Sunday 24 June 2012

සුදු කළු බේදය සිරි ලංකාවේ? - Black vs White: Sri Lankan Style


දකුණු අප්‍රිකාවේ තරම් දරුණු නොවුණට ලංකාවේත් මේ කළු සුදු බේදය තිබිලා තියෙනවා. තාමත් තියෙනවාද මන්දා?

අහලා තියෙනවා නේද මේ සින්දුව?

නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹෙ අම්මත් ඉතා කළුයි
නුඹ නළවන මාත් කළුයි
නුඹ විතරක් තලඑලලුයි

අපේ අම්මාට පොඩි කාලේ ඉඳලාම ගෙදරට කියපු නම තමයි සුදු හාමිනේ. අවුරුදු දෙකේ තුනේ විතර කාලේ ඒයාට කවුද කියලා හමේ පාට අනුන්ගෙන් ගෑවෙනවාය කියලා. ඉතිං මේ පොඩි බබා එයා ගේ පැහැපත් පාට හමක් නැති මාමා කෙනෙකුට එයාව වඩා ගන්න දීලා ම නෑ.

කාළෙකට කලින් ටෙලියක් ගියා, ඒකේ තිබුණේ දිව්‍ය ලෝකේ ඉඳන් ආපු දෙවියෙකු ගේ බලයෙන් මේ ලෝකේ අපි අතර ඉන්න දෙවිවරු සහ යක්කු අඳුණා ගන්ණ පුළුවන්. මෙතෙන්දී යක්කුන්ට අරගෙන තිබුණේ කාලවර්ණ ඡවි කළ්‍යාණයක් ඇති අයවයි. සුමින්ද සිරිසේන, විජය නන්දසිරි වගේ හොඳ පැහැපත් පොරවල් තමයි දෙවිවරුන්ට හිටියේ.

ගමේ පන්සලේ බිතු සිතුවම්වල වුණත් ඔය වර්ණ බේදය තියෙනවා.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් මට හිතුණා අපේ කළු-සුදු වර්ණ බේදය සිංහල ගීත කලාවෙන් එලියට ඒම ගැන උදාහරණ වශයෙන් ගන්න පුලුවන් සින්දු කීපයක් දාන්න.

මෙන්න මේ සින්දුව මුලින් ගායනා කරලා තියෙන්නේ හැටේ දශකයේ දී විතර ලොස් ෆ්ලැමෙන්කෝස් කණ්ඩායමයි.



ඒකේ කියවෙන විදියට කළු කෙල්ල හොඳයි සුදු කෙල්ලන්ට වඩා. මොකද එහෙම විශේෂයෙන්ම නොකිව්වා නම් කළු කෙල්ල සාමාන්‍යයෙන් කැතයි, නරකයි කියලයි සැලකෙන්නේ.

මේ සින්දුව නං කියවෙන්නේ කළු කෙල්ලගේ ම දෘෂ්ඨිකෝණයෙන්. ත්‍රී සිස්ටර්ස් (ඉන්ද්‍රාණි පෙරේරා).



මේ සින්දුවේ කියවෙන කෙල්ල කළු වුනත් එයා ගේ හදවත හොඳලු.



ශිරෝමී ප්‍රනාන්දු කියන (හිටපු) ළමා ගායිකාව කියන මේ සින්දුව අහලා තියෙනවාද?

කළු ම කළු, කට්ට කළු
කළු ම කළු, කට්ට කළු
ලිපේ තියෙන දැලි අඟුරු
අහසේ පාවෙන කළු වැහි වලාකුළු
වත්තේ වැඩ කරන කළු
නමත් කළු, හමත් කළු
කළුවර මාසෙ පෝය දවස වගේලූ



මට තියෙන දුක මේකයි. අර ලොස් ෆ්ලෙමිකෝස් ලා ගේ, ත්‍රී සිස්ටර්ස්ලා ගේ සින්දුවල වගේ නොවෙයි, කළු-සුදු බේදය සහ ළමා අපයෝජනය ගැන අන්තිම නරක සින්දුවක් තමයි මේ ළමා ගීතය.

ඒ සින්දුව කාලයේ වැලි තලාවෙන් වැහිලා යන්න නොදී මේ විදියට අළුත් කරළා අරගෙන වීඩියෝ ක්ලිප් හදන්නේ කවුද මන්දා?

තවත් මේ වගේ සින්දු තියෙනවද?

-කතන්දරකාරයා

ප/ලි
කළු කොල්ලන් ගැන කියවෙන සින්දු නම් නෑ වගේ!

(මේ තවත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරයකි).

(image: http://www.art.com/products/p10099449-sa-i853558/black-and-white-cats.htm)

32 comments:

  1. අදනං මම ඒක

    ReplyDelete
    Replies
    1. මෝඩ ආතල්.

      Delete
    2. එය කරලා තියෙන්නෙත් එහෙම එකක් තමයි
      තමන් කව්ද කියලා හදුන්වා දෙන්ඩත් බැරි තරම් මෝඩ ආතල් එකක්

      Delete
  2. ඔය අහක බලන් යන්නෙ නංගි ඇයි අපි කලුද?

