Thursday 21 February 2013

බාලචන්ද්‍රන් දරුවා ගේ මරණය, මිනිසුන් සහ නොමිනිසුන් - Balachandran, humans and evil beings


ඊයේ මම ඇඬුවෙමි.

ඒ බාලචන්ද්‍රන් මරාදැමීමට පෙර හා පසු ඡායාරූප දැක ඒ සම්න්ධයෙන් පලවී තිබුණු වාර්තාව කියවීමෙන් පසුවය.

එලියකන්ද වධකාගාරය ගැන රෝහිත මුණසිංහ ලියූ පොත කියවා ඇඬු මා ඊයේ ඇඬීම අරුමයක් නොවේ.

මා ඊයේ ඇඬුවේ බාලචන්ද්‍රන් වෙනුවෙනි.

මා ඊයේ ඇඬුවේ දොලොස් වියට එළඹෙන වයසේ සිටින මගේ පුතා වෙනුවෙනි.

මා ඊයේ ඇඬුවේ මා වෙනුවෙනි.

මා ඊයේ ඇඬුවේ මගේ පියා වෙනුවෙනි.

මා ඊයේ ඇඬුවේ ලොව සියළු පුතුන් සහ පියවරුන් වෙනුවෙනි.

මේ පුවත අසා කම්පා නොවුනු පුතෙකු, පියෙකු හෝ මවෙකු සිටීදැයි පුවත් වෙබ් අඩවිවල, බ්ලොග් අඩවිවල දමා තිබුණු ප්‍රතිචාර නොකියවූයේ නම් මට සිතා ගත නොහැකි වෙනු ඇත.

සමහරු මේ පුවත සහ ඡායාරූප සාවද්‍යයැයි සැක පහල කරති, බැහැර කරති.

සමහරු අරංතලාවේ සහ වෙනත් තැන්වල ත්‍රස්තවාදීන් මරා දැමූ ඡායාරූප සහ විස්තර සහිත සබැඳි එකතු කරති.

ඔවුන් ගේ ඒ හැසිරීම මට වටහා ගත හැක. ඒ මේ අපාරධය ගැන ඇසූ සැනින් නැග එන තම හෘද සාක්‍ෂිය යටපත් කර තාවකාලිකව හෝ හිත රවටා ගැනීමේ ප්‍රයත්නයන් ය.

තවත් සමහරු වාර්තාකරුවන්ට බණිති. වෙනත් බණ දෙසති. එපමණකින් නොනැවතී ඒ ළමා ඝාතනය, යුධ අපරාධය සාධාරණීකරණය කරන්නට සිත් පිත් නැත්තවුන් සේ කරුණු බඳිති. එවැන්නන්ට ළමා ඝාතන, යුධ අපරාධ නොව අඩුතරමින් නහි වේරේන වේරාණි ද අමතකය. න ජච්චා වසලෝ හෝති ද අමතකය. මද්දුම බණ්ඩාර ද අමතකය.

තවත් සමහරුන්ට ඇති ප්‍රශ්නය මේ අපරාධය නොවේ. ඒ අපරාධයේ ඡායාරූප ජනමාධ්‍යයට ලැබුණේ කෙසේද යන්නය.

මගේ කඳුළු මැද මා තනිවූයේ දැයි මට මොහොතකට සිතුණි.

නමුත් මා තනි නැත.

මා මෙන්ම ඒ දුක දැනුණු ටික දෙනෙකු හෝ සිටින බව මේ සිංහල බ්ලොග් අවකාශයේ තබා ඇති ප්‍රතිචාර කිහිපයකින් හෝ පෙනේ.

වසර තුනහමාරකට ඉහත දිනයක සිදුවුණු මේ අපරාධය ගැන මෙලෙස හෙලිවීමේ අතුරු වැදගත් කමක් මට තිබේ.

එනම් මිනිසුන් සහ නොමිනිසුන් වෙන් කර හඳුනා ගැනීමට මේ සිද්ධිය සම්බන්ධයෙන් යමෙකු දක්වන අදහස් මත මට ඉඩ සැලසෙන නිසාය.

මේ නොමිනිසුන්ගෙන් ඈත් වීමට කාලයයි.

-කතන්දරකාරයා

ප/ලි
මා දින තුනක් තිස්සේ අත්හදා බැලූ කඟෙන්ට් ක්‍රමය අත්හැර දැමූවෙමි.

එහි යම් යම් ප්‍රයෝජන තිබුණේ වුවද, හිත් පිත් නැති ඇනෝනිමස් බොට් ලාට එතුලින් රිංගා ගොසින් මා ලියූ ඇගේ බෙල්ල කතන්දරයට ප්‍රහාර එල්ල කළ හැකි වව පෙණුනි.

යම් අපහසුතාවයක් සිදුවුනේ නම් ඒ ගැන කණගාටුවෙමි.


(image: http://my.englishclub.com/profiles/blogs/silent-of-tears)

65 comments:

  1. සාධාරණීකරණයට හේතුව ලෙස ගොඩක් දෙනා දක්වලා තියෙන්නේ පුතා කවදාහරි ප්‍රභාකරන්ගෙම පාරේ යන්න ඉඩ තියන නිසා, එතැනදිම ඉවරයක් කලාම වැඩේ අහවරයි කියන එක. තාත්තලාගේ වැරදි වලට පුතාලා දඬුවම් විඳින්න ඕනේ කියන රජ කාලේ මානසිකත්වයේ මිනිස්සු තාම ඉන්නේ.

    මේ කොල්ලාගේ මූණ දිහා බලලා ඌව මැරුව එක හොඳයි කියන්න මිනිස්සුන්ට මොනවගේ මානසිකත්වයක් තියෙන්න ඕනේද කියන එක තේරුම් ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. හමුදාවන් විසින් මෙවැනි ඝාතන සිදු කිරීම සාමාන්‍ය දෙයක්. ලෝකයේ සෑම හමුදාවක් විසින්ම මෙවැනි අපරාද යුද්ධ තුළ සිදු කරනවා.අදාළ ඉහළම අණදෙන නිලධාරින් මෙන්ම ඉහල දේශපාලකයන්ද ඒවා දන්නවා. නමුත් ඒවා සමාජයට හෙළිදරවු වෙනකම් ඔවුන් ඒවා සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටිනවා. යම් හෙයකින හෙලි වුණාම ඒ සම්බන්ධ අයට දඩුවම් දෙනවා. ඒකට හේතුවක් තියෙනවා. යුද්ධබිම තුළ හමුදාව තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය කෲර මානසික තත්ත්වය ඔවුන්ට සිවිල් සමාජය පවත්වාගෙන යන්න අවශ්‍ය නැති නිසා. එවැනි දෙයක් හෙළිවුණහොත් ඒ සිදුවීම හෙළා දැක නීතිය ක්‍රියාත්මක කරනවා. ඇමෙරිකානු සෙබළුන් ඇෆඝනිස්ථානයයේ හෝ වෙන තැනක කරන අපරාධ වාර්තාවෙන්නේ සුළු ප්‍රමාණයක් නමුත් හෙළි වෙන ඒවාට අදාළව ඔවුන් වැරැදි කරුවන් ආරක්ෂා කරන්න යන්නේ නැහැ. ඒ තමන්ගේ සිවිල් සමාජය ඒ මට්ටමට ගෙන ඒමට අවශය නැති නිසා. හැබැයි දෙමළ මිනිසාට එරෙහිව යුද්ධයේදී මහා වංශයේ ඉදලම කළේ අපරාධ සාදාරණී කරණයයි. දුටු ගැමුණු ගේ මරණ මංචකයේදී ඔහු තමන් විසින් මරා දැමු මිනිසුන් ගැන පසුතැවිලි වෙද්දි බෞද්ධ බික්ෂුවක් කිව්වේ " මරා දමා ඇත්තේ පන්සිල් සමාදන් නොවූ අය බැවින් කිසිදු අකුසලයක් සිදුව නැති බවයි.
      පසුගිය වකවානුවේ යුද්ධය සිදුවන විට හා ඉන් තෙවසරකට පසුව දැන් පවා සිදුවන්නේ අපරාධ යුක්ති සහගත කරමින් තමන්ගේම සමාජය වඩාත් පිරිහීමට ලක්කිරීම බව මේ පුද්ගලයන්ට හෝ සංවිධානවලට තේරුම් ගැනීමට අවශය නැහැ. පැරණි වම, ජවිපෙ (එවකට ජවිපෙයේ සිටි කුමාර් ගුණරත්නම් පිලද ඇතුළුව) හේල උරුමය, බෞද්ධ බික්ෂූන්,කලාකරුවන්( රත්න ශ්‍රී , සුනිල් අුාරිය රත්න වැනිකල්ක් පුගතිශිලිව කලා කරැවන් ලෙස සිටි අය) ජනමාධ්‍ය, ඇතුළු මෙකී නොකී සියළු අය කලේ මේ අපරාධ සාධාරණී කරණය කරපු එක. ඒකෙන් තමන් අයත්වන සිංහල සමාජයේ හෘදය සාක්ෂිය නිර්වින්දනය කිරීමේ අපරාධයට වන්දි ගෙවන්නේ සිංහල සමාජයේ දරුව්න්, ගැහැණුන් , වැනි අනාරක්ෂිත තත්ත්වයේ පසුවන පුද්ගලයන්. උතුරේ අපරාධ සිදු කළවුන් දකුණට ඒවායේ ඡායාරුප ගෙන ඇවිත් නෑ හිතමිතුරන් සමග ඒවා සතුටින් නැරඹුවේ නැද්ද? කී දෙනෙක් ඒවාට එරෙහි වී ඒවා හෙළි කර සමාජයේ හෘදය සාක්ෂිය අ‍ාරක්ෂා කරගන්න උත්සාහ කළාද?

      Delete
  2.  LTTE එක කරපු "ත්‍රස්ත" ක්‍රියා වලින්, 88/89 කාලෙ JVP එක නොකලෙ සතුරාව මරාගෙන මැරෙන එක විතරයි. ඒ හැරෙන්න, LTTE එක කරපු හැම දෙයක්ම වගේ JVP එකත් කලා.හැබැයි, විජේවීර ව අත් අඩංගුවට අරන් පන පිටින් පිච්චුව කියල ඉතිහාසෙ තිබුනත්, එයාගෙ දරුවන්ට කරදරයක් කල බවක් කියවෙන්නෙ නැහැ. රජයේ වියදමින් ඔවුන් ව නඩත්තු කලා ලු. ඒ දරුවො ලොකුමහත් වෙලා ඇති දැන්. එයාල විජේවීර කරපු දේවල් කරන්න හැදුව කියල අපි අහල නැහැ. විජෙවීරගෙ දරුවන්ට තිබුන ජීවත් වීමේ අයිතිය ප්‍රභාගෙ දරුවට නැති වෙන්න, ඔහු දෙමල වීම හැර වෙන හේතුවක් මට නම් නොතේරේ.

    ReplyDelete
  3.  LTTE එක කරපු "ත්‍රස්ත" ක්‍රියා වලින්, 88/89 කාලෙ JVP එක නොකලෙ සතුරාව මරාගෙන මැරෙන එක විතරයි. ඒ හැරෙන්න, LTTE එක කරපු හැම දෙයක්ම වගේ JVP එකත් කලා.හැබැයි, විජේවීර ව අත් අඩංගුවට අරන් පන පිටින් පිච්චුව කියල ඉතිහාසෙ තිබුනත්, එයාගෙ දරුවන්ට කරදරයක් කල බවක් කියවෙන්නෙ නැහැ. රජයේ වියදමින් ඔවුන් ව නඩත්තු කලා ලු. ඒ දරුවො ලොකුමහත් වෙලා ඇති දැන්. එයාල විජේවීර කරපු දේවල් කරන්න හැදුව කියල අපි අහල නැහැ. විජෙවීරගෙ දරුවන්ට තිබුන ජීවත් වීමේ අයිතිය ප්‍රභාගෙ දරුවට නැති වෙන්න, ඔහු දෙමල වීම හැර වෙන හේතුවක් මට නම් නොතේරේ.

