Friday 9 March 2012

මට දෙන්න හැකි දේවල් මෙන්න :: Wishlist Vs What you can offer


තමන් ගේ අත ගන්න එන කොල්ලෙකුගෙන් තමන් බලාපොරොත්තු වෙන දේවල් ගැන පොඩි කුමාරිහාමි දැරිවිය ලිපියක් දාලා තිබුණා.

ඒක දැකපු මාතලන් ගොයියත් ලයිස්තු ගත කරලා තිබුණා ගෑල්ළමයින්ට මොනවාද ඕනෑ කියලා පොරට හිතෙන දේවල්.

තමන් බලාපොරොත්තුවෙන දේවල් ගැන ලයිස්තු හදන එක හරිම ජොලි වැඩේ. මේවාට ඉංගිරිසියෙන් කියන්නේ විෂ්-ලිස්ට් කියලායි.

අපි අනුන්ගෙන් බලාපොරොත්තුවෙන දේවල් ගැන විෂ්-ලිස්ට් හැදීමට වඩා මං හිතන්නේ වැදගත් අපිට අනුන්ට දෙන්න, අනුන් වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද කියලා ලයිස්තුගත කරන එක.

අර හිටපු ඇමරිකන් එක්සත් ජනපද ජනාධිපති කෙනඩිත් කියලා තියෙනවා නේ Ask not what your partner can do for you - ask what you can do for your partner වගේ තේරුමක් ගෙන දෙන කතාවක්.

මං මේ හදන්නේ මට මගේ සහකාරියට දෙන්න පුළුවන් දේවල් ගැන ලයිස්තුවක් හදන්නයි.

හැබැයි ඉතිං හැම එකකම සීමාවකුත් තියෙනවා!

දැන් මං මේ විස්තර ලියන්නේ ඇයිද කියලා ආයෙත් කියනවා නං, අපි අනුන්ගෙන් බලාපොරොත්තුවෙන දේවල් ගැන ලයිස්තු හදනවාට වඩා අපිට අපේ සහකාරයාට හෝ සහකාරියට දෙන්න පුළුවන් දේවල් ගැන කියන එක වැදගත් බව පෙන්නන්නයි.

දැන් මෙන්න අද කතන්දරේ. මං කාලෙකට කලින් අහලා තියෙන එකක්.

ඔන්න එකමත් එක රටක හිටියාලු රාජකුමාරියෙක්. මෙයා විවාහ වෙන්න හොයලා තියෙන්නේ අංග සම්පූර්ණ කුමාරයෙක්වයි.

ඉතිං, ස්වයංවරයේදී විවිධ ප්‍රාන්තවලින් ආපු රාජකුමාරවරු තමන්ගේ වැඩ කිඩ, ශිල්ප හරඹ, අඩුම කුඩුම සහ පංචායුධ පෙන්නුවට මේ කුමාරි නෙමේ ඒ එකෙකුටවත් කැමති වෙලා තියෙන්නේ.

හැමෝගෙම මොකක්දො අඩුවක් ලු !

ඔහොම ඔහොම කාලයක් ගියාම කුමාරිට හම්බ වුණාලු තමං පොඩි කාලේ ඉඳලාම ප්‍රාර්ථනා කරගෙන හිටියාකාරයේ සර්ව සම්පූර්ණ කුමාරයෙක්. ආරෝහ පරිනාහ සික්ස්-පැක් දේහයෙන්, පුළුල් උරතලයෙන්, ඡවි වර්ණයෙන් පරිපූර්ණ පැකේජ් එකක්!

නමුත් ඒ මගුලත් හරි ගිහින් නෑ!

ඇයි දන්නවාද?

මේ කියන කුමාරයා හොයමින් ඉඳලා තියෙන්නේ පරිපූර්ණ කුමාරිකාවක්!

-කතන්දරකාරයා

ප/ලි:
ආයේ මෙන්න මේ ආකාරයේ සින්දු හෙම ඕනෑ නං කියන්න.

