Sunday 12 August 2012

කැකිරි, පිපිඤ්ඤා, චීන පටස්, රතිඤ්ඤ සහ මිලියනය - Supercalifragilisticexpialidocious


දැනට අවුරුදු විස්සකට විතර ඉස්සර ආණ්ඩුවෙන් හෝ ගාලා ගුරු පත්වීම් දුන්නා. මේ අළුත් ගුරුවරු හුඟ දෙනා බොහෝ විට ඒ-ලෙවල් කරලා විවිධ හේතු නිසා එතනින් ඉස්සරහට යන්න බැරුව නතර වුණු අය.

උගන්නනවා කියන්නේ සෙල්ලමක් නොවෙයි නේ. විශේෂයෙන්ම පාසල්වල උගන්වන අයට විෂය කරුණු වගේම ඉගැන්වීමේ ක්‍රමවේදය ගැනත් හොඳ දැනුමක් තියෙන්න ඕනෑ. ඒ දැනුම දෙන්න තමයි ගුරු පුහුණුව තියෙන්නේ.

මේ මුලින් කියපු නවක ගුරුවරුන් ගැන ආපු මුලිකම චෝදනවා තමයි ඉගැන්වීමේ ක්‍රම ගැන තියා උගන්වන දේවල් ගැනවත් දැනුමක් නැතිය කියන එක.

ඔන්න ඒ දවස්වල පැතුරුණු රසවත් කතාවක් තමයි මේක.

ළමයෙක් පිපිඤ්ඤා කියලා ලියන්නේ කොහොමද කියලා මේ එක ටීචර් කෙනෙක්ගෙන් ඇහැව්වාම ඒ ටීචර් කියලා කැකිරි කියලා ලියන්න කියලා. මොකද අර කොම්පඤ්ඤ වීදියේ පඤ්ඤාසේනව අල්ල ගත්තු ට්‍රැෆික් පොලිස්කාරයා වගේ මේ ටීචරුත් ඤ-යන්න ලියන්න දන්නේ නැහැල්ලු.

ඔය කතාවේම තව වර්ෂන් එකක කියවුනේ රතිඤ්ඤා කියලා ලියන විදිය ඇහැව්වාම ටීචර් කිව්වලු චීන පටස් කියලා ලියන්නය කියලා.

මං මුලින් හිතුවේ ඒ කතා සේරම මේ ප්‍රබන්ධ කරපු ඒවාය කියලා.

මගේ ඒ අදහස වෙනස් කරගන්න වුනේ මගේ පුංචි අම්මාට එයා අඳුණන චූටි ටීචර් කෙනෙක් කියපු මේ කතාව ඇහැව්වාට පස්සේයි.

මේ කියන ටීචර් ඒ දවස්වල උගන්නලා තියෙන්නේ කඳුරටටත් නැති, පහත රටටත් නැති, ඒ දෙක අතරමග නගරයක ඉස්කෝලෙකයි.

මේ වෙනකොට ලංකාවේ මිලියන්, බිලියන් භාවිතය ජනමාධ්‍යවලින් හොඳට පතුරුවලා තරමක් නැගලා යන කාලේ. දවසක් ඉස්කෝලේ දී ළමයෙක් අපේ මේ ටීචර්ගෙන් අහලා ටීචර් මිලියනයට බින්දු කීයද කියලා.

මේ මනුස්සයා ඒක දැනගෙන ඉඳලා නෑ!

"ඉතිං මොකද මං කරන්නේ අක්කේ?", මේ සිද්ධිය විස්තර කරමින් ටීචර් මගේ පුංචි අම්මාට කියනවාලු, "මං කිව්වා, අනේ අනේ මේ හතේ පන්තියේ ඉන්න ළමයෙක් ඕකවත් දන්නේ නැද්ද? ඕක මේ තුනේ පන්තියේ ගණිත ප්‍රශ්ණයක් නේ. හෙට ඉස්කෝලේ එනකොට කොහොම හරි ඕක හොයාගෙන එන්න. නැත්තං ප්‍රින්සිපල් ගාවට අරිනවා කියලා".

"මාත් එදා ගෙදර ගිය ගමන්ම ඔය මිලියන්, බිලියන් සේරගේම බින්දු කීයද කියලා ඉගෙන ගත්තා අක්කේ!"

