Tuesday 12 November 2013

ජොලියෙනුත් හොඳම ජොලිය මේකයි - Stretching your dreams further


ජොලියෙනුත් හොඳම ජොලිය මේකයි කියලා ලියලා පටන් ගත්තට එහෙමමයි ම කියන්නත් බෑ තමයි ඉතිං.

මොකද ජොලිය කියන එක සාපේක්‍ෂ සංකල්පයක් නේ!

ඔබේ ජොලියේ ජොලිය ඔබටය.
මගේ ජොලියේ ජොලිය මටය.

මේකයි කතන්දරේ.

මේ දවස්වල මගේ එක ජොලියක් තමයි ලොතරැයියක් ගන්න එක. හැමදාම නොවෙයි, ජැක්පොට් එක එකසිය ගාණට වැඩි වැඩිවුණු දවසට තමයි මං ලොතරැයියක් ගන්නේ.

ඒ ගන්න එකත් ගන්නේ එකයි. ඊට වඩා ගන්නේ නෑ. මොකද ඇදෙනවා නං ඇදෙනවා නේ.

මං මේ ලොතරැයි ගැන කලින් කතන්දර දෙකක් විතර ලියලා තියෙනවා.

1. කතන්දරකාරයාට ලොතරැයි දිනුමක්?
2. කතන්දරකාරයාට තවත් ලොතරැයි දිනුමක්?

කවදාකවත් ලොතරැයියක් මට ඇදිලා නැති වුණත්, ඇදෙන්න තියෙන සම්භාවිතාවට කොච්චර අඩු වුණත්, මං ඉඳලා හිටලා ලොතරැයියක් ගන්නේ එක්තරා හේතුවක් ඇතුව.

ඒක තමයි, ලොතරැයිය ගත්ත දවසේ ඉඳලා, මේකෙන් ජෑක්පොට් එක ඇදුණොත් මෙන්න මෙහෙමයි කරන්නේ කියලා ලොකු ලොකු ප්ලෑන් හදන්න පුළුවන් වීම.

සේරම හොඳ හොඳ සිහින.

1. රස්සාවෙන් අස්වෙනවා.
2. චිත්‍රපටියක් හදනවා.
3. පොත් ප්‍රකාශන සමාගමක් පටන් ගන්නවා.
4. සඟරාවක් පටන් ගන්නවා (ආ, පොඩි වැරදීමක්, ඒක නං සිහිනයක් නොවෙයි නේද?)
5. ලෝකේ වටේ සංචාරයක් යනවා. (හැබැයි ඒකටත් ඉතිං ලොතරැයි ඇදෙන්නම ඕනෑ නෑ)

ඔය සැලසුම්, සිහින විමාන සේරම තියෙන්නේ ලොතරැයිය ඇදෙන දවස වෙනකං විතරයි.

ප්‍රථිපල බලපු ගමං බැලුමේ හුලං බහිනවා. සිහින බොඳ වෙනවා. සැලසුම් සුලඟේ යනවා. දුක්බර සිතාර් වාදනයක් ගුවනට මුසුවෙනවා.

දැන් මං හොයාගෙන තියෙන්නේ මේ බලාපොරොත්තු කඩවීමෙන් ඇතිවෙන දුක පොඩ්ඩක් විතර මගහරවා ගන්න ක්‍රමයක්.

ඒක තමයි ලොතරැයිය ඇදිලාද කියලා බලන එක ප්‍රමාද කරන එක.

එහෙම පහු කරන, පහු කරන දවසක් පාසා හිතට ලැබෙන ජොලිය තව තවත් වැඩි වෙනවා. මොකද, ඒ කාලේ අර මුලින් කියපු සිහින, සැලසුම් සේරම අතරේ හිතෙනවා නේ, මං මෙහෙම හිටියට මේ වෙනකොටත් කෝටිපතියෙක් වෙන්නත් ඉඩ තියෙනවා ය කියලා.

ඒක තමයි ජොලියෙනුත් හොඳම ජොලිය!

-කතන්දරකාරයා

ප/ලි:
කතන්දරකාරයා 'ලොතරැයියක් ඇදී' මේ දිනවල සිය පවුල සමග ලෝක සංචාරයක යෙදෙන බැවින් කතන්දර බ්ලොගයේ සිලි-සීසන් එක දැන් ඇරඹී ඇති බව සලකන්න.

රටකජු, රටකජු, අයිස් චොක්ස්, අයිස් චොක්ස්, ....

