Friday 5 October 2012

විදුලිබල ප්‍රශ්නයට මුදළාලි ගේ විසඳුම - Mudalali's solution to solve the power crisis!


දැන් නං ඒක මිනිස්සුන්ට අමතක වෙලා වගේ වුණාට පහුගිය දවස්වල හරිම නොරච්චෝල් කරච්චලයක් නේ තිබුණේ.

කොටින්ම අර මං ලියල පළ කරපු එදා අපි සහ අද චීන්නු කියන කයි-කතන්දරේට කමෙන්ට් කරන්න ආපු කළාඳුරු ඇනෝලාටත් සිහිවුණේම ඔය කරච්චලේ කේස් එකයි.

අච්චර වැදගත් මගේ සංයුක්ත කවිය ගැන නෝ කතා!

ඔය නොරච්චෝල් ගල් අඟුරු කරච්චලේ ලංකාවට ආවේ ළඟදී නේ. අපි පොඩි කාලේ ඉඳලාම අහලා තිබුණේ ලංකාවේ විදුලිය නිපදවෙන්නේ ජලවිදුලිය විදිහටයි කියලායි. දන්නවානේ අර ලක්‍ෂපාන සහ විමලසුරේන්ද්‍ර ගැන කතන්දර හෙම?

ඉස්සර කාලේ විදුලිබලය ඉල්ලුමට වඩා කොච්චර සැපයුම වැඩි වුණාද කියනවා නම්, හොට් ප්ලේට්වලින් උයන්නය කියලා කොළඹ පැත්තේ උන්නු අයට උපදෙස් දුන්නාලු විදුලි බල මංඩලයෙන්.. .!!!

හැත්තෑව දශකයේ මුල් කාලයේ සමහි පෙරමුණු ආණ්ඩවෙන් මහවැලි ව්‍යාපරය සැලසුම් කරන කාලේ ඒ ජලවිදුලි බලාගාරවලින් නිපදවෙන අතිරික්ත විදුලි බලය ඉන්දියාට විකුණන්නත් ප්ලෑන් කළාය කියලාත් කියනවා.

ජලවිදුලිබලය කියන්නේ නොරච්චෝල් කරච්චලේ වගේ පරිසර දූෂණය කරන කේස් එකක් නෙවෙයි. මේක ග්‍රීන් එනර්ජි නිපදවන ක්‍රමයක්. හැබැයි ඉතිං පොඩි අවුලකට තියෙන්නේ ජෙනරේටර්ස්වලට අවශ්‍ය වතුර ටික නිකං වගේ අහසෙන් ලැබුණට, නියඟයක් හෙම ඇවිත් ජලාශ හිඳුණදාට ටර්බයින්වලට හුලං කන්න තමයි වෙන්නේ.

ඒ කාලෙට පැරලල් යුනිවර්ස්වල ඉන්න විදුලිබල ඇමතිලාට පවා ලයිට් කපන්න වෙනවා, කටුබැද්දේ ද ගියේ, පේරාදෙනියේ ද ගියේ කියන එක කොහොම වුණත්!

අද කතන්දරේ මේකයි.

ඔන්න අනාදිමත් කාලයකට කලින් ඉඳලා තියෙනවා මුදළාලි කෙනෙක්. පොර පොඩියෙන් පටන් ගත්තාට මේ කාලේ වෙනකොට ආණ්ඩුවේ ප්‍රවාහන කොන්ත්‍රාත්තු පවා කරන කෙනෙක්. කැටපිලර්, බව්සර් වගේ ඒවා හිමිකාරයෙක්.

රජයේ එක්තරා වැඩ බිමක පස් කපලා අයින් කරන කොන්ත්‍රාත්තුව කරමින් ඉඳලා තියෙන්නේ මේ අපේ මුදළාලි පොරයි.

ඔතන වැඩ කරපු මැවිසුරුවෝ කීප දෙනෙක් දවසක් කතා බහක් ලු, ජල විදුලිය සහ පවර් කට් හෙම ගැන.

ජල විදුලිය නිපදවෙන්නේ ඉහල මට්ටමේ තියෙන ජලාශයක ඉඳලා පහලට නලයකින් වතුර ගෙනල්ලා, ඒ ජල පහරේ ජවයෙන් ටර්බයින් කරකවලා හින්දා පායන කාලෙදී ජලාශ හිඳුණාම ටර්බයින් කරකවන්න වතුර නිති නිසා පවර් කට් එන බව අහපු මුදළාලි හොඳ අපූරු යෝජනාවක් කරළා තියෙනවා.

"ඉතිං සර්, අපි බව්සර් දාලා අදිමුකෝ වතුර ටික ආපහු කන්ද උඩ තියෙන ජලාශෙට!"

-කතන්දරකාරයා

ප/ලි:
කටුබැද්දේ වෙන්ට-මැවිසුරුලා ගැනත් මේ වගේ කතන්දරයක් තියෙනවා!

(image: http://newzstreet.com/)

60 comments:

  1. මේ ආන්ඩුවෙ ජනාධිපති උපසේන කෙනෙක්ද දන්නේ නෑ අද......

    ReplyDelete
    Replies
    1. ටියුබ් ලයිට් එක පත්තු වුනේ නෑ. උපසේන ????

