Friday 31 May 2013

කමින් කලර් ගුඩ්! - තත්වය හොඳ අතට : Marching on...


මෙන්න අද කතන්දරය.

දිග කාලයක් එක තැනක රැකියාව කරන කොට කාලෙන් කාලෙට නොයෙකුත් කළමනාකරණ වැඩසටහන්වලට යන්න වෙනවා නේ. මං ඔය වගේ ගිය තැනකදී ලැබුණු හොඳ අත්දැකීමක් කලින් කතාවක කිව්වා මතකයි. මෙන්න ඒක: මට අරුං ගේ, මුං ගේ වැරදි විතරක්ම පේන්නේ ඇයි! - Pot calling kettle black

ඉතිං ඔය වගේ මං සහභාගී වුණු තවත් වැඩසටහනකදී අපිට මේ අභ්‍යාසය ලැබුණා.

       ඔබේ අතීතයට සිතෙන් යන්න. මේ රැකියාවට ආ දිනයට. මුලින්ම රැකියවක් කරන්න පටන් ගත් දිනයට. විශ්ව විද්‍යාලයට ගිය දිනයට. පාසල් කාලයට.

මේ එක් එක් තැන්වලදී ඔබ යම් යම් තීරණ ගත්තා ඔබට මතක ඇති. ඒ තීරණ ගන්න ඇත්තේ ඒ සමගම තිබුණු වෙනත් විකල්ප අමතක කරලා තමන් ඒ දිනයේ කැමති දෙය තෝරා ගනිමිනුයි. (උදාහරණය: මැත්ස් කරලා උසස් පෙල සමත් වුණු පසු පේරාදෙනියේ යනවා ද, මොරටුවේ යනවා ද වගේ තීරණ)

දැන් හිතන්න, ඔබ එදා ගත්තු තීරණය වෙනුවට වෙනත් විකල්ප තීරණයක් ගත්තාය කියලා.

දැන් හිතන්න එය එහෙම වුණා නම් ඔබ අද කොතැන ඉන්න තිබුණාද කියලා. වෘත්තීමය වශයෙන් සහ පුද්ගලිකව.

මේ සිතීමේ අභ්‍යාසය කලේ අපිව මනෝ ලෝකයකට අරන් ගිහින් දුක්බරිත කරවන්න නොවෙයි.

නමුත් කාලෙන් කාළෙට අපේ ජීවිත දිහා මේ වගේ හැරිලා බලන එක ඉතාම වැදගත් දෙයක් බව මට එදා තේරුණා.

ඔය කතාව කිව්වේ මෙන්න මේ නිසයි.

පහුගිය අප්‍රියෙල් මාසේ බාගයක්ම ගෙදර නොසිටි නිසා කතන්දර බ්ලොග් එකට තරමක කුඩම්මා ගේ සැලකිල්ලකුයි ලැබුණේ.

මැයි මාසේ මුල ගෙදර ආවත් ඔෆීසියේ වැඩ ගොඩ නිසා ගෙදර එන එකත් හැමදාම වගේ ප්‍රමාද වුණා. බ්ලොග් කරන්න කලින් දේවකාරියයි, රාජකාරියයි දෙකම කොරලා ඉවර වෙන්න එපායැ. ඉතිං හිතේ දුකෙන් වුනත් ඔහේ බලං ඉන්නයි සිද්ධ වුනේ.

හැබැයි අද මට පෙනුණු විදියට ඔන්න දැන් තත්වය හොඳ අතට පත්වෙමින් තියෙනවා. මං නොවරදවා දවසක් ඇර දවසක් කතන්දරයක් ලියලා පල කෙරුවා. බ්ලොග් එකට පැමිණෙන පාඨක පිරිස වෙනදා තත්වයටම ඇවිත් (ස්තුතියි සැමටම).

මෙන්න පොඩි බ්ලොගර් ග්‍රැෆික්ස් කීපයක්.




මේ එක්කම මං තීරණය කළා මගේ කතන්දර ප්‍රතිපත්තිවලත් පොඩි පොඩි වෙනස් කම් කීපයක් කරන්න.

මට පහුගිය කාලේ පෙනුණු දෙයක් තමයි මගේ කතන්දරවලට කමෙන්ට් කරන අය එක්ක තියෙන කෝන්තර පිරිමහ ගන්න සමහරු නිර්ණාමිකව මගේ බ්ලොග් එක පාවිච්චි කරනවාය කියන එක.

වාරණයට මං විරුද්ධයි. ඒ බව මං පැහැදිලිවම කියලා තියෙනවා.

මං මැතක් වෙනතුරු වාරණය කළේ කුණුහරුප කමෙන්ටු සහ තුන්වෙනි පාර්ශවයන්ට අපහාසාත්මක කමෙන්ටු විතරයි. උපහාසය රැගත් කමෙන්ටු එහෙමම තියෙන්න ඇරියේ ඒවායින් යම් "ෆීඩ්බැක්" එකක් ලැබෙනවා නේද කියලා හිතලයි.

ඊට පස්සේ පොඩි වෝනින් එකක් දීලා තුන්වෙනි පාර්ශවයන්ට කෙරුණු සමහර උපහාසාත්මක කමෙන්ටු පල නොකර ඇරියා.

ඒ බව දන්නෝ, එනම් ඒ කමෙන්ටු දාපු ඇනෝලා, දනිති. නොදන්නෝ, එනම් ඒ කමෙන්ටු මගින් උපහාසයට ලක් කෙරුණු අය, නොදනිති.

දැන් මගේ අදහස මේ තත්වය වෝනින් නොමැතිව ම ඉදිරියට අරගෙන යන්නයි.

දැන් මෙන්න පොඩි ප්‍රශ්නයක්.

