Sunday 26 May 2013

ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes


පෙරේදා නුවරදී සිදුවුණු අවාසනාවන්ත සිද්ධිය නිසා ෆේස් බුකිය උණුසුම් වුණා.

කොටින්ම වෙනදාට කතන්දරයකට ලින්ක් එකක් පමණක් දා නිහඬ වෙන මාත් කීප වරක්ම ස්ටේටස් අප්ඩේට් කර, උත්තර ප්‍රති උත්තර සපයා සෑහෙ කාලයක් නාස්ති කර ගත්තා.

මෙන්න මා දැමූ කෑලි කීපයක්.


ගව ඝාතනය වැරදි නං ගොනෙක් තමන්ව ම ඝාතනය කර ගැනීමට තැත් කිරීම හරි වෙන්නේ කොහොමද?


හරක් මස් අනුභවයට විරුද්ධව ඇතමුන් ගෙන යන සටනට අපේ කිසිම සම්බන්ධයක් නැති බව සියළු ලංකාවාසීන් ට මෙයින් දැනුම් දෙනු ලැබේ.

මීට

සමස්ත ලංකා කුකුල් මස් සපයන්නන් ගේ සංගමය, 77, බ්රොයිලර් පාර, කෙකරගම



ප්‍රශ්නය: මාළුන්, කුකුළන් හෝ ඌරන් කෙරෙහි නොමැති ආදරයක් හරකුන් කෙරේ පහලවන්නේ ඇයි?

පිළිතුර: ජාති ආලය ගැන අසා නැද්ද?



මදුරුවන්, පොඩි මදුරු පැටවුන් සහ පිළවුන් පවා අමු අමුවේ මරා දමන ඝාතන රැල්ලට එරෙහිව ගිණි තබාගෙන මිය යාමට කැමති අයෙකුට ඇබෑර්තුවක් ඇත.


පෙට්‍රල් මිල පහත හෙලනු! ජාතික ප්‍රශ්න විසඳීමට අත හිත දෙනු!


ගව ඝාතනය මහ පාපෙකි ලොව තිබෙන
එම කාරණය ඇසු සැන අප තෙත් තෙමිණ
යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ
ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ



හරක් වෙනුවෙන් දිවි පුදන අය මිනිසුන් මරණ විට පුදන්නේ අහවල් එකද?


අවසානයේ මෙසේද කියූවෙමි.

අද මා මෙහි පල කළ මගේ අදහස් පිළිබඳව ඇතමුන් අවලාද නගා ඇත.

මගේ ස්ථාවරය මෙයයි.

අණුවනයෙක් තම පණ නසා ගන්ණට තැත් කර තිබේ. මොකෙක් වුනත් ඒ මිනිසෙකි.

මගේ උත්සාහය මෙවැනි අපරාද ඉදිරියේදීවත් වැලැක්වීමටයි. මට නම් හරකෙකුට වඩා මෝඩයෙකු වුණත් මිනිසෙකු ගේ ජීවිතය වටි. නීතිය අනුවද එසේමය.

මේ බව නොතේරෙන අය ගැන මම අනුකම්පා කරමි.



මෙන්න චානුක වත්තේගම ගේ කෑල්ලක්.

ගව ඝාතනය වහාම තහනම් කරනු! (නැත්නම් ජානිපෙට හෙළ උරුමයට ඡන්දෙ දෙන්න එකෙක් ඉතුරු වෙන්නෙ නැහැ!)


චානුක ගේ ම තව එකක්.

තමන්ගේ ඥාතිවර්ගයා ඝාතනයට එරෙහිව, සහෝදර ප්‍රේමයෙන් යුක්තව සිරුරට ගිනි තබා ගත් ජාතික හෙළ උරුමයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන්ට අපේ උපහාරය.

සියළු ගවයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා!

ලක්වැසි සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!



ඔබ දුටු හොඳ කෑලි තිබේ නම් පහත කමෙන්ටු තීරයේ සඳහන් කරන්න.

-කතන්දරකාරයා

ප/ලි

අප මේ ගැන කතා කලේ වෙන කිසි හේතුවක් නොවේ. මෙවැනි අමණ වැඩ වලින් මනස උසස් යැයි (මන+උස්=මිනිස්) සම්මත මනුශ්‍ය වර්ගයා ගලවා ගත යුතු යැයි සිතාය.

සමාජයේ බොහෝ දෙනෙක් මෙවැනි අද බාල වැඩ ප්‍රතික්‍ෂේප කරන බව දැනගත් විට මෙවැනි අයට සිහිය සැපත් වීමට තරමක හෝ ඉඩ කඩක් තිබේ.


(image: http://www.sports-logos-screensavers.com/ChicagoBulls.html)

66 comments:

  1. Subhaga Herath බුකියේ සිටින මහා කළු සිංහලයින්ද චම්පක රණවකගෙන් තාවකාලික පැවිද්ද හෝ ලබා මෙයට සම්මාදම් වීම යහපති. ඔවුන් පැවිද්ද ලැබීමේදී මාගේ වියදමෙන්, පිරිකර වශයෙන් හෙළ උරුමයේ වෑගපිටියගේ සාංගික කල ලාෆ්ස් පෙට්රෝල් බෝතලයක්ද, අනගාරික ධර්මපාල පරපුරෙන් එන අලියා ගිනිපෙට්ටියක්ද, හිතට ශක්තිය අවශ්‍ය නම් රාජ්‍ය වෙසක් කලාප සංවිදායක සෂින්ද්‍ර රාජපක්ෂ මැතිදුන්ගේ බිරිය නිෂ්පාදනය කරන ගල් අරක්කු භාගයක්ද පුජා කරමි.