      Delete
    2. එයාලගේ උපදෙසුයි මේ මුදලාලියි අතරේ වෙනසක් නෑ...
      උපසේන = උපදේශක

      Delete
  2. //අපි බ්‍රව්සර් දාලා අදිමුකෝ//
    බ්‍රව්සර් කියන්නේ වතුර අදින උපකරණයක්ද, සොෆ්ට්වෙයාර් එකක්ද?

    ඔය වතුර අදින කතාව කවුදෝ ඇමති කෙනෙක් කියපු එකක් කියලයි මට ආරංචි වුනේ.

    ReplyDelete
    Replies
    1. බව්සරේ නේද වතුර අදින්නෙ?

      Delete
    2. ස්තුතියි, නිවරදි කළා!

      Delete
    3. බව්සරය යනු සිංහල වචනයකි. එම වචනය කොහෙන් ආවාදැයි මා නොදනිමි. ඉංගිරිසියෙන් විය නොහැක්කේ ඩික්ෂනරි වල එම වචනය නැති නිසා ය. බවුසරය යන්න ඉංගිරිසියෙන් ලියන්නේ කෙසේදැයි දිනක් මා ඩික්ෂනරි පෙරළමින් සොයා බැලූ නමුත් සොයාගැනීමට නොහැකි විය.

      සමහර විට රාවණා රජතුමාට බවුසරයක් තිබුනා විය හැකිය.

      Delete
    4. http://en.wikipedia.org/wiki/Bowser_(tanker)

      Delete
    5. ඔය වාහනේ පාරෙ යනකොට බල්ලො බුරනව බව් බව් ගාල.

      බව්+සද්දය = බව්+සරය = බව්සරය

      ආන්න එහෙමයි ඔය වචනෙ හැදුනෙ. තනිකරම හෙළයන්ගෙ වචනයක්. බොරුනං මීවනපලානෙ ජයරත්න මහත්තයගෙන් අහන්න.

      Delete
    6. ඒ කාලේ අම්බිකා ගීතයෙන් ගීතය දින්න කෙනාට තැගී වවුචරයක් ලැබෙනවා. මම හිතාගෙන හිටියේ තෑගි බවුසරයක් කියලා.... මට හිතුනා තෑගි ගෙවල් ගාවට යද්දි පෙඟිලා තියෙයි කියලා.

      ඒ කාලෙම තමා මට හිතුනෙ පහල‍ට‍ වැටෙන ජලය නල මාර්ගයෙන් මෝටරයක් උපයෝගී කරගෙන නැවත ජලාශය උඩට අද්දන්න.. බලාගෙන යද්දි මගේයි අර මෑන්ගෙයි වෙනසක් තිබිලා නෑ.

      Delete
    7. "ඒ කාලෙම තමා මට හිතුනෙ පහල‍ට‍ වැටෙන ජලය නල මාර්ගයෙන් මෝටරයක් උපයෝගී කරගෙන නැවත ජලාශය උඩට අද්දන්න.. බලාගෙන යද්දි මගේයි අර මෑන්ගෙයි වෙනසක් තිබිලා නෑ."


      මගෙත් වෙනසක් නෑ... :D කොටින්ම මේ ලඟදි දවසකත් මම සෑහෙන වෙලාවක් කල්පනා කර කර හිටියා මේ පින්තූරේ විදියට වාහනයක් ධාවනය කරන්න බැරි ඇයි කියලා..

      http://www.trollscientist.com/image/14-magnet-car-troll-physics.jpg



      Delete
    8. බීටල් මම උඔ වගේම දවසක් රංගයත් නෙට්වර්ක් එකක් නැතුව ෆයිල් එකක් කොපි කරගන්න හැටි කිව්වා එක මැසිමකින් අනිකට. ඒක කරන්නෙ මෙහෙමයි. මුලින්ම කොපි කරන්න ඕනේ ෆයිල් එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරලා කොපි කරගන්න. දැන් මවුස් එක ගලවාගෙන අනිත් මැසිමට සවි කරලා නැවත රයිට් ක්ලික් කරලා පේස්ට් කරන්න.

      ඇයි බං අපි ඔක්කොමලා එකම රටේ බිහිවෙලත්.... තාම මේ තත්වෙන් ඉන්නෙ....!

      Delete
  3. කතන්දරකාරයාගේ මේ පෝස්ටුවේ යටිපෙළ කියවීම් දෙකක් මට නිරීක්ෂණය විය.
    1.ජල හිගයක් ඇතිවූ අව්ස්තාවකට සුදුසු පරිදි විකල්ප ක්‍රමවේදයන් අප සැලසුම් නොකල බවයි.නමුත් ජලය පිළිබදව ගැටළුවකට මුළු ලෝකයම මුහුණ ද්ව්මින් සිටින අතර අපගේ කලාපයට එය දැනෙනු ඇත.
    වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සැපයීමට හා රටවල් අතර ගැටුම් ඇති වීම වැළැක්‌වීම සඳහා ලෝකයේ අනාගත ජල අවශ්‍යතාවේ තරම පෙන්වා දෙන වාර්තාවක්‌ පසුගිය දා නිකුත් විය. ඒ අනුව 2025 වර්ෂය වන විට ලෝකයට නයිල් ගඟ වැනි තවත් ගංගා 20ක්‌ පමණ අවශ්‍ය වේ. සංඛ්‍යාත්මකව දක්‌වන්නේ නම්, ඒ වන විට තවත් ඝන කිලෝමීටර 1000ක පමණ ජල ප්‍රමාණයක්‌ කෘෂිකර්මය සඳහා පමණක්‌ අවශ්‍ය වේ.