(image: http://www.dlb.lk/dlb/images/stories/Front%20Superball%20jack.jpg)

77 comments:

  1. මට ලොතරැයියක් ඇදුනොත් මම කෙන්ජියව ආයෙත් ඉස්කෝලෙ යවනවා මගේ වියදමින්

    ReplyDelete
    Replies
    1. හෙක්....හෙක්...දවසේ කියමන...බං... :)
      උඹල නිදා ගන්නෙත් මං ගැන හිත හිතා ද බන්සලා...
      යකෝ කුණු කෙල පිටිනුත් මතක් වෙන්නෙ මාවනෙ...
      අයියෝ සල්ලි නොකරගෙන....
      ගෙයක් දොරක්,වන්ඩියක් අරගෙන...
      එල කෑල්ලක් බැදගෙන ඉදින් කොල්ලො...

      Delete
    2. මම පොත්, බෑග්, සපත්තු අරන් දෙනවා.
      ඒකත් නරකම නෑ නේද?

      කකාගේ වැලුව් එක ඩොලර් මිලියන 2.25 ලූ. ඒ ස්විප් එකත් ඇදෙයි කියලා තමයි පොර බලාගෙන ඉන්නේ. වැඩක් නෑ. ගන්න කවුරුවත් නෑ.

      Delete
    3. කාවා ජී,

      හැබැයි මචෝ අපේ මාමා ජී ආයෙත් ඉස්කෝලේ යන්න පටන් ගත්තොත් එහෙම, අනිවා කැමැත්තෙන්ම හිරම හිර කලිසම් ඇඳන් යයි!!!!!!! (හේතුව දන්නවා නේ)

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    4. හි හි

      Delete
  2. සිහින ජෝලියත් මරුම තමා...

    ReplyDelete
    Replies
    1. මාමා ජී,

      "සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්.........................."


      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  3. අර චිත්‍රපටියක් හදන හීනේ මටත් තියෙනවා. ඒකට නම් ලොතරැය්යක් ඇදෙනකල් බලා ඉන්ට බෑ.
    ලෝකේ වටේ යනගමනුත් බ්ලොගේ අත් අරින්ට බෑද?

    පොඩ්ඩිත් තව ටික දවසකින් ගමන පටන් ගන්නවා...:)

    ReplyDelete
    Replies
    1. //ලෝකේ වටේ යනගමනුත් බ්ලොගේ අත් අරින්ට බෑද?

      නැතුව නැතුව... නැත්නම් කොහොමද ලංකාවේ ඉන්න එවුන්ට කියන්නේ මම ලෝකේ වටේ ඇවිද්දයි කියලා..

      Delete
  4. මෙදා පාර අප්‍රිකාවටද, ඇමරිකාවටද, නැත්නම් ආසියාවටද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවට ගියොත් වැඩේ දෙන්න අරුණියි උදිතයි බලන් ඉන්නෙ....

      Delete
  5. බුද්ධික12 November 2013 at 06:30

    ලංකාවට නිවාඩුවට ආව හැම වෙලාවකම මාත් ඔය ලොත‍රැය්යක ගන්නවා, කතන්දර කියන විදියේ ජැක්පොට් සයිස් දිනුම් තියෙන එකක්, අඩු ගානෙ ටෙන් මිලියන් වත් දිනුම තියෙන එකක්. එහෙම අරගෙන මම ප්‍රාර්ථනා කරන්නෙ අවුරුදු දහයක් තිස්සෙ රස්සාවට රට යන එක නතර කරන්න ලැබේවා! මගේ පවුල, දෙමාපිය සහෝදර සහෝදරියන් සහා යහලුවන් සමඟ ලංකාවේ ‍රැඳීමට ලැබේවා කියන එකයි. ඒත් මොනවා කරන්නද, වියදම සැරයි. කොහෙද, රට කරවන්න ඉන්නෙත් ඉතිහාසයෙම නොහිටිය විදියේ අපූරුම දේශපාලකයො ටිකක්නෙ.

    ReplyDelete
    Replies
    1. ලොතරැයි නොගත්තත් අපි හැමෝම එක බෝට්ටුවෙ තමා.. මට යන්න කිට්ටු වෙද්දි එයාපෝට් එක ලගින් යන්නෙ අහක බලාගෙන

      Delete
  6. හැබැයි ටිකට් පරණ වෙනකල් තියාගන්න එපා , මොකද හදිසියෙවත් ඇදිලා කියලා දිනේ වැරදියට බැලුවොත් හුටා තමයි.

    ReplyDelete
  7. මාත් ලොතැරැයියක් ඇඳිලා පෝස්ට් එකක් දැම්මා :)

    ටිකට් එක අරන් නොබලම හිටිය නම් කෝටිපතිය වගේ ඉන්න තිබ්බ !

    ReplyDelete
  8. මට මැජිකල් රියලිස්ම් මතක් උනා..

