Saturday 13 July 2013

පහේ පන්තියට පාස් වීමේ ජොලිය බෙදා ගැනීම - Wishing for smooth sailing from here


මං ඉස්කෝලේ යන කාලේ එක පන්තියක ඉඳන් අනිත් පන්තියට පාස් වෙන එකේ ජොලිය දැනුණේ එක පාරටම නොවෙයි, ටික ටිකයි.

ඔන්න ඉස්සෙල්ලාම මාසෙක විතර දිග නිවාඩු කාලයක් එනවානේ. ඉතිං අපිට මේ කාලෙට ලැබෙනවා නෑදෑ ගෙවල්වල යන්න. ගිහින් නතර වෙලා සතියක් දෙකක් ඉන්න.

ඒ කාලේ මං වැඩියෙන්ම කැමති ආච්චී ලා ගේ ගෙදර යන්නයි. ඒ කියන්නේ මගේ අම්මා ගේ දෙමව්පියන් ගේ ගෙදරයි.

එහේ තමයි අර පරණ රසවාහිනී සහ ශ්‍රී සඟරා එකතු කරලා පෙට්ටගමක දාලා තිබුණේ!

ආච්චි ලා ගේ ගෙදර තිබුණේ රත්නපුරයෙනුත් එහා කලවාන කියන පැත්තේ. ලොකු කන්දක් පාමුල, වෙලක් අයිනේ. කන්දේ උඩ ඉඳලා ගලන සුන්දර දිය දහරක් මේ වත්ත මැද්දෙන් ගලාගෙන යනවා.

වත්ත කිව්වාට මේක මේ පර්චස් තිහක විතර කෑල්ලක්. ඒකෙනුත් බාගයක්ම කුඹුරු කෑල්ල.

වත්තේ මැද්දෙන් ගලන පොඩි ඇල්ලට අමතරව එක සීමාවකිනුත් පොඩි වතුර පාරක් ගලාගෙන ගියා. මේ දෙකේම පොඩි පොඩි මාලු ඉන්නවා. දණ්ඩි, තිත්තයෝ, හඳයෝ වගේ උන්. ඇල්ලේ වතුර එකතුවෙලා තියෙන එක තැනක ගල්පරයක් යට ලුල්ලු දෙන්නෙකුයි, මගුරෙකුයි හිටියත් එක්ක.

දැන් අපේ ළමයින්ට නම් ඒ මාලු හම්බ වෙන්නේ එක්කෝ සින්දුවක, නැතිනම් කතන්දරේක විතරයි.

මොකද ටික කාලෙකට පස්සේ ආච්චී ලාගේ ගෙදර පිටිපස්සේ තිබුණු කන්ද උඩ ගෙවල් හැදෙන්න පටන් ගත්තාම අර වතුර පාරවල් ටික ටික හිඳිලා මාලුවෝ සේරම නිවන් ගියා!

නිවාඩු කාලේ ලොකුම ජොලිය එන්නේ අළුත් අවුරුද්දේ අළුත් පන්තියට යන්න අළුත් පොත් ගන්න යන දවසේ ඉඳලායි.

මේ සඳහා අපි ගියේ කඩවත මහජන පොත් සාප්පුවට, ඒ ගොල්ලන් ගේ බ්‍රාන්ච් එකක් කිරිබත්ගොඩත් තිබුණා මගෙ හිතේ.

පොත් ගන්න හැමෝටම සාප්පුවෙන් නොමිලේ කාලසටහනක් දෙනවා. රුපියල් සීයකට වඩා පොත් ගත්තොත් සියල් කියන ජාතියේ පෑනකුත් දෙන කාලයක් තිබුණා වගේත් මතකයි.

ඒ විතරක් යැ? අළුතින් සපත්තු හරි පටි සපත්තු හරි කුට්ටමක් ගත්තාමත් නොමිලේ කාලසටහනක් දෙනවා. මිහිර පත්තරේ එක්කත් එකක් ලැබෙනවා.

