ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday 14 November 2012
තවත් නළු බට්ටෙක් - Yet another actor (posing for some racy photos)
මේ සතියේම මගේ වැඩේ නළුවන් ගේ ෆොටෝ දාන එකයි. පහුගිය ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට ෆොටෝ එක දාපු නළුවා කවුද කියලා දැකපු හුඟ දෙනෙක් ටක් ගාලා අඳුණා ගත්තා.
හැබැයි සඳුදා දාපු ෆොටෝ එක කාගෙද කියලා නං මගේ හෝඩුවාවල් නැත්තං කාටවත් අඳුණා ගන්න වෙන්නේ නෑ.
ඒ කවුද කියලා අඟහරුවාදා කිව්වා නේ.
මෙන්න අදත් නළුවෙකු ගේ ෆොටෝ කීපයක්.
මේ නළුවා විවිධාකාරයේ රංගන අවස්ථා ඉදිරිපත් කරමින් ඉන්න මොහොතකයි මේ ෆොටෝ ටික අල්ලලා තියෙන්නේ.
මේ එක එක ෆොටෝවලින් නිරූපනය වෙන්නේ මොනවා වගේ අවස්ථාද කියලා බලමු.
1.
2.
3.
4.
5.
6.
7.
ඔය අන්තිම (හත් වෙනි) ෆොටෝ එක නං ඇනෝ කෙනෙක් එක්ක සුහද කතා බහක යෙදෙන අවස්ථාවක් නිරූපනය කෙරෙන එකක් මට පේන විදියට.
-කතන්දරකාරයා
ප/ලි:
Subscribe to:
Post Comments (Atom)
මේ කවුද අප්පා?
ReplyDeleteහුටා මගේ පලවෙනි ෆස්ට් 1 නේද?
Deleteමු නේද අර මේ ළගදි හොරොව්පතාන බස් එකකක ජැක් ගහලා මාට්‌ටු වෙලා ගුටි කෑවේ ?
Deleteපව්, අකලංක ඒ පැත්තේද?
Deleteහපොයි දවස පුරා මහන්සිවෙලා ආපු ගමන් මදැයි බ්ලෝග් බලන්න ආවා. කවුද මේ නිර්නාමික හිපාටුවා මට මඩ ගහන ?
Deleteදෙවියෝ මුට හැමදේම දීලත් මොලයක් දීල නෑ නේ :P
Deleteමේ ජිල් බුවා කොහේදී හරි දැකලා තියෙනවා වගේ මතකයි... හැබැයි මං දන්න බුවාටනං පරම්පරාවෙන් හම්බ උන දොංත පතං සුරයක් වගේම මුද්දක් තියෙන්න ඕන... මුද්ද නැහැ කියන්නේ පරම්පරාවෙන් ලැබුන කුට්ටමෙන් එකක් අඩුයි කියන එකයි.. ඒ කියන්නේ මේ මං හිතන ජිල්බුවා නෙවෙයි වගේ...
ReplyDeleteවෙන කවුරු හරි වෙන්ට ඇති...
:D:D:D
හැබෑම තමයි. මේකා කසාද බැඳලාත් නෑ වගේ. මඟුල් මුද්දකුත් පේන්න නෑ.
Deleteඔන්න මේ බ්ලොගේ බලන ගැටිස්සියන්ගේ චාන්ස් එක. ටිකක් ට්‍රයි කරලා බලමු. නාකි පාටක් පෙනුණට කොල්ලා නරකම නෑ වගේ. අනෙක පර දේසෙකට යන්න සල්ලි තියේ නම් ඔය පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණට මක්කය වෙන්නෙ? ඒවට නම් ඉතින් ඔය ෆාමසි වල හෙම බේහෙත් නැතිවයැ.
1. ඔයා කෝ?
ReplyDelete2. තාම නෑ.
3. මා එක්ක තරහා වෙලාද?
4. තරහාවෙලා වගේ තමයි.
5. මොකක්ද මම කරපු වැරැද්ද?
6. ඔයා නාවොත් මම බෙල්ලේ වැල දාගන්නවා.
7. ඔන්න මම කීවොත් කීවා.
කකාට නියමෙට රඟපාන්ට පුලුවන්. සම්මානයක් දෙන්ට වටිනවා.:D:D:D
හි හි...
Deleteනියමයි පොඩ්ඩි....
@ පොඩ්ඩි..GOOD COMMENT
Deleteහික්ස්.... නියම කමෙන්ටුව..... :)
Deleteබුදු අම්මෝ ගෑල්ළමයි ඉන්න තරමක්!
Deleteමොකද්ද අප්පා ඔය ගෑල්ළමයි කතව... හරියට ගල්ලෑලි කියනවා වගේ.. ඕක ගෑණු ළමයි කියලා හරියට කියන්න බැරැවද...