    ReplyDelete
  3. හ්ම්... ඇත්ත තමයි... සුදු වුනත්, කළු වුණත් කාගෙත් ලේ රතුයි කියල අන්තිමේ කිව්වට (ළමා ගීතයේ) ඒකෙ මුල් පේළි (සහ මේ වීඩියෝවෙ රූපත්) හරිම භයානකයිනෙ... පාටක් ගැන හිතන්නෙ නූගත්කමට කියන්න කලින් රචකයාම වැඩේ නාගන්නවා...

    ReplyDelete
  4. SIMUINDA SIRISENA, WIJAYA NANDASIRI WAGEDAKSHA KALA KARUWAN PORAWAL KIYALA HANDUN WANNE THUTTU DEKE BLOG KARAYO. ADA SUMINDA SIRISENA BARAPATHALA LESA ROOGEE WA MAHA ROHALA PRATHIKARA GANNAWA. --NAKI GAMARALA--

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ අදාළ නැති කතාව? කලින් ඉඳන්ම හිතේ තිබුනු එකක්වත්ද?

      Delete
  5. lankawe kalu sudu bedayak kawadawath thibbe nehe. boru katha liyanna epa. gayakayo kiyana sinduwalin kohomada kalu sudu bedayak thibuna kiyala kiyanne.

    ReplyDelete
  6. ඔය කළු කොල්ලෝ ගැන සින්දු නැති ඒකෙන පැහැදිලි වෙන්නේ ලංකාවේ කෙල්ලෝ ඔය කළු සුදු බේදය සලකන්නේ නැ කියන එකනේ. කෙල්ලොන්ට කළු වුනත් එකයි සුදු වුනත් එකයි. ලංකාවේ වර්නවාදයට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ පිරිමි....හොකෑස්....

    ReplyDelete
  7. ක්ලරන්ස්ගේ "දුව මා වගේ" කියන ගීතය ඇයි අමතක කරලා!

    ReplyDelete
  8. ලංකාවෙ කළු සුදු බේදය තිබුණ කියන්නෙ ලාංකික සුදු ජාතිකයොත් ඉන්නව ද? ඔය ලංකාවෙ ඉන්න පොත්ත සුදු අයත් ලෝකෙ වර්ණභේදවාදය ඉස්සරහ කළු ජාතිකයොනේ. අපි ඔක්කොම ආසියාවට අයිති කළු ජාතිකයො, අප්‍රිකානු කළු ජාතිකයො තරම් කළු නොවුනත්. මට හිතෙන හැටියට නම් ඔය කළු සුදු කතන්දරේ පිටිපස්සෙ තියෙන්නෙත් එක විදියක දේශපාලනයක්.

    ReplyDelete
  9. S.AFRICA KALU SUDU BEDAYA LANKAWE GAYAKAYO KIYANA KALU SUDU WALATA WADA HUNGAK WENAS

    ReplyDelete
  10. හැබැයි ලංකාවේ සමහර කළු මාමලා, කළු නැන්දලා, කළු අයියලා, කළු මල්ලිලා ඉන්න සුදුම සුදු :D

    ReplyDelete
  11. පැහැපත් සමකට කවුරුත් කැමතියි . ඒ වගේම කළු වුනත් නිරෝගී ලපකැළැල් නැති සමක් ලස්සනයි .

    සිබිල් නැන්දා එයාගේ ළමාකාලය ගැන කියන්නේ ''නොමියෙන කළු දු '' කියලයි . කළු දුව කළු මැණිකේ කියන්නේ ආදරේට මිසක අපහාසෙකට නෙමේ

    ReplyDelete
  12. "ආශාවේ මල් වැටෙන් එබී නිලුපුල් දෑසින් මදෙස බැලූ - නයන කලූ ඔබ මගේ කලූ//" - බණ්ඩාර අතාවුද

    "මාමේ අප කලු මාමේ - කලවානේ කලු මාමේ" - ඇනෙස්ලි මාලේවන

    ReplyDelete
  13. ශිරෝමිගේ සිංදුව ටොරානා එකෙන් තවත් දූෂණය කරලා.
    ඒකෙ ළමා ගීත වලට හදන සමහර විෂුවල් වලට X සහතිකය දෙන්නත් පුළුවන්.....

    දකුණු අප්‍රිකාවෙනම් කළු ශීෂ්‍ය ව්‍යාපාරයේ උද්යෝග පාඨය වුනේ "Black is Beautiful"

    ලංකාවෙ කළු සුදු බේදය සංස්කෘතිකයි, දේශපාලනික නැහැ. යක්කු කළුයි- දෙයියො සුදුයි, හොද සුදුයි-නරක කළුයි.

    ReplyDelete
  14. කළුත් ඉතින් ලස්සන පාටක්නේ............ :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. මොන සිංදුව කිව්වත් ලංකාවේ සැලකෙන්නේ කළු ගැහැණුන් කැතය කියාය. ළමා ගීතය නම් චාටර්.