අළුතින් පොත් ගත්තාම ඒවාට පිටකවර දාන්න ඕනෑ. ගෙදරින් අපිට බ්‍රව්න් පේපර් අරන් දෙනවා ඒ සඳහා. නමුත් අපි කැමති බිස්කට් පැකට් ඔතලා තියෙන ප්ලාස්ටික් වගේ කොලවලින් පිටකවර දාන්නයි.

අපේ පන්තියේ හිටපු එක කොල්ලෙක් පොර ගේ තාත්තා වඩ කරපු කොම්පැනියෙන් විකුණපු සබන් වගේ ජාතියක් ප්‍රචාරණය සඳහා ප්‍රින්ට් කරපු පෝස්ටර් වගයක් අපිට ඒ දවස්වල ශත පහ ගානේ විකුණුවා. ටිකක් ඕෆ්සෙට් ප්‍රින්ටින් වගේ ගතියක් තිබුණු ඒ කොලවලටත් අපි හරි ආසයි.

කවර දැම්මට පස්සේ තමයි පොත් කියවන්නේ.

අළුත් පන්තියට අළුතින් ගන්න පොත්වලින් මං ඉස්සෙල්ලාම කියවන්නේ සිංහල පොතයි.

පහේ පන්තියේ සිංහල පොතේ තිබුණු රකුසු හාමි පරදවපු සුබලයා ගේ පින, එතකොට පිඹුරා ගේ ඇඟ උඩ පැලවෙලා තිබුණු පොල් ගහේ නැගිලා පොළොන්නරුවේ ගිහින් ආපු සිංහල මැන්චෝසන් සාමි ගේ කතාව හෙම මට තාම මතකයි.

ඉතිං පහේ පන්තියට පාස් වීමේ ජොලිය බෙදා ගන්නයි ඔය මතක සටහන ලිව්වේ.

මේ බ්ලොග් එක කියවන, කමෙන්ට් කරන, ෂෙයා කරන සියළු දෙනාටම පොදුවේ මං එදා ස්තුති කළා.

ඒ මගේ ලිපියට කමෙන්ටුවක් දාපු බුද්ධි ළමයා තමන් ඇඳපු සිත්තර කීපයකට සබැඳි දාලා තිබුණා. ඉතිං මට හිතුණා ඒ සේරම ආපහු මෙතන පළ කරන්න. ස්තුතියි බුද්ධි.

අද ඉඳන් පහේ පන්තියේ සිස්සස්සේ කඩඉම දක්වා යන මේ ගමන හැලහැලැප්පීම්වලින් තොරව කරගන්න ලැබේවි යැයි හිතනවා.

අළුත් කතන්දරයක් සමග ලබන සතියේ නැවත හමුවෙමු.

-කතන්දරකාරයා

මෙන්න බුද්ධි ගේ සිත්තර ටික.






72 comments:

  1. අලුත් පොත් වලට පිට කවර දාද්දි,පොත් වලින් එන සුවද මේක කියවන් යද්දිත් දැනෙනව වගෙ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න..


      කකා මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ 8.30 AM වලට...
      ඒත් කෙන්ජි අයියා රිප්ලයි කරලා තියෙන්නේ 6.48AM වලට...

      මොනවද මෙතන වෙන්නේ...?

      Delete
    2. ade owa newe watinne buddiya man hitan hitye podi ekek kiyala balan yanakota u loku dial ekak ne..bola mona blog liuwath wadak ne ara buddiya wage rasawathwa liwe nati nam..

      man 1.1 weniya

      Delete
    3. ..මෙන්න බලපල්ලා ස්ක්‍රීන් ශොට් දාන "අවජාතක" කියලා බ්ලොග් එකක් අළුතෙන් පටන් අරන්. මාර කේස් එක. ඔයා මේක ගැන හිතන්නේ මොකද ?...

      http://avajathaka.blogspot.com

      Delete
    4. දොස්තර මිගාර වීරක්කොඩිගේ මෝඩ ආතල්

      Delete
  2. feeds වල අවුලක් ඇත

    ReplyDelete
  3. https://plus.google.com/u/0/communities/100485433229782679269
    සිංහල ,ඉංග්‍රිසි බ්ලොග් ලියන කියවන හැමෝම එකතු වෙන්න ‍මෙම ‍‍‍‍‍‍ community එකත් එක්ක.