    ReplyDelete
  2. Ruvani Gunathilaka පිරිකරට භූමිතෙල් ගැලුමක් පෙට්‍රල් ගැලුමක් ගිණිපෙට්ටියක් මහා සංගරත්නයට පූජා කිරීම කැපය..

    ReplyDelete
  3. අද තවත් ලංකාවෙ ඉන්න ලොකු කේප්ප හරකෙක් ලොක්කාගෙන් ලංකාවෙ හරක් මරන්න එපැයි කියල.
    ලොක්ක පුකෙන් හිනා වෙල කියල...
    " පෙට්‍රල් හිග කාලේ දැන්ම ඕවා පුච්චන්නෙ නැතිව තැටිය රත්වෙනකන් ඔහොම හිටහං මම කියනකන්" කියල.

    ReplyDelete
  4. Moota Pissuda, katada me apahasa karanne.

    ReplyDelete
  5. ඕවා මොනාද කකා මේවනෙ නියම ආතල්.

    "බෝවත්තේ ඉන්දරතන හිමියන්ට නිවන් සුව ප්‍රර්ථනා කිරීමට SHARE කරන්න"

    https://www.facebook.com/photo.php?fbid=482964621771700&set=a.185916898143142.44513.181270011941164&type=1

    මේක දාන අතරතුරේදි කට්ටිය පොස්ට් එක එඩිට් කරල ඒත් මම ස්ක්‍රීන් ෂොට් එකක් අරං තිබුණ

    Image: http://tinypic.com/view.php?pic=be969u&s=5

    කොහොමද සේල් එක. සෝමක්කා හිතනව ඇති අපරාදෙ සතියක් ජීවත් වෙන්න බැරි උනානෙ. හරියට සේල් එක කරගන්නකම් කියල. අනේ මෙහෙම කාලකන්නි මාජ්ජවේදියොන්ට පෙට්‍රල් ගහල ගිනිතියන්න එකෙක් නෑනෙ.

    ReplyDelete
  6. අපේ මාරයා ආවනං මෙතන පොඩි ආතල් ඒකක් ගන්න තිබ්බා

    ReplyDelete
  7. කතන්දර මහතා, මේ රටේ ජනපතිවරයෙක් මහපාරේ මැරීගිය දවසක කිරිබත් කාපු රටේ ගිනිතියං හෝ හාමුදුරු නමක් මැරුණාම මෙහෙම දේවල් මට නං අරුමයක් නොවේ.. අනේ අපේ අනාදිමත් කාලයක තිබුණැයි කී මනුස්සකම කෝ..දැන්.

    ReplyDelete
    Replies
    1. මේ සියළු කෑලි අර උන්නාන්සේ ගේ මරණය දැන ගැනීමට පෙර දැමූ ඒවා ය.

      Delete
    2. ක්‍රියාවේ හැටියටලු ප්‍රතිපල!
      ගව ඝාතනය උත්තරේ දිවි නසාගැනීම නං දිවි නසාගැනීමට උත්තර තමයි ඔය ලැබෙන්නෙ.

      Delete
    3. ඔබේ මනුසත් බවට තුති කකා...

      Delete
    4. අනේ පලයන් නලියො යන්න. දවස පුරා මහ එකාට දීල දීල මෙතැන බණ කියන්න එනවා. උඹ දන්න මනුසත් කම. ගිහින් උඹේ ලොක්කට කියහං රට කන එක නතර කරන්න කියල.

      Delete
    5. රජයේ සේවයේ යෙදෙන අයට ඒ නිසාම බැනීමේ තේරුමක් නෑ.

      මං දන්නා අය ඉන්නවා දැයට කිරුලේ වැඩ ඒ කාලෙට. ඒ දේවල්වලට අකමැතියි කියලා ජොබ් එක දාලා යන්නද?

      Delete
    6. උඹ බැනපන්කො බන් මහ එකාට...තොට නලියට බනින්න කොන්දක් තිබ්බට මහ එකාට බනින්න කොන්දක් නෑ නේද නපුන්සක රිලවො...

      Delete
    7. නලියාට රැකියාව ගැන කියමින් බණ දෙසන අයට ලොකු මල්ලීගේ හෝ පොඩි මල්ලී යටතේ ඇති ආයතනයක පාර්ට් ටයිම් ජොබක් හෝ අඩු තරමේ සුලු කොන්ත්‍රාත්තුවක් හෝ මාස දෙකකටවත් සෙට් වේවායි පතමි.... එවිට ඔබට ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වනු ඇත....
      උසස් වීම් වාසි කෙසේවෙතත් තම ජීවිතය/ අඹු දරු ජීවිත රැක ගැනීමට මිනිසුන්ට තම මතයන් පවා වෙනස් කර ගැනීමට සිදුවේ...

      Delete
    8. බැන්නාට කම් නැත...ඒ ගැන අහිතක් ද නැත.

      Delete
    9. නලියට බනින එව්වන්ට මම මේ කියන්නෙ,තොපේ අම්මලගෙ ඉදල මුළු සනුහරේම චන්ද වලදී "බඩ නෙමේ රට"කියල කතිරෙ ගහපු හින්දයි මුළු ලංකාවම අද විදවන්නෙ.
      නලිය UNP රට කරවන නායකයො ඉද්දිත් පත්තර වල වැඩ කරපු බුවෙක්.