    ReplyDelete
  9. අනේ කකාට ලොතරැයියක් ඇදියං. එතකොට වත් මේ මඟුල ලියන එක නතර කරයි. අපට දවසට විනාඩි දහයක් හරි ඉතුරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඊට තලින් කකාට යුතුකමක් තියෙනවා, අපේ ඉන්ටනට් බිල ගෙවලා දාන එක. පොර හින්දත් සෑහෙන බයිට් ගානක් ඉවරයිනේ.

      Delete
    2. කාවා ජී,

      දවසේ කමෙන්ට් එක!!!!!!!!

      දාපන් මචෝ පහක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  10. අනේ අප්පේ ....යන එන තැන් එහෙනම් අපිටත් දන්වන්න...සුබගමන්

    ReplyDelete
  11. (Apologies for the language) A Sri Lankan myth- buying lottery tickets is good but betting on horse races is gambling and bad.
    The truth-
    Lottery - pure chance, 100% gamble
    Horse racing- can study horses and past results and improve chances of winning
    If you say lotteries collect money for good causes that has some (some ok?) truth. But still lotteries are a bigger gamble than horses!

    ReplyDelete
  12. හුහ්.... චිත්‍රපටි කර්මාන්තයටත් කෙලින්න වගේ.... කකා "පුක" කියලා ෆිල්ම් එකකුත් හදයි වගේ..

    ReplyDelete
  13. මිනිස්සු ජීවත් කරවන්නේ හීන කියලා කතාවටත් කියනවනේ.. මට නම් ලොතරැයි වලින් මහ ගනන් ඇදිලා නෑ.. ඒත් රේස් දාලා නම් සෑහෙන වැදිලා තියෙනවා. පැකර් ආවම් කැසිනෝ පාරකුත් ගහලා බලන්න ඕනා..

    කතා දැකලා තියෙනවද ලොතරැයි කූඩූ වලින් ලොතරැයි ගන්න කොට මූනයි.. රිසල්ට්ස් බලලා ලොතරැයිය විසි කරලා දාන කොට මූනයි.. ඒක දැක්කම ලොතරැයි ගැනිල්ල එපා වෙනවා.. ඒත් ඉතින් ආයෙත් එකක් ගන්න කොට හැපි ෆේස් ආයෙත් එනවා.. ආයෙත් හීනේ ජීවත් වෙනවා..

    හිතෙන් හින්දි ෆිල්ම් එකක ජීවත් වෙනවා..

    ReplyDelete
    Replies
    1. මාතලන් ජී,

      මේන් ඇක්ට්‍රස් කෝන් හේ.......??

      ප්‍රධාන නිලිය කවුද??

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. ඒ වුනාට ගෝල්ඩන් කී සූදුවෙන් ලෙල්ලටම කෙලව ගත්තා නේද?

      Delete
  14. අපේ ඔපීසියෙ ඉන්න මිස් කෙනෙකුත් ඔය වැඩේ කරනව. වැඩේ කියන්නෙ එයා හීන දකිනව මාස 6ත් පැනල. සමහර ටිකට් බලද්දි පොඩි පොඩි දිනුම් තිබුනත් ටිකට් කල් පැනල

    ReplyDelete
    Replies
    1. කොහොමද ඉතින් මේ වගේ එවුන් එක්ක රාජ්‍ය ආයතන නගාසිටුවන්නේ !

      Delete
  15. @කකා,

    මේ ගීතය ගැන ඔබේ අදහස් බලාපොරොත්තු වෙමි.


    සිනාවක් මිසෙක කඳුළක් නෙවෙයි ඉල්ලුවේ
    දයාවත් සිතක් මේ තරම් ඇයි රිද්දුවේ
    නිවා දිවි පහන හිස් අඳුරකිය රැන්දුවේ
    නොදී ගත් ආදරය කොතැනදෝ හැංගුවේ

    ඉමක් නැති සාගරේ පුංචි පහුරක් වෙලා
    මං හසර නොදත් මා ඔහේ පාවී ගියා
    පෙනී නොපෙනී පහන් කණුවක්ව ක්ෂිතිජයේ
    මඟ කියූ නුඹ ඇයිද සැණෙක සැඟවී ගියේ

    උණවටුනෙ සයුරු තෙර තවම රළ නඟිනවද
    කන්නෙලියෙ වන බඹරු බඹර වද බඳිනවද
    කතරගම අහස ඉඳහිට කඳුළු හෙළනවද
    පෑළදිග තනිතරුව තවම නුඹ දකිනවද

    ReplyDelete
  16. ඉන්දිකගේ ලොතරැයි හීනය:

    "අනේ දෙයියනේ අභීතයාට ලොතරැයියක් වත් ඇදියන්, එතකොට වත් මට මගේ සල්ලි ටික ආපහු ලැබෙයි"

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් ඌව අල්ලන්න මටත් ලොතැයි දෙකක්වත් ගන්න වෙනව බන්.