බින්දු ගාන දන්නේ නැති වුණාට මේ ටීචර්ට ස්ථානෝචිත ප්‍රඤ්ඤාව ප්‍රක්ඥාව ප්‍රඤ්ඥාව නුවණ නම් තිබිලා තියෙනවා.

-කතන්දරකාරයා

ප/ලි:
මං 2011 ඔක්තෝම්බර් 14 දා පෝස්ට් එකක් දැම්මා "ලස්සෙට කොඩිය නං බිලියනේට දාන්නේ මොකක්ද? - Millions and Billions" කියලා. ඒක දැම්මේ මේ බ්ලොග් එකේ හිට්කවුන්ටරය ඒ වෙනකොට මිලියන් බාගේ පන්නපු එකටත් සම්බන්ධවයි.

අද නං එහෙම එකක් නෑ, හරිය?

(image: http://alicebroughton.blogspot.com.au/2010/11/itap-lecture-week-5-story-development-3.html)

73 comments:

  1. මං ට්‍රයි කරන්නේ මිලියන් වෙනි හිට් එක මගෙ නමට දාගන්න.
    ඒ කෙසේ වෙතත් මඤ්ඤොක්කා කොහොමද ලියන්නේ කියල ඇහුව නම් කියයි..
    ඒව කන්නේ කවුද කන්නකො බතල කියල

    ReplyDelete
  2. * මේ මගේ පුක මම වහගෙන ඉන්නකොට
    o ඇරියොත් මේ වගෙයි නිතරම නොදක්ක්කට
    කවියක් කියමි මම හයිකු නොකිව්වට
    @ මගේ පුක මේ වගෙය් පෝලිම දැම්ම විට

    ReplyDelete
    Replies
    1. මේකනම් ලියල තියෙන්නේ අටම්පහුර ගැන නෙවි

      Delete
    2. ඇනෝ (AnonymousAugust 12, 2012 6:25 AM) ගේ කමෙන්ට් එක පෝස්ට් එකට අදාළ නැත.

      Delete
    3. ඇත්තට දැන් කතන්දරකාරයා කියන්නේ අටම්පහුරටද ?

      Delete
    4. ****
      - athal wadi kamata අටම්පහුර

      Delete
  3. මිලියන වෙනි හිට් එක මගෙන් ඒ නිසා මට තෑග්ගක් ඕනේ

    ReplyDelete
    Replies
    1. බෝට්ටුවක නැගිලා එන්න ඔට්ටේලියාවට ක්‍රිස්මස් දුපතේ සතියක් නවතින්න දෙන්නම් පොලිස් රැකවරණ සහිතව

      Delete
  4. ඕක වහෙන් ඔරෝ කියන්න ඕනය. අනිත් අය වගේ කේක් ගෙඩියක් දාලා. සැලබ්‍රේෂන් පෝස්ට් එකක් දැම්ම නම් ඉවරනේ. කතත් සමහර වෙලාවට පොඩි එකෙක් වගේ. අවුලක් නෑ
    "අපි මිනිස්සුනේ කතා"
    ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. "හූ වෝන්ස්ටූ බී අ මිලියනර්" වගේ හෙඩිමක් දැම්ම නම් මරු නේ...?

      Delete
  5. වසර තුනක අස්වැන්න.....මිලියනයක්.....!!!!

    ජයවේවා...!

    ReplyDelete
  6. 1,000,126 කිව්වම මිලියන් එකට වැඩිද කියලා ඔය ගුරුවරයෙක් නොවෙන කාගෙන් හරි දැනගෙන ඇවිත් සුභ පතන කල් පොඩ්ඩක් ඉවසමු කකා! :D
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  7. ආ .... අපි 1 - 2 පන්තිවල ඉද්දි තමා ඔය කෂ්ටිය ආවෙ. මතක හැටියට ඒ දවස්වල වැඩිහිටියො ඔය ටීචර්ලට කිව්වෙ ‘දාහෙ කෑලි‘ කියල. :D

    කකාත් දශලක්‍ෂ පතියෙක් ආඃ ....... සුභ පැතුම් ! සුභ පැතුම් !