      Delete
    10. දැන් පවතින විපක්ශයට අනුව බලය මාරුවනවිට බේරෙ ගෙදර සියලු සේවකයන් මාරුවිය යුතුයි .. ඒ අය ඉන්නෙ ඔය මතයේ

      Delete
    11. බැන්නේ රජයේ රැකියාවක් කරනවාට නොව මුදලට කඹුරමින් අනුන්ට බණ කියන ලැජ්ජා නැති වැඩේටය. නලියා කවුද යන්න ඇනෝ දමා ඇති කමෙන්ට් වලින්ම පෙනෙන නිසා වැඩි විස්තර අනවශ්‍යයි.

      Delete
    12. ලොකු ජෝන් - වැරදි මතයක් ඒක.. ඒ විදියට මාරුවෙන්න වෙන්නේ පත්තරය තුළ දේශපාලනය කරන අයට. රස්සාව කරන අයට එහෙම කරදරයක් නෑ.එවන් කෙනෙකුට දරන තනතුරක් නම් අතහරින්න වෙයි සමහරවිට.
      @AnonymousMay 26, 2013 at 12:19 PM සහ AnonymousMay 26, 2013 at 7:14 PM ඇනෝ
      ඔබ නොදන්නවා ඇති. ඔබේම වචනයෙන් කිව්වොත් මා මහ එවුන් හතරදෙනකු ගේම පාලන කාලයන් හි රස්සාව කර ඇත. රස්සාවක් කර පඩිපතක් ලැබීම ලජ්ජාවක් නම් ඔබ කරන්නේ ද එයම නොවෙද?

      Delete
    13. නැහැ නලීන් මම කීවේ ඒ අය ඉන්නෙ එ මතයෙ කියලා මොකද මොන ආන්ඩුව උනත් පත්වුනාට පස්සෙ ඒ අපේ ආන්ඩුව කියන මතයෙ මම ඉන්නේ.

      Delete
  8. ලංකාවේ හරකුන්ගේ මස් රස නෑ. මෙලෙක් නෑ. එයට හේතුව ලංකාවේ ගවයන් හදන්නේ මසට නෙමේ. වැඩට හෝ කිරි ගැනීමට. එසේම එම සතුන් බරවැඩ කිරීම හා නිතර දෙවේලේ ඇවිදීම නිසා උන්ගේ මස් තදයි. ඒවායින් නිවැරදි වට්ටෝරුවට අනුව කෑමපිසීමට බැහැ. ලංකාවේ ගවමස් තද හින්දා තමයි විවිද ද්‍රවය හරක් මස් පිසීමේදී යොදන්නේ මස් මෙලෙක් වීමට. පැපොල් වැනි tenderizing ඒජන්ට්ස්. නමුත් යුරෝපයේ එවැනි tenderizing ඒජන්ට්ස් පාවිච්චි වන්නේ අඩුවෙන්.

    ලෝකයේ හොදම හරක්මස් නිෂ්පාදකයින් පිරිසක් වන බ්‍රසීලයේ ගවමස් මෙලෙක්. විවිද මට්ටම වලට පිස ගන්නට පුළුවන්. එයට හේතුව තමයි එහි මස් සදහා ගන්නේ ඒසදහාම ඇති කරන ලද ගවයන්ගේ මස් පමණයි. එම සතුන්ගෙන් වැඩ ගන්නේ නෑ. මස් මෙලෙක්ව තබා ගන්නට ඕනි හින්දා වැඩිය ඇවිද්ද වන්නේ නෑ. එම සතුන්ගේ සිරුරු වලට මසාජ් ආදිය ලබා දෙනවා. කොටින්ම කිව්වොත් ලංකාවේ ඉන්න මේ ලඩ හරක් වගේ නෙමේ උන්. මම කියන්නේ එක්කෝ හරක් මස් ගන්නට ඕනි නම් ඒ සදහාම ඇතිකරන ලද සතුන්ගේ මස් ගන්න. එහෙම නැතිව බර වැඩ සදහා යොදාගත් සතුන්ගේ මස් ගන්න එපා.

    චෙෆ් දී කුසීන්

    ReplyDelete
  9. nodakin kathandara kara gal musalaya.mechchra kalayak thoge blog eka asawen kiyewaa...ada thama dakke thoge manda buddika kama....mita wada hodai toilet ekak kadan kapiya..maraya enna gothayo thope me moda chun walata...mole na thota kiyala me wada walinma penawa...kata arin nethuwa hitapan..ethakam katawath hoyaganna beri wei tho amu gonek kiyala...thowa mas kadetawath wtin ne...

    ReplyDelete
    Replies
    1. අපුරු වචන ටික මෛත්‍රී භාවනාට ගන්න පුළුවනි!

      ස්තුතියි.

      Delete
  10. හරක් මස් ටිකක රස බලන්නත් පින්කරල තියෙන්න ඕනේ. ඔය උබලකඩ හල්මස්සෝ සාලයෝ හැමදාම කන මගුල්ගේදරකදී කුකුල් මස් ටිකක් කන එළුමස් ටිකක් ආසාවට ගන්න බැරි හොරිකඩ ඕල්කට් කාරයෝ  කියන ඒවා අපේ පර්සි රජතුමා සත පහකට ගණන්ගන්නේ නැහැ .අහෝ ඕල්කට්  නොදුටු ගවමස් රස.

    ReplyDelete
  11. කරුණාකර වරදවා ගන්න එපා.. අර උඩ ටික දැම්මේ මේ රටේ මිනිස්සුන්ගේ අසංවේදී බවට උදාහරණ ලෙස..