    ReplyDelete
  4. පහේ පංතිය පාස් කළා.... දැන් ජීවිතයේ තරුණ වියේ කඩඉම නේද පාස් කරන්නේ....

    ReplyDelete
  5. ඔය "මහජන පොත්හලේ" ශාඛාවක් තොරණ හංදියෙත් තිබුනා. තව පොත් සාප්පුවකුත් තිබුණා. ඒ කැළණි පොත් හල. දෙකම අද වෙනකන් තියෙනවා. ඔය මහජන පොත්හල් කාරයගේ පුතෙක් තමයි අර ආමී කෙල්ලෙක් එක්ක හුටපටයක් දාගෙන කෙල්ල මරලා වත්තේ වලදාලා තිබිලා මාට්ටු උනේ. ඔය කතාව ෆිල්ම් එකකුත් ආවා. මට මතක විදියට සෙව්වන්දිද කොහෙද. ෆිල්ම් එකේ හිටියේ, සංගිතයි, කමලුයි..

    ReplyDelete
    Replies
    1. කමල්ගේ ඔය චරිතේ කමල්ගේ නඩුවටත් ඍනාත්මකව බලපෑවා නේද ...? ( මන් කියන්නේ නඩුකාරයා ගැන නෙවේ.සාමාන්‍ය ජනතාව අතර වැරදී ප්‍රතිරූපයක් හැදුණා කමල් ගැන..)

      Delete
    2. ඒ කතන්දරය ගැන අතුරු කතා එමටයි

      Delete
  6. නිවාඩු කාලේ කොල පිස්සු කෙලි ආයිමත් මතක් වුණා. කවුද උඩම පිංතුරේ ඉන්නේ.
    සෙන්කෝලය අලුත්ම ලිපිය මෙතැනින්

    ReplyDelete
  7. ඒ කියන්නේ වලි ශේප්?

    ඒ කියන්නේ මාරයා, සයිලන්ට් සහන් සහ ඇල්කෙමියා ආපහු බ්ලොග් රෝලේ ඉන්නවා කියලද?

    ReplyDelete
    Replies
    1. එව්වා නම් හඳේ මල්ලි කකා එක්ක...අපි වගේ නෙවේ කකා.. ඔලුව පොඩි කරත් අපි නම් පහුවදාට හිනා වෙලා කතා කරනවා..ඒකට කකා..

      බලහන් මායි මාතලන් ගොයියයි කොච්චර වලි දාගෙන තියේද ...? ඒත් ඌ මගේ එකට එනවා , මන් උගේ එකට යනවා.. අපි දෙන්න සුහදව කතා බහ කරනවා කොච්චර මතවාදීව ගැටුණත්..

      ස්තූතියි අසාදාරනය වෙනුවෙන් හඬක් නැගීම ගැන ඇනෝ ...බොරුවට නිදන් ඉන්න අය ඇහැරවන්න බැහැ කියන්නේ නිකන්ද බන්..

      Delete
    2. අඩොව් එහෙනං මාරයා එයාගේ මතයට විරුද්ධ අයට සලකන හැටිත් කියන්න

      Delete
    3. මටත් ටිකක් හිනා ගියා

      Delete
    4. ඈ?? ඒ කියන්නෙ මේකා තුනේ පංතියේ වැඩ කර කර පහේ පංතියට පාෂ් වෙලා. අනේ සංසාරේ, ඉන්ෂා-අල්ලාහ්!

      Delete
  8. ඔවු මාත් බලල තියේ (ටීවි එකෙන්) හැබැයි චිත්‍රපටයේ හැටියට නම් ඒ ගෑණු ළමය මැරෙන්නෑ. සංගීතා කමල්ව යි තව ගෑණු කෙනෙක්වයි (දිල්හානි) මරල සැඟවිලා ගිහින් වෙනත් අලුත් ජීවිතයක් පටන් ගන්නවා...