    ReplyDelete
  8. සුබ පැතුම් කකා!

    ReplyDelete
  9. KA KA TA MAGENUTH SUBA PATHUM - API DENNA PALAMUWARATA MUNA GESUNE APR.20 MAHARAGAMA BANKU POLIMEDI. EDA API DENNA ATHARA DHEERGA SANWADAYAK WISAS WADAYAK GHIYA. EETA PASSE HEMA POST EKAKA DEEMA HAMU UNA. API THARAHA NEHE. -UNCLE-

    ReplyDelete
    Replies
    1. මේ අංකල් නං මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

      Delete
  10. ශහ්!!!!!

    කකාට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. ටීචර්ලා කියන්නේ කොහොමත් දක්ෂ අයටනේ :)

    ReplyDelete
  12. PK: Final question for twenty million rupees, and he's smiling. I guess you know the answer.
    JM: Do you believe it, I don't!
    PK: You don't? So you take the ten million and walk?
    JM: No. I'll play.

    සුභපැතුම් කතන්දර-වාලා..!!!

    ReplyDelete
    Replies
    1. *
      -අටම්පහුර
      (* මගේ + බුද්දිගේ )

      Delete
  13. Thnak you Mr. Raj. - uncle-

    ReplyDelete
  14. දැන් 1,000,460යි!

    කමෙන්ට් නොකර ඉන්නව කියල ලැජ්ජ නැතුව ආව සුභපතල යන්න. :)

    ජය කකෝ !

    ඇනෝ තාම ඇක්ටිව් නේද :ඩී

    ReplyDelete
  15. ANOLAWA DEACTIVATE KARANNA HITHANAWADA?

    ReplyDelete
    Replies
    1. PISSUDA NEXT MILLION EKA....

      Delete
  16. එකයි බිංදු හයයි! හුරේ!
    තව තවත් බිංදු වැඩිවේව!

    ReplyDelete
  17. අපෙන් සුබ පැතුම් ..!!!

    ReplyDelete
  18. මිලියනයක් හිට්... සුභ පැතුම් කතන්දර....

    ReplyDelete
  19. මිලියනයට සුභපැතුම්... කාගෙන් කාගෙනුත් ගන්න ආදර්ශ තියනවා අපිට..

    ReplyDelete
  20. සුබම සුබ පැතුම්..! :)

    ReplyDelete
  21. ස්ථානෝචිත ප්‍රඥාව අන්න එහෙමයි ලියන්න ඔනි.

    සුභපැතුම් කතන්දර !

    ReplyDelete
  22. ඒ කාලෙ ඉඳලම කියෙව්ව බ්ලොග් එකක් මිලියනයක් හිට්ස් එනවා කියන්නෙ අපිටත් සතුටක් .. සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ඔහොම කියල බෑ කොල්ලෝ පොටෝ කෑලි ටිකක් වත් දාල බ්ලොගේ නග්ගල අරන් අපිත් ගහමු මිලියනේ.ලාංකීය චින්තනේ ඌ කොලා නම් මත කොරනව!

      Delete
  23. MY DEAR MR. KATHANDARA, PLEASE REFER TO YOUR LAST STORY (VIZ. ARUNI SHAPHIRO GANU KADUWA....ETC.)SEE THE LAST FEW COMMENTS, IS KATHANDARA & SUJIYA, ONE PERSON. I AM PUZZLED.' - UNCLE --

    ReplyDelete
  24. ස්ථානෝචිත ප්‍රඥාව - එහෙමයි ලියන්නේ.

    සුභපැතුම් කතන්දර !

    ReplyDelete
  25. කොම්පඤ්ඤ වීදියෙන් මැලේ විදියට වගේ ලේසියෙන් ඊලග බිංදුවට සුබ පැතුම්!

    ReplyDelete
  26. කතන්දර මාමා බ්ලොග් අවකාසෙ පළමු දසලක්ෂපතියද?


    ඔන්න උණුසුම් සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ පැරාගෙ W3Lanka තමයි පළමු දශ ලක්ෂපතියා.

      Delete
    2. අන්න ඌ දස ලක්ශේ එපා වෙලා වෙන මොකද්දෝ අටමගලක් අටවන්න හදනව.