    ReplyDelete
  12. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේ නමක්සතු විය යුතු විනය මැනවින් විස්තර කර ඇත. සියදිවි හානි කර ගැනීම් ගැන ඒවායේ සඳහන් කර නැත. ගව ඝාතනය ගැන වත් උන් වහන්සේ විශේෂයෙන් සඳහන් කර නැත. ප්‍රාණ ඝාතය යන පොදු පදයෙන් උන් වහන්සේ දේශණා කර ඇත. නමුත් උන් වහන්සේට අවශ්‍ය වුවා නම් සුද්දෝදන රජ තුමා ලව සත්ව ඝාතනය නීතියෙන් තහනම් කරවීමට හැකියාව තිබුණි. උන් වහන්සේ එසේ නොකළේ අවුබෝධයෙන් ඒවා නතර කරනු විනා නීති මගින් ඒවා 100% නතර කල නොහැකි බව දත් නිසාය. අනෙක් අන්‍යාගමිකයින්ගේ අයිතීන් උදුරා ගන්න උන් වහ්සේ තැත් නොකළ බැවිනි. ලංකා රජයෙන් තහනම් කල කොපමණ දේ ඇත්ද ? ඒවා පිලිපදින්නේ කවුද ?

    ReplyDelete
    Replies
    1. @ සු දී ක

      //..සියදිවි හානි කර ගැනීම් ගැන ඒවායේ සඳහන් කර නැත...//

      පාරාජිකා පාලියේ බුදුන් වහන්සේ අනුදැන වදාළා මේ විදිහට

      ".. න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං යො පාත්‍යෙය ආපත්ති දුක්කටස්ස..."

      මහණෙනි, ආත්මය පර්වතාදියෙන් නොහෙළිය යුතුය, ජීවිතය නොනසා ගත යුතුය, යමෙක් එසේ කෙරේ නම් ඔහුට දුකුලා ඇවැත් වේය" තමා තේරුම.

      සමන්ත පාසාදිකා විනය අටුවාවේ අටුවාචාරීන් විස්තර කරන විදිහට දිගු කලක් තියෙන දරුණු ලෙඩක් නිසා උපස්ථායකයන් කරදර වෙන නිසා, පිළිකුල් කරන නිසා එහෙමත් නැත්නම් රෝගය සුව කරන්න බැරි එකක් නම් ආහාර ප්‍රතික්ෂේප කරලා මියයන එක වගේම සංසාරය ගැන කල කිරිලා ආහාර සොයන එක සහ වළඳන එක භාවනාවට බාධාවක් කියලා ජීවිතාශාව අත් හැරලා භාවනාවට ආහාර ප්‍රතික්ෂේප කරන එකත් ඇවැත් නෙමේ කියලා තියෙනවා.

      //..ගව ඝාතනය ගැන වත් උන් වහන්සේ විශේෂයෙන් සඳහන් කර නැත....//

      බුදුන් වහන්සේ ගවයා පමණක් විශේෂ කරලා නොදැක්වුවත් ඒ කාලයේ භාරතයේ තිබුණු පසුබිමත් එක්ක ගව ඝාතනයට එරෙහි වුණු බව පෙනෙනවා. මරණයට කැපවුණු ගවයෙක් බුදුන් වහන්සේ නිදහස් කරපු පුවත් බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා.

      වෛදික යුගයේ ඉදන් බමුණන් ගවයන් නොමැරිය යුතු සත්ව විශේෂයක් ලෙස දක්වලා තියෙනවා. ගව සම්පත කොච්චර අගය කළාද කියනවා නම් එක පුද්ගලයෙක් වරක බුදුන් වහන්සේටත් පවසනවා "නත්ථි ගෝ සමිතං ධනං" ගව සම්පත තරම් ධනයක් නැහැ කියලා.

      //..නමුත් උන් වහන්සේට අවශ්‍ය වුවා නම් සුද්දෝදන රජ තුමා ලව සත්ව ඝාතනය නීතියෙන් තහනම් කරවීමට හැකියාව තිබුණි....//

      බුදුන් වහන්සේ සංඝයා සඳහා ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලය අනුදැන වදාළා. ඒ වගේමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ආජීවයේදී නොකළ යුතු වෙළෙඳාමක් ලෙස මත්ස්‍ය මාංස වෙළෙඳාම දක්වලා ඒ වගේම පංච සීලයේ පළමු සිල් පදය ලෙස ප්‍රාණඝාතයෙන් තොරවීම දක්වලා සත්ව ඝාතන සම්බන්ධව කරුණු දැක්වුවා. අයියා කිව්වා වගේම අවබෝධයෙන් තමා මේ කරුණු තේරුම් අරගෙන තමන් ඈත්වෙන්න ඕනෑ සත්ව ඝාතනයෙන්

      මේ මග ගිය අසෝක වගේම ලාංකීය රජවරුනුත් වරින් වර මාඝාත ආඥා පනවමින් සතුන් මැරීම නීතියෙන් තහනම් කොට තිබෙනවා.

      Delete
  13. http://www.youtube.com/watch?v=E37cMtCrKoA

    ReplyDelete
  14. කකාගේ මේ පොස්ට් එක ස්වර්ණවාහිනී අසික්කිත ක්‍රියාවට දෙවෙනි නොවේ. අපි හැමෝටම අඩුවැඩි වශයෙන් නොයෙක් පිස්සු ඇත. මේ හාමුදුරුවෝ ගව ඝාතන විරෝධී (බොහෝවිට හම්බ විරෝදී) පිස්සෙකි. උන්වහන්සේගෙත් අපේත් වෙනස අපි මෙසේ පිස්සුවේ අන්තයටම නොයෑම පමණි.