      Delete
  17. මට ලොතරැයි දිනුමක් ඇදුනොත් ජොක්කු ලොරියක්ම අරගෙන ඒ සේරම ටික නිව් සවුත්වේල්සයට එවනවා

    ReplyDelete
  18. අරේවා........!!!!!!!!!!!!!

    එකෙන්ම! කාකා ජී, බිය නොවන්න ෆිල්ම් කෙරුවාව මම පෙන්වන්නම්!!!

    බස්.....
    (පොඩි අකුරෙන්) *කොන්දේසි සහිතයි.

    *) බජට් එක කෝටි 9ට මෙහා නම් බෑ.!

    *)ශෛලමය කුලුණු පෙන්නන්නේ නැතුවත් බෑ!!
    (කකුල් යනු ලිංගික අවයවයක් නොවේ- උදාර පල්ලියගුරුගේ)


    *) සමහර සීන්ස්වලට ග්‍රැෆික් යොදා ගන්නත් ඔට්ටු නෑ!!! (අර "කර්ම" එකේ කලා වගේ.)

    *) ලංකාවේ නිලියෝ ගන්නත් බෑ!!!!

    *) හින්දි, ටැමිල් කොපිත් බෑ!!!!!

    *)හයි වේ එක (දෙකම උනත් කමක් නෑ), නෙලුම් පොකුණ, අර ඊයෙ පෙරේදා ඕපන් කරපු හෝල් එක වගේ තැන්වල සීන්ස් අනිවාර්යයි...!!!!!!!!

    *) සටන් ජවනිකා වලට ලංකාවේ ස්ටන්ට් මාස්ටර්ලා ගන්න නම් කොහොමටත් බෑ! (පීටර් හේන්, කනල් කන්නන් වගේ අයව ගන්න බලමු! අන්තිම ෆයිට් එක නන්දිකඩාල් වල ගන්න පුලුවන් නම් ෆට්ට ය.)

    *) ගීතමය ජවනිකා වලට අන්දමාන් දූපත්, සිංගප්පූරුවේ අර "කටින් වතුර විදින සිංහයා" ඉන්න පොට් එක, මැලේසියාවේ නිවුන් ටවර් දෙක වගේ තැන් සුදුසු ය!!!!

    *) වැදගත්ම දේ....... කතාවට අදාල වුනත්, නැතත් "රජ වැනුමක්" නම් ඕනෑම ය!!!!!!!!


    ඉහත් සඳහන් කොන්දේසිවලට එකඟ නම් ලොතරැයි තෑගි මුදල කොට්ට උර දෙකක දමාගෙන බදුලු කෝච්චියට නගීන්න! අදාල ස්ටෙෂමෙන් බස්වා ගන්නෙම්!!!!

    අහාර නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ!!!!!!!!



    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කකාට ගරු කිරීමක් ලෙස හොට කකපු පැස්බර රුවක් ඔබේ ප්‍රොෆයිල් පින්තූරයට එකතු කරගන්නා මෙන් අප සංගමය ඉල්ලා සිටිමු.

      උදා :
      මෙම පින්තූරය බලන්න.

      මහජන සම්බන්ධීකාරක ඒකකය
      කකා සුරැකීමේ ජාතික සංවිධානය

      Delete
    2. පිචැර් එකට නම දාමු සාටක ලන්තේ ආශ්චර්ය්‍ය කියලා.

      Delete
    3. අරෙ පිල්ලි ජී
      ගන්නවනං සනී ලියොන් ගනිං වෙන නිලියො එපා !!
      නලුවෙක් නැත්තන් කෙන්ජි මාම ගමු .
      මං පත්තර බෙදිල්ල නවත්තල එනව ලයිට් අල්ලන්න..
      හැබැයි ෆයිට් යද්දි වදින්න කලින් ඩිශුම් ඩිශුම් කියන්න ඔට්ටු නෑ..
      ජයි හෝ .

      Delete
    4. උදාහරණ අංක 01
      කකාගේ චිත්තරපටි මේ වගේ තමයි බං
      http://maremaru.net/images/photos/2012/07/1341491725_0.jpg

      Delete
    5. @ ඇනෝ ජී,

      බුදු මාතා ජී!!!!!!!!

      උඹ මාව බංගස්ථාන් කරන්නද හදන්නේ? :)

      @කාවා ජී,

      හික්Z!!!!! ෆට්ට නාම් හේ!!!!

      @ පත්තර මල්ලි ජී,

      අරේවා භයියා!!!!!!

