Wednesday 30 December 2009

අම්ම ගෙ නම දුවට - බබා ල ගෙ පබා ල ගෙ නම් ගැන කතන්දර III කොටස


මං ලියාගෙන යන බබා ල ගෙ නම් ගැන කතන්දර වලින් මේක තමා මං කැමතිම කතන්දරේ.

කලින් කොටස් වලට ලින්ක්ස් මෙන්න.
1. පලමුවෙනි කොටස
2. දෙවෙනි කොටස

සිංහල අපේ නම් වල බොහෝ විට තියෙන එක ලක්‍ෂණයක් තමා, මුල් නමෙන් තමන් ඉපදුනු කාල සීමාව හඳුනා ගන්න බොහෝ විට පුළුවන් වීම.

උදාහරණයක් විදියට, ලංකාවෙ නිදහසට කලින් ඉංගිරිසි ආණ්ඩු කාලෙ බොහෝ විට තිබුනෙ එක්කෝ සයිමන්, කරෝලිස්, ඇසිලින් වගේ විදේශීය නම් නැත්තං සිරිවර්ධන, සුමනදාස, කරුණාවතී වගේ දිග නම්.

ඊට පස්සෙ පරම්පරාවලට, ආනන්ද, නිමල්, සමන්, මල්ලිකා, රංජනී වගෙ කෙටි නම් වැටුන. හෂාන්, කුෂාන්, ඉෂිනි, ශෂිකා වගේ සොෆිස්ටිකේටඩ් නම් ආවෙ ඊටත් පස්සෙ පරම්පරාවලටයි.

හැබැයි මේ මොන නං සෙට් එක උනත් නගරයෙන් ගමට කාන්දුවෙන්න පරම්පරාවක් දෙකක් විතර ගියා. නමුත් මාපිය - දූ පුත් පරම්පරා වෙනස එහෙමමයි.

මේ හින්ද, මගෙ යාළුවෙක් ලියපු කෙටි කතාවක අම්මගෙ නම නිෂානි කියලත් දුවගෙ නම රංජනී කියලත් දාල තියෙනව දැක්කම මං කෙලින්ම කිව්ව ඒක අතාත්විකයි කියල. ඕක වෙන්න පුළුවන් අනිත් පැත්තටයි.

බටහිර ක්‍රිස්තියානි ක්‍රමය අනුව බොහෝ විට බයිබලයේ තියෙන ඩේවිඩ්, මැතිව්, මේරි වගේ නමක් දානවාමයි. දැන් දැන් අළුත් නම් පවා හදාගන්නව. නමුත් බොහෝ විට එකම නම් සෙට් එක තමයි කැරකෙන්නේ.

සම්ප්‍රදායානුකූලව බයිබලයේ නම් දාන අය කරන්නේ තමන්ගේ තාත්තා, අම්මා, මාමා, නැන්දා කෙනෙකුගේ නමක් ළමයින් ට දාන එකයි.

මේකයි අද කතාව.

මං අඳුණන සිංහල පොරක් ඉන්නව විදේශීය කාන්තාවක් බැදපු. දෙන්නම ඉන්නෙ පිටරටක. මේ දෙන්නගෙ පොඩි දුවගෙ නම මොකක්ද දන්නවද?

මල්ලිකා!

අවුරුදු පහක විතර ළමයෙකුට ඒ වගෙ නමක් තියෙන්න විදියක් නෑනෙ ලංකාවෙ ගම්බද පලාතක වුනත්.

පස්සෙ අහල බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ. පොර දාල අම්මගෙ නම දුවට. වයිෆ් ලංකාවෙ නොවෙයි නිසා ඒ මනුස්සයට ඕව තේරෙන්නෙ නෑනෙ.

කොහොම හරි අන්තිමේදි වෙලා තියෙන්නෙ ශානුක වගේ හොඳ පොෂ් නමක් තියෙන මගේ යාළු පොර ගෙ දුවගෙ නම මල්ලිකා කියන පරණ පරම්පරාවෙ එකක් වීමයි.

-කතන්දරකාරයා

මෙන්න බබා ලගේ නම් ගැන කතන්දරෙ සීරිස් එකේ හතරවෙනි කොටස
ආච්චීලා ගේ බබා ලා ගේ නම්

12 comments:

  1. mala keliyayi . . shanukage duwa mallikaa . . . he he he . . .

    ReplyDelete
  2. ඕක අපිටනේ අවුල තියෙන්නේ.. ඒ රටවල අවුලක් නැතුව ඇති

    ReplyDelete
  3. As a kid, I didn’t like my name ‘Chanuka’ because it had no meaning. Everybody asked what it meant. Later, I realized Manuka Wijesinghe, a contemporary faced a similar problem. In mid 1970s ‘Chanuka’ was an odd name. I didn’t know anyone else by that name.

    Now things have changed. I see so many use the same name. I have even found another ‘Chanuka Wattegama’ thru face book.

    I guess it is high time somebody do serious research on Sri Lankan names.

