Friday 15 June 2012

ආඩම්බරකම නිසා කොලුවෙක් තුට්ටු දෙකට කෙලවාගත් හැටි (පාරිභෝගික අවවාදය-මෙය තවත් Xක්කු කතාවකි) - The mind set of a teenager



මේක තවත් ජොක්කු කතන්දරයක්. ජොක්කු ගන්න කඩේකට ගිය වෙලාවක වෙච්ච දෙයක් ගැන (තවත්) කතන්දරයක්.

ජොක්කු කතන්දරවලට අකමැති අංකල්ලා, ඇන්ටිලා හෙම මේක නොකියෙව්වාට කාරි නෑ.

හැබැයි කියනව අයට තේරේවී මේක ජොක්කු ගැන කතන්දරයකත් වඩා මිනිස් සිතේ හැසිරීම ගැන මෙව්ව එකක් බව.

එහෙම බලනවා නං මං මුලින් ලියපු මැන්චෙස්ටර් සේල්ස් ඇත්තී ගේ කඩෙන් ජොක්කු ගන්න ගිය කතාවේ හරය, සේල්ස් ඇත්තී ගේ ජොක්කු අත ගෑමේ ආශාව ගැනයි. පිළියන්දල කඩෙන් ජොක්කු ගන්න ගිය කතන්දරේ හරය පාරිභෝගික සේවාව සහ ආචාරශීලීකම ගැනයි.

දැන් මෙන්න අද කතන්දරය.

මේ සිද්ධිය වුනේ මං උසස් පෙළ කරන්න කියලා අයිතිකාරයෝ ඉන්න අහවල් ඉස්කෝලෙට යන්න පටන් ගත්තු කාලෙයි. ඔය එක දවසක මං ගනේමුල්ලේ කඩේකට ගියා අළුතින් ජොකෙක් ගන්න.

ඒ දවස්වල අපේ වයසේ කොල්ලෝ අඳින්න කැමති පටි ජොක්කු. වෙයාවෙල්, ඩී.එස්.අයි වගේ වෙළඳ නාම කීපයකින්ම පටි ජොක්කු තිබුණා කඩවල.

චමින්දලා ඇඳපු වවුල්ලු හෙවත් ලන්කට් කඩේ ඉස්සරහා සුළඟේ වැනි වැනී ප්‍රදර්ශනයේ තිබුණත්, මේ පටි ජොක්කු තිබුණේ පෙට්ටිවල ඇහිරිලා කඩේ ඇතුලේ ෂෝ-කේස්වලයි.

මං කඩේ ඇතුලට ගිහින් ජොක්කු දාලා තිබුණු ෂෝ කේස් එක ලඟට ගියාම සේල්ස්-මෑන් කෙනෙක් මගේ ඉස්සරහට ආවා.

"මොනවද ඕනෑ?"

මං පටි වීදුරුවට යටින් පෙණුනු පටි ජොක්කු පෙට්ටි ගොඩ දිහා බැලුවා. මට ගන්න තිබුණේ ඩී.එස්.අයි එකක් ගන්නවා ද, වෙයාවෙල් එකක් ගන්නවා ද වගේ ඉතා සරල තීරණයක්.

මොන බ්‍රෑන්ඩ් එකේ පටි ජොකෙක් වුණත් දෙළහයි පනහයි!

ඔන්න ඔය මොහොතේ තමයි මට පෙණුනේ පටි ජොක්කු පෙට්ටි වලට එහායින් තවත් ජොක්කු රාජයෝ විශේෂයක් වැඩ ඉන්නා බව.

ජොකා ගේ කොන්වලින් විතරක් නවලා, වයි අකුර පේන විදියට පොලිතීන් කේස්වල පැතලියට අහුරලා තිබුණු ඒ ජොක්කු සුදුම සුදු පාටට දිලිසුණා.

නිකං අපේ කුමර බඹසරේ සංකේතයක් වගේ!

මට හිතුණා නිකමට වගේ මේ අළුත් ජොක්කු ප්‍රභේදය ගැන මදක් විමසා බලන්න.

"අරව එකක් කීයද?" ඒ අලුත් පන්නයේ ජොකෙකුට ඇඟිල්ල දිග් කරලා මං සේල්ස්-මෑන් ගෙන් ඇහැව්වා.

සේල්ස්-මෑන් ගේ කට කොණකට නැගුනේ මහා සරදම් කිච හිනාවක්.