    ජල හිඟය බරපතළ ලෙස බලපෑ හැකි රටවල් අතර චීනය හා ඉන්දියාව ද වේ. 2030 වර්ෂය වන විට මේ දෙරටේ ම ජල අවශ්‍යතාව සැපයුම ඉක්‌මවා යනු ඇත. කෙසේ වෙතත් මේ වාර්තාවේ දැක්‌වෙන පරිදි ජලය සංරක්‌ෂණය කරගැනීමෙන් හා නාස්‌තිය වැළැක්‌වීමෙන් සැලකිය යුතු වෙනසක්‌ සිදු කළ හැකි ය. නිදසුනක්‌ ලෙස, දියුණු වන රටවල සමස්‌ත නළ ජල ප්‍රමාණයෙන් 40%ක්‌ පමණ ජල සම්පාදනය අතර දී අහිමි වේ. එසේම ජල හිඟයක්‌ ඇති රටවල් ඊට විකල්ප සෙවීමේ ඇති වැදගත්කම ද මෙහි දක්‌වා ඇත.නමුත් එවැනි විකල්ප සෙවීම් වල යෙදීමට වඩා අපගේ විදුලිබල ඇමතිවරයාට කරන්නට ඕනෑතරම් වැඩ තිබේ. වීශේෂයෙන්ම නූතන අධිරාජ්‍යවාදීන්ට මේ මුතු ඇටයට අතක්වත් තබන්නට් ඉඩ නොතැබීම ඔහුගේ පරම අධිශ්ඨානයයි. ඒ මදෑ..

    2.2.රටක් අර්බුදකාරී තත්වයන්ට පත්වූ විට ,,නැත්නම් ගැටළු වලට මුහුන දීමේදී එම අවස්තාවෙන් ප්‍රයෝජනය ගැනීමට ආණ්ඩුවට හිතැති ව්‍යාපාරිකයන් පෙරමුණ ගනියි. මෙවැනි සතුන් අතීතයේදිත් සිටිබවට හොදම උදාහරනයන් වන්නේ පහත ප්‍රස්ථා පිරුළුයි.
    =කල දුටු කල වළ ඉහගන්
    --තව තිබේ නම් ලියන්න.
    මෙවනි දීර්ඝ කොමෙන්ටුවක් ලිවීම ගැන කතන්දරකාරයා අමනාප නොවේ යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. මොකද බං මූ ලගකදි ඉදලා හෙන සීරියස් කමෙන්ට් දාන්න අරන් තියෙන්නේ

      Delete
    2. ඒක තමයි මටත් තියෙන අවුල ........... කතන්දරේට කොමෙන්ට් කරන්න ආවහම මෙන්න යකෝ යට්න් තවත් කථාවක් ......... :D :D

      Delete
    3. මූ ළඟකදි උළුවස්සෙ හැප්පිලා වගේ.

      Delete
    4. සාමාන්‍යයෙන් ජේ. වී. පී. එක ඇතුළේ මේ වගේ මොළේ හෙල්ලිච්චි එවුන් කාලෙන් කාලෙට පහළ වෙනවා. උන් ලෝකෙම තියෙන ගැටළු වලට විසඳුම් හොයනවා. සමහරු ඒවා පොත් හැටියටත් ලියනවා. මං දන්නවා විදුසර කියවලා බලශක්ති අර්බූදය ගැන ඉගෙන ගත්තු ජෙප්පෙක් "ලෝක බලශක්ති අර්බූදයට විසඳුම" කියලා පොතක් ලිව්වා. ඒකෙ තිබුණා අපි අහලා වත් නැති විකල්ප බලශක්ති ජනනය කිරීමේ ක්‍රම. (උදාහරණ: කොහු බත් ඉන්ධනයක් හැටියට භාවිතා කරන බලාගාර) තවත් ජෙප්පෙක් ප්‍රවාහණ අර්බූදයට විසඳුම් හොයා ගෙන කිසිම කෙනෙක් හිටගෙන යන්නේ නැති විදියට බස් දුවවන්නේ කොහොමද ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් මේ වගේ ජෙප්පෝ ළඟ ඕනැ ප්‍රශ්නෙකට විසඳුම් තියෙනවා. වැඩේ තියෙන්නේ ලෝක බැංකුවෙන් උන්ට ඒවා කරන්න නොදෙන එකයි. නැත්නම් අපි ජීවත් වෙන මේ ලෝකය සුර පුරක් වෙලා.

      Delete
    5. මතක නැද්ද ඒකාලෙ, ඒකාලෙ කිව්වට මීට අවුරුදු 10කට මෙහා, සිහළ උරුමය පටන්ගත්ත කාලෙ, චම්පිකල ගම්මන්පිලල කෑගැහුව "දර වලින් විදුලිය නිපදවන්න ඉස්සෙල්ලම යෝජනා කලේ අපි" කියල. හරියට පේටන්ට් බලපත්තරේ ගත්ත වගේ.

      Delete
    6. @ රතු රජ රට
      උඹ මේ පිස්සු තද වෙච්ච වෙලාවේ ලියන ඒවා උඹේ බොගේ දාපන්කෝ. එකේ නාට්ටි දෙබස් ලියලා. ආතල් ඒවා අපේ ඒවල ලියන්නේ.

