Wednesday 29 May 2013

දෙන්නම වැඩට යන විවාහකයින්ට ආදරබර ෆ්‍රයිඩ් රයිස් - Fried rice with love


මේක එච්චරම ලොකු කතන්දරයක් නොවෙයි. ඒත් මට නං ටිකක් විතර සංවේදී එකක්.

මේක කියවන කොල්ලන් ට කෙල්ලන් ට කෙසේ වෙතත් පවුල් පන්සල් වෙලා දෙන්නම වැඩට යන අයටත් කතාව ටිකක් හෝ දැනෙන්න ඉඩ තියෙනවා.

කවුරුත් වගේ කැමති ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කෑමක් තමයි ෆ්‍රයිඩ් රයිස් කියන්නේ. "පොෂ්" නමක් තිබුණට අන්තිම සරල කෑමක්!

හාල් ටික රයිස් කුකර් එකේ ඉදෙන්න දාලා, එලවලු ටිකක් කපලා තෙම්පරාදු කරන ගමන්ම ඒකට ඉඳුණු බතුත් එකතු කරලා ගත්තාම පැය බාගයක් යන්න කලින් පුළුවන් ෆ්‍රයිඩ් රයිස් හදා ගන්න.

ඔය අතරේ මස් කරියකුත් හදා ගත්තනම් වැඩේ සම්පුර්ණයි.

ෆ්‍රයිඩ් රයිස් කියන්නේ කතන්දර හාමිනේ ගේ ප්‍රියතම කෑමක් හදන්න වගේම කන්න. ළමයිනුත් හරිම කැමතියි.

නමුත් එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ!

මංතුමා ෆ්‍රයිඩ් රයිස් කන්න කැමති නැත. නිකං එලෝලු කැලියි, බතුයි විතරයි නේ. මං කන්න කැමති ඊට වඩා සංකීර්ණ උයන්න අමාරු කෑම ජාති.

සාමාන්‍යයෙන් සතියේ දවස්වල හාමිනේ පහමාර විතර වෙනකොට ගෙදර. එයැයි ගේ වැඩපොලේ ඉඳලා ගෙදරට කිලෝමීටර් අටක් විතරයි තියෙන්නේ.

ඒකටත් එක්ක මංතුමා ගෙදරට ලඟාවෙන කොට සාමාන්‍යයෙන් හතහමාර විතර වෙනවා. මොකද මට ඔෆීසියේ ඉඳලා ගෙදර එන්නම පැය එකහමාරක් විතර යනවා, ඒකයි.

ඒ හේතුව හින්දා අපේ රාත්‍රී ආහාරය බොහෝ වෙලාවට ඉතිං හාමිනේ ගේ සුරතින් තමයි සැකසෙන්නේ.

මේ අවුරුද්දේ මුල ඉඳලා නම් සතියට දවසක් විතර මංතුමා කලින් ගෙදර එනවා. ඒ වගේ දවස්වලට තමයි අර ස්ටර් ෆ්‍රයි, පරිප්පු, බොම්බිලි කරෝල, බීන්ස් විත් පීනට්ස්, පොල් රොටී වගේ වික්‍රමාන්විත මෙහෙවුම් ක්‍රියාත්මක වෙන්නේ.

ඔන්න එක දවසක් මට ඔෆීසියේ ලොකු වැඩ ගොඩක් යෙදිලා හවස ගෙදර යන එක ප්‍රමාද වුණා. ඒ ගැන කියන්න මං ගෙදරට කතා කරන කොටත් හාමිනේ ගෙදර ඇවිල්ලා නෑ.

"මාත් අද යනකොට හත විතර වෙයි!" හාමිනේ කිව්වා, මොබයිල් එකට මං කතා කළාම.

කොහොම හරි මං එදා ගෙදර යන කොට නමයත් පහුවෙලා. මං එන්න පරක්කු වෙන හින්දා හාමිනේට කන්න කියලයි මං කියලා තිබුනේ.

මංතුමා ගෙදර ආවේ හොඳටම බඩගින්නේ. හාමිනේ පේන්න හිටියේ නෑ, බාත් රූම් එකේ ද කොහෙද. මං ගෙට හොඩ වුණු ගමන්ම බෑග් එක කාමරෙන් තිබ්බා, කුස්සියට ගියා, අත හෝද ගත්තා.

මෙන්න කුස්සියේ මේසේ උඩ දිලිසි දිලිසී තියෙනවා පලංගානකින් බාගයක් ෆ්‍රයිඩ් රයිස්. ඒ එක්කම පරිප්පුවක් උයලා, ඊයේ උයපු කුකුල්මස් වගයක් රත් කරලා තිබුණා.

