අද මෙන්න මගේ බබා ලා ගේ නම් සීරීස් එකේ "අන්තිම ලාස්ට්" කතාව.
මේක නං අමුතුම ආකාරයේ එකක්. මේ කතන්දරේ අස්සේ තව හොඳ හොඳ කතා තියෙනවා වගේ මට හිතෙන්නේ.
ගිය පාර කිව්ව ආච්චි ගෙ නම තියෙන මිණිපිරී ගැන කතන්දරේ මතකයි නේද? ඒක මගේ යාළුවෙක් සම්බනධ එකක්.
මේකත් ඒ කතාව වගේමයි. හැබැයි මං මේ කෂ්ටිය අඳුනන්නේ නං නෑ. වෙබ් එකෙන් හොයාගත්තේ.
වෙබ් එකේ තියෙන කතා සේරම ඇත්ත නෙමේ. හැබැයි මෙතන බලන්න.
http://www.anusha.com/daya.htm
දැක්ක නේද? ඒ අම්මගෙ නම "රන්කොත් පේඬිගෙදර දයාවතී". ඒ අම්මගෙ එක දුවෙකුගෙ නම අනුෂා.
http://www.anusha.com/anusha.htm
ඒ නම දාල තියෙන්නෙ බබා ගෙ ආච්චිව මතක් වෙන්නලු.
ආච්චිගෙ නම අනුෂා. අම්මගෙ නම දයාවතී. මිණිපිරී ගෙ නමත් අනුෂා.
වෙන්න බෑ නේද? අනුෂා කියල නමක් තියෙන කෙනෙක් තමන්ගෙ ළමයට දයාවතී කියල නම දායිද?
ඔය වෙබ් සයිට් එකේ තව හොඳ ලස්සන කතන්දර තියෙනව වගේ. හොඳට කියවල බලන්නකෝ.
ජොලි ගුඩ් නව වසරක් වේවා!
කතන්දරකාරයා

සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!
ReplyDeleteඅනේ මේක අන්තිම ලාස්ට් කරන්න එපා. මතක් වෙන මතක් වෙන සැරේට තව ලියන්න.
ReplyDeleteසුබ නව වසරක්!
කතන්දර කාරයාටත් මාර දේවල්නේ හම්බ වෙන්නේ... :)
ReplyDeleteකතන්දර කාරයාටත් ජොලි ගුඩ් දීර්ඝායු නව වසරක් වේවා!
ජොලි ගුඩ් නව වසරක් ඔබටත්!
ReplyDeleteසුබ අළුත් අවුරුද්දක් ක.කා!!
ReplyDeleteThere is a confusion. Elsewhere in the site it says grandmother's name is Ukkuamma. (which is more acceptable)
ReplyDeletehttp://www.anusha.com/ukkuamma.htm