Monday 11 June 2012

කසාඳ බැඳපු නෝනාවරු හොඳින් දන්නා වූ පිරිමින් ගේ එක්තරා දැවෙන ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් - A practical solution to a burning issue faced by most men


මේව ඉතිං කියලත් බෑ, නොකියත් බෑ.

ඇත්තම කියනවා නං මේ ප්‍රශ්නය හින්දා මං වඳ විඳින්නේ අද ඊයේ ඉඳලා නොවෙයි, කතන්දර හාමිනේ එක්ක විවාහ වෙන්න ඉස්සර කාලේ ඉඳලායි.

හැමදාම මේ ප්‍රශ්ණය හින්දා වැඩේ ප්‍රමාද වෙනවා. දැන් දැන් නම් අන්තිම දරුණු තත්වයකට ඇවිල්ලායි තියෙන්නේ. හාමිනේ මේ ගැන හොඳින්ම දන්නවා වුණාට, එයාට මගේ ප්‍රමාදය ගැන කිසිම තැකීමක් නෑ.

මේ ප්‍රධාන කතන්දරයට යන්න කලින් පොඩි අතුරු කතන්දර දෙකක් තියෙනවා කියන්න. සමහර විට ඔහේලා කලින් අහලාත් ඇති.

ඔන්න නෝනලා දෙන්නෙක් පොඩි පම්පොරි කතාවක්.

"මං ඊයේ පැෂන් පැලස් එකට ගිය වෙලේ හොඳ පෑන්ටීස් සෙට්ස් තිබුණා මෙයා. මං ගත්තා පෑන්ටීස් හතක සෙට් එකක්. ඒවායේ ගහලා තියෙනවා, සන්ඩේ, මන්ඩේ කියලා දවස් හතේ නම්. අද ඉඳලා කිසීම ප්‍රශ්ණයක් නෑ, උදේට අඳින්න පෑන්ටි එකක් තෝරන්න."

අනිත් නෝනා ගේ පම්පොරිය ඊට වඩා දරුණුයි.

"මාත් දැක්කා මෙයා ඔය ෆැෂන් පැලස් එකේ තිබුණු පෑන්ටීස් හතේ සෙට්ස්. ඒත් මං ගත්තේ ඩිසයින් සෙන්ටර් එකේ තිබුණු දොළහේ සෙට් එකක්. ඒවායේ ජැනුවරි ඉඳලා ඩිසෙම්බර් වෙනකං නං ගහලා තියෙනවා."

ඒ පළමුවෙනි අතුරු කතන්දරේ. දැන් මෙන්න දෙවෙනි එක.

මේක ඇත්තටම කතන්දරයක් නොවෙයි. මං හතේ පන්තියේදී විතර ගණිතය වාර විභාගෙක තිබුණු ප්‍රශ්ණයක්.

මල්ලක රතු පාට මේස් කුට්ටමක් ද, නිල් පාට මේස් කුට්ටමක් ද, සුදු පාට මේස් කුට්ටමක් ද තිබේ. මල්ලෙන් අහඹු ලෙස මේස් එකක් එලියට ගත් විට එය රතු මේස් එකක් වීමේ සම්භාවිතාව කීයද? එකම වර්ණයේ මේස් කුට්ටමක් අවශ්‍ය නම් මල්ලෙන් එලියට ගත යුතුවන උපරිම මේස් සංඛ්‍යාව කීයද?

දැන් මෙන්න අද කතන්දරය.

කොයි කවුරුත් වගේ මංතුමාත් උදේ වැඩට යන්න ලැහැත්ති වෙන්නේ මහා කඩිකුලප්පුවකිනුයි.

ඔරලෝසුවේ වෙලාව වැඩියෙන් තියලයි තියෙන්නේ. අංක දෙක ශරීර කෘත්‍යය විජහට කරන්නත් නොයෙකුත් උපක්‍රම භාවිතා කරනවා. උදේට සින්දුවක් කිය කිය ඇඟ හේදුවාට රැවුල කපන්නේ සතියකට එක පාරයි. තට්ටේ ගාන්නේ නං මාසෙකට දෙපාරක් විතරයි.