මට තේරුණා හාමිනේ ගෙදර එන්න පරක්කු වෙච්ච හින්දා ෆ්‍රයිඩ් රයිස් හදලා බව. ඉතිං මං කෙරුවේ පිඟානකට ඒ ෆ්‍රයිඩ් රයිස් ටිකයි, පරිප්පුයි මසුයි බෙදාගෙන කොටාබාන්න පටන් ගත්තු එකයි.

ඔන්න ටික වෙලාවකින් හාමිනේ කෑම කාමරේට ආවා.

"ආ ඔයා ෆ්‍රයිඩ් රයිස් ටික ද කන්නේ? මං ඔයා ෆ්‍රයිඩ් රයිස් කන්න අකමැති නිසා ඒවා හදන්න කලින් සුදු බත් ඉතුරු කරලා, අන්න සැලඩ් එකකුත් හැදුවා" හාමිනේ කිව්වා "එහෙනං මං ඒ බත් ටික කන්නම්."

"ආ, ඔයා තාම කෑවේ නැද්ද?" මං ඇහැව්වා.

"නෑ, මං ඔයා එනකම් කියලා හිටියා. ඒක නෙමේ ඇයි ඔයා අද ෆ්‍රයිඩ් රයිස් කන්නේ?"

"නෑ, මං හිතුවේ ඔයා අද පරක්කු වෙලා ආපු හින්දා ෆ්‍රයිඩ් රයිස් උයන්න ඇති කියලා, ඉතිං මං ෆ්‍රයිඩ් රයිස් කන්න බෑ කියලා ඔයාට තවත් කරදරයක් වෙන එක හරි නෑනේ!"

ඔන්න ඔහොමයි වුනේ!

මේ කතන්දරේ ඇතුලේ වැදගත් කරුණු කීපයක්ම තියෙනවා. ඒවා ගැන මං අමුතුවෙන් කියන්න යන්නේ නෑ. මොනවා වුනත් අපේ පවුල් ජීවිතේ මං ලබපු හොඳම අත්දැකීමක් තමයි ඒක.

-කතන්දරකාරයා

ප/ලි:
ඊයේ (මැයි 28) ට යෙදෙනු කතන්දර හාමිනේ ගේ සහ කතන්දරකාරයා ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ලියා පලකරන ලදී!

මෙන්න පරණ ඇනිවසරි කතන්දර.

1. පදම් වීම - Ageing
2. කතන්දරකාරයා කතන්දර හාමිනේ ට ලියූ නාඩගම් ගීතය


(image: http://yumyumformytumtum.com/2010/07/11/yummy-claypot-just-another-joo-chiat-eatery/)

116 comments:

  1. හැපි ඇනිවසරියක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා! ස්තුතියි!

      Delete
  2. සුබ සංවත්සරයක් වේවා!!!
    ඒ වගේම ඔයවගේ ආදරෙන් හැමදාම ඉන්ට ලැබේවා!!!
    කතන්දර හාමිනේ වෙනුවෙන් තව, තව රස කතා ලියැවේවා!!! :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා! ස්තුතියි!

      Delete
    2. මේ මොකද මේ?සිංහල අවුරුද්ද පහු වෙලානෙ.???

      Delete
  3. කතන්දර උතුමාණන් ෆ්‍රයිඩ් රයිස් එක්ක මස් කොටාබෑවට අනාථ සිංහල කුකුල් පැටව් වන අපි නං වට්ටක්කායි බතුයි කන්නෙත් අමාරුවෙන්. ඈ කකා වට්ටක්කායි බතුයි කන්ට ආසා නැතෙයි?

    මගේ කොල්ලා අඩනවා වට්ටක්කාත් එක්ක බත් කන්න බෑ කිකියා. මම එතකොට බත් ඔක්කොම කෑවොත් සුධික මාමාගේ ඩොස් ගේම් එක ඉල්ලලා දෙනවා කියලා තමයි කොලුවට බත් ඩිංගක් කවන්නේ. ඒත් දැන් කොල්ලා දැනගෙන සුධික මාමා ලග අහවල් විච්චියක් නෑ කියලා. පස්සේ පස්සේ මම කෙන්ජි බිල්ලා ඇවිත් බත් කන්නේ නැති එවුන් අල්ලන ගිහිං උයියා කරයි කියලා කිව්ව ගමන් කොලුවා බත් මුට්ටියම කනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ පොඩි අයට කැත කතා කියල භය කරන්න එපා බං.
      උඹල අපි විනෝදෙට කතා ලිව්වට මම බෝ පැලයක් මචෝ.
      වට්ටක්ක හොද කෑමක්.නිතරම පොඩි එකාට කන්න දුන්නම හොදට පාට වැටිල එනව.

