Thursday 28 November 2013

මෙන්න මගෙන් නයෙක් - Catch it if you can!


නයෙක් දාන්න යැයි කවුදෝ නිර්නාමික බ්ලොග් පාඨකයෙක් මගෙන් ඉල්ලා තිබේ.

ඒ දුටු විට මගේ සිහියට ආවේ මේ "නයා ඇරීම" යන කතාව මා මුලින්ම දැනගත් ආකාරයයි.

මා හතරේ පන්තියේ පමණ ඉගෙන ගන්නා කාලයේ එක් දවසක මට එවකට කොළඹ නතර වී විභාගයකට සූදානම් වෙමින් සිටි මගේ පුංචි අම්මා කෙනෙක් සමග අම්මලා ගේ ගමේ යාමට අවස්ථාවක් ලැබුණි.

ගමේ යාම යනු එකල අපට ඉතා සතුටක් ගෙන දෙන අවස්ථාවකි. ගමන නම් අපුලය. බස් රථවල ඩීසල් ගඳට සහ වංගු ගන්නා විට ඇතිවන හෙල්ලුම් පෙරලුම් නිසා මට නිතිපතා වමනේ යයි. නමුත්, ඒ සියල්ල අවසානයේ මා එළැඹෙන්නේ තිත්තයෝ ද, බුලත් හපයෝ ද, තවත් නම් නොදන්නා විවිධ මාළු ද පිරි ගලා යන වතුර පාරවලින්ද, කුඩැල්ලෝ සැරිසරන හරිත කඳුවැටි, රබර්වතු වලින් ද වටවූ සුන්දර ගම් පෙදෙසකටයි.

මා පුංචි අම්මා සමග පිටකොටුවේ බස් නැවතුමට යන විට එතැන එක්තරා අමුත්තෙක් අප එනතුරු බලා සිටියේය.

මා පසුව දැනගත් පරිදි ඒ අපේ වෙන්ඩ බාප්පා ය.

රත්නපුර බසයට අපි ගොඩ වුනෙමු. මට එක් අසුනකත් මා පිටුපස අසුනේ වෙන්ඩ බාප්පා සහ පුංචි අම්මාත් අසුන් ගත්හ.

මොහොතකට පසු බස් රථයට ගොඩ වැදුනේ පොත් වෙළෙන්දෙකි. ඔහු අත තිබූ එක් පොතක් මිළට ගත් බාප්පා එය මා අත තැබූවේ, පොත් ගුල්ලෙක් වන මා එතැන් සිට ඔවුන් දෙදෙනාට කිසිදු ප්‍රශ්නයක් නැතුව රත්නපුරය දක්වා ගමන් ගන්නා බව දන්නා සේ ය.

චන්ද්‍ර අනගිරත්න විසින් එවකට තිබූ රිවිරැස නම් සති අන්ත පුවත් පතට ලියන ලද "සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්" නමැති තීරු ලිපිවල එකතුවක් වූ ඒ නරලොව හොල්මන් නම් වූ පොත එදා මට රස සාගරයක් විය.

මේ පොතෙන් මා කියවූ, අද දශක කිහිපයකට පසුවද මගේ මතකයේ රැඳී ඇති කවියක් මෙසේය.

පුංචි කෝච්චිය යයි හරි වේගෙන්
පැය හතරට එක සැතපුමෙ වේගෙන්
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්
දරුවෙක් බිහිවෙයි ඕපනායකින්


මෙන්න වෙනත් කවි පන්තියකින් කවි කිහිපයක්.

කෙල්ලෙක් පසුපස මම ලුහු බඳිමී
ඇය එනතුරු මහ මග පැල් රකිමී
ඇයට ඇහෙන්නට බොරුවට කහිමී
තව එක සිගරැට් උගුරක් අදිමී

ඔබ මගෙ රන්කඳ පින් කඳ පොල් කඳ
මාසේ පෝයට පායන පුන් සඳ
ආ බව ඇත්තයි පොල් කඩමින් ඉඳ
නාලයි ආවේ දැන් නෑ ගස් ගඳ

කට්ලට්, ඔම්ලට්, ෂර්බට්, මස්කට්
දෙන්නද ඩාලින් කැඩ්බරි චොකලට්
මම වෙමි රෝමියො ඔබ මගෙ ජුලියට්
වයි නොට් යූ ට්‍රයි වන් මෝ බිස්කට්


මේ කවි පන්තියෙන් තවත් කවි කීපයක්ම මගේ මතකයේ ඇත.

මේ පොතේ තිබූ කතන්දර අතරින් එකක් වූයේ ඇල්මන් ගේ නිවසට අල්ලපු නිවසට නයෙක් ආ කතාවයි. අප කවුරුත් දන්නා පරිදි මේ නයා ඒ නිවසේ එවකට තිබූණූ සුඛෝපභෝගී ගෘහභාණ්ඩ අතරින් රිංගා යයි.

