Monday 25 June 2012

මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems


විවිධ පුද්ගලයින් ට විවිධ ප්‍රශ්න ඇත.

එක් පුද්ගලයෙකුට විවිධාකාරයේ ප්‍රශ්න රැසක් තියෙන්නට බොහෝ ඉඩකඩ ඇති අතර, පුද්ගලයින් රාශියකට පොදු ප්‍රශ්න එකක් හෝ කීපයක් තියෙන්නට ද පුළුවන.

මේ අනුව, පුද්ගලයින් සහ ප්‍රශ්න අතර ඇත්තේ බහු-බහු සම්බන්ධයකි. එය අපට ඇති අමතර ප්‍රශ්නයක් නොව ඩේටාබේස් ඩිසයින් කරන්නන් ගේ ප්‍රශ්නයකි.

පුද්ගල ප්‍රශ්න ගැණ කතා කරනවා නම්, සපත්තු දා වැඩට යන මිනිසුන්ට ඇති එක්තරා ප්‍රශ්නයක් ගැන මම පසුගිය දිනයක ලියූවෙමි. ඒ සඳහා සුවිශේෂී විසඳුමක් ද ඉදිරිපත් කළෙමි.

මට ඇතිවුණු වෙනත් ආකාරයක ප්‍රශ්නයක් වූයේ, "ලෝකයේ මිනිසුන් බහුතරයක් පින් අතේ වැඩම කර නිවන් යන්නට පටන් ගත්තොත් ලෝක ජනතාවට කුමක් සිදුවේද?" යන්නයි.

සියළු දෙනාට අටසිල් අරගෙන බ්‍රහ්මචරියාවෙන් කල් ගතකළහොත් සිදුවන්නේ කුමක්දැයි යන්න නම් ඉතා පැහැදිලිය.

පසුගිය දිනයක එලියකන්ද වධකාගාරය පසුබිම් කරගෙන ලියවුණු නවකතාවක් බලා ඊරියක සේ ඇඬීමෙන් පසු මට ඇතිවුණු ප්‍රශ්නය ඉහත පිං අතේ ප්‍රශ්නයේ ම අනිත් පැත්තයි.

එනම්, ඒ වධකාගාරයේ දුක් වින්ඳවුන්ට, දුක්විඳ මරණයට පත්වුනුවුන්ට, ඒ ඉරණම ලැබුණේ ඔවුන් මේ ආත්මයේම හෝ පෙර ආත්මයක හෝ කළ දිට්ඨ ධම්ම වේදනීය කර්මයක හෝ උපපජ්ජ වේදනීය කර්මයක හෝ අපරාපරිය වේදනීය කර්මයක හෝ හේතුවෙන් නම්, ඒ කර්මයන් මෙලෙස වධකාගාරයේ දී පටිසන් දීම සඳහා යටිතල පහසුකම් සැපයූ, කලමනාකරණය කළ, පටිසන්දෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ සහ එය අධීක්‍ෂණය කළ පුද්ගලයින් ඒ කළේ පාපකර්මද යන්නයි.

එය එසේනම්, ඔවුන් ඒ රැස්කරගත් පව් පටිසන්දීම සඳහා යටිතල පහසුකම් සපයන්නට, කලමනාකරණය කරන්නට, පටිසන්දෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට සහ එය අධීක්‍ෂණය කරන්නට තවත් පිරිසක්ද අනාගතයේදී මේ පව්-චක්‍රයට සම්බන්ධ විය නොවේද යන්නයි.

ඒ කියන්නේ මේ පව් පටිසන්දීමත්, කිසිදින අවසන් නොවෙනා, එක්තරා ආකාරයක සර්වකාලීන යන්ත්‍රයක් හෙවත් පර්ෆෙචුවල් මෝෂන් මැෂිමක් නොවේද?

-කතන්දරකාරයා

ප/ලි:
රජතුමණි, ඒ ප්‍රශ්නත්, නො-ප්‍රශ්නත් හැර වෙනත් ප්‍රශ්න තිබේද?

(image: http://www.lhup.edu/~dsimanek/museum/models/build-pm.htm)

83 comments:

  1. Ude pandarama meka kiywala matath prashna godaaak hithuna...

    ReplyDelete
  2. ඔන්න කතන්දර කාගෙද බඩට ගහන්න ලෑස්ති වෙනව, ඔව පව් වැඩ?

    ReplyDelete
    Replies
    1. බඩ වඩා ගන්න එක මිස බඩට ගැහිමක් ගැන නං දන්නේ නෑ.

      Delete
  3. පොඩ්ඩිටත් මතක් උනේ පොඩ්ඩිට තියන ප්‍රශ්න ගොඩ.

    ReplyDelete
    Replies
    1. බෙදා හදා ගමු, බෙදා හදා ගමු!

      Delete
  4. අනේ මන්දා කතන්දරට සමහරක් වෙලාවට හිතෙන එව්වා

    ReplyDelete
  5. එච්චර හිතන්ට එපා බං ඔවා ඇරිලායාවි...

    ReplyDelete
  6. මම දන්න බුද්ධාගමේ හැටියට හැම දෙයක්ම සිදුවන්නේ කර්මය නිසා නොවෙයි. (කර්මය කියන්නේ නියාම ධර්ම වලින් එකක් විතරයි.) වධ කඳවුරුවල මියගිය සියලු දෙනාම හෝ සුනාමියට අසුවූ සියලු දෙනාම කර්මය නිසා දුක්වින්ද අය නොවෙයි. එහෙම අයත් ඉන්න ඇති, නමුත් සියලු දෙනාම නොවෙයි.