    ReplyDelete
    Replies
    1. පළමු වසර - අයිතිකරුව නාදුනනමි
      දෙවෙනි වසර - එක ලිපියක් හෝ මඟ නෑරුවෙමි
      තෙවෙනි වසර - අයිතිකරු කවුදැයි හඳුනා ගතිමි
      සිවුවන වසර - අයිතිකරු ගේ සැබෑ නමින් ලියවුනු පොතක් තෑගි ලෙස ලැබුනි
      පස් වෙනි වසර - ?

      සුබ පැතුම් කතන්දර..........

      Delete
    2. පළමු වසර - අයිතිකරුව නාදුනනමි
      දෙවෙනි වසර - එක ලිපියක් හෝ මඟ නෑරුවෙමි
      තෙවෙනි වසර - අයිතිකරු කවුදැයි හඳුනා ගතිමි
      සිවුවන වසර - අයිතිකරු ගේ සැබෑ නමින් ලියවුනු පොතක් තෑගි ලෙස ලැබුනි
      පස් වෙනි වසර - ?

      අනිත් පන්ති වගේ නෙමේ.පහේ පන්තිය පිල්ලියක් වගේ.පහේ පන්තිය ඉහළින්ම සමත් වේවා කියල පතනවා.

      Delete
  9. ඔන්න එහෙනම් කකායි බුද්ධි ලමයායි දැක ගත්තා. කකා කියන්නේ තට්ට ගෙඩියෙක් නේ. ඒ වගේම හොට කපපු පැස්බරෙක් වගේ.
    මම අද 1ද මන්දා ?

    මම එන ඇනෝ

    ReplyDelete
  10. තුන ඉවරයි එකනම් මරු!

    ReplyDelete
  11. බලමුකෝ එහෙනම් කකාගේ පහේ වැඩ කිඩ

    ReplyDelete
  12. මම පුංචි කාලෙ යනකොට කඩවත මහජන පොත්හලේ වැඩකරපු කලු ගෑනු ළමයා තාමත් එතන වැඩ! දැන් හැබැයි වයසක ඇන්ටි කෙනෙක්!

    ReplyDelete
    Replies
    1. කාලය මැවු වෙනසක අරුමේ.....

      Delete
    2. එදා කඩවත මහජන පොත් හල ගාවින් ගියපු කොල්ලා, අද ගජ ඉලන්දාරියෙක්

      Delete
    3. ඔයා අහවලාද

      Delete
  13. ඔව් අප්පා මටත් අල්ලලා ගියේ කතන්දර කාරයාගේ තුන ඉවරයි කියන කාටුන් එකට හා, අපි නොදන්නා මොනරතැන්න කියන එකට ජයවේවා,

    ReplyDelete
  14. කක එහෙනම් ට්‍රිප් එක එන්ජෝයි කරලා එන්නකෝ.
    ඔයාටයි අපටයි බේරගන්න ප්‍රශ්නයක් තියෙනවා :)

    ReplyDelete
  15. ඔය පහේ පන්තියේ කතන්දර පොතේ 'නොපිරුණු කතාව' කියලා එකක් තිබුණා නේද? මෝඩ පුතෙක් ඉතුරු කරලා අම්මයි තාත්තයි මැරෙන කතාව. පුතාට පෙට්ටගමකුයි යතුරකුයි දීලා. පුතා පෙට්ටගමේ යතුරු හිලට යතුර දාන තැනින් කතාව ඉවර වෙනවා. අනේ කතන්දර, කියන්නකෝ ඊට පස්සෙ මොකද වුණේ? මම දැන් දශක ගණනාවක් බලා ඉන්නවා මේ කතාවේ අවසානය කවුරු හරි කියන කල්.

    ReplyDelete
  16. කකා,

    ස්තූතියට ස්තූතියි.

    කර්මය නම් ක්‍රියාව මිසෙක වෙන කුමක් ද?

    බෞද්ධයන්ට හිතන්න උගන්වන ලිපි අන්තර්ගත වෙන අපේ ම වල්පොළ රාහුල හිමියන් ලියා ඇති සත්‍යෝදය කියවන්න. මෙය කුඩා පොතකි.