මේ තීරු ලිපි ලියවී ඇත්තේ හැටේ දශකයේ අග හෝ හැත්තෑවේ දශකයේ මුල විය යුතුයි. ඒවා පසුව පොතක් ලෙස මුද්‍රණය වී බොහෝ විට අළෙවි නොවුනු නිසාවෙන් කලකට පසු මෙලෙස බස් නැවතුමේ පොත් විකුණන වෙළෙන්දන් අතට පත්වෙන්නට ඇත.

නයා ඇරීම යන්න ව්‍යවහාරයට ආවේ ඒ අනගිරත්න ගේ කතාවෙන් දැයි මම නොදනිමි. සමහර විට මේ කියමන අනගිරත්න ගේ කාලයට කලිනුත් තියෙන්නට ඇත.

දැන් ඉතිං, නයා ඇරීම ගැන සිතමු.

අපේ සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරන්නන් අතර විවිධ වයස්වල, විවිධ වෘත්තීන්වල, විවිධ සමාජ මට්ටම්වල අය සිටිති.

අතත්‍ය බ්ලොග් ලෝකයේ දී අප සැම සමානයන් වනමුත්, සැබෑ ලෝකයේ දී එසේ නොවේ. අප අතර විවිධ වෙනස් කම් ඇත.

එකෙකු ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් තවෙකෙකු ගේ මිම්මෙන් නයෙක් වෙන්නට ඉඩ ඇත්තේ ඒ නිසාය.

පාර දිගේ ටයරයක් කරකවමින් යන කොලුවෙකුට බයිසිකලයක යන එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

බයිසිකලයක යන එකෙකුට, මොටර් සයිකලයක යන එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් වෙයි.

මෝටර් සයිකලයක යන එකෙකුට, මරුටියක යන එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

මරුටියක යන එකෙකුට, බෙන්සයක යන එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

ගුවනින් ගොස් නැති අයෙකුට, මදුරාසියට හෝ ගුවන් ගමනක් ගිය එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

සාමාන්‍ය කැට්ල් ක්ලාස් එකේ ගුවන් ගමනක් ගිය අයෙකුට බිස්නස් ක්ලාස් එකේ යන එකෙක් ඒ ගැන කියන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

ඒ මනුස්ස ස්වභාවයයි.

මෙතෙක් කල් මේ ආකාරයේ නයි ඇරීම් යැයි නම් කරන්නට හැකි කිසිවක් කතන්දර බ්ලොගයේ නොලියන්නට මම වග බලාගත්තෙමි.

නමුත් දැන් පාඨකයෙකුගෙන් ඉල්ලීමක් ලැබී ඇත. එනිසා මගේ මීළඟ කතන්දරයේ සිට නයි ඇරීම් කිහිපයක් කරන්නට මම අදහස් කරමි.

-කතන්දරකාරයා

82 comments:

  1. සයිමන් නවගත්තේගමගේ පොත් සැට් එකක පින්තූරයක් දැම්මේ ඇයි කියලා මම කල්පනා කරන්නේ. ඔහු මේ එක එක පොත ලියනකොට විවිධ සමාජතල වල ජීවිතය ගත කරපු නිසාද?

    මේ පිටුපස දාරයේ නමක් නැති පොත මොකද්ද? "සුදු සහ කලු"?

    - ක්ෂීර සාගරය කැළඹින
    - සාංකාව
    - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා
    - සුභ සහ යස
    - සුද්දිලාගේ කතාව
    - ?
    - සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා (?)
    - දඩයක්කාරයාගේ කතාව
    - ඔහුගේ කතාව
    - සංසාරාරණ්‍යය අසබඩ

    ---

    මම හිතන්නෙ අපේ තාත්තටත් ඔය චන්ද්‍ර අනගිරත්නගේ පොතේ කවි කීපයක් පාඩම්.

    "ගනිං බෝතලේ
    යමං මාතලේ
    යකාට ගියදෙන්
    ටයිම් ටේබලේ"

    ගෙදර එනකොට බිරිඳ ගෙදර නැති නිසා බිරිඳව හොයන සැමියෙක් කියන කවියක මේ කොටස...

    "කඹේ තවම ඇත ලිඳේ බොලොක්කේ
    මෙතන තිබේ කක්කුස්සි බෙලෙක්කේ"

    ReplyDelete
    Replies
    1. අපේ සුසමාදර්ශය

      Delete
    2. තිසර

      1. ඒ පොඩි පොතේ නම සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා.

      2. මේ පොත් සෙට් එකේ ෆොටෝ එකක් දැම්මේ මේකත් වෙනත් අයෙකුට නයෙක් ලෙස පේන්නට ඉඩ ඇති නිසයි.

      Delete
  2. සුන්දර ළමා අවධියක්, නිදහස් ජීවතයක්, ගම, නගරය, රට තොට, පරිසරය, සමාජය ගැන නොදන්නා උන්ට සෑම දේම නයි ඇරීමකි.

    ReplyDelete
    Replies
    1. කොටින්ම ගැරඬින්ට බූමිතෙල් බඳුය!