    ReplyDelete
    Replies
    1. මාර බුද්ධාගමක් නේ? එතකොට එතන කර්ම විපාක නැත්නම් මොකක්ද හේතුව? සමාවෙන්න, කුතුහලය කියන දේ නිසාම අහන්නේ.

      Delete
    2. @ ක්සැන්ඩර් | Xander

      නියාම ධර්ම 5 ක් පිළිබඳව බුදුන් වහන්සේ කරනවා. ඒ බීජ නියාමය, උතු නියාමය, චිත්ත නියාමය, ධම්ම නියාමය සහ කම්ම මියාමය කියලා. ඒ වගේම බුදුන් වහන්සේ සම්පත්ති යනුවෙන් කාල සම්පත්ති, පයෝග සම්පත්ති, ගති සම්පත්ති, උපධි සම්පත්ති යනුවෙන් සම්පත්ති 4 කුත් ඒවායේ අනික් පැත්ත කාල විපත්ති, පයෝග විපත්ති, ගති විපත්ති, උපධි විපත්ති යනුවෙන් විපත්ති 4 කුත් දේශනා කරනවා. ඒ සියල්ලේම එකතුවෙන් තමා හැම දේම සිදුවෙන්නේ....

      Delete
    3. මීවනපලානේ රාජපක්ෂ25 June 2012 at 09:57

      දරුව, මේ නියාම ධර්ම සම්පත්ති හා විපත්ති වලට අමතරව ග්‍රහචාරයද පුද්ගලයකුගේ ඉරණමට ඍජුව බලපායි. සෑම වසරකට වරක්, ඔබේ කේන්දරය ගුණවත් නැණවත් ජ්‍යෝතිශාස්තරඥයකු ලවා පරීක්ෂා කර ගැනීම වෛද්‍ය පරීක්ෂණයන්ට මුහුණ දීමටද වඩා වැදගත් බව පෙර කළ ඍෂිවරුන් පවසා ඇත්තේ එනිසාය.

      - මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. @ මීවනපලානේ රාජපක්ෂ

      …මම කිව්වේ මම දන්නා විදිහට බුදුන් වහන්සේ දේශනා කරපු කරුණු. උන්වහන්සේ ග්‍රහචාරයක් ගැන දේශනා කරලා නැහැ මම දන්න විදිහට

      Delete
    6. මීවනපලානේ රාජපක්ෂ25 June 2012 at 10:43

      දරුව, එසේ නොකියව. බුදුන් දවසද ජ්‍යෝතිෂය මහඟු සතරක් වූ බවට බෞද්ධ සාහිත්‍යය දෙස් නොදෙන්නේද? සිදුහත් උපත වූ අවස්ථාවේ කුමරුන් පිළිබඳව අනාවැකි පළ කළ කොණ්ඩඤ්ඤ නම් බමුණා ගැන ඔබ අසා නැතිද? නැකැත් සතර අති උතුම් සතර අතුරින් එකකි. අපි දේශීය දේ අගය කරමු.

      - මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)

      Delete
    7. @ මීවනපලානේ රාජපක්ෂ

      …ඒක ඇත්ත. ඒත් මම කිව්වේ ග්‍රහචාරය සහ ජ්‍යෙතිෂය අගය කරලා හෝ ඒකේ වටිනාකම ගැන බුදුන් වහන්සේ දේශනා කරලා නැහැ කියලනේ. [මම දන්නා තරමින්]

      …අනික් කරුණ තමා කොණ්ඩඤ්ඤ බමුණා හරි අනෙක් ප්‍රධාන බමුණන් වුණු රාම, ධජ, ලක්ඛණ, භෝජ, සූයාම, සුදත්ත කියන හත්දෙනා හරි සිදුහත් කුමරයාගේ අනාගතය ගැන කියන්නේ ග්‍රහචාරයක් පිරික්සීමකටත් වඩා දේහ ලක්ෂණ පිරික්සීමෙන්.

      …විශේෂයෙන් කොණ්ඩඤ්ඤ බමුණා නිවැරදිව කුමාරයා මතු බුදුවන බව කියන්නේ කුමාරයාගේ නළලේ තිබුණු ඌර්ණ රෝම ධාතුව දකුණ පසට කරකැවී තිබීම තුළින්.

      …මා වැරදි නම් නිවැරදි කරන්න

      Delete
    8. හසිත, ගොඩක් ස්තුතියි දැනුවත් කලාට. ගොඩක් පිං.

      Delete
    9. මීවනපලානේ රාජපක්ෂ25 June 2012 at 11:48

      ඔබ නිවැරදිය දරුව. දේහ ලක්ෂණ විද්‍යාවද ජ්‍යෝතිෂයේම කොටසකි. මා ජ්‍යෝතිෂය කීවේ ඒ සියල්ලටමය.

      - මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)

      ස්වස්ති රාවණ සිද්ධම්!

      Delete
    10. @ මීවනපලානේ රාජපක්ෂ

      "ග්‍රහචාරයද පුද්ගලයකුගේ ඉරණමට ඍජුව බලපායි"

      මේවා ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවාද ??

      Delete
    11. මීවනපලානේ රාජපක්ෂ25 June 2012 at 12:36

      "ග්‍රහචාරයද පුද්ගලයකුගේ ඉරණමට ඍජුව බලපායි"

      මේවා ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවාද ??

      දරුව, මේ පිළිබඳව මනා විස්තරයක් බුද්ධ ධර්මය හා ජ්‍යෝතිෂය යන විෂයයන් දෙකෙහිම කෙළ පැමිණියකු වන මහා බ්ලොග්කරු "මාරයා" මහත්මයා විසින් මීට ඉහත අවස්ථාවක "අනුජානාමි භික්ඛවෙ නක්ඛත්තං" නැමැති ලිපියෙන් පහදා දී තිබේ. ඔබේත් අනෙකුත් පිරිසගේත් ප්‍රයෝජනය පිණිස මම ඒ විස්තරය මෙහි උපුටා දක්වමි.