    ReplyDelete
  17. ආනන්දේ උනාට ඉස්කෝලේ...
    වෙලාවට කමෙන්ට් ටිකවත් පබ්ලිශ් කරන්නේ නෑ නේ මේකා... හොට කපපු පැස්බරා !!

    ReplyDelete
  18. කකාගේ පස් වෙනි වසරට සුබ පතනවා.. මට කළින් එකට හරියට විස් කරන්න උනෙත් නැහැ.. මේ දැන් වත් ඔය නිකන් තියෙන රෝලේ මාව එල්ල ගන්නකො මෙයා.. :(

    හිට් එකක් ආව කියන්නෙත් සෙල්ලම්ද කකා.. ළූණු බිකත් බඩටනේ මෙයා..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ . මාව ගලවලා දැම්මට පස්සේ එහන ඇයෝ බාගයක් අඩු උනා

      Delete
  19. අලුත් පාසල් වාරයකට සූදානම. බොහොම ලස්සනට මාව ඒ සොදුරු අතීතයට ගෙන ගියා කතන්දර. ඒ වගේම මෙවර ශිෂ්‍යත්ව භවිභාගය නම් කකාට ගේමක් නෑ.
    අනිත් කරුණ නම් මේ සයිබරයේ ඇතිවන මත ගැටුම් ඒ තරම් දුර ගෙනියන්න එපා. සියලු වාද බේද අමතක කර දාන්න. ඒ මහත්මා ගතියත් ඔබටම හැකියි ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න.
    කකාට සුබ අනාගතයක්

    ReplyDelete
    Replies
    1. අන්තිමට කිව්ව එක නලිගෙම එකක් නේද?

      Delete
  20. හතර ඉවර කොට පහට යන කකාට සුභ පතන්න අද බ්ලොග් ලෝකයේ මහා කෙරුම්කාරයන්/කාරියන් වන මේ අය කවුරුත් නැත්තේ ඇයි?

    1. මාරයා
    2. අරුණි ශපීරෝ
    3. මහ වෙදනා
    4 අභීත එදිරිසිංහ
    5. ඇල්කෙමියා
    6. ඇදුරු බිරිඳ
    7. ලක ප්‍රාන්ස්
    8. ඇනෝනිමස් ආතල්
    9. දුකා
    10. අටම්පහුර

    මේ අය කකා එක්ක තරහා වෙලාද?

    ReplyDelete
  21. එක අතකට කකා හරිම වාසනාවන්තයි.
    මොකද මම එහෙම කියන්නේ. දක්ෂ සිත්තර සිල්පියෙකුගෙන් පිට පිට පස් වතාවක්ම සිත්තරයට පාත්‍ර වෙච්ච නිසා.

    ReplyDelete
  22. කකාට සුබ පතනවා අලුත් වාරේ හොදින් වැඩ කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා...

    ReplyDelete
  23. කතන්දර,

    මම නම් ඒකාලේ කැමති බ්‍රවුන් පේපර් දාන්න නෙමේ. නිකම්ම ඉටි කොලේ දාන්න. තාත්තා කිව්වා මෙච්චර ලස්සන පිටකවරයක් තියෙද්දි ඒක වැහෙන්න බ්‍රවුන් පේපර් ඔතන එක මෝඩ වැඩැක් කියලා. ඉතින් තාත්තා වීරයා නොවැ. මමත් ඒ විදිහට කලා.
    .......................................

    අනිත් කාරණාව,

    හැම දේම වෙනස් වෙනවා වගේම, වෙනස් වුනු දේවල් ගැන නැවත සිහිකරන්න ලැබෙන එකත් ආනන්දයක් නේද?

    සතුටුයි පහේ පන්තියට පාස් වීමේ ජොලිය බෙදා ගන්න මාවත් හවුල් කරගත්තු එකට.

    ReplyDelete
    Replies
    1. අඩෝ අර පිංතූරෙ ඉන්නෙ උඹද? මම හිතුවෙ කකාගෙ ක්ලාස්මේට් කෙනෙක් කියල !