    කරුණු එසේ වුවද මේ වේදනා විඳ මියගිය මිනිස් ජීවිතයකි. එවැනි මරණයෙන් කුහක ආතල් ගැනීම ඔබ වැන්නෙකුට නොවටී. සංවේදී මිනිසුන් යනු බාලචන්ද්‍රන් මියගිය විට පමණක් සංවේදී වෙන්නන් නොවේ. ඔහු මියගියවිට මුහුනුපොතේ හඬාවැටුනු බොහෝදෙනෙකු මේ හාමුදුරුවන්ගේ මරණය පට්ට ජෝක් එකක් ලෙස ගෙන ලොල් වෙනවා දුටිමි. මේ නැවතත් අපිට පසක් කරන්නේ කෙහෙල්මොටෙයියන් පමණක් නොව අධි සංවේදී අනිත් රැළද ඒසේම අමානුශික පිරිසක් බව නොවේද?

    මේ සියළු මරණයන් සිදුනොවිය යුතු බව වටහාගෙන ඒ ගැන කම්පාවීම සැබෑ මිනිස්කමයි. එය එතරම් අමාරු කර්තව‍යක් යැයි නොසිතමි.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රතිචාර මරණයට පෙර ඒවාය.

      මගේ අරමුණ ද එම එක් ප්‍රතිචාරයක සඳහන් කර ඇත.

      මෙන්න නැවතත්.

      අවසානයේ මෙසේද කියූවෙමි.
      ===================================
      අද මා මෙහි පල කළ මගේ අදහස් පිළිබඳව ඇතමුන් අවලාද නගා ඇත.

      මගේ ස්ථාවරය මෙයයි.

      අණුවනයෙක් තම පණ නසා ගන්ණට තැත් කර තිබේ. මොකෙක් වුනත් ඒ මිනිසෙකි.

      මගේ උත්සාහය මෙවැනි අපරාද ඉදිරියේදීවත් වැලැක්වීමටයි. මට නම් හරකෙකුට වඩා මෝඩයෙකු වුණත් මිනිසෙකු ගේ ජීවිතය වටි. නීතිය අනුවද එසේමය.

      මේ බව නොතේරෙන අය ගැන මම අනුකම්පා කරමි.
      ===================================

      Delete
    2. "එවැනි මරණයෙන් කුහක ආතල් ගැනීම ඔබ වැන්නෙකුට නොවටී" මෝඩ කතා කියන්න එපා බන් චු කතා කක්කි කතා ලියන එකෙක් දන්නා උපරිමෙන් තමා ඔය ලියල තියෙන්නේ !

      Delete
  15. කවුරු හෝ අයෙක් කුමන හෝ අරමුණක් උදෙසා සියදිවි හානි කරගැනීම කිසිම අයුරකින් අනුමත කර නොහැකිය . එය මෝඩ ක්‍රියාවක් බව කුමන අයුරකින් සිත බැලුවත් පැහැදිලිය.
    නමුත් ඊටත් වැඩ අවාසනාවන්ත වන්නේ තමන්ගේ උගත් කමට , හැදියාවට නොගැලපෙන ලෙස යමකුට අපහාස කිරීමය .
    ස්වාමීන් වහන්සේ නමකට ඔබ කර තිබෙන අයුරින් ආමන්ත්‍රණය කිරීම ඉතාමත් පිළිකුල් සහගත බව සිතමි. එය අපවත් වීමට පෙර හෝ පසු ලෙස වෙනසක් නොවන බව මගේ අදහසය් .
    අපි හැමෝම කුණුහරුප දනිමු. එහෙත් එයන් පැවසෙන්නේ තැන නොතැන නොබලා ඒවා භාවිත කල යුතු බව නොවේ.
    රසික මහත්මාගේ ඉහත "internet jokes" ගැනත් මට ඇතිවන අදහස එයන් වෙනස් නොවේ.
    රජීව් විතානගේ.
    A sinhala blog reader without a profile

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රතිචාර මරණයට පෙර ඒවාය.

      මගේ අරමුණ ද එම එක් ප්‍රතිචාරයක සඳහන් කර ඇත.

      මෙන්න නැවතත්.

      ===================================
      අවසානයේ මෙසේද කියූවෙමි.

      අද මා මෙහි පල කළ මගේ අදහස් පිළිබඳව ඇතමුන් අවලාද නගා ඇත.

      මගේ ස්ථාවරය මෙයයි.

      අණුවනයෙක් තම පණ නසා ගන්ණට තැත් කර තිබේ. මොකෙක් වුනත් ඒ මිනිසෙකි.

      මගේ උත්සාහය මෙවැනි අපරාද ඉදිරියේදීවත් වැලැක්වීමටයි. මට නම් හරකෙකුට වඩා මෝඩයෙකු වුණත් මිනිසෙකු ගේ ජීවිතය වටි. නීතිය අනුවද එසේමය.

      මේ බව නොතේරෙන අය ගැන මම අනුකම්පා කරමි.
      ===================================

      Delete
  16.  සියලු මදුරුවන්ගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කරනු. ඩෙංගු, මැලේරිය බරවා  ඇතුළු සියලුම මදුරුවන් මරාදැමීම වහා නවතනු. මැරීම නීතියෙන් තහනම් කරනු. තහනම් නොකළහොත් අපි තොපිට ඇනගෙන ඇනගෙන යන එක වලක්වන්නට කාටවත් බැරිය.මිට ජාතික මදුරු එකමුතුව 

    ReplyDelete
  17. බාලචන්දෘන්ගේ මරණයේදී හඬා වැටුනු කතන්දරකාරයා
    ස්වාමීන් වහන්සේ නමකගේ මරණයක කුණුරස බලන අපූරුව !