      Delete
    2. කතන්දර මම නේද ගැරඬින්ට භූමිතෙල් උපමාව ගෙනාවේ... ක්‍රෙඩිට්ස් ඕනේ. ;)

      Delete
    3. රංගි, අපි පොඩි කාලේත් ගැරඬින්ට බුමිතෙල් තමයි දැම්මේ!

      මේ පහත ලින්ක් දෙකෙන් පෙනේවි ඔය ගැරඬින්ට භූමිතෙල් කතාවේ බ්ලොග් භාවිතය.

      Link - 1

      Link - 2

      Delete
    4. Poor me. Oya malee girly nayek kiyala blog karayo ekka sarpayekuth marala post demma e kale.

      Delete
  3. නයි ඇරියට අවුලක් නෑ. නයි ඇරීම් විවේචනය කිරීමත් අවුලක් නෑ. අනුන්ගේ නයි ඇරීම් විවේචනය කරන ගමන් නයි ඇරීම නං පජාතයි! හිරිකිතයි!

    ReplyDelete
    Replies
    1. එහෙම තැනක් නං දැක ඇති බවට මතකයේ නැත!

      Delete
    2. උගේ ලෝකය

      Delete
  4. හිතට වැදුන පෝස්ටුවක් කකා... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම පෝස්ටුවක් !

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔබ නියම සටහනක් ලියලා තියනවා. හරිම අගෙයි. බොහෝ දෙනෙක්ව මෙවැන්නකට පොළඹවනසුලුයි.
      අද ලිපියත් හරිම රසවත්.
      මේ ලිපිය ලියන ආකාරය ඉතාම ඉහලයි.
      නොට්ටිගේ පුතා කියල හිතෙනවා,ඔබ පියා ලියු කිසිවක් මා නොකියවා ඇතත්.
      ගොඩක් දෙනා කියවන්න අකැමති වුණත් කියවිය යුතුම ලිපියක් ,
      මල් මසුරන් ළිපියක්..

      Delete
  5. >> "සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්"<<
    මමත් ආශාවෙන් කියෙව්වා.
    කියවමුකො එහෙනම් නයි කතා.

    ReplyDelete
    Replies
    1. හැමදාම නෑ, හැම තැනම නෑ!

      Delete
  6. දිව්‍ය ලෝකේ නොගිය අයෙකුට, දිව්‍ය ලෝකේ ගිය එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ද ඉඩ ඇත. :D

    ReplyDelete
    Replies
    1. දිව්‍යලෝකේ ගිය අයෙකු කියන කතන්දරයක් මෙන්න.
      http://kathandara.blogspot.com/2010/03/akons-trip-to-sri-lanka-and-my-trip-to.html

      !

      Delete
  7. නයා අරිනවා කියලා හිතන්ට පුළුවන් නිසා මමත් සමහර වෙලාවට හිතට එන දේවල් ලියන්න පැකිලේනවා. ඒත් මෙහෙම හිතන එකෙනුත් වෙන්නේ අපි කොටු වීමක්. ඒක අත්දැකීම් බෙදා හදා ගන්ට බාධකයක්.
    කොහොම උනත් චන්ද්‍ර අනගිරත්නගේ නිර්මාණනම් ඉස්තරම්

    ReplyDelete
    Replies
    1. මා ගාව චන්ද්‍ර අනගිරත්න ගේ නරලොව හොල්මන් අංක 2 තියෙනවා. පිටු 300 ක පොතක්.

      Delete
  8. මගේ ඉල්ලීම ගැන සලකා බැලීම ගැන මගේ ඉස්කෝතුව පිළිගන්න කකා.....

    නයෙක් අරිනව නම් මෙන්න නයි.....

    නයි අංක 01

    //පහුගියදාක තානාපති නිවසක තිබුන උත්සවයක, ජපන් තානාපති බිරිඳ මගේ දකුණු කම්මුලත් වම් කම්මුලත් කම්මුල තියා සිප ගත්තා. බොහෝ හදුන්වා දෙනු ලැබූ පිරිමින්ට මා අත දිගුකලා. සැමදෙනාම පාහේ firm grip අතදීමක් කලා. ජපන් මහත්තුරු ටිකක් නැමිලා weak handshake එකක් කලා.

    ඉරාන තානාපතිතුමා හරිම මිත්‍රශීලී සිනහවක් ඇති අයෙක්. ඔහු හඳුන්වා දුන් වහා මා මගේ අත දිගුකලා. ඔහු ක්ෂනයෙන් දෑත් එක්කර ආයුබෝවන් නොකියා සිනා සුනා. දිගටම කතාකලා. ඔහුගේ බිරිඳට මා හඳුන්වා දෙන්නට පවා පොරොන්දු උනා. නමුත් ඇය උත්සවයට ඇවිත් හිටියේ නැහැ.