      Delete
    7. ඇත්ත ඇතිසැටියෙන් කථා කරන මිනිස්සුන්ව වෙනසක් කරන්න හදන උන්ව ....කාගේ කරුමෙකටද මන්ද සමකාලීන බහුතරයකට පේන්නේ පිස්සෙක් හරි උළුවස්සෙ හැප්පිච්ච එකෙක් හරි විදිහට තමයි .....
      ජෙප්පො කියන්නේ එවගේ කොටසක් .... රටේ නිදහස් අධ්‍යාපනේ රැක ගන්න කෑගහනකෝට පාරට බහිනකොට කෑගහනව... මුන්මේ රටේ ළමයි විනාස කරනව , අපි ළමයින්ව විශ්ව විද්‍යාලෙට එව්වේ පාරේ යන්නද ..... අරකයි මේකයි කථා කෝටියයි .....
      ඒත් පිටරට පෞද්ගලික විශ්ව විද්‍යාල හදල අධ්‍යාපනය පාරක් පාරක් ගානේ පේමන්ට් එකේ විකුකණ්න හදනකෝට ..... ඒ ඇයි කියල ඇමතිගෙන් අහනකොට ... ඌ කියන්නේ මෙච්චර ඩිප්ලෝමා ආයතන උපාධි ආයතන බිහිවෙනකන් ජෙප්පො මොනවත් කරල නෑ ඒනිසා අපි මේව හදනව කියල ..... කාට කියන්නද ..... නඩුයි බඩුයි වෙලයි කුඹුරයි ගොනයි මීමයි සේරම නිදන් බහිරවයගේ වෙච්ච කොට......
      ඇස් ඇරල බලමු ...... ජෙප්පෝ කියන්නේ අමුතු න්‍යායක් පෙන්නන ජාතියක් අපේ උන් ඒක බලන්නේ නෑ මොකද උන්ට තේරෙන්නේ නැති නිසා .... නොතේරෙන හැම දෙයක්ම හිතළුවක් නෙවෙයි .... කැපුවත් කොළ කැපුවත් නිල් ,අපේ උන්ට විචාර බුද්ධියක් නෑ උන් පක්ශෙ අරන් එන්නෙත් උපතින්මයි ...... විචාර බුද්ධියක් ඇත්තෙත් නෑ හදාගන්න ඔනෙත් නෑ හදාගන්න් කියන එකාව පේන්නේත් අමුතු සතෙක් ගානට ..... මේ සියල්ල අර කොමෙන්ට් කොරපු නිර්නාමික වීරයාට
      ප.ලි - ජෙප්පෙක් නොවන බව සලකන්න

      Delete
    8. ඉල්ලීම - අකුරුවල අඩුපාඩු කීපයක් ඇති අතර ඒවා නොසලකා හරින්න

      Delete
    9. @AnonymousOctober 5, 2012 10:43 AM
      @යාළුවා, මේක අපේ රටේ හැටිය. රතු කීව හැටියේ අපේ රටේ උන්ට සිහිවන්නේ ජේවීපි කාරයන් වේ. මගේ බොහෝ කොමෙන්ටුවලට පිළිතුරු ලැබී තිබුනේ එවැනි ආකල්පයක සිටය. ජවිපේ සමග මට කොහොමටවත් සම්බන්ධයක් නැත. කැම්පස් එකේදී පවා මම උන්නේ ස්වාධීන මිනිසෙක් වශයෙනි. .නමුත් හරි දේ හරියි කියන්නටත් වැරදියැයි මට හැගෙන දේකට වැරදියි කියන්නට තරම් කෙළින් කල කොන්දකුත් ඒ කොන්ද උඩ මොළයකුත් මට තිබේ.ඒ නිසා මෙවනි පටු ආකල්ප වලින් යුක්තව අදහස් පළකිරීම සුදුසුද නැද්ද යන්න සිතා බැලීම ඔබට බාරය.

      Delete
    10. @මාතලන්
      මචං -උඹේ සිගිති කොමෙන්ටුව ඇස ගැටුණේ දැනුයි. මේකට මොන විදිහේ පිළිතුරක් දෙන්නද කියලා මට හිතාගන්න බැරි..., උඹේ සැබෑ ස්වරය අව්‍යාජ මිත්‍රශීලි එකක්ද නැත්නම් නිර්දය සරදමක්ද කියලා තීරණය කරගන්න බැරි වූ නිසයි.

      Delete
    11. @දිනෙල්ක
      මේ දවස්වල නිවාඩුවට ගෙදර ඇවිත් ඉන්නේ මචං, පට්ට කම්මැලි.ඉතින් බ්ලොග් ලෝකෙ තමයි. නැත්නම් කොහොමද බං මෙහෙම කොමෙන්ටු දාන්නේ.

      Delete
    12. "ජෙප්පා" කියන්නෙ ජේ. වී. පී. කාරයා කියන අරුතින්ම නෙවෙයි. "ජෙප්පා" කියන්නේ තමන්ට හරියට සුරුට්ටු කඩයක් වත් කර ගන්න බැරි වුණාට ලෝකෙම තියෙන ආර්ථික ගැටළු විසඳන්න උත්සාහ දරණ, හැම එකකටම තියරි තියෙන, හැබැයි අවසානෙ බැළුමාට මොකුත්ම දෙයක් කරලා නැති, පරපෝෂිත අමුතුම ජාතියේ සත්ත්වයෙක්. කොටින්ම සමාජයට බරක් වෙන, තමන්ට ඒ ගැන අවබෝධයක් නැති පුද්ගලයෙක්.