      Delete
    2. ඉන්ටනෙට් යන්නෙ නැතිව ඒ සල්ලි ඉතුරු කර ගත්ත නම් අඩු ගානෙ දවසක් ඇර දවසක් වත් පොඩි එකාට බිත්තරයක්වත් දෙන්න තිබුනා.

      Delete
    3. ඇයි ඇදුරු තුමාගෙ නයා එනවා කියලා බය කරන්න පුලුවන්..... තව, සල්ලි ණයට ඉල්ලන මීමුරේ මාමා එනවා කියලා, ණයට දීපු සල්ලි ඉල්ලන රට ඉන්න මාමා එනවා කියලා, වස් කවි කියන ජෝති මාමා එනවා කියලා, භූත රෝග විශේෂඥ වෙද මාමා එනවා කියලා... පොඩි එකාව බය කරන්න පුලුවන්........

      Delete
    4. ඔය වැඩෙත් තව වැඩි දවසක් කරගෙන යන්න පුළුවන් වෙන එකක් නැහැ.

      Delete
    5. ඇයි බන් ඒ?

      Delete
    6. පොෂ් නමක් තිබුණට ෆ්‍රයිඩ් රයිස් යනු ලාබම කැමකි. එළවලු ටිකක් සහ බත් ටිකක් සහ තෙල් ටිකක් පමණි.

      එක කාලයක් බෝඩිමක සිටියදී උදේට වට්ටක්කා සහ බත් කන්න වෙලා පුදුම දුකක් වින්දේ!

      Delete
  4. ඔබ දෙපලගේ 1x විවාහ සංවත්සරයට මාගෙ සුභ පැතුම්.!!!

    ReplyDelete
    Replies
    1. දුකයි නේද
      ඔයාල වගේ තුම්පනේ ලොලු බයියන්ට මොන ඇනිවසරිද
      ගනන් ගන්න එපා ලබන ආත්මෙවත් ට්‍රයි කරපන් කෙන්ජියෝ

      Delete
    2. හ්ම්... එකනේ බං.
      එහෙම තමයි හිතන් ඉන්නෙ.

      Delete
    3. කෙන්ජිගේ රෙදි නෑ.... හුක්කි හුක්කි හූඌඌඌඌඌඌඌඌ

      -කැලයේ නරියා

      Delete
    4. ස්තුතියි Kenji @ Japan

      Delete
  5. හැප්පි, හැප්පි ඇනිවසරියක් වේවා..... !!!

    ReplyDelete
    Replies
    1. දෙන්න එක්ක බෙදා හදාගෙන කෑම කන ලීලෙන්ම පේනවනෙ හැප්පි,හැප්පි ඉන්නෙ කියල.

      Delete
    2. අද ඉතින් මාතලන් ගොයියා ඉවරයි.
      නහයේ කටේ හිටන් පැලැස්තර අලවගෙන ඉන්නයි වෙන්නේ....

      Delete
    3. ඔහේ ගේ ඇනිවසරිය කවදාද මාතලන්?

      Delete
  6. සුබ සංවත්සරයක් වේවා..!

    ඔන්න සහයෝගයෙන් ජීවත්වෙන පවුලක් ..
    --ජය ---

    ReplyDelete
  7. මට මතක් උනේ ගීද මෝපසාංගෙ කතාවක්. ඇනිවර්සරියට කෙස්කලඹ විකුණපු නෝන මහත්තයට ගන්නව ඔරලෝසු බෙල්ට් එකක්. ඔරලෝසුව විකුණල මහත්තය ගේන්නෙ නෝනට නොන්ඩ කටුවක්.

    ඒවයෙන් කමක් නෑ කතන්දරටත් හාමිනේටත් හැපි ඇනිවසරියක්!

    ReplyDelete
    Replies
    1. කරෙක්ෂන්
      නෝනට කොන්ඩ කටුවක්.

      Delete
    2. ඕව නිකන් බයිලා බන්.උබ කියවන්නෙත් ඕවමනේ.

      Delete
    3. මචං රාජ්, මටත් මේ කතාව කියවද්දි එක පාරටම මතක් වුණේ ඔය කතාව... ඒත් ඔයාට පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනව මට මතක හැටියට...

      "The gift Of the magi" කියන ඔය කෙටිකතාව ලියල තියෙන්නෙ O.Henry කියන කෙටිකතා වලට ප්‍රසිද්ධ ඇමරිකානු ලෙඛකය..(O.Henry කියල ප්‍රොෆයිල් එකෙන්( :D ) ලිව්වට ඔහුගෙ නම William Sydney Porter )

      Delete
    4. තැන්කූ. නිවැරදි කිරීමට.