(image: http://www.blogger.com/img/blank.gif)

55 comments:

  1. උදේ පාන්දර මේක දැකලා , බඩ පපුවත් දෑවා. කෙන්ඩිත් කියලා තියෙන එකේ මේක ඉතින් ඇත්තම වෙන්ට ඕනි. පොඩ්ඩි තීරනය කලා, මීට පස්සේ විෂ් ලිස්ට් නොහදා, හදලා තියන ඒවාට තමන් ගැලපෙනවද කියලා බලන්ට.

    කතන්දරට මේ කතන්දරේ දාන්ට තිබුනේ කලින්...:(

    ReplyDelete
    Replies
    1. 'ප්‍රවීණා පළිපාන'

      පොකූ මොකද මේ නම වෙනස් කොරලා???

      Delete
    2. පිරිමි ලමයින්ගෙන් හරිම කරදරේ නම අහලා. ඉතින් ඇත්ත නම දැම්මා හැමෝටම දැගගන්ට. :D

      Delete
  2. 1. පොඩ්ඩිට නම් බෑ උදේට තේ ඇඳ ලඟට ගෙනත් දෙන්ට.
    2.පාන් කෑල්ලක ඕනි දෙයක් ගාලා දෙන්ට පුලුවන්.
    3.ඇඳුම් මදින්ට හහ්...
    4.පාන් මැද්දටත් ඉතින් තියෙන දෙයක් දාලා දෙන්ට පුලුවන්,කන්ට පුලුවන් නම්
    5.පරිප්පු, කෙහෙල් මුහ වගේ සරලම දෙයක් උයන්ටත් පුලුවන්.
    6.සින්දු ලස්සනට කියන්ට පුලුවන් අහන් ඉන්ට පුලුවන් නම්
    7.පොඩ්ඩි මළොත්, මතක් වෙන්ට අර පාරේ හය්යෙන් දුවන, මේවා එකක් අරන් දීලා තියන්ට පුලුවන්
    8. පාඩම් කරන්ට උදේ නැගිට්ටේ නැත්නම් ඇඟට වතුර බාල්දියක් ගහන්ට පුලුවන්.
    9.ණයක් දෙන්ට පුලුවන්
    10.ණය නොගෙව්වොත් ඒවායේ ආදීනව කියලා දෙන්ටත් ඉතින් පුලුවන්.

    පොඩ්ඩිටත් මේක දිග්ගස්සන්ට පුලුවන් ඕනෑම නම්...:D:D:D

    ReplyDelete
  3. [නමුත් ඒ මගුලත් හරි ගිහින් නෑ!

    ඇයි දන්නවාද?

    මේ කියන කුමාරයා හොයමින් ඉඳලා තියෙන්නේ පරිපූර්ණ කුමාරිකාවක්!]

    මේ අපේ රංගයියා ගැන නෙවෙයි නේද කියන්නෙ? රංගයියා නම් කුමාරිකාවක් හොයා නොගත්ත කාරණාව වෙන එකක්. සූස්ති ගුණේගෙන අහල බලන්නකො. :-)

    ReplyDelete
  4. //මේ කියන කුමාරයා හොයමින් ඉඳලා තියෙන්නේ පරිපූර්ණ කුමාරිකාවක්//
    මරු කතන්දරේ. ඇත්තටම ඔව්. අපි පළමුව අපි ළඟ ඇති දේ තේරුම් අරන් ඒදේ හොයන කෙනෙක් ගැන හිතන්නය් ඕනි. බලමුකෝ එහෙමවත් කරලා....:D

    ReplyDelete
  5. පරිපූර්ණ කෙනෙක් හොය හොයා හිටියොත් මේකපේදි බදින්ඩ වෙන්නෙ නෑ :)

    ReplyDelete
  6. ඔහු වෙනුවෙන් කළ හැකි දේ
    1- රසට පිස්සහැකි... විශේෂයෙන් ගමේ කෑම.
    2- ගෙදර එනකම් බලා ඉදතැහැකි.
    3- ඉදල හිටල ඔහු වෙනුවෙන් කවියක් ලියතැහැක.
    4- තරහ වෙන්නෙපා රෙදි නම් සෝදන්න බැහැ. මැදල නම් දෙතැහැකි.
    5- සපත්තු මැදල දෙතැහැකි
    6- නින්ද යනකම් හිස අත ගෑ තැහැකි.
    7- ගේ මිදුල හැමතැනම අතුගාලා පිරිසිදුවට තිය තැහැකි.
    8- හැමදාමත් හිතගත සතුටින් තිය තැහැකි.