      "අනුජානාමි භික්ඛවෙ නක්ඛත්තං*"

      මම දන්නා තරමින් (නොදන්න දේවල් වැඩියි) බුදු රජානන් වහන්සේ නක්ෂත්‍රය නැමැති විෂය ලොව තුල ඇති බව පෙන්වා දුන්නා. භික්ෂූන් වහන්සේලාටත් නැකැත් තරු ගැන ඉගෙනුමක් තිබිය යුතු බව උන් වහන්සේ අනු දැන වඳාළා.මගේ මාතෘකා පාඨය එයයි. එ වගේම කියන්න ඔන නක්ෂත්‍රයටම අපිව මෙහෙය වන්න බැරි බවත් (කිං කරිස්සති තාරකා) ප්‍රකාශ කරන්නට යෙදුනා. ඉතින් අපි මෙයින් තේරුම් ගත යුතු දේ තමයි... නක්ෂත්‍රය උනත් දැන ගන්න එක හොදයි හැබැයි ඒකට වහල් වෙන්න ඔන නැහැ කියන එක...
      හවසට වහිනවා කියලා කලින් දැන ගන්න එක හොදයි ඒත් වහින නිසා යායුතු ගමන් අවලංගු කරලා ගෙදර ඉන්නවනම් ඒ දැන ගත්තු එකෙන් වෙන්නෙ පාඩුවක්. වහින බව දැන ගත්තට පස්සේ කුඩයක් අරන් ගමන යන කෙනා තමයි තමයි නුවණැතියා.

      ඉතින් මම ආරාධනා කරනවා සියළු දෙනාටම නොවෙයි කැමති අයට පමණක් නක්ෂත්‍රය පිළිබද දැනුවත් වෙන්න කියලා. නක්ෂත්‍රය කියන්නෙ මහානර්ඝ විෂයක්. පර තෙරක් දැකිය නොහැකි මහා සාගරයක්... අපිත් ඒ මහා සාගරෙ කිමිදිලා පුංචි සිප්පි කටුවක්වත් අහුලමු... "

      සම්පූර්ණ ලිපියට මෙතැනින් යන්න. http://ctkumara.blogspot.com/2009/11/blog-post_10.html

      * - "අනුජානාමි භික්ඛවෙ නක්ඛත්තං" කියන්නේ මම නැකැත්ක්‍රම (නක්ෂත්‍රය ) භික්ෂූන්ට අනුදැන වදාරමි කියන එකයි. අප මහ බුදු රජානන වහන්සේ නැකැත්ක්‍රම කෙරෙහි විශ්වාසයක් නොවූයේ නම් එය තම අනුගාමිකයන්ට අනුදැන වදාරයිද?

      - මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)

      ස්වස්ති රාවණ සිද්ධම්!

      Delete
    12. මීවනපලානේ රාජපක්ෂ25 June 2012 at 14:01

      දරුව, බුදුන් වහන්සේ "අනුජානාමි භික්ඛවෙ නක්ඛත්තං" කියා දේශනා කොට ඇත. එහි අරුත (මම) භික්ෂූන්ට නැකැත් ශාස්තර අනුදැන වදාරමි යන්නය. උන්වහන්සේ නැකැත් සතර පිළි නොගන්තෙහි නම් එය තමන්ගේ අනුගාමිකයින්ට ඉගෙන ගැනීම සුදුසු ශාස්තරයක් සේ අනුදැන වදාරයිද?

      - මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)

      ස්වස්ති රාවණ සිද්ධම්!

      (මේ ගැන දීර්ඝ පිළිතුරක් පළ කළ මුත් එය ඉවත් වී තිබේ. තාක්ෂණික දෝෂයකින්ද නොදනිමි. ලෝකයේ රාවණා විරෝධීන් ඇති පමණ ඇති නිසා කම්පා නොවෙමි.)

      Delete
    13. ස්පැම් වී තිබුණු කමෙන්ටු කීපයක් අන්ස්පෑම් කළෙමි.

      Delete
    14. @ මීවනපලානේ රාජපක්ෂ

      …"අනුජානාමි භික්ඛවෙ නක්ඛත්තං" කියා දේශනා කොට ඇත. එහි අරුත (මම) භික්ෂූන්ට නැකැත් ශාස්තර අනුදැන වදාරමි

      …ඒත් මම ඇහුවේ එහෙම එකක් ගැන නෙමේ. මම ඇහුවේ

      …""ග්‍රහචාරයද පුද්ගලයකුගේ ඉරණමට ඍජුව බලපායි" කියලා දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවාද කියලා.

      …අනික් කරුණ තමා මේ ආකාරයෙන් බුදු හාමුදුරුවෝ අනුදැන වදාළ ප්‍රකාශය ඇතුළත් වෙලා තියෙන සූත්‍රය මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද ???

      Delete
    15. Working link to Maraya's post (2009)

      http://ctkumara.blogspot.com/2009/11/blog-post_10.html

      Tharindu (aka Sundatha Sadu) has commented there as well.

      Delete
    16. @ මීවනපලානේ රාජපක්ෂ

      …"අනුජානාමි භික්ඛවෙ නක්ඛත්තං" කියා දේශනා කොට ඇත. එහි අරුත (මම) භික්ෂූන්ට නැකැත් ශාස්තර අනුදැන වදාරමි

      …ඒත් මම ඇහුවේ එහෙම එකක් ගැන නෙමේ. මම ඇහුවේ

      "ග්‍රහචාරයද පුද්ගලයකුගේ ඉරණමට ඍජුව බලපායි" කියලා දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවාද කියලා.