    ReplyDelete
  4.  LTTE එක කරපු "ත්‍රස්ත" ක්‍රියා වලින්, 88/89 කාලෙ JVP එක නොකලෙ සතුරාව මරාගෙන මැරෙන එක විතරයි. ඒ හැරෙන්න, LTTE එක කරපු හැම දෙයක්ම වගේ JVP එකත් කලා.හැබැයි, විජේවීර ව අත් අඩංගුවට අරන් පන පිටින් පිච්චුව කියල ඉතිහාසෙ තිබුනත්, එයාගෙ දරුවන්ට කරදරයක් කල බවක් කියවෙන්නෙ නැහැ. රජයේ වියදමින් ඔවුන් ව නඩත්තු කලා ලු. ඒ දරුවො ලොකුමහත් වෙලා ඇති දැන්. එයාල විජේවීර කරපු දේවල් කරන්න හැදුව කියල අපි අහල නැහැ. විජෙවීරගෙ දරුවන්ට තිබුන ජීවත් වීමේ අයිතිය ප්‍රභාගෙ දරුවට නැති වෙන්න, ඔහු දෙමල වීම හැර වෙන හේතුවක් මට නම් නොතේරේ.

    ReplyDelete
  5. Mama nam kiyanne Balachandiranva marapu eka hodai. eyath thaaththage paththa yanna ida thiyanava. meyava thiyala thamai thaaththava alluve. dennama marala demma. thiyala mona karannada? Nikan maruve nehe ne.hodata kanna deela thamai maruve. ei ithin nikan duk venne? demala kattiyava maruvata pawak naha.

    ReplyDelete
  6. පොඩ්ඩි21 February 2013 at 08:01


    The world is so dreadfully managed, one hardly knows to whom to complain.       

    ReplyDelete
  7. ප්‍රභා දමිල/සිංහල දරුවන් මරා දැමුවාද ගැබිනි මාතාවන් මරා දැමුවාද අසරණයන් මරා දැමුවාද කියා වගේ වගක් නැති ඔබලා මොහුගේ මරණයට ඇඩීම පුදුමයක් නොවේ.එය ලංකාවේ හැටිය.
    ඔහුටද පල දුන්නේ පියාකල වැරදි නිසා අසරණ වූ දරුවන්ගේ ශාපයයි.
    මගේ අදහසට අනුවනම් මෙය පැහැදිලිවම අසත්‍ය ජායාරූපයකි.එය ඕනම එකෙකුට තේරුම්ගත හැක.
    නමුත් තම දරුවා හා අනෙක් දරුවන් සමාන කර සැලකුවානම් මෙම දරුවා අද ජීවතුන් අතරය.(මෙය සත්‍ය ජායාරුපයක් නොවුවත් එය එසේ නොවේයැයි තර්ක කරන්නවුන් සදහා)
    චාල්ස් ඇන්තනීද මිනීමරුවකු වුවානම් ඔහුගේ මලයාද එසේ නොවියහැකියයි වගකිව හැක්කේ කාටද ?
    ඔබටද ?
    මා සිටින ප්‍රදේශයේ හමුදා සෙබලුන් හත් දෙනෙකු මිය ගියා.
    ඔවුන්ගේ දරුවන් අද විඳිනා දුක ඔබ දන්නවාද ?
    යුධ වීරයන්ගේ දරුවන් අපාදුක් විදිද්දී මොහුට සුරසැප දී හදා ගන්නද කියන්නෙ.
    රණවිරුන්ගේ යුධ ජයග්‍රහනය පඩේකට ගනන් ගන්නැති ඔබලා මෙවන් නින්දිත ප්‍රකාශ කිරීම කනගාටුවට කරුනක්.

    මට රෙද්ද පල්ලෙන් බේරෙන ලොරිටෝක් නොදී බුද්දියෙන් සිතනමෙන් ඉල්ලා සිටිමි !

    ReplyDelete
    Replies
    1. //මා සිටින ප්‍රදේශයේ හමුදා සෙබලුන් හත් දෙනෙකු මිය ගියා. ඔවුන්ගේ දරුවන් අද විඳිනා දුක ඔබ දන්නවාද ? යුධ වීරයන්ගේ දරුවන් අපාදුක් විදිද්දී //

      ඉහත කියමන මීට පහලින් දැක්වෙන ඔබගේම වදන් හා සැසඳීමේදී නිශේධ වී නොයයි ද ?

      //ඔහුටද පල දුන්නේ පියාකල වැරදි නිසා අසරණ වූ දරුවන්ගේ ශාපයයි.//

      කුමන අරමුණක් අරභයා සිදුකලද මූලික අර්ථයෙන් ගත් කල මනුශ්‍ය ඝාතනයක් සිදුකරන තැනැත්තා "මිනීමරුවෙක්" කියන අදහස බැහැර කරන්න පුළුවන්, පොදුවේ පිළිගත් මතවාදයක් තියනවද ? [යමෙකුට සත්‍ය වෙද්දී තවත් කෙනෙකුට එම පිළිතුර අසත්‍යයක් නොවෙන ?]

      ත්‍රස්ථවාදීන් හා ලෝක සම්මුතීන් පිළිගත් රාජ්‍ය හමුදාවක් සිදුකරනා ක්‍රියාවන් "අරූ එහෙම කල නිසා මූත් එසේ කිරීම හරි" වගේ මතයක් මත සාධාරණීකරනය කරන්න යාම තමයි අනවශ්‍ය ගැටළු ඇතිවීමට මුල.

      Delete
  8. මම නං සිංහලයෙක් වීම ගැන හිටියේ ගොඩක් ආඩම්බරයෙන්. ඒත් ඊයේ සිංහල බ්ලොග් වල කමෙන්ට් දැක්කහම ගොඩක් ලැජ්ජා හිතුනා.

    //තවත් සමහරුන්ට ඇති ප්‍රශ්නය මේ අපරාධය නොවේ. ඒ අපරාධයේ ඡායාරූප ජනමාධ්‍යයට ලැබුණේ කෙසේද යන්නය.// . ඒක අපරාධය නොදැක්කා වගේ ඉන්න හොඳ උපක්‍රමයක්

    ReplyDelete
  9. කතන්දරගේ මිනිසුන් නොමිසුන් වෙන් කිරීමත් ආණ්ඩුවේ දේශප්‍රේමී, දේශද්‍රෝහී වෙන් කිරීමේත් අතර වෙනසක් මට නම් නොපෙනේ.....

    ඔන්න ඔය වර්ගීකරනයම අනුව ගිහින් මමත් තව වෙන්කිරිල්ලක් ඉදිරිපත් කරනවා..

    ඔය මරණය ගැන කම්පාවෙන් කොමෙන්ට් දාන, පෝස්ට ලියන සිංහල අයගෑන (විදෙශිකයන් බොහෝමයක් හෑබෑවට දුක් වෙනවා, මොකද යුද්ධය ඔවුන්ගේ දෙයක් නොවුනු නිසා) මටත් වර්ගීකරනයක් තියෙනවා...ඒක්කො ඔවුන් මනුශ්‍යත්වය දන්නා නියම මිනිසුන් කොටසක්...නැතිනම් ඔවුන් තමන්ගේ හදවතවටවත් එකගා නැති ලෝකේට පේන්න බොරු වෙස් මුහුනක් දාගෙන ඉන්න පහත්ම වංක කොටසක්....ඒ කොයිකට අයිති උනත් ඒ සැබැ යථාර්තය පෝස්ට් එකක් ලිව්ව පලියටවත් කොමෙන්ට් එකක් දාපු පලියටවත් වෙනස් වෙන්නේ නෑ...ඒක දන්නේ ඒගෝල්ලන්ගේ හිත විතරයි..සමහර විට ඒක ඒගොල්න්ගේ හිතවත් දන්නේ නැතුව ඇති...

    ReplyDelete
    Replies
    1. මයියා ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය යුධමය ලෙස පැරදවීම පිළිබද විරෝධයක් නැති කෙනෙක් මම. නමුත් යුද්ධය අපේ වුන පලියට මේ වගේ සිදුවීමක් සාධාරණීකරණය කරන්න හැකියාවක් තිබෙනවා කියන්නේ ඇයි. යුද්ධයක් කරන විට අපි මරන්නේ ප්‍රතිවාදියා නැතිව යටත් වූ නිරායුධ මිනිසුන් නොවේ වැනි සම්මුති වලට මානව ශිෂ්ඨාචාරය කලකට පෙර ඉඳන් එකඟ වෙලා තියනවා.
      ඇත්ත ඔයාට අයිතියක් තියනවා අපි ඒකට එකඟ නෑ අපි ප්‍රතිවාදියාගේ ගෑනු දරුවෝ ඉඳන් හත්මුතු පරම්පරාවම හැඳි ගාල දානවා කියන එක කියන්න.
      ඔව් අපි සුළුතරයක් තමයි මේ විදියට හිතන්නේ ඇත්ත එත් ඒ ගැන මට ආඩම්බරයි.
      මාරයාගේ බ්ලොග් එකේ ඔබ මට දුන් ප්‍රතිචාරයට පිළිතුරු මා ලිපියකින් මගේ බ්ලොග් එකේ දී ඇත.
      http://udithame.blogspot.com/2013/02/sri-lankans-react-to-picturer-of.html

      Delete
    2. //රභා දමිල/සිංහල දරුවන් මරා දැමුවාද ගැබිනි මාතාවන් මරා දැමුවාද අසරණයන් මරා දැමුවාද කියා වගේ වගක් නැති ඔබලා මොහුගේ මරණයට ඇඩීම පුදුමයක් නොවේ.එය ලංකාවේ හැටිය.
      ඔහුටද පල දුන්නේ පියාකල වැරදි නිසා අසරණ වූ දරුවන්ගේ ශාපයයි.//

      ඇනෝනිමස් උඹ ඉස්සෙල්ලා කියනවා මේ කොල්ලා මැරුණේ ශාපයක් වැදිල කියල.ඊට පස්සේ මෙහෙමත් කියනව.

      //මගේ අදහසට අනුවනම් මෙය පැහැදිලිවම අසත්‍ය ජායාරූපයකි.එය ඕනම එකෙකුට තේරුම්ගත හැක.//

      මේක බොරුවක් නම් යකෝ මොකටද ශාපයක් වැදෙන කථාවක් කියන්නෙ?තොගෙ හිත දන්නව මේක ඇත්ත කියල.එහෙම නේද?

      Delete
  10. මේ පින්තූරයත් සමග බොහෝ දේ එළියට ආවා. මහා මානුෂිකවාදින් ලෙස පෙනී සිටින බ්ලොග්කරුවන් අතරත් තිරිසනුන් සිටිනා බව. මනුෂ්‍ය කියන්නේ මනස උසස් කියන එක. ඒකයි තිරිසනාගෙන මිනිසා වෙන වන කාරණය. මෙය සාධාරණීකරනය කරනා සියළුම අය හා ප්‍රභාකරන් අතර වෙන්සක් නොමැත. ප්‍රභාකරන් කලේත් මේ දෙයමය. ප්‍රභාද මොවුන්ද තිරිසනුන්ය.

    ReplyDelete
  11.  

    මටත් දැණුනේ බ්ලොග් ලෝකය ගැන මහත් කලකිරීමකි.  මේ ඡායාරූප ඇත්ත‍ හෝ බොරු විය හැක. මේවා දැන්
    එළියට එන්නේ දුෂ්ට චේතනාවෙන් විය හැක. මට ගැටළුව එය නොවේ. දරුවෙකුට ජීවත් වීමට ඇති
    අයිතිය ගැන මෙතරම් සැහැල්ලු ලෙස, ද්වේශ සහගත ලෙස සිතන්නේ කතා කරන්නේ කෙසේද යන්න
    ගැනයි. සුන්දර ලියවිලි ලියන බ්ලොග් ලෝකයේ ඇත්තන් ගැන මට ඇත්තේ පුදුමයකි.