    ඔහු ආචාර කලවිගස මට ලොකු වැරැද්දක් උන බවක් හිතුනා. මගේ ඇදුරුතුමා මාවත් ඇදගෙන sushi කන්නට ගිය නිසා යන්තං අවුලෙං ටිකක් හිත මිදුනා. නමුත් මා හිතාගත්තා ආයෙම කවදාවත් මැදපෙරදිග හෝ ආසියාතික මුස්ලිම් ආගම අදහන පිරිමියෙකුට සුද්දගෙ ක්‍රමයට ආචාර නොකරන්ට.//

    ------උපුටා ගැනීම ඇදුරු නයා-------

    නයි අංක 02

    //ඊයේ අයිස් වැස්සකට අහු වෙලා තෙතබරි වෙලා ගෙදර ආවේ. ඊයේ හවසත් ඇඟට විතරක් නෙමෙයි හිතටත් fit එකක් තිබ්බේ නෑ.//

    නයි අංක 03

    //ඊයේද කොහෙද මට phone company එකෙන් අළුතින් ෆෝන් එකක් එවනවා කියලා කෝල් කලා. ඒ මදිවට මගේ Nexus 7 වලට kitkat update එකත් ඇවිත්.//

    නයි අංක 04

    //මේ දවස් වල හැමෝම නිවාඩු ගැන හිතනවා. මටත් නිව්යෝක් වල නිවාඩුවක් තියෙනවා. ඒත් යනවද නැද්ද කියලා තවම හිතලාවත් නෑ//

    නයි අංක 05

    //මම කලින් පෝස්ට් කීපෙකම කිවුවනේ අපේ ඔ‍ෆිස් එකේ ගොඩක් එවුන් ඔන්ලයින් ගේම් සීන් එකේ සැරටම ඉන්නව කියල. අපි හැමදාම වගේ උදේට විනාඩි 10 ක විතර චැටක් දානව ගේම් එක ගැන. //

    නයි අංක 06

    // ඔබට වඩා අමාරුකාරයෝ මම බොහොම පහසුවෙන් අල්ලාගෙන තියනවා. අවශ්‍යනම් ඔබේ ගෙදර හොයාගෙන එන්න මට දින කීපයක් පමණයි ගතවෙන්නේ.//

    නයි අංක 07

    //මීටරයකට වඩා දිග අඬු තියන ඉස්සෙක් පවා ඒ අතර හිටියා .//

    ReplyDelete
    Replies
    1. පට්ටයි ඈ.

      මචන් තිත් තියන ඇනෝ. මම උඹේ කමෙන්ට්ස් කියවන්නේ කාලෙක ඉදන්.

      උඹේ දවසින් සෑහෙන්න කාලයක් බ්ලොග් වෙනුවෙන් වැයකරන නිසා උඹ රජයේ සේවකයෙක් හෝ රජයේ විශ්ව විද්‍යලයක [බොහෝ විට මොරටුව] පස්චාත්ති අදිනා සිස්යෙකු බව උපකල්පනය කිරීමට දෙන්න මටත් අවසර. :P

      උඹ මොකා වුනත් නිර්මාණසීලී ඇනෝවෙක්. සමහර වෙලාවට කතන්දර බ්ලොග් එකට එන්නේ ඇනෝ කමෙන්ට්ස් කියවන්න [සමහර වෙලාවට පෝස්ට් එක මඟ හැරලා කමෙන්ට්ස් කියවන වෙලාවලුත් තියෙනවා].

      උඹලා වගේ නිර්මාණසීලී පොරවල් වලට බ්ලොග් එකක් ලියපන් කියලා ආරාධනාවක් කරන එක තමයි සාම්ප්‍රදායික සිරිත. :)

      Delete
    2. මම උඹට බ්ලොග් එක ආයෙත් ලියන්න කියලා මතක විදිහට එකපාරක් පැරාගෙ එකෙයි... උඹේම එකෙයි... ඇනෝවෙක් විදිහටයි ඉල්ලුවා.... ඇත්තටම උඹලා නොලියන එක අපරාධයක්... අපි මොන හාල් කෑලිද.... කොහොමත් මම ෆුල් ටයිම් ඇනෝවෙක්......

      හොද නිරීක්ෂණ ශක්තියක් තියෙන එකෙකුට මගේ කොමෙන්ට් අදුර ගන්න තිත් ඇරුනාම තවත් එක ක්‍රමයක් තියෙනවා..... මට සංඥක අකුරු ලියන්න බෑ...
      ( අනේ දන්න එකෙක් ඒක ‍යුනිකෝඩ් වලින් ලියන්න කියලා දීපල්ලා.. කකාගෙන් දවසක් ඇහුවා... අං දිග ගෝණා වගේ බලන් ඉන්නවා කියන්නෙ නෑ...)

      Delete
    3. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      මේ ඉහත ලින්ක් එකේ සඳහන් සයිට් එකේ උඩ text field එකට උඩින් තියන "Show Transliteration Scheme" කියන එක උඩ ක්ලික් කලාම පෙන්නනවා.

      e.g.
      nnga - ඟ
      Ba - ඹ
      GNa - ඥ
      KNa - ඤ
      nndha - ඳ

      Delete
    4. ඇනෝ,
      විජේසේකර කීබෝඩ් එකෙන් ගහන්න බැරි අකුරක් නෑ. ඩිංගක් පුරුදු වෙයන්.