උදේට වැඩට යන්න ලැහැත්තිවෙන වෙලාවෙන් එක විනාඩියක් හරි ඉතුරු වුණොත් ඒකේත් බ්ලොග් කොටන්න පුළුවනි නේ.

උදේට අඳින් ජොකෙක් හොයාගන්න නං මටත් අර නෝනලාට වගේ කිසීම ප්‍රශ්ණයක් නෑ. ජොක්කු ලාච්චුව ඇරියා, එකෙක් ගත්තා, ඇතුලට පැන්නා, වැඩේ ඉවරයි.

ඒත් අමාරුම වැඩේ තමයි මේස් කුට්ටමක් තෝරා ගන්න එක!

ඔන්න අත දාලා එකක් ගත්තා. ඒක කළු. තව එකක් ගත්තා, ඒක දුඹුරු. එව එකක් ගත්තා, ඒක දුඹුරු. ඊලඟ එක කළු, හැබැයි ඩිසයින් එකක්. අන්තිමේදී විනාඩි දෙක තුනක් යනවා ගැලපෙන කුට්ටමක් තෝරා ගන්න.

හෝඳලා වේලා ගත්තු මේස් ලාච්චුවට දාන්න කලින් තෝරලා සෙට් කර ගන්නත් ඔය වගේම වෙලාවක් යනවා.

ඒ විතරක් නං මදෑ. කුට්ටමෙන් එක කකුලක් අස්ථානගත වෙලා වැන්දඹු තත්වයට පත්වෙච්ච මේස් තනි කකුල්වල ප්‍රශ්නේ! ඒක සේරටම වඩා දරුණු එකක්. මේවා විසිකරලත් බෑ, මොකද නැතිවුණු කකුල කොහේ හරි තිබිලා හම්බ වෙන්න ඉඩ තියෙන නිසා. ඒත් තියාගෙනත් බෑ, ඒවා හින්දා ගැලපෙන කුට්ටමක් හොයාගන්ණ යන වෙලාව තවත් වැඩි වෙනවා.

මේක මට විතරක් නොවෙයි වැඩට යන්න සපත්තු දාන කොයි කාටත් තියෙන ප්‍රශ්නයක්.

අසව්! අසව්!! අසව්!!!

ගිය සුමානේ දවසක මං මේ සර්වලෝක, සර්වකාලීන අපේ මේ දැවෙන ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් හොයා ගත්තා.

බලව්! බලව්!! බලව්!!!

මෙන්න ඒ විසඳුම පින්තූරානුසාරයෙන්.






කොහොමද මගේ මෙගා මොලේ?

මේ අයිඩෙන්ටිකල් මේස් කුට්ටම් දොලහ ගන්න පොඩි සම්තින් එකක් වියදම් වුණා තමයි.

ඒත් ඒ වගේද? දැන් කලුවරේ වුණත්, දවාලක ඇස් වහගෙන වුණත් ගැලපෙන මේස් කුට්ටමක් හොයලා ඇඳගන්න එක සිම්පල් වැඩක්!

-කතන්දරකාරයා

ප/ලි:
මළ කෙලියයි!
සඳුදා ට සෙට් කරන්න ගිය කතාව අදම වැටුණෝ!!!!

(image: http://estefaniaromero.com/michelle-rory-hofmeyr-cathcart/)

57 comments:

  1. මම කරන්නේ හැම ජෝඩුවම එකට අල්ලලා ගැට දාන එක. ඒක හරි ලේසියි. ඉඩ නම් ටිකක යනවා. මේකත් නරකම නැහැ.

    ReplyDelete
    Replies
    1. සෙරෙප්පු දාහන් වෙද මාමේ, සෙරෙප්පු දාහන්! ප්‍රශ්න ඉවරයි.

      Delete
    2. අනේ වෙදෝ උඹේ ටින්කිරි මොලේ!,

      එකට අල්ලලා ගැට දාන්න, මේස් කුට්ටම උඹ ගාවට ඇවිල්ලා හිටගන්නවාද?

      හරියට කියහවං ලියල තියෙන ඉලව්ව! ගිනිපුක් ගායට වගෙ පැනල කමෙන්ට් දාන්න කලින්.

