Thursday 25 July 2013

රෝහණ විජේවීර සින්දු කියයි! - Rohana Wijeweera Musical Show in Moratuwa


මේ සිද්ධිය මං අහලා තියෙන ලූ කතාවක් මිස හරියටම දන්න කේස් එකක් නොවෙයි.

මේක වෙලා තියෙන්නේ මං පෙරේදා දාපු කවියේ දෙවෙනි කොටසින් කියවුණු මරණය වගේ මරණ රාශියක් සිද්ධවුණු 1988-89 කාල වකවානුවේ යි.

මගේ කවියේ මුල් කොටසින් කියවුණු 1983 ජූලි සිදුවීම්වලට සම්බන්ධයැයි චෝදනා කරලා ඉන් දවස් දෙක තුනකට පස්සේ ජේ.ආර්. පප්පා ගේ ආණ්ඩුව ජේවීපී එක තහනම් කළා.

ඒ එක්කම බාහු ගේ නසසපයත්, කේපී ගේ කොපයත් තහනම් කෙරුණා. (මෙතන කේපී කියන්නේ ඔය අද ඉන්න කේපී නොවෙයි, මෙයා කේ.පී.ද සිල්වා!)

කොපයේ අය නං වහාම කේස් එක ෂේප් කර ගත්තා.

බාහු ලා, වාසු ලා, සිරිතුංග ලා , ලීනස් ලා මුලින් වෙස්වාලගෙන හැංගිලා හිටියත් පස්සේ විජය කුමාරතුංග එක්ක පොලිසියට බාරවෙලා පක්‍ෂ තහනම අයින් කර ගත්තා.

නමුත් ජේවීපී එක කෙලින්ම භූගත වෙලා ගියා. තහනමට කලින් හිටපු රැවුල වවා ගත්තු රෝහණ විජේවීරව ආයේ ජීවිතේට කවුරුවත් ප්‍රසිද්ධියේ දැක්කේ නෑ.

අවුරුද්දකට විතර පස්සේ "බෙදුම්වාදීන් ට කප්පම් නොදෙනු! ජනතාවට අයිතීන් දෙනු!!" කියාගෙන ජේවීපී එක එලියට ආවා.

තවත් අවුරුදු තුනකට විතර පස්සේ ඉන්දියන් සාම සාධක හමුදාව ලංකාවට ආවාම, ඉන්දියන් විරෝධය සහ දේශප්‍රේමය ඉස්සරහට දාගෙන කෙලින්ම ආණ්ඩුව එක්ක සටනට බැස්සා.

සටන් තිබිලා තියෙන්නේ දවල් නොවෙයි, හිරු බැස ගිය රාත්‍රියේ. කොහොම හරි ජිවිත දස දහස් ගණනක් විනාශ වුණා. වැඩිපුරම තරුණ කොල්ලෝ.

මේ කාලේ රෝහණ විජේවීර කියන්නේ ආණ්ඩුවේ මෝස්ට් වොන්ටඩ් ලිස්ට් එකේ අංක එක.

ඔය කාලේ එක දවසක් මොරටුව පැත්තේ තාප්පවල, ලයිට් කණුවල, බෝක්කුවල ඔය උඩින් තියෙන පෝස්ටරේ ගහලා තිබුණලු.

මේක දුරට දැක්ක බස්වල, මෝටර් සයිකල්වල යන එන අයට අදහගන්න බැරුව ගිහින් තියෙනවා.

හොඳින් ලංවෙලා බලපු අයට තමයි වැඩේ තේරිලා තියෙන්නේ!



-කතන්දරකාරයා

113 comments:

  1. හොල්මන් වෙන පෝස්ටරයක් නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්

      Delete
    2. මං දැකලා නෑ, අහපු විදියට තමයි ඇන්දේ.
      කලර් කම්බිනේෂන් එක හරි නේද?

      Delete
    3. මම හිතුව කවුරු හරි එවපු එකක් කියල.
      ඉතාමත් නිර්මාණාත්මකයි.අති විශිෂ්ටයි.!

      Delete
  2. ඒකත් නම්බර් වන් කාළකන්නි යුගයක් තමයි. උන්ට උනේ ගහන්න ඕන තැනට ගැහැව්වේ නෑ. දුප්පත් එකාටමයි උනුත් ගැහුවේ. අන්තීමේදි දුප්පත් එකාම සියල්ල පාවා දුන්නා.. ජෙප්පන්ටත්, කොටින්ටත්. නිර්ධන පන්තියේ කැමත්ත මුලින්ම තිබුනා. උන්ට ඒක තේරුම් ගන්න තරම් වත් මොළයක් තිබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඒ දවස්වල සෑහෙන්න ‘වැඩ‘ තිබුණලු නේද...

      Delete
    2. ජාතිවාදය කරපින්නා ගත් අයට දිනන්න බෑ. දේශප්‍රේමය කියන බැටළු හමෙන් තමයි වහගෙන ඉඳලා තියෙන්නේ.