      මාලන්,
      මමත් කොහේ හෝ තැනක පෝස්ටුව නැතත් උඹේ කමෙන්ට් කියවන එකෙක්....
      බ්ලොග් නවත්තල තියන එවුන්ට "ආයෙත් ලියපං මචං" කියල කියන එක තමයි සම්ප්‍රදාය!

      Delete
    5. මීටරයේ ඉස්සා ගැන සඳරුවා, පැහැදිලි කිරීමක් දීලා තිබුනා. අනික ඌ නයි අරින එකෙක් නෙමේනෙ ඇනෝ...

      උඹ දැන් ඔය යස අපූරුවට සංඥක කියලා ලිව්වෙ කොහොමෙයි ?

      Delete
    6. යුනිකෝඩ් විජේසේකර කී බෝඩ් එකේ "ඏ" අකුරත් ගහන්න පුළුවනි. ඒත් ඒක කියවන්න දන්න එකෙක් හොයාගන්න බෑ.

      Delete
    7. @ඇනෝ,

      ඔබ භාවිත කරන්නේ විජේසේකර යතුරු පුවරුව නම්, Alt Gr key එක භාවිතයෙන් සංඤක අකුරු ලිවිය හැක..

      උදා:
      o = ද, shift+o = ධ, Alt Gr+o = ඳ
      v = ඩ, shift+v = ඪ, Alt Gr+v = ඬ

      Delete
    8. මාත් මේ ඇනොට කැමති කාකාගේ බ්ලොග් එකට ගොඩක් වෙලාවට එන්නේ ඇනෝ කොමෙන්ට් කියවන්න ,, කම්මැලි කමෙන් තනියම ඉද්දි මේවා කියවලා හිනාවෙන්න පුළුවන් ,, ඒ වගේම ඔබ ගොඩක් නිර්මාණශීලි කෙනෙක්

      Delete
    9. @ තිත් ඇනෝ හෙවත් සඥ්ඤක ඇනෝ

      මගේ මතය තවවුරු කරන උදාහරණ දැක්වීම ගැන ස්තුතියි. නයි කියන ඒවා සාපේක්‍ෂබව දැන් ඔබට වැටහෙන්න ඇති නේද? ඔබේ උදාහරණ සමහරුන්ට නයි සේ පෙනෙනෙවා ඇති.

      ඒ කෙසේ වෙතත්, අංක 6 කතාව නම් නයෙක් නොවෙයි ඒක තර්ජනයක්.

      Delete
    10. නයි අංක 02

      //ඊයේ අයිස් වැස්සකට අහු වෙලා තෙතබරි වෙලා ගෙදර ආවේ. ඊයේ හවසත් ඇඟට විතරක් නෙමෙයි හිතටත් fit එකක් තිබ්බේ නෑ.//

      නයි අංක 03

      //ඊයේද කොහෙද මට phone company එකෙන් අළුතින් ෆෝන් එකක් එවනවා කියලා කෝල් කලා. ඒ මදිවට මගේ Nexus 7 වලට kitkat update එකත් ඇවිත්.//

      නයි අංක 04

      //මේ දවස් වල හැමෝම නිවාඩු ගැන හිතනවා. මටත් නිව්යෝක් වල නිවාඩුවක් තියෙනවා. ඒත් යනවද නැද්ද කියලා තවම හිතලාවත් නෑ//
      මේ ටික මගෙ බ්ලොග් එකෙන් ආව කතාවක්නේ.
      අර කතා උඩින් කියලා තියෙන විදියම එක එක්කෙනාගේ සමාජ තත්ත්වවලදි මේව නයි හෝ ගැරඬි වෙන්නෙ නෑ. මම ලියන්නේ මවාගත්ත ෆැන්ටසි කතා නෙමෙයි. එහෙන් මෙහෙන් මගෙ ජීවිතේ කතා. මට ඕනේ තරම් දේවල් ලියන්න පුළුවන් මම ගැන තව මීට වඩා සුන්දර නයි. හික්ස්. නේක්සුස් 7ට කිට් කැට් අප්ඩේට් එක එවෙලේ මට මාර දෙයක් වුනා. ඒ විතරක් නෙමෙයි හිටි ගමන් ඔය ප්ලේන් ටී එකක් කිරි බත් කෑල්ලක් කෑවමත් මම නයි පෙන්වනවනේ බ්ලොග් එකේ. මම බ්ලොග් ලියන්නේ බොහෝ වෙලාවට මගේ ස්ට්‍රෙස් නැති කරගන්න හෝ යම් දෙයක් මට කියාගන්න ඕනේ වුනාම. නයි ඕනේ නම් ලියන්නම්කෝ ගමක. ඒක මෙ අනිකම් හම්බ වෙන කිටි කැට් අප්ඩේට් එකකට වඩා ලොකු දිග ඒවානේ... හා හා

      Delete
    11. // ඔබට වඩා අමාරුකාරයෝ මම බොහොම පහසුවෙන් අල්ලාගෙන තියනවා. අවශ්‍යනම් ඔබේ ගෙදර හොයාගෙන එන්න මට දින කීපයක් පමණයි ගතවෙන්නේ.//
      මා ආසා කරන නයෙක්

      Delete
    12. සිංහල සිංග්ලිෂ් වලින් කොටන එක මහ අජූත වැඩක්. කෙලින්ම යුනිකෝඩ් ටයිප් කරන එක තමයි හොඳ. (බුරා ත් ලියල තියෙවනෙ ටයිප් කරන විදිය)
      වැඩිදුර අධ්‍යයනයට මෙන්න ලේ අවුට් එක.