      Delete
    3. අර කිව්වහෙ උඹලගේ සුශ්‍රැත මුත්තා මේස් සපත්තු නොදාපු එකේ උඹ මොකටැයි බං දාන්නෙ?

      Delete
    4. ගෝලීයකරණය

      Delete
    5. @AnonymousJune 11, 2012 7:44 AM

      ඔබතුමාගේ මුත්තලා අමුඩ ඇන්දා කියලා ඔබතුමා දැන් අමුඩ අඳිනවද

      ඉතිහාසයක් නොදැන අවජාතක කොමෙන්ට් දැමීමෙන් තරම පැහැදිලියි... සුශ්‍රැත නාමය සොයා බලව්.පිටරටින් බෙට්ටක් ආවොත් ඒක රට බෙට්ටක් කියලා බදාගන්න කස්ටිය තමා මෙහෙම දේශීය දේට නිග්‍රහ කරන්නේ

      Delete
    6. දැන් කවුද ඔතැන නිග්‍රහ කරලා තියෙන්නෙ? පිටරටින් ආපු අවජාතක බෙටි තමයි සපත්තු-මේස්. සුශ්‍රැත මුත්තා ඒවා භාවිතා කළේ නෑ. ඉතින් සුශ්‍රැත මුත්තාගේ අඩිපාරේ යන වෙද පප්පා ඒවා භාවිතා කරන්නෙ මොකටද? ඒවා භාවිතා කරනවා නම් ඒ කියන්නේ සුශ්‍රැත මුත්තාගේ අල්පේච්ඡතාවයට වඩා වෙද පප්පා පිටරටින් ආපු අවජාතක බෙටි අගය කරන බවද?

      Delete
  2. පෑන්ටී කතාව මෙහෙමයි. කොම්පැනියෙන් හදන්නෙ 5පැක්, 7පැක් 12පැක්. 5ඒවා ඇමරිකාවට යුරෝපෙට. එයාල වීක්එන්ඩ් පෑන්ටි අඳින්නෙ නෑ. 7ඒව ලංකාවට. දවස් 7ට. 12 ඒව ඉන්දියාවට. එකක් මාසයක් අඳිනව. :)

    එකම වර්ණයේ මේස් කුට්ටමක් අවශ්‍ය නම් මල්ලෙන් එලියට ගත යුතුවන උපරිම මේස් සංඛ්‍යාව කීයද?
    4යි.

    ඔය උත්තරේ කකාට කලින් මම හොයාගත්තෙ. එය සිද්ධිය එය විදියටම මට උනා. පස්සෙ මම හිතුව කරන්න ඕන දේ. තිබුන මේස් අයින් කලේනෑ. අපරාදෙනේ. අලුතෙන් ගන්නෙ එක පාටින්.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමයි-//එය සිද්ධිය එය විදියටම මට උනා.//

      ඔය සිද්ධිය ඔය විදියටම මට උනා.

      Delete
    2. මේ නෝනලා දෙන්නගෙන් කතන්දරගෙ නෝනා කවුද?

      Delete
    3. @AnonymousJune 10, 2012 10:41 PM
      කතන්දරගේ නෝනා ගාන වැඩි එකලු ගන්න කැමති.. ඉතින් 7 සෙට් එකට වඩා 12 සෙට් එක ගණන් වැඩි නිසා ඒක ගත්තලු

      Delete
    4. ඉන්දියන් කාරයෝ මාසෙටම එකද අදින්නේ
      ..හික් හික්..!!!!!!!

      Delete
  3. මේස් ලාච්චුවට දානකොට එක මේස් එකක් අස්සට අනික ඔබල ගුලි ගහල දාන්න. එතකොට ඔය වැන්දඹු වෙන අවුල නෑ, පාට තෝරගන්න එකත් එච්චර අවුල් වෙන්නෙ නෑ.

    මමනම් කරන්නෙ නැගිට්ට ගමන් වතුර ජෝගු තුන ගැහුව, චාර්ජ් වෙනකල් ගිහින් මූනෙ සබං ටිකක් ගාගෙන ඇවිත් ඇඳුං සෙට් එකම මේස් බැනියං ජොක්කු ඔක්කොම එක්ක තෝරල එලියෙන් තියනව. ඉන් පස්සෙ කලින් සබන් ගාපු රැවුල පෙඟිල නිසා පට ගාල කපන්න ලේසියි. රැවුල කපල ඉවරවෙනකොටම මහවැලිය බින්ද වගේ පිඹගෙන එන බරත් හෑල්ලු කරන් විනාඩි දෙකෙන් නාල එළියට එනව. කාලෙත් ඉතුරුයි අවුලුත් අඩුයි.