      Delete
    3. මාතලන් කියන්නෙ ඒ කාලයේ ජවිපෙ මර්ධනයේ යෙදුන නිළ නොළත් හමුදාවක එක් සෙනෙවියෙක්.මාතලන් වගෙ අයගෙ සහාය නොලැබෙන්න විශාල කැරළිකරුවන් පිරිසක් කෙටි කලක් තුල මරා දාන්න ආරක්ෂක අංශ වලට ලේසි වෙන්නේ නෑ.ඒ වෙනුවෙන් ප්‍රේමදාස ආන්ඩුවෙන් ඔහුට බොහෝ පඩුරු පාක්කුඩම් ලැබුනා.මේ කොමෙන්ට් කරන්නේ මේ ගැන හොදින් දන්න කෙනෙක්

      Delete
    4. කරුණාකර මාතලන්ට අපහාස නොකරන්න..... ඔහු මේ දිනවල ඉන්නෙ සුද්දො ගෘප් එකක් එක්ක.... අහන්නෙ කන්ට්‍රි මියුසික්... සුද්දො කොර වෙලා ඉන්නෙ බ්ලොග් එකක් ලියනවා කිව්වම.. (වෙලාවට උන්ට සිංහල බෑ)

      Delete
    5. මේ ඇනොයි මායි එකට ඒ ගේම් දුන්නේ. ඒකනේ මෙයා ඒවා ඔක්කෝම දන්නේ. ඕකනේ කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා.

      Delete
    6. රාජසිංහ රජකම ගැනීමට තම පියරජු ඝාතනය කළේය. රජකම ගත්තත් තමන්ගේ හර්දයශාක්ෂිය තමන්ගේ කෘර , මජර ක්‍රියාව ගැන නිතර දෙස් තියන්න විය. පිතෘ ඝාතන අකුසලය බරපතල බව වැටහෙන්න විය. නින්ද අඩු විය. මානසික අසහනය වැඩි විය. අවසානයේ තමන් ගේ ආගමෙන් වත් සහනයක් ගැනීමට භික්ෂුන් වහන්සේලා හමුවීමට ගියේය.

      උන්වහන්සේලා රජු කියා බොරුකියා රාජසිංහගේ හිත සැනසීමට නොගියහ. රජ්ජුරුවනේ , පියා මැරීම බරපතල ආනන්තරිය අකුසල කර්මයක් , මොනවා කරලවත් නිරයේ ඉපදීම වැළැක්විය නොහැකියි. කනගාටුයි! ඔබට මානසික සහනයක් ලබාදීමට , ඔබගේ මජර ක්‍රියාව සාධාරණී කරණය කිරීමට භික්ෂුන් වහන්සේලා වශයෙන් බොරු කියා ඔබ සැනසීමට නොහැකියි.

      රාජසිංහ කෝපයට පත් විය. තමන්කල බිහිසුණු ත්‍රාඩ ක්‍රියාව ගැන පසුතැවීම වෙනුවට ඔහුට ඇතිවුයේ භික්ෂුන් වහන්සේ ගැන , බුද්ධ ශාසනය ගැන ක්‍රොධයකි. අරිට්ට කීවෙන්ඩු ඉක්මනින් පවු සමා කර ගැනීමට ක්‍රමයක් ඇතිබව පැවසූ විට එක පයින් හින්දුවෙකු වී හෙතෙම භික්ෂුන් වහන්සේ මැරීමට , බොදු පොත් , පන්සල් ගිනිබත් කිරීමට පටන් ගත්තේය.

      මේ මානසික තත්වය මොකද්ද ? තමන් කල බිහිසුණු , දුර්ජන ක්‍රියාවන්ගෙන් තමන්ගේ හර්දය සාක්ෂිය තමන්ට දිවා රෑ දෙස් තියන විට , තමන් අදහන ආගමෙන් තමන්ට හිත සනසා ගැනීමට ( කෝටියක් මැරුවත් කමක් නැහැ .. මගේ ගාවට එන්න , ඔයාගේ පවු සමා වෙනවා ආකාරයේ ) උදව්වක් නොලැබෙන විට එම ආගම ගැන ඇතිවන කලකිරීම මුසු ද්වේශය විවිධ ක්‍රම වලින් විවිධ ස්ථාන වල මුදා හැරීමයි.

      සමානත්වයක් පෙනේද ?

      (සියලු දෙයටම හේතුවක් ඇත යන බුදු වදන කෙතරම් සත්‍යද !!)

      පසුවදන:
      ලංකාවේ භීෂණ කාලයේ ඝාතන වලට සම්බන්ධ වූ පිරිස් ගැන සඳහන් වන ග්‍රන්ථ වල සහ නට්සි යුධ අපරාධ වලට සම්බන්ධ වූ පිරිස් සම්බන්ධයෙන් පසුකාලයේ කල පරීක්ෂණ වල එක සමාන කමක් ඇත. ඔවුන් සියලුදෙනාම පාහේ ආගම , කර්ම/කර්ම ඵල , විපාක දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමයි. එසේ නොකර ඔවුන්ට මොහොතක් වත් තම හර්දය සාක්ෂියට දෙස් දී සිහියෙන් ජිවත් වීමට අසීරු ය.