      Delete
    13. @දිනෙල්ක,

      රටක අධ්‍යාපන ආයතන බිහි වෙනවා කියන එක වරදක් කියල දකින එකත් ජෙප්පන්ගේම විකෘති චින්තනයේ කොටසක් තමයි.

      Delete
    14. නිර්නාමික වීරයා -

      රටක අධ්‍යාපන ආයතන බිහිවීම වනාහී සංවර්ධනයක් බව පැහැදිලිමුත් ...... මෙහිලා අවධානය යොමු කර ඇත්තේ එහි ගුනාත්මක තත්වය කෙරෙහිවේ . සාමන්‍ය පෙල පවා අසමත් වූවන් ෆවුන්ඩේශන්ද මොනවාද කළපසු ඉන්ජිනේරු හෝ වෛද්‍ය විද්‍යාව හැදෑරිමට සුදුස්සන් වීම ඔබ දකින්නේ කෙසේද ????
      ඔය පවසන අන්දමට අධ්‍යාපනයට ආයතන බිහිවීම තුලින් රටේ ගුනාත්මක අධළ්‍යාපනයට රුකුලක් වෙනම් ඒ වෙනුවෙන් කැපවෙමු ....
      නැගිටින්න මහත්තයෝ ඇස් ඇරල ඒව පිහදාල බලන්න ..... නූගතුන් උගතුන් කරන්නට හදන මේ මගඩිය සාධාරණී කරනය කරන්නට පිලිතුරු සෙවීම වෙනුවට ගුනාත්මක වෙනසකට මුග පුරන්න .........
      අධ්‍යාපනය මිලදීගත හැක්කක් නොවන්නට කටයුතු කිරීම ඔබේ දරුවාගේද හෙට ලොව සුරකින බව සිහිතබා ගන්න . ප්‍රයිවට් බස් පාරට දාල වෙලා තියෙන දේ පේනවා යැයි සිතමි .
      විකෘතිය කෙසේ වෙතත් මොලය ඇත්තේ කාටදැයි සිතාබලන්න

      Delete
    15. අගය කිරීමක් පමණි. මා කිසිදින කිසිවකු ගර්හාවට ලක් කරන්නේ නැත.. මන්ද මා පොරක් නොවන නිසාය.. සිත රිදුනේ නම් සමාවන්න...

      Delete
    16. @දිනෙල්ක,

      ලංකාවේ ගුණාත්මක භාවය අඩු නම් ඒ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මිස පෞද්ගලික විශ්ව විද්‍යාල වල නොවේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමාකොට රැකියා ලබා ගන්නට බැරිව ආණ්ඩුවෙන් රැකියා ඉල්ලා හිඟන "රැකියා විරහිත උපාධිධාරීන්" බිහි වන්නේ ගුණාත්මක භාවයෙන් අඩු රාජ්‍ය විශ්ව විද්‍යාල වලිනි. පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් එවන් මැට්ටන් බිහි නොකෙරේ. ඇස් ඇර බලන්න. අමු මැට්ටන් ඉන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල තුළය. පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් බිහිවන ගුණාත්මක භාවයෙන් වැඩි උපාධිධාරීන්ට කවදාවත් රැකියා ප්‍රශ්නයක් නැත. රාජ්‍ය විශ්ව විඩ්ජ්‍යාල වල මැට්ටන් ඒවට ඔය තරම් ඉරිසියා එනිසාය.

      Delete
    17. / සාමන්‍ය පෙල පවා අසමත් වූවන් ෆවුන්ඩේශන්ද මොනවාද කළපසු ඉන්ජිනේරු හෝ වෛද්‍ය විද්‍යාව හැදෑරිමට සුදුස්සන් වීම ඔබ දකින්නේ කෙසේද ????/

      මේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මැට්ටන් ඉරිසියාවට පතුරන කතා මිස සත්‍යය නොවේ. රාජ්‍ය විශ්ව විද්‍යාල වල මැට්ටන්ගේ මැටි කමට කුමක් කරමුද? මැට්ටන්ය ඔළු දෙන්නට බැරිය.