      …අනික් කරුණ තමා මේ ආකාරයෙන් බුදු හාමුදුරුවෝ අනුදැන වදාළ ප්‍රකාශය ඇතුළත් වෙලා තියෙන සූත්‍රය මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද ???

      Delete
    17. @ මීවනපලානේ රාජපක්ෂ

      …"අනුජානාමි භික්ඛවෙ නක්ඛත්තං" කියා දේශනා කොට ඇත. එහි අරුත (මම) භික්ෂූන්ට නැකැත් ශාස්තර අනුදැන වදාරමි
      ඒත් මම ඇහුවේ එහෙම එකක් ගැන නෙමේ. මම ඇහුවේ

      "ග්‍රහචාරයද පුද්ගලයකුගේ ඉරණමට ඍජුව බලපායි" කියලා දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවාද කියලා.
      අනික් කරුණ තමා මේ ආකාරයෙන් බුදු හාමුදුරුවෝ අනුදැන වදාළ ප්‍රකාශය ඇතුළත් වෙලා තියෙන සූත්‍රය මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද ???

      Delete
  7. මේ පොත එළියකන්ද K පොයින්ට් විය යුතුය. (K යනු Kill යන වචනයේ සංෂිප්තයකි) මා කියනා මේ පොත සංවේදි පුද්ගලයන්ට දරා ගැනීමට අපහසු සිද්ධි විශාල ප්‍ර‍මාණයක් විස්තර කරන ජීවිතය බේරා ගත් රැදවියකුගේ ආත්ම කථනයකි... කථන්දරට මෙන් මටද මේ පොත කියවීමෙන් පසු සිතිවිල්ලක් ඇති විය.. එනම් අද අප ජරා ජීරණ වූ බල්ලන් ලෙස මාර්ග අද්දර දකින්නේ එළිය කන්දේදී එදා වදදුන් අලුගෝසුවන්ගේ නැවත් උත්පත්තියද යන්නයි ?

    ReplyDelete
  8. මීවනපලානේ රාජපක්ෂ25 June 2012 at 08:23

    කතන්දර දරුව, කම්පා නොවන්න. ඔබේ සියළු ගැටළු වලට පිළිතුරු සමඟ මීවනපලානේ රාජපක්ෂ පැමිණ සිටී.

    මීවනපලානේ රාජපක්ෂ "වර්ගපූර්ණිකාව" (http://vargapurnikava.blogspot.com) බ්ලොග් එක කරන මීවනපලානේ ජයරත්නගේ ඥාති සහෝදරයකු වන අතර වර්තමාන අතිගරු ජනාධිපතිතුමන්ට දුර නෑකමක් (එච්චරම දුර නෙවෙයි බොලං) ඇත්තෙකි. ඔහු හෙළ රාවණ ජ්‍යෝතිෂයෙහි හා හෙළ ආයුර්වේදයෙහි කෙළ පැමිණියෙකි. ඔහු ඔබේ සියළු ගැටළු වලට පිළිතුරු සපයන්නේ තම ජ්‍යෝතිෂ හා ආයුර්වේද දැනුම ආශ්‍රිතව විද්‍යාත්මකවය.

    මීවනපලානේ රාජපක්ෂ සිය ජ්‍යෝතිෂ දැනුම අනුව දක්නා ලෙසින් කතන්දර දරුවාගේ ප්‍රශ්න වලට පිළිතුරු මෙසේය.

    1. ලෝකයේ මිනිසුන් බහුතරයක් පින් අතේ වැඩම කර නිවන් යන්නට පටන් ගත්තොත් ලෝක ජනතාවට කුමක් සිදුවේද?

    කිසිම සැකයක් නැතිව ලෝක ජනගහණය බිංදුවට බසිනු ඇත. මෙසේ වන්නේ නිවන් යන හැම පුද්ගලයකුගේම කේන්දරයෙහි ලග්නාධිපති ස්වක්ෂේත්‍ර බලයෙන් උච්චතම අවස්ථාවට පැමිණෙන හෙයිනි. මෙසේ වූ විට එම පුද්ගලයාට අදාළ ආත්මභාවයෙන් පසුව තව දුරටත් සංසාරයෙහි පැවැත්මක් නොවේ. ලෝක ජනගහණයටද මෙසේ වූ කල්හි ලෝකය සිස්ව යැයි. අපේ නුදුරුම ග්‍රහලෝකය වන "වීනස්" හෙවත් සිකුරු ග්‍රහයා මතද හෙළ රාවණා රජු සමයෙහි මනුෂ්‍ය වාසයක් වූ නමුත් එය හිස්ව ගියේ ඔවුන් සියළු දෙනාම පින් කොට නිවන් ගිය නිසාය. "වීනස්" යන නම ලැබුණේ මෙසේය. වී = වී; නස්= නැසූ. මනුෂ්‍යයින් තොරවූ කල්හි මේ ලෝකයේ වී වගාවද නෂ්ඨාවශේෂ වූ හෙයින් එය වී+නැසූ ලෝකය හෙවත් "වීනස්" බවට පත් විය.

    2. ඒ වධකාගාරයේ දුක් වින්ඳවුන්ට, දුක්විඳ මරණයට පත්වුනුවුන්ට, ඒ ඉරණම ලැබුණේ ඔවුන් මේ ආත්මයේම හෝ පෙර ආත්මයක හෝ කළ දිට්ඨ ධම්ම වේදනීය කර්මයක හෝ උපපජ්ජ වේදනීය කර්මයක හෝ අපරාපරිය වේදනීය කර්මයක හෝ හේතුවෙන් නම්, ඒ කර්මයන් මෙලෙස වධකාගාරයේ දී පටිසන් දීම සඳහා යටිතල පහසුකම් සැපයූ, කලමනාකරණය කළ, පටිසන්දෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ සහ එය අධීක්‍ෂණය කළ පුද්ගලයින් ඒ කළේ පාපකර්මද?