"මේ පටි ජොක්කු ගහන ඉස්කෝලේ කොල්ලෙක් එනවා අර ජැන්ටල්මෑන් ජොක්කු ගැන අහන්න, හුහ්!" ඌට හිතෙන්න ඇති.

"ඒ එකක රුපියල් විසි පහයි!" ඌ කිව්වේ උපහාසාත්මක කටහඬක් ආරූඪ කරගෙනයි.

සේල්ස්මන් ගේ කිච හිනාවයි, අවඥා සහගත කට හඬයි නිසා ඔන්න මටත් තද වුණා.

මට කිණ්ඩි ටෝක් දාන්න මූ කවුද? දෙන්න ඕනෑ මූට බැෂ්ටිය!

ටියුෂන්වලට දෙන්න ගෙදරින් දුන්නු සල්ලිත් මා ලඟ තිබුණා.

"මට දෙන්න ඒවායින් එකක්" මං කිව්වේ රුපියල් විසි පහක් අරගෙන ෂෝ කේස් එක උඩට දාමිනුයි.

එදා මං ගෙදර ගියේ, පටි ජොක්කු දෙකක ගාණ දීලා ගත්තු එක ජෙන්ටල්මන් ජොකෙක් ගේ සාඩම්බර අයිතිකාරයෙක් විදියටයි.

ආර්ථික වශයෙන් පාඩු වුනත්, සේල්ස්-මෑන්කාරයාට හොඳ පාඩමක් ඉගැන්නුවාය කියන සතුට මගේ හිතේ පිරිලා ගිහින් තිබුණා.

-කතන්දරකාරයා

ප/ලි:
ගෙදර ගිහින් බැලින්නම් ජොකා සයිස් 28. ඒ දවස්වල මගේ ඉන සයිස් 26. මේ ජොකා ඇඳලා පහලට නොවැටී බේරා ගත්තේ කලිසමේ පිහිටෙන්.

ඒත් මොකද? මං අර සේල්ස්-මෑන්කාරයා ට කට උත්තර නැති කළා නේ?

දැන් මොකද හිතෙන්නේ? මේක නිකංම නිකං ජොක්කු කතාවක් ද, නැත්තං වෙන මෙව්වා එකක් තියෙනවා ද?

(image: http://www.giggleberries.co.uk/blog/index.php/ego-boots-mens-underwear/)

54 comments:

  1. අනේ අප්පෙ .... කතන්දරල 12.50 ටත් අරගෙන. චැක් ... දැන් ඒ ගානට තිබුණනම් අපිට යන වියදමේ හැටියට 100 විතර ගත්තෑකි.

    ReplyDelete
    Replies
    1. ආ .... එක වෙන්න දුවගෙන අවයින් කතන්දරේ ගැන මෙව්ව එකක් දෙන්න බැරිවුනානේ.
      කතන්දරට හිතෙනව ද සේල්ස්-මෑන්කාරයා ට කට උත්තර නැති කළා කියල. හැබැයි ඌට ඕක වෙළඳ උපක්‍රමයක් විදියටත් පාවිච්චි කරන්න තිබුණ. මිනිහ ඔය ඇක්ෂන් එකම දැම්ම නම් කඩේට එන හැමෝටම අඩු මිළ ඒව තියෙද්දි වැඩි මිළ බඩු විකුණන්න තිබුණ. ජාතියක් වශයෙන්ම අපි ඉතින් මොකෙක්ටවත් සෙකන්ඩ් වෙන්න කැමති මිනිස්සු නෙවෙයිනේ.

      Delete
  2. ඇදලා බලලා ගන්න එපයි ..!!

    ReplyDelete
    Replies
    1. හික්ස් ... මොකටද පොඩ්ඩො ඇදල බලන්නෙ. ඔන්න ඇඳල බැලුව නම් තව කමක් නෑ. පොඩ්ඩො ඔහොම්මමයි. හැම එකම අදිනවා. :D

      Delete
  3. GANEMULLE KOI KADE DA OYA. GUNASIRI STORES DA SEETHA STORES DA?

    ReplyDelete
  4. තමන්ගේ මෝඩ චූන් තමන්ටම කියවන්න කොලේක ලියලා තියාගත්තනම් හොඳයි.

    මබා ඕමා

    ReplyDelete
    Replies
    1. මැරිච්ච මනුස්සයෙක්ටවත් ඉන්න දීපල්ලා. ඔයා කියපු දේ ඔයාම කළා නම් තමා හරි නේද?

