Monday 4 June 2012

ඩ්‍රයි දවසකට ඩ්‍රයි කතා දෙකක් - Dry Jokes


වසර තුනකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ලිපි දහසකටත් වඩා පල කරමින් පවත්වාගෙන යන W3Lanka බ්ලොග් අඩවියේ සංස්කාරක අජිත් පැරකම් ජයසිංහ ලියූ ශාස්තෘ පොත ගැන මා ලියූ කතන්දරය නිසා මහා ආන්දෝලනයක් ඇති විය.

කොටින්ම ටැබූ පවා මා සමග වලියට පැමිණියේය.

ඒ ලිපිය නිස මා ලද අවලාදවලට පිළිතුරු ලෙස මා ලියූ අසව්, අසව් නමැති ලිපිය මා අවසාන කළේ මෙලෙසිනි.

"හෙට සිට බිස්නස් ඈෂ් යුෂුවල්!"

ඉන් මා අදහස් කළේ පසු දින සිට නැවත සුපුරුදු කතන්දර පළ කරන බවයි.

මෙය දුටු සොඳුරු සිතැති වත්සලාවෝ, "ඇයි? බ්ලොගේකරණය ඔහේට බිස්නසුවක්"දැයි මගෙන් සරදම් බසින් විමසා සිටියාය.

එකල්හි අප මහා නිරීක්‍ෂකයාණෝ බිස්නස් ඇස් යුෂුවල් යනු කුමක්දැයි විචාරා වදාළෙන් ඒ ප්‍රශ්නය ෂේප් විණි.

ඔය අල්ල පනල්ලේ මට ඊ-මේලයකින් දමා ගැසූ කතන්දර බ්ලොගය කියවන එක්තරා උසස් රාජ්‍ය නිලධාරිණියක් අපූරු කතා දෙකක්ම මට පැවසූවාය.

ඒ කතා දෙකම ඉංගිරිසි පද සිංහලෙන් අවබෝධ කරගන්නට යෑමේදී සිදුවන විහිළු සහගත තත්වයන් ගැණයි.

අද මේ ඩ්‍රයි දවසේ ඒ කතා දෙක මෙලෙස දිග හරින්නට මට අවසර.

1.
"කෝ නැන්දේ අපේ යාළුවා පේන්න නැත්තේ මේ දවස්වල ගෙදර නැද්ද?"

"අනේ මන්දා පුතේ, ඔන්න රස්සාවෙනුත් නිවාඩු දාලා කෙහේද මන්දා ගියා."

"කොළඹ පැත්තේ ගියාවත්ද නැන්දේ?"

"නොම්පෙන් යනවයි කියලයි ගියේ නම්."

"නොම්පෙන්, ඒ කියන්නේ කාම්බෝජයේ නේ. වෙන්න බෑ, එහෙනම් දකුණු කොරියාවටයි යන්න ඇත්තේ. එහේටනේ ලංකාවේ අයව ගන්නේ."

"අනේ මං දන්නෑ පුතේ. ලබන සුමානේ එනවාය කියලනේ ගියේ. එතකොට අහගන්න බැරියැ?"

"මොනවා නැන්දේ? එච්චර දුරු රටකට ගිහින් ඔහොම සතියෙන් දෙකෙන් එන සිරිතක් තියේයැ?"

"කවුද පුතේ රට ගියේ?"

"ඇයි, නැන්දාම නේ දැන් කිව්වේ සිරිල් අයියා නොම්පෙන් ගියා කියාලා."

"නෑ බං, ඒකා මේ යාළුවෙකුගේ වැඩකට උදව්වෙන්න කියලානේ ඔය ගියේ."

අන්තිමේදී බැලින්නම් කේස් එක මේකයි. සිරිල් අයියා රස්සාවෙන් නෝ-පේ නිවාඩු දාලා තමයි ඒ ගමන ගිහින් තියෙන්නේ!

2.
"දැන් මොකක්ද ළමයෝ ඔයා ඔය දෙවෙනි පාරට විභාගේ කරන්නේත් නැතුව කරන්න ඕනෑය කියන්නේ?"

"ඒක කොම්පියුටර් ගැන වන්-ඉයර් කෝස් එකක් තාත්තේ."

