා වෙන්න බැහැ ඔවුන්ගේ නමේ තිබ්බ "මුදලට ගත්ත කෑල්ල" ඔවුන් පාවිච්චි කල නිසා.

    අපි දන්නා කාලෙන් ඉතුරු වෙන්න වර්ණපුර අනුර රණසිංහ හා අනුර තෙන්නකෝන්.

    මේ ගොයියා ටෙස්ට් කැප්ටන් කෙනෙක් ද කියලා කිව්වනම් උත්තරේ ඉබේම පෙනෙයි.

    ReplyDelete
  33. අපෙත් අම්ම තාත්ත දෙන්නෙගෙම නම් වල අගට "ද සිල්වා" කෑල්ලක් තියෙනව. ඒත් මගේ නමේ නම් නෑ.

    ReplyDelete
  34. නම ගැන නම් කොච්චර කතා තියෙනවද?

    දැන් මේ ලියන මමත් ඉංග්‍රීසි අකුරු තිස් හතක සාඩම්බර නමක හිමිකරුවෙක්. හැබැයි වලව් කාරයින්ගේ වගේ වාසගම් වලින් නොවේ. අම්මයි තාත්තයි තරඟෙට නම් දැමීම නිසා. ඒ අතර තියෙන කෑලි දෙකේ පෙර නම [=වාසගම] පාවිච්චි කරලා ඔසියන්ට ගේම දුන්නු පොරක් මං. සාමාන්‍යයෙන් අපි දිහා වපරැහින් බලන ඔසියන්ට හොඳ වැඩේ කියලා මං මාර ජොලියක් ගත්තා. ඒත් මෙහෙට ආවාම විශේෂයෙන් බ්ලොග් අවකාශයේදී දුටුවා මේක හරියන්නේ නැති බව. ඒක නිසා මං දැන් පාවිච්චි කරන්නේ පොදු පිළිගැනීමක් ලෙසට බාවිතා වන නමක් මිස කෙලින්ම මගේ උප්පැන්නේ නම නොවේ.

    වැඩේ චාටර් බව දැකපු වෙලාවෙම ඊළඟ පරපුර එයින් නිදහස් කළා.

    කෑලි දහයේ නමක් හිමි ක්‍රිකට් ක්‍රීඩකයා ගැන ඔක්කොම දන්නවා ඇතිනේ: Amunugama Rajapakse Rajakaruna Abeykoon Panditha Wasalamudiyanse Ralahamilage Rajitha Krishantha Bandara Amunugama [සිංහලෙන් ලියන්න කම්මැලියි. කොපි කරන්න ලේසියි]

    ලංකාවේ දුටු අසාමාන්‍ය ම නම තමයි "අලවු ඉසි සැබි හෙළ". කලකට පෙර හුන් සිංහල වියතෙක් වූ මෙතුමා මා දැනගත්තේ කතන්දර ගේ ප්‍රියතම දවස/රිවිරැස පත්තර වලින්. අහවල් එකක් කොට කිරීමෙන් ඉහත නම හැදුවද මටනම් තේරෙන්නේ නැහැ.

    නම ගැන කිව්වම අමතක කරන්න බැහැ ආරියසේන ආන්ශුබෝධ පඬිතුමාව. මුලින්ම තමන්ට නමක් දාගෙන පටන් ගත ගමන අද මේ රටේ අලුත් පරපුරේ නම තබන්නා බවට පත්වෙන දුරක් ගොහින්. මටනම් ගොයියාගේ වැඩේ දිරවන්නේ නැහැ. මට තේරෙන විදිහට කෑලි එකතු කරලා හදපු බඩ් කරපු නම් මිසක් තේරුමක් ඇති එව්වා නොවේ. නමක් වෙන්න කලින් මෙව්වා වචන හැටියට වැලිඩ් ද කියලත් ෂුවර් නැහැ. වචනයක් වෙන්න නම කටට කියවන්න පුළුවන් විය යුතුයිනේ.