      Delete
    2. සැහ් මේ කාලකන්නි ඇනෝලගෙ සිගිති ආතල් හින්ද මැරිච්ච මනුස්සයෙකුටවත් ඉන්න නෑ....

      Delete
  5. ගිරිතලේ ආනන්ද15 June 2012 at 08:09

    ඔය වගේම මැටි මෝලෙක් ගැන අමිත අබේසේකර මහත්තයාගෙ කතාවක් මතකයි.

    මේ හාදයා එකදාස් අටසිය බර ගණන් වල සිංහල බෞද්ධ, නැමි පනාව ගහපු පහතරට කරාව මුදලි කෙනෙක්. සුද්දන්ට වාල්කම් කළත් "සිංහල බෞද්ධකම" ඔළුවෙ තියාගෙනනෙ ඉන්නෙ.

    දවසක් ගියාලු උන්දැ සුද්දන්ගෙ කොළඹ සාප්පුවකට බක්කි කරත්තයක් ගන්න. ඒ කාලෙ ගමන බක්කි කරත්ත වලින්. අද කාර් එක ගන්න යනවා වගේ තමයි බක්කි කරත්තයක් ගන්න යන ගමන. සේල්ස්මන්ස්ලත් සුද්දො. එක සුද්දෙක් තව සුද්දෙකුට මොනවද කිව්වලු ඉංග්‍රීසියෙන්. මූත් අපේ වීරවංශ මැතිතුමා වගේ පොරක් ඉංගිරිසි බිංගිරිස් මොකුත් බෑ. කවුරු හරි කඩු වනපු ගමන් අමුතුම හීනමානයක් ඔළුවට එන්නෙ. ළඟ හිටපු ලියන මහත්තයගෙන් ඇහුවලු මොකද්ද ඒ කිව්වෙ කියලා. ලියන මහත්තයත් අදි මදි කරල කිව්වලු ඒ සුද්ද කිව්වෙ "මෙයාට බක්කි කරත්තයක් ගන්න සල්ලි තියේද දන්නෙ නෑ" කියල.

    ඔන්න අපේ මුඩ්ලියර් තුමාගේ සිංහල ලේ කකියන්න පටන් ගත්තලු. යකෝ, මුන් මගේ හැටි දන්නෙ නෑ කියල කිව්වලු ලියන මහත්තයට සාප්පුවෙ තියෙන ඔක්කෝම බක්කි කරත්ත ගන්න. ඊට පස්සෙ රජා වගේ ගියාලු බක්කි කරත්ත පෝලිමෙන් ගමට! පස්සේ ඒව එක එක පන්සල් වලට පිනට දුන්න කියල ආරංචියි.

    ඔන්න සිංහල බෞද්ධ කරාව මුදලි ජාතික චින්තනය!! (නලින් ද සිල්ව ගොයියත් කරාව පොරක්ලුනෙ.)

    ReplyDelete
    Replies
    1. කුලේ කොහොමද බං මෙතනට අදාල වෙන්නෙ..?? උඹත් මහ මැටි මෝලෙක් වගේනෙ...!!!

      Delete
    2. ගිරිතලේ ආනන්ද15 June 2012 at 09:53

      පින්වත, කුලය මෙතැනට අදාළ වන්නේ අදාළ කාල වකවානුවේ අදාළ කුලයේ වංශවත් පිරිස තමන්ට අනෙක් අයට නැති විශේෂ ශරීරාංගයක් ඇති සේද, තමන්ගේ අසුචි අනුන්ගේ අසුචි වලට වඩා සුවඳ සේද හැසිරුණු හෙයිනි. මොවුන් අනෙකුත් කුල කොයිතරම් අප්‍රිය කළාද කියතොත් බලය පිළිබඳ කාරණාවේදී අනෙක් කුලයේ සිංහලයකුට වඩා දෙමළකුට සහාය දක්වන තැනටද ගියෝය. දැන් කුලය මෙතැනට අදාළ වන්නේ මන්ද ඔය පින්වතාට වැටහේය සිතමි. තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කිරීම ගැන ස්තූතියි.