    මා වෙනුවෙන් අවශ්‍ය දේ
    1- ආදරය සහ කරුණාව
    2- උයන දෙයක් කට පියාන කෑම.
    3- ලියන්නට ඉඩ දීම
    4- සැමදා මා සතුටින් බලා ගැනිම
    5- මාව එපා නම් " මට උඹ එපා යන තැනක පලයන් " කියල කෙලින්ම කීමට හැකි වීම.

    ස්තූතියි කතන්දර මටත් ඉඩ දුන්නට මේ වගේ දෙයක් ලියන්න....

    ReplyDelete
    Replies
    1. කෑම කියන්නෙ හරිම ක්‍රිටිකල් දෙයක්... මං සාමාන්‍යයෙන් දෙන දෙයක් කාල ඉන්න කෙනෙක්... රහ නැති දේවල් (ඔය කරවිල වගේ) තිබුනොත් ඉස්සෙල්ලම ඒ ටික ගිලල, ඊට පස්සෙ හිමින් සැරේ අනික් දේවල් කනවා... මගේ හාමිනේට අප්සට් මං මුකුත් නොකියන නිසා... හැමදාම අහනව, කැමති කොහොමද, ඉව්ව හොඳයිද, කොහෙදි හරි හොඳ දෙයක් හම්බ උනොත් කියන්න කිය කියා... ඉතින් එක දවසක්, අපි කෑමකට ගිහින් ඇවිත් මං කිව්ව එතන තිබුනු මොනව හරි දෙයක්, අන්න ඒකෙ රස හොඳයි, ඒ වගේ පුලුවන් නම් හදන්න කියල... ඉතින් එවෙලෙ ඉඳල මූන අවුල්, එයාගෙ කෑම අප්සට්, ඒ උනාට මං සද්ද නැතිව ඉන්නව කියල...
      එතකොට මොකද කරන්නෙ??? :D

      Delete
    2. අන්න අහුවෙන තැන... කිවුවත් බෑ නොකියත් බෑ.. අහන්නෙ නැතිව දැනගන්න පුළුවන්නම් වටිනවා... අපේ අම්මලා නම් අපේ පිගානේ ඉතිරි වෙලා තියෙන ඉඳුල් දියා බලලා තීරණේ කරන්නේ

      Delete
    3. වත්ගෙ කමෙන්ට් එක කියෙවුවම මට මෙහෙම හිතුනා.. මේක වත්ව ටාගට් කිරීමක් නෙවේ, මට නිකං හිතුන හැටි.. :D

      1- // රසට පිස්සහැකි... විශේෂයෙන් ගමේ කෑම. // මටත් රහට උයන්න හැකි.

      2- // ගෙදර එනකම් බලා ඉදතැහැකි. // මං ගෙදර එනකම් කවුරුත් බලාසිටිය යුතුම නැත.

      3- // ඉදල හිටල ඔහු වෙනුවෙන් කවියක් ලියතැහැක. // දැනටත් මා වෙනුවෙන් සමහරු කවි ලියති. මටද කවි ලියත හැක.

      4- // තරහ වෙන්නෙපා රෙදි නම් සෝදන්න බැහැ. මැදල නම් දෙතැහැකි. // මගේ රෙදි සෝදා මැදගන්නෙ මා විසින්මය.

      5- // සපත්තු මැදල දෙතැහැකි // ඒකත් කරගන්නෙ මා විසින්මය.

      6- // නින්ද යනකම් හිස අත ගෑ තැහැකි. // එහෙම නොකලත් අපූරුවට නින්ද යයි.

      7- // ගේ මිදුල හැමතැනම අතුගාලා පිරිසිදුවට තිය තැහැකි. // ගේ ක්ලීන් කරලා, හූවර් කරලා, බාත්රූම් ක්ලීන් කරලා ඔක්කොම කරගන්නෙ මා විසින්මය.

      8- // හැමදාමත් හිතගත සතුටින් තියතැහැකි. // හිත හැමදාමත් සතුටින්ය.