      Delete
    7. මේ අවසාන නිරීක්ෂණය වැරදිය. නාසි වධකයින් මෙන්ම මෙරට විවිධ අවස්ථාවන්හි භීෂණ වලට සහභාගි වූ වධකයින්ද (උතුරේ හා දකුණේ) දැඩි ආගමික භක්තිකයෝ වූහ.

      එක උදාහරණයක් දෙනු කැමැත්තෙමි. බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර මෙවන් එක් වධකයෙකි. ඔහු භක්තිමත් බෞද්ධයකු වූ අතර උදෑසන වධ කඳවුරට එන විට රැඳැවින සියළු දෙනාම ඔහුට 'බුදු සරණයි සර්' කියා ප්‍රාර්ථනා කළ යුත්තේලු. එසේ නොවුණ හොත් බුදු සරණයි නොකී එකාට එදා ගේම්ය. මේ වධකයා අද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි.

      ආගමිකයෝ ඉතා පහසුවෙන් තමන්ගේ කෲර ක්‍රියා සාධාරණීකරණය කරති. එක්කෝ දෙවියන් වහන්සේගේ කැමැත්තය. නැත්නම් වින්දිතයින්ගේ කර්ම ඵලයයි.

      රාජසිංහ රජු සමයේ භික්ෂූන්ගේ හැසිරීම ගැන කියන මේ කමෙන්ට් කරු භික්ෂූන් දුටුගැමුණු රජුට කී දේවල් අමතක කරන්නේ ඇයි?

      Delete
    8. මේ ඇනෝ සමග මාත් එකඟයි. අධි ආගම් භක්තිකයන් ගෙන් පිරිසක් එසේ වෙන්නේ ඔවුනගේ සැබෑ කෘරත්වය වසා ගැනීමටයි. මස් මාළු නොකමින් වත් පිළිවෙත් කරන අයගෙන් සමහරක්, මිනී මැරීම සඳහා පසුබට වන්නේ නැහැ. කතෝලික පල්ලියේ පාදිලි වරුන්ගෙන් සමහර දෙනෙකු ඔවුන්, ළමා අපචාරකයන් ලෙස දෙවියන් වහන්සේ විසින් මැවූ බව කියනවා. මුස්ලිම් අන්තවාදීන් (අධි ආගම්වාදීන්) මිනිසුන්ගේ බෙල්ල කපා දමන්නේ ආගමේ නාමයෙන්. මේ සියල්ලන්ම තමන්ගේ සහජ කෘරත්වය ආගම නමැති පොරෝනාවෙන් වසා ගන්නවා. එයට සාමාන්‍ය මිනිසුන්ද කැමතියි.

      Delete
    9. මගේ නං එකම බලාපොරොත්තුව මරණ මංචකවලදී හෝ ඔය පපව්කාරයින්ට පාපෝච්චාරණය කරන්නට සිතේවිය යන්නයි!

      http://kathandara.blogspot.com/2010/06/blog-post_29.html

      !

      Delete
    10. මහසෝන් පිල්ලිය නමැති පිල්ලියට පිළිතුරු ලබා දී ඇති නිසා. මට කිව යුතු දෙයක් නැත. ආගම් අදහන්නේ කව්දැයි යන්න මුළු ළෝකයාම දනී.

      Delete
  3. Free (WiFi)(Great) Beer

    තැබෑරුමක ඔහොම ගහල තිබුනලු. වරහන් ඇතුලේ ඒවා පොඩියට

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර නං ඔය දෙකම තියෙනවා නොමිලේ!

      Delete
    2. මේ නිකන් තියෙන බ්ලොග් රෝලේ බ්ලොගේ එල්ලගන්න බැහැ නොමිලේ දෙන සහයෝගයනේ කියලා.. එතකම් බියර් නිකන් දෙන්න කතාව..:)

      Delete
    3. අම්මප සහන්, කට ඇරහංකො මසුරන් ටිකක් දාන්න

      Delete
  4. මාර්කටිං විත් නිර්මානශීලීත්වය...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ බැද්දගේ අංකල් සහ විජේවීර දෙන්නා ම ඔය රෝහණ කියන නම ආරුඪ කරගෙන තියෙන උප්පැන්නයේ නැති නමක්!