Delete@හිරු
Delete"ගල්" ලෑලියි, ගෑල්ලමයිගෙනුයි වැඩි වෙනසක් නෑ හිරු.
මෙයා මම ඇත්තට දැකලා නෑ. ඒත් මේ ළඟදි පොත් ප්‍රදර්ශණයක් බලන්න ගිහින් ගියා කියලා පෙන්නන්න සිලි සිලි බෑග් එකක එක්සයිස් පොතකුත් දාගෙන බී ඇම් අයි සී ඇච් එක ඉස්සරහ ගත්ත පොටෝ එකක් පත්තරේ දාලා තිබුනා...
ReplyDeleteඔය පින්ටින් කට් එකට අපි නම් කියන්නෙ, වල් කට් එක කියලා. ඕක වවන අය................. එක්කෝ ඕන නෑ....
Deleteඕක වවන අය සිරා පොරවල්!
Deleteඅර පසුබිමේ ඉන්න එවුන්ගෙ ඔළු වලට මක් වෙලාද?
ReplyDeleteකොටු දාලා!
Delete1. වෙලාව කියන්නෙ නෝනත් තරහවුනානේ.
ReplyDelete2. හෙලුවෙන් රන්ඩුවෙන්න කතාකරනවද.......
3. නෑ! පෝස්ට් එකක් දානව.
4. චූ කතාවක් තමයි ලියන්න තියෙන්නෙ!
5. ඒක හරියන එකක් නෑ වගේ! මොකද්ද ලියන්නේ.......
6. හරි! මේ තියෙන්නෙ, ලියනව සුරේ ගැන.
7. ඔන්න ඇනෝ ඇවිල්ල බනිනව එහෙම නෙවේ!
කකාටවත් මෙච්චර හිතෙන්නෙ නැතිව ඇති... :D
Deleteතැන්කියු වේවා.
Deleteමට හිතුනේ අංක හත විතරයි!
මොකෝ සුරයක් දාගෙන , කොයි ග්‍රහයගෙන් බේරෙන්නද ?
ReplyDeletehttp://kathandara.blogspot.com/2012/07/return-of-ravana-great-date-revealed.html
Deleteදැන්නෙ සුරේ දැක්කෙ. මෙන්න රටට හේතුවාදය කියල දෙන සිරා පොරවල්ම මිථ්‍යාවෙ ගිලෙන හැටි. අනිච්චේ දුක්ඛේ. අර සනත් ජයසූරිය වගේ පිරිත් නූල් වළල්ලකුත් ගැට ගහ ගත්ත නම් නරකද?
ReplyDeleteඅඩෝ, කවුද ඩෝ, ශ්‍රී රාවාණාධිරාජායාගේ අග සෙනෙවි කතන්ද්‍රකාර් තුමාගේ සුරේට අගරු කරන්නේ?
Deletehttp://kathandara.blogspot.com/2012/07/return-of-ravana-great-date-revealed.html
අඩෝ ලින්ක් එකක් දැම්මේ නැත්නම් මම කකා නෙමෙයි !
Deleteමේ නළුවා සම්මාන පිට සම්මාන දිනූ දැවැන්ත නළුවෙක් ලෙස ප්‍රචලිත වී ඇතත්, රංගනය ගැන උනන්දුව දැන් හීන වී ඇතැයි කතාබහක් පවතී. පැරණි චරිත නැවත රඟපෑම, ඉංග්‍රීසි චරිත වලට සිංහල දෙබස් කැවීම වැනි, රසිකයන්ගේ දෝෂදර්ශනයට ලක්වන රඟපෑම් අතරේ, මතකයේ හිටින රඟපෑම්ද ඉඳහිට ඉදිරිපත් කරයි. මෑතකදී රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ අප වැනි නළුවන්ට, මොහුගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇතත්, පැරණි චිත්‍රපට සහ නාට්‍ය බැලීමේදී කාලය පිළිබඳ ගැටළුවක් මතුවන බැවින් සහ එය එතරම් ප්‍රායෝගික නොවන බැවින් ඉදිරියටත්, විශිෂ්ට රංගනයන් බලාපොරොත්තු වෙන බව කිවයුතුවේ.
ReplyDelete1. වීර රසය
2. ශෝක රසය
3. විභත්ස (ජුගුප්සා) රසය
4. ශෘංගාර රසය
5. අද්භූත රසය
6. භයානක රසය
7. රෞද්‍ර රසය
සමහර විට මේ විවේක කාලය වෙන්න ඇති. කමු රටකජු!
Deleteඅනෙ අම්මො කොමෙන්ට් ටික දැකලා නිකන් පිස්සු වගෙ...
ReplyDeleteඔහොම වෙනවා මේ කාලෙට!
Deleteඅපි නොදන්නා කකා ...
ReplyDeleteඅනේ ද කියන්නේ!