      Delete
  27. මගෙන් සුභ පැතුම්! :)

    ReplyDelete
  28. අපේ දහම් පාසලේ ගුරුවරයෙක් හිටියා. එයාගෙන් ළමයෙක් අමාරු ප්‍රශ්නයක් ඇහුවොත් එයා කියන්නේ ඊළඟ ශ්‍රේණිය අච්චු පොතේ ඒ ගැන පාඩමක් තියෙන නිසා ඔයාලට ඒ ගැන ලබන අවුරුද්දේදී දැනගන්න පුලුවන් වෙයි කියලා. එයා අපිට 10 ශ්‍රේනියට වෙනකම්ම උගන්නන්න ආවා. හිරවුණු තැනක ඔය ටේප් එක දැම්මා. හැබැයි අවසාන ශ්‍රේණියට නම් උගන්වන්න ආවේ නැහැ. මොකද ඒ ටේප් එක එතකොට දාන්න බැරි නිසා :D

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නා ගියෙ එකම දහම් පාසලට නෙමෙයි නේද? අපෙත් ඔය රෙකෝඩ් එක දාපු අය හිටියා.. එහෙම අය සමහරු ඉස්කෝලවල ගුරුවරු.. එක්කෙනෙක් විදුහල්පතිතුමියක්.. හැබැයි විදුහල්පතිනියගෙ මහත්තයා නාගරික මන්ත්‍රී කෙනෙක්..

      Delete
    2. අපේ සෑමත් දහම්පාසල් ගුරුවරයෙක් නේද? ඌ ගැන නෙවේ නේද? :)

      Delete
    3. දහම්පාසල් ගුරුවරු කියන්නෙ එහෙම විධිමත් ලෙස තොර පත් කරගත් අය නෙවේ නේද. එත් පාසල් ගුරුවරු එහෙම වෙනව කියන්නෙ අර්බුධයක් තමයි.

      Delete
    4. සෑම දහම් පාසල් ගුරුවරයෙක් නම් ඒ මදිද දහම් පාසල් ගුරුවරය ගැන අවබෝදයක් ගන්න?

      Delete
  29. " අන්කල් මේ මගේ යාලුවෙක්.. මෙයා මෙහෙම හිටියට මිලියනයර් කෙනෙක්... "

    " ආ මිලියනයර් පුතා.. අදුන ගන්ඩ ලැබුනට සතුටුයි,, මෙහෙන් අවිත් වාඩි වෙන්ඩ "

    ඔය සිංහල ටැලියක ගිය දෙබසක්..

    මිලියනයට සුබ පැතුම් !!! මම මේ දැක්කමද කොහෙද ඉලක්කම් හතේ හිට් කවුන්ටරයක්..

    ReplyDelete
    Replies
    1. ටැලිය 'මම නෙමෙයි මම' නේද? අර සනත් විමලසිරියි, ජගත් චමිලයි හිටියෙ..

      Delete
    2. හැක් .හැක්.. ඔව් ඔව් ඒක තමා ටැලිය... :-)

      Delete
  30. Yahaluwane, dan ithin maiyokka kaka (eating) indala hariyanne nehe. Wattakka kapalla. ara thuttu deke boga ata pahura eeye niwan dakala. SORRY MA THAMA.

    ReplyDelete
  31. Kako, last post eke (i.e. ganu kaduwa) last comments walata replies itha oone kamin balan innawa. Luhutala yanna nam epa, mage deiyo.

    ReplyDelete
  32. Oya sama harak bogala hithanawa ano la modayo kiyala. ewan udachcha bogala harena kota api dannawa moo mokatada enne kiyala.

    ReplyDelete
  33. ගූ කතා, බොග කතා, චූ කතා, ජොක්කු කතා ලියමින්.... ලාන්කීය බ්ලොග් අවකාශය නව මානයන් කරා ගෙනයමින්.... රැලේයන මද කිපුනු සුනඛයෙක් සේ යන යන තැන තමාගේ දුගද ලින්ක් තබමින්...
    අන් අයෙකුගේ ගූ බෙට්ට, දුක, විරහව, කෝපය, සිත් තැවුල, බලාපොරොත්තු කඩවීම සහ මළ ගෙවල්, දානෙ ගෙවල්, වලි, බලි, මඩ ඇතුලු මෙකී නොකී සියලු බ්ලොග් සන්සිද්ධ් තමාගේ හිට්ස් වැඩිකරගැනීමේ ඒකායන මාර්ගය කරගත් ශ්‍රි ලාන්කීය කුණු ඇදුරන් ගේ සමාජයේ කැඩපතක් බදු වූ මේ බඩගෝස්තර වාදී බ්ලොග් කරුවාට අපගේ උත්තමාචාරය......... ජය වේවා....