     


    ReplyDelete
  12. දේශක යා21 February 2013 at 10:03

    දේශක යාFebruary 21, 2013 at 8:41 AM
    මම මේ සිස්ටම් එක වෙනස් කරන්න කැමතියි. ඒත් උං අපිව කපල කොටල මරල පුච්චල, අපිව වට්ටල අපිව කොටු කරල, බස් එකක යන්නත් උන්ගෙන් අවසර ගන්න ඕන සුනඛ මට්ටමටම අපිව දාලා අපිව පාගගෙන ඉන්න මේ සිස්ටම් එක වෙනස් කරන්න මම මැරුනත් සටන් කරනවා. ඒත් සහෝදර වරුනි, එක ප්‍රශ්නයක් අහන්නං, අපි සිස්ටම් එක වෙනස් කරලා, ඒ සිස්ටම් එකම නං ක්‍රියාත්මක කරන්නේ එහෙනං මොකටද උන්ගේ විදියට ක්‍රියාත්මක කරන අපේම සිස්ටම් එකක්. ඒ දෙකම එක නං ඒ සිස්ටම් එක මම අනුමත කරනවා..ස්ටීව් බන්ටු බීකෝ.(From the Cry Freedom book)පරිවර්තනය සුනිල් මාධව ප්‍රේමතිලක, හඩනු මැන නිදහසමට එච්චරයි කියන්න තියෙන්නේ.. සමහර විට මේ වගේ සමාජයකට බ්ලොග් ලියන එක වැඩක් නැති දෙයක් කියල මට දැං හිතෙන්න ඉඩ තියෙනවා... ඒතරං අසික්කිතයි සහෝදර සහෝදරියනි ඔබගේ වැදගත් බෞද්ධ අදහස්...

    ReplyDelete
  13. මයියා... ඕකම මෙහෙමත් පුළුවන් නේද?

    මේ මරණය ගැන කම්පා නොවෙන අය, එක්කෝ තමන්ගේ හිතට එකඟවම මේ ළමයාගෙන් මරණයෙන් වුනේ යහපතක් කියලා හිතන අය.. නැත්නම් මනුෂ්‍යත්වය නොහඳුනන අමනුස්ස කොටසක්...

    නැහැ මයියා එහෙම වෙන්න අවශ්‍ය නෑ... මේ පෝස්ට් ලියපු කොමෙන්ට් දාපු අය කරන, කරලා තියන සද්ගුණවත් වැඩ අපි අහලා දැකලා තියනවා. රිසානව මරපුවහම මේ ගොඩක් අය අනේ අපොයි කිව්වා.. යුද්දයක ම්ලේච්ඡත්වය අත්දකිමින් ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ හිතේ පැහැවන වේදනාව කේන්තිය වගේ දේවල් උඩ තමයි ඔවුන් මේ දේවල් සාධාරණීකරණය කරන්නේ... මාත් මේ ගැන සෑහෙන හිතුවා... මම යම් කිසි පැහැදීමක්, ගෞරවයක් ඇතුව හිටිය අය ඇයි මෙහෙම දේවල් කියන්නේ කියලා...

    මට දැනෙන දේ තමයි යුද්දෙ ඉවර කරපු නිසා මිනිස්සු යුද්දෙ සම්බන්ධයෙන් ආණ්ඩුව කරපු හැමදේම අනුමත කරනවා. මේක වැරදි දෙයක් කියලා පිළිගත්තොත් යුද්දෙ වෙනුවෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගයකට එරෙහිව යාමක් කියලා ඔවුන් හිතනවා. ඒ නිසා මේ මරණය සාධාරණීකරණය කරන මිනිසුන්ම, කොටින්ට අවි සැපයූ කේ.පී ගැන ගත් ක්‍රියාමාර්ගයත් අනුමත කරනවා.. උපක්‍රමශීලී බව වගේ දෙයක් කියලා. මේ ළමයා නොමරා තබා ගත්තා නම්, මේ මිනිසුන්ට එයත් අනුමත කරනවා.. අපේ මානව හිතවාදී බව කියලා. ප්‍රභාකරන්ගෙ අම්මයි තාත්තයි සම්බන්දයෙන් මේක උනා. ඕකෙම දිගුවක් තමා යුද්දයේ ක්‍රෙඩිට් එක මත මේ ආණ්ඩුවේ ක්‍රියා තවමත් බොහෝ දෙනා අනුමත කිරීම.

    අපි ඉන්නේ වැරදි වලින් වැරදි හදන සමාජයක... ඒකේ කෙළවරක් නැහැ. කොච්චර කලත් අවසානයේ හදන්න වැරද්දක් තියනවා. ලෝකයේ පිළිගත් නීතිරීති, ආචාර ධර්ම පද්ධතියක් තියනවා, බොහෝ ඒවා අපි පිළි අරන් තියනවා. අපිට කියලා සංස්කෘතියක්, හරි වැරදි තීරණය කරන ක්‍රමයක් තියනවා... අපි ඒවා අනුව වැඩ කරන්නෙ නැතුව.. වැරැද්ද, වැරැද්දෙන් වහ වහ හිටියොත් කිසිම දවසක අපිට ශිෂ්ට සමාජයක් බිහි කරගන්න බැහැ.

    ReplyDelete
  14. Pradeep Rathnayake21 February 2013 at 10:55

    1. Are you at Australia as http://anonymousaya.blogspot.com/2013/02/blog-post_8089.html telling ?
    2. Kakaa, this is not the first war in the world. Shit happens !. In your age you have to bear this type of incidents.
    3. You love your family. I appreciate! if some one kill your entire family what will you do? 
    4. There are no good and bad things in the world, all are relative !
    5. My son was in the same age, when following thing happen. 

    ReplyDelete
  15. බොහොම සුන්දර සංවේදී ඇඬෙන පෝස්ට් ලියපු ඇතැම් අයත් "ඕකට හොඳ වැඩේ මරාපු එකමයි කාරිය" කියල ලියන්නෙ අත් දෙකෙන්ද කියල හිතුන. ඒ අයගෙ ඔය කියන "අහිංසක හිත" කොහේද මංද. තවත් කෙනෙක් කමෙන්ට් කරපු අයගෙ මුළු පවුලම මැරෙනව දකින්න කැමතියි කියලත් ලියාපු තැනක් දැක්ක. මිනිස්සු පෙන්නන තරම් සුන්දර නෑ කියල නැවත නැවතත් ඔප්පුවෙනව මේ වගේ සිද්ධි වලින් !

    වෛරයෙන් ඇස් වැහිච්ච මින්ස්සු නිසා ලෝකෙට වෙච්ච විනාස හොඳටම ඇති !

    ඇ‍ඟෙන් පතෙන් "පොෂ්" උනාට ඇඳුමෙන් පැළඳුමෙන් "පොෂ්" උනාට අදහස් වලින් මුග්ධ මිනිස්සුන්ට කරන්න පුළුවන් විනාසය බොහෝමයි. අවාසනාවකට ඒ විනාසය ගේන්නෙ  තමන් මතට විතරක් නෙමෙයි වටේ ඉන්න අනිත් උන්ටත් එක්ක.

    හැබැයි ඒ චරිතම "සිංහල බෞද්ධ" කම ‍රැකගන්න වලිකනව.

    පුදුම දෙපිටකාට්‍ටු කමක්. මෙහෙම මිනිස්සු ඉන්න තැනක ලියන්න සිද්ධවෙන එක ගැන ඇත්තමට කණගා‍ටුයි.

    මේ සමාජයට අපි අයිති නැද්ද  ?? පොඩි එකා මැරීම වැරදියි කියන උන් මේ රටට කරන්නෙ අපරාදයක්ද ??

    ReplyDelete
  16. මම හිතාගෙන හිටියෙත් දරු දුක දැනෙන්න දරුවෙක්ගේ මවක් පියෙක්ම වෙන්න ඕන නෑ. මාමෙක් නැන්දෙක් බාප්පෙක් පුන්චියෙක් මහප්පෙක් මහම්මෙක් උනාම උනත් ඒ දුක දැනෙනවා කියලයි. ඒත් බාලචන්ද්‍රන් ගැග ලියපුවත් කියවපු අයගේ අදහසුත් කියෙව්වාම මට හිතුනේ දරුදුක කෙසේ වෙතත් මනුස්ස කම කියන දේ දැනෙන උන් ඉන්නේ කීදෙනෙක්ද කියලයි.

    ReplyDelete
  17. කකා ඔය පින්තූරේ දකිද්දී මගෙත් බඩ පපුව දාල ගියා .ඒ එක්කම මන් තාත්තටත්
    පෙන්නුවා ..හැබැයි I told him

    "dad there is a some video from our news feed , It shows some images
    from balachandran . but dont be panic , its really shocking ok? shall I on air or not ? "

    after he saw them I noticed he is tearing . Thats the story behind the drama. but kaka
    there is a prob, do you knw In SL even a single lady got wardrobe prob, we can have
    it on our mobile phones here. So why this video took such a long time , without entering
    our arena ?

    dont get upset kaka. There is a drama , still its producing all over the world , even
    here in blogs ...


    Shermie .

    ReplyDelete
    Replies
    1. මන් මෙච්චර වෙලා සමස්තය ගැන කතා කරේ නැහැ.මොකද එහෙම කතා
      කිරීමත් අපි අහක යන ඊ තලයක් පුකේ තියගැනීමක් නිසා.දැන් කට්ටියම
      මේක පුකේ තියන් ඉවරනේ.ඒ නිසා ආයේ මේකේ රැකගන්න දෙයක් නැහැ..

      මට අහන්න තියෙන්නේ ඔහොම එකක් දැක්ක පළියට දැන් ඔයාලත් ඕක
      පිළි අරන් නෙවේද ඔය කතා කරන්නේ ?

      ඕකම නෙවේද ඕව එලියට දාපු මිනිස්සුන්ගේ උවමනාව ?මෙතන තියෙන්නේ
      පොඩි ළමයෙක් මැරුණ එකක් ගැන ප්‍රශ්නයක් වත් , අපේ බෞද්ධ කම ගැන
      වත් ප්‍රශ්නයක් නෙවේ..ඒ වගේම බොරු මවා ගත් බොදු කමක් , සිත් පිරිසුදු
      යැයි අනුන්ට පෙන්වීමට ගන්නා උත්සාහයෙන් ( ගොන් පාර්ට් එකෙන් ) වෙන්නේ
      තව තව අපි මේකේ ප්‍රපාතෙටම යන එක..

      ඔය රූප ටික දකිද්දී පොලොව පලන් යන්න හිතෙනවා, ඒත් අපි හිතන්න ඕනේ
      මෙච්චර කාලෙකට නාපු වීඩියෝ එකක් ආවේ කොහොමද කියල දැන් එක
      පාරට මේ මානව හිමි කම් සැසි අස්සේ ..

      හැමෝම දන්නවා ඇති කෙල්ලෙක්ගෙ ගවුම උඩ ගියත් හද්ද පිටිසර ගමක , ඒක කොළඹ
      එනවා..කොළඹ එක ගමට යනවා..

      එහෙම රටක හිතනවද මේක මීට කලින් අපේමම ලීක් නොවී එක පාරට ප්‍රන්සෙන් මතු
      වෙන්නේ කොහොමද කියල ඩිංගක් ?

      ශ්‍රී මහා බෝදියට කොටි ගහපු එකත් මෙතන ඉන්න ඕනේ කෙනෙක් බලල ඇති.VHS
      යුගයේ ඒවා තිබ්බේ..ඒත් ඒවත් අපි බැලුව නේද ? ඒ BTooth , වලින් අරන්ද ?
      net එකෙන් අරන්ද ?

      නැහැනේද ?

      ඔහොම රටක මේ වගේ රටක් වශයෙන් අගාදෙට යන දේවල් කරන්න එපා..දුක නම්
      ගෑනි බදාගෙන අඬමු කොල්ල වෙනුවෙන් හොරෙන් ..ඒ උනත් මේ වගේ නූගත් වැඩ
      කරන්න එපා..

      මතක තියාගන්න අපි ඉන්නේ මානසික යුද්දයක් මැද්දේ..මේ දේවල් වලින් තමයි නැවත
      අපි අපිම අතර ගිණි අවුළුවන්නේ..කරුණාකරලා ඒක තේරුම් ගන්න..

      මේ වගේ දේකින් හදවතට කතා කරලා , එතනින් කැත්ත අතට දීම වෙන්නේ..කැත්ත
      අතට ආවම අත් දෙකේත් ලේ ගෑවෙනවා..

      ඒ නිසා ඩිංගකට හදවතට අගුලු දාගන්න..දුක වැඩිම නම් ගෑනු ඉන්න අය ගෑනිවත් ,
      කෙල්ලෝ ඉන්න අය කෙල්ලන් වත් බදාගෙන අඬන්න ..

      අඬල කඳුළු පිහ දාගෙන මේක යටින් යන කෙමණ තේරුම් ගන්න..