      Delete
    5. රාජ් කියන කතාව මං කියොලා තියෙනවා පොඩි කාලේ සිංහල පරිවතර්තනයක් ගියා අම්මා එකතු කරපු රසකතා පත්තරවල.

      නමුත් ඒ දවස්වල මේ වහේ බැඳපු අයෙගේ කතාවල අරුත හරියටම වැටහෙන්නේ නෑ නේ!

      Delete
    6. හා හා රාජ්, ඔයත් කන්නෙ ලෙමන් පෆ් වගේ...!

      Delete
  8. සුබ විවාහ සංවත්සරයක් වේවා !

    ReplyDelete
  9. කතන්දර ආදරබර සැමියෙක් කියන එක මෙතැනින් හොදට පැහැදිලිවෙනවා. ඔබ දෙදෙනාට ප්‍රීතිමත් අනාගතයක්. දරුවන්ටත් එක්කමයි.

    ReplyDelete
    Replies
    1. සුභ අනාගතයක්...

      Delete
    2. ආදරබර කියන්නේ කොටින්ම ආදරේ බේරෙනවා.

      Delete
  10. සුබ විවහා සංවත්සරයක් වේ වා!
    දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයි වගේ. ඒකනේ දෙන්නට දෙන්නා කලින්ම හිතලා තියෙන්නෙ..
    අද මම 1 ද මන්දා

    ReplyDelete
    Replies
    1. පවු අනේ ඔයා...
      තාමත් උත්සහය අතාරින්නේ නැති පාටයි.

      Delete
    2. ස්තුතියි.

      එක වෙන්න ඕනෑ නම් උදේ හයට කතන්දර බ්ලොගය බලන්න.

      Delete
  11. Kaka punnakku kanne nedda?

    ReplyDelete
    Replies
    1. පුණ්ණක්කු විතරක් නෙමේ තණකොළත් කනවා.

      Delete
    2. Thappulanne nedda?

      Delete
    3. බ්ලොගයේ තමා වැඩිපුරම තප්පුලන්නේ...

      Delete
    4. පුන්නක්කු කියන්නේ පොල්තෙල්වල බයි ප්‍රඩක්ට් එකක්.

      Delete
  12. තම බිරිය එන තෙක් නොකා නොසිටි කකා මුග්ධයෙකි.... බත් පිගාන මුගෙ ඔලුවෙ නවන්නයි තිබ්බෙ....

    ReplyDelete
    Replies
    1. ද්වේශ සහගත කමෙන්ටුවක් !!

      Delete
    2. කතාව හරියට කියවලා නෑ.

      Delete
  13. Suba sanwathsarayak wewa.sanwedi kathawak thamaa.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමිත්. ඔබ විවාහකයි නේද?

      Delete
  14. සුබ විවාහ සංවත්සරයක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔහේ ගේ එකත් මට මතකයි!

      Delete
  15. කාකාට සහ හාමිනේට සුභ සංවත්සරයක් වේවා..!
    ඇත්තටම මේ කතාව අස්සේ වැදගත්ම කරුණු කිහිපයක් තියෙනවා තමයි. ඒ අතරින් දෙන්නට දෙන්නා සහයෝගයෙන් ප්‍රශ්න විසඳ ගැනීම වඩාත් වැදගත්... ඒ වගේම කතන්දර හාමිනේ කාකා එනකල් නොකා සිටීම විග්‍රහ කරන්න වෙන්නේ ආදරයේ නාමයෙන්ද? නැතිනම් යල් පැණ ගිය බමුණු මතවාදවල නාමයෙන්ද කියලත් ගැටළුවක් ඇති වෙනවා. කාකානං ඉතිං තමුන්ට හිතුන දේ අනුව ඔක්කෝම හරි කියලා තීරණය කරලා වැඩ කරන බවත් පැහැදිලි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      කතන්දර හාමිනේ නොකා සිටීම විස්තර කළ හැක්කේ ඔය කිසි ලෙසකින් නොව සෞඛ්‍යමය කරුණු මතයි. මා ගෙදර ආ ගමන් බඩගින්ණ නිසා කන්න පටන් ගත්තාට ඇය කලේ උයා අවසාන වී ඉන්පසු දිය නා පිරිසිදු වීම සඳහා යෑමයි.

      මා එන විට එක් අයෙකුට පමණක් සෑහෙන ප්‍රමාණයෙන් ෆ්‍රයිඩ් රයිස් තිබුණාම ඒ මටය යන සිතුවිල්ළ ඒම සාධාරණයි කියායි මට හිතෙන්නේ.

      Delete
    2. ඕක දන්නෙ අත්දැකීම් තියෙන අය පමණයි කකා.