      Delete
  24. අද ඉරිදා දවසේවත් ටිකක් වැඩිපුර නිදාගන්න නෑ නේ.
    උදෙම්ම ඇහැරිලා කකාගේ බ්ලොග් එකට කමෙන්ට් ටිකක් එකතු කරන්නත් තියෙනවා.

    ReplyDelete
  25. මේකදැක්කාමයි මතක් වුණේ. W3Lanka පටන් අරගෙනත් ජුලියට අවුරුදු හතරක් සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ මමත් පහට පාස්.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් පැරා ... ඒක නෙවේ ශිෂත්වෙ හොඳට පාස් වෙන්න...6 ට පාස් උනාට වැඩක් නැහැ ශිෂත්වෙ පේල් වෙලා...

      ( ජෝක් ඈ )

      Delete
    2. අජිත් ලොක්කත් මේ බ්ලොග් අවකාශයෙ අපේ බොක්කෙ පොරක් නේද සහන් මලේ.
      ඉදල හිටල පොඩි පොඩි මත ගැටුම් තිබුනත්.
      පැරාට ඊලග ලිපියේදි අපි කස්ටිය පතමු සුභ!

      Delete
    3. අනිවා ඉතින් කෙන්ජි අයියේ පොඩ්ඩක් ඉතින් රෝමෙට යනවා වෙලාවකට ...හිතේ කහටක් නැතුව මම නම් අමතක කරලා දානවා..

      Delete
  26. ඒකෙන් මේකෙන් සුබ පතන්න අමතක වුණා. කතන්දර බ්ලොගය අපේ සිංහල බ්ලොග් අවකාශය සුවඳවත් කළ අඩවියක්. ජීවිතයේ කතන්දර අතරට තව තවත් කතන්දර එකතු වී අපටත් එයින් රස බෙදන්නට තවත් චිරාත් කාලයක් බ්ලොග් ලිවීමේ උණ ඉතිරි වන්නට ආසිරි!

    ReplyDelete
    Replies
    1. කොහොමට ඉදපු කොල්ලෙක්ද?අද කමෙන්ට් නැතුව මේවායේ බඩ ගාන්නේ.පව් දෙයියනේ

      Delete
  27. කකා, මට මාර ප්‍රශ්නයක් නේ තියෙන්නේ.
    මම ඊයේ ටිකක් රෑ වෙලා බෝඩිමට ආවා. එනකොට ඒ පැත්තටම කරන්ට් ගිහින් තිබ්බේ. එක අතකින් බඩු මල්ලක් තිබ්බා. අනෙක් අතේ යතුර. මම යතුර අතට අරන් කළුවරේම යතුරු හිල හෙව්වා. ඒත් හම්බ උනේ නෑ. සෑහෙන ගේමක් දීලා තමා හිල හොයා ගත්තේ.
    කකාටත් එහෙම වෙලා තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. නෑ.. දැන් ලේසියි හොයාගන්න.