      සනී ලියෝන් අක්කණ්ඩි ආවොත් එහෙම බැල්කනියේ ඉන්න එවුන්ට මේ ආත්මේදි ෆිල්ම් එක බලන්න හම්බ වෙන්නෑ! (පල්ලෙහා එවුන්ගේ කූඩාරම් සෙට් එකට ස්ක්‍රීන් එක වැහෙයි! හික්z! )

      අපෙ මාමා ජීව දැම්මොත් එහෙම ෆිල්ම් එක රැඟුම් පාලක මණ්ඩලයෙන් එලියට එද්දි රීල් එක අඟල් දෙකක් විතර වෙයි! (අර සීන්ස් අයින් කරලා කරලම!! :))
      @ කාවා ජී,

      හුකෑz!!!!!!!!!

      බොහොත් ගින්දර් පෝස්ටර් හේ!

      මෙන්න තව පෝස්ටර් වගේකුත් හම්බ උනා!!

      බලපන් කොහොමද කියලා

      http://imageshack.us/a/img855/2447/3yq5.jpg

      http://imageshack.us/a/img31/4223/w90a.jpg

      http://imageshack.us/a/img43/8935/lulw.jpg

      http://imageshack.us/a/img266/5893/4g1n.jpg

      http://imageshack.us/a/img833/811/477e.jpg



      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    6. අඩේ කසුජාස ඇනෝ කවද බොල උබේ රූපයෙන් නිරූපණය කරන්නේ. මේ අපේ කකා ව ද?

      Delete
    7. පිල්ලි ජී
      එහෙනම් වෙන එකියෙක් දාමු.
      මාමා ජී දැම්මොත් බලන්න වෙන්නෙ ෆිල්ම් එකේ නම් ටික විතරයි තමා..
      ජයි හෝ !!!!!!

      Delete
  19. මෙන්න මගේ කතන්දරය,

    කෙන්ජි නම් කෑකෝ පප්පා දවසක් දිණුම් මන්දිරයක් ඇතුලට වෙලා කෑ-කෝ ගසා ලොතරැයි විකුණනවා.
    වෙද පප්පා, කකා, පිල්ලි ජී, රාජ්, යකා, ප්‍රාජා, පචෝරිස් දේශකයා, +18සෑම්, ඉවක් නැති පවූෂා, නලීන් පත්තරේ, පත්තර මල්ලී, අරූ, මොරබා, හිරු (මිස්ටර් හිරු සහ මිසිස් හිරු) ඔමා, අටං, හැලපයියා, ඇනෝ, වාගේ එකී මෙකී නම් නොකී අයයි චූටි කුකුලයි මේ අහල පහල ගැවසෙනවා.
    ඒ ලඟින් ගිය මාතලන් සූර පප්පාට රුපියල් පන්දාහක් මාරු කරගන්න ඕන වෙලා.
    මාතලන් හිමින් සැරේ දිනුම් මන්දිරයට ගොහින්,
    "කෑ-කෝ පප්පේ, මට මේ 5000 මාරු කොරලා දීපංකෝ"
    කෑ-කෝ පප්පා
    "ආ කෝ දියකෝ", ..................... "මෙන්න මේක පොඩ්ඩක් අල්ලගනින්කෝ"
    කියලා හූරපු පරණ ටිකට් එකක් මාතලන්ගේ අතට දී 5000 හේ කෝලේ කෑ-කෝ පප්පා අතට ගනී.

    ......................
    දැන් කෑ කෝ පප්පා ශබ්ද පරිපථය ඔන් කර වටේ ඉන්න හැමෝටම ඇහෙන්න මෙහෙම කියනවා.

    "ආ............... මෙන්න බලන්න, හිතවතුනී මෙන්න බලන්න, අහවල් ලොතරැයිය හූරලා, සූර පප්පා රුපියල් 5000 ක ජයග්‍රාහකයෙකු බවට පත්වේ"
    නැවත කෙන්ජී නම් කෑ-කෝ පප්පා සියල්ලන්ටම ඇසෙන්න නොනවත්වා මෙසේ කියයි,
    "ආ දෙන්න සූර පප්පේ ඔය දිනපු ලොතරැයිය,"
    "ආ ගන්න, 2000 යි, 3000, යි, 4000යි, 4500, යි, 5000 යි".
    "හිතවතුනේ, හොර නෑ, බොරු නෑ. හීරුවෝත් ලොතරැයියක්, තවත් ජයග්‍රාහකයෙක් බිහි වෙනවා නියතයි,"

    මාතලන් නොහෝත් සූර පප්පා, මේකා කරපු කපටි කයිරාටික වැඩේ දිහා ඇස් ලොකු කර බලා සිට, මාරු කරදුන් සල්ලි අරන් සද්ද නැතුව යයි.