      මෙහෙම බැලුවහම අපට මොකටද බොලේ ගෑනියෙක්..!!!???

      Delete
    4. @අහවලා
      තෝ නම් කිසිම රසඥතාවයක නැති උරුලෑවෙක්!
      කරවිල රස නැහයි කියන එකාට වෙන මොනා කියන්නද!
      ඊලඟ පාර බත් එක්ක අයිස් ක්‍රීම් අනාගෙන කාපිය.

      Delete
    5. @බූරා,

      ඔයා නම් කවදා හරි, කාට හරි හොඳ භාර්යාවක් වෙනවා බූරෝ....:D:D:D

      Delete
    6. සුවර්ද එහෙම වෙයි කියලා.. :P

      Delete
    7. @ඇනෝ Mar 9, 2012 04:36 AM,
      ඔයා හිතන් ඉන්නෙ ඔයා ආස ජාති වලට අකමැති අය උරුලෑවො කියලද ???

      Delete
    8. බූරා වගේ කොල්ලෙක්‌ ඕනාආආආආආආ

      Delete
    9. මචං ඇනෝ...
      කියපන් බලන්න ඌරුලෑවෙක් නොවන උඹ වගේ එකෙක්ට රස නැහැ කියල හිතෙන ජාති... කරවිල ගුණයි කියල මං අහල තියෙන නිසා, තිත්ත උනත් අමාරුවෙන් ගිලිනවා... නිතර කෑවම සීනි උනත් තිත්ත වෙනව වගේ (මෙතනදි ඒකෙ අනික් පැත්ත), උඹ කරවිල නිතර කාල උඹට ඒක අමෘතෙ වගේ ඇති... කවුද දන්නෙ, සමහර විට උඹ කොහොඹ කොල ඉස්ම එහෙමත් බොනව ඇති කිසි අමාරුවක් නැතිව... :D

      Delete
    10. ඔය වැඩ ටික නම් මටත් පුලුවන් එකක් ඇර , කවි ලියන එක නම් ටිකක් අමාරු වැඩක්.ඒ නිසා ඒ ගැන අමතක කරල ඉන්නවා...


      // දැනටත් මා වෙනුවෙන් සමහරු කවි ලියති. මටද කවි ලියත හැක.//

      කව්ද දන්නෙ නැහැනේ... :P

      Delete
    11. කීපදෙනෙක්ම ඉන්නවා, ඇයි ඔයාට නම් වශයෙන්ම දැනගන්ට ඕනද..?? :p

      Delete
  7. මේක නම් ගින්දර වගේ කතාවක් කතන්දර!

    ReplyDelete
  8. සොඳුරු සිත, ඇබෑර්තුව ඉක්මනින්ම සපිරේවායි පතමි.

    ReplyDelete
  9. @සොඳුරු සිත
    //5- මාව එපා නම් " මට උඹ එපා යන තැනක පලයන් " කියල කෙලින්ම කීමට හැකි වීම.//
    මෙන්න මේ කතාව නම් නියමයි අක්කේ ... දාන්න පහක් :D

    කියන්න තියෙන දේ නිකම් ඇඹරෙන්නේ නැතුව කෙලින් කියන එක මමත් ඉතාම අගය කරන ගුණයක්.

    (ඕක අනික් පැත්තටත් එහෙමම වෙන්න ඕනේ හැබැයි)

    ReplyDelete
    Replies
    1. 1- ආදරය සහ කරුණාව

      5- මාව එපා නම් " මට උඹ එපා යන තැනක පලයන් " කියල කෙලින්ම කීමට හැකි වීම.

      1 ත් එක්ක 5 කන්ට්‍රඩික්ටරි

      ඒත් එලදෙන්නුන්ට කන්ට්‍රඩික්ශන් තේරෙන එකක් යැ?

      Delete
    2. මට අනුව නම් කවුරුන් හෝ මට බොරු කිරීම මට දක්වන ආදරයක් වත් කරුණාවක් වත් නොවේ.

