Followers

Friday, December 25, 2009

බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස


සිංහල බ්ලොග්කරුවන්ගේ සාදයට එන අතරතුර පළ කරපු "පබා ල ගෙ සහ බබා ල ගෙ නම්" ගැන ලියවුනු බ්ලොග් පොස්ට් එකේ දෙවෙනි කොටසයි මේ.

මෙන්න අද තව පොඩි කතන්දර දෙකක්.

2.
මගෙ හොඳ යාළු කපල් එකක් තමන් ගෙ දුවට දාල තියෙන නම තමා හඳුණි!

මේක අහපු වෙලේම මට ඒ නමේ මොකක් හරි වැරුද්දක් තියෙන බව හිතුනා.

සඳුනි කියන නම නං නිතරම ඇහෙනව. ඒත් හඳුණි?

මේ නම ස්පිට්ල් ගෙ කතාවකින් ගත්තු එකක් කියලයි මට දැනුනෙ! ඒකයි අවුල.

මොකක්ද ඔහේලට හිතෙන්නෙ?

3.
තව මං දන්න කපල් එකක් හිටිය. ගෑනු මනුස්සයගෙ නම සැන්ඩි. මිනිහගෙ නම ජෑම්.

ටිකක් කල් යනකොට තමයි දැනගත්තෙ මේ කාන්තාවගෙ නම සඳලතා. එච්චර ලස්සන නමක් සැන්ඩි කියල විකෘති කර ගත්තු එක නං ප්‍රාණ ඝාතයකට සමානයි මට හිතෙන විදියට.

පිස්සු ඩබල් වුනේ ජෑම් කියන පොරගෙ නම ජයම්පති කියල දැන ගත්තට පස්සෙයි.

මේ ඇමරිකාවෙ හරි යුරෝපයෙ හරි වෙච්ච කතාවක් නෙමේ. ලංකාවෙ නගරබද තැනකදි මට හමුවුණු පවුලක් මේ දෙන්න.

ටික දවසකින් ආයෙ හමුවෙමු.

කතන්දරකාරයා

-මෙන්න තුන්වන කොටස:
මගේ අම්ම ගේ නම මගේ දුවට

15 අදහස්:

  1. "හඳුණි"??

    පොඩි එකෙකුට දානව නං දාපං කෝ මනුස්ස නමක්!

    ReplyDelete
  2. ඔව්, ස්පිට්ල් කතාවක වගේ තමයි, මටත් එක සැරේට ආවෙ වැද්දියෙක්ගෙ පින්තූරයක් :)

    ReplyDelete
  3. මහ හූරා මොකද කියලා තියෙන්නේ හඳුණි කියලා කැකුළිට නම් පොජ්ජ දානකොට? කට ඇර ගෙන බලිය පොජ්ජ කර ගෙන ඉඳලද?

    ReplyDelete
  4. ආදීවාසීන්ගෙන් පැවත එන පවුලක්ද? :D

    ReplyDelete
  5. මම දන්න මාලි කෙනෙක්ට නම දාල තිබ්බෙ අසාර කියල. අනේ කියන්න වරදක් නෑ ඌත් නමේ විදියටම අසාරයි. ඒ නිසා අවුලක් නෑ. තව නංගි කෙනෙක් හිටියා පූජිකා කියල. අනේ අපේ වල් කොල්ලො එයාට කතා කරන්නෙම එයාගෙ නම අනිත් පැත්ත හරවල.

    ඕං කතන්දර අයියේ අයියා ලියන කතන්දර කියවල මටත් කතන්දර ලියන්න හිතුන. මගේ බ්ලොග් එක පැත්තෙ ගිහින් බලන්නකො. හැබැයි තියෙන ඔක්කොම කතන්දර නෙමෙ හොඳේ.

    ReplyDelete
  6. එක්තරා කාලෙක මගේ පන්තියේ හිටියා කෙල්ලෙක්. කියන්නත් ලැජ්ජයි ඒකි නම - අයෝනි.....

    ReplyDelete
  7. අපෙත් ඉන්නවා එකක් සැන්ඩි කියලා,
    ඇත්ත නම් "සඳමාලි"
    හිඃ හිඃ හී...

    /නිශාන්ත

    ReplyDelete
  8. ඔය ප්‍රශ්න මොකවත් නෑනේ සම්මත නාම ක්‍රමයක් තිබ්බනම්.. හරියට IUPAC වගේ.. හි හිහිඃ

    ReplyDelete
  9. ස්පිට්ල් ගේ මොන කථාවෙද හඳුණි ඉන්නේ? :(

    ReplyDelete
  10. මට මතකයි "දින දර්ශන" කියල නම තියන ළමයක් සිය දිවි නසා ගත්ත පුවතක්... පව් කොල්ලා... දාන්න නමක් තියෙන්නෙම නැතුව ඇති.

    ReplyDelete
  11. දිවංගත කියලා නමක් තිබ්බ කතාවක් ප්‍රේමකීර්ති මතක් කළා වතාවක්. ඇයි දිවංගත බණ්ඩාරණායක, දිවංගත සේනානායක වගේ දිගට කියනකොට නම තිබ්බ කෙනා හිතුවලු ඒ වැදගත් නමක් කියලා.

    ReplyDelete
  12. R.L.ස්පිට්ල්ගෙ පොතෙ එන්නෙ හඳුනි කියල නෙවෙයි...'රන්ඳුනා' කියලයි..එත් මේක ඒ නමේ කෙටි කළ ෆිමේල් වර්ෂන් එක කියල හිතෙන්නෙ.... :))))

    ReplyDelete
  13. @ලක්සිරි

    මේ කාලෙ විතරක් නෙවෙයි. ඒ කාලෙත්, කියන්න ලජ්ජයි කියල හිතෙන නම් තිබුනා.

    උදා: එතනා = එක් තනයක් ඇත්තී

    ReplyDelete
    Replies
    1. @ ravi

      මම නම් හිතන විදියට ඔය එතනා කියන නම ලැජ්ජාවකට නෙවෙයි ගෞරවයට පාත්‍ර වුණු නමක්.

      එතනා = එක් තනයක් ඇත්තී කියලා හඳුන්වන්නේ පත්තිනි දේවියයි....

      Delete
  14. ස්පිට්ල්ගෙ මොන කතාවෙ හඳුණි ඉන්නවද කියලා නම් මමත් දන්නේ නෑ. ඒත් හඳුනි කියපු ගමන් මටත් හිතුනෙ ඒක වැදි නමක් කියලයි.

    නම් ගැන කියද්දි මම දන්න ගෑණු ලමයි දෙන්නෙක් හිටියා එක්කෙනෙක් ලසිකා අනික් එක්කෙනා කුශාණී

    කුශාණි = මූසලී
    ලසිකා = සෙම් සොටු පාලි භාශාවෙන් මේ නම් වල තේරුම තියෙන්නෙ මෙහෙමයි

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).