ජීවිතේ ආපස්සට ගිහිල්ලා අපි ගත්තු යම්කිසි තීරණයක් වෙනස් කරන්න පුළුවනි නම්, ඒ මොනවාගේ තීරණයක් ද? ඇයි එහෙම කරන්නේ? එහෙම කළොත් මොනවද වෙනස් වෙන්න පුලුවන්?

සැමටම ස්තුතියි.

-කතන්දරකාරයා

ප/ලි:
කෙලින්ම සහ වක්‍රව විවිධාකාරයෙන් මට ප්‍රතිචාර ලබා දුන් සියළු දෙනාටම ස්තුතියි.

99 comments:

  1. මම නම් කකා හිතන්නෙ ඔබගෙ ලිපි වලට සහ අප දමන කොමන්ට් වලට ඇනොල හුදෙක් කොමන්ට් කරන්නෙ ඔබ,අප සියලු දෙනා සතුටු කරන්න.එක්කෙනෙක් දෙන්නෙක් හැර.

    ReplyDelete
    Replies
    1. වෙරළු මල් සුවඳක් එනවා. කාටද වැරදුනේ?

      Delete
    2. ඇනෝ +++++++++++++++

      Delete
    3. ඇයි ඔනමැන්ටල් මචං. උබට අසාද්‍යයිද. අපි කට කැඩෙනකං කියුවා කෙනජි ගැන. හොහෙද ඇහුවැ. දැන් ඉතින් කුම්භලා මාළු කෑවානම් විඳවපන් බළලෝ.

      Delete
  2. කවුද කකා ඇඩුවෙ.
    අඬන බබාලගෙ නම් ටිකත් දැම්මනම් නේද හොඳ ?
    සමහර අවස්තාවල නිර්නාමික විම අත්‍යවශ්‍යයි ඒක පුද්ගලික කෝන්තරයක්ද නැද්ද කියනඑක නෙමෙයි කාරනේ.
    ඇනෝ ඇවිත් මෙතන අම්ම මුත්ත මතක් කරනෙක අන්තිම කැතයි ඒක හරි.
    කියන දේ මොකාටවුනත් මූනටම කියන්න ඕන එච්චරයි.
    හුරතල් කරන්න මේක ඩේකෙයා එකක් නෙමේ.
    බ්ලොග්වල යන දේවල් සීරියස් ගන්න බබාලත් ඉන්න බව දැනගත්තු එක හොදයි.

    ReplyDelete
  3. නලින්,කෙන්ජි ලැජ්ජයි බන් උඹල ගැන.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,ඇයි ඔයාට ලජ්ජා මීඊය්යා?කියන්නකෝ.
      මම කිව්වෙ ඔයාල හොදාඅආආයි කියලනෙ.

      Delete
    2. ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
      මියෑව්
      බබා
      දන්නෙම නෑ නේ

      මියෑව්
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    3. පොඩ්ඩිට ඉහලින් කෙන්ජි.
      කකා වහාම වහාම මේ බාධකය අටවලා පොඩ්ඩිව ආරක්ෂා කරන්න
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    4. ඇනෝට වැරදීමක් නලින් කවමදාවත් කොමෙන්ටු වාරණය කරලත් නෑ එහෙම කරන්න කාටවත් බලපෑම් කරලත් නෑ. මගේත් ප්‍රතිපත්තිය අමු කුණු හරුප හා අන් පාර්ශ්වයකට නින්දිත මඩ ගසනවානම් ඒවා ඉවත් කිරිම පමණයි. නිර්ණාමික සංකල්පය හා අන්වර්ථනාම යන්න මාධ්‍ය භාවිතයේ අත්‍යවශ අංගයක් යන්න මා අදහන දෙයකි.

      Delete
    5. කකාගේ පිට කහපන් නලින්

      Delete
    6. KAKKAGE PAKKALI COMMENT KARAPU DEN API WARJANAYA KARAMU

      Delete
  4. මට මැවිලා පේනවා කතන්දර ඉස්සරහා කාලෙකදි මේ කරපු දේ ගැන හැරිලා බලලා හිනාවෙන හැටි.

    කරන හැමදෙයක්ම සාර්ථක වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා.:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි මේ කෙනජි වඩින්න කළින් භාදකය
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    2. TAMPITA VIHARA GENA DANNE NETHIWA, PANDITHAKAM KIYANAWA.

      Delete
  5. ඒ කියන්නෙ ආයෙමත් උදේ පාන්දර කතන්දරයක් අහගන්ට වෙනවැයි? යසයි ;)

    ReplyDelete
  6. මම නම් පෞදගලිකව හිතන්නේ මේ වගේ පෝස්ට් එකක් දාන්න අවශ්‍ය නෑ කියලා. මොකද මොන කෙහෙල්මල් තිබුනත් අපි ඉස්සෙල්ලම බලන්නේ, කකාගේ බ්ලොග් එක සහ කොමෙන්ට්ස්. බොහෝ වෙලාවට පෝස්ට් එකට වඩා කොමෙන්ට්ස් රහයි. කොමෙන්ට්ස් නැත්නම් බ්ලොග් වලින් අති වැඩකුත් නෑ. ඒ කෙසේ වෙතත් දරුවගෙ තාත්තා එපයි දරුවා ගැන තීරණ ගන්න. දවසක් ඇර දවසක් පෝස්ට් එකක් දානවනම් ළොකු දෙයක්... නැත්නම් මේ බ්ලොග් කෙරුවාවත් එපා වෙලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අනිත් එවුන්ට කිය කිය ඉන්නෙ උඹ දානවද දවසක් ඇර දවසක් පෝස්ට්.... "මාතලන්" කියන නම පොශ් මදි නිසාද "priyantha hewage" කියලා බරසාර විදිහට ලගදි ඉදන් ලියන්නෙ?