"අනේ ළමයෝ, කොම්පියුටර් ගැන ඉගෙන ගන්න ඕනෑ තරම් මේ කොළඹ පැත්තේ තැන් තියෙන්නේ. ඕකට මොකකට යනවද වන්නියට?"

-කතන්දරකාරයා

ප/ලි:
අයෑම් කමින් කතන්දරේ දන්නවාද?

ඒක පස්සේ කියන්නම්. එතකං මේ කතන්දරේ බලන්න.
http://kathandara.blogspot.com/2010/02/blog-post.html


(image: http://claretownhill.typepad.com/weblog/2007/09/style-over-subs.html)

35 comments:

  1. කතන්දර,
    අපේ මස්සිනා කලින් වැඩකරපු තැනට උවමනාවකට ගිහින් පරක්කු වෙච්ච නිසා අපේ නෝනා නෑනට කතා කරල අහලා.
    එයා කියනවලු
    "ඕන නැති නිසා ටිකක් ඉඳල බලලම එනවා කිව්වා"

    කියල. ඕන නැත්නම් මල මඟුලක් බල බල ඉන්නවාද හිතුනත් කියල තියෙන්නේ අයිතිකාරයා එහෙම නැත්නම් ඕව්නර් එනකන් ඉන්න එකයි.

    ආයෙ දවසක කෙනෙක් වෑන් එකක් හොයනවා පේන්ට් ටින් එකක් ගත්තා ගෙදර ගෙනියගන්න. බැරල් එකක්ද ගත්තේ ඈහුවම තමයි දැන ගත්තේ මේ කතාව විශාල රාමු කරපු චිත්‍රයක් නැත්නම් පේන්ටින් එකක් ගැන කියලා.


    ඊල

    ReplyDelete
  2. කවද කාපු ටකරන් ද

    ReplyDelete
  3. නොම්පෙන්.... හික්ස් :)
    නෝ + පේ
    මරු කතාව.

    ReplyDelete
  4. හිනා වෙන්න ඕන තැන් වලට හිකිස් කියලවත් දැම්මනම්?

    ReplyDelete
  5. නොම්පෙන් හී හී...කතා ටික හොඳයි.

    ReplyDelete
  6. හී.. හී.. එච්චරම නම් හිනා ගියෙ නෑ කඛා :)

    ReplyDelete
  7. ME AMMALA THATHTHALA ME HATIMA BIYODA KIYALA HITHENAWA.

    ReplyDelete
  8. වන්-ඉයර් කෝස් නම් කීයක් කරන්න ඇත්ද... ඒ කියන්නේ අපි කීපාරක් වන්නියට යන්න ඇත්ද...

    ReplyDelete
  9. ඕකට ගැළපෙන නියම විසඳුමක් තියෙනවා. අර නලින් ද සිල්වා උන්නැහේ දේශනා කරනවා වගේ අපේ මාරයා අයියා ප්‍රායෝගිකව කරලා පෙන්නනවා වගේ මුළු රටම ඉංගිරිස් ඉගෙන නොගෙන ඉඳිමු. එතකොට මේ පැටැලැවිලි මොකුත් නෑ. ඔන්න පැටැලැවුනොත් පැටැලැවෙන්නේ අර "ඇහැක් විදියට කණක් අඳින්න" කියනවා වගේ ප්‍රාදේශීය ව්‍යවහාර කීපයක් තමයි.

    ReplyDelete
  10. "අම්මේ මම ආමි"
    "අනේ පුතේ මම හිතුවෙ උඹ නේවි කියල"

    ReplyDelete
    Replies
    1. හමුදා ඛන්ඩයේ නිළධාරියා :- (දොරට තට්ටු කරමින්) ගෙදර කවුද? අපි ආමි.

      නිවැසියා (සිංහල ගුරුවරයෙකි) :- වැරදියි පුතා, අපි නම් "ආමු" වෙන්න ඔනි.

      Delete
  11. "පුහුල් ඇටෙන් ඩොං " මොකක්ද වචනේ කියන්න බලන්න...

    ReplyDelete
    Replies
    1. ආච්චී:(අසල්වැසියාට) මගේ මුණුපුරා පිටරටක හිටියත් කරන්නෙ සිංහල රස්සාවක් පුතේ.
      අසල්වැසියා: සිංහල රස්සාවක්? ඒ මොකද්ද?
      ආච්චී: පුහුල් ඇටෙන් ඩොං කියල එකක්ලු!