    පඬිවරුන් විවේචනය කිරීමෙන් බ්ලොග් අහෝසි වන්නට ඉඩ ඇති නිසා එයාට වැඩිය මොකුත් නොකියා ඉම්මු. එයා ගැන කතාවක් කිව්වොත්: ගැහැණු ළමයෙකුට මෙයා කාලෙකට කලින් දැම්මලු "හිම්පා" කියලා. මාර රෙයා නේ. ලස්සනකුත් තියෙනවා. හැබැයි කෙල්ල රස්සාවට ගියාම තමයි ප්‍රශ්නේ. නම ඉංග්‍රීසියෙන් ලිව්වා ගමන නසරානි කොල්ලෝ කෙල්ලෝ එක ඉස්සරහට "සී" අකුර දානවලු.

    නම ගැන කියන්න තියෙන්නේ. තමන්ගේ වාසගම් අවමානයක් හැටියට නොසිතන්න, තමන්ගේ දරුවෙකුට නමක් දාගන්න එක තමන් හිතලා කරන්න කියන එක විතරයි. අර දුවයි පුතායි ලොරියයි තිබ්බ ගමරාල [මෙතන ඉතිරිය කිව නොහැකි] වගේ නොවී.

    ReplyDelete
  35. තොටවත්ත ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. ගින්දර එල පට්ට මැක්සා ඕන එකක් දාන්න පුළුවන් අමරණිය පොරක්.

    ReplyDelete
  36. @All
    ප්‍රතිචාර දැක්වූ හැමට මගේ ස්තුතිය.

    නිවරද පිලිතුර බන්දුල වර්ණපුර. එයා නාලන්දේ. අයියා සරත් ප්‍රනාන්දු ආනන්දේ. වර්ණපුර කියන පරම්පරා නම දාලා තියෙන්නේ අගට බන්දුල ගේ විතරයි.

    මේ කතාව බන්දුල ගේ තාත්තා සිළුමිණ පත්තරේට කියලා තිබුණා අපි පොඩි කාලේ.

    මේ කතාව සඳහා ඒක කන්ෆර්ම් කර ගත්තේ-මෙතනින්.
    http://battleofthemaroons.lk/history_family.html

    ReplyDelete
  37. අලවු ඉසි සැබි හෙළ ගෙ පුතා තමයි ප්‍රසිද්ධ රසායණ විද්‍යා දේශක දෙව්රුවන් අල්විස්.. දැන් කියන්න බලන්න එහෙනං තාත්තාගෙ ඇත්ත නම.. (හිහ් හිහ්.., සාබියෙල් අල්විස්)

    ReplyDelete
  38. කට්ටිය ඩබ්. ඒ. ද සිල්වාට වඩේ සිල්වා කියන්නේ [ඉංග්‍රීසියෙන් ලිව්වම පෙනෙයි]. ඒ වගේ මොකද්ද පින්නදුවගේ අරවින්ද ද සිල්වා ට කියන්නේ. ෂුවර් නැත්නම් පරණ ස්කෝර් කාඩ් එකක් බලන්න.

    ReplyDelete
  39. From Beetle:
    තමන්ට ඕනේ විදියට වාසගම් වෙනස් කළාට අපි හිතන්නේවත් නැති වෙලාවල් වල ඒවා ප්‍රශ්ණ වෙනවා...

    විශේෂයෙන් සමහර විදේශ රටවල් වලදී පවුලේ අයට වීසා ගන්න එහෙම වුණාම...

    කලින් දැකලා නැත්නම් මේ පාස්පෝර්ට් එක බලන්නකෝ...

    http://www.oddee.com/_media/imgs/articles/a318_c1.jpg

    ReplyDelete
  40. කකා කාලේ කතාවක් නේද ? නම් ගම් පාවිච්චියේ වෙනස් කම් හොඳට පැහැදිලිකෙරෙනවා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.