      Delete
  16. ගෑනි කොනා නොබී මිනිහා එනකන් බලාගෙන ඉදලා. මිනිහා ආපු ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කොටාබාලා.
    ගෑනි පවු !
    පොල් පිත්තක් ගත්තහම මේ වගේ මිනිස්සු දෙන්නෙක්ව කපා ගත්තෑකි.


    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. අප සංගමයේ විරෝදය


      සභික ,
      කකා සුරකීමේ ජාතික පෙරමුණ.

      Delete
    2. surakinne joka wath nathi pukada ooi.

      Delete
    3. හුරතල් ඇනීගේ මෙම කමෙන්ටුව හෙලා දකිමු !

      කැදවුම්කරු,
      කකා සුරැකීමේ ජාතික සංවිධානය

      Delete
    4. හුරතල් ඇනී නෝටි වෙලා!

      Delete
  17. සුභ විවාහ සංවත්සරයක් වේවා! දැන් මේ කී වෙනි එකද? මගේ අම්මයි තාත්තයි ලබන අවුරුද්දේ තිස් එක්වෙනි විවාහ සංවත්සරේ සමරනනවා...එදාටම තමයි අපේ පලවෙනි සංවත්සරයත්! :)
    කතන්දරට තවත් ගොඩක් ප්‍රීතිමත් සංවත්සර සමරන්ඩ ලැබේවා!

    ReplyDelete
    Replies
    1. කතන්දර මොන මගුලකටද කාගෙවත් විවාහ සංවත්සරයක් සමරන්නේ...

      Delete
    2. බුදු අම්මෝ බයේ නෑ,

      අපේ තිස් එක් වෙනි සංවත්සරේ වෙන කොට අපි දෙන්නා ආච්චී සීයා වෙලා ඉඳියි.

      නිරෝශිනී ගේ දෙමව්පියොත් බයේ ඇති ලබන අවුරුද්දේ ආච්චී/සීයා වෙයිද කියලා නේද??

      Delete
  18. සුබ පැතුම්..

    ReplyDelete
  19. කතන්දරටත් හාමිනේටත් සුභ ඇනිවසරියක් වේවා..
    කතන්දරේ ඇතුලේ පාඩම වැදගත් වෙන වෙලාවල් නම් ගොඩක් තියනවා තමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      මං හිතපු විදියට මේක බැඳපු අයට තමයි හොඳට තේරෙන්නේ.

      Delete
  20. කකාටත් කතන්දර හාමිනේටත් සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා...!

    ReplyDelete
  21. නම්යශීලීතාවය.ලංකාවේ බොහෝ පිරිමින්ට නැත්තෙත් ඕකම තමා. Happy Anniversary !

    ReplyDelete
    Replies
    1. හැමතිස්සෙම නම්‍යශීලීතාවයනම් ඉතින් ලෙඩක් තමයි.... වෙඩමහට්ටයා හම්බවෙන්න යන්නවෙයි....

      Delete
  22. කැපිටල් ඇනෝ අංකල් ආගිය අතක් නොමැත. අවසන් වරට දකින විට මාතලන්ගේ බ්ලොගයේ ඇනෝ කමෙන්ටු කොටමින් සිටියේ ය.
    සොයා දෙන කෙනෙකුට ගොනා කානුවේ නොයන පරිදි ඇඳිය හැකි වටිනා වවුල් ජොකෙක් ත්‍යාගය වශයෙන් ලබා දේ.. !

    ReplyDelete
    Replies
    1. කැපිටල් ඇනෝ යනු කකාගේ පෙර කල කරුමයකි.... ගොනු පසුපස යන ගැල මෙන් ඔහු කකා ලුහුබදියි....

      Delete
    2. හිනා යනව බං මේවට නං.

      Delete
    3. අවසන් චර දිකින විය අමිල චතුරංග ගේ බ්ලොගයේ කමෙන්ටුවක් දමමින් සිටියා.

      http://ansathudinapotha.blogspot.com/2013/05/blog-post_29.html?showComment=1369800093959#c2901670264396760911

      Delete
  23. අන්න ගෑනු... ඒකටත් එක්ක මෙන්න මිනිස්සු, ඇරුන්දැ කෑවද බීවද මොකුත් බැලුවෙ නෑ... :D

    HAPPY ANNIVERSARY KAKA & KATHI... !!!

    ReplyDelete
  24. Happy Anniversary KaKa!

    Love Like Crazy

    P.S. - Specially dedicated to KAKA & KATHI :D

    ReplyDelete
  25. ආනන්දෙ උනාට ඉස්කෝලෙ... කොමෙන්ට් ටික පබ්ලිශ් කරන්නෙවත් නෑ වෙලාවට.... අප්පමාදෝ අමතපදන්.... පව්....