      Delete
    2. කෙමන නං තේරිල ගොඩක් කල් උඹල වගේ ගොං වස්සො හින්ද!!!

      Delete
    3. සයිලන්ට් සහන්, මුලින්ම ඔයාගෙ අදහස් එක පිළිවෙලකට ලියාගන්න කොළයක. ඊටපස්සෙ ඒක එකලසක් කරගෙන බ්ලොග් එකක දාන්න කමෙන්ට් කරනකොට. නැතිනම් ඔයා ලියන ඒව තේරුම් ගන්න වෙනම පැයක් දෙකක් ඒක කියවන්න ඕන.
      දෙවෙනි කාරණේ. මොකක්ද සහන් මේ නොදන්න ඉංග්‍රීසියකින් ලියල තියන විකාරෙ? මොකටද ඔයා ඒ ටික විතරක් ඉංග්‍රීසියෙන් ලියන්නෙ? ඔයා තාත්තට ඔය විදියට ඉංග්‍රීසියෙන් කිව්වෙ නෑනෙ ඔය ටික. ඉංග්‍රීසි දැනුමේ අඩු පාඩු තිබීම හෝ ඉංග්‍රීසි නොදැනීම අවුලක් නෙවෙයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න එකත් හොඳයි. ඒත් මේ කමෙන්ට් එකේ කෑල්ලකට ඔය වගේ වැරදි ඉංග්‍රීසි ටිකක් එකතු කරනවා කියන්නෙ ඔයාට ඒක බලන අනෙක් වුන් දෙපැත්තෙන්ම හිනාවෙන එක. මේක මෙතන කවුරුවත් නොකිව්වට ඕන කෙනෙක් හිතනවා. මොකටද මේ සයිලන්ට් සහන් කමෙන්ට් එකේ කෑල්ලක් විතරක් වැරදි ඉංග්‍රීසියෙන් ලියන්නෙ කියලා.

      Delete
    4. හරි හරි උගත් ඇනෝ කෙනෙක් කියලා නම් පේනවා.ඒත් මේ ප්‍රශ්නෙදි කොන්ද කෙලින් තියන් හරි දේ කතා කරපු එකම කෙනා සහන් විතරයි.ඒ නිසා අපිට නම් ඒ ඇති.ඔය උගත් මහත්තයගේ හරි , නෝනගේ හරි දැනුම උගත්කම ගැන නම් නියමෙට පේනවා.රට වෙනුවෙන් කොටින්ට එරෙහිව කතා කරද්දී ගොඩක් උන්ට රිදෙනවා.මන් හිතන්නේ එක්කෝ අවජාතක කම , නැත්නම් කොටි වෙන්න ඕනේ.

      Delete
    5. මේ ඉන්න ඇනෝ එක්කෝ සහන්. මේ ඇනෝ සහන් නෙවෙයි නම් සහන් ගේ මිතුරෙක් වෙන්න බෑ. මෝඩ ඇනෝ. කරුණාකර මගේ කමෙන්ට් එකෙන් පරල නොවී ඒක ආයෙමත් කියවන්න. ඒකෙන් සහන්ට පොඩ්ඩක් පිළිවෙලකට ලියන්න කියලා උපදෙස් දීල තියෙන්නෙ සහන්ගේ අදහස් වලට එකඟ නොවුනත් සහන්ගේ අදහස් වල ගත යුත්තක් තියෙන බව සලකා බලලයි. දන්නෙ නැති වැරදි ඉංග්‍රීසි තේරුමක් නැතුව පාවිච්චි කරන්න එපා කියල තියෙන්නෙ සහන්ව මේක බලන හැමෝගෙම හිනාවට පාත්‍ර වීම වලක්වන්නයි. මම සයිලන්ට් සහන් කියන්නෙ කවුද කියල දන්නවනම් ඒක පෞද්ගලිකව කියනවා. ඒත් මම බ්ලොග් ලියන්නෙ නැති නිසා සහන්ව පෞද්ගලිකව දන්නෙ නෑ.
      මම උගත් ද නැද්ද කියන එක ගැන මෙතන කතා කල යුතු නෑ. ඒත් අනිවාර්යයෙන්ම සහන් හෝ මේ ඇනෝ බුද්ධිමත් කියලා මම හිතනවා. මම කොටියෙක්ද නැද්ද කියන ප්‍රශ්නේ මේ කමෙන්ට් එකට අදාළ නෑනෙ. ඒක තනිකරම ඔයාගෙ හිතේ තියෙන අවුලක්නේ. ඒ ගැන කථා කරන්න මම ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් කමෙන්ට් කරලා තියෙන තැනක. මැටි ඇනෝවෙක් වෙන්න එපා.

      Delete

    6. මේකයි මුලින්ම මම සහන් , සයිලන්ට් වගේ තිබ්බොත්
      ඇර විශේෂෙන් ඇවිත් බලන්නේ නැහැ කමෙන්ට් .ඉතින්
      මට සමහර ඒවා මටම කියල තිබ්බත් දකින්නේ නැහැ.
      දෙන්නගෙම අවවාද වලට ගොඩක් පින් . මන් ඒ දේවල්
      හදාගන්නම්..ඒ වගේම දෙන්නටම නැවතත් ස්තූතියි.

      Delete
    7. අන්න හරි සහන්. ඒකයි වෙන්න ඕන. මම මුල්ම කමෙන්ට් එක දැම්මෙ ඔයාව පහතට දාන්න නෙවෙයි. ඔයාගෙ අදහස් මට වැඩක් නැතිනම් මම ඒවා පිළිවෙලකට ලියන්න කියන්නෙ නෑනෙ. පිළිවෙලකට ලියන්න කියන්නෙ ඒවා අපිට කියවන්න අවශ්‍ය නිසා. ස්තුතියි මා කියූ දේ තේරුම් ගත්තට. ජය.

      Delete
  18. මමත් අම්මාත් නංගීත් මගේ තාත්තා මැරූ කොටියාගේ පුතාගේ මරණයේ සේයාරූ දැක හැඬුවෙමු!!

    ReplyDelete
  19. Subodha Rajapaksha21 February 2013 at 13:01

    ඒ දරුවාගේ බැල්ම දක්කම මටත් මගේ පුතා මතක් වුනා. මාධ්‍යය වලින් නිතරම පෙන්වන  දරුවන්ට කරන අපරාධ දැක්කම මට දැනෙන දේ මයි එවේලේත් දැනුනේ... ප්‍රභාගේ පුතා උනත් ඒ හැගීම වෙනසක් නැහැ.එත් කකා,  මට නම් හිතෙන්නෙම මේක FAKE එකක් කියලයි. මැරී වැටී සිටින පින්තුරය හුගක් පස්සේ ගත්තු එකෙක් වගෙයි හිතෙන්නේ. නමුත් අමතක කල යුතු නැහැ, තමන්ගේම දරුවොන්වත් මරලා දාන  දෙමව්පියෝ ඉන්න සමාජයක්නේ මේක. එක නිසා කලේ කවුද කියලා තීරණය කරන්න ඉක්මන් වෙන්න බැහැ. එහෙම නේද ?

    ReplyDelete
  20. කකා ඔරිජිනල් කමෙන්ට් වැටෙන්නේ නැහැ මේ Dizq හින්ද .මන් පස්සේ දැක්කේ bloger ඔරිජිනල් ID එකෙන් දාන ඒවාවැටෙන්නේ නැහැ ......නොවැටෙන ඒවා ගැන බලන්න ..මොකද මේ අනවශ්‍ය විකාරපුරවන්න වෙලා නැහැ ..--------------------------------------------------------------------------------------...-----


    කකා ඔය පින්තූරේ දකිද්දී මගෙත් බඩ පපුව දාල ගියා .ඒ එක්කම මන් තාත්තටත්පෙන්නුවා ..හැබැයි I told him


    "dad there is a some video from our news feed , It shows some imagesfrom balachandran . but dont be panic , its really shocking ok? shall I on air or not ? "


    after he saw them I noticed he is tearing . Thats the story behind the drama. but kakathere is a prob, do you knw In SL even a single lady got wardrobe prob, we can haveit on our mobile phones here. So why this video took such a long time , without enteringour arena ?


    dont get upset kaka. There is a drama , still its producing all over the world , evenhere in blogs ...


    Shermie .ReplyDeleteReplies


    1. silentsahanFebruary 21, 2013 at 12:32 PM


    මන් මෙච්චර වෙලා සමස්තය ගැන කතා කරේ නැහැ.මොකද එහෙම කතා කිරීමත් අපි අහක යන ඊ තලයක් පුකේ තියගැනීමක් නිසා.දැන් කට්ටියම මේක පුකේ තියන් ඉවරනේ.ඒ නිසා ආයේ මේකේ රැකගන්න දෙයක් නැහැ..


    මට අහන්න තියෙන්නේ ඔහොම එකක් දැක්ක පළියට දැන් ඔයාලත් ඕක පිළි අරන් නෙවේද ඔය කතා කරන්නේ ?


    ඕකම නෙවේද ඕව එලියට දාපු මිනිස්සුන්ගේ උවමනාව ?මෙතන තියෙන්නේ පොඩි ළමයෙක් මැරුණ එකක් ගැන ප්‍රශ්නයක් වත් , අපේ බෞද්ධ කම ගැන වත් ප්‍රශ්නයක් නෙවේ..ඒ වගේම බොරු මවා ගත් බොදු කමක් , සිත් පිරිසුදු යැයි අනුන්ට පෙන්වීමට ගන්නා උත්සාහයෙන් ( ගොන් පාර්ට් එකෙන් ) වෙන්නේ තව තව අපි මේකේ ප්‍රපාතෙටම යන එක..


    ඔය රූප ටික දකිද්දී පොලොව පලන් යන්න හිතෙනවා, ඒත් අපි හිතන්න ඕනේ මෙච්චර කාලෙකට නාපු වීඩියෝ එකක් ආවේ කොහොමද කියල දැන් එක පාරට මේ මානව හිමි කම් සැසි අස්සේ ..


    හැමෝම දන්නවා ඇති කෙල්ලෙක්ගෙ ගවුම උඩ ගියත් හද්ද පිටිසර ගමක , ඒක කොළඹ එනවා..කොළඹ එක ගමට යනවා.......


    එහෙම රටක හිතනවද මේක මීට කලින් අපේමම ලීක් නොවී එක පාරට ප්‍රන්සෙන් මතු වෙන්නේ කොහොමද කියල ඩිංගක් ?


    ශ්‍රී මහා බෝදියට කොටි ගහපු එකත් මෙතන ඉන්න ඕනේ කෙනෙක් බලල ඇති.VHS යුගයේ ඒවා තිබ්බේ..ඒත් ඒවත් අපි බැලුව නේද ? ඒ BTooth , වලින් අරන්ද ? net එකෙන් අරන්ද ?


    නැහැනේද ?


    ඔහොම රටක මේ වගේ රටක් වශයෙන් අගාදෙට යන දේවල් කරන්න එපා..දුක නම් ගෑනි බදාගෙන අඬමු කොල්ල වෙනුවෙන් හොරෙන් ..ඒ උනත් මේ වගේ නූගත් වැඩ කරන්න එපා..


    මතක තියාගන්න අපි ඉන්නේ මානසික යුද්දයක් මැද්දේ..මේ දේවල් වලින් තමයි නැවත අපි අපිම අතර ගිණි අවුළුවන්නේ..කරුණාකරලා ඒක තේරුම් ගන්න..


    මේ වගේ දේකින් හදවතට කතා කරලා , එතනින් කැත්ත අතට දීම වෙන්නේ..කැත්ත අතට ආවම අත් දෙකේත් ලේ ගෑවෙනවා..


    ඒ නිසා ඩිංගකට හදවතට අගුලු දාගන්න..දුක වැඩිම නම් ගෑනු ඉන්න අය ගෑනිවත් , කෙල්ලෝ ඉන්න අය කෙල්ලන් වත් බදාගෙන අඬන්න ..


    අඬල කඳුළු පිහ දාගෙන මේක යටින් යන කෙමණ තේරුම් ගන්න..........