Deleteමේ රසිකයෝ ගොඩාක් ඉන්න නළුවෙක්ද...? නැත්නම් "රසික"යාමද නළුවා...?
ReplyDeleteඅනේ මූ මොන නළුවෙක්ද බං විජේවීරයා නෙවැ නළුවා. දැක්කද අර පෝස්ටර් වල ගහලා තියෙන පින්තූර හෙම?
Deleteනළු බට්ටෙක් නේද?
Deleteනළුවාට වඩා එළ කමෙන්ට් ටික.
ReplyDeleteඇයි නළුවා කළුද?
Deleteමේ වගේම හොරෙක්, අපේ ගෙදර තිබුන මඩපුවක් හැලිය උස්සන් ගියා
ReplyDeleteඇත්ත....ට...? හි හි....එහෙනම් රෝයල් ගිය උනුත් මඩ පුවක් දානවා...ංඈ...?
Deleteඔය කියන්නේ ටැබූ ගැනද?
Deleteබ්ලොග් ගඩොල් ගැනද?
හසිත ගුරුසිංහ ගැනද?
@ Kathandara Karaya
Deleteහසිත ගුරුසිංහ හසිත ගුණසිංහ ලෙස නිවැරදි විය යුතුයි :P
@ Hasitha
Deleteපුවක් හොරා ගඳෙන් දැනේ?
මේ රසික සූරියාආරච්චි නම් වූ අසහ(න)ය නළුවා ය.
ReplyDeleteඅනේ වාසනාවන්!
DeleteMekath mineemaruwek, horek, sthree dushakayek, kudu karayek, ganika madam owner kenek wenna athi aniwarya yenma. Dan nalu niliyo kiyanne owunta thama. Mokatada me eka eka hal paruwange photo dala apen therawili ahanne.Liyanta deyak nathnam noliya inna eka hondai.
ReplyDeleteමේක තමයි දවසේ කමෙන්ටුව.
Deleteමේ ඇනෝ ඇත්තටම රැවටිලා මේ ඉන්නේ සැබෑ නළුවෙක්ය කියා!
ප්‍රීතියි, ඇමතිය, ප්‍රීතියි!
රසික සූරියආරච්චි යනු යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි.
ReplyDeleteවෙල් සෙයිඩ් !
DeleteIf he is not a real actor why do you say he is " yet another actor " Above are the qualifications of present day actors.
ReplyDeleteරැව්ලට පාට දාපු නළුවෙක්නේ හප්පා !
ReplyDeleteරැවුල ටිකක් කළු කරලා ගත්තා නම් හොඳ සම්බාව්‍ය චිත්‍රපටියකට කකාව ගන්න තිබ්බා :D
ReplyDeleteමේක නම් කකා වැඩක්ම නැතුව ඉද්දි ෆෝන් එකෙන් පින්තුර ටිකක් අරන් පොස්ට් එකක් කල හැටි වගේ .
ReplyDeleteඅර පොත් කවරේ හිටියට වඩා පෙනුමයිනේ
මටත් හිතුනේ එහෙමයි බින්දි. පොත් කවරෙට වඩා මේ පින්තූර හැඩයි නේද? :D
Deleteමම මේ බැලුවේ චන්ද පෝස්ටරයකට කෝකද හොඳ කියලා
ReplyDeleteහයියෝ අර අන්තිම පොටෝ එක නම් සවුත්තුයි.. ඇඟිල්ල දික්කරාට මූණෙ ඒ ඇක්ශන් එක නෑ..
ReplyDeleteතට්ටේ නිසා මෙ සිරිලක මෙන්ම උතුරු කුරු දිවයිනේද "පකට පුඟුලෙක්" වූ අයෙක් :D
ReplyDeleteකවුද මේ?
ReplyDelete@ All
ReplyDeleteමුලින්ම ඉරිදා ෆොටෝ එකේ හිටියේ දක්‍ෂ ප්‍රසිද්ධ නළුවෙක් - කමල් අද්දරආරච්චි
සඳුදා ෆොටෝ එකේ හිටියේ දක්‍ෂ, නිතිපතා රඟපාන නමුත් ප්‍රසිද්ධ නැති නළුවෙක් - උපතිස්ස බාලසූරිය
මේ ෆොටෝ සැට් එකේ ඉන්නේ දක්‍ෂ නමුත් තාමත් සිනමාවට ආපු නැති වෙන්ඩ නළුවෙක්.
Thanks all.
මේකා මේ කැල්ලක් ටෝල්ක් කරනවද කොහෙද :D
ReplyDeleteදැන් ඉතින් ලියන්ඩත් දෙයක් නැති එකේ නරකද ඊලගට එක එක විදිහට අල්ලපු පුකේ පින්තූර ටිකකුත් දැම්මොත්
ReplyDelete