    ReplyDelete
  26. හැපි ඇනිවසරියක් වේවා , කතන්දර කුමාරටයි කතන්දර හාමිනේටයි දෙන්නටම...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      කතන්දර කුමාර කියන්නේ ඉස්සර. දැන් කතන්දරකාරයා!

      Delete
  27. කකා කලින් කෑවට බනින නෝනලා-මහතුන්ගෙන් කී දෙනෙක් උයනවාද දන්නේ නැහැ. හැබැයි එයාලට පෙනිලා නැහැ, හාමිනේ කකා කනවා දැකල ඇහුවේ, "ඇයි ඔය බැදපු බත් කන්නේ, සුදු බත් බෙදා ගන්නේ නැතුව" කියල මිසක් "මොකද මිනිහෝ මා ඔයා එනතුරු කන්න ඉඳලත්, මේ ටික වෙලාව ඉන්න බැරි වුනාද ?" කියලා නොවේ.
    ප්‍රීතිමත් සංවත්සරයක් කකා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රයිගම.

      මාත් රයිගම වගේ ගෙදර දී මස් උයනවා, බ්ලොග් එකේ දී පතෝල සලාද හදනවා!

      Delete
  28. HAPPY ANNIVERSARY KAKA, ME TIKE MATA WATHA AMARUWAK. PADA YANAWA CHUU YANAWA GE YANAWA SUKRA YANAWA.

    ReplyDelete
    Replies
    1. හොර වෙදා හම්බවෙයන්... නැත්තන් කෙන්ජියට කියලා බෙහෙත ඉල්ලගනින්...

      Delete
    2. මෙන්න ඉන්නවා කැපිටල් ඇනෝ අංකල් !!
      කොහෙද හලෝ මෙච්චරකල් ගිහින් උන්නේ ???

      Delete
    3. ABOVE IS NOT THE GENUINE CAPITAL ANO. I AM THE CAPITAL ANO. I DID NOT COMMENT THESE DAYS BECAUSE, HE DOES NOT PUBILIS MY COMMENTS. I NEVER WISH HIM FOR ANY OCCATION. THERE IS ANOTHER THING WHICH I DONT SAY. .IF I TELL THAT I WONT BE ABLE TO KEEP MY IDENTITY.

      Delete
    4. කැපිටල් ඇනෝට මං නොතීසි දිලයි තියෙන්නේ. එකම කමෙන්ටුව නැතුව විවිධත්වයක් නැතිනම් එයා දොට්ට.

      Delete
    5. මල කෙලියයි!

      දැන් නේ දැක්කේ මේ මං පිලිතුරු ලියන වෙලාවේ ඇවිත් තියෙන දෙවෙනි කැපිටල් ඇනෝ අංකල් කමෙන්ටුව!

      කැපිටල් අංකල් ලා දෙන්නයි!

      මේකට කියන්නේ අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් කියලයි.

      ඇයි මේ නියම කපිටක් ඇනෝ අංකල් ඒ නමින් ප්‍රොෆයිල් එකක් දාහගෙන නොඑන්නේ?

      Delete
  29. සුභ සංවත්සරයක් වේවා!
    -හැමදාම මේ බ්ලොගය බලන ඇනොවෙක්.

    ReplyDelete
    Replies
    1. හැමදාම ඇවිත් ගිය ඇනෝලට හිමි වන චූ බෑගය ඔබ ජයග්‍රහණය කර තිබෙනවා.
      ඉදිරියට පැමිණ ත්‍යාගය පිළිගන්න

      Delete
    2. @ හැමදාම මේ බ්ලොගය බලන ඇනෝ

      Thanks - ස්තුතියි.

      Delete
  30. හොදටම පරක්කු වුනත් - සුබ පැතුම් පිලිගන්න!

    ෆ්‍රයිඩ් රයිස් ව‍‍ගේ ලේසියන් හදන්න පුලුවන්, හැදුවම ඇඩෙන තරම් පෙනුමක් එන කෑම වර්ග තව දෙකක් තියෙනවා. එකක් පාස්තා, අනික නූඩ්ල්ස්. ඔය දෙකම හදන්න පුලුවන් ෆ්‍රයිඩ් රයිස් හදන පිලිවෙලටම.....!

    කතාවෙන් කියවෙන අද්දැකීම් හරියට දැනෙන්න නම් බැඳලා ම බලන්න ඕනැ. මට නම් හිතාගන්න බැරි බඩගිනි වුනත් අපි එනකල් කෑම ලග තියාගෙන කල්මරන්නේ කොහොමද කියලයි. !

    කාලෙකට පස්සේ "ඒ කාලේ" වගේ කතන්දරයක් වැටිලා!