      Delete
    18. @ නිර්නාමික වීරයා -

      ඔබතුමා පොළොවේ පය ගසා ජීවත් වන්නෙකුද යන්න පිළිඹද දැඩි ගැටළුවක් මතුවීම අරුමක්කොට නොසලකන්නේ යැයි සිතමි . මන්ද යත් ඔබ පැවසූ අන්දමට රාජ්‍ය විශ්ව විද්‍යාල වල මැට්ටන් ඉරිසියාවට පතුරන ෆවුන්ඩේශන්ද මොනවාද කළපසු ඉන්ජිනේරු හෝ වෛද්‍ය විද්‍යාව හැදෑරිමට සුදුස්සන් වීම හිතළුවක් හෝ හිගන්නන්ගේ හිගන ප්‍රකාශයක්නොවේ උදාහරන අවැසිනම් එවන් බම්බලපිටියේ හා ගල්කිස්සේ ප්‍රධාන ශාකා පිහිටුවාගෙන සිටින එක්තරා ප්‍රසිද්ධ උපාධි ප්‍රධානය කරන ආයතනයෙන් ( එහි නම සදහන් කිරීමෙන් අනවශ්‍ය ගැටළු පැන නැගිය හැකි බැවින් ..... ලබාදුන් හොඩුවාවෙන් ආයතනය සොයගෙන විමසන ලෙස ඉල්ලමි ... අපහසුතාවයට කණගාටුව ) තොරතුරු ලබාගනු මැනවි එසේම කොළඹ හයිඩ්පාක් ඉදිරිපිටද තවත් එවන්ම ප්‍රසිද්ධ උපාධි ප්‍රධානය කරන ප්‍රසිද්ධ ආයතනයක්වේ එමගින්ද ඔබේ සැක දුරු කරගන්නා ලෙස ඉල්ලමි ..... ඔවුන් පළමුව පවසන්නේ උසස් පෙල ප්‍රතිථල අවැසි බවයි දෙවනුව ඒවා නොමැතිනම් ෆවුන්ඩේශන් කළ උපාධිය ලබා ගැනීමට හැකිබවයි .

      // ලංකාවේ ගුණාත්මක භාවය අඩු නම් ඒ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මිස පෞද්ගලික විශ්ව විද්‍යාල වල නොවේ // මේ ලෙසින් පැවසීමේදී ඔබ යොදාගත් මිනුම් දඩු පැහැදිලි කර නැත .... ඔබ එසේ පවසන්නේ උපාධිදාරීන් රැකියා ඉල්ලා පාරට බැසීම නිසා නම් එය පැහැදිලිවම වැරදි නිගමනයකි , රැකියා සදහා අවශය්‍ය බාහිර සුදුසු කම් සපුරාගැනීමට සිසුවා උනන්සු විය යුතුය එය එසේ නොවී ඇත්තේ අධ්‍යාපනටය් අවුලක් නිසා නොව බුද්ධියේ අඩුවක් නිසාය ( උගත් සියල්ල බුද්ධිමත් නොවේ ) .
      ගුනාත්මක අධ්‍යා‍බනය වනාහී නිවැරදි විශය දැනුම නිවරදි පුද්ගලයින් විසින් සුදුසුකම් සපුරාලූ පුද්ගලයින්ට ලබාදීම මගින් ඇතිවන්නක් මිස මුදල් වියදම් කිරීමට හැකිවූ පමනින් උගතුන් බවට ප්‍රකාශයට පත් කිරීම නොවේ .ඔවුන් නිවරදි උගතුන්ද නොවේ . පෞද්ගලික විශ්ව විද්‍යාලවල දේශකයින් තෝරාගන්නා ආකාරය පිළිබද නිවැරදි අවබෝධයක්හෝ දැනුමක් ඔබසතුවේද ??? ඔබ පමනක් නොවේ කිසිවෙකු එය නොදනී .... මේවායේ උගන්වන්නේ සුදුසුකම් සැපිරූ අයද යන්න ගැටලුවකි .අධ්‍යාපන ආයතනයක් විශේෂයෙන්ම උපාධි ප්‍රධානය කරන අයතනයක් යනු සමූපාකාරයක් මෙන් දන්නා අදුරන කීපදෙනෙක් එක්වී ඇරඹිහ හැක්කක් හෝ පවත්වාගෙන යා හැක්කක් නොවේ ... කරුනු නොදැන හෝ ඒවා සොයා නොබලා ඒසී කාමර තුළ හිදිමින් රටේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නොහැකි බව අවධාරනය කරමි ( ඒසී කාමරවල වෙසෙන්නන් පිලිඹද කිසිදු ද්වේශයක් නොමැති බවත් මා වෙහෙසෙන්නේද එවැන්නෙකු වීමට බවත් සලකන්න ). ඔළුව කෙසේවෙතත් මොළය හා වයස පිළිඹද දැඩි ගැටළුවක් මා තුළ ඔබ පිළිබද හටගෙන ඇත්තේ . කරුණු මෙකරම් පැහැදිලිව තිබියදී එය වටහා නොගන්නා නිසාය . ඕනෑම දෙයක දෙපැත්තක් ඇති බව පිළිගනිමි , නමුත් ගැටළුව වන්නේ මේ කාරනාවේදී ඍණ පැත්තට ඇති බර වැඩිවී තිබීමයි .

      Delete
    19. ඔබ කියන ඒවා එකක වත් පිළිගත් පෞද්ගලික උපාධි ආයතන නොවේ. මා කතා කරන්නේ රජයේ මැට්ටන් බිහි කරන විශ්ව විද්‍යාල ගැනය. රස්සාවක් වත් හොයා ගන්නට බැරි මැට්ටන් බිහි කරන රාජ්‍ය විශ්ව විද්‍යාල ජනතා ධනය නාස්ති කරමින් තව දුරටත් පවත්වා ගත යුතුද? මෙබඳු ගොන් කතා කියන්නේ ඔබට එවැනිම ගොන් ගාලක මැට්ටෙක් විය හැකිය.

      Delete
    20. This comment has been removed by the author.