     

    ReplyDelete
  21. Kawuru kalath ahinsaka lamayek marana eka pawu...
    eth oya dala thiyena pinthura walin kiyanne Srilanka Army eka kara kiyalane...
    kohomada oya photo thunen eka oppu karanne, photo eka purawatama army uniform eke chuti kaallakui, sapaththuyi serappuyi walinda nattan bankar ekenda...
    oka prabakarange lagin hitya ayage wadak wennath puluwan ne.. godak welawata nayakaya marunama e thana puthata ayithi wenawa, nayakakama ganna karapu ekakda danne na ne, army eka pitin dala..
    o

    ReplyDelete
  22. මගේ සතපහ…


     


    කකාගේ හිතේ අමාරුව වටහා ගැනීම අපහසු නැත… අවුල
    ඇත්තේ මවුස් එක ස්ක්‍රොල් කරන සැනින් ලෝඩ් වෙන පිංතූර දිහා බලා කඳුලු සැලීම තරම්
    ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයක් කිරීම පහසු නැති එකයි…


     


    අම්මලගෙන් දරුවෝ උදුරගෙන කකුල් දෙකෙන් පොලවේ ගහලා
    මැරුවේ ඕකුන්ටත් ඔහොම කරන්න ඕනේ කියා සිතන ගෝත්‍රිකයන් අමතක කලොත්, අවසන් සටනේ
    වැනසුන මේ බිම්මල් සියල්ල ගැන මිනිස් හදවත් ඇති බහුතරයක් අරන්තලාවේ සාමනේර
    හාමුදුරුවරුන්ගේ මරණ සේම කණගාටු වෙනු ඇතැයි සිතමි…


     


    යුද්ධය යනු ලෝකයේ ඇති අප්‍රසන්නම දෙයයි… නුදුරු
    අනාගතයේ ඇතිවිය හැකි සිංහල හම්බ යුද්ධයක් වැළැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගතයුත්තේ
    එහෙයිනි…


     


    මේ ඝාතනය සත්‍යයක් නම් එය එම තීරණය ක්‍රියාත්මක
    කලවුන්ට එවේලේ ගන්නට තිබූ අපහසුම තීරණයක් වූවායැයි සිතන්නට මම කැමැත්තෙමි… හොලිවුඩ්
    චිත්‍රපටියක නම් ඒ අවස්ථාව දිගැහැරෙන්නේ මෙසේ විය යුතුය…


     


    “They need a decision, Mr. President…”


                     


     


    “Hmmmm…. These past few hours... have been the longest, darkest of
    my life. How does one weigh human life?


     


    Thousands of civilian casualties against this cold blooded
    execution at the  last moment…


               


     


    And in the middle, kids like Balachandran… That we have ignored, abandoned
    or marginalized... Thousands of Sinhalese and Tamils have paid for that
    neglect in blood... is equally real… and equally tragic.


     


    We are at war with terror. Fighting a war means casualties. This
    is the worst call I've ever had to make in my life.


     


    Clean Sweep
    approved !!!”


     


    ඒත් මේ හොලිවුඩය නොවේ ශ්‍රී ලංකාවයි…

    ReplyDelete
  23. මගේ සතපහ…


     


    කකාගේ හිතේ අමාරුව වටහා ගැනීම අපහසු නැත… අවුල
    ඇත්තේ මවුස් එක ස්ක්‍රොල් කරන සැනින් ලෝඩ් වෙන පිංතූර දිහා බලා කඳුලු සැලීම තරම්
    ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයක් කිරීම පහසු නැති එකයි…


     


    අම්මලගෙන් දරුවෝ උදුරගෙන කකුල් දෙකෙන් පොලවේ ගහලා
    මැරුවේ ඕකුන්ටත් ඔහොම කරන්න ඕනේ කියා සිතන ගෝත්‍රිකයන් අමතක කලොත්, අවසන් සටනේ
    වැනසුන මේ බිම්මල් සියල්ල ගැන හදවත් ඇති බහුතරයක් අරන්තලාවේ සාමනේර
    හාමුදුරුවරුන්ගේ මරණ සේම කණගාටු වෙනු ඇතැයි සිතමි…


     


    යුද්ධය යනු ලෝකයේ ඇති අප්‍රසන්නම දෙයයි… නුදුරු
    අනාගතයේ ඇතිවිය හැකි සිංහල හම්බ යුද්ධයක් වැළැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගතයුත්තේ
    එහෙයිනි…


     


    මේ ඝාතනය සත්‍යයක් නම් එය එම තීරණය ක්‍රියාත්මක
    කලවුන්ට එවේලේ ගන්නට තිබූ අපහසුම තීරණයක් වූවායැයි සිතන්නට මම කැමැත්තෙමි… හොලිවුඩ්
    චිත්‍රපටියක නම් ඒ අවස්ථාව දිගැහැරෙන්නේ මෙසේ විය යුතුය…


     


    “They need a decision, Mr. President…”


                     


     


    “Hmmmm…. These past few hours... have been the longest, darkest of
    my life. How does one weigh human life?


     


    Thousands of civilian casualties against this cold blooded
    execution at the  last moment…


               


     


    And in the middle, kids like Balachandran… That we have ignored, abandoned
    or marginalized... Thousands of Sinhalese and Tamils have paid for that
    neglect in blood... is equally real… and equally tragic.


     


    We are at war with terror. Fighting a war means casualties. This
    is the worst call I've ever had to make in my life.


     


    Clean Sweep
    approved !!!”


     


    ඒත් මේ හොලිවුඩය නොවේ ශ්‍රී ලංකාවයි…

    ReplyDelete
  24. ත්‍රස්තවාදීන් කුඩා දරුවන් මරන විට එය අනුමත කරමින් ත්‍රස්තනායකයාගේ දරුවා මරණයට වැලපෙන්නේ නම් එය ව්‍යාජයකි.ත්‍රස්තනායකයාගේ දරුවා ගැන යමෙක් වැලපෙන්නේනම් ඒ යම් බලාපොරොත්තුවක් ආර්ථික වාසියක් නිසාමය නැතිනම් එවැනි මනෝභාවයක් අසාමාන්‍ය බැවිනි.නැගෙනහිර ගම් පිටින් වනසන විට කිසිම එන් ජී ඕ කාරයෙක් ඒ ගැන කතා නොකළ බැවිනි.
    එක් දෙයක් කීමට ඇත.

    මේ වැඩවලින් සිදුවන්නේ ආන්ඩුව ශක්තිමත් වීමයි.
    ජාතික බලවේග ශක්තිමත් වීමයි තමන්ට සතුරෙක් සිටින බවත් එම සතුරා මේ තරම් වියරු බවත් සිංහල බෞද්ධයා අවබෝධ කරගන්න බැවිනි.එවිට ත්‍රස්තවාදය පරාජය කල අයගේ මොන වැරදි තිබුනත් අවසාන විග්‍රහයේදී ඒ සියල්ල නිශේධනය වේ
    මට මතක් වෙන්නේ සිංහල බෞද්ධයාට යුද්ධ කිරීම අකැප බවත් පවු සිදුවන බවත් කී කතෝලික එන් ජී ඕ කාරයාය.ඔහු ව්‍යංගයෙන් කීවේ කතෝලිකයන්ට යුද්ධ කළ හැකි බවත් යුධ අපරාධ කිරීමට ඔවුන්ගේ ආගමෙන් අවසර දී ඇති බව විය හැක



    මෙතන තිබෙන්නෙ සාපේක්ෂ වැලපීමක්.කොටි බස් පුපුරවද්දි කතන්දරල වැලපුනේ නෑ.ගම්මාන වලට පැනල කුඩා දරුවන් පෙතිගහන කොට කතන්දරල වැලපුනේ නෑ.සමහරවිට ඒවා සාධාරණීකරනය කරන්න තර්ක ගේන්න ඇති.පහුගිය කාලෙ ඉස්කෝල ඉස්සරහ දෙමවුපිය මුර කළා.ම්ලේච්ඡ කොටි පාසලකට පහර දෙයි කියලා.මට ඉතාම ශෝකජනක සිදුවීම් දෙකක් මතකයි.කොටි නැගෙනහිරදි අම්මා බලාගෙන ඉන්න කොට දරුවො කැත්තකින් කපපු හැටි.ඒ අම්මා තමගෙ දරුවා ඇදයටට දැම්මා .ඒ අම්මා සතුටු වුනා ඒ දරුවවත් බේරෙයි කියලා ඒත් ඒක ජනේලෙන් බලන් හිටපු තවත් කොටියෙක් ජනේලෙන් පැනලා ඒ දරුවාගෙ ඔලුවට කඩුවෙන් කොටල දෙපලු කලාලු
    ගැබිණි මවුවරුන්ගේ දරුගැබ් කඩුවෙන් පලලා තිබෙනවා.කැබිතිගොල්ලෑවෙ තාත්ත කෙනෙක් බෝම්බෙට අහුවුන තමන්ගෙ දරුව අත්ට අරන් විලාප දුන් ඡායාරූපය හුගක් ප්‍රසිද්ධ වුනා හැබැයි මේ එකක්වත් කතන්දරලාට අනුව අපරාධ නොවෙයි.බටහිර රටවලට අපරාධ නොවෙයි
    කතන්ද්‍රලාටත් බටහිරටත් එන් ජී ඕ වලටත් අපරාධ වෙන්නේ බාලචන්ද්‍රන් පමනයි.
    ඇත්ත බාලචන්ද්‍රන් මැරීම වැරදියි.අපි බාලචන්ද්‍රන් මැරුව එක හරි කියනවා නොවෙයි.නමුත් වැරැද්ද වැරැද්ද විදියට දකින්න ඕන.කවුරු මැරුනත් එක විදියටයි ශෝක වෙන්න ඕන.උදාහරනයකට ස්ත්‍රීවාදීන් ට ස්ත්‍රියකගේ ප්‍රශනයක්,ජාතිවාදියෙකුට තමන්ගෙ ජාතියේ අයගෙ ප්‍රශ්නයක්,ආගමවාදියෙකුට තමන්ගෙ ආගමේ කෙනෙකුගෙ ප්‍රශනයක් තමයි ප්‍රශ්න .එහෙම නොවෙයි ජාති ආගම් ලිංග භේද වලින් තොරව ඕනම කෙනෙකුගෙ ප්‍රශනයකදි දුක් වෙන මානවවාදී හදවතක් තිබෙන්න ඕනඇයි බාලචන්ද්‍රන්ට විතරක් විශේෂත්වයක්.ඇයි අර නැගෙනහිර දරුවා මනුෂ්‍ය දරුවෙක් නොවෙයිද?

    කැබිතිගොල්ලෑවෙ දරුවා මිනිස් දරුවෙක් නොවේද
    කතෝලික ක්‍රිස්තියානි පල්ලි,එන් ජී ඕ කාරයො හැමදාම් වැලපුනේ කොටින්ට.උන්ගෙ මිනීමැරුම් ගැන කීවම ඒවට දුන් උත්තරේ තමයි ඒවා නවත්වන්න තමයි සාමය ( ඊලම ) ගේන්න යන්නෙ කියල.හමුදාවෙනුත් එහෙම දේවල් කරලා කොටි පලිගැනීමක් කරල තියෙන්නෙ කියල.ඇත්තටම හමුදාවෙන් එහෙම දේවල් කරල නෑ.නමුත් වචනෙන් හරි මුන් කොටින්ට කඩේ ගියෙ
    මුන්ගෙ මේ ක්‍රමය වෙනස් වුනේ බින් ලාඩන් ලෝක වෙලදපොලට පහර දුන්නට පස්සෙ .ඊට පස්සෙ කියපු සින්දුව තමයි බින් ලාඩන් නරක ත්‍රස්තවාදියෙක් මොකද ඌ ක්‍රිස්තියානි රටවලට පහර දුන්න හැබැයි ප්‍රභාකරන් හොද ත්‍රස්තවාදියෙක් මොකද එයා සිංහ්ල බෞද්ධයො මරන නිසා කියල.මේක ගෞරවනීය පූජකතුමන්ලා,එන් ජී ඕ උතුමන්ලා ප්‍රසිද්ධියේම කිව්වා.මේ කොමෙන්ට් එක පළ නොකරන බව මම හොදටම දන්න නිසා පෝස්ට් එකක් ලෙස මගෙ බ්ලොග් එකෙත් දමනවා

    ReplyDelete
  25. ත්‍රස්ථවාදීන් අතින් හෝ වේවා හමුදාවක් අතින් හෝ වේවා සිවිල් වැසියන් ඝාතනය වීම සාධාරණී කරණය කළ නොහැකි බව හැබෑවකි.
    නමුත් ‍යුද්ධයකින් විශාල ත්‍රස්ථ ගස් විනාශ කළ පසුව යලි ලියලා වැඩීමට කුඩා පැළ ඉතුරු කළ යුතු නැත. අනාවැකි කීමට නොහැකි බව හැබෑවකි. නමුත් අනාගතයට සැකයක් ඉතිරි කළ යුතු නැත.
    බස් ‍රථයක ගමන් ‍යෑමට බිය කාලයක්, මව පියා පුතා දුව බිරිඳ සැමියා බෝම්බයකට හසුව ජනයා යළි සොවෙන් තැවෙන කාලයක් ‍යළි උවමනා නැත. හැරත් දකුණු කුරු දිවේ සැප වාහන වල ගිය අය එදා අපි බස් ‍රථ වල මරබයේ ගමන්කළ යුරු කෙසේ වටහා ගන්නද?