    දැන් කෙන්ජිගේ, වටේ බලා සිටිය අනිත් අය ලොතැරැයි ගැනීමට පොර කයි.
    බොරුනම් ගොහින් බලපියවු.
    http://kenjij1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මට 5000 දුන්නනං මං ඒක අරං බෝට්ටුවෙං ඉතාලි යනවා :-) , ආව කාලෙක ටිකට් ඒජන්සියම ගන්ඩ බැරියැ .

      Delete
    2. ආරේ...කාවා මුන්නා බොහොත් සුන්දර් ස්ටෝරියක් නේ..

      Delete
    3. බෝට්ටුවේ ඕස්ට්‍රේලියා යන්න හදන්න එපා එහෙ රැකියා අස්ථා නැහැ කියලා හැමෝම කෑගහන්නේ

      Delete
    4. @ අපූර්‍වි
      මං ඕක බලල තමා ඉතාලි යන්නෙ බෝට්ටුවෙං ..
      එහෙ ඇපල් වතු ගොඩයිලු . ගෙඩි මෙන්න සයිස් .. කෝච්චියෙ යද්දි අත දාල ඇපල් කඩන්න පුලුවන්ලු .. නොගොහිං කොහොමෙයි ඔය ගිය ඈයො කියන්නෙ..
      උං පදින්නෙ හොනට් දාන්නෙ නයික් .
      හිඟාකෑවත් මොකෝ ගිහිං . එයුරො නෙ

      Delete
    5. @පත්තර මල්ලි භයියා,

      අරේවා!!!!!!!

      ඉතාලි පනින්න සෙට් වුනොත් ලොතරයි දාහක් ඇදුනා වගේ නේන්නම්!

      @අපූර්වි දීදී,

      අක්කණ්ඩි මේරේ කමෙන්ට්ස් අගේන් ඇන්ඩ් අගේන් කොපි කරෝන්ගා........!

      මේ නඩු ෆයිල් කරෝන්ගා!!!!!!!!

      "දීදී 420"!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    6. අඩේයප්පා!!!!!! මට උඩින්ම ඉන්න උඹව අමතක උනා නෙවැ!

      කාවා ජී,

      අපේ මාතලන් සහබ්ට ස්වීප් එකක් ඇදුනොත් එහෙම ආයේ අල්ලනවා බොරු මචෝ.........!!

      එතුමා කෙලින්ම රයිටර්ස්ලා 1000ක් විත්‍ර දම්මලා දවසට දවසට පෝස්ට් 1000ක් විතර දම්මයි!

      හිතුනොත්, තව දාහක් වැඩට ගනී (කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න.)

      (ඊට පස්සේ, උඹටයි, මටයි, අපේ මාමා ජීටයි, පත්තර මල්ලි ජීටයි, අපූර්වි දීදීටයි, මා.පි ජීටයි, etc.. ඇතුලු අපි සෙට් එකටම දවස ගානේ කී බෝඩ් මාරු කරන්න වෙයි!) හික්z!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    7. මාතලන් පට්ට කුණා. හිටහන් බලාගෙන සල්ලි වියදන් කොරලා බොග දානකන්. ගූගල් උනත් නිකන් දුන්න නිසා දානවා ඇරෙන්න, වියදම් කොරලානම් දායි.

      Delete
    8. පිල්ලි ජී
      ආවොත් ගොඩ තමයි
      අන්න රටවල්
      :-)
      ජයි හෝ !!!!!

      Delete
    9. මට ලොතැරැයියක් ඇදුනෝත්, මම මිලියන 2.25 ක් දීලා කකාව ගන්නවා. ඊට පස්සේ මේ බොගේ කොමන්ට් මෝඩනේට් අයින් කරවනවා. හී.. හී..

      Delete
  20. මම නම් සාමාන්‍යයෙන් ලොතරැයි ගන්නේ නෑ. වැරදිලාවත් ඇදුනොත් ආයේ එපා කියන්ටය

    ReplyDelete
  21. අපි හැමොම දැනුවත්ව හෝ නොදැනුවත්ව ජීවත් වෙන්නෙ මොකක් හරි හීනයක් ඇතුලෙ... ලොත‍රැයි කූඩු වලිං ලොත‍රැයි ගන්න මිනිස්සු දිහා බලං ඉන්න එක මං සාමන්‍යයෙන් කරන දෙයක්. සමහර මිනිස්සුන්ගෙ හැසිරීම් කවදාවත් එයාලගෙ ජීවිතේ අනිත් අවස්ථා වල නැතුව ඇති කියල හිතෙන තරමට කුතුහලයක් ඇති කරන සුලුයි.
    "දවසේ අවසාන ටිකට්පත" කියලා ටිකට් 50ක් විතර විකුනන ලොත‍රැයි වෙලෙන්දොත් මම දැකල තියෙනවා.
    මමත් ලොත‍රැයි ගැන පොඩි ලිපියක් ලිව්වා... කැමති අය කොටා බලත්වා...!!!
    Lotto... - ඔටෝ ' පෝසත් වෙන්න කැමති අයට...