      Delete

  28. කතන්දර මෙහෙයවන්නා දැනුවත්ව හෝ නොදැනුවත්ව කතන්දර බ්ලොග් අඩවියේ ආරම්භය හෙවත් ආරම්භක පෝස්ට්ටුව පලවූ මොහොතේ තත්කාල ග්රනහ බලය මහත් බලවත්ය. කතන්දර මෙහෙයවන්නාගේ පරිගණකයේ වේලා සැකසුම ලංකාවේ වේලාවටම සමරූපී ලෙස තිබුනි නම් හෝ කාලානුරූපී ලෙස කතන්දර පළමු පෝස්ටුව කුමන රටක සිට පල කලද තත්කාලය බලවත්ය.
    2009 ජූලි 11 වැනි දින උදේ 6.13 වේලාවට ලංකාවේ කොළඹ නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවූයේ මිථුන රාශියයි.එහි ලග්නාධිපති බුධ ග්රනහයා ස්වකෙෂත්රහව බලවත් භද්රාක යෝගයෙන් රවි(ආදිත්යථ) සමඟ සිටීම ලේඛන කටයුතු වලට ඉතා යෝග්යල ග්රධහ පිහිටීමකි.ගුරු සදු පුන්යකස්ථාන ගතවීමත් ශනි ව්ක්රආමස්ථාන ගත වීමත් නිසා ලේඛකයාට කීර්තිය විකුම් නිරන්තරයෙන් ලැබේ.ආයුෂ බල වැඩිය(බ්ලොග් අඩවියේ)කෙෂත්රී සිකුරු සමඟ කුජ යෝගවීම නිසා රහස් කුමන්ත්රරණ චෝදනා ආදියට වරින් වර මුහුණදේ.
    “ජාල සටහන“ යෙදුමට වඩා “කතන්දර“ යෙදුම ගණ යෙදුම අතින් වඩාත් සුදුසුය.“ජාල සටහන“ යන්න යෙදුවේ නම් මෙම අඩවියට මෙතරම් ක්රිදයාකාරිත්වයක් හා ආයුෂ නොලැබෙනු ඇත.
    පුවත්පතක් හෝ රූපවාහිනී,ගුවන් විදුලි ආයතනයක ඉදිරි ගමන් මඟ සලකා බැලෙන ආකාරයට කතන්දර බ්ලොග් අඩවියේ ජන්ම කේන්ද්රනයක් සැලකූ විට මිථුන ලග්නය හිමි “කතන්දර“ අඩවියට මේ වන විට ගතවන්නේ රාහුගේ දශාවයි.බ්ලොගයේ ආරම්භක අවධියේ පැවති අඟහරුගේ කාල සීමාවේදී හරවත් ගවේශණාත්මක ලේඛන ලියැවුනත් වර්තමානයේ හරසුන් එලොවටත් මෙලොවටත් නැති ලිපි පලවීමට ප්රෙධාන හේතුව වර්තමානයේ රාහු මහ දශාව ගත වීමය.එක දිගට කතන්දර ලිවීමෙන් ලද මානසික පීඩනය නිසාදෝ ලේඛකයාගේ මනස තුල ඇතිවන ව්යාවකූල තත්ත්වයක් ලිපි වල අන්තර්ගතයෙන් පැහැදිලිව දක්නට ලැබෙන නිසා මාසයක් වැනි කාලයක් කිසිවක් නොලියා පසුව නැවත අළුත් ගැම්මකින් ලියන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
  29. අර කොන්ඩෙ තියන පොරව මම කොහෙදි හරි දැකලා තියනවා...

    ReplyDelete
    Replies
    1. කොහොමද කොල්ලෝ පොරවට කොණ්ඩ තියෙන්නේ ? හෙහ් හෙහ් හෙහ්

      හීං ආතා

      Delete
  30. හම්මේ... වාහන තුනක හැප්පෙන්න ගිහින් යන්තම් බේරිලා ඔෆිස් ආවා... මම එක වෙන්න බලාගෙන....

    මේ ගෙම්බා අලුතෙන් පෝස්ට් එකක් දාලා නෑ.... බලහන් කකා මම ඔෆිස් වාහනේටත් එන්න එපා කියලා.. උදේ 5.30 නැගිටලා ආවෙ... අයියෝ මගෙ කාලෙ... නින්ද... සල්ලි....

    ReplyDelete
  31. සුභපැතුම් කකා. කකාගෙ පිහිටෙන් ඉස්සරහට ආපු උදවිය තමයි අපි බොහෝ දෙනෙක්.

    ReplyDelete
  32. කකා.... නිහාල් ගුරුසිංහ නමින් බ්ලොග් ලියූ පුද්ගලයා මියගොස් ඇතැයි ආරන්චියක් ලැබුනා... මෙය සත්‍යක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ නිහාල් අයියා.... ඉහි ඉහි ඉහි :'(

      Delete
  33. මුග්ධත්වයෙන් නොසිටින සෑම පුරවැසියෙකුම තම ආණ්ඩුව ගැන ලැජ්ජාවෙන් සිටින්නෙකි.

    ReplyDelete
  34. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 58
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 10
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 15
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 0
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 33

    ReplyDelete
    Replies
    1. අද උදේ සයිට්... හවස මීටින්.... කකාට මුකුත් ලියන්න බැරි උනා....