    ReplyDelete
  26. මා දින තුනක් තිස්සේ අත්හදා බැලූ කඟෙන්ට් ක්‍රමය අත්හැර දැමූවෙමි.

    එහි යම් යම් ප්‍රයෝජන තිබුණේ වුවද, හිත් පිත් නැති ඇනෝනිමස් බොට් ලාට එතුලින් රිංගා ගොසින් මා ලියූ ඇගේ බෙල්ල කතන්දරයට ප්‍රහාර එල්ල කළ හැකි වව පෙණුනි.

    යම් අපහසුතාවයක් සිදුවුනේ නම් ඒ ගැන කණගාටුවෙමි.

    ReplyDelete
  27. පෙරේද පාන්දර එයාර්පෝර්ට් එකේ ඉඳන් බනිස් ගෙඩියක් කන අතරෙ මේක දැක්කෙ. ඇත්තටම අතේ තිබ්බ දේ කා ගන බැරි උනා. ඒ උගුර හිර උනාම කෑම ගිලෙන්නෙ නෑ වගේ හිත හිර උනාම කන්න පිරියකුත් නැති නිසා. පහුගිය දින දෙකේ ජාති කිහිපයක මිනිස්සු හමු වුනා. ඒ හැමෝම මම ලංකාවෙ කිව්වම වෙනද වගේම තේ, ක්‍රිකට්, යුද්ධෙ, සංචාරක මධ්‍යස්ථානය වගේ සාකච්ඡා අවසානෙට මේ ගැනත් ඇහුව.

    මේ පින්තූරෙ ඇත්තද බොරුද කියන එක දැන් "irrelevant". අපි ප්‍රභා මරල, යුද්දෙ ඉවරකරල ගත්ත යම් කීර්තියක් තිබ්බනම් ඒක හේදෙන්න පටන් අරන් ඉවරයි මේ කාරනාව නිසා.

    ඇත්තටම ඕනම සංවේදී මිනිහෙකුගෙ ඇස් තෙත් කරන මේ කතාව බොරු පින්තූරයක් කියල කියනවට වඩා එහා ගිය සාධාරන පැහැදිලි කිරීමකට නොගිහින් මේවාට කවුන්ට ඇටෑක් දීමේ අමන වැඩ වලට නොගොස්, මොන තරම් කෙළ උනත් අපි කවුරුත් ආඩම්භරෙන් කියන "ශ්‍රී ලංකාවෙ" මිනිස්සු අමු ම්ලේච්ඡයන් කියන අදහස වෙනස් වෙන වගකීමක් කල හැකි යමක් වෙනවානම් සතුටුයි.

    මේ මැරුවේ අනාගත ප්‍රභාගේ අවතාරය කියන අයටයි මේ. ජවිපෙ නැගිට්ටේ විජේවීරගේ එක ලේ නෑයෙක් නැතිවය. බින් ලාඩන්ගේ පුතුන් සහ ඥාතීන් ව්‍යාපාරිකයන් මිස ත්‍රස්ථයන් නොවේ. එහෙත් ගඩෆි, සදාම් හුසේන්, හොස්නි මුබාරක්, සහ හෆීස් අල අසාද් වැනි ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් පත් වූ පාලකයනෙගි දරුවන් නියම මරුවන් විය. එතකොට ඒ අයගෙ හොඳ යාළුවෙක්ගෙ රජ පැටව් ටිකකකටත් එහෙම වෙන්න බැරිද?

    ReplyDelete
  28. මම අම්ම කෙනෙක් නෙවේ.ඒ වුනාට පොඩි එකාගේ මූණ දැක්කම පපුව හෝස් ගෑවා..
    සිංහල දෙමල කියල නෑ.කොටි වුනත් හමුදාවේ වුනත් මරුනේ අපේ එවුන්.ඒ නිසා වෙනසක් නෑ.උන් ගේ මිනී දකිනකොට ලොකු වේදනාවක් දැනෙනවා මට.
    :( :(

    ReplyDelete
  29. This is psychological warfare or just a type of covert ops by terrorists.
    බූරුවෙක් වගේ තප්පුලන්න කලින් ඒක තේරුම් ගනින් කකා. හැබැයි දඬුවම් නොලැබුන ත්‍රස්තවාදියෝ විශාල පිරිසක් තවම ඉන්නවා. මරුන අහිංසක සිංහල /දෙමල ජීවිතවලට සැනසීමක් ලබාදෙන්න කරුණා / KP වගේ එවුන්වත් උන්ගේ ලොක්ක ගිය දිහාට යැවිය යුතුයි.

    ReplyDelete
  30. බොහෝ උන් සිතන පරිදි බාලචන්ද්‍රන් ඝාතනය කර ඇත්තේ කෙදිනක හෝ ඔහු සිය පියාගේ තැනට පැමිනීමෙන් අපේ අනාගත පරපුරට ඇතිවිය හැකි තර්ජනය වලකනු පිණිසය. තවත් අයට අනුව කොටි ත්‍රස්තවාදීන් බොහෝ මිනිසුන් ඝාතනය කර ඇති නිසා මේ ඝාතනයද සාධාරණය!

    බාලවයස්කාර යැයි ඔප්පු කරගත නොහැකිවූ නමුත් බාලවයස්කාර රිසානා නඩු විභාගයකින් පසුව ඝාතනය කිරීම ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට පටහැනියැයි කෑ මොර ගැසූවන්ට මේ බාලවයස්කාර දරුවාගේ ඝාතනය නොපෙනීම උත්ප්‍රාසජනකය. අනෙක් අතට කොටි ත්‍රස්තයන්ගේ ඝාතන නිසා මේ ඝාතනය සාධාරණීකරණය කරනවානම්, කොටි ත්‍රස්තවාදීනුත් අපත් අතර ඇති වෙනස කුමක්ද?

    ඵලය නැතිකල හැක්කේ හේතුව නැතිකිරීමෙන් පමණි. බාලචන්ද්‍රන් පියාගේ අඩිපාරේ යනු ඇත්තේ එසේ යෑමට හේතුවක් තිබුනහොත් පමණි. ඒ හේතුවට පිළියම් නොකරණ තාක් කල් ඒ අඩිපාරේ යාමට මේ බාලචන්ද්‍රන් නැතිවාට තව බාලචන්ද්‍රන්ලා බිහිවෙනු ඇත!

    පුද්ගලිකව මට නම් මගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තවත් දරුවෙකුගේ ඝාතනය සාධාරණීකරණය කිරීම ගැන සිතාගැනීමටවත් නොහැක... :(

    ReplyDelete
  31. ව්‍යාජ පිංතූර ..මෙවැනි ලමුන් දහස් ගණනක් බෙරා ගත් හමුදාවෙ කීර්තිය බිද දැමීමට සිදු කරන ඉතිරි වෙලා ඉන්න කොටින්ගෙ සෙප්පඩ විජ්ජා..මෙවාට රැවටෙන්න එපා..අන්තිම එකෙ බුලට් වෙදුන තැන් බුරුමෙන් විදල වගෙ..වෙඩි වැදුන ම මෙච්චර පිලිවෙලට බොඩි 1 ක් තියෙවිද? ඒකම ඇති නෙද ෆොටොස් බොරු ඒව කියල කියන්න... ලක්ශ ගානක් දෙමල මිනිස්සු බේරගත්ත,10000 ආසන්න කොටි සාමාජිකයන් පුනුරුත්තාපනය කල,ප්‍රභාකරන්ගෙ අම්මටයි තාත්තාටයි කරදරයක් නොකරපු අපේ හමුදාවෙ කොල්ලො මේ පොඩි එකාව මරයි ද බන් අල්ලා ගත්තා නම්..කොල්ලාගේ මුනේ කිසිම බය ගතියක් නෑනේ... පොඩි කොටියා.. මුන්ව නැති කරපු එක ලොකු දෙයක්.. නැත්නම් පොඩි උන් ලොකු වෙලා උගෙ මහ එකාව මරපු පලියත් එක්ක තව ඊට වඩා දරුනු යුද්දයක් එන්න තිබ්බා..මුංව පණ පිටින් කෑවත් මදි..

    ReplyDelete
  32. බාලචන්ද්‍රන්.., උඔව මරපු රටේ ජීවත්වෙන මට සමාවෙයන් පුතේ..!

    ReplyDelete
  33. මචන් කාකා මේ එක දාල උබ මොකක්ද බලාපොරොත්තු වෙනනේ

    ReplyDelete
  34. මචන් කාකා මේ එක දාල උබ මොකක්ද බලාපොරොත්තු වෙනනේ

    ReplyDelete
  35. මචන් කාකා මේ එක දාල උබ මොකක්ද බලාපොරොත්තු වෙනනේ

    ReplyDelete
  36. ප්‍රභාකරන්ගේ තියා යකාගේ පුතා වුනත් පොඩි දරුවෙක් මරා දැමීම ගැන කඳුළු සලන මිනිසුන්ව දේශද්‍රෝහීන් ලෙස හඳුන්වන දේශයකින් ඇති ඵලය කුමක්ද..!?

    ReplyDelete
  37. පරා කමෙන්ට් ක්‍රමවේදය ප්‍රතිස්ථාපනය කිරීම පිලිබඳ අපගේ ප්‍රණාමය කකාට පුද කරනු කැමැත්තෙමි. එලෙසම දිගින් දිගටම බ්ලොගයේ අඩුපාඩු හා ලිවිල්ලේ ඇති අඩුලුහුඩුකම් පිළිබඳ ඔබව දැනුවත් කිරීමට අපී බැඳී සිටින බව දන්වන්නේ හදපිරි සතුටිනි.

    එලෙසම පරණ කමෙන්ට් ක්‍රමවේදය නැවත ස්ථාපනයට උදව් දුන් ඇඟේ බෙල්ලේ බොට් සහෝදර සහෝදරියන්ට ද අපගේ කෘතඥතාව හිමි වේ. තවද කකාගේ බෙල්ලෙනුත් ඇඟේ බෙල්ලෙනුත් බොට් සහෝදරවරුන්ට ඉවත්වන ලෙස අප කාරුණීක ඉල්ලීමක් කරන්නට කැමෙත්තෙන්මි. ඔබේ සේවය අවශ්‍ය වූ විටක අපි ඔබට ලිඛිත දැනුම් දීමක් කතන්දර බ්ලොගය හරහා සිදුකරන්නෙමු.. එතෙක් මෙම ක්‍රියාවලිය තාවකාලිකව නතර කරන මෙන් ඉල්ලා සිටිමි.

    ස්තුතියි

    මෙයට,

    සභාපති, කකාව සුරැකීමේ ජාතික සංවිධානය
    වෙනුවට

    ලේඛකාධිකාරි
    කකාව සුරැකීමේ ජාතික සංවිධානය

    ReplyDelete
  38. අප්පට හුඩු සුදු වෑන් එනෝ.........................

    ReplyDelete
  39. කතන්දර :
    මා ඊයේ ඇඬුවේ බාලචන්ද්‍රන් වෙනුවෙනි. මා ඊයේ ඇඬුවේ දොලොස් වියට එළඹෙන වයසේ සිටින මගේ පුතා වෙනුවෙනි.

    Pramudi February 21, 2013 at 8:02 PM :
    මම අම්ම කෙනෙක් නෙවේ.ඒ වුනාට පොඩි එකාගේ මූණ දැක්කම පපුව හෝස් ගෑවා..