      Delete
    13. සේරම හරි කියමුකෝ. ඒත් අර මොරටුවේ එවුන්ට blog කියවන්න ඕන තරම් වෙලාව තියනවා කියලා මාලන් මහත්තයා කියපු කතාව තරයේ හෙලා දකිනවා.

      Delete
    14. @ තිත් ඇනෝ
      සඥ්ඤක ලියන්ට බැරි වීම එතරම් ප්‍රශ්ණයක් නොවේ.
      උදාහරණ:
      1. පිපිඤ්ඤාත් , කැකිරි වර්ගයකි
      2. කොම්පඤ්ඤ වීදිය, කොම්ප කදකද වීදිය ලෙසද ලිවිය හැක(විශේෂ අවධානය - අතර මැද හිස් තැන )

      අඬු දිග ඉස්සා නයෙක් ලෙස බාර ගැනීමට අසීරුය. එය කතාව රසවත් කිරිමට යෙදු අතිශයෝක්තියකි. එය එසේ නොවන්නේ නම් , මැන්චෝසන් සාමිට සහ දොන් ක්විස්ෂෝට අබ සරණය.(බලාගෙනයි - දෂ්ට කරයි)

      ලංකාවේ අයිස් වැසි වසින්නේ නැතිවීම, ලෝකයේ අන්තැන් වලට වසින අයිස් වැසි නවත්වන්නේ නැත. ඒ වැස්සකට අසුවී බූල් කෝට් එක සවුත්තු කර ගැනීමේ (අ)භාග්‍යය ඔබට ලැබේවා යයි පතමි.

      සමස්තයක් වශයෙන් , හොඳ හැටි සිනහා වීමට අවස්ථාවක් සලසා දීම ගැන ,ප්‍රණාමය

      -ටොමියා-

      Delete
    15. බ්ලොග් නයි සතියක් දාමුද අපිත්! මොකද කියන්නෙ කකා, රංගි?

      Delete
    16. ඒකාලෙ නම් ගමේ මේ වගේ වැඩකට පබ්ලිසිටිය දෙන්න ගන්නෙ අපේ සීයගෙ බක් ෆියට් එක.....

      ඒකෙ ලවුඩ්ස්පිකරේ බැදලා ගම වටේ යනකොට මම පස්සෙ සීට් එකේ යනවා මට තාම මතකයි....

      කාරෙකේ ටයර් පාර ගමේ මැටි පාරවල් වලින් මැකෙන්න සතියක් දෙකක් යනවා...

      සීයට තියන බයටද මන්දා මිනිස්සු ඒ ටයර් පාර පාගන්නත් බයයි...

      දවසක් කාරෙකට නයෙක් අහුවෙලා මැරිලා හිටියා...

      Delete
  9. Replies
    1. මං හිතුවේ ඔයා අඬන බබෙක් කියලයි. ඔය හිනාවෙන්නේ හොඳට!

      Delete
  10. "අතත්‍ය බ්ලොග් ලෝකයේ දී අප සැම සමානයන් වනමුත්, සැබෑ ලෝකයේ දී එසේ නොවේ. අප අතර විවිධ වෙනස් කම් ඇත.

    එකෙකු ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් තවෙකෙකු ගේ මිම්මෙන් නයෙක් වෙන්නට ඉඩ ඇත්තේ ඒ නිසාය."
    +++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. වෙනත් තැනක උපුටා දක්වන්නේ නම් ලින්ක් එකක් දමනු යෙහෙකි!

      Delete
  11. ගමේ යන එක පොඩි කාල වල අපෙත් ආසම ගමනක්.ඇත්තටම මතක් වෙනකොටත් සතුටුයි.නමුත් දැන් නම් ඒ පරිසරය ඔක්කොම කණපිට ගිහින් තියෙන්නේ.නයි ගැන කතාව නම් එල.අනොගේ කොමෙන්ටුවත් රස වින්ද උපරිමෙන් ඔන්න . . ( තිත් අනෝ )

    ReplyDelete
    Replies
    1. අනේ නයි අරින්නේ නැතුව ඉදින් :)

      Delete
    2. @ මඟියා
      කාන්තාරේ මොන නයි ද නේද?

      Delete
  12. ""මෙතෙක් කල් මේ ආකාරයේ නයි ඇරීම් යැයි නම් කරන්නට හැකි කිසිවක් කතන්දර බ්ලොගයේ නොලියන්නට මම වග බලාගත්තෙමි.""
    Hmmmm....

    ReplyDelete
    Replies
    1. මොකද නිකං බකමූණු භාෂාවෙන් කතාව?