      Delete
    2. කකාට මුකුත් ලියන්න ඕන කමක් නෑ වගේ බං

      සංගණන ඇනෝ

      Delete
  35. Congrats and best wishes for the future. Your memory (especially of the early school years) is absolutely amazing. Forgive me for asking but is there poetic(blogger's in this case) used? Bit of padding up?

    ReplyDelete
  36. මේක කියවනකොට මටත් මතක්වුනා ඒ කාලෙ. කොච්චර ජෝලිද? තිත්තයො දන්ඩියෝ ලුලෝ අල්ලන්න හදපු හැටි, සරුන්ගෝල හදපු හැටි, බට තුවක්කු හදපු හැටි මතක්වුනා. දැන් කාලෙ කොල්ලෝ නම් මේව මොකවත් දන්නෙ නැහැ. උන් දන්නේ video game විතරයි. පව් කියලත් හිතෙනව වෙලාවකට.

    ReplyDelete
  37. @ All
    සියළු දෙනාටම ඉතාමත් ස්තුතියි.

    වැඩ රාජකාරී බහුල වූ නිසා මොබයිල් ෆෝනයෙන් කමෙන්ටු අනුමත කළා මිස උත්තර ලියන් වෙලාවක් ලැබුණේ නැ.

    නැවතත් ස්තුතියි.

    සුපුරුදු කතන්දර බදාදා සිට.

    අද - සුඋදිවේකහා දිනයයි!

    ReplyDelete
  38. මවිසුරුවන් සංඛ්‍යා වලට සහ ගණිතයට කැමතිය. ඒ නිසා පාස් කල වසර ගණන, ලබාගත් හිට්ස් ගණන, සිටින්නාවූ පාටකයන් ගණන ආදිය කකාට ඉතා වැදගත්ය. ඔහු ජොලියෙන් පිනා ගොස්ය. එත් පාටකයන්ට වැදගත් වන්නේ ප්‍රමාණයට වඩා ගුණාත්මක බවය. පහුගිය වසර පහ තුල ගුණාත්මක අගයෙන් යුතු පොස්ට් ලියා තිබේද? (ජොකා කතා, පධ් කතා, චූ කතා කක්කා කතා, පොර කතා, ආදිය හැර වෙනත් වැදගත් කතා ලියා තිබේද?)

    ReplyDelete
    Replies
    1. 1. මවිසුරු නොවේ මැවිසුරු - ඒ කියන්නේ ඔබට අකුරු බෑ, වචන බෑ!

      2. ඊලඟට හතරේ ඉඳලා පහේ පන්තියට පාස් වුනා කියන්නේ ගතවුනේ අවුරුදු හතරයි. පහක් ඉවර වෙන්නේ තවත් අවුරුද්දකින්. ඒ කියන්නේ ඔබට ගණිතයත් බෑ.

      3. ඔබට අගයක් ඇති කතන්දර මා ලියා තිබේද යන්න සොයා ගත් යුත්තේ ඔබමය, ඒ ඔබේ නිර්ණායකයන්ට සාපේක්‍ෂවය. මා ඔබේ නිර්ණායක නොදනිමි. මට බැරි එයයි!

      Delete
  39. 1. I don't care. එත් ඔබ ඇත්තෙන්ම මවිසුරෙක් නම් කොහොමද ඔයතරම් ලේසියට මාගැන නිගමනවලට එන්නේ. පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය කියන පියවර තුන ගැන ඉගෙන ගත්තේ නැද්ද ඉස්කෝලේ යනකොට.
    2. ඔවු මට ගණිතය පුලුවන්වුනා නම් ඔබ වගේ වසර ගණන්, හිට්ස් ගණන් ගැන ජොලි වෙන්න තිබුනා.
    3. සොයා ගන්නට බැරිවිය.

    ReplyDelete
  40. සැවානා තණ බිම් මත සරුවට වැඩුනු ඕක් ගස වසර පහක් පුරාවටම අපගේ දාහය නිවූ වගයි.......සුවිසල් අතු පතර වලින් තවත් කාලාන්තරයක් අපගේ ගිමන් නිවන්ට හැකිවේවායි පතමි

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.