    ReplyDelete
    Replies
    1. ඔබේ පළමු වරද නම් ඔබේ පළමු වරද නම් මේ කතා ෆේස් බුකියේ ගියේ අර චීවරධාරියා මැරුණාට පසුව යැයි සිතීමයි. මේ සියල්ල සෙනසුරාදා උදේ වරුවේ කතා බහය.

      ඒ කියන්නේ මේ පෝස්ටුව මරණයක් ගැන නොවේ. සිය දිවි නසා ගැනීමට කළ උත්සාහයක් ගැණ ලියවුණු එකකි. මරණය සිදුවී ඇත්තේ ඉන් පසුවය.

      ඊලඟට ඔබ වරදවා ගන්නේ මා මේ බ්ලොගයේ ලියා ඇත් බාලචන්ද්‍ර ගේ මරණය ගැන පමණක් ය කියාය.

      මේ කතන්දරද කියවා බලන්න.

      සනත් විජේවර්ධන ගේ මරණය ගැන:
      http://kathandara.blogspot.com/2012/05/remembering-sanath-observer.html

      එලියකතන්ද වධකාගාරය ගැන:
      http://kathandara.blogspot.com/2012/05/eliyakanda-torture-camp.html

      මා අසා ඇති 1958 මරණයක් ගැන:
      http://kathandara.blogspot.com/2010/08/blog-post.html

      පොලීසියට බයේ දුවපු කොල්ලා ගේ කතන්දරය - මෙය නිදහස් වෙළඳ කලාපයේ වෙඩි තබා කළ මරණය ගැන ඇතිවූ දුක නිසා නැවත පල කරන ලදී.
      http://kathandara.blogspot.com/2010/06/blog-post_21.html

      ඒ සමගම මගේ පියා ගේ මරණය:
      http://kathandara.blogspot.com/2010/12/blog-post.html

      ඔබේ ප්‍රතිචාරය වැරදි දෙකක් මත පදනම්ව ඇති බව දැන් ඔබට වැටහෙනු ඇත.


      Delete
  18. අනේ උඹ වගේ මෝඩ ඌරෙක්.. ඌරො අනගාරික ධර්ම පාල තුමාගෙ වචන ටිකක්වත් කියවපිය. උඹල වගේ හරක්වනන් Mඅරුවට කමක් නෑ.

    මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තෙ හරක් මරණ එකට විතරක් නෙවෙයි හරකො. බ්ලොගේ කොටන්ට දෙයක් නැත්තන් කටයි පුකයි වහන් හිටු.

    තෝ බුද්ධාගමත් නෙවෙයි සින්හලත් නෙවෙයි..
    උඹ පරයෙක්ට ජාත වෙච්චි පරයෙක්..
    සින්හලයො හරක් මස් කෑවෙ නෑ ඌරො.. ඒ බුද්ධාගම නිසා නෙවෙයි. සින්හල නිසා.
    අපේ හෙළ කෘෂිකාර්මක ජීවන රටාවෙ හරකා, එළදෙන කියන්නේ ගෞරවනීය සතෙක්.

    මේ ස්වාමීන් වහන්සේ අපවත් උනේ තමන් නසා ගන්න චේතනාව පදනන් කරගෙන නන් අකුසලයක් තමයි.

    ඒකද චේතනාව.





    ReplyDelete
    Replies
    1. අපූරු මෛත්‍රී භාවනාව පින්වත!

      ඔබ ද නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සැපවත්වෙත්වා, බුදුන් දකිත්වා, නිවන් දකිත්වා!

      සාදු, සාදු, සාදු!

      Delete
  19. අනේ උඹ වගේ මෝඩ ඌරෙක්.. ඌරො අනගාරික ධර්ම පාල තුමාගෙ වචන ටිකක්වත් කියවපිය. උඹල වගේ හරක්වනන් Mඅරුවට කමක් නෑ.

    මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තෙ හරක් මරණ එකට විතරක් නෙවෙයි හරකො. බ්ලොගේ කොටන්ට දෙයක් නැත්තන් කටයි පුකයි වහන් හිටු.

    තෝ බුද්ධාගමත් නෙවෙයි සින්හලත් නෙවෙයි..
    උඹ පරයෙක්ට ජාත වෙච්චි පරයෙක්..
    සින්හලයො හරක් මස් කෑවෙ නෑ ඌරො.. ඒ බුද්ධාගම නිසා නෙවෙයි. සින්හල නිසා.
    අපේ හෙළ කෘෂිකාර්මක ජීවන රටාවෙ හරකා, එළදෙන කියන්නේ ගෞරවනීය සතෙක්.

    මේ ස්වාමීන් වහන්සේ අපවත් උනේ තමන් නසා ගන්න චේතනාව පදනන් කරගෙන නන් අකුසලයක් තමයි.

    ඒකද චේතනාව.

    කොන්දක් තියෙනවනන් දාල පිළිතුරු බැදපන්




    ReplyDelete
    Replies
    1. අපූරු මෛත්‍රී භාවනාව පින්වත!

      ඔබ ද නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සැපවත්වෙත්වා, බුදුන් දකිත්වා, නිවන් දකිත්වා!

      සාදු, සාදු, සාදු!

      Delete
    2. දැන් උඹ හිතව්වෙ මම තදවෙලා කීව කියල නේද??
      දැන් බලපන් මම ලියපු දෙයක් බලාගෙන උඹ හිතපු දේ.. ??