      Delete
    3. ඔබේ කොමෙන්ට් දෙක එකකට එකක් ගැලපෙන්නෙ නැති බව පේන්නේ මගේ මෝඩකමට දැයි නොදනී... ඔබ වංශවත් කම සමග'කරාව' පටලවා ගත්තෙ මොන අරමුණකින්දැයි නොවැටහේ. මා දන්නා ඉතිහාස කතාව නම් වෙනස්ය.. ඔබගේ බුද්ධිමත් මනසෙන් තත්පරයක් මෙයටත් වැය කලා නං......!!

      Delete
    4. ගිරිතලේ ආනන්ද15 June 2012 at 15:14

      එසේමැයි පින්වත, අනුන්ට මෝඩයායැයි චෝදනා කරන්නට පළමුව ඔබ දන්නා ඉතිහාස කතාව කියන්නේ නම් පින්.

      Delete
    5. ගිරිතලේ ආනන්දගේ කතාවට මැටි මෝල් කතාවක් කියන්න බැහැ. අපි සාකච්ඡා නොකර හංගගෙන හිටියට කුලය ඉතා තදබල විදියට අපේ අතීත හා වර්තමාන සමාජ දේහයේ ගමන්මග තීරණය කරල තියෙනව. රැල්ෆ් පීරිස් මහාචාර්යවරයාගේ සිංහල සමාජ සංවිධානය පොතත් මෑතකාලීනව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ලියපු ‘පුරවැසි මංපෙත්‘ පොතත් කියවන්න. කුලය අදාල වෙන්නෙ කොහෙදිද කියල අහන හැමෝම කියවන්නෙ සිළුමිණේ, ලංකාදීපේ නැත්තං දිවයිනේ මංගල යෝජනා.... සේරම පටන් ගන්නෙ කුලෙන් තමා තාම නං!

      Delete
    6. ප්‍රියන්ත : කුලය පිලිබඳව ඔබේ කතාව නම් සැබැවි. එහෙම නොවේය කියා සඳහන් කලේ නැත, මංගල යෝජනා පමණක් නොවේ දකුණු ලක ප්‍රසිද්ධ මැති ඇමැති ගොල්ලටත් පවුල් පිටින් බඩ බැඳගෙන ගොස් මනාප ලබා දීමට පවා ඔය කුල සම්ප්‍රදාය ලොකු මෙහෙවරක් කරල තියනව.. කොටින්ම ඡන්දෙ ඉල්ලල ගෙදෙට්ට එන්නෙත් ඕක කියාගෙන..!!! මා ප්‍රශ්න කලේ වෙනකක්. ගිරිතලය මුළු කතාවම අවුලක් නැතිව බස්සල අන්තිම පේලියෙ "සිංහල බෞද්ධ කරාව මුදලි ජාතික චින්තනය"ය කියන්ට ගිහින්, රෝස් පාං කෑල්ලක් මැදට පපඩම් දැම්ම වගේ නැට්ටෙ ඉඳල ගා ගත් එක ගැනය.

      සිංහලෙන් කිව්වොත් සුද්දයි මුඩ්ලියරුයි අතරට කරාවක් එන්න කොහෙත්ම විදියක් නෑ..! අනෙක් එක ගිරිතලය දෙවැනි කොමෙන්ට් එකේ කියන විදිහට "වංශවත් පිරිස තමන්ට අනෙක් අයට නැති විශේෂ ශරීරාංගයක් ඇති සේද, තමන්ගේ අසුචි අනුන්ගේ අසුචි වලට වඩා සුවඳ සේද හැසිරුණා " නං ඒ කියන්නෙ කරාව ගැන වෙන්ට බැරිය. මොකද කුල ක්‍රමය තුල කරාව කියන කුලය එතරම් 'පොර' කුලයක් නොවෙන නිසාය..!!!

      Delete
    7. සුදීර මිතුර- ඔබේ රෝස පාන් උදාහරණය කොහෙත්ම නොගැලපේ...ඔබ සවුත්තු වෙයි කියලා හිතෙන තැනකදී කට නොදා සිටිය නම් යහපත් කියලා මට හිතෙනව

      Delete
    8. ගිරිතලේ ආනන්ද16 June 2012 at 09:48

      සුධීර පින්වත, කරාව 'පොර කුලයක්ද' නැද්ද කියා තීරණයට එම කුලයට අයත් සරත් ෆොන්සේකා යන උදාහරණය පමණක්ම ප්‍රමාණවත්ය. මල්වඩම් අනවශ්‍යයි.