      Delete
    2. බැද්දගේගෙ කොහොමද මන්දා,විජේවීර නම් දොන් නන්දසිරි විජේවීර

      Delete
  5. 1949 කාලයේ පටන් ගෙන 60 ගණන් සහ 1990 මුල් කාලය දක්වා දිගට ඇදගෙන ගිය බලපෑම් වර්තමාන ලංකාවේ වෙනස්. අද ලංකාවේ රෝහණ විජේවීර කරන කිසි බලපෑමක් නැහැ. අද යුරෝපයේ වගේ ම මෙහෙත් සමාජවාදීන් සුළු ජාතියක් යන්න හැමෝටම අමතක වෙලා .. අද සමාජවාදීන් කියා සෙසු සමාජයට දැඩි බලපෑම් කරන්නෙ ඇමෙරිකාවේ කළු අය සහ හිස්පැනික් අය (ඔවුන් අතර අරගල පටන් ගෙන කවුද වැඩියෙන් බලවත් සුළු ජාතීය යන්නට!!!), යුරෝපයේ මුස්ලිම්, ඔවුන් දරුවන් හදන ගණනින් අනිත් සියළු ජාතීන්ට වඩා වැඩි වුවත් සුළු ජාතියක් යැයි සැලකෙන්නෙ!!! බලතණ්හාධික දේශපාලනඥයන් සුළු ජාතීන් බිල්ලට දීලා තමන්ගෙ බෙදා දෙන පාලනයේ යෙදෙන බව ඒ සුළු ජාතීන් දකින්නෙ නැතිකම නිසා මහ ජාතිය සුළු ජාතිය ගැන අමනාපයි, ඒත් සුළු ජාතියට ද බෙදා දෙන පාලනයෙන් ලැබෙන සෙතක් නැතැයි අවබෝධ වෙද්දී හානිය සිද්ධ වී ඉවරයි!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න අපහසුයි!

      Delete
    2. අපිත් ඒකම තමා කකා කියන්නෙ.... ඔය කොමෙන්ට් එක වගේ ඒවා අපිට තේරෙන්නෙ නෑ..... මෙලෝකෙ රහක් නෑ..... මම ඊයෙත් කියුවෙ පරිවර්ථනය කරන්න ඉංග්‍රීසි දැනගෙන හිටියට මදී.....

      Delete
  6. හරිම ෆන් කතාව .
    විජේවීර ඇත්තටම සිංදු කියන්න ඇති .

    ReplyDelete
    Replies
    1. විජේවීර කිව්වේ සිංදු නෙමේ. බයිලා !

      Delete
    2. ඔව් විජේවීර විතරක් තනියම නොවෙයි රෝහණ එක්ක දෙන්නාම කිව්වා.

      Delete
  7. //කේ.පී.ද සිල්වා//

    සී.පී. ද සිල්වා නෙවේද?

    ReplyDelete
    Replies
    1. කේ.පී සිල්වා කියන්නේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ඒ කාලේ ලේකම් හෙවත් නායක.

      සි.පී. ද සිල්වා කියන්නේ බණ්ඩාරනායක ආණ්ඩුවේ හිටපු ලොක්කෙක්. පස්සේ යූඇම්පීයට ගියාද කොහෙද!

      Delete
    2. කකා
      කොමියුනිස්ට් පක්ශය දෙකට බෙදුන නේද කේ.පී. පිලයි ෂන්මුගනාදන් පිලයි හැටියට? ඇත්තටම නම් චීන පිලයි, සෝවියට් පිලයි මට මතක හැටියට කේ.පී චීන පිලේ ලේකම් වුනා.

      Delete
    3. කකා
      කොමියුනිස්ට් පක්ශය දෙකට බෙදුන නේද කේ.පී. පිලයි ෂන්මුගනාදන් පිලයි හැටියට? ඇත්තටම නම් චීන පිලයි, සෝවියට් පිලයි මට මතක හැටියට කේ.පී චීන පිලේ ලේකම් වුනා.

      Delete
    4. මං අසා ඇති විදියට ෂන්මුගනාදන් තමයි චීන පිලේ ලේකම්. කේපී තමයි මොස්කව් පිල හෙවත් කොපයේ ලේකම්. මොස්කව් පිලේ තමයි කේනමන්, වික්‍රමසිංහහ හෙම හිටියේ.

      වීජේවීර ජොයින් වුනේ ෂන්මුගනාදන් ගේ චීන පිළටයි!

      Delete
  8. බොහොම නිර්මාණාත්මක පෝස්ටරයක්.

    ReplyDelete
    Replies
    1. පෝස්ටර් ගහනවා අහුවුණා නම් ගස්!

      Delete
  9. කතාව මතකයි. ප්‍රසංගය බලන්නත් ගියා

    ReplyDelete
    Replies
    1. බඩා මාමා කියන නම ලැබුණේ ඔය මාමයි බෑණයි හින්දා නේද?

      Delete
    2. බඩා මාමේ මේ, ඉඳලා ඉඳලා ඇවිල්ල මේ වගේ මෙලෝ රහක් නැති වචන 5ක කොමෙන්ට් එකක් කොටලා යන්නේ නැතුව අයෙත් සුපුරුදු පරිදි සුපුරුදු ශෛලියෙන් බ්ලොග් එකක් ලියනවද නැද්ද??
      ප.ලි.
      මේ කොමෙන්ට් එක පෙරමුණේ රාල, මිගාර, කසාපබ්බත වැනි අයගේ බ්ලොග් ඇසුරු කරමින් හැදී වැඩුන , ඒවායින් මතවාදීමය වශයෙන් පන්නරය ලැබ වත්මන ජාතික ව්‍යාපාරයට සක්‍රීය ලෙසත් ඵලදායී ලෙසත් පණපොවන (ෆේස් බුකියට වී අම්ම මෝ නැතිව හතර අතේ ගිනි අවුළුවන හනුමෙක් නොවන්නෙමි) , ඔබගේ බාල සොහොයුරෙක්ගේ සොඳුරු තර්ජනයක් ලෙසින් බාරගන්නාමෙන් ඉල්ලමි....