    ReplyDelete
  4. කොහොමද කකාගෙ ටිකිරි මොලේ.
    ඔය ඔෆීසියෙ එවුවො කකා හැමදාම අඳින්නෙ එකම මේස් කුට්ටමද කියල බලන්න ඔව්වයෙ එක එක සලකුණු තියන්නත් බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ සර්ජරි ප්රෝෆා කලිසන් හෝදන FRQUENCY එක බලන්ඩ THEATRE එකේදී මමයි තව CO HO කෙනෙකුයි කලිසමේ චෝක් ඉරක් දැම්ම පොර ඇඳුම් මාරු කරලා THEATRE එක අස්සට ගිය වෙලාවේ....කලිසම කිසි දුකක් නැතුව ෆොර්ට්නියිට් එකක්ම හිටිය.....:)

      Delete
    2. සර්ජරි ප්‍රොෆෙක් නම් කලිසම ෆෝට්නයිට්ලි ගැහුවට කමක් නෑ. හෝදන්න ඕනැ කිළුටු වෙනව නම් විතරයි නෙ. දවසෙ වැඩි හරියක් සර්ජරි වෙලාවෙ ඕක බෝල කූඩුවෙ එල්ලිලානෙ ඇත්තෙ. අනෙක ගෙදර යනව එනව ඇත්තේ ඒසී කරපු කාර් එකකින්නෙ. ඉතින් කිළුටු වීමේ ඉඩ අවමයි. කලිසම් දවස ගානෙ මාරු කරන්න ඕනැ උදේ හවා බස් එකේ වැඩට යන මිනිස්සු.

      Delete
  5. වෙදනා කරන වැඩේ තමා මාත් කරන්නේ. ඒත් කතන්දරගේ අදහසත් නරකම නැහැ. ඒත් දැන් සපත්තු දාන එක කලාතුරකින් වෙන නිසා මේ ක්‍රමය වැදගත් වෙන්නේ ජොබ් කට්ටක් කරන කාලෙට තමා

    ReplyDelete
  6. කතාවනම් සම්පුර්ණ ඇත්ත. මේස් හොයන එකනම් වාතයක්. බැරිම තැන මම ලැබ එකට දාන්ඩ CROCS දෙකක් ගත්තා. දැන් ලෙක්චර්ස් වලට පටි සපත්තු දානවා. ඒකට ඉතින් සමේ පාට තියන මේස් දාන්න ඇහැකි නිසා වැඩේ ගොඩ.

    ReplyDelete
  7. අන්න මොල කට්ට......

    අපි නං ජොබට යන්නෙ නෑ... මේස් දාන්න සපත්තු දාන්නෙ නෑ.. හැමතැනටම සෙරෙප්පු..
    ඉදලා හිටලා දාන හින්දා මේස් කුට්ටං දෙකයි තියෙන්නේ.. ඒවගෙත් අර දාර පරතරේ වෙනස් හින්දා ලේසියෙන් මීටර් වෙනවා..

    ReplyDelete
  8. උබේ මොලේ තමයි මොලේ.... එල එල

    ReplyDelete
  9. බ්ලොග් එක කියවන්න එද්දි තිබුනු පලවෙනි ප්‍රස්නෙට උත්තරේ පලි කැල්ලෙ තියෙනවා වෙලාවට.

    මේස් නැතිවෙන එකට මම නං කරන්නෙ පොඩි දෙයක්. හොදලා වේලුනු හැටියේ එක මෙස් එකක් ගුලි කරලා අනිත් මේස් එක අස්සෙ දානවා. හෙන ලේසියි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  10. වැඩේනම් හොඳා.. හැබැයි මමත් වෙද මාම කියපු වැඩෙ තමා මමත් ෆලෝ කරන්නේ

    ReplyDelete
  11. අපේ ගම හාමිනේගේ ප්‍රියතම විනෝදාංශේ තමයි රෙදි හේදීම (වොෂින් මැෂින් එකේ).