      එළදෙනුන් කිව්වේ මටයි සොසි අක්කටයි ද? අනේ බොහොම ස්තුතියි :D . ඔයා වගේ Logic තේරෙන කෙනෙක් Contradictions ගැන අපිට කියල දෙන එකට. අපරාදේ මම Discrete Maths, subject එකක් විදියට ඉගෙන ගන්න කාලේදී ඔයා වගේ අය හිටියේ නෑනේ :D :D

      Delete
  10. විශ් ලිස්ට් හදන් හොයන්න ගියොත් නම් මට හිතෙන්නෙ වැඩේ හරි යන්නෙ නෑ...ඕවා කාලෙත් එක්ක වෙනස් වෙනවා..විශ් ලිස්ට් එක දිහා බල බලා විස්සෝප වෙයි.. තියෙන දේවල් එක්ක ඒවට අනුගත වෙලා ඉන්ඩ තරම් විවෘතව පටන් ගත්තොත් සමහර විට වෙනසත් එක්ක වෙනස් වෙවී සතුටින් ඉන්ඩ පුළුවන් වෙයි..ඒ මට හිතෙන දැනෙන හැටි තමයි..

    ReplyDelete
  11. නියම කතාව. අද කාලේ පරිපුර්ණ එක්කෙනෙක් හොයා ගන්න ඕනේ නම් දහ දෙනෙක්ගේ විතර එකතුවක් ඕනේ වෙයි.

    ReplyDelete
  12. කාළේකින් කතාගේ කතාවක්. රසබර අදහසුත් එක්ක. පිං සිද්ද වෙයි අර වගේ සින්දු නම් දාන්න එපා. මට අර ටෙනියා හැම තිස්සෙම කියන කතාවක් මතක් උනා. "අයියෝ මුගේ සාමාන්‍ය දැනීම නම් අන්තිමයි. නිකන් ඉන්න වෙලාවක කුමාර රෝදය අරන්, රෝද ගහපන්....."

    ReplyDelete
  13. මටත් කියන්න තියෙන්නෙ ලිස්ට්එකක් හදල ඉවරකරන්න බෑ කියල. හොස්ටල් එකේ කැන්ටිමෙන් අවුරුදු 4ක් බත් කාපු නිසා කවුරු උනත් උයලදෙන කෑමක් කන්න පුළුවන්. හැබැයි ලුණු වැඩිඋනොත් හැර :-)

    ReplyDelete
  14. කාලෙකින් නියම ලිපියක් කියෙව්වා...

    ReplyDelete
  15. පරිපූර්ණ කෙනෙක් හොයාගන්න තමනුත් පරිපූර්ණ වෙලා ඉන්න එපාය . එහෙම අය මේ ලෝකේ කොතනකවත් නැතුව ඇති.
    හිටිය නම් ඉතින් සිදුහත් කුමාරයයි යශෝදරා කුමාරියි විතරයි.

    මල් පියලි

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් දීගෙ ඇරුන නේද ඉක්මනටම ???

      Delete
  16. මෙන්න පිලිපදිනවානම් නියම අවවාද....
    අර අන්තිම කතාව තමයි ඔක්කොටම වැඩිය හොඳ :)

    ReplyDelete
  17. ඔය විශ් ලිස්ට් හැදුව වගේම ඒවා ක්‍රියාත්මක කෙරොත් තමා වටින්නෙ..
    එතකොට බුදු හාමුදුරුවො කියලා තියන යාතාවාදී තථාකාරී ගුණය පිහිටනවා..!!

    කොහොම වුනත් මේ ලිස්ට් එකට කතන්දර හාමිනේගේ කොමෙන්ටුව මොකද්ද?

    ReplyDelete
  18. මේ අවවාදයට කතන්දරට ස්තුත්යි !,ලයිස්තුගත කරන්න ඕනේ මොලේ ඉදන් සුලගිල්ලට යනකම් පාවිච්චි කොරල.

    ReplyDelete
  19. නියම කතන්දරයක්නෙ.......! වෙන්ඩ ඕනේ එක තමයි.... ඉල්ලන්න ගියාම දෙගොල්ලන්ටම කරදරයි!

    ReplyDelete
  20. හොද උපදෙස් ටික, පිළිපදින කට්ටියට

    ReplyDelete
  21. මාතලන්ගේ අවවාද හිතේ තියාගත්ත වගේ මේකත් හිතේ තියා ගන්න ඕන...