      Delete
  10. මා මේ දිනවල සාමාන්‍යයෙන් දේශපාලන මතිමතාන්තර තිබෙන පුවත් පත් ලිපි වලින් කියවන්න ආස කරන්නෙ වික්ටර් අයිවන් ගේ ලිපි.
    මොකද කොයි තරම් සාක්කුවෙ හිටියත් වික්ටර් දන්නවා තමුං කියන්නෙ පොඩි මිනිහෙක් බව.
    රේල් ගේට්ටු වලිං මැරෙන මිනිස්සු ගැන. අධ්‍යාපන ක්‍රමයෙන් හැලෙන මිනිස්සු, වකුගඩු පණනැති වෙච්චි මිනිස්සු ගැන වික්ටර් අයිවන් පසුගිය සතියක රාවය පත්තරේ කතා කරලා තිබුනා.

    තත්‍යාකාරයෙන් ඉතාම බොලඳ වූ සිංහල සයිබරය තුල මා ගරුකරන චරිත විටින් විට වෙනස් වන මුත් සිව් මංසල කොළුගැටයා යන චරිතය මාගේ සිත් ඇදගත් එකකි. ඔහු ඔහුගේ දැනුම නිතර යාවත් කාලීන කරගනිමින් නව මානයන්ට ඉඩකඩ සලසන ආකාරයක් පෙන්නුම ්කරනවා.. ඒක බොහොම විවෘත අත්දැකීමක් වෙනවා..

    මේ ලිපිය දකින විට කියන්නට බොහෝ දෝ මතක් වෙනවා. නමුත් සමහර දේවල් ඉතාම දීර්ඝයි.. එතරම් දීර්ඝ කාරනා ඉදිරිපත් කලත් කියවන්නෙ එක්කෙනෙක් දෙන්නකු පමණයි.. අවසානයේ අපි ඉතාම කුඩායි කියන කාරණය පමණක් ගෙනැහැර දක්වන්න මම කැමතියි..

    ඒ වගේම හැමදාම ලෝකයේ උදාහරණ මෙහෙමයි.. ලෝකෙ ඇනෝ මෙහෙමයි…ඇමරිකාවෙ ඇනෝ කියන්නෙ මේකට.. කියලා ගොන් පාට් එකක් ඇක්ට් කරන්න යනවා හැමෝම.. ඇයි ඔය ලෝක ඇනෝ සහ සිංහල බ්ලොග් ඇනෝ වෙනස් වෙන්න බැරි.. හැම වචනයක්ම සියයට සියයක් පරිවර්ථනය කරන්න බැහැ.. මොකද සංස්කෘතික වටපිටාව අනුව වචනවල තේරුම වෙනස් වෙනවා..

    ReplyDelete
    Replies
    1. HE HAS ONE EYE. (EYE ONE)

      Delete
    2. කවුද මේ සිව් මං සල කොළු ගැටයා? මොකක්ද ඒ බ්ලොග් එකේ ලිපිනය?

      Delete
    3. එතනත් ගිහින් ලින්ක් හලලා එන්න එපා මහත්තයෝ..

      Delete
    4. http://nalakagunawardene.com/

      This is it and may be an old Anandian according to my memory.

      Delete
    5. මේ විද්‍යා ලේඛකයා නේ. චානුක වත්තේගම ගේ මිතුරෙක්.

      පහුගිය දිනවල ලක්මිමට ලිපි ලිව්වා නේද ක්ලාක් ගැන?

      බ්ලොග් ලිපියක ලින්ක් දාන හැටි ඉගෙන ගන්න යන්න ඒ බ්ලොග් එකට!
      http://nalakagunawardene.com/

      !!!

      Delete
  11. කකා න් ඔදන්න නිසයි අහන්නේ. මේ පෝස්ට් එකට අදාල නැති කමෙන්ට් දැම්මට කමන් නැද්ද ?
    නැත්නම් අපි අමාරුවෙන් කොටන ඒවා මේකා කපලා දානවා නෙහ්.
    මම අද 1ද මන්දා ?

    මම එක ඇනෝ.

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් කොටනවා නං ඔහේටයි මටයි දෙන්නාටවත් ප්‍රයෝජනයක් වෙන දෙයක් කොටන්න කෝ අනේ!

      Delete
    2. හරිම බිසී කාළයක් !

      වැඩ ! වැඩ ! වැඩ !

      Delete
    3. හොදයිනේ.
      හොදට ගෙවනවද?

      Delete
  12. කකා, අපි බත් එකක් අරගෙන කාමරේට හරි සාලෙට හරි ගිහින් කනවා. වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇති උනහම වැසිකිලියකට යනවා. කවදාවත් අපි බත් එක අරගෙන වැසිකිලියක් ඇතුලේ ඉදන් කන්නේ නෑ. ඒ වගේම සාලේ මැද්දේ පහරන්නෙත් නෑ.

    ඒ නිසා කකා...ප්ලීස්... අපිට වැසිකිළියේ ඉදන් බත් කන්න කියලා නම් කියන්නෙපා. ලොකු උදව්වක් !!