    එයානං මට ලේසි විදිහට අර ඉන්දිකයි, බුද්ධියි කිව්ව වගේ එක මේස් කකුලක් ඇතුලට අනික දාල තමයි තියෙන්නෙ.....! අනේ ඉතින් මට කිසි ප්‍රශ්නයක් නෑ....!

    ReplyDelete
    Replies
    1. කරුණාකර සවන් දෙන්න. කතන්දර බ්ලොගයට දැන් පැමිණි, දුමී මහතාගේ නිවසේ රෙදි සේදීම සඳහා වොෂින් මැෂින් එකක් ඇත. :)

      Delete
    2. හක්ක හක්ක හක්ක හා....!

      Delete
  12. මේස් කූට්ටන් තූනක් තියේ.දාපු දවසක් මතක නැත

    ReplyDelete
  13. මගෙත් එක පාටින් මේස් කුට්ටම් දෙක ගානෙ තියෙනවා..අර ශර්ට් එකේ පාටටද කොහෙද මැච් කරන්න ඕනි නිසා..පාට 3-4ක්ම තියෙනවා..ඔෆිස් යන්නෙ උදේ 11ට නිසා..ඕනි තරම් වෙලාව තියෙනවා මේස් කූට්ටම තෝරා ගන්න...

    ReplyDelete
    Replies
    1. මේස් කූට්ටම් සොයා ගැනීමට අපහසු වීමේ දැවෙන ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් සියළුම ඔෆීසි උදෑසන 11 ට ඇරඹිය යුතු යැයි මම යෝජනා කරමි.

      Delete
  14. මේස් ?

    මේස් දැම්මේ ස්කෝල කාලේ විතරයි.ඒත් නර්ස් නෝනල , මිඩ්වයිෆ් නෝනලා , පොලිස් නෝනල හේම නම් මේස් දානවා.ඒව තිං එක වගේම පාට එව්වා නිසා කිසි ප්‍රශ්ණයක් නැතිවැති.

    ReplyDelete
  15. කතන්දර ඇතුළු පිරිස වෙත,
    මේ මං සංසර්ගේ යෙදෙන කතාව කියපු කෙනාත් ඇතුළුව සියළු දෙනා ගැන ඇතිවෙන්නේ තරහක් නොවේ දැන් නම් මට,
    කණගාටුවක්,
    ඒත් මා කොන්ද පණ නැති එකෙක් සේ නොයමි,
    කෙලින්ම මගේ මතය ලියා යමි,
    මට පෙනෙන්නේ මේ වගේ පෝස්ට් (ඇතුලු බොහෝ විකට පෝස්ට්),
    කතන්දර නම් අතීසාර රෝගියාගේ අසූචි වගේය,
    කතන්දර විවිධ කෑම කා පාට පාට,
    ඒත් කිසි ගුණයක් නැති අප්‍රසන්න අසූචි බ්ලොග් එකේ දමයි,
    ඒ මදිවාට තම පහත් හරයක් නැති කතා වලට පාඨකයන් නැමති නිළ මැස්සන්ගේ ආගමනය වැඩි කර ගැනීමට දැන් දැන් (බොහෝ කලක සිට )
    ලංකාවේ සංස්කෘතියට සහ බුදු දහමට හින්ට් ගැසීමට කතන්දර නැමති මෝඩ පුද්ගලයා ක්‍රියා කරයි,
    කතන්දරට ද (මුදල් හේතුවෙන් හෝ පුහු මාන්නය නිසා හෝ අවාසනාව නිසා හෝ) දහමට පහර නොගසා ඉන්ට බැරිය,
    එසේම මා වැනි අය (මෝඩ කමටා මේවා අසූචී කියා කීවද කතන්දරට නොදා සිටිය නොහැක්කා මෙන්ම,
    ඒවා රස කර කන මැසි බුරුත්තට ද අසූචි වල ඇත්ත තත්වය කීවට නොතේරේ,
    එවිට මැසි රැල අසූචියම ප්‍රිය කරමින් අසූචි උපදවන කතන්දර තමන්ගෙ අම්මා තාත්ත ජාතිය ආගම යන ඕන එකක් උඩ පැහැරුවත් රස කර කර කමින් සිටීමට වුවත් ප්‍රිය කරමින් එසේ කියන (මෝඩ කමට ) කෙනාට ද බනී.
    වැරැද්ද මගේය,
    නිල මැස්සන්ට අසූචි ගඳ බව කිසිදා නොතේරේ,
    කතන්දර නැමති ලංකාවෙන් පිනට ඉගනගෙන පිනට උගත් බිරිඳ ද සමඟ රට දමා ගිය අතීසාර රෝගියාට ද අසූචි නොදමා සිටිය නොහැක,
    ඒ නිසා හොඳම දේ මෙවන් අසූචි ගොඩවල පැත්ත පළාතකින්වත් නොයෑමය,
    මේවා විස්තර කිරීම මෝඩ කමකි,
    මම කතන්දරගෙන් කිසිම ඉල්ලිමක් නොකරමි,
    මරණයත් විකුණන ඔබගෙන් මොන ඉල්ලිම් ද?
    දිගටම ඕස්ට්‍රේලියාවේ සිට අසූචි දමන්න,
    බොහෝ වැඩක් නැති අවාසනාවන්ත නිලමැස්සෝ ලංකාවේ සිටිත්මය.
    (ඉඟියක්:කතන්දර ලංකාවේ ඉන්න අයගේ සංස්කෘතියට බුදු දහමට ගහන්න,
    බෞද්ධයෝම ඇවිත් බේරාගනී, ඔයාගේ හිට්ස් සහ වෙනත් ප්‍රතිලාභත් වැඩි වෙයි,)