      Delete
  13. නයි අරින එකේ අප්සැට් එක අහගෙන ඉන්න හෝ කියවන්න කම්මැලි හිතීමයි. කම්මැලි නොහිතෙන විදිහට නයි ඇරියට කාටවත් ඒක නයා කියල තේරෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. මං නං කියන්නේ නයි කියන එක සාපේක්‍ෂ දෙයක් කියලයි!

      Delete
  14. නයා ඇරීමට සැබෑ අර්ථකතනයක් !!!!!!

    ReplyDelete
    Replies
    1. කොපි රයිට් ප්‍රොටෙක්ටඩ්!

      Delete
  15. I like your article . Keep it up.

    ReplyDelete
    Replies
    1. හා මචං!

      දැන් අවුරුදු හතරහාමරක්ම තිස්සේ කෙප්ට් ඉට් අප්!

      Delete
    2. මොකක්ද ගන්න පෙත්ත....?

      Delete
  16. නයි ඇරීම ගැන එකිනෙකා දකින ආකාරය ගැන ඔබේ අදහස සමග මාත් එකග වෙනවා ...දවසක් අපේ තාත්තගේ මොන්ටෙරෝ එකට අපේ ගෙදර රොක් වයලට් වර්ගයේ තඩි බල්ලෝ 3 දෙනාගෙන් රත්තරන් කර පටිය දාපු ලොකු බල්ලා හැප්පිචච පාර විසිවෙලා ගිහිල්ලා අම්මිගේ ඩොල්පින් එකේ වැදුනා කිවම යාලුවෝ කීවා ඔන්න ඇරියා නයෙක් කියලා ,, :)

    ReplyDelete
    Replies
    1. ඩොල්ෆින් කතාව දැක්කාම මට මතක් වුනේ මෙන්න මේ කතාවේ තියෙන කොටසක්!

      http://kathandara.blogspot.com/2009/10/blog-post_28.html

      Delete
    2. හි හි

      Delete
  17. නයි ඇරීම ගැන කකා අයියගේ කතාව ඇත්ත..

    එක එක්කෙනා හිතන විදිය, සමාජ මට්ටම අනුව එකම කතාවක් වුනත් දැනෙනවා වෙනස්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මට කතන්දරකාරයා කියන්න.

      මේ කතන්දරයත් කියවන්න.
      http://kathandara.blogspot.com/2011/11/comradery-or-decadency.html

      Delete
    2. ඇයි මේකත් කියවන්න... මොනාද කකා හරි ලින්ක් එක දාන්න මෙයා....

      Delete
    3. කතන්දරකාරයා .. ඇනෝ.. දෙන්නටම ස්තූතියි..

      Delete
  18. ඔබගේ පොත් පින්තූරේ දැක්කම හීනි ඊර්ෂයාවක් දැණුනා. හැමෝම සයිමන් නවගත්තේගම ගැන කීවට මම තාම ඔහුගේ එකම පොතක්වත් කියවලා නෑ.
    අර චන්ද්‍ර අනගිරත්න මහත්මයාගෙ කවි ලියන කාලේ ඕපනායකට කෝච්චි ගිහින් තියෙනවා නේද? ගමේ වෙලත් ඕපනායකට කෝච්චියක් යනවා මම දැකලා නෑ නේ.
    නයි ගැන නම් මටත් කියන්න තියෙන්නේ ඔබ කියන දේමයි. එක එක්කෙනාට ඒ ඒ අයගේ ජීවිතේ සාමාන්‍ය දේත් අනෙකාට නයෙක් වෙන්න පුළුවන්. (හොඳ වෙලාවට ඌ හපන නයෙක් නොවෙන්නේ.) මටත් ඔබට තියෙන චෝදනාවම තියෙනව මම දැක්කා. මට නම් හිනා ගියා. මොකද මම නයින්ට පණ බය හින්දා.

    ReplyDelete
    Replies
    1. මාත් ඕපනායකට කෝච්චි යනවා දැකලා නෑ. නමුත් රේල් පාර සහ ස්ටේෂන් නම් තිබුණා සෑහෙන කාලයක් යනතුරු.

      Delete
  19. චන්ද්‍ර අනිගි රත්නගේ නරලොව හොල්මන් පොත් දෙක කොහොම හරි හොයාගන්ඩ ඕනෑ .. බ්ලොග් එකක තිබිලා එක කතාවක් මම කියෙවුවා ඊට පස්සේ ඒ කතා වලට මට බොහොම ආසා හිතුනා .. ඒත් කියවන්ඩ ලැබුනේ නෑ .. ඒපොත අම්පාරේ එකම පොත්හල වෙච්ච වැලිගම පොත්හලේ තිබුනේ නෑනේ .. ගෙන්වලා දෙන්නම් කියලා මගේ ෆෝන් නම්බර් එහෙම නම් ඉල්ලාගත්තා .. ඒත් තාම කෝල් එකක් දුන්නේ නෑ .. ඒ පොත ඒ තරම් දුලබද ?

