Monday 12 July 2010

අති විශේෂ නිවාඩු දිනයක් ගැසට් කර ඇත


අපි කොල්ලො කාලේ තමයි ලංකාව ඉස් ඉස්සෙල්ලාම ක්‍රිකට් ටෙස්ට් තරඟයක් දිනුවේ.

ඒ දවස්වල ජනාධිපති වෙලා හිටිය ජේ.ආර්. පප්පට කොච්චර ජොලියක් ගියාද කියනව නං පහුවදා ජාතික නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කළා.

හැබැයි පැයක් යන්න කලින් ඒක දවසකින් වෙනස් කළා. ඒකට හේතුව තමයි පහුවදා කොහෙද මන්දා (මුල්කිරිගල?) අතුරු මැතිවරණයක් තියන්නට නියමිතව තිබීම.

අතුරු මැතිවරණත් දැන් නෑ. ජේ.ආරුත් නෑ. ක්‍රිකට් දිනුවට නිවාඩුත් නෑ.

ඕවට සැලෙන කෙනෙක් නෙමේ මේ මං තුමා!

ඊයේ කතන්දර බ්ලොග් එකේ අවුරුද්දේ උපන් දින ප්‍රීතිය නිමිත්තෙන් අද විශේෂ නිවාඩු දිනයක් ඔන්න ඔහේ ගැසට් කරල දැම්ම.

ඔය උඩින් තියෙන්නේ සයිබර් යාය ලියන කෙසෙල් කොටුවේ චූටි මහත්තයා නිදි නොබලා මට දැඳලා එවපු සිත්තර සහිත හැපි බර්ත් ඩේ කාඩ් එකයි.

කතන්දර බ්ලොග් එකේ පළමුවෙනි උපන් දිනේට සුභ පැතූ හැමෝටම මගේ ආදර ස්තූතිය. අපි හැමෝටම ජයවේවා!

ආයේ කතන්දරයකින් හමුවෙමු.

කතන්දරකාරයා

ප/ලි:
පලමු ටෙස්ට් ජය ගැන දන්නේ නැති අයට නං මේකත් කතන්දරයක් නේද?
පොඩ්ඩක් crickinfo එකේ සර්ච් කරල බලන්නකෝ!

23 comments:

  1. හැපි බර්ත්ඩේ ඩියර් කතන්දර...

    චූටිමහත්තය වැඩ කරු ඈ...

    ReplyDelete
  2. මදැයි කතන්දර කියවන්න ආව. අද නිවාඩු ලු.... එහෙනම් ආපහු යන්නම්.

    ReplyDelete
  3. නියම පෝස්ටරේ......:D

    ReplyDelete
  4. චූටි මහත්තය නියම ශිල්පියෙක්නෙ...

    ReplyDelete
  5. මටත් මතකයි ඊට පස්සෙ අවුරුදුගානක්ම මැච් එකක් දිනනකන් බලං හිටියා ආයෙත් නිවාඩු හම්බ වෙයි කියලා.
    කොහොම වෙතත් සුබ උපන් දිනයක්.

    ReplyDelete
  6. සුබම සුබ උපන්දිනයක් වෙවා.......

    හරවත් රසබර කතාන්දර කියන්නට තවතවත් දිරිය ලැබේවා...

    ReplyDelete
  7. බොරු හේතු දාලා අද නිවාඩුවක් ගත්තා නේද?

    ReplyDelete
  8. හරී. . . ඕක කලින් කියන්න එපැයි . . . දැන් ඉතින් පලයන්කො ගෙදර . . . !

    ReplyDelete
  9. ඒකනම මටත් මතකඉ

    සුබ උපනදක්

    ReplyDelete
  10. මදෑ කොලා! ජාතික රෝගෙ බෝවෙලා නොවැ කතන්දර ලොක්කටත්..කමක් නෑ, පොබා මලාටත් අවුරුදු පතා නිවාඩු ගන්න එකේ මේක මොකද්ද.
    අද දවසෙ නිවාඩු පාඩුවෙ ඉන්න එකේ අර රුමේෂ් වගේ හොඳට පැනල අල්ලගන්න, සමහරවිට හෙටත් නිවාඩු ලැබෙයි නිකම්ම...හික්ස්

    ReplyDelete
  11. Happy B'day KK. Keep writing. Sinhala type karanda bari nisa comments danda be. Niyamai oyage liyana style eka.

    ReplyDelete
  12. සුභ උපන් දිනයක්. තව අවුරුදු 10Xn ගාණක් කතන්දර ලියන් ලැබේවා

    ReplyDelete
  13. ජේ ආර් ජයවර්ධන ජනාධිපති සීයා ගැන දන්නෙ නැති අයට ඔන්න මගේ ගානෙ කතන්දරයක්.

    http://status-chanaka.blogspot.com/2009/09/blog-post_21.html

    ReplyDelete
  14. මේක මාර වැඩක් නේ. දවස් දෙකක්ම උපන් දිනේ වෙනුවෙන් වෙන් කරල.... හරිම අසාධාරනයි...

    හෙට කතන්දර දෙකක් ඕනි ඕං...

    ReplyDelete
  15. සුබ උපන්දිනයක් වේවා!

    :D

    කතා බෝ වේවා!

    ReplyDelete
  16. ඉයේ රෑ world cup final මැච් එක බලලා අද වරුවක් නිවාඩු අරං එනකොට කකාත් මැච්එක බලලද කොහෙද නිවාඩුවක් අරං තියෙන්නේ !.

    ReplyDelete
  17. හැපීම හැපි බර්ත් ඩේ කතන්දර!!!!!!!!

    ReplyDelete
  18. Taboo Subjects12 July 2010 at 15:59

    කතන්දරට ස්තූති කරන්නට ටැබූට හේතුවක් තියෙනවා. (සමාවෙන්න, ඊයේ අමතක වුනාට.) ටැබූගේ බ්ලොග් එකට එන හිට්ස් වලින් සැලකිය යුතු තරමක් (ලාංකීය සිතිවිලි හා කොත්තු වලට පසුව) එන්නේ කතන්දරගේ බ්ලොග් එක හරහා. ඒ කියන්නෙ යම් පිරිසක් මේ බ්ලොග් එක වෙනත් බ්ලොග් වලට පිවිසෙන්නට සින්ඩිකේටරයක් හැටියටත් භාවිතා කරන බව.

    - Taboo

    ReplyDelete
  19. සුභ උපන් දිනයක් වේවා කතන්දර

    ReplyDelete
  20. හැපි බ්ර්ත් ‍ඩේ කතන්දර ....
    ඔන්න මම දන්න සිංහලෙන්ම සුභ පැතුව

    ReplyDelete
  21. නැවතත් සියළු දෙනාටම ස්තූතියි. ජයවේවා!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.