      Delete
    2. නෑනේ බන් අර ගූගල් මලදානයක් කරන්න ගිහින් මාතලන් එකට කෙලවෙලාම ගියානේ.. ආයෙත් ඒ නම දාන්න දන්න සෙල්ලම් ඔක්කෝම දැම්මා හරි ගියේ නෑ...

      දන්නවනම් කියලා දෙන්නකො සත්තරනේ...

      Delete
    3. මටත් කෙලවුනා මගේ නමට මේ g+ රෙද්දක් නිසා :(

      Delete
  7. අදවත් මම 1 වෙයිද මන්දා ??

    ReplyDelete
    Replies
    1. එක තන්හාව දුරුවේවා !!! සාදු ..සාදු..සාදු..!!!!

      Delete
    2. එක පල්ලෙට ගිහින්...

      Delete
  8. ඇනෝලගේ තාවකාලික ආතල් වලින් කකාට සදාකාලික හිට්ස් ලැබී සතුට ලඟා වේවා ! සැපත උදා වේවා !!

    ReplyDelete
  9. කකාට ඇනෝගෙන් අභියෝගය

    පුලුවන් නම් ඇනෝ බ්ලොක් කරලා හිට් කවුන්ටරේ ඔය විදිහටම තියෙනවද කියලා බලන්න.

    ඇනෝලා නැත්නම් කකා මැරිච්ච තැන් වල ගසුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ අභියෝගය මගෙනුත්, ඒ පරිදිම. කකාගේ පෝස්ට්ද වටින්නේ, ඇනෝ කොමන්ට් ද වටින්නේ,ප්‍රොෆයිල් කොමන්ට්ද වින්නේ. පොඩි පරීක්ෂණයක් කරමුද?

      Delete
    2. මට ද හිතෙන්නේ කකා ගේ පෝස්ට් මැනවින් විඳින්නට හැකි වන්නේ ඇනෝලාගේ කමෙන්ට් සමග සංකලනය කොට ගත් කලය යන්නයි.

      Delete
    3. තව පාරක් කකාගේ පිට කහපන් නලින්

      Delete
    4. පිට කහනවා වගේද පේන්නේ... එහෙනං ඇනෝලාට මගේ කමෙන්ටුවේ නිසි අරුත තාම තේරිලා නෑ.

      Delete
    5. KAKAWA WARJANAYA KARA WENATH BLOG BALAMU, MONAWADA ME SIPIE KATHA.

      Delete
  10. ඔන්න ඕක තමා මටෙ චාටර් උන වැඩේ. මෙතන කුනුහරුප ගොඩේ කොමෙන්කටු දාන්න බැරිව හිටියේ. ඒ තරං අප්පිරියයි.. වාරණය උනත් අවශ්‍ය නං කරන්න ඕන. ප්‍රතිපත්තිය එහෙම උනාට අවශ්‍ය වෙලාවට නොකර ඉන්න එක විකාරයක්.. ජය වේවා

    ReplyDelete
  11. මොකද කකා බයවුණාද කමින් කලර් බෑඩ් කියල...දැන් ආපහු හිට්ස් චාට් එක කෙළින් වෙලානෙ...අර මොකක්ද වගේ.

    ReplyDelete
    Replies
    1. කකත් කෙන්ජිගේ වට්ටෝරුව හදලා කනවලු මේ දවස්වල ඒකයි කෙළින් වෙලා තියෙන්නේ

      Delete
    2. හැක්.................

      Delete
  12. Alexa Traffic Rank වලට අනුවනම් තත්ත්වය තවමත් හොඳ අතට හැරිලා නෑ වගේ. (කතන්දර බ්ලොග් එක කලින් තිබුණ තත්වයට සාපේක්ෂව)

    කොහොම වුනත් සංවාදශීලී යමක් ලියවෙනවනම් පාඨකයො පල්ලම් බහින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබ තවමත් පන්තියේ කීවෙනියාද කියන නිර්ණායකය ගැන උනන්දුයි වගේ? වඩා වැදගත් විභාගෙට ලැබෙන ලකුණු ප්‍රමාණයයි.

      මේ කතන්දරය බලන්න.
      http://kathandara.blogspot.com/2009/10/smarter-than-fifth-grader.html

      මා කියා ඇත්තේ අප්‍රියෙල් මාසයේ මා විදශෙගතව සති දෙකක් සිටි සමයේ අඩුවූ හිට්ස් ප්‍රමාණය දැන් නැතවවත් දිනකට 1,500 සාමාන්‍යයකට පැමිණ ඇති බවයි. මා මෙයි දමා ඇති රූප සටහන් මගින් එය ඔබට වැටහේවි.

      Delete
  13. //ජීවිතේ ආපස්සට ගිහිල්ලා අපි ගත්තු යම්කිසි තීරණයක් වෙනස් කරන්න පුළුවනි නම්, ඒ මොනවාගේ තීරණයක් ද? ඇයි එහෙම කරන්නේ? එහෙම කළොත් මොනවද වෙනස් වෙන්න පුලුවන්?//

    එහෙම කරා නම් උඹට ඔය මිලියන් ගනන් හිට්ස් ගන්න බෑ කක්කා බුවෝ.... ඇනෝලාගෙන් ගොඩ ගිහින් ඇනෝලාට අරින්න හදන එක බලු වැඩේ නේද?

    ReplyDelete
    Replies
    1. අනිවා... කතා කරපං මචෝ !!
      අපි කකාට හිට්ස් දෙන කාලේ ඔය එක ප්‍රොෆයිල් බල්ලෙක්වත් ආවේ නෑ. අපි තමයි කකාව මෙච්චර දුරක් ඇදගෙන ආවේ. අපිව අමතක කරලා කකාට කවදාවත් තමන් පතන සුගතියකට යන්න වෙන්නේ නෑ..