      Delete
    21. @නිරිනාමික වීරයා( අවජාතක බූරුවා )-
      මහත්තයෝ කියන කථාවක පදනමක් තියෙන්න ඔනේ ! .... මෙකත් හරියට අර සිංහල වෙදකමද හොද බටහිර එකද කියල ඇහුවම අපේ සීයගේ කකුළ හොදවුනේ සිංහල වෙදකම් මිසක් ඉංග්‍රීසි වෙදකම් කරන නෙවෙයි කියල කිව්ව වාගේ ‍...... කියන කථාවට ඔප්පු කරන්න පුළුවන් පැහැදිලි පදනමක් ඔනේ. මං ආයෙත් අහන්නේ කෝ ඔබ තමුන්නැහේගේ පදනම.රාජ්‍ය විශ්ව විද්‍යාල වහන්න ඔනේ කියන්නේ රස්සාවක් හොයා ගන්න ඒවයෙන් බිහිවෙ උන්ට බැරිනිසා නම් රජය දැන ගන්න ඕනේ ඒ වෙනුවෙන් රැකියා පදනම් කරගත්තු වැදගත් උපාධි පාඨමාලා විශ්ව විද්‍යාලවල ඇති කරන්න ඒවගේම සිසුන් දැන ගන්න ඔනේ වැදගත් උපාධි පාඨමාලා තෝරගෙන ගැලපෙන විදියට හැඩ ගැහෙන්න , එහෙම නැතුව අහින්සක මිනිස්සුන්ගේ ළමයින්ට යන්න තියෙන විශ්ව විද්‍යාල වහල දාන්න ඔනේ කියන්නේ අතීසාරෙට අම්මුඩ ගහන්න ඕනේ කිව්ව වගේ වැ‍ඩක් .......... මං කියපු හැම ආයතනයක්ම රජයේ පිලිගත් විදේශ උපාධිපිරිනමන ආයතන , එහෙම නෙවෙයි කියනවනම් මගේ හොඩුවාවෙන් තමුන්නැහේ හොයගෙන තියෙන්නේ මං අදහස් කරපු ආයතන නෙවෙයි .නියම නමින් එන්න .... හරියට කථා කරන දේ ගැන විතරක් අදහස් දක්වන්න ..... පෞද්ගලික මඩ අනවශ්‍යයි ....ඔබතුමා බ්ගොග් ප්‍රවීනයෙක්ද දන්නෑ..... එකයි මං මෙච්චර වෙලා වැදගත් විදිහට, හරි හමන් නමක් නැති අවජාතක ඔබ තුමාට නිර්නාමික වීරයා කිව්ව .... අයෙනං බෑ වගේ .......

      Delete
    22. ඇත්ත කියනවට කැමති මිනිස්සු දැන් හරි අඩුයි....

      Delete
  4. ඔය කියන මුදලාලි පස්සේ කාලෙකදී .... අන්ඩුවේ ඇමති පට්ටමක් ගත්තාදෝ සැක සහිතය ...... @ වර්ථමාන අධ්‍යාපන ඇමති සිහිවී

    ReplyDelete
    Replies
    1. මට සිහිවුනේ උසස් අධ්‍යාපන ඇමති, ආ..... ඛනිජතෙල් ඇමති..... හපොයි ඇමැත්තො රොත්තක් මතක් වෙනව.

      Delete
    2. එහෙම බලනකොට හැම ඇමතියාටම මුදලාලියාව සෙට්වෙනව

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඕක කිව්වේ අපේ රටේ බුද්දිමත් ඇමති මණ්ඩලයේ ඉන්න කෙනෙක් කියලයි මටනම් ආරංචි උනේ. ගෝත යක්කු .මුන් ගැන කල්පනා කරනකොට බඩේ පනුවෝ බොක්සින් ගහනවා වගෙයි.

    ReplyDelete
  7. http://www.colombotelegraph.com/index.php/futa-and-the-future-of-education/
    http://www.colombotelegraph.com/index.php/why-futa-demands-university-autonomy-and-end-to-politicization/
    http://www.colombotelegraph.com/index.php/attacks-on-judiciary-painful-blows-on-rule-of-law-can-it-survive/

    ReplyDelete
  8. පේරාදෙනියේ හරි ක‍ටුබැද්දේ හරි හිටිය එක ආචාරිය කෙනෙක් හොයා ගත්තා එඬරු තෙල්වලින් වාහන දුවවන ක්‍රමයක් ඉන්ධන ප්‍රශ්නයට පිලිතුරක් විදිහට.

    හැබැයි ඒ වාහන 1000ක් දුවවන්න ලංකාවේ මුලු භූමිය පුරාම එඬරු වවන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. අනේ ඕකුන්නේ තව වැඩි පඩි ඉල්ලන්නෙ!

      Delete
    2. කළා මැදිරියෝ, මේක නම් මා ලඟදි දැක්ක අපූරු කොමෙන්ටුවක්. දැන් බලන්න තියෙන්නේ, එඬරු වවන හැටියක්! කොහෙන්ද පටන් ගන්නේ?