    ඉන්දික උපශාන්ත February 21, 2013 at 7:06 PM :
    පෙරේද පාන්දර එයාර්පෝර්ට් එකේ ඉඳන් බනිස් ගෙඩියක් කන අතරෙ මේක දැක්කෙ. ඇත්තටම අතේ තිබ්බ දේ කා ගන බැරි උනා. ඒ උගුර හිර උනාම කෑම ගිලෙන්නෙ නෑ වගේ හිත හිර උනාම කන්න පිරියකුත් නැති නිසා.

    පොත්ත රතු , පුෂ්ටිමත් දරුවෙකු වෙනුවට පින්තුරයේ උන්නේ මන්දපෝෂණයෙන් ඇට ගැහුණු කලුපාට , කේඩෑරී මායිම් ගම්මනෙක කොළුවෙකු නම් ඉන්දික උපශාන්තට ඒ දෙස බලබලා බනිස් කෑමට කිසිදු අපහසුවක් වෙන්නේ නැත. කතන්දරගේ නෙතින් කඳුළු කඩා වැටෙන්නේ ද නැත. ප්‍රමුදි ගේ පපුව හෝස් ගාන්නේද නැත.

    එහෙම වෙන්නට ඉඩක් තිබුනා නම් ජනමාධ්‍ය වලින් වසර තිහක කාලයක් තුල කොටි ත්‍රස්තවාදීන් විසින් මායිම් ගම්මානවල ඝාතනය කරන ලද අහිංසක සිංහල ළමා ලපටින්ගේ ලේ වැකුණු ශරීර දෙස බලා කතන්දර හැඩූ කඳුලින් ගංවතුරක් ඇතිවී තිබිය යුතුය. ඉන්දික උපශාන්ත බනිස් ගිලීමේ අපහසුවෙන් මන්දපෝෂණය සෑදී මිය යන්නේ මිට දශක ගානකට පෙරදීය. ප්‍රමුදි හෝස් ගා නැගී ගින්නෙන් අළු දුලි වී ගොස් ඇත්තේ අසු ගණන් වලමය.

    නමුත් මේ ඉන්නේ ඔක්කොමල ඉහෙන් බහින රෝගයක් නැතුව ගස් ගල් වගේ. එහෙම උනේ කොහොමද ?

    කොටින්ම කියනවා නම් මෙතෙක් කල් නොතිබුණු මනුෂ්‍ය දයාවක් , සදාචාරයක් බොහෝ දෙනෙකුගේ සිත් වල පහල වී ඇත්තේ එහෙම ලබ්බක් ඔවුන්ගේ චරිත වල තිබුණු නිසා නොව පොත්ත රතු , පුෂ්ටිමත් දරුවෙකු මරා දමා තිබෙනු දැක මුග්ධ ලෙස හැඟීම් බර වීමෙනි.

    මාතලන් ආදීන් වමාරමින් තලුමරන කළු , කැත කොල්ලාට නැති පොත්ත රතු , පුෂ්ටිමත් දරුවාට ඇති දරු සෙනෙහසේ කටුක නිරුවත් ඇත්ත එයයි.

    රට ජාතියට පෙර තමන්ගේ ආත්මාර්ථකාමී හැඟීම් වලට , දරු සෙනෙහසට වහල් වූ සිංහල වල් බුරුවන් විසින් සිංහලේ රජු විසින් රාජ නිතිය පරිද්දෙන් කල දඬුවම් දීමකට වාඩුව ගැනීමට සිංහලය බන්දේසියක තබා සුද්දට දුන්නෙත් මෙලෙසින්ම නේද ?

    පසුව හැඟීම්බරව , රට ජාතිය බල්ලට දැමීමේ ගොන් කම තේරී සුද්දන් සමග යුද්ධ කර දහස් ගණනින් විනාශ වී ගියෙත් ඒ මෝඩ හැතිකරේ නේද ? මේ සැරෙත් එහෙම කරමුද ?

    යතාර්තයට එමු.
    - වසර තුනක් සඟවාගෙන සිටි පින්තුර හිටිහැටියේ මානව හිමිකම් කමිටුව රැස්වෙන කාලයේම එලියට එන්නේ ඇයි ?
    - දැක්කම පපුව හෝස් ගා යන අහිංසක මොළකැටි දරුවෙකුගේ පින්තුර කරලියට ගෙන ඇත්තේ ඇයි ?
    - වෙඩි සලකුණු ඇත. ලේ බිඳක් වත් අවට නැත. හොදා දැමුවා වගෙයි. එහෙම උනේ කොහොමද ?


    කාලකන්නි ලාංකිකයනි (සිංහල , දෙමල , බෞද්ධ , ක්‍රිස්තියානි , මුස්ලිම්) යුද්ධයකදී සිදුවූ අවාසනාවන්ත මරණයකට (එහෙම උනා නම් ) කුලල් කා නොගෙන ජාතියක් වශයෙන් එකතු වී දියුණු වීමට බලාපියව්. කිසි රටක් වත් තොපිට ආදරේට කොරල දෙන්න ආවේ නැත. මේක එලියට ගත්තෙත් ගොබ්බ ලාංකිකයන්ට මානව අයිතිවාසිකම් ලබාදීමට නොව ඔවුන්ගේ විවිද අබිමතාර්ථ මුදුන් පමුනවා ගැනීමටයි. ගොබ්බ ලාංකිකයන් කෙටවිමටයි. තමන්ගේ හිසට තම අතම හෙවනැල්ල කරගෙන බලු පොර නවත්වා එක්වී ජිවත්වෙයල්ලා. නැත්නම් මලකුනකට පොරකකා මොකා ගාවද වැඩියෙම්ම මනුස්ස කම් තියෙන්නේ හොයමින් මුග්ධයන් මෙන් වැනසී පලයල්ලා.

    මල යකෙක්ට තරම් වත් ඔලුවක් තොපිට නැති හැටි. අදෝමැයි !

    (කතන්දර , ඔබගේ අඩවියේ ඔබට අවශ්‍ය දේ පමණක් පලකිරීමට ඔබට ඇති අයිතියට ගරුකරන හෙයින් මෙය පල කලත් නොකලත් අමනාපයක් නැත )

    ReplyDelete
    Replies
    1. ඔහේ නම් මහසෝන් පිල්ලියක් ම තමා. මනුෂ්‍යයෙක් වෙන්න නම් බැහැ. ඔහේ බලාගෙන හිටියද කළු කේඩෑරී ළමයෙක් මරාදමපු එකක් දැකල මේ මිනිස්සු ඇඩුවද නැද්ද කියල. මෙතන තියෙන්නේ මට ඔයාල අනතුරක් කරන්නේ නැහැ නේද කියන විශ්වාසය පිරුණු ඇස් දෙකකින් බලාගෙන බඩගින්නට බිස්කට් එකක් කන පොඩි දරුවෙක්ව එතනම පපුව සිදුරුකරලා මරල දාල තියෙන විදිය දැකල ඇතිවුන වේදනාවක් මිසක් වෙන අහවල් දෙයක් නෙමෙයි හලෝ.

      Delete
    2. ඔහේ වගේ ඔලුවක් නැති හදවතින් හිතන හැඟීම්බර අයට වේදනාවක් ඇති කරලා හැඟීම් අවුස්සලා වයින් කරලා වඳුරෝ වගේ නටෝල ගන්න මේ ෆොටෝ මේ මොහොතේ ඉදිරිපත් කරපු බව තේරෙන්නේ නැති ඔහේ නම් මනුෂයෙක් වෙන්න බැහැ. හිස් කලයක් වෙන්න ඇති.

      සියල්ල සාපේක්ෂයි. මිට අවුරුදු 3 කට කලින් යුද්දය ඉවර උන මොහොතේම මේ ෆොටෝ එලියට ආවනම් මෙතන කිඹුල් කඳුළු හෙලන ඔහේ වගේ උදවිය 99% ක් ඒ කාලයේ තිබිච්ච යුද උණුසුමත් සමග මේ ඝාතනය සතේකට ගණන් ගන්නේ නැහැ. බොහෝ කොට සාදාරනීකරණය කරන්නත් තිබුනා. සිංහලයට ඔක්කොම මතක දවස් හතේ සිද්ධාන්තයට අනුව දැන් යුද්ධයක් කියල එකක් තිබ්බද කියල වත් මතක නැති ලංකික ගොබ්බයන්ට මේක මහා ලොකු ඝාතනයක් වෙලා. 1 death is a tragedy. 1000 deaths are just statistics . එහෙම නේද ?

      යුද්ධය තිබුණු වකවානුවේ සන්ධර්භය තුලින් බලනවා නම් , මෙය ඒ අවස්ථාවේ කලයුතු කාලොචිතම දෙය කියා බලධාරීන් තීරණය කළා වීමටත් පුළුවන්. කනගාටුයි. යුද්ධයක් යනු කරම් ගැසීමක් නොව මිනි මැරීමක් බව මෙතැන් ඉන්න තොත්ත බබාලා බොහොමයකට තේරුම් ගන්න බැරි මොකද කියන එක කනගාටුවට කාරණයක්.

      දේශපාලන පවුල් ගස් , පියාගෙන් පුතාට කිරුල යාම බොහොමයක් ආසියානු රටවල දකින්න ලැබෙන දෙයක්. බණ්ඩාරනායක පවුල , ගාන්ධි පවුල වගේ උදාහරණ ඕන තරම්. ඒ සන්ධර්භයේ ඉඳගෙන බැලුවහම බින්ලාඩන් මැරුවට පුතා මැරුවේ නැහැ කියා ගොන් ටෝක් දෙන පිස්සන්ට කියන්න තියෙන්නේ උන්ගේ එහෙම කිරුල මාරු වෙන සිස්ටම් එකක් නැති හින්ද එහෙම එම දරුවන් දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම අවශ්‍ය නැති හින්ද කියන එක.

      මේ දරුවා හිටියා නම් අනිවාර්යයෙන් දැනටමත් අනාගත ඊළමේ කිරුළු පලන්දල ඉවරයි කොටි ඩයස්පෝරාව. එතකොට ගලේ පහරපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න වෙන්නෙත් ඔහෙලටම තමයි.

      Delete
    3. එතකොට කරුණා අම්මාන් ල කේ පී ල ගෙන් තර්ජනයක් නැහැ! මේ පොඩිඑකා විතරක් මහා තර්ජනයක්!? පොඩි ළමයෙක් ගේ ඝාතනය සාදාරනීකරණය කරන්න දාල තියෙන ගොන් තර්ක ටික දැක්කාම උත්තර දෙන්නත් එපා වුනා.
      ම්ලේච්ඡ අමනුස්සභාවයට අමතරව
      ඔහේ ළිංමැඩි භාවයත් ප්‍රදර්ශනය කරලනේ. ඔයවගේ පිල්ලියි මැඩියෝයි තමා වැඩිහරියක් ඉන්නේ..අවාසනාවට.
      ටටා හොඳේ

      Delete
    4. "එතකොට කරුණා අම්මාන් ල කේ පී ල ගෙන් තර්ජනයක් නැහැ! "
      දේශපාලනය , යුද කිරීම ගැන මෙලෝ සංසාරේ දැනුමක් නැති මුග්ධයන් විසිත්ත කාමරයේ කෝපි බොමින් ගෙන එන ප්‍රකට තර්කයකි මෙය. මේවගේ තර්ක ගෙන එන උන් හට රටක දේශපාලනය තීරණය කිරීමට තබා පෙට්ටිකඩයක් කළමනාකරණය කරගැනීමට වත් හැකියාවක් තිබේ දැයි සැක සහිතය.

      ඔව් තර්ජනයක් තිබුනා. නමුත් ඔවුන් ගානට කළමනාකරණය කරගෙන ලංකාන්ඩුවට අවශ්‍ය විදියට නටන රුකඩ බවට පත්කරගත්තා. වැඩි විස්තර තොත්ත බබෙක් වුවත් දනී (කුහකයන් දැන දැනත් අමතක වූවාක් මෙන් රඟපාති ) දැන් ඔවුන් විෂ හරණය කරන ලද නයි. පශ්චාත් යුධ කාලයේදී ඔවුන්ගේ උපකාරය රජයකට අවශ්‍ය වෙනවා ද්‍රවිඩයන් ට කොන්ට්‍රෝල් කරන ලද නායකත්වයක් දීම සඳහා . ඔබ මා නගන ලද තර්ක කිසිවකට පිලිතුරැ නොදී ගල් ආන්දෙකු මෙන් අවලාද නගමින් ලිස්සා ගොස් ඇති නිසා වැඩිදුර මේ ගැන පැහැදිලි කිරීමෙන් වලකිනවා. මොකද ඔබගේ අවංක භාවයක් නොදකින නිසා.