    නැත දරුව නැත. රාජ ද්‍රෝහීන්ට දඬුවම් පමුණුවන්නා එසේ කරනුයේ කුසල සිතකිනි. එවිට ඔහුගේ සිතෙහි ලෝභ, ද්වේෂ, මෝහ ක්ලේශයන් පැණ නොනඟියි. එබැවින් මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැත. රාජ ද්‍රෝහීන්ට දඬුවම් දෙන්නෝ මරණයට පෙර නිව්යෝක්, ටෝකියෝ, ලන්ඩන් ආදී සුර නගර වලටද, මරණින් මතු තව්තිසාවටද යති. ඔවුන් නිරයේ පැසෙතැයි සිතීම පවා ආනන්තරිය පාප කර්මයකට ටිකක් අඩු එකකි.

    දැනට මේ පිළිතුරු සෑහේය සිතමි.

    දරුවනි, ඔබේ ගත සිත පෙළන සියළු ගැටළු මීවනපලානේ රාජපක්ෂ වෙත යොමු කරන්න. තම ආයුර්වේද හා ජ්‍යෝතිෂ දැනුම අනුව ඔහු ඒ සියළු ගැටළු වලට පිළිතුරු සපයනු ඇත්තේය.

    ස්වස්ති රාවණ සිද්ධම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, හරිම පැහැදිලියි.
      එතකොට මේ තර්කය හරිද?

      "සියළු දෙනාට අටසිල් අරගෙන බ්‍රහ්මචරියාවෙන් කල් ගතකළහොත් ලොව ජනගහනය බින්දුවට බහිනු ඇත!"

      ?

      Delete
    2. මීවනපලානේ රාජපක්ෂ26 June 2012 at 08:11

      කතන්ද්‍ර දරුව, ඔබ නිවැරදියි. (මොකද හැම දෙනාම බ්‍රහ්මචර්යාවෙ යෙදෙනෙව නම් ශුක්‍රාණු පියාඹලා ඩිම්බ වෙත යන්නයැ?)

      - මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)

      ස්වස්ති රාවණ සිද්ධම්!

      Delete
  9. Kathandara, Why don't you write something meaningful????

    ReplyDelete
    Replies
    1. You just did, mate. Many thanks.

      What's the meaning of life, now that's a question for all of us to answer!

      Delete
    2. If you want to find the meaning of 'life' kindly refer the dictionary, ha ha

      Delete
  10. අයියෝ ..... කතන්දර, ප්‍රශ්නයක් කරගන්න එපා .... මේ තියන ප්‍රශ්න මදිවටද තව ඒව හදාගන්නෙ.

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවොත් කළේ මිනිස්සු, දෙවිවරු අහපු ප්‍රශ්ණවලට උත්තර දීපු එක නේද? ඒ ප්‍රශ්ණ නොඇහැව්වා නං දහමෙන් අඩක් කියවෙන්නේ නෑ!

      Delete
  11. ඔය ප්‍රශ්නයට හොඳම පිලිතුර තියනව කන්නිමහර සුමංගල හිම්යන්ගෙ(පරිවර්ථන)සංසාර මන්දිර කියන පොතේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ප්‍රකාශනය කවුද?

      Delete
    2. සංසාර මන්දිර
      http://www.buddhistcc.net/bookshop/book_info.asp?bid=1436&curr=USD

      කර්මය ,පුණ්‍රභවය විස්වාස නොකරන අයටත් කියවන්න වටින පොතක්.

      Delete
  12. නැත, එසේ විය නොහැක. "එළියකන්ද වධකදවුර"ම උදාහරණයට ගෙන වුවද මෙය පැහැදිළි කළ හැක.
    වධකදවුර යන අපහාසාත්මක වදනින් හැදින්වුවද මෙය වධකාගාරයක් නොවේ. පව්කාරයන් විෂයෙහි දඩුවම් පැමිණවීම සදහා පවත්වාගෙන යන ලද ආගමානුකූල ආයතනයකි. මෙහි සේවය කළෝ සිංහල බෞද්ධ සමාජයෙන්ම නිසි ආගමික පෝෂණය ලද්දා වූ බොදුනුවෝම වෙති. පැවති ආණ්ඩුව ද සිංහල බෞද්ධ ආණ්ඩුවකි. පාලක තෙමේ තුන්තිස් පැයේම මල්වට්ටිය හිස දරාගත් ප්‍රේමදාසයෝය, ආරක්ෂක ඇමතිවරයානෝ සුදු හැදගත් උපාසක රංජනයෝ ය. ආණ්ඩුව පත්කළෝද ශික්ෂාකාමී බෞද්ධයෝය.(අන්‍යාගමිකයන් හා අන්‍ය ජාතිකයන් ඡන්දය ලබා දී තිබුණේ වි නමුත් එසේ කළේ සුපිරිසිදු බෞද්ධයන්ගේ පුණ්‍යබල මහිමය නිසා මිසෙක අන් යමක් නිසා නොවේ)
    ඒ අනුව එහි දඩුවම් වින්දෝ පවිත්‍ර සිංහල බෞද්ධ සමාජයට හා ආණ්ඩුවට එරෙහිව ගිය පවුකාරයෝය. දඩුවම් ලබා දුන්නෝ පුණ්‍යවන්තයෝය. ඔවුන් බොහෝ දෙනෙක් මේ වනවිටත් තව් තිසාවේ සුරගනන් සමග සුර සැප විදින්නෝ විය හැක, නැතිනම් කෙළවර අමාමහ නිර්වාණ සම්පත්තිය උදාකරගන්නට ඇතැයි සිතිය හැක.