    ReplyDelete
  16. හා හා
    .... මාත් දැක්ක දෙයක් තමයි ලංකාවේ සුදු නොවන අය පට්ට සුද්දෝ වෙන එක.
    ඔය ඔක්කොම හරි කියමුකෝ...
    නාන්න මුහුදට යන්න කතා කලොත් අයියෝ අපි කළු වෙනවා කියලා උරහිස් අකුලගන්න හැටි දැක්කම හිනා යනවා.
    දන්න දා ඉඳන් කළු වෙන්න මම පුදුම විදියට ආසයි. මට නම් හිතෙන්නේ කළු පාට තමයි ලස්සනම කියලා. තාමත් වයස හැට පහක් වුනත් කළු කොල්ලෙක් දැක්ක ගමන් ඉබේම ඇහැක් ඇද වෙලා යන්නේ ඒ පුරුද්දට වෙන්න ඕනේ.

    ReplyDelete
  17. ලංකාවෙ සුද්දො නෑ...ඒක නිසයි කලු සිංහලයා කියලා කියන්නෙ... මේ වගේ ඝර්ම කලාපීය රටක් සුද්දො ඇති වෙන්න බැරි බව මගේ වැටහීමයි....

    ReplyDelete
  18. කළු උනත් නෙත් කළු කියනවනේ. අනික තමයි ඉතින් ඉස්සර කළු නෙවෙයි නේ කියන්නේ නිල්/දම් කියලා නේ. ඒකනේ උපුල්වන් කියන නම තියෙන්නේ.

    කොහොම නමුත් උපහාස රසය පිරුන පොස්ට් එකක්..

    ReplyDelete
  19. ඉතින් මොකෝ අපිත් කලුයිනේ කොහොමත්, අපි සුද්දෝද ?

    ReplyDelete
  20. kalu patai sudu patai
    pata dekak bawa aththai
    pirisiduwata sitima
    lokuma sampathai

    ReplyDelete
  21. Kalu wunath dodol rasi kiyalath kathawak thiyenawane

    ReplyDelete
  22. Black is the beauty.... :D

    - ටින් ටින්

    ReplyDelete
  23. South African colour bar applies to actions such as eating in a resturent. drinking waterfrom a fountain, using public toilet, attending school, going to movies, or renting or purchasing a house etc.

    ReplyDelete
  24. දැන් අප්‍රිකාවෙ සුදු කළු බේදය ඇත්තේම නැති තරම්. කළු මිනිසුන්ගේ හදවත් හරිම ලස්සනයි. ඒ අය කාලයක් සුද්දන්ගේ තාඩන පීඩන වලට ලක් වෙලා හිටි නිසා එයාල හරිම සංවේදී හැම දෙයටම . පුලුවන්නම් මල්ලී කලර් පර්පල් ෆිල්ම් එක බලන්න. හරිම සංවේදීයි.

    ReplyDelete
  25. "සුරතල් නංගියෙ අපෙ අම්මා" සිංදුවෙත් සුදු කළු වලියක් තියනවා..
    "නංගිගෙ තාත්තා කළුම කළුයි - අපෙ අම්මා නම් සුදුම සුදුයි"

    ReplyDelete
  26. කලු උනාට සුදු උනාට කාගෙත් ලේ රතු පාටයි
    පාටක් ගන තැවෙන්නෙ නූගත් කමටයි...

    -මේ සින්දුවෙ අන්තිම පද දෙක. ඔබ වැරදි නේද?

    ReplyDelete
    Replies
    1. අන්තිම පද දෙක මොනවා කිව්වත්, පෙන්වන රූප රාමු හා සිංදුවේ වචන හරිම අප්‍රියජනක නැද්ද? අන්තිමට වැරැද්දෙන් බේරෙන්න වගේ එහෙම කිව්වම ඇති ද?

      Delete
    2. ලමයි කට්ටියක් එක ලමයෙකුගෙ ශරීරෙ පාට ගැන විහිලු කරනවා. ඒ ලමයත් ඒක තමන්ගෙ අඩුපාඩුවක් විදිහට තැවෙනවා. මේක දකින තුන්වැන්නෙක් අවසානයේදි ඔය පද දෙක සහ පිරිසිදුව් සිටීමේ වදගත්කම ගැන පහදලා දෙනවා. සමස්තයක් විදිහට මම මේ සින්දුවෙ වරදක් දකින්නෙ නෑ. හරියට සිරි අය්යා අම්මයි තාත්තයි දෙන්නම හොඳයි කියනවා වගේ. මීට වඩා වෙනස් සකල බුජන් සින්දුව. ඒ වගේම රුන් රුන් හඬ දීලා...හොඳම තැනක් බලලා සින්දුව අහලා බලන්න. ඒකෙදි අම්ම හරි නපුරු කෙනෙක් විදිහට දැක්වෙනවා.

      Delete
  27. කලූ කලූ නෙත් කලූ :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.