      කකා, කවදාවත් මුල් පඩිය අමතක කරන්නෙපා. මොකද ඔයා සෙරප්පු දෙක ගැලෙව්වේ මුල්ම පඩිය ලඟ නිසා !!!

      Delete
    2. අනිවා, ඒ සෙරෙප්පු දෙක වෙන එකෙක් දාගෙන යන්න කලින් රැක ගනිං කකා.

      Delete
    3. මම හිතුවෙ ගෙයි පඩිය ලග කියල

      Delete
    4. ප්‍රෙෆයිල් වලින් ඔන තරම් කුණුහබ්බ කියහල්ලා. ඇනෝ විදිහට අනං මනං කියන්න ආවොත් තමයි කකාට මළ පණින්නේ.

      Delete
    5. ඔනයා තරං වහෙන් ඔරෝ බාසාව දන්නැතුව ඇති වෙන කිසිම එක්කෙනෙක් :D

      Delete
  14. //මං මැතක් වෙනතුරු වාරණය කළේ කුණුහරුප කමෙන්ටු සහ තුන්වෙනි පාර්ශවයන්ට අපහාසාත්මක කමෙන්ටු විතරයි. උපහාසය රැගත් කමෙන්ටු එහෙමම තියෙන්න ඇරියේ ඒවායින් යම් "ෆීඩ්බැක්" එකක් ලැබෙනවා නේද කියලා හිතලයි. //

    එතකොට කකා ඔයා දාන ඇනෝ කොමෙන්ට්..... ඒවා කවුද බලන්නේ? කොමෙන්ට් නැති කාලෙ තමන් තනිවම කොමෙන්ට් දාගත්තා කියලා අපි දන්නවා....

    ReplyDelete
  15. අයින් රෑන්ඩ්ගේ ‘ඇට්ලස් හැකිළුණි’ පොත ඇමෙරිකන් ජනතාව බයිබලයට අනතුරුව කැමති දෙවැනි පොත වෙද්දී එය ලෝකයේ මහජන පාසැල්, විශ්ව විද්‍යාල කිසිවක පංතියක භාවිතයට නොගැනේ

    ඇත්ත වශයෙන්ම ජරා ඇනෝ කමෙන්ටු සහ අනෙකුත් බොහෝ ප්‍රශ්න වලට මුල ඕකයි.... මෙය ඇත්ත වශයෙන්ම පෙර පාසල් අධ්‍යපනයටත් පෙර ලමුන්ට ලබා දිය යුතු පොතක්

    ReplyDelete
  16. ඔබේ ප්‍රතිචාරය හැකි ඉක්මණින් මෙහි පලකෙරෙනු ඇත. තවම වේලාව 11:21 යි. ඔයාලා දාපු කොමන්ටු බලන්න අවශ්‍යනම් තව පැය කිහිපයක් රැදී සිටින්න‍

    ReplyDelete
  17. from 6:00 a.m. to 11:00 a.m.
    No Comments yet !!!
    oh... how poor blogger is this ???

    ReplyDelete
  18. කකා කොමෙන්ට් ටිකවත් පබ්ලිශ් කරපන් වෙලාවට කොහොමත් කකා ලියන කතා වල රහක් නෑ.... කොමෙන්ට් බලලා තමයි අපි ආතල් එකක් ගත්තෙ..... ඒකත් නැත්තම් ඉතින් මේ රෙද්ද බලන්න කොහොමත් එන්නෙ නෑ.... උද්දච්ච කම ඔලුවට ගැහුවාම ඉතින් මිනිස්සුන්ගෙ පරිහානිය තමයි.....

    ReplyDelete
    Replies
    1. කකාගේ පරිහානිය ලඟාවෙලා තියෙන්නේ !!!

      සංස්කාරයෝ නැසෙන සුළුය පින්වත... කකා, අද අද එයි මරු පින් කර ගන්නේ..
      කකා, ගිහි ජීවිතයේ සියළුම ආශාවල් වලින් ඈත් වෙලා යන ලෝකයට වැඩදායි වෙන විදිහට කුසල් රැස් කරගන්න. අපි මේ ජීවිතයේ විඳපුවා ඊලඟ ආත්මෙට වැඩක් නෑ. අපි ජීවිතය පුරාම එකතු කරගත්ත යාළුවෝ නෑදෑයෝ බ්ලොගයේ හිට්ස් සේරම ටික දාලා යන්න වෙන දවසක් කවදාහරි එනවා.

      ඔබතුමාට ඒ දවස ලඟ ලන්න එනබව මම කියන්න ඕන. ඒ නිසා සිත පිරිසුඳු කරගන්න. නිරතුරුවම කුසලෙහි සිත රඳවන්න රාග ද්වේශ මෝහ සිතුවිලි වලින් ඈත් වෙන්න. කෙලෙසුන් නසා භාවනා වලට සමවදින්න. නිරතුරු අළුයම අවදි වූ වෙලේ පටන් සියළු සතුන්ට මෙත් වඩන්න.... සිත කුපිත වන දේවල් වලින් ඈත් වෙන්න. ලෞකික දේවල් වල නිශ්ඵලබව අත්විදින්න. අධ්‍යාත්මික දේ කෙරෙහි සිත යොදවන්න. ධර්ම දේශනා වලට සවන් දෙන්න. ධාර්මිකව ජීවත් වන්න....

      කකා පතන බෝධියකින් කකාට නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගෙන සදාකාලික සැපත උදාවේවා.... සාදු සාදු සා....දු

      මම සත්ගුණවත් මෝඩයා අයියා

      Delete
    2. @ සත්ගුණවත් මෝඩයා අයියා
      සියලු සංස්කාරයෝ නැසෙන ලොවක කකා පමණක් අභාවයට නොයා සිටින්නේ කෙසේද, පින්වත?