    ඔබටත් මේ මාහැගි පුණ්‍ය කර්මයට දායක වීමට ඇවැසිනම් "සාදු" කාරයක් දීම වුව ද සෑහේ...

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ රාජපක්ෂ25 June 2012 at 11:45

      සම්පූර්ණයෙන් එකඟයි. අපගේ ඥාතිවර ජනාධිපති රාජපක්ෂයෝ මහ පින් ඇත්තාහ. ධර්මාශෝක මහ රජානන් සේම ධර්මවිජය කළාහුය. රහසෙන්වත් පව් නොකරති.සුමිත් නිරිඇල්ල තරුණ මහතා කරුණු කාරණා යථාවබෝධය කර ගත හැකි ඥානවන්ත මහත්මයෙකැයි සිතමි.

      - මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)
      ස්වස්ති රාවණ සිද්ධම්!

      Delete
    2. මීවනයෙනි,

      නිදහසේ පටන්ම මෙලක්දිව පාලනය කලෝ, මහත් පිණැත්තෝමයැ. පාලකයෝ ද පාලිකාවෝ ද තෙදබල පරාක්‍රමයෙන් ද දසරාජධර්මයෙහිද එක සේම කෙළ පැමිණියෝ වීයැ.
      අවාසනාවක මහිමය...!! හුදී ජනයා එපින්වතුනට තරම් නොවන්නා වූ පවුකාරයෝ යැ, කාලකණ්නින්මයැ. එසේ නොවිනිනම් මෙ'ලක්දිව මිහිපිට සුරපුරය නොවන්නේයැයි කෙසේනම් කිව හැකි ද..?

      Delete
    3. සුමිත් නිරිඇල්ල තරුණ මහතා පෙර පිනක් ද තිබූ කෙනෙක් බව නම් පෙර ඔහු කළ ප්‍රකාශයකින් දැන ගතිමි!

      Delete
    4. @ කතන්දර

      එය සත්‍යයකි, එසේ නොවිනිනම් කොමෙන්ටුවක් කොටන්නට හෝ මා වැනි පුගුලෙකු මිහිපිට නොවෙනු ඇත.

      (ඉහත මීවනයන්ගේ කොමෙන්ටුවට ලබා දුන් Reply එක ස්පෑම් වී ඇති හැඩයි)

      Delete
  13. "ලෝකයේ මිනිසුන් බහුතරයක් පින් අතේ වැඩම කර නිවන් යන්නට පටන් ගත්තොත් ලෝක ජනතාවට කුමක් සිදුවේද?" කියන ප්‍රශ්නෙට (මේ ප්‍රශ්නෙත් පොඩි වැරැද්දක් තියනවා, පින් කරලා විතරක් නිවන් යන්න බැහැ) ටිකක් දුරට සමාන ප්‍රශ්නයක් තියනවා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "ධර්ම විනිශ්චය" කියන පොතේ 173 පිටුවේ. එක කියවල බලන්න. එකේ තියන අනිත් ප්‍රශ්නත් කියවල බලන්න.

    අනිත් එක මේ ලෝකේ සිද්ධවෙන හැම දෙයක්ම කර්මයට අනුව සිද්ද වෙන්නේ නැහැ කියලි බුද්ධාගමේ කියල තියෙන්නේ, ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ නියම ධර්ම පහකින්, කම්ම කියන්නේ ඒවයින් එකක් විතරයි (comments වල Ran කියල තියන එක හරි මම හිතන්නේ.)

    කතන්දර මහත්තය බුද්ධාගමේද කියල දන්නේ නැහැ, එත් මේවගේ බුද්ධාගම සම්බන්ද ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඕනෙනම් බුද්ධාගම ටිකක් ඉගෙනගත්තනම් හරි, මට හිතෙන විදියට මේවගේ ප්‍රශ්න blog එකේ දාල හරි උත්තරයක් එකපාරටම හොයාගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය ධර්මයෙන් බොහෝ කොටස් ලියවුනේ අහපු ප්‍රශ්නවලට පිලිතුරු ලෙස නේද? කියෝලා විතරක් මදි ප්‍රශ්න කරන්නත් ඕනෑ!

      Delete
    2. ඔව්, ඔව් ප්‍රශ්න අහන එක හොඳයි, උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ගෙන් අහන්නත් ඕනේ, ඒ වගේම ප්‍රශ්න කර කර ඉඳල මදි, උත්තර වලින් ඉගෙනගන්නත් ඕනේ!.

      Delete
    3. අනිවා!
      ඔබේ මේ උත්තරයත් ඇතුළුව.

      Delete
  14. කකාගෙ මුල් ප්‍රශ්නෙත් එක්කම මතුවන අලුත් ප්‍රශ්නය තමයි (නිවන් දකින ප්‍රශ්නෙ) මේ ලෝකයේත්, අපාය, භූතයෝ දෙවිවරු.... ඔය ඔක්කොම නියත ප්‍රමාණයක්ද ඉන්නෙ කියනඑක. කස්ටිය ටික ටික නිවන් දකිනකොට(බුදුවරු 28 දෙනෙක් යටතේ විශාල පිරිසක් නිවන් දකින්න ඇති. ඉස්සරහටත් එහෙමයි)අන්තිමට කවුරුත් නැතිවේවි නේද?

    ඇත්තටම මට නං උත්තර නෑ.

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ රාජපක්ෂ25 June 2012 at 14:39

      මේ ලෝකයේත්, අපාය, භූතයෝ දෙවිවරු.... ඔය ඔක්කොම නියත ප්‍රමාණයක්ද ඉන්නෙ?