      Delete
  12. හයියෝ..! අප්පිරිය ..ඉන්ගිරිසිය..

    ReplyDelete
  13. ඒකත් නරකම නෑ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. බණ්ඩාරවෙලට ගියා වගේ තමා මේ කතාත් :D

    ReplyDelete
    Replies
    1. නාකිය දෙනියට ගියේ.

      Delete
    2. තිලක් මාරපන ගියා වගේ නෙමේද එතකොට?

      Delete
    3. නෝනා "අරංකැලේ" ගියේ.

      Delete
  15. අපෝ ... ඔය නොදැනුවත්කමින් වෙන වචන වැරදීම්, වරදවා වටහාගැනීම් නේ. දැන දැනම රජා මරණ එවුන් ඉන්නෙ ඔය ඕනතරම්. මම අහල තියන හිටියට එංගලන්තෙ මහ රැජිණිත්, දැන් දැන් රජා මරනවළු.

    ReplyDelete
  16. අද දවස ඩ්‍රයි මොකද?

    ReplyDelete
  17. කතා ටිකට හිනා ගියේ නම් නෑ කකා.. එත් දුකක් දැනුනා රාජ්‍ය නිලධාරිනිය ගැන. මේ තරම් පද පෙරලි වෙනවද නෝ පේ කියන්නත් බැරි වෙන්න? වෙන්න බෑ..

    (කකා ඩ්‍රයි ජෝක්ස් කියල කියලම තිබ්බ නේ)

    ReplyDelete
  18. ඩ්‍රයි දවසට ඩ්‍රයි ජෝක්ස්....
    වෙට් දවසට වෙට් ජෝක්ස්... :-)

    ReplyDelete
  19. @ All
    "අයෑම් කමින්!" කතන්දරේ දන්නවාද?

    ඒක පස්සේ කියන්නම්. එතකං මේ කතන්දරේ බලන්න.
    http://kathandara.blogspot.com/2010/02/blog-post.html

    .

    ReplyDelete
  20. අපේ එකෙක් ඉන්නවා.මැන්ට බොස්ගේ පුතා කඩ්ඩ දාන හින්දා පුලුවන් තරම් පොඩි එකාව මග අරිනවා.ඒ දරැවට තවම වයස අවුරැදු තූනයි.
    ලගදි දවසක කොල්ලා අපේ එකාගෙන් මොනවද අහලා.
    මු ගත් කටටම කොලවෙරි කොලවෙරි ඩී බබා කියලා

    ReplyDelete
  21. වන්නියේ කෝස් අපිත් කීයක් නම් කලාද ඉතින්... :)

    ReplyDelete
  22. You are use-f**ing-less

    ReplyDelete
  23. මමත් ට්‍රයි කලා ඉන්ගිරිසි ඉගෙන නොගෙන ඉන්න.... ඒත් ඉතින් කමින් කලර් නොට් ගූඩ් හින්දා කඩු සටනටත් එන්ටර් වෙන්න උනා...

    ReplyDelete
    Replies
    1. මක්කටෙයි ඔය ඉංගිරිස්. අහල බලන්නකො මාරයා අන්කල්ගෙන් ඉංගිරිස් නැතුව කොච්චර අපූරුවට ඉන්න පුළුවන්ද කියලා. ඔය ජෝතිෂේ ටිකක අල්ල ගත්තාම ඉංගිරිස් බිංගිරිස් මොකුත් ඕනැ නෑ, සාක්කු හෝදන්න පුළුවන් යසට. ඔය බ්ලොග් ලියන මෝඩ ඇන්ටිලා ටිකක් අල්ල ගත්තාම බිස්නස් ගොඩ. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

      Delete
    2. බලන්ඩකෝ අනේ හරිම වටින අදහස්නෙ මෙයාගෙ තියෙන්නේ. මේ වගෙ නුවණක්කාර පොරවල් තව දෙතුන් දෙනෙක් හිටියනම් ලංකාව විතරක් නෙවේ..ලෝකෙම ගොඩ!
      -මෝඩ ඇන්ටි කෙනෙක්-

      Delete
  24. කතන්දරේ ඩ්‍රයි උනාට කමෙන්ට් කෑලි ටිකක් තියෙනව හිනා යන

    ReplyDelete
  25. අයියෝ සල්ලි නොම්පෙන්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.