    ReplyDelete
  22. වෙලාවට කමෙන්ට් ටික පබ්ලිශ් කරගන්න බැරි බංකොලොත් බ්ලොග්කරුවෙක් !
    පවු කකා....
    අපිට පාස්වර්ඩ් දුන්නා නම් කිසි කරදරයක් නෑ නේ...

    ReplyDelete
    Replies
    1. ඔහේ එකම දේ කියව කියවා හිටපල්ලා!
      ඔය මෝඩකමට බේත් නැත!

      Delete
    2. @ඇනෝ ජී, November 13, 2013 at 9:45 AM

      හුකෑz!!!!! මොකද මේ ඔබතුමාට ඇනෝ එන්න හිතුනේ!!!!!


      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. හා මචං !

      Delete
    4. මාර රැග් එකක් නේද බං කොමන්ට් කරන අයට. අපිට රිප්ලේ ආවද ආවද කියලා බලන්නයි. දාපු කොමන්ට් පල කරාද කියලා බලන්නයි වෙන එක තරම් තවත් ඇනයක් නෑ.

      Delete
  23. MAGE HONDAMA JOLIYA KAKKA GE BOGATA PANALA KAKKATA RAG EKAK DENA EKI. NATHIWA MEMA POST WALA 05/- CENTS WATINA KAMAK NEHE. HABAI. MAGE COMMENTS SAMAHARA WELAWATA KAKKA MAKALA HOORALA DANAWA. ETHAKOTA MAMA WENATH BOGAWALATA KADA PANALA, KAKATA, RAG KARANAWA. MAMA MEKA BALANNE, WENATH COMMENTS BALALA ATHAL EKAK GANNA MISAK WENATH MAGULAKATA NEVE.

    ReplyDelete
    Replies
    1. @ කැපිටල් ජී,

      මචන්, කෝ උඹේ අර වචන සෙට් එක..........?

      (CHOO, JEE, JOKKU, S UKRA, PUKA, ETC....)

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  24. මට හරිහමන් ලොතරැයියක් ඇදුනොත් මම මගේ වයිෆ්ගේ සිහිනයක් සැබෑ කරදෙනවා.......කාලිඩ් හොසෙය්නිගේ......තවුසන්ඩ් ස්ප්ලෙන්ඩිඩ් සන්ස් පොත.....දීපා මෙහ්තා (ෆයර් හැදුවේ) ලව්වා ෆිල්ම් එකක් කරවනවා.

    තොපි මට හිනාවෙන්න එපා!

    ReplyDelete
  25. මට ලොතරැයියක් අදුනොත් පොතේ දාල ගෙදෙට්ට වෙලා ඉන්නවා . .. ඔව් .ඉදගෙන .. . .

    ReplyDelete
    Replies
    1. මල්ලි කතෘ භාගේ ඕනේ ඉදගෙන :)

      Delete
    2. හ්හෙහ් හෙහෙ උබ තමා පුරුදු කලෙ . තාම හරිහමන් ගානක් උනේ නැහනෙ.ඉදහන් කීයක් හරි හමන් ගානක් එකතු වෙනකල්.

      Delete
    3. හි හි අවුලක් නැහැ මගියෝ ඔන්න් ඔහේ කියාන් අයියේ ඉදගෙන

      Delete
  26. හාට් ඇටෑක් එකක් ආව මනුස්ස‍යෙක් ගත්ත ලොතැරැයියක් ඇදිල ‍ගෙදර අය තමයි ප්‍රතිපල බලල තියෙන්නෙ‍! ඉතිං ලෙඩාට එකපාරටම මේක කියන්න බැරි හින්දා හෙමින් සැරේ කියන්න දොස්තර මහත්තයෙක් එක්කන් ආවලු. ඊට පස්සෙ දොස්තර මහත්තයා ලෙඩත් එක්ක සතුටු සාමීචියේ ඉන්න ගමන් මේ වගේ මුදලක් ලැබුනොත් මොකද කරන්නේ ඇහුවලු. ලෙඩා ගත් කටටම "එහෙනම් මං බාගයක්ම මහත්තයාට දෙනව" කිව්වලු. අනේ දොස්තර මහත්තයාට හාට් ඇටෑක් එකක් අවිල්ල එතනම මලාලු............................