      මෛත්‍රී භාවනාව කියන්නෙ ඇත්තටම මොකක්ද?
      දැනන් උන්නද?
      කතන්දර ලීවට කමක් නෑ. ඒව කතන්දරම පමණක් නන් මචෝ හොදද?

      මොකද සමහර කතන්දර වලට ජාතියක් නගා හිටවන්න වගේම සමතලා කරන්නත් හොදටම පුළුවන්.

      සමහර ඒව වැරදියි කියල අපිට පේනව, අපිට හිතෙනව, ඒත් අපි ඒව වැරදි තැන වැරදි විදියට කියව්වොත් ඊට වඩා ලොකු හානියක් අපි කරනව කියල හිතන්න තරන් බුද්ධියක් තිබිය යුතුයි කතන්දර කාරයෙක්ට.

      කතන්දර කාරයෙක් උනාම හැම දේම දකින්න ඕන.
      නිකම්ම බ්ලොග් ලියන්න එපා බං..

      උඹට පෙනුනෙ හාමුදුරුවො ගිනි තියා ගත්ත එක විතරයි. ඒකත් එක කෝණෙකින්.
      ඇස් ඇරපන්.. ලෝකෙ දිහා බලල හිතපන් දම් වැල කොහෙන්ද කැඩුණෙ කියල..
      තව කැඩෙන්නෙ කොයි වගේ තැන් වලින්ද කියල.

      බැන්න කියල හිතුවනන් සමාවෙයන් ඉතින්.






      Delete
    3. මෙහෙමයි,

      මං මගේ ගමන යනවා, ඔබ ඔබේ ගමන යනවා. සමහර වෙලාටව අප දෙදෙනාගේ දිශානතිය සමපාත වෙනවා. අනෙඛ් වෙලාවට අප යන්නේ දෙදිශාවක.

      ලොකේ හැටි එහෙම තමයි.

      බැන්නත් මං බාර ගන්නේ නෑ. ඒ කාලේ ගියා. දැන් තනිකරම මෛත්‍ර්‍රීයෙන් තමයි වැඩ!

      Delete
    4. @ Anonymous May 26, 2013 at 2:26 PM

      අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචනා කරපු උපසම්පදා ශීලය කෘතියේ මේ කරුණු ගැන උන්වහන්සේ හොඳ විග්‍රහයක් දක්වනවා.

      "....උඩ සිට බිමට පැනීම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වසකෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නොගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ... මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළ හොත් ඔහු මැරෙන්නේ ඇවතකින්ය...."

      Delete
    5. කතන්දරට ඔබට ඇත්තටම වැරදුනා... ඒ ඇනො කොමෙන්ට් එකේ වචන ටික දිහා බලාගෙන මෛත්‍රි භාවනාව නෙවෙයි...පිලිකුල් භාවනාව නම් වඩන්න පුලුවන්!

      කතන්දර මේ සිද්ධියේදී බ්ලොගය හරහා කල මැදිහත් වීම නම් ඇත්තටම වැදගත්. ඔබේ පෝස්ටුවේ සහ අනික් අයගේ පෝස්ට්වලට ඔබ දමා තිබූ කොමෙන්ටු. එහි ගැඹුරු උපහාසයක් තිබුනා.

      ගව මස් නොකෑමේ ව්‍යාපාරය ඉස්සර නම් ඒ දවස්වල තිබුනු අක්ශිදාන ව්‍යාපාරය වගේ අහිංසක සහ අවංක එකක්. ගව මස් කෑමට එරෙහි වීම කියන එකේ තේරුම වෙනස් වෙන්න අරගෙන ටික කලක් වෙනවා.. එහි නූතන තේරුම තමයි, හම්බයන්ට දක්වන අවිඥානික විරෝධය. හම්බයන්ට එරෙහිව තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම. බලන්න ගව මස් නොකන පුරුශයන් බොහෝවිට එසේ කරන්නේ කාන්තා පාර්ශ්වයේ බලපෑමෙන්. මේ බලපෑම බොහෝවිට එන්නෙ පන්සලෙන්, දොරමඩලාවෙන්, බැක් කරන්නෙ මර්වින් සිල්වාලා!..මේ ට්‍රෙන්ඩ් එක හිතාගන්න පුලුවන්නේද?

      කතන්දර..මේ විවාදය බෞද්ධ කතිකාවක් තුල කරන්න යන එක නම් විකාරයක්. බෞද්ධ කතිකාව කියන්නෙ අධිපතිවාදයක්, තග සංස්ථාවක්, මාෆියාවක්! තර්කයට ඉඩක් එහි නැහැ.

      Dimithri

      Delete
  20. අතුරලියේ රතන:මේ වගේ ජීවිත පූජාවක් කරනවා මීටත් වඩා සමාජ ප්‍රකම්පනයක් ඇති වන ආකාරයෙන් එය කරන්න තිබුණ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රතන එහෙම කියනවා අද දෙරණ වොයිස් කට් එකක මං දැක්කා.

      Delete
  21. කකා, මා මුලින් සිතුවේ මෙය තවත් "ලෙමන් පෆ් නාටකයක්" කියලයි. හැබැයි මේක නියමම ඛේදවාචකයක් කියලා වැටහුනේ පසුවයි.

    ReplyDelete
    Replies
    1. මරණයක් ගැන දුකක් ඇතිවෙනවා. නමුත් සිය පණ නසාගත් අය ගැන දුක් වීමේ තේරුමක් නෑ.