    ReplyDelete
    Replies
    1. /* කාලෙකට පස්සේ "ඒ කාලේ" වගේ කතන්දරයක් වැටිලා! */

      කෘතිම කතන්දර මං ලියන්නේ නෑ. රියල් කතන්දර නේ ලියලා දාන්නේ. ඉතිං බුද්ධි කැමති කතන්දර එන්නේ කාලෙන් කාලෙට.

      මේ කේස් එක වුනේ ඇත්තටම ගිය සුමානේ.

      Delete
  31. මගෙනුත් ඔබේ විවාහ සංවත්සරය සුබ පැතුම්.. කකා...

    ReplyDelete
  32. සුරගන ලඳුන් හමුවේ නැත මුලා වෙලා
    දිවි ලොව ගියත් නිවසට එයි හවස් වෙලා
    දූ දරුවන් බිරිඳ සමඟින් කූඩු වෙලා
    ඉන්නට සුබ පතනවා දැන් හොඳටම පමා වෙලා

    තරුණ වියේ ආදරයෙන් බැදුනාට
    යුගල් වෙලා ජීවිතයම ගෙවුනාට
    වටිනාකම දැනෙයි කවුරුත් නැති දාට
    අන්තිම කාලේ ඇය-ඔහු මිස වෙන කාට

    සුබ පැතුම් කතන්දර කොල්ලෝ.
    පුරාණ කත්නදර පාඨිකාවක්...සහ කමෙන්ට් කාරියක්.

    ReplyDelete
    Replies
    1. ලඳ සුරඟනකි නිවසේ වැඩ සිටින්නේ
      හොඳ සහනයෙනි දින සති වස් ගෙවෙන්නේ
      ඉඳ මේ වෙහෙර මොක් පුර ලඟ පෙනෙන්නේ
      සිඳ බිඳ සසර අභිනික්මන නොවෙන්නේ

      එව්වත් කමෙන්ටුව නම ගම සඟව තියා
      කිව්වත් ඔබ පැරණි කියවන්නියක් කියා
      ඔව්වත් හරි වැඩද ඇයි මා අඳුරෙ තියා
      දැන්වත් කියනවද මට ඔබ කවුද කියා

      Delete
    2. K.k.= kavi karaya

      Delete
  33. පෙරදා ඉතිරි වූ බත් පිගානක්
    කපාගත් ලොකු හෝපොඩි ළූනු ඇති පමණ
    අමු මිරිස්,කරපිංච ඇති පමණ
    බිත්තර ගෙඩියක්
    මාගරීන් මේස හැදි ක්
    ෆ්‍රයිපෑනය ලිප මත තබා භාජනය රත් වන විට මාගරින් දමා ටික වෙලාවකින් කපා ගත් සියල්ල තෙම්පරාදු ආකාරයට සියල්ල බැද ගිනි දැල් ටිකක් අඩු කොට බිත්තරය ඒ මතට කඩා දමා කුඩා කැබලි ඇතිවන ලෙසට කලවම් කරන ගමන් බත් ද එයට දමා හොදින් මිශ්‍ර කරගන්න.[මෙයට එළවලුද මිශ්‍ර කල හැක]
    මෙහි හොදම රසය ගැනීමට නම් පෙරදා ඉතිරි මිරිස් මාළු/මස් හොදි සමග,වියලි/අමුමිරිස්,රතුළූනු,කරපිංචා,සුදු ළූනු,දෙහි ඇඹුල්,උම්බලකඩ සහ ලුනු පදමට දමා අඹරා/තලා ගත් පොල් සම්බලයක් තිබිය යුතුය.
    ඔබ සවසට බොන්නෙක් ද?
    එසේ නම් මෙසේ කරන්න.
    ඉහත කී තෙම්පරාදු මිශ්‍රණය,බිත්තරය සමග 100%තලතෙල් මේස හැදී 3ක් සමග පිරිසිදු කොට සෝදාගත් වැල් පෙනල කොල මිටි 2ක් ගන්න.
    පෙර පරිදි භාජනයට ළූනු ම්ශ්‍රනය සහ උම්බලකඩ දමා හොදින් බැදෙන විට පෙනල කොල දමා ඉක්මනින් කලවම් කර එවලේම ලිප නිවා බිත්තරය දමා කලවම් කර නිවෙන්න තබා ඔබ නාගන්න.පසුව බිරිද සමග මෙගා නාට්‍යයක් බලන ගමන් බිබී බයිටයේ රස බලන්න.
    සතියකට පසු ඔබේ බිරිද අල්ලපු ගෙදර බිරිදට කියයි>>ආයිත් බැන්ද වගේ අනේ....!<<කියල.