    ReplyDelete
  22. යකෝ මේකේ ඉන්න ගෑනු ලියල තියෙන එව දැක්කම තමයි මට මගේ භාර්යාවගේ අගේ තේරුනේ. එතුමිය බැඳපු අලුත දොස්තර කම කරන ගමන් මගෙ රෙදිත් හේදුව, මැද්ද, මගේ බත් එකේ මාලුපිනි 3කට අඩුවෙන් දැම්මෙත් නැහැ. මා වෙනුවන් සමාජ සම්බන්දතා පැවත්වුවා.
    මෙහෙම බලනකොට එතුමිය දෙවියෙක් නේ!

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ Mrs . Kathandara ඇනෝ ඇවිල්ල දැම්ම කොමෙන්ට් එක ;-)

      Delete
  23. පරිපූර්න කුමාරිකාවො හොයන එකනම් සුම්මා තමයි.........

    ReplyDelete
  24. අපි කාන්තාවෝ ගැන එකම විදියට බලන්න නරකයි.දැනටත් ගොඩක් කාන්තාවෝ ඉන්නවා තමන් කැමති දේ නෙවේ පුරුෂයා කැමති දේවල් ඉශ්ට කරලා තමාගේ ආශාවන් යටපත් කරන් ඉන්න.

    ReplyDelete
  25. වසිලිස්සා9 March 2012 at 19:22

    අන්තිමට තියන කතාවනම් මල් හතයි! කාට වුනත් ලොකු ආදර්ශයක්..............
    පරිපූර්ණ මිනිස්සු හෝ ඊට ලඟින් සිටින මිනිස්සු ලෝකේ දුබල බැවින් අපිඅපේ අඩු පාඩු සකසා ගැනීම තමයි හොඳම දේ...

    ReplyDelete
  26. සිරා කතාව.. පරිපුර්න කිසිවෙක් නැහැලු නොවැ !

    ReplyDelete
  27. එළ එළ මරු කතාව...

    හැබැයි මම නං ගොඩක් බලාපොරොත්තු වෙන්නේ හිතට එන දේවල් හිතේ හංගගන්නේ නැතිව මූනට කියන එක... ගොඩක් ගෑණු නොකරන්නෙත් ඕකමයි!

    ReplyDelete
  28. කතන්දර බ්ලොග් එකේ කාලෙකට පස්සේ හොඳ ලිපියක් කියෙව්වා!

    ReplyDelete
  29. කමෙන්ට් කර කර ඉන්න වෙලා නැතෝ බූඩි විෂ්ලිස්ට් එකක් හදන්න දුවනෝ !!!

    ReplyDelete
  30. අපි ඉතින් විශ් ලිස්ට් කාට හදන්නද???
    ☺☻

    ReplyDelete
  31. හැක හැක හැක :ද

    ReplyDelete
  32. ලෝකයේ කිසිම ආකාරයකින් පරිපූර්ණ අය නැහැ නොවැ.

    මට මේ කතාවේ කසූගේ ලිස්ට් එක දැක්කාම මට පුලුවන් මොනවාද කියලා මතක් වුණා. සාමාන්‍යයෙන් මටත් හුඟක් වැඩ කොහොම හරි කරන්න පුලුවන්.

    ඒත් පුද්ගලිකව මේ වැඩ ටික කරන්න නම් මම හරිම අකමැතියි. ඒත් කරලා තියෙනවා වගේම කරන්න වෙනවා.

    ඒත් අකමැතියි.

    1. ඇඳුම් මැදීම
    2. තේ සෑදීම
    3. බත් පාර්සල් කිරීම

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලෙ, අපේ තාත්ත තමයි ඔය ටික කලේ... ඉතින් හිතේ අවුලක් නැතිව මමත් දැන් ඔය ටික කරනවා... :)

      Delete
  33. ආදරේ කරන කෙනාගෙන් අපිට ලැබෙන දේට වඩා අපි දෙන්නේ මොනවද කියලා හිතන එක වැදගත්.. එකෙන් ම එකඟ වෙනවා...(ඒ උනාට experiences තමයි නැත්තේ..)

    ReplyDelete
  34. එකගවෙනවා ,,, ඒත් ඔයාගේ ලැයිස්තුව නම් මදි ඈ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.