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝගේ කතාවෙන් ගම්‍යවන්නේ ඔහු නිතරම කතන්දර බ්ලොගයේ දමන “අසූචි“ නිරීක්‍ෂණයට පැමිණෙන “නිල මැස්සෙක්“ බවය. බ්ලොග් ලියනා අය ඒවා ලියන්නේ තම තමන්ගේ අදහස් පළකිරීමට පමණි. ඒවා ඉතා සාරගර්භ වැදගත් තොරතුරු විය යුතු යැයි නියමයක් නැත. කැමති අයට බැලිය හැක. අකමැති අයට නොබලා සිටිය හැක. සත්‍ය වශයෙන්ම බ්ලොග් කියවන්නෝද විවේක කාලයට වෙන කරන්ට දෙයක් නැති අයමය. රැකියාවක් වශයෙන් බ්ලොග් කියවන අය ගැන මා අසා නැත.
      බුද්ධි ගලනය කියල මොකක්දෝ සංසිද්ධියකුත් ඇත. එහි ආරම්භකයා කතන්දරයැයි මා නොසිතයි. ජීවත් වීමට තරම් රටේ තත්ත්වය සුදුසු නැත්නම්, සුදුසු වැටුපක් ලැබීමට නොහැකි නම් හැකියාවක් ඇති අය වැඩි වැටුපක් උදෙසා වෙනත් රටකට යෑමේ කිසිඳු ගැටළුවක් නැත. ඔහුගෙන් හිස්වන පුරප්පාඩුවට තවත් සියයක් විරැකියාවෙන් පෙලෙමින් රටේ ඇත.
      තමන් කපාගත් නාරාවලේම හිඳ පැසවමින් අනෙක් අයට ඊර්ශ්‍යා කරමින් මෙවැනි කුහකත්වය ප්‍රදර්ශනයකරන කමෙන්ට් දැමීමෙන් කාගෙවත් බ්ලොගයක මළපහ කිරීම ආගම දහමට ගරුකරන වැදගත් මහත්මයකුට තරම් නොවේ.

      Delete
    2. @DDT
      100% ක් එකගයි. මේ ඇනෝ එක්ක සමාන කරන්න පුළුවන් අර හත්පොලේ ගාගෙන චැලෙන්ජජ් කරපු ඌරවයි.

      Delete
    3. ඇනෝලට වුනත් DDT ගහන්න තහනම් නේද?