      Delete
    9. මෝඩකම ගැන වෙන කවුරුත් කියන්න ඕනෙ නෑ. සින්ංහල සමාජ සංවිධාන ගැන කථා කරන ඈයෝ කරාව, දුරාව අඳුරන්නෙත් නෑ. නලින් ද සිල්වා කියන්නෙත් කරාව නොවෙයි. පහතරට වෙලඳාමට ප්‍රසිද්දත් කරාව නොවෙයි.

      Delete
    10. 'සූරියආරච්චි' කියන්නෙත් කරාව නෙමෙයි නේ

      Delete
    11. ආනන්ද සර්පයා දුටුවාද....?

      Delete
    12. දැන් සරපයා දුටුවාද කියල අහුවම සිංහල බෞද්ධයාට ගන්න තියන දේ තමයි ආනන්ද සරපයා දුටුවෙ නෑ කියන එක.

      Delete
    13. හරියට ජොකා ඇන්ද නම් සර්පයාව පේන්න හැටියක් නෑ තමයි.

      Delete
  6. හොද වැඩේ... දකින දකින එක ගන්න යනවට :-)

    හැබෑටම ඒ කාලේ රු.12.50ද ඈ....?

    ReplyDelete
  7. යකෝ අර මැරුන මනුස්සයගෙත් නම පාවිච්චි කරන උන් ඉන්නවනෙ මේකෙ...
    පටි ජොකා ගහල මුහුදෙ නාල නැද්ද? අපිනම් නෑම කලුතර කැලිඩෝවෙ.

    ReplyDelete
  8. පොර වගෙ අරක අරං එනකොට මං හිතුවා සයිස් එක බලන්න නැතුව ඇති කියලා. එක අතකට ලොකු සයිස් එකක් උන එක හොඳයි. සයිස් දෙකක් පොඩි එකක් අරං කර අඹාගන්නෙ නැතුව. :)
    henryblogwalker the Dude

    ReplyDelete
  9. නිකන්ම නිකන් ජෝක්කු කතාවකට වඩා මෙව්වා එකක් තියෙනවා තමයි !!! :))

    ReplyDelete
  10. අම්මපා මමත් විරුද්දත්වය ප්‍රකාශ කරනව...මැරුණ උදවියට අපහාස කරන්න එපා

    ReplyDelete
  11. මුල ටික හොඳයි. ඒ කියන්නෙ ගේමට ගේම දීල ජොකා ගත්තඑක. ඒත් 26 අඳින මනුස්සය 28 ගන්නඑක නං එච්චර හොඳ නෑ.

    ReplyDelete
  12. ඔහොම සේල්ස්මන්ලට කන පැලෙන්න ගහන්න හිතෙනව නේ... ඔය අයිතිකාරයො ඉන්න අහවල් ඉස්කෝලෙට එහා පැත්තෙ ඉස්සර තිබුනු පොඩි කෑම කඩේකත් හිටිය ඔහොම හිතන කඩකාරයෙක්... මාත් බට්ට සයිස් කාලෙ ඔතනින් කන්න යනව... එතන කොල්ලො පිරිල කෑම ගන්න, පොරකාල තමයි කවුන්ටරේට කිට්ටු වෙන්න ඕනෙ... සොසේජ් බන් ජාති 2ක් තිබුන එතන විකුනන්න... හැමදාම ගන්න රු. 10 බන් එකට වඩා තඩි සයිස් හොඳ පෙනුම තියෙන සොසේජ් බන් එකකුත් තියෙනව ඔතන... මං දවසක් මුගෙන් ඒක කීයද කියල අහපුවම මූ කියපි "ඒක ගනන් වැඩියි, ඔයාට ගන්න බැහැ" කියල... මට එදා ආපු තරහ දැන් ආව නම් අනිවා ඌට හොඳවැයින් තුන හතරක් වත් කියල එන්නෙ... ඒත් ඒ කාලෙ පොඩි වැඩියි නෙ... ඉතින් ඊලඟ දවසෙ වැඩිපුර සල්ලි අරන් ගිහින් ඔය කතන්දර කලා වගේ මාත් පොරට පාඩමක් උගන්නල ආව... :)