      Delete
  19. දැන් වේලාව මධ්‍යහ්න 12යි...
    තවමත් එකදු කමෙන්ටුවක් හෝ නැත.
    කකා යනු අසරණ බංකොලොත් බ්ලොග් කරුවෙකු බව ඔබ පිලිගන්නේ ද ??

    ReplyDelete
  20. ආනන්දෙ උනාට ඉස්කෝලෙ... කොමෙන්ට් ටික පබ්ලිශ් කරන්නෙවත් නෑ වෙලාවට.... අප්පමාදෝ අමතපදන්.... පව්....

    ReplyDelete
  21. අප්පමාදෝ අමතපදන්.... ආනන්දෙ තමයි ඉස්කෝලෙ... 7ට දාන කොමෙන්ට් පබ්ලිශ් වෙන්නෙ 12ට..... මෙහෙම කරන්නෙ හිට්ස් වැඩිකරගන්නද? නැත්තන් උද්දච්ච කම නිසා පාඨකයව නොසලකා හැරීමක්ද?

    ReplyDelete
    Replies
    1. පාථක අපගේ විරෝධය පක කරමු !!

      ඇනෝ අයිතීන් සුරැකීමේ සංවිධානය

      Delete
  22. ජීවිතේ ආපස්සට ගිහින් කණපිට හරවන්න ඕනේ මොන තීරනේද කියලා ගොඩක් අයට හිතාගන්නවත් බැරිවෙනවා එහෙම අවස්තාවක් ඇත්තටම ලැබුනොත්. එහෙං උනොත් ගොඩක් වෙලාවට ඒ තීරණේ වෙනස් කරලා ඊළඟට ගන්නේ මොනවගේ තීරණයක්ද කියලා හිතාගන්න බැරුව තවත් ගොඩක් දෙනා අතරමන් වෙයි.

    ReplyDelete
  23. මින්පසු මේ බ්ලොගයේ දැකිය හැක්කේ මෙ වැනි කොමෙන්ටු පමනි...

    එළ, සුපිරි, පට්ට, මල් හතයි ඈ, නියම පෝස්ට් එකක්, ++++++, එක හුස්මට කියවගෙන ගියා., හිහ්, මාර රසයි බං, :), සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !, *, බුහහා, පට්ට..., හික්ස්..., හයියෝ සල්ලි, ලොල් ම තමා. එළ ඈ!, එළ කතා....., හි හි හි....., කියෙව්ව ඔන්න....., ෆස්ටය...., මරු ...., ලොල් ...., හක්,,ඒක එල හලෝ, හොක් හොක්...!!, මරු බං..!, එක හුස්මටම කියවගෙන ගියා. මට කට උත්තර නැතුව ගියා, සාහිත්‍යය රස බේරෙනවා., පුග්, :), මම අද එක ද ?, හුරේ.. මම එක, මම එක ද මන්දා...?, ලොවෙත් නෑ, සිරා පෝස්ටුව, මාර රහයි, ජය, :-D :-D, ගති, මට ඇඩෙන්න වගේ, හොදට ලියල තියෙනව, ඔයානම් මාරයි අනේ, නෙදකිං, (Y) ... (උපුටා ගැනුම: ලකෆ්‍රෑන්ස්)

    Jayawewa,
    මරු බං,
    හි හි.....හි හි.....,
    හයියූ,
    හප්පටසිලි,
    ආන්න උඹටත් මට හිතිච්ච එකම හිතිලා,
    ආතල්..
    මම කිසිත් නොකියමි...
    ඊයා නේ බං... හිරිකිතයි!....
    හිනා වෙලා පණ යනවා බං.,

    කකාගේ පොසිබල් පිළිතුරු විය හැක්කේ...
    තැන්කියු...තැන්කියු..
    උඹටත් ජය වේවා..

    වගේ හුජ්ජ කතා තමයි...

    ReplyDelete
    Replies
    1. ඇයි මේ වගේ රිප්ලයිත් දකින්න පුලුවන්


      පවු.
      වැඩ වැඩ වැඩ
      ඔබ හරි!
      ස්තුතියි
      තෑන්කියු වේවා!
      වෙන්න ඇති.
      ඔබටත් එසේම වේවා!
      ජයවේවා!

      Delete
  24. කකාගේ පරිහානිය ලඟාවෙලා තියෙන්නේ !!!

    සංස්කාරයෝ නැසෙන සුළුය පින්වත... කකා, අද අද එයි මරු පින් කර ගන්නේ..
    කකා, ගිහි ජීවිතයේ සියළුම ආශාවල් වලින් ඈත් වෙලා යන ලෝකයට වැඩදායි වෙන විදිහට කුසල් රැස් කරගන්න. අපි මේ ජීවිතයේ විඳපුවා ඊලඟ ආත්මෙට වැඩක් නෑ. අපි ජීවිතය පුරාම එකතු කරගත්ත යාළුවෝ නෑදෑයෝ බ්ලොගයේ හිට්ස් සේරම ටික දාලා යන්න වෙන දවසක් කවදාහරි එනවා.

    ඔබතුමාට ඒ දවස ලඟ ලන්න එනබව මම කියන්න ඕන. ඒ නිසා සිත පිරිසුඳු කරගන්න. නිරතුරුවම කුසලෙහි සිත රඳවන්න රාග ද්වේශ මෝහ සිතුවිලි වලින් ඈත් වෙන්න. කෙලෙසුන් නසා භාවනා වලට සමවදින්න. නිරතුරු අළුයම අවදි වූ වෙලේ පටන් සියළු සතුන්ට මෙත් වඩන්න.... සිත කුපිත වන දේවල් වලින් ඈත් වෙන්න. ලෞකික දේවල් වල නිශ්ඵලබව අත්විදින්න. අධ්‍යාත්මික දේ කෙරෙහි සිත යොදවන්න. ධර්ම දේශනා වලට සවන් දෙන්න. ධාර්මිකව ජීවත් වන්න....