      Delete
    4. /කතන්දර විවිධ කෑම කා පාට පාට, ඒත් කිසි ගුණයක් නැති අප්‍රසන්න අසූචි බ්ලොග් එකේ දමයි/

      මේ ඇනෝවගෙ කක්කා එකම පාට, ගුණයක් ඇති, ප්‍රසන්න ඒව වෙන්න ඇති මෙහෙම කියන්නෙ.

      Delete
    5. /දිගටම ඕස්ට්‍රේලියාවේ සිට අසූචි දමන්න/

      කිවවත් නැතත් කකා ඕස්ට්‍රේලියාවෙ ඉඳල කක්කා දායි. මොකද නැතුව දවස ගානෙ කක්කා කරන්න ලංකාවට එන්නයැ. අංකල්ගෙ මොළේ කචල්ද කොහෙද.

      Delete
    6. @AnonymousJune 10, 2012 10:19 PM
      ඇනෝ...ගූ මැස්සෝ.....උඹට වෙන වැඩක් ඇත්තෙම නැද්ද අනුන්ගේ ගූ ගොඩවල් හාරනවා ඇරෙන්ඩ.

      Delete
    7. @ Anonymous June 10, 2012 10:19 PM

      වැඩ ගොඩක් තිබුණත් මේ ඇනෝ අංකල් ගේ කමෙන්ටුව ගැන නොලියා බැහැ.

      පරම්පරා වෙනසකක් හින්දා ද මන්දා මේ අංකල් කියන දේ මට හරියට වැටහෙන්නේ නෑ වගේ.

      අංකල් මං ලියූ වෙනත් කතන්දරයක් හින්දා මට හැම තැනම පහර ගහනවා වගේ?

      මොකක්ද මේ මේස් කතාවේ හෝ කලින් ලියු ගබ්සා වුණු කාන්තාව ගේ කතාවේ ඇති බුද්ධාගමට හින්ට් එක? අංකල් කියන විදියට මේ ලෝකේ තියෙන සින්දු, කෙටිකතා, නවකතා, නාට්‍යය වලින් බාගයක්ම නොලියා ඉන්න තිබුණු ඒවා!

      අනික අංකල් මා එක්ක තියෙන කෝන්තරයක් නිසා මේ බ්ලොග් එක කියවන අයට අපහාස කරන්නේ ඇයි? පව් නැද්ද?

      බයි, බායි!

      Delete
    8. අලේ මල්ලල්ලෑ අලේ....! ගූ කියලා දැන දැනම ගූ ගොඩේ වහන්න එන්නෙ මොකද ඇනෝ මාමේ...?

      මේ නූගත් මෝඩ කතන්දර සහ එයාගේ වටේ ඉන්න නිල මැස්සන්ට කැමති විදිහට ඉන්න දීලා ඔබ තුමා මේක කියවලා නිවන් යන පොටක් පාදගත්තනම් නේද හොඳ නිකං ප්‍රෙෂර් වැඩි කරගන්නෙ නැතිව....!

      Delete
    9. nila masso wunata bambaru wage withawal tibena kottashayak.muttiya allana thak kal thena thibe.

      Delete
  16. මේ පත්තරේක දැකපු විහිලු කතාවක්,
    ගුරුතුමිය : මොකද සුනිල් පාට දෙකක මේස් දාල?ගෙදර වෙන මේස් කුට්ටමක් නැද්ද?
    සුනිල් : තියෙනව මැඩම් ඒත් වැඩක් නෑ ඒදෙකත් මේ වගේමයි.

    වාර විභාග ප්‍රශ්න වලට පිලිතුරු :- සම්භාවිතාව 1/3 යි. රාජ් කිව්ව වගේ අනික් ප්‍රශ්නෙට උත්තරේ 4.

    ReplyDelete
  17. මේස් ප්‍රශ්නේ මටත් තිබුනා මම කලර් බ්ලයින්ඩ් හින්දා. ඒකට විසඳුමක් විධියට ප්‍රධාන පාට තුන හතරක මේස් විතරයි අඳින්නේ.

    ReplyDelete
  18. මම කරන්නෙත් අර වෙදන කරන දේමයි. මේ කතාව අර පෑන්ටි කතාවත් එක්ක ගලපලා ගත්තොත් කතාන්දර මාසෙට එක ගානේ දාන්න මේස් අරන්ද මන්ද? ඇනෝ මහත්තයා බ්ලොග් 1000 කින් එකක් තේරීමේ සම්බාවිතාව කීයද මන්ද?