      දරුව, එක් එක් කාණ්ඩයේ සංඛ්‍යාව වෙනස් විය හැක. උදාහරණයක් හැටියට බුදුන් දවස 33,000,0000 වූ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ගණන මේ වන විට විසි කෝටියක් හෝ හතළිස් කෝටියක් විය හැක. නමුත් සම්පූර්ණ සංඛ්‍යාව නියතයකි. එය වෙනස් වන්නේ (එනම් අඩු වන්නේ) යම් පිරිසක් මනුෂ්‍ය ආත්මභාවයක් ලබා නිර්වාණය සාක්ෂාත් කර ගැනීමෙන් පමණෙකි. පළමු සාරමණ්ඩ කල්පයේ දීපංකර බුදුන් දවස මේ ගණන අදට වඩා බෙහෙවින් වැඩිවිය. (නමුත් ඒ යුගයේ මනුෂ්‍ය ජනගහණය අදට වඩා වැඩි නොවන්නට ඇත්තේ අද මනුෂ්‍යයන්ව සිටින බොහෝ දෙනකු එදා දෙවියන් හෝ භූතයින් හෝ වන මෘගයින් ලෙස සිට් නිසා වන්නට පිළිවන.) අද වන විට තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සි, අත්ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්ථ, තිස්ස, ඵුස්ස, විපස්සි, සිඛි, වෙස්සභු, කකුසඳ, කෝනාගම, කස්සප, ගෞතම යනාදී වශයෙන් අටවිසි බුදුවරුන්ගේ මඟ පෙන්වීම මත යම් පිරිසක් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම නිසා මේ සංඛ්‍යාව අඩුවී තිබේ.

      - මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)

      ස්වස්ති රාවණ සිද්ධම්!

      Delete
    2. දිව්‍යලෝකෙත් අපායෙත් ඉන්න නිලධාරීන් එකම සෙට් එකක් නොවේ. ඉන්න අය චුත උනාම (පෙන්ෂන් හෝ නිවන් ගියාම ) අලුතින් එම තනතුරු වලට කට්ටිය බඳවා ගන්නවා.

      Delete
    3. මීවනපලානේ රාජපක්ෂ25 June 2012 at 15:56

      කතන්දර දරුව, මෙයට දුන් පිළිතුරද ස්පෑම් වී සේ පෙනේ. අන්ස්පෑම් කරන්නේ නම් යහපති.

      Delete
    4. මීවනපලානේ රාජපක්ෂ'25 June 2012 at 15:57

      කතන්දර දරුව, මෙයට දුන් පිළිතුරද ස්පෑම් වී සේ පෙනේ. අන්ස්පෑම් කරන්නේ නම් යහපති.

      Delete
    5. කතන්දර දරුව, මෙයට දුන් පිළිතුරද ස්පෑම් වී සේ පෙනේ. අන්ස්පෑම් කරන්නේ නම් යහපති.

      Delete
    6. ප්‍රශ්න පිට ප්‍රශ්න වගේ!

      Delete
    7. කතන්ද්‍ර දරුව, මා මේ පැණයට දුන් පිළිතුර ස්පෑම් වී ඇති හැඩයි. කරුණාකර අන්ස්පෑම් කරන්නේ නම් යහපති.

      - මී.රා.

      Delete
    8. radicaladahas
      මම කිව්වෙ ඒක නෙවේ. දැන් මිනිස් ලෝකෙයි අනෙකුත් ලෝකවලයි ඉන්න මුළු පිරිස ගැන. වෙන් වෙන් වශයෙන් ගත්තම නියත නැතිවුනාට මුළු පිරිස නියත වෙන්න ඕනනෙ. ඒ කියන්නෙ ටික ටික නිවන් දකිනකොට කවදාහරි 0 වෙන්න ඕන. එහෙම නැත්නම් අලුතෙන් හැදෙන්න ඕන.

      Delete
  15. හනේ මන්ද....ඉන්න ටික දොහේ කාටවත් කරදරයක් හිංසාවක් නොකර, තමන්ට, අනුන්ට, සමස්ත ලෝකයට ඵලදායී යමක් කරලා යන්න ගියානම් හොඳටම ඇති....ඒ අතරේ ඔය පිං අතේ වැඩත් කෙරෙන්නේ නැතෑ....

    ReplyDelete
    Replies
    1. මතක තියාගන්න, පන්සිල් ගත්තට පින් සිදුවෙන්නේ නෑ!

      Delete
  16. වෙනත් කතාවක්

    .....කතන්දර සූරිනි මම ඔබගේ සැබෑ නම දනිමි. එහෙත් හෙළි නොකරමි....ඒ ඔබගේ කතන්දර බ්ලොගයට මා ඔබගේ පෞද්ගලිකත්වයට වඩා ආදරය කරන බැවිනි......තවත් බොහෝ කල් අප සනසනු මැනවි!

    ReplyDelete
  17. අහා! වැදිල තියෙන තැන දැනගන්න පලිය කියවන්නම වෙනවා :D

    ReplyDelete
  18. කතන්දරගෙ ප්‍රශ්නයට බුද්ධ ධර්මයෙන් පිලිතුරක් තිබෙනවා. නමුත් ඒ උත්තරය මීවනපලාන උන්නැහේගෙ රාවණා කථාවක් වගේ. හරිද වැරදිද කියල ඔප්පු කරන්න බැහැ.

    http://radicaladahas.wordpress.com/2011/07/30/beleive-or-not/

    ReplyDelete
  19. මීවන පලානේ රාජපක්ෂ4e25 June 2012 at 16:17

    දරුවනි, මා මෙහි පළ කරන අදහස් සියල්ල ස්පෑම් වන්නේ මන්ද?