      Delete
  9. ඔය වතුර උඩට අදින එක සංකල්පයක් හැටියට පවතින සත්‍යයක්. මේ ලින්ක් එක බලන්න

    http://en.wikipedia.org/wiki/Pumped-storage_hydroelectricity

    an Electrical Engineer

    ReplyDelete
    Replies
    1. මේක වෙනම කතාවක්. විදුලිය ජනනයේදී ජෙනරේටර් බාගෙට වැඩ කරනවාට වඩා සම්පූර්ණයෙන් වැඩ කිරීම කාර්යක්ෂමයි. එනිසා off-peak වෙලාවල අතිරේක ජනනය භාවිතා කරනවා වතුර යළි උඩට පොම්ප කරන්න. නමුත් එතැනදිත් ශක්ති හානියක් වෙනවා. මේක කරන්නේ වියදම අඩු කර ගන්න මිස ආදායම වැඩි කරන අරමුණින් නෙවෙයි.

      Delete
    2. yanne koheda malle pol !

      Delete
  10. මට පුංචි කාලේ හිතුනා ඩයිනමෝ එකකට බෙල්ට් එකකින් මෝටරයක් සෙට් කරලා ඩයිනමෝ එකේ ඉඳං කරන්ට් එක ආයෙ මෝටරේට දීලා එක පාරක් ඩයිනමෝ එක කැරකෙව්වොත් මේක දිගටම කැරකෙන්ඩ ඕනෙ නේද කියලා.පස්සේ කාලෙක ශක්ති හානිය ගැන ඉගෙන ගන්නකං මෙහෙම කරන්ඩ පුළුවං කියලයි මම හිතං හිටියෙ.

    ReplyDelete
    Replies
    1. ඔය concept එකට මෝටර් ඩයිනමෝ ඕන නැහැ. නිකන් කප්පි දෙකකට බෙල්ට් එකක් දාල ගත්තත් හරි. අපිට තියෙන්නෙ එකක් කරකවල පොඩි start up motion එකක් දෙන්න විතරයි. එතකොට ඒකෙන් අනිත් කප්පිය කැරකෙනව එතකොට ඒ කප්පියෙන් ආපහු මේක කරකැවෙනව - මේ කප්පියෙන් ආපහු ඒ කප්පිය කරකැවෙනවා! ඕක කවුරුහරි අත දාල නතර කරනකන් හැමදාම කැරකෙනව!

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ඕවා නම් මොනවද පොඩි කාලේ මම හිතුවේ ජල විදුලිය කිව්වාම වතුරෙන් කරන්ට් එක හදනවා කියලා. පස්සේ තමා දැනගත්තේ වතුරෙන් කරන්ට් එක හදන්නේ නැහැ ටර්බයින් කරකවල ඒ මාර්ගයෙන් කරන්ට් එක හදාගන්නවා කියලා :D

    ReplyDelete
  14. Kala Madiriyo - Owage katha kiyanne Peradeniye gon wahansela thami.

    ReplyDelete
    Replies
    1. පේරාදෙණියෙ හදපු 40W පොල්ලෙලිගහන මැෂිමෙ කතාව දන්නවද?

      Delete
    2. අද තියෙන්නේ පේරාදෙනියද මොරටුවද( නැත්නම් රුහුනද) කියන ප්‍රශ්ණය නොවෙයි .තමන්ගේ වෘත්තීය ගව්රවය බල්ලට දමමින් දේශපාලුවන්ගේ වාසිය සහ එමගින් තමන්ගේ බඩ වඩා ගැනීම සහ ප්‍රමෝශන් ගැනීම කරන මැවිසුරුවන් (?) සහ එසේ නොකරන මැවිසුරුවන් අතර සීතල යුද්ධය . දැනට මේකෙන් නියම මැවිසුරුවන් පසුබා ඇත !.

      Delete
  15. ඩ්‍රයිවර් pumped storage power generation ගැන අහලා තිබුනානම් මොනවා කියයිද????

    ReplyDelete
    Replies
    1. සොරි වේවා..ඩ්‍රයිවර් නෙවේ..මුදලාලි ....

      Delete
  16. ඉතින් ඇයි ඒ අදහස ක්‍රියාවට නැංවුයේ නැත්තේ?

    ReplyDelete
  17. එක ජලාශයක ඉඳං ඊට උඩින් තියෙන තව ජලාශයකට වතුර පොම්ප කරන එ‍ක ප්‍රායෝගිකව තියෙන තැනක් තමයි ග්‍රෑන්ඩ් කූලි DAM. (grand coulee) පහල ජලාශයේ වතුර අඩු වුනාම ඉහල ජලාශයෙන් පහල ජලාශයට එන වතුර එන්නේ ඒවා උඩට පොම්ප කරපු පොම්ප හරහා. එතකොට ඒ පොම්ප ජෙනරේටර් විදියට විදුලිය උපදවනවා. ඒ වතුරම නැවතත් පහල ජලාශයේ ජෙනරේටර් හරහා කොලොම්බියා ගඟට එකතු වෙනකොට දෙවෙනි පාරටත් විදුලය නිපදවනවා. කවුරු හරි Seattle, Washington පැත්තේ යනවනම් ගිහින් බලන්න.

    මේ වගේ දෙයක් ඇමරිකාව වගේ "අධිරාජ්‍යවාදී" රටක කෙරුවේ හෙළුවන්ගේ රාවණා තාක්‍ෂණයෙන්ම වෙන්න ඕනෑ.

    ReplyDelete
  18. ආරංචි විදිහට ජපානේ මෙහෙම දෙයක් කරනවා..මමත් හරියටම දන්නේ නෑ..එකේදී එයාල පාවිච්චි කරන්නේ excess තියන න්‍යෂ්ටික ශක්තියලු! බලන්න ඕනේ හොයල...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.