    කකා පතන බෝධියකින් කකාට නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගෙන සදාකාලික සැපත උදාවේවා.... සාදු සාදු සා....දු

    මම සත්ගුණවත් මෝඩයා අයියා

    ReplyDelete
    Replies
    1. සියලු සංස්කාරයෝ නැසෙන ලොවක කකා පමණක් අභාවයට නොයා සිටින්නේ කෙසේද, පින්වත?

      Delete
  25. කක්කා බුවා මුලින්ම ඇරියෙ අහිංසක කැපිටල් අන්කල්ට.... නමුත් කිසිම ඇනෝවෙක් ඒකට විරුද්ධව වචනයක් කතා කරේ නෑ..... (ප්‍රොෆයිල් කාරයො කතා කරා )....

    අන්තිමට මූ දැන් තුවක්කුව අනිත් ඇනෝලා දිහාවට හරවලා.... ලබ්බට තියපු අත පුහුලටත් තියලා...දැන් කස්ටියට කට උත්තර නෑ....

    ReplyDelete
    Replies
    1. අපි කැපිටල් අංකල් ගැනත් කතා නොකලා නොවේ. ඒත් අයතුර කකා ගාව. මේවා වාරණයට ලක්ව පබ්ලිෂ් උනේ නැති තරම්. තෝරාගත් සම්පල් ටිකක් පල උනා.

      Delete
    2. මායි රාජුයි විතරයි කතා කරේ කැපිටල් අන්කල් වෙනුවෙන්...

      Delete
    3. MEKATA EKAMA WISADUMA SIYALLANMA EKWA WARJANAYA.

      Delete
  26. I've been reading your stuff for couple of weeks (mostly reading back issues, so to speak!) but never commented. Your readership seem to concentrate more on each other's comments than on your stories judging by the, often vitriolic, debates they get in to !! By the way has Taboo stopped for good? I've never been able to read his writings but going by the stuff you have written about his blog it seems to be worth reading.

    ReplyDelete
    Replies
    1. අප බොහෝ දෙනෙක් සිතන පරිදි ටැබූ පසු කලෙක කොටස් වශයෙන් පල වූ නවකතාවක් ලිව්වා - සමනල විප්ලවය නමින්.
      http://samanalaviplavaya.wordpress.com/

      ටැබූ ගේ පරණ ලිපි පළවෙනවා ටැබූ මිරර්ඩ් නම් අඩවියක.
      http://taboosubjects-mirrored.blogspot.com/

      Thanks for your comment, mate.

      Delete
  27. ඇනෝලා නොමැතුව කකාට සුගතියක් නැත !
    පෝස්ට් වලට වඩා රසවත් ඇනෝ කමෙන්ට් ය !

    ReplyDelete
  28. අහිංසක කැපිටල් ඇනෝ අංකල්ට සිදුවූ හිරිහැරය ගැන අපේ බලවත් කනගාටුව !
    කකාගේ පෝස්ට් එකේ ලියන කතාවට වඩා ඇනෝලගේ කමෙන්ටු තමා මේ බ්ලොගයට වැදගත් වෙන්නේ. අන්න ඒක නිසා ඇනෝලාට හිරිහැරයක් සිද්ධ වෙන දේවල් මේ බ්ලොගය තුල කරන්න එපා.
    එහෙම උනොත් මේ හුරතල් ඇනී නෝටි ඇනී කියලා කියන්නෙපා.

    බෝල අතගාපු අතෙන්ම බෝල මිරිකන්නත් පුලුවන් කියලා කකා සිහි තබාගන්න.. !

    -හුරතල් ඇනී-

    ReplyDelete
  29. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 41
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 13
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 16
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 0
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 12


    ඇනෝ අයිතීන් කප්පාදු කිරීමට මමද විරෝධය පල කරමි. අප මෙතෙක් මහන්සියෙන් යතුරුලියනය කරන අදහස් වාරණය කිරීමට තරම් කක නම් වූ මැවිසුරුවා පහත් තත්වයට පත්වූයේ කාගේ වරදින් ද ? ඔබට අපෙන් ලැබෙන හිට්ස් කමෙන්ට් වටින්නේ නැද්ද ? එක පෝස්ට් එකකට හිට්ස් දහස ඉක්මවා ලබා දෙන්නේ ප්‍රොෆයිවරු නොව ඇනෝවරු බව ඔබ නොදන්නෙහිද ? මගේ සියළුම ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍යයි !!

    මම
    සංගණන ඇනෝ !

    ReplyDelete
    Replies
    1. @ සංගණන ඇනෝ
      Thanks.

      පළ නොකළ කමෙන්ටු සංඛ්‍යාව = 2

      Delete
    2. ANO COMMENTS BLOCK NAM WARJANAYA KARAMU.

      Delete
  30. ඇනෝවරුනි,

    මෙම ඇනෝ අයිතීන් කප්පාදුවට එරෙහිව නැගී සිටිය යුතුම කාලයයි. ඇනෝවරු සියළු දෙනා එකා මෙන්ව නැගී සිට අත්වැල් බැඳගනිමු. කකා වටේ නොසැලෙන පවුරක් ගොඩ නඟමු !
    ඇනෝවරුනි, මේ අවි අතට ගැනීමට සූදානම් විය යුතු කාලයයි. ඔබේ අවිය කෙලින්කරගෙන අප හා එකතු වන්න !
    ඔබේත් අපේත් ඇනෝ අයිතීන් රැක ගැනීම සඳහා සටන් වැදිය යුතු කාලයයි !