    ReplyDelete
    Replies
    1. ඔබේ පස්ස පැත්ත පොන්ත නෝනා ක්‍රමයට කරගත්තත් මට මොකෝ?

      Delete
    2. හා මචං !

      Delete
  13. මේ දවස්වල විජේවීරට වඩා කතා වෙන්නේ දයාසිරි ජයසේකර ගැන. අද (ජූලි 25) පත්තර ඔක්කොම වගේ ප්‍රධාන ප්‍රවෘත්තිය ඒක.
    කකාට හිට්ස් ගොඩක් ඕන නම් දයාසිරිට බැනලා හරි දයාසිරිව අගයලා හරි පෝස්ට් එකක් දාන්න තිබ්බා.
    හිට්ස් කන්දක් කපා ගත්තෑකි.

    ReplyDelete
    Replies
    1. මා ලියන්නේ මට අවශ්‍ය දේ මිස ඔබ කියන දේ නොවෙයි.
      කොහෙමටත් දයාසිරි කියන හාදයා ගැන මං කිසිම දෙයක් දන්නේ නෑ ඔය පත්තරවල තියෙන ඒවා ඇරෙන්න.

      Delete
    2. ඒ ටික ඇති කකා. කකාට ඕන පෝස්ට් එකකුයි කමෙන්ට් ටිකක් වට්ට ගන්නයි හිට්ස් ටිකක් මරා ගන්නයි නේ. ඔය හොඳටෝම ඇති.
      හැබැයි ඔන්න වික්ටර් අයිවන් වගේ පොතක් ලියනවා නම් ඔය ටික මදි.

      Delete
  14. අද නම් සෑහෙන්න පරක්කු උනා කකා. තොටලඟ පාරේ වාහන සංගණනයක් කරනවා. ඒ නිසා මීගමු පාරේ පෑලියගොඩ ඔලියමුල්ලේ ඉදන්ම ට්‍රැෆික්. සංසාරේ එපා උනා.

    ReplyDelete
    Replies
    1. බොන්න නැට්ටමෝල්ට් එකක්!

      Delete
    2. එතකොට ට්‍රැෆික් එක නැති වෙයි ද ?

      Delete
  15. Wow! Some people post comments that are longer than your original post. You should be flattered.

    ReplyDelete
    Replies
    1. කලකට පෙර ටැබූසබ්ජෙක්ට්ස් රචකයා මේ බ්ලොගයේ දැමූ කමෙන්ටු එකතු කර මං වෙනමම පෝස්ට් විදියට පල කළා!

      http://kathandara.blogspot.com/2010/06/blog-post_04.html

      !!!

      Delete
  16. අද පෝස්ට් එක නම් නියමයි. මල් හතයි ආ...
    එක හුස්මටම කියවගෙන ගියා

    ReplyDelete
    Replies
    1. එහෙනං දැන් ගිහින් චූ කරලා දත් මැදලා නිදා ගන්න හොඳ බබා වගේ.

      Delete
    2. කමන් නැද්ද කකා ?

      Delete
    3. CHOO KARANNE NATHUWANAM MOKUTHMA KARANNA BEHE.

      Delete
  17. විජේවීර කිව්වා බයිලා
    ඔහෙල අපෙන් පැවතෙනවා කියලා
    චෑ..චෑ.. පට්ටම පල් බොරු ඔවුවා
    වන සත්තු අපි අධිපති කරනා

    දියුනු උනට කරුමාන්තයෙන්
    නැති කරනවා ඔහෙලා මාන්නයෙන්
    විසකුරු ගිනි අවි බෝම්බයෙන්
    විනාස කරනවා අවියේ බලයෙන්

    ඌවක් ඌවක් ඌඌඌඌ ඌවක් ඌවක් ඌඌඌඌ

    ReplyDelete
  18. ඇනෝ කමෙන්ට් කරුවනි.

    මින් පසු කකාගේ බ්ලොගය තුලදී ඇනෝ කමෙන්ට් දමන ඔබ ප්‍රවේශම් වන්න. කකා ඔබට එරෙහිව කූට උපක්‍රමයක් දියත් කරන බව අපගේ බුද්ධි අංශ වලට පෙනී ගොස් ඇත. ඔහු ඇනෝ කමෙන්ට් කප්පාදු කිරීම සඳහා www.fraudlog.com නම් වූ මෙවලමක් භාවිතා කරන බව පෙනී යයි.

    ඇනෝ අයිතීන් සුරකිමු ! නිදසක් කමෙන්ට් වාරණයෙන් මුදවා ගනිමු !

    ReplyDelete
    Replies
    1. මේ ඇඩ් එකක්ද?
      මං ගිහින් බලන්නම්!

      Delete
    2. හා මචං !
      ගිහින් බලලා එන්න !
      අපි නම් දුන්නොත් දෙන්නේ එක ලින්ක් එකයි. ඒ වගේද කකා. නැවු ගනන් ලින්ක් දෙන්නේ.

      Delete
    3. බ්ලොග් ලිපියක ලින්ක් දාන හැටි ඉගෙන ගන්න යන්න මේ බ්ලොග් එකට!
      http://nalakagunawardene.com/

      !!!