    ReplyDelete
    Replies
    1. "නරලොව හොල්මං" කතා කීපයක් මෙතනින් කියවන්න පුළුවන්. නමුත් වඩාත් හොඳ පොත් හොයාගෙන කියවන එකයි.

      https://docs.google.com/folderview?pli=1&docId=0B0yij3lL_QrPM2JlYjc0YjQtZDQ3MS00YmU3LWFlYzQtOTg0NjA1MTk1OTlh&id=0B0yij3lL_QrPN2E1NDJhZjUtYjY3MC00MzkzLWFkODgtMWZiYWYyMjU1ZDBl

      Delete
  20. කතන්දර, චන්ද්‍ර අනගිරත්න ගේ “නවීන ගජබින්නාලංකාරය“ කියවල තියෙනවද?

    මට පොඩි සැකයක් තියෙනව “සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්" සහ “නවීන ගජබින්නාලංකාරය“ කියන්නේ එකම පොකත සංස්කරණයන් දෙකක් කියල.

    ReplyDelete
    Replies
    1. මා එදා බසයේ කියවූ පොත නවීන ගජබින්නාලංකාරයයි.

      මා අද අද ඇති දයාවංශ ජයකොඩි ප්‍රකාශනය නරලොව හොල්මං ඇක 2 ය.

      අනගිරත්න ගේ කොලමේ නම සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන් ය.

      Delete
  21. තමන් ගැන මොන දේ කිව්වත් එක්කෝ 'නයි පොරක්' කියයි නැත්නං 'චාටර් පොරක්' කියයි!

    ReplyDelete
  22. මොනව උනත් කක්ක ලීව හොදම පෝස්ටුව මේකයි. ඇත්තටම හොද අදහසක්

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොගයේ නරක අදහස් තිබේද? කරුණාකර පෙන්වා දෙන්න!

      Delete
  23. topic එක stewen spilberg ගේ " Catch me if you can " ෆිල්ම් එකේ මෙව්වා එකක් නේ.

    ReplyDelete
  24. හාස්‍ය උත්පාදන රචකයෙක් විතරක් නෙවේ චන්ද්‍රා අනගිරත්න මහත්තයා අතිදක්ෂ පරිවර්තයෙකුත්. නියම වැඩ කාරයෙක්

    ReplyDelete
  25. අද ලියවිල්ලට නං තරු විසිවුනා කකා... මෙන්න ලියවිලි !
    අපට කට උත්තරත් නෑ...

    ReplyDelete
  26. කකා...
    ගැටුම් සහ දූෂණ වලින් පිරී ගිය ලෝකයක ඉහළ චරිතයෙන් වූ නයි නොඅරින මිනිසුන් හිඟ වෙති. ඒකීය පුද්ගලයාගේ නිදහස හැම විටම රඳන්නේ සහ වැඩි වර්ධනය වෙන්නේ ගරු කරත හැකි, අවංක හා මනා හැදියාවෙන් යුතු පුද්ගලයන් වෙන්නට කැමති අය වැඩිවෙද්දීය.

    අනුන්ට නයි ඇර ස්වයං තෘප්තියක් හොයන හැදියාව පැතිර යද්දී සත්‍යයට පිටුපාන මිනිසා ම්ලේච්ඡ ගති ස්වභාවයක් ගනියි. බොරුව, වංචාව සහ හොරකම දිහා ඇසක් ගසා මමත් එය හඳුනනවා කියන හැදියාව පැතිර ගිහින් එවැනි හැදියාවන් ප්‍රතික්ෂේප කිරීම නැවතී යයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. හෙටත් එන්න.

      Delete
  27. කකාගෙ නයා මොන නයෙක්ද දිය ගැරඩියෙක්නෙ. මෙන්න ඒකට නයි. අපේ තාත්ත අටවත් පාස් නැහැ. එයාගෙ බාල සහෝදරයො ටික ජේස්ටෙ පාස්වෙලා ආණ්ඩුවෙ කන්තෝරුවල කුරුටු ගාන කොට එයා එයාගෙ මාමගෙ කඩේ බඩු කිරන්න ගියා. සහෝදරයින්ගෙ ළමයි ඕ එල් ඒ එල් පාස් කරන්න දඟලනකොට අපේ තාත්ත එයාගෙ ළමයි හය දෙනාම යුනිවසිටි වලට යැව්ව. ඒ රෙකෝඩ් එක සනුහරේ එකෙක් තියා අහල ගන් හතකවත් කෙනෙක් කලා නැහැ. අපේ තාත්තයි අම්මයි බුදුන් දැක නිවන් දකින්න ඕනෙ.

    ReplyDelete
  28. පෙම් කරනට ඉඩ නැති කල එලියේ
    සිනමා හලකට රිංගමි ජොලියෙ
    පැය හතරක් සිටියත් බැල්කනියේ
    නමවත් නොදනිමි චිත්තර පටියෙ..

    ReplyDelete
  29. පෙම් කරනට ඉඩ නැති කල එලියේ
    සිනමා හලකට රිංගමි ජොලියෙ
    පැය හතරක් සිටියත් බැල්කනියේ
    නමවත් නොදනිමි චිත්තර පටියෙ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.