    ඇනෝවරුන්ගේ සටනට..... ජයවේවා !
    ඇනෝවරුන්ගේ සටනට..... ජයවේවා !
    ඇනෝවරුන්ගේ සටනට..... ජයවේවා !

    කකා...කකා ..... මේ අහන්න !
    අපේ අයිතින්.... අපට දෙන්න !

    හිට්ස් ටිකයි... කමෙන්ට් ටිකයි !
    අපි දුන්නා... ඇති වෙන්නම !
    අපේ කමෙන්ට්ස්... කපා දමා !
    තග දැම්මා... බැට දුන්නා !


    හිට්ස් කමෙන්ට්.... අපි දුන්නා !
    කකා අපිට... බැට දුන්නා !

    අපි ආවේ... හිට්ස් දෙන්න !
    අපිට උනේ... හැරිලා යන්න !


    අපි යන්නේ... කොයි පාරේ !
    කැපිටල් ඇනෝ... ගිය පාරේ !
    අපි යන්නේ... කොයි පාරේ !
    ඇනලයිස් ඇනෝ... ගිය පාරේ !

    කපා කපා.... කෑලි කපා !
    අප වලකනු... සිතනු එපා !
    ලේ හැළුනත්... පාර දිගේ !
    අපේ ගමන.... අපි යනවා !

    ReplyDelete
    Replies
    1. කමක් නැද්ද ??

      Delete
    2. AnonymousMay 31, 2013 at 7:05 PM
      ඇයි අවිය කෙලින් වෙන්නේ නැද්ද ??

      Delete
    3. කතන්දරට එන්ඩ කියාපිය
      මෙව්වට උත්තර දෙන්ඩ කියාපිය

      Delete
    4. ANO COMMENTS BLOCK NAM APITH WARJANAYA KARAMU. - CAP. ANO-

      Delete
  31. ලැබෙන කුණු කතා තම කුණු ගොඩට නොදා
    ආපසු හරවලා යවනා පරිදි කකා
    අපහස උපහාස සැම එක් සිතින් දරා
    නුඹ ඉන්නා අයුරු පුදුමයි මා සිතට අහා !

    ඇනෝ ඇනීලා ඇවිදින් පිනුම් ගසා
    චූ කර කක්ක කර කුණු කෙළ ගසයි මෙදා
    මා හරි නමින් එන්නට සිත නිදහස නොමැති වුනා
    නම නැති නමුත් නුඹ හඳුනන කෙනෙකි මෙමා

    පෙර මෙහි ලියවුනා රසබර කතන්දර
    දැන් නම් නිකම් අත්හැර දැමු බිමක් සම
    හරකුන් ගොනුන් බල්ලන් විත් නටන්නට
    ඉඩ ඇරලා ඉන්නෙ ඇයි දැයි කියන් මට

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පාඨකයෝ යනු පවතින අපේ සමාජයේම කොටසකි. එවැනි පරිසරයක ඇති බ්ලොග් එකකින් පන්සලට මල් ආසනයක දර්ශනයක් බලාපොරොත්තු විම මුලාවක් නොවේද?

      එසේ නම් කල යුත්තේ ගේට්ටුව ලොක් කිරීමයි.

      කවුරුවත්, කීවත්, අදවත්, හෙටවත් එය කළ යුතුද මන්දා.

      කෙසේ වෙතත් ඔබේ මේ ප්‍රතිචාරයට ස්තුතියි ළමයෝ.

      Delete
  32. අද නං ඇනෝලා සෙට් එක කකාට ඇඩෙන්නම දීලා ය. මේ ඇනෝලාගේ අඳෝනාවට කන් දෙන්න. උන් නැති තැන රහක් නැත. ඇනෝලා මෙන්ම කෙන්ජි දේශක වැනි අන්වර්ථ නාමයන් ද අවශ්‍යය. ඒ කුණුහරප නැති තාක්ය.

    ReplyDelete
    Replies
    1. කවුද මිනිහො ඇඩුවෙ
      මේක ගොඩ දැම්ම වගේ අපිට මේක ඉවර කරන්නත් පුළුවන්.
      අපිට කවුරුවත් ලොකු නෑ

      Delete
  33. ඇනෝ මිත්‍රවරුණි කකා ට එහෙහිව එක් දින සංඛේත බිලොග් නොබලන කමෙන්ට් නොදමන වර්ජනයක් දියත් කරමුද?

    ReplyDelete
    Replies
    1. එය විය හැකිය.
      කොහොම උනත් මාතලංගේ සයිට් එක හොඳා කියලා හිතෙනවා. ඉලෙක්ට්‍රොන්කි මාධ්‍යක් වෙලාත් අදහස් ප්‍රචාරණයට සහ හුවමාරුවට කකාගෙන් නොසෑහෙන භාධා. අපි ටික ටික මාතලං දෙසට හැරෙමු......................

      Delete
    2. @Naleen Dilruksha

      මං හිතන්නේ 1975 දී පමණ ජේ.ආර්. එවක විරුද්ධ පක්‍ෂයේ (එජාප) නායකයා හැටියට පටන් ගත්තා දිණමිණ ඇතුලු ලේක් හවුස් පුවත්පත් වර්ජනය කරන.

      අන්න ඒක නම් නැගලා ගියා මං අහලා තියෙන විදියට. ඒක මිහිර, නවයුගය, සතුට ට හෙම හෙම අදාල වුනේ මයෙ හිතේ.