      Delete
  19. කතාවට අදාල නැති දෙයක්
    කකාගෙ බ්ලොග් එකේ වම් පැත්තෙ තියෙන කතන්දර වර්ගීකරණය කියන එකටත් වර්ගීකරණයක් දාන්න වේයිද
    ඒකත් හ‍රියට මගේ බුක්මාර්ක් ටික වගේ බුක්මාර්ක් වලටත් බුක්මාර්ක් දාන්න වෙලා :p

    ReplyDelete
    Replies
    1. කකා කවද්ද බං හරියට වැඩක් කලේ.
      අර බල්ලා මොකේද මොකද්ද එකක් කලා වගේ වැඩ නේ කකා කරන්නෙ.

      Delete
    2. වර්ගීකරණය is still work in progress

      Delete
    3. හා මචං !

      Delete
  20. ඔය පෝස්ටරය මට හොඳට මතකයි පින්තූරය දැක්ක ගමන් ඒ අතීතය මතක් උනා

    ReplyDelete
    Replies
    1. මං නං දැකලා නෑ. මං හිනත්නේ මාමයි බෑණයි කියලත් තියෙන්න ඇති පොඩියට.

      Delete
    2. ඒකනම් එහෙමතමයි මට ඩයල් රෝහන බැද්දගේ බන්දුල විජේවීර කෑල්ල තමයි

      Delete
  21. ඒ කාලේ හැටියට මේක ලං වෙලා නොබලපු අය ගොඩක්, මොරටුව නගර ශාලාව පැත්ත පලාතෙවත් යන්න නැතුව ඇති. පෝස්ටර් එක නිර්මාණශීලී උනාට මේකෙන් මිනිස්සු අඩු උණාද දන්නෙ නෑ.

    රුවුල - රැවුල

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මියුසිකල් ෂෝ බලන්න යන්නේ කලින් ටිකට් අරගෙන නේද?

      Delete
    2. බ්ලොග් අවකාශයේ සුසමාදර්ශය කියන නිසා අදාල නිවැරදි කිරීම කරහන් කකා..

      රුවුල - රැවුල කරහන් !

      Delete
    3. නිවැරදි කළා. ස්තුතියි!

      Delete
  22. කොහොමත් ඒ කාලෙන් පස්සේ මිනිස්සු ගොඩක් දේවල් වලට අසංවේදී වුනා, ඇහැ පෙන්නේනැති , කන ඇහෙන්නේ නැති,කතාකරන්න බැරි මිනිස්සු පිරිසක් බිහි වුනේ ඒ වකවානුවෙන් පස්සේ. අද පාලකයෝ කරන ඕන විගඩමක් ඉවසගෙන ඉන්න ජාතියේ පරම්පරාවක් බිහිවුනේ ඊට පස්සේ.
    මොනා වුනත් ඉතාම නිර්මාණශීලී පෝස්ටරයක්, ඔය නිර්මානශීලීත්වයත් ඒ කාලෙන් පස්සේ නැතිවුනා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම හරි, මිනිස්සුන්ගෙ හෘදසාක්ෂිය කියන එක ඉවරෙටම ඉවර වුනේ ඊට පස්සෙ.

      Delete
    2. ඇයි මනුස්සකම.

      ජේවීපියෙන් මරපු සමහර අයගේ මිනී උරහිසෙන් ඔසවාගෙන යන්න දීලා නෑ. පාන්සුකූල දෙන්න ඉඩ දීලා නෑ!

      Delete
    3. එව්වට ඉතින් ඔය සුමිත්, පැරා වගේ එව්වොත් වග කියන්න ඕනි....

      Delete
  23. අර පොඩියට තියන නං දෙක දැක්කේ පස්සේ හි හි ....මාවත් හොල්මන් උනා ආයිබෝවන් :D

    ReplyDelete
    Replies
    1. හි හි ...
      හි හි ...
      හි හි ...
      හි හි ...
      හි හි ...
      හි හි ...

      Delete
    2. මේ හිරු දරුව නෙමේනෙ කොල්ලො.

      Delete
  24. කකාට පොඩි විවේකයක් ලැබිලා වගේ. ඒකනේ හැමෝටම රිප්ලයි දාලා තියෙන්නේ.
    හාෆ් ඩේ එකක් දාලා වෙන්න බෑ. හාෆ් ඩේ එකක් දැම්මා නම් "මම හාෆ් ඩේ එකක් දැම්මෙමි" කියලා පෝස්ට් එකක් තියෙන්න එපැයි.

    හොට කපපු පැස්බරා !! අං දිග ගෝණා !!

    ReplyDelete
  25. මම පොඩියට තියෙන දේත් දැක්කා..මේක ක්‍රියේටිව් add එකක්..

    කෙසේ උනත් මාතෘකාවේ උක්ත පුද්ගලයා මේ රට කෑවා. මට එච්චරයි කියන්න තියෙන්නේ.. සෝවියට් දේශයේ හදපු හොදි එක්ක අපේ අල බතල කන්න බැහැ... ඒක තේරුම් ගන්න බැරි දේශප්‍රේමියෝ.. අහිසංක කොල්ලන්ගේ මොළ විකෘති කරලා පවුල් පිටින් විනාස කරපු මෑත යුගයේ ------------------- .