    ReplyDelete
  20. ඔව් ඉතිං එහෙම බැලුවම අපායේ ඉන්න යම පල්ලොත් පවුමනේ කරන්නේ...
    ප්‍රස්නයක් තමයි...

    ReplyDelete
  21. මම අල්ලපු ගෙදර එකාට ගැහැවුවා කියමු . ඌ මට් ආපසු ගහනවද නැත්ද කියනඑක තීරණය වෙන්නේ මගේ පෙර කර්මය අනුවද ? නැත්නම් වර්තමාන කර්මය(action) අනුවද ? .

    ReplyDelete
  22. ප්‍රශ්න කාටද අප්පා නැත්තේ..කොටින්ම අපේ අම්මා උදේටත් උයලා..ආයේ දවල්ටත් උයලා ආයේ අපෙන් අහනවා කැම දිරවන්න ත් කලින් රැට උයන්නේ මොනාද කියලා..
    අපේ තාත්තාට තියෙන්නේ තවත් ප්‍රශ්න..ඇයි මට..මට තියෙනවා එක එක ජාතියේ ප්‍රශ්න...ප්‍රශ්න නැති ජිවිතේ වැඩකුත් නැ..නීරසයි.

    ReplyDelete
  23. KATHANDARA 24TH GOLU WELA HITIYADA? MEANINGFUL YAMAK LIYANNETH NEHE. PISSU MORA GENA ENA PATAI.

    ReplyDelete
  24. මම හිතුව මට තියන ප්‍රශ්න තමා ප්‍රශ්න කියල . . . බලද්දි මේවනෙ යකෝ ප්‍රශ්න

    ReplyDelete
  25. අනේ මංදා ඔලුව මෙව්ව වෙලා ගියා කමෙන්ට් ටික බලල....!!!

    ReplyDelete
  26. @ All
    වැදගත් නිවේදනයක්.

    මේ පෝස්ටුවට තැබූ සමහර කමෙන්ටු ස්පෑම් ගොඩට ගොස් තිබී මුලින් ඒවා නිවරදි කළෙමි.

    දැන් දැන් සමහර කමෙන්ටු මට ඊ-මේල්වලින් ආවද ඒවා ස්පෑම් ගොඩට නොයාම අතුරුදහන් වෙයි!

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ රාජපක්ෂ26 June 2012 at 07:42

      කතන්ද්‍ර දරුව, මෙය මගේ හඬ නිහඬ කිරීමට රවණා විරෝධී බටහිරයන්ගේ අන්තර්ජාතික කුමන්ත්‍රණයකි. මගේ ඥාතිවර රාජකක්ෂ මැතිඳුන් සේම මමද මෙයින් නොසැලෙමි.

      - මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)

      ස්වස්ති රාවණ සිද්ධම්!

      Delete
  27. meewana palane raja kakka kiyanne pissekda?

    ReplyDelete
  28. who is this "මීවනපලානේ රාජපක්ෂ"?????

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ රාජපක්ෂ "වර්ගපූර්ණිකාව" (http://vargapurnikava.blogspot.com) බ්ලොග් එක කරන මීවනපලානේ ජයරත්නගේ ඥාති සහෝදරයකු වන අතර වර්තමාන අතිගරු ජනාධිපතිතුමන්ට දුර නෑකමක් (එච්චරම දුර නෙවෙයි බොලං) ඇත්තෙකි. ඔහු හෙළ රාවණ ජ්‍යෝතිෂයෙහි හා හෙළ ආයුර්වේදයෙහි කෙළ පැමිණියෙකි. ඔහු ඔබේ සියළු ගැටළු වලට පිළිතුරු සපයන්නේ තම ජ්‍යෝතිෂ හා ආයුර්වේද දැනුම ආශ්‍රිතව විද්‍යාත්මකවය.

      Delete
  29. කතන්දරට කෙසේ වෙතත් පාඨකයන්ට තිබුනු ප්‍රශ්න වැලට අළුතින්ම එකතු වුනු ප්‍රශ්න මේවාය.
    මීවනපලානේ රාජපක්ෂ යනු කවුද?
    ඔහු කරන්නේ මොනවාද?

    ReplyDelete
    Replies
    1. ඇයි හලෝ, මේක දැක්කෙ නැද්ද?
      "මීවනපලානේ රාජපක්ෂ "වර්ගපූර්ණිකාව" (http://vargapurnikava.blogspot.com) බ්ලොග් එක කරන මීවනපලානේ ජයරත්නගේ ඥාති සහෝදරයකු වන අතර වර්තමාන අතිගරු ජනාධිපතිතුමන්ට දුර නෑකමක් (එච්චරම දුර නෙවෙයි බොලං) ඇත්තෙකි. ඔහු හෙළ රාවණ ජ්‍යෝතිෂයෙහි හා හෙළ ආයුර්වේදයෙහි කෙළ පැමිණියෙකි. ඔහු ඔබේ සියළු ගැටළු වලට පිළිතුරු සපයන්නේ තම ජ්‍යෝතිෂ හා ආයුර්වේද දැනුම ආශ්‍රිතව විද්‍යාත්මකවය."

      Delete
  30. අප්පච්චියේ අර රාජපස්ස ලියපුවා කියවලා ඇස් දෙකත් රිදෙනවා

    ReplyDelete
  31. හොඳ වෙලාවට හවස් වරුවේ කියෙව්වේ.. නැත්නම් තව ප්‍රශ්න වැඩි වෙනවා!! හෙක් හෙක්..
    ජය වේවා!!

    ReplyDelete
  32. හොද වෙලවට මම පොත් කියවල තියෙන්නෙ. රාජපස්ස පට්ට ආතල් නෙ දෙන්නෙ.
    chaa

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.