      Delete
    3. @ කතන්දර කාරයා

      ජනපති ප්‍රේමදාස යුගයේ ජවිපේ ක්‍රියාකාරකම් උග්‍රම අවධියේ වර්ජන හේතුවෙන් මිහිර නවයුගය සතුට යොවුන්ජනතා ඇතුළු සියලුම සතිපතා ප්‍රකාශන නවතා දමන්නටම සිදුවුණා. දිනමිණ සිළුමිණ පමනක් හෙලිකොප්ටර් යොදා නොමිලේ බෙදා හැරියා. පත්තරයක් විකුණන්න වෙළෙන්දෙක් වත් හොයා ගන්න බැරි කාලයක් තිබුණා.

      Delete
  34. මම මේ සේරම ඇනෝලට දෙන විශේෂ නිවේදනයයි.!
    මට යකා ගියොත් ලෝකෙ පුරා මම වගේ සුපිරි ඇනෝල තව 166ක් හදල කකා ඇතුළු සියලු දෙනාට කොමන්ට් කරනව.
    මම හොදට හොදයි.
    ඒ වගේම හැම දේටම හොදයි.
    හරිය.!!!

    ReplyDelete
    Replies
    1. ඇයි 166ක්ම
      ඔයාට ඊට වඩා බෑද ?
      අනෙ පලයන් මෙයා යන්ඩ.

      Delete
    2. දෙවරක් වච්චිල් කෙනජි අංකල්, පුකෙන්ද හදන්නෙ.
      අනේ කියාපංකො මට වැටහෙන්නේ නෑ අංකල්.

      Delete
    3. @ඇනෝ seven eleven;
      පුළුවන් ගාන කිව්වෙ මෙයා.ඇයි අවුල්ද?
      @ඇනෝ at 7:27;
      අපි දෙන්න නිදහස් තැනකදි මුන ගැහිල්ල මේ ගැන කතා කරමුද?සිතියම පෙන්නලම අවබෝධ කරන්න වෙනව ඔය නොවැඩුන අඤඤකොරොස් මොලේට.

      Delete
  35. ඇනෝ වාරණය ගැළපෙන්නේ නැහැ කකා.. පළපුරුදු බ්ලොග් රචකයකු ලෙසත්, ඊටත් එහාට, පාසල් මට්ටමින් සහෝදර බ්ලොග් කරුවෙකු ලෙසත්, ඔබට මගේ ඇති ගෞරවය නිසයි කියන්නේ.. මම ඔබට වඩා බොහෝ ජූනියර් වෙන්න පුළුවනි.. ඒත් ඇනෝ වාරණය නම් ඔබේ තීරණය, Coming colours are pretty bad.

    අපහාසය මකන්න.. උපහාසය තියන්න.

    ReplyDelete
    Replies
    1. නැවත කියවා බලන්න. මා කියා ඇත්තේද ඔබ මේ කියා ඇති දේම තමයි.

      නමුත් උපාසයේ සහ අපහාසයේ මගේ මිනුම අන් අයගෙන් වෙනස් වගේ. මගේ දෙපැත්තේම අය ඉන්නවා.

      Delete
  36. මට දැනෙන විදියට එහෙම ආපස්සට ගිහින් හිතලා කරපු එක දෙයක් තමයි මගේ බ්ලොග් එක බ්ලොග් රෝලෙන් ඉවත් කිරීම. :)

    ReplyDelete
    Replies
    1. අවුරුදු දොළහක කුඩා දරුවෙකු මරා දැමීම ගැන අසංවේදී කතා කියූ මගේ බ්ලොග් රෝලේ සිටි බ්ලොග්කරුවන් සියලු දෙනාගේම බ්ලොග් එයින් ඉවත් කළා.

      එයට අයිති වුනේ ඔබ පමණක් නොවෙයි.

      ඔබ තනි නැත.

      Delete
    2. හොඳ වැඩේ සුදිකයට මේ ගුබ්බැයමේ රිංගනවට !
      ( මේකත් අනිවා වාරණයේ දං ගෙඩියට )

      Delete
    3. හොර හරක් ලොරියේ ඉදිරි පස බුදු සරණයි ලේබලය
      ජඩ වැඩ සියල්ල කරමින් රට අගාදයට ගෙනයන්නාට සංවේදී පියා ලේබලය
      අන්ත කෘර පැසිස්ට්වාදී ඉස්ලාම් ආගම ට සාමයේ ආගම ලේබලය
      අපවත් වූ දින ස්වාමින්වහන්සේ නමකට හරකා බුරුවා කියූ කකා ට සංවේදී මිනිසා ලේබලය
      සමානත්වයක් පෙනේද ?

      Delete
  37. අහෝ කකා!

    ReplyDelete
  38. a new blogger http://www.sithuvilipokuru.blogspot.com/

    ReplyDelete
  39. cming color no good. beware.

    ReplyDelete
  40. භික්ෂුන් වහන්සේ නමක අපවත් වූ විට ඔබ පල කල මේ අදහස් අතිශයින් කෘර , අපහාසාත්මක සහ අසංවේදී නොවෙයිද ?
    ගව ඝාතනය වැරදි නං ගොනෙක් තමන්ව ම ඝාතනය කර ගැනීමට තැත් කිරීම හරි වෙන්නේ කොහොමද?

    ප්‍රශ්නය: මාළුන්, කුකුළන් හෝ ඌරන් කෙරෙහි නොමැති ආදරයක් හරකුන් කෙරේ පහලවන්නේ ඇයි?
    පිළිතුර: ජාති ආලය ගැන අසා නැද්ද?

    අනේ කකා ඔන්න ඔයාගේ සංවේදීකම අධෝමාර්ගයෙන් වැක්කිරිලා කකුල් දිගේ බේරෙනවා
    hypocrisy at its best

    ලැජ්ජයි !

    - මම මහසොහොන් පිල්ලිය
    (මෙයත් වාරණයේ දං ගෙඩියට ද ? )

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.