    ReplyDelete
    Replies
    1. සේරම පුළුවනි, හැබැයි අර මෙගා නාට්ටියක් බලන එක තමයි එපා කරපු වැඩේ!

      විනාඩි දහයක් පාළහක් බලද්දී මිනිහට නින්ද යන හින්දා වෙන්න ඇති බිරිඳ කැමති ඔය වැඩේට!

      Delete
    2. කාකා@ ඔයා කිවා වගේ ෆ්‍රයිඩ් රයිස් කියන්නේ හදන්න පහසුම කෑමක් තමයි ,, ඔයා එනකල් බදිගින්නේ හිටපු වයිෆ්ගෙන් අහන්නෙවත් නැතුව කාපු එක නම් නරකයි

      කෙන්ජිත් අර කතාවම කලින් ලියලා ,

      Delete
  34. එක. මට මතක් උනේ අර සන්නස්ගලගෙ කතාව. මිනිහගෙ අම්ම තිබ්බ පිටිවලින් හදාපු එකම එක රොටිය පිඟානකින් වහල ළිඳටද කොහෙද ගිහින් එනකොට පරක්කුවෙලා නැගිටපු උපුල් කොළුව ඒක තනියම කාල දොට්ට බහිද්දි අම්ම ඒකව දැකල කිව්වලු "පුතේ අර මේසෙ උඩ තීන රොටියෙන් මටත් කෑල්ලක් තියල උඹත් කාල පලයන් යන තැනක" කියල.

    දෙක. මහන්සිවෙලා ගෙදර එන මනුස්සය ඒ වගේම මහන්සියෙන් එන ගෙදර උන්දැට කඩා නොපැන තීන දෙයක් සතුටෙන් කන ඔය වගේ කතා "කතන්දර" ගෙ "කතන්දරයක්" නෙමෙයි කියල විස්වාස කරන තැනට ඔබ අප ගෙනල්ල තියෙන නිසා මම ඒ වටිනා ගුණයට ගරු කරනව.

    අපි ගොඩක් මහත්තුරු නෝනල වරද්දගන්න තැනක් තමයි කකා ජෝඩුව යස අගේට හදා ගෙන තියෙන්නෙ. එහෙව් දෙපලකට අපිට ආයි අමුතුවෙන් සුභ පතන්න දෙයක් ඉතුරුවෙන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. සන්නස්ගල ගේ කතාවේ අර අගස්ති මාල කේස් එකෙන් තමයි පොර ගේ නිරුවත හෙලිවෙන්නේ.

      මේකත් අනිත් කතා වගේම රියල් කතන්දරයක්. ගිය සුමානේ වුනේ.

      ෆ්‍රයිඩ් රයිසුත් නරක ම නෑ!

      Delete
  35. විවාහ සංවත්සරේකට ගැලපෙන, සිම්පල් වගේ පේන ඒත් එහෙම නැති කතාවක්... තාම තනි ඉලක්කමේ ඇනිවසරි සමරන මම මතක තියාගන්නම් මේ කතාව... මේ වගේ සුළු(?) සිද්ධියකින් උණත් බැඳීමක් ශක්තිමත් වෙන්නට හෝ දුර්වල වෙන්නට පුළුවන්. අනෙකා ගැන සිතීම තමයි මෙහි පණිවිඩය මට හිතෙන්නේ...

    අන්තර්ජාල අවුලක් වෙලා මේක ලෝඩ් උනේ නෑ ඊයෙ... ඉතිං ප්‍රමාද වෙලා හරි සුභ පතනවා ප්‍රීතිමත් විවාහ සංවත්සරයකට....

    ReplyDelete
    Replies
    1. සුසමාදර්ශී වූ සුභ පැතුමක් ඔබවෙත ගෙන එන්නේ....

      Delete
    2. තැන්ක් යු තිසර.

      මගේ මෙන්න මේ නම්බර් සීරෝ කේස් එක අමතක කරන්න එපා.
      http://kathandara.blogspot.com/2012/04/necessary-condition-for-successful.html


      Delete
  36. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 103
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 12
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 25
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 31
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 35

    ReplyDelete
  37. මේකේ මම දැක්ක දේ තමයි අනෙකා වෙනුවෙන් බොහෝවිට කැප කිරීමක් නොවුනද එසේ කරන බව පෙන්වීමට කරන උත්සාහය. දෙදෙනාම ඒ දේ දැන දැනත් වසන් කරන සිටීම. සහජීවනය සහ සහයෝගය කියලත් මේකට කියන්න පුළුවන්. සුබ විවාහ මංගල සංවත්සරයක් වේවා !!!

    ReplyDelete
  38. සුභ පැතුම් කකා :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.