    ReplyDelete
  19. නෑ නෑ ඔය කතන්දරගේ ට්‍රික් එකක්. එයාම තමා ඇනෝ විදියට ඕවා දාන්නේ. එතකොට අපි වගේ මෝඩයෝ ඇවිත් ඒවාට කමෙන්ට් කරනවනේ.

    ReplyDelete
  20. ඔය ගමන්ම කලිසන් 7ක කතාවකුයි කමිස 7ක කතාවකුයි දැන්ම්මනම් කිසි කරදරයක් නැතිව දැන් යන විදියටම එකම ඇදුම සුමානෙම අදින්න තිබුනා. මොකද කකාට ඇඳුම් සෙට් 7ක් තියනවා කියලා පොස්ට් වලින් දාලනෙ තියෙන්නෙ .. හික් හික් හික් කොහොමද මගෙ ටිකිරි මොලෙ ..

    ReplyDelete
  21. හි හී අර නෝනලා දෙන්නගෙ කතාවටනම් මට හොදටම හිනා ගියා.හය්යූ එක සමාන මේස් දෙකක් හොයන එක ඔය තරම් ප්‍රශ්නයක්ද ? අපේ අම්ම අපි ඉස්කෝලෙ යන කාලේ මේස් හේදුවම එක කුට්ටමේ මේස් දෙක එකට තියලා එකක් ඇතුලට යන විදියට නවනවා. හරිම ලේසි. දැන් මමත් මගේ හබියගේ මේස් කුට්ටම් වලට කරන්නේ ඒක

    ReplyDelete
  22. @ All
    මේස් කතාව සමහර අයට හරියට තේරිලා නෑ.

    හෝදලා එකක් අස්සේ එකක් දාලා නවන්නත් වෙලාව යනවනේ? කොහෙන්ද ඒ වෙලාව හොයා ගන්නේ?

    අනික එක කකුලක් නැතිවෙන මේස්?

    මේ නව ක්‍රමයෙන් ඒ සේරම ප්‍රශ්ණ අහවරයි!

    ReplyDelete
  23. හිකිස්‌ කකාට සුපිරි මොලයක් නොවැ තියෙන්නේ.

    ReplyDelete
  24. naki gamaralage katin lolo handa nagee

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුවේ තේරුම මොකක්ද?මේක දවසක් මටත් දාලා තිබ්බා ඇනෝ කෙනෙක්

      Delete
  25. කකාටත් තියන ප්‍රශ්ණ. එතකොට ඇඳුමට මේස් මැච් කරන්නෙ නැද්ද?

    ReplyDelete
  26. කකා, මොනවද මේ කතා! වෙනස් පාට මේස් විතරක් නෙවි, වෙනස් පාට සපත්තු දාන එකනේ අද "ට්‍රෙන්ඩ්" එක! බලන්න මේ links;

    http://www.justinbieberzone.com/2012/04/justin-bieber-at-allison-kaye-wedding-rehearsal/

    http://latimesblogs.latimes.com/gossip/2011/01/helena-bonham-carter-different-shoes-golden-globes.html

    ආසය් නේ ........

    ReplyDelete
  27. ඇයි සතියක්ම එකම මේස් කුට්ටම අඳින්න බැරි (මේ මං වගේ)?

    ReplyDelete
  28. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

    ReplyDelete
  29. " මේ ප්‍රශ්නය හින්දා මං වඳ විඳින්නේ" - මොකා කිව්ව.., වඳ ?

    ReplyDelete
  30. බොරැල්ල පැත්තෙ ස්පොට් එකකින් මාත් ටික කාලෙකට කලින් ඔය ජාතියේම මේස් කුට්ටම් හතරක් ගත්තා අයියෝ සල්ලි හක් හක්

    ReplyDelete
  31. නොදකිං විතරක් [im]http://1.bp.blogspot.com/_ZP15wl5B9H0/S3kw7jpjqUI/AAAAAAAAAK0/skU2lMKPW-o/s320/eva_ranaweera.jpg[/im]

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.