    ReplyDelete
  4. අර තාත්තාගේ දුවගෙයි නම් දෙක අතර නම් පරහක් තියන ගතිය දැනෙනවා අප්පා.. හැබැයි එයාලට අවුලක් නැතුව ඇති ඉතිං.. ඕක කෙටි කරලා මල් හරි මකා හරි කරගනියි ඉස්සරහට...
    දැන් නම් ලංකාවේ ළමයින්ට නම් දාන්නේ අර නම් දාන සීයානේ.. අපෝ ඒ නම් ‍එසේ‍ මෙසේ ඒවා නෙවෙයි සිංහල නම් කිව්වට ඒවා නිකං මෙසපොතේමියාවේ ඒවා වගේ..

    ReplyDelete
  5. ඕං මට මේ ලඟදි අපේ තාත්තගේ උප්පැන්න සහතිකේ හම්බ උනා. යකෝ ඒකෙ නම තියෙන්නෙ අන්ද්‍රයස් කියල. මගේ උප්පැන්න සහතිකේ තාත්තගේ නම තියෙන්නෙ සිරිසේන කියල. කට්ටිය ඉතින් හිතා ගන්නකො මට හිතුන ඒව.

    බැලින්නම් වෙලා තියෙන්නෙ මේකයි. ඉස්පිරිතාලෙදි තාත්තගෙ නම ලියපදිංචි කරන්න ගිහින් තියෙන්නෙ තාත්තගෙ මාමලු. මිනිහ ඉතින් පොඩ්ඩක් මෝඩ පහේ කෙනෙක්ලු. නර්ස් නෝන නම මොකද්ද කියල ඇහුවලු, එයා අහල තියෙන්නෙ ලමයගේ නම මොකද්ද කියල. මාම හිතල තියෙන්නෙ එයාගෙ නම ඇහුව කියල මාමගෙ නම කිව්වලු. අන්ද්‍රයස් කියන්නෙ තාත්තගෙ මාමගෙ නම. තාත්ත ඕක කිව්වෙ දත්මිටි කකා. අපේ අම්මටත් කට තියන් ඉන්න බැරිවද කොහෙද කියපි හොඳ වෙලාවට මාම ගියේ, නැන්ද ගියානම් එහෙම තාත්තගෙ නම සුමනාවතී වෙනව කියල.

    ReplyDelete
  6. හික්ස්...නියම කතාව!

    පිටරටක ඉන්න නිසා කෙල්ල ශේප් ;-)

    ReplyDelete
  7. මලී කියපු කතාවනං සහතික ඇත්ත. ඒ සීයා දාන්නෙ මෙසපොටේමියාවෙ බැබිලෝනියාවෙ නම් තමා. අපේ ඥාතියෙකුගෙ දුවට එයා දාලා තියෙනවා නමක් "පුල්මි මිනාරා". අනේ ඉතිං අද කාලෙ අම්මලාටත් ඕවා හරි ලොකු දේවල්නෙ. මමනම් කියන්නෙ දෙමව්පියො ළමයින්ට නම් දාද්දි මීට වඩා හිතලා බලන්න ඕන. නැත්තං අනාගතේදි ඒ දරුවයි මානසිකව විදවන්නෙ...

    ReplyDelete
  8. ළමයිනේ, කොමෙන්ටු වලට තුති. ඉන්ටර්නෙට් අවුලක් මේ දවස් වල. (සමහරු දන්නවානෙ හේතුව). ඉතිං, බ්ලොග් කෙරුවාව හරිම හිමිං.

    සියළු දෙනාටම ජොලි ගුඩ් 2010 එකක් වේවා!!!

    කකා

    ReplyDelete
  9. thathage namai duwage namai godakma wenas unata mallika kiyana name amuthu lassanak thiyenawa.....
    monawa unath diwa patalenne nathuwa kiyanna puluwan ne...:P

    ReplyDelete
  10. මගේ පූතාට නමක් ගන්න මමත් ඔය සීයා ලගට ගියා ඉස්සර දවසක . ඉතිං මට දූන්නේ දක්සිං කියලයි . ඒක හරියට ඉංදියන් නමක් වගේ නිසා ගෙදර ආවට පස්සේ මම ඒක පොඩ්ඩක් වෙනස් කරල සීය ගෙන්ම ඈහූවා ඒක හෙඳද කියල. එයා O.K එක දූන්න නිසා අලූත් නම මම පොඩි එකාට තිබ්බා . මිනිහා තමයි ලංකාවේ 1 වන දක්සිත් !.

    ReplyDelete
  11. ape cousin ayya kenek eyalage issellama babata nam thiyanna giye oya kiyana seey gawata thama, mans maara nam set ekak deela thibuna. Tharisi, Thasira, Tharika, Tharuka. Yantham anthima nama Tharuka kiyala thiya gaththa. hafoi

    ReplyDelete
  12. Hay dudes, don't worry about names. Let the world turn. I named my daughter after my mother, ANN. She (my daughter) is now ten years old and she loved the name, She is in a play called "Annie, get the gun" (run a google search) and she never complain about naming her after her grand ma. Of course, this is USA, not Sri Lanka, LOL.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.