      අවංකවම නොතේරෙනවා නම් පළමුව මා නගන ලද තර්ක වලට පිළිතුරු සපයන්න. එවිට පැහැදිලි කර දෙන්නම්.

      "දැක්කාම උත්තර දෙන්නත් එපා වුනා"
      සංවේදීත්වය පිට දමා ගල් ආඳෙකු මෙන් පැන යාම. ඔය සිඟිති ආතල් හොඳයි බබ්බුන්ට.

      "ම්ලේච්ඡ අමනුස්සභාවයට අමතරව ඔහේ ළිංමැඩි භාවයත් ප්‍රදර්ශනය කරලනේ"
      රට පෙරට. මුග්ධ අනේ අපොයි!! සංවේදීත්වය දෙවනුව.

      සාමාන්‍ය සිවිල් වැසියෙකු ලෙස සිවිල් වටපිටාවකදී මේ දරුවා ඝාතනය කිරීම කෙසේ වෙතත් මගේ ජීවිතය දී ඔහු ගැලවීමට හැකි නම් එය කිරීමට මා සුදානම්. (ඔබ එසේ කිරීමට සුදානම්ද ? නැහැ නේද ? එතකොට කවුද මෙතන වඩා මානුෂිය ? )

      නමුත් යුදමය අවස්ථාවකදී , රටක , ජාතියක දේශපාලනමය , ඒකීයත්වය , අනාගතය සුරක්ෂිත කිරීම පිලිබඳ වගකීම මා පිට වැටී ඇති අවස්ථාවකදී දෙහිතක් නොසිතා එම භාදක ඉවත් කර දැමීමටත් මා සුදානම්.

      මේ අවස්ථා දෙකේ වෙනස තේරුම් ගන්න බැරි , මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් , ගන්න තීරණ අවස්තාව අනුව වෙනස් වන බව තේරුම් ගන්නට බැරි තරම් තොත්ත බබාලා ඉන්න රටත් අනිත් රටවලුත් අතර වෙනස "ළිංමැඩි" නොවූ කාටත් තේරුම් යා යුතුය. ඔබට තේරේදැයි සැක සහිතය.

      Delete
    5. පැහැදිලි කිරීමක් කල යුතුයි. ලංකාවේ පාඩදී කරණය වූ දේශපාලන නායකත්වය සාධාරණය කිරීමට මේ තර්ක නොගෙනා බව අවධාරණය කල යුතුයි. නමුත් ලංකාණ්ඩුවට ලාංකිකයෙකු වශයෙන් ඇති වගකීම පිට මේ අදහස් ඉදිරිපත් කරන ලදී.

      ලංකාණ්ඩුව යනු ඔබගේත් අපගේත් රටයි. රා***ෂ රෙජීමය යනු එය නිශ්චිත කාලයකට බලාගැනීමට කියා ඔබ විසින් පත් කරන ලද හොර රැලයි.

      "අනේ මේ රාජපක්ෂ ආණ්ඩුව යු එන් එකෙන් සම්භාදක දාල වත් ගෙදර යවනවා නම් කොච්චර දෙයක් ද" යි කියනා අමන හරකුන් මුනට තරහෙන් නහය කපා ගන්නා පිස්සන්ය.

      Delete
    6. "ඒ සන්ධර්භයේ ඉඳගෙන බැලුවහම බින්ලාඩන් මැරුවට පුතා මැරුවේ නැහැ කියා ගොන් ටෝක් දෙන පිස්සන්ට කියන්න තියෙන්නේ උන්ගේ එහෙම කිරුල මාරු වෙන සිස්ටම් එකක් නැති හින්ද එහෙම එම දරුවන් දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම අවශ්‍ය නැති හින්ද කියන එක. "

      නොදන්න මගුලක් කියනව මෙන්න. බින් ලාඩන් කියන්නෙ සවුදි අරාබියෙක්. අරාබින්ගෙ දේශපාලනය, සම්පත් යන්නෙ පවුලෙ පෙළට. ඒකයි මම කියපු අනික් අරාබි නායකයඔ ඒ කියන්නෙ ගඩාෆි, මුබාරක් වගේ අයගෙ පුත්තු කෙරුමො උනේ.

      අනික මට යුද්ධෙ ගැන තියෙන අත්දැකීම සහ සමීපත්වය ඔහෙ කොහොමද දන්නෙ?

      කේ පී ලගෙ විශ නැසුව විදියට මේ පොඩි එකාව බේර ගන්න නොතුබුනේ නැද්ද?




      Delete
  40. mama dekka mokakdo blog ekaka kakka thumage pinthooreth dala kakka thumata, choo yanna, pada yanna, jeeyanna, bada pura deela thiyanawa. paw ane ape KAKKA thumano.

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන්ට කඩේ යන කතන්දරකාරයා (රසික සූරියආරච්චි) ගේ නිරුවත දුටුවාද?
      දැක්කේ නැත්නම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න.

      http://anonymousaya.blogspot.com/2013/02/blog-post_8089.html

      Delete
  41. මේ දරුවා ප්‍රභාකරන් ගේම යයි දන්නේ කොහොමද?
    කකා එයාව කලින් දැක තිබේද?
    මේ ඉන්නේ හමුදා බන්කරයකමද?
    මේ ඉන්නේ හමුදා අත්අඩංගු වේමද?
    මේ දරුවට අනිවාර්යයෙන්ම වෙඩි වැදිලද?
    වෙඩි වැදුනානම් එයා මළාද?
    මේ ෆොටෝ එක මෙච්චර දවසක් කොහෙද තිබුනේ?
    මේ අය මේ සේරම ඇත්ත යයි කියන අතර හමුදාව එය ප්‍රතික්ෂේප කරයි නම් අපි කෝකද පිළිගන්නේ?
    මේවා නිසා සම්බාදක දැම්මොත් කෙලවෙන්නේ මහින්දට හෝ ගෝටටද / නැත්නම් දුප්පත් අපිටද/ පිටරට ඉඳන් talk දෙන කකාට හෝ අරුණි ශපීරෝ වන්නන්ටද?
    comment කරන්නන් ඉහත සියල්ල සලකත්වා.

    ReplyDelete
  42. එක මරණයක් විශේෂ කොටගෙන හඬන්නේ කිමද? යුද්ධයෙන් මියගිය සියළු දරුවන් වෙනුවෙන් හඬන්න. ප්‍රභාකරන්ගේ දරුවා වෙනුවෙන් පමණක්ද කඳුළු උනන්නේ ? අහිංසක මවකගේ, පියෙකුගේ මියගිය දරුවන් වෙනුවෙන් කඳුළු උනන්නේ නැතිද? බනිස් හිරවෙන්නේ නැතිද? මියගිය සියළු සිංහල දරුවන් වෙනුවෙන් හඬන්න. මියගිය සියළු දෙමළ දරුවන් වෙනුවෙන් හඬන්න. සියළු අහිංසකයන් වෙනුවෙන් හඬන්න.

    ReplyDelete
  43. මේකයි මගේ අදහස. එක, අපේ රටේ මානව හිමිකම් කඩකිරීම් වගේ දේවල් ගැන බොරුවට කතා කරන එවුන්, ජාත්‍යනතරේ සමහරුයි, අපේම රටේ උනුයි (බලලෝභී දේශපාලුවන් සහ රටට කේළවන්නට බලාගෙන ඉන්න සියල්ලන්) ඔවුන් මේ දේ මතුකර දක්වන්නේ බාලචන්ද්‍රන් ගැන අනුකම්පාවෙන් නෙමෙයි. තම තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගන්න ඔය වගේ දේවල උපරිමයෙන් භාවිතා කරනවා. ඒ ගැන තර්කයක් නෑ. අනික, බාලචන්ද්‍රන්ගේ යැයි කියන ඡායාරූප ගැන ඇතැම් "සිංහල බෞද්ධයින්ගේ" ප්‍රතිචාරය. මගේ අදහස, හමුදාව විසින් සත්‍ය වශයෙන්ම ඔහු ඝාතනය කලා නම්, එහි බරපතලකම, කැබිතිගොල්ලෑවේ හෝ ලංකාවේ වෙන කොහේ හෝ යුද්ධය හේතුවෙන් කිරි සප්පයින් පවා මරුනු එකට වඩා අඩුවෙන්නෙ නෑ. මේ මතය ගැන අපේ සමහරු එකඟවෙන්නේ නෑ. රාමචන්ද්‍රගෙ වෙබ් අඩවියෙ තිබුනා වගේ (http://bit.ly/X1jB12) අපි කියනවා නෑ හමුදාව එහෙම වැඩ කරන්නෙ නෑ කියලා. අනිත් පැත්තෙන්, ඒක ඇත්තටම වෙලා නම් කියල හිතල කියනවා, ඌ මැරුනට කමක් නෑ. අර යකාගෙ පුතානෙ කියල. කවුරු මැරුවත් ඒක වැරදියි. අපි ඕක පිළිගන්න ලෑස්ති නෑ. බෞද්ධ වුනාට වැඩක් නෑ. අපි සිංහල කියල අල්ලන්නෙ ඉන්නේ. ඒක නිසා, රිසානා, මලාලා ගැන හිත උණු වෙන එකයි, බාලචන්ද්‍රන් පොඩි එකෙක් වුනත් ප්‍රභාකරන්ගේ පුතා වුන නිසා ඔහුව මරපු (සත්‍ය වශයෙන්ම එය ඒ විදියට වුනා නම්) එක හරියි කියල කියන පරස්පර විරෝධී අදහස් අපි ළඟ තියෙනවා.

    ""විස්කොතුත් කන්න දීලා
    කවුද එකෙක් වෙඩි තියලා
    බාලචන්ද්‍ර පොඩි එකාව
    මරල දාලා යුද්දෙ අස්සෙ
    අපි ඔක්කොම මරා ගන්නෙ
    පින්තූරේ අගමුල ගැන
    ඒක අපේ…………….."

    http://bit.ly/Wa3sJq

    ReplyDelete
  44. Kaka....Nice post. No doubt that anybody with a kind heart will shed tears on seeing these photos of baby Prabakaran.

    Kaka...Are you 100% sure about these photos are genuine. If they are genuine why the heck who took these photos had taken such a long time to publish them. I really hate Mahinda and co. for what they are doing right now but, would want to thank him for eradicating the most brutal terrorism from our land. I think Kaka you have socialist ideas but you and me have been fortunate to have immigrated to good countries. Now you can tell sorrowful stories like this one after another.We can blame Mahinda and Sarath for human right violations. But millions of families who are in Sri Lanka have now become safe thanks to the people we blame.

    Kaka...have you ever published any stories with regard to the brutal killings of innocent children by the rebel leader Mr. Prabakaran? I hope you still remember the incident happened at Aranthalawa for instance.

    ReplyDelete
  45. The Island of January 15th, 2016

    by Harischandra Gnaratna

    Former Army Commander Field Marshal Sarath Fonseka, leader of the Democratic Party yesterday said that there was no evidence to prove LTTE leader Prabhakaran’s son had been killed by the army.

    Field Marshal Fonseka was addressing the media at his party headquarters in Pelawatte.

    Asked to comment on former Indian High Commissioner to Sri Lanka Gopalkrishna Gandhi’s claim that the army had committed a war crime by killing Prabhakaran’s son, Balachandran, Fonseka said if the Tiger leader’s son had been killed it amounted to a war crime, but added there was no evidence to prove the former High Commissioner’s statement.

    He said there were only two photographs and a video of Balachandtran. In one of the pictures his body was seen lying in a jungle patch between the Nanthikadal lagoon and the sea and the other showed the 12-year-old in a bunker.

    "Both these photographs and the video do not provide any evidence that the terrorist leader’s

    son was killed by the army; no other persons are seen in the pictures."

    Fonseka said "Nobody has been able to prove this allegation though many have voiced their opinion. It is either a figment of their imagination or a fabrication to implicate the army."

    The Field Marshal said certain elements with vested interests were making an attempt to tarnish the image the army and now they would have to eat their words.

    http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=138536

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.