    ReplyDelete
    Replies
    1. /රැලේයන මද කිපුනු සුනඛයෙක් සේ යන යන තැන තමාගේ දුගද ලින්ක් තබමින්... /

      +++++++++++++++++++++++++++++

      Delete
    2. රමේශත් ඇවිත්

      Delete
  34. උණුසුම් සුබපැතුම්!!!!

    ReplyDelete
  35. මිලියනයක් නිකං හීනයක් වගේ අපිටනම්. සුබපැතුම් !!!

    ReplyDelete
  36. me thiyana jathiye comments nam million 1 masekin ganta beriye?

    ReplyDelete
  37. වෙළඳාම වැඩියි කියන්නෙ බඩු එදා වගේම අදත් කොලිටියි කියන එකනම් නෙමෙයි. තාම ගන්නෙ පරණ රස මේකෙවත් ඇතියි කියන එකෙනුයි ( බොහෝ විට - එහෙම නැතුව පරණ රෙසිපි එකෙන් එන එව්ව නැතුවම නෙමෙයි ). ඒ නිසා ඊළ්ඟ බින්දුවට දුර අඩු කරගන්න හය්ය හත්තිය පතනව. ජය!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බලෙන් යුතු පුතුමය ඉතා ගරූ.

      Delete
  38. Aug 12 - 6.25 a.m. and 6.41 a.m. both ano comments are from Atampahura gen da?

    ReplyDelete
  39. August 13 - 1.24 p.m.ANO - Oba hariyata hari. 100 % k aththa.

    ReplyDelete
  40. හිටිස් මිලියන් එකක් ගත්තු එකාට ඇනෝලා මෙහෙම බුරනවනම් ඩොලර් මිලියන් එකක් ගත්තු එකාට මොනවා නොකරනවා ඇතිද?

    ReplyDelete
    Replies
    1. ඕකටම තමයි වෘත්තිමය ඉරිසියාව කියන්නේ.(මෙතන විනෝදාංශමය ඉරිසියාව)

      Delete
  41. 1 ml. walata athulath comments kihipayak menna:- @, %,*, +, =, !, hah, puh, buh,dig, cha, sha, paka, patta, hik, me 100 ta 1k pamani, comments should be constructive and debatable. No replies for July 17 th and Aug.9th posts. there may be some more, which I cannot be counting. Me wage hits gannakota burala madi hapa kanna oone.

    ReplyDelete
  42. SAMAHARA BOGALA INNAWA OLU 3 BOORUWO WAGE.

    ReplyDelete
  43. ඔය කියවෙන්නේ ... පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ ඕකට තමය්.. මම නම් ප්‍රතිපත්තියක් විදිහට අනෝ කොමෙන්ට් විතරය් දාන්නේ... මොකද මම කියන චරිතේ ඉස්මතු වෙනවට වඩා මම කියන දේ ඉස්මතු කරන්න ඕනි නිසා ... මම ඔය අනෝ කොමෙන්ට් ඩිසේබල් කරපු බ්ලොග් පඩංගු කියවන්නේ නෑ..... මෙච්ච්ච්ර කල් ප්‍රොෆයිල් තියන අය විතරනේ කුණුහරප කිව්වේ .... ඇයි දැන් අනෝ කෙනෙක් ඇවිත් කුනිහරප දාන්නේ ? යටිඅරමුන මොකක් ද ?

    ReplyDelete
    Replies
    1. උඹ කියවන්නෙ නැති නිසා ඇනෝ බ්ලොක් කරල තියෙන බ්ලොග් කාරයො ඔක්කොම බ්ලොග් වහන්නලු යන්නේ.

      Delete
  44. හිහිහිහි.... ජය වේවා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.