    ReplyDelete
  13. මං මේ නිකමට වාගෙ අහන්නෙ..පිටෝන් කරල බලන්නෙ නැතුව ගත්තෙ ඇයි?
    අනික අලුත් ජාතියකුත්නෙ :)
    මම නම් මට ඔහොම පොල් ටෝක් දැම්ම කඩේකට පාඩමක් ඉගැන්නුව අපෙ සෙට් එකත් එක්ක එකතු වෙල..
    කෑම කඩයක්.
    ටියුෂන් එකක් ගාව.
    ගියෙ නෑ පැත්ත පලාතක ඒකට,කොල්ලො එකෙකුටවත් යන්න දුන්නෙත් නෑ,ඔය වගේ දේකදි කොල්ලො ඔක්කොම ෆිට්නෙ..
    කෙල්ලො විතරයි ගියෙ.ඒ වුනත් දෙතුන් දෙනයිනෙ යන්නෙත්.අන්තිමට කඩේ බංකොලොස් වුනාදො කොහෙදො ;)

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි පාඩම් උගන්නන්න ඕන !

      Delete
    2. බංකොලොත් නොවී බංකොලොස් වෙච්ච එකයි අවුල :)

      Delete
    3. ටැංකූ ඇනෝ ඈ

      මුකෑ හරි වුනානෙ නිසාන් අය්යා...... :D
      :පී ඈ

      Delete
  14. අපොයි.. ජෝක්කු ෆිටෝන් කරනවලු..

    කඩේ එකාට නියම පාඩම.

    ReplyDelete
  15. ඇත්තටම පාඩමක් ඉගෙනගත්තේ සේල්ස් මෑන්ද නැත්තම් කසූ ද?

    ReplyDelete
  16. මම මේ කල්පනා කලේ 12.50ට ජොක්කු ගත්තෙ කොයි කාලෙද කියල....ගොඩාරියක් මෑ......ත කාලෙ වෙන්නැති නේද....

    ReplyDelete
  17. වෙන මෙව්වා එකක් නේන්නම් මේක... මාත් ඔය විදියට සපත්තු, මේස්, කලිසම් එහෙම ඕනෙ තරං අරගෙන ඇති...

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. විකුණගන්න බැරිව තිබ්බ ජොක්කු දෙන්නෙක් කකාට විකුණලා!

    ReplyDelete
  20. ඇදලා බලලා ගන්න තිබ්බේ... :)

    ReplyDelete
  21. ඊට පස්සෙ නම් සයිස් එක බලල ගන්න ඇති නේද..?

    ReplyDelete
  22. වෙන මෙව්වා එකක්

    ReplyDelete
  23. 12.50ට ජොක්කු තිබ්බ කාලෙ කිව්වම රජ කාලෙ වගේනෙ.

    ReplyDelete
  24. කතන්දරගේ මෙලෝ රහක් නැති කතන්දරයකට උනත් වැටෙන කමෙන්ට්වල ලස්සන කතන්දර ගොඩක් තියනවා.
    මම හරි ආසයි ඒ කමෙන්ට්වල ගොඩ නැගෙන කතාවලට.

    සරල සීද්ධීයක් කතන්දරයක් වීදිහට ගොඩනැගීමෙන් කතන්දර පරද්දන්න කාටවත් බැ

    ReplyDelete
  25. ජොකා ගද්දී සයිස් එක බැලුවේ නැද්ද ???

    ReplyDelete
  26. එක ගෑනු ලමයි අදින එකක් ද?

    ReplyDelete
  27. හික්ස්... කකා එහෙනම් ^@%$**$*^&$&**

    ReplyDelete
  28. 12.50ට ජොක්කු !!!! අඩේ මාර ලාබයි නේ !!

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. මට හිතෙන්නෙම කකා අරං තියෙන්නෙ ගෑනු ළමයි අඳින ජාතියෙ එකක් කියල

    ReplyDelete
  31. මටත් කියන්න ජොක්කු කථාවක් තියෙනවා... මේ කථාව කියෙව්වම මට ඒ වැඩේට මෙව්ව එක ආවා... ඉස්සරහ දවසක කාමරෙන් ඇහේවි ඒ කථාවත්....

    ReplyDelete
  32. සියළු දෙනාටම ස්තුතියි!

    වෙන වෙනම පිළිතුරු ලියන්න වෙලාවක් නෑ, මේ දවස්වල තියෙන වැඩ රාජකාරීවල හැටියට.

    ReplyDelete
  33. බොලේ කතන්දරයත් අපේ ගමේ එකෙක්නෙ...ගණේමුල්ලෙ මොකක්ද කඩේ? දැන් නම් තියෙන්නෙ සේන එකයි ගලහිටියාව එකයි විතරයිනෙ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.