    ප්‍රභාකරන්ගේ සහ ඔය මිනිහගේ වෙනසක් මට පේන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. තනියම කෑවේ නෑ.

      මෙයා කාපු අයගෙන් එක් කෙන්ක් විතරයි!

      Delete
  26. කකාගේ පෝස්ටර් දෙකත් මරු.. අකුරු තමා ටිකක් අවුල. ජවිපෙ අකුර තියන ෆොන්ට් එකක් තිබ්බනං මරුම තමා.

    ReplyDelete
  27. කකා.......මම ඔය පෝස්ටර් එක දැකලා තියෙනවා.ගාලු පාරේ හැම තාප්පයකම ගහලා තිබුනා.ඔයිට වඩා ටිකක් රහට පෝස්ටර් එක තිබුනා.හරිඇට්‍රෑක්ටිව්.සෝමපාල හේවාකපුගේද(හරියටම ෂුවර් නැහැ}කොහෙද ඩිසයින් කලේ.ඒ කාලේ හිටපු ජේවීපි අයට ඔය පෝස්ටර් එක ත්‍රිල් එකක් වුනා.
    ප.ලි.-----
    විජේවීර කිව්වේ සින්දුද,බයිලාද,හිපොප්ද,රැප්ද නැත්නම් මේ ඔක්කොම අඩංගු ,භාතිය-සංතුශ්ලා කියාගන්නවා වගේ අපේම අපේ නිර්මානයක්ද කියා සාකච්ඡා කිරීමට හොඳම කාලය එලඹී ඇත.
































    ReplyDelete
    Replies
    1. මං මේක දැඛලා නෑ. අහපු විස්තරෙන් හිතලායි හැදුවේ!

      විජේවීර කියන්න නං ගියේ ජන සංගීතය! කියවුනේ මොනවද මන්දා?

      Delete
  28. ඔය පෝස්ටරය මට හොදට මතකයි අපේ අයියා ඕක පාරේ ගහලා තියෙනවා දැකලා..... එක ගලවාගෙන ඇවිත් ගෙදර බිත්තියේ ගහලා තාත්තාගෙන් ගුටි කාපු නිසා

    ReplyDelete
  29. බුදු අම්මෝ අයියා පොලිසියේ ද පෝස්ටර් ගලවන්නේ?

    අන්න අලවන්නේ නං ආමි එකෙන්ය කියා විපස්සේ කෙනෙක් කියනවා!

    ReplyDelete
  30. සමස්ථ විනාශය දිහා බැලුවම ඒ ජාතියෙ විප්ලව 89 තරම් කාලයේදී ප්‍රාෙයා්ගික නැහැ..
    අනික ඒකෙ ප්ලෑනින් එහෙම නිල්. ඒකෙන් වුනේ තරුණ ජීවිත විනාස වුන එක විතරමයි.. වෙන කිසිම අලගෙඩියක් වුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එකඟවෙන්න පුළුවන්, “යමක්“ කියවෙන කමෙන්ට් එකක්.

      Delete
  31. මේ වගේ අජූත පෝස්ට් වලට අපි දාන්න ඕන කමෙන්ට් මොනවද කකා ?

    ReplyDelete
    Replies
    1. අජූතයි කියලා දාපන්.... කොහොමත් මේ ගෝණාට ඕනි හිට්ස් සහ කොමෙන්ට් විතරයි....

      Delete
    2. හොට කපපු පැස්බරා !

      Delete
  32. අත්තනායක මහත්තයත් දවසක මේක කිව්වද කොහෙද.

    ReplyDelete
  33. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 94
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 22
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 15
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 29
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 28

    ReplyDelete
    Replies
    1. ස්තුතියි !

      Delete
  34. අජූතයි

    ReplyDelete
  35. මෙන්න මගෙනුත් කකාට හිට්ස් දෙකකුයි කමෙන්ට් එකකුයි

    ReplyDelete
  36. this third class blog scored approximately 1,467k hits !

    ReplyDelete
    Replies
    1. 1,467,876 hits to be precise at 5:34pm

      ෆිෆ්ත් ක්ලාස් කිව්වා නං තමයි වඩාත් ගැලපෙන්නේ!

      http://kathandara.blogspot.com/2013/07/grade-five-here-i-come-kathandara-blog.html

      Delete
    2. 1,467k means 1467 multiplies by 10 to the power of 3

      are you an Engineer ??? it can not be....

      Delete
    3. @ Anonymous July 26, 2013 at 8:33 PM

      ඔබේ ගණිත දැනීම ඉතා දුර්වලයි.

      මෙන්න මේ ප්‍රාථමික ශ්‍රේනියේ ළමයින් සඳහා ලියවුණු පාඩම බලන්න.

      Rounding to the Nearest Thousand
      http://www.aaamath.com/g3_41cx1.htm

      1,467,876 යනු 1,468k බව ඔබට වුණත් එවිට වැටහේවි!

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.