      කළ යුත්තේ මේ වගේ අණුවන කම් ඉදිරියේ සිදු නොවීමට වැඩ කිරීමයි.

      Delete
  22. "අතුරු ලියේ රතන" උඹෙ තාත්තට කතාකරන විදියට ලියන්නේ එහෙනන් උඹ තනිකර පරයන්ට කඹුරන කතෝලිකයෙක් නේද? දැන්නෙ දන්නෙ

    ReplyDelete
    Replies
    1. මෙතන arjuna කියා ඇත්තේ "අතුරලියේ රතන" කියා නේද?

      "අතුරු ලියේ" රතන කිව්වා නම් වැරදියි.

      ඔබයි වරද කර ඇත්තේ arjuna නොවේ. මා කිව්වේද "රතන" කියා පමණයි.

      මොකක්ද ඇත්තටම මේ "අතුරු ලිය" කියන්නේ? අමතර ස්ත්‍රියක් ද?

      Delete
    2. ඌ කියල තියෙන්නෙ //අතුරලියේ රතන// කියල. උඹ //අතුරු ලියේ රතන//කියල කරන්නෙ ඊට වඩා අපහාසයක් :-)

      Delete
    3. රතන කියන එකාට මීට එහා කතා කරන්න හොද විදිහක් තියනවද.... බුදු හාමුදුරුවො ගැන මුන්ට නැති කැක්කුමක් එක එක සන්ඝයා ගැන තියන අපූරුව.... ජානමය සම්බන්ධයක් වත් තියනවද රතනට...

      Delete
  23. "DAN THANIKARAMA MAITHRIYEN THAMI WEDA' MAGE COMMENTS PUBLISH NOKARANA EKA TH MAITHRIYADA

    ReplyDelete
  24. කතාවට වැඩිය වටිනා ක.කා.ගේ උත්තර++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. කොපි රයිට්ස් රිසර්ව්ඩ්!

      Delete
    2. UTHTHARA NATHA

      Delete
  25. දිවි නසා ගැනිම ප්‍රශ්ණයට පිළිතුරක් නොවන බවද එය මොකක් අරඹයා උනත් උපහාසයට පත් කිරීමද අනුමත නොකරමි.සිංහලයින් වන අපි හැමදාමත් උඩ බලාගෙන කෙල ගසා ගනිති.එච්චරයි මට කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දිවි නසා ගැනීම මිනීමැරුමකි. එයට උදව් දීමද සාපරාධී වරදකි.

      මෙහි ඇති නිස්සාර බව පෙන්වා අන් අය ඒ උවදුරෙන් ගලවා ගත යුතුයි. එසේ නැතුව දිවි නසා ගැනීමට තැත් කරන එවුන් වීරයින් කළ විට විපත ආනගතයේ වැඩි වීමට ඉඩ ඇත. ඔබ අපහාස, උපහාස ලෙස දකින්නේ ඒ උත්සාහයයි.

      ඔය උඩ බලාගෙන කෙල ගසනවා යැයි සිතීම අන්තිම ප්‍රතිගාමී/අගතිගාමී කතාවකි.

      වැරුද්ද මගේ, ඔබේ හෝ කාගේ වුනත් පෙන්වා දී විවේචනය කළ යුතුයි. රකත් ජාතියක් ලෙස අපිට වැරදුනේ, වරදින්නේ අපේ අයගේ වැරදි ජාති ආලය, දේශ ඵේ‍ර්මය නම් කඩතුරාවලින් වසා වසා ගත් නිසාය. වසා ගන්නා නිසාය.

      Delete
  26. ගව ඝාතනය නවත්වන්න කියලා කෑ ගහන්නේ ගවයන්ට නරක කළ දසාවක් උදා වෙන බව කලින් තේරිලා වත්ද? අදත් ගවයෝ පිරිසක් තප්පුලෑවා කියටා ඇස් ඇම් ඇස් එකක් ආවා....

    ReplyDelete
  27. බෑ ඉවසන්නට බෑ ඉවසන්නට
    අම්මෙනි පෙම්බර ලංකා
    මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන්
    පුපුරන්නෙය කෝප විකාරෙන්
    ඈ සනසන්නට සිංහල ලේ ඇති
    සිංහල කොල්ලකු අය්යෝ
    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන්
    දෙව්රජුනේ ලක රක්නා

    ජාතික ආලෙහි ජීවනගා කිරි
    දී වෙඬරූ රස දුන්නූ
    මේ ලක ගොයි මහගේ සතු සම්පත
    කොයිබද ඒ කිරි දෙන්නූ
    කාමුක නීච සිරිත් පුරුදු කර
    උන් මරලා ගිල දැම්මෝ
    මේ එක දේම නොවේද අහෝ අද
    ජාතික හානියෙ හේතු

    එස් මහින්ද හිමි

    ReplyDelete
  28. අපි ලියන හැම එකම මේකේ දාන්නේ නැති එකනේ වැඩේ.

    ReplyDelete
  29. තමන්ට ඔන මතයක් දරන්න නිදහස තිබුන පලියට මිනිසුන්ට තියා සතුන්ටවත් අපහස කිරිම නොමනා කටයුත්තක් විදියට මම දකිමි.

    ReplyDelete
  30. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 63
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 0
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 23
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 15
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 25

    ReplyDelete
  31. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  32. පරක්කු වෙලා මීටරේට ආවෙ... හොඳම කෑල්ලට තෑග්ගක් දෙනවනම් මෙන්න කෑල්ල...

    "අපි වෙනුවෙන් අපි!!!"

    - Dimithri

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.