    ReplyDelete
  27. ඔය හිනෙ ජිවත් වෙන සැහෙන කොටසක් ඉන්නව ලන්කාවෙ

    ReplyDelete
  28. මටනම් හිතෙන්නෙ ප්‍රතිපල බලන එක ප්‍රමාද කිරීම ජොලියක් බව මුලින්ම දැනගත්තෙ අපේ රටේ ආණ්ඩුව කියලයි. එයාල හැමදාම මිනිස්සුන්ට ප්‍රතිපල පෙන්නන්න ප්‍රමාද කරන්නෙ ඒකයි.

    ReplyDelete
  29. මට කවදාවත් ලොතරැයියක් ඇදෙන්නේ නැහැ ,....
    නැහැ නැහැ මයි මං ඒක දන්නවා ,,,
    මං කවදාවත් ලොතරැයි ගන්නේ නැහැ ...
    ඒත් මං පුංචි කාලේ ඉදන් මවපු හීන හැබෑකරගෙන තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔන්න ලොතරැයි සිහින දකින අයට නියම ප්‍රතිචාරය.

      Delete
  30. අර තුන් වෙනි හීනේ දැක්කම හිතුනෙම අනේ කතන්දරට ලොතරැයියක් ඇදෙන්නම කියලා.. එතකොට ඉතින් අපිටත් පොතක් ලියන් එන්න බැරිය ප්‍රකාශ කර ගන්න..

    ReplyDelete
  31. හීන හැබෑ කරගන්න ඉක්මනටම ලොත‍රැයියක් ඇදෙන්න කියලා සුබ පතනවා..

    හැබැයි ප්‍රතිපල බලන්න පරක්කු කරන එක නම් එච්චර හොඳ නෑ. මොකද හදිස්සියෙ වත් ඇදිල තිබුනොත් ....

    ReplyDelete
  32. කකා තවත් නොහැකියව පෙන්නලා වැඩක් නෑ... වයසට යනකොට ඔහොම තමා. අනික තව අවුරුදු 4කින් කූරියා ගහන්න ඉන්න එකා.. අංදිග ගෝණා වගේ ඉන්නේ නැතුව අපට යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි දුන්නා නම් අහවරයි.

    කකා මලත් බ්ලොගේ අමරණිය කරන්නම්... !!

    ReplyDelete
  33. දෙයිහාංදුරුවනේ.... අද දවසට එක කමෙන්ට් එකක්වත් පල කරලා නෑ...
    කකා මලාවත් ද ?
    පාස්වර්ඩ් නොදී නම් මැරෙන්න එපා කකෝ....

    ReplyDelete
  34. කකාට කෙරෙන කාරුණික නිවේදනයයි !

    දැන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් හවස 4 පසුවී විනාඩි 39යි. මෙතැන් පටන් පෑ විසිහතරක් යන්නට මත්තෙන් පෝස්ටුවක් හෝ කමෙන්ට් එකක් හෝ කමෙන්ට් අනුමත කිරීමක් හෝ බ්ලොගය තුල කිසිදු ක්‍රියාකාරකමක් හෝ නොලදහොත් කකා මළ අයෙකු බව ප්‍රකාශයට පත් කෙරෙන අතර මින් පසු කකාව මලවුන්ගේ ලෝකයට එකතු කිරීමද සිදු කෙරේ. ඔබ තවමත් ජීවතුන් අතර නම් වහාම කමෙන්ට් ටික අනුමත කර ඒ බව පාඨකයන්ට අඟවන්න...

    ඔබ මිය ගියේ නම් ඔබ මියගිය බව පවුලේ අයෙකු මාර්ගයෙන් පාඨකයාට දැනුම් දීමට සලස්වන්න.

    ස්තූතියි.

    අණ පරිදි,
    මාධ්‍ය උපදේශක,
    කකා සුරැකීමේ ජාතික සංවිධානය ( aka කසුජාස)

    ReplyDelete
  35. ඔය කථාව මටත් ඔහොමම තමයි...කොළඹින් ගත්තම ඇදෙයි කියලා අරන් දහසක් සිහින දකිනවා...ප්‍රතිඵල බැලුවාම වියදම් කරපු රුපියල් 10 ගැන දුක හිතෙනවා....දුක්බර සිතාර් වාදනය....පට්ට යෙදුම ...

    ReplyDelete
  36. ලොතරැයිය කියන්නේ හැම තිස්සෙම බලාපොරොත්තුවක් ඇතිකරන සාධකයක්.ඇදුනා කියල හිත හදාගත්තම හරි...

    ReplyDelete
  37. ලංකාවේ හැමෝටම ලක්ෂ තුන ගානේ ලොතරැයියක් ඇදිලා තියෙනවා කියලා කවුදෝ කියනවා ඇහුනා.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඉතින් පරම්පරා ගානකට ඇදන් යන්න වෙන යන ලොතරැයියක්නේ.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.