Sunday 5 February 2012

තුන් කොන් ප්‍රේමය ගැන ගැයෙන සිංහල සින්දු - Sinhala songs about love triangles


පහුගිය සිකුරාදා මං පල කළ ලව් එෆෙයාර් එකේ තුන්වැන්නා කියන පෝස්ට් එකට චන්දි දාලා තිබුණු කමෙන්ට් එකේ සඳහනක් තිබුණා දයාරත්න රණතුංග ගේ සුප්‍රසිද්ධ ලව් ට්‍රෑංගල් සින්දුව ගැන.

ඒ ගැන හිතන කොට මට තව සින්දු කීපයක්ම මතක් වුණා. අද මේ ලියන්නේ ඒ සින්දුවල පදමාලා දාන්නයි, මං බලපු යූ ටියුබ් ක්ලිප්වලට ලින්ක්ස් දෙන්නයි. සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක් හින්දා වෙන වැඩි කතන්දරයක් නෑ!

1. මෙන්න පළමුවන ත්‍රිකෝණ ප්‍රේම ගීතය. මේක තමයි ඔරිජිනල් එක!

සමකෝණී ත්‍රිකෝණයකි - දයාරත්න රණතුංග
පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා //
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //

ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි //
දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි //

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //

සමච්ඡේදනය කරලා දෙන්නට බැහැ පෙම බෙදලා //
අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා //

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා //
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //

මෙන්න යූ ටියුබ් ක්ලිප් එකක්.


2. මේ දෙවන සින්දුවෙනුත් කියවෙන්නේ තුන් කොන් ආදරයක් ගැනයි. එකම මලයි, බඹරු දෙන්නයි.

රන් කෙන්දෙන් බැඳ - නන්දා මාලිනී
පද රචනය -

රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි
රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි

කිරිලිය සේ දුර පියා සලාලා අත්තටු රිදුණා පමණයි
දෑල විදාහළ දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ කළුවර ඇයි විජිතයම මගේ

රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි

කණාටු සුළඟේ දුහුළු මලකි අද වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ

මෙන්න යූ ටියුබ් ලින්ක් එකක්. බලාගෙන යන කොට බච්චන් ලා, ඛාන්ලාත් සිංහල සින්දුවල පසුබිම් රංගන දෙනවනේ!




3. මෙන්න මට මතක් වුණු තුන්වෙනි සින්දුව.

වරදක් කළත් හිතකින් නොවේ - සනත් නන්දසිරි
පද රචනය - ප්‍රණීත් අභයසුන්දර

වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි
වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි

ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක්වෙලා කුමටදෝ //
වෙනසක් නොවි මගෙ හිස් අතින් පිසළන්නේ කොයි කඳුළුදෝ

වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි

අසරණ ඔබයි තනිවුණු ඇයයි මට සාප කර යාවිදෝ
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමුගන්න සිදු වේවිදෝ

වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි
වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක. හැබැයි මේකේ සනත් නන්දසිරි ගේ කටහඬ ටිකක් අප්සෙට්, නිකං කක්කි බර වෙලා වගෙයි සින්දුව කියන්නේ.



4. අන්තිමට මෙන්න ගුණදාස කපුගේ ගේ ක්ලැසික් එකක්.

ඔබ පෙම් කරනා - ගුණදාස කපුගේ
පද රචනය -

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරෙයි කියනා විලසින්
පෙර දවසක මා පෙම් කරනා සඳ මට ද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී මට ද ආදරෙයි කියා තිබේ

සාගර වෙරලේ සොඳුරු සැඳෑවක රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය මටද ආදරෙයි කියා තිබේ

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී මටද ආදරෙයි කියා තිබේ

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.



මේ ඉරිදා නිදහස් සුවයෙන් මේ සින්දු රස විඳින්න. ඊයේ නිදහස අදත් තියෙනවා නේද?

-කතන්දරකාරයා

ප/ලි:
තව ලව් ට්‍රෑන්ගල් සින්දු දන්නවා නං මතක් කරලා යන්න ප්ලීස්.

ප/ලි/ලි:
හරී ගේ ප්‍රශ්ණයට දැමූ උත්තරය
තුන් දෙනෙක් සම්බන්ධ නිසයි ත්‍රිකෝණයක් වෙන්නේ. විවිධ ප්‍රබේධ තියෙන්න පුළුවන්.

දයාරත්න ගේ සමකෝණී සින්දුවේත් කෙල්ලෝ දෙන්නා බයි-සෙක්ෂුවල් වෙලා දෙන්නා අතර ලෙස්බියන් සම්බන්ධයක් නොතිබුණොත් ත්‍රිකෝණයේ තුන්වන පාදය හැදෙන්නේ නෑ නේද?

එහෙම බැලුවොත් දයාරත්න ගේ සින්දුව ජ්‍යාමිතිකව වැරදියි. තුන්වන පාදය ගැණ නොකියවෙන නිසා!

108 comments:

  1. ගාමිනී ෆොන්සේකා මහතා ලියපු, සුජාතා අත්තනායක මහත්මිය ගයන "සුදෝ මම ආදරෙයි" කියන ගීතය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි - මං හිතන්නේ මං ඒ ෆිල්ම් එක බැලුවා!

      Delete
    2. ලස්සනම මියුසික් තියන සුපිරි ගණයේ සින්දුවක්.. ෆිල්ම් එක නම් බලලා නැත..නමුත් ඔය සින්දුව ම්ගේ ප්ලේ ලිස්ට් එකේ උඩ හරියෙන්ම තියෙන එකක්

      Delete
    3. ලින්ක් එකත් දාන්න පුළුවන් නං අගෙයි

      Delete
    4. ආ මෙන්න ලින්ක් එක.. ඔබා මාමා ඉල්ලුවම ඉතින් නොදී බෑ නෙව..

      youtubeLink
      DonloadLink

      ඔන්න කතන්දර කිව්ව විදියට ලින්ක් දෑම්මා..

      Delete
    5. http://www.youtube.com/watch?v=mlyYg84kiZQ

      මෙයට වඩා හොද Video එකක්(එතුමිය ITN එකේ ගයපු එකක්) මීට කලින් මම you tube වලින් download කලා.අද හෙව්ව හෙව්ව හොයාගන්න බැරි උනා.මේකේ visuals ගැලපෙන්නේ නෑ.හඩ නම් ITN තිබ්බ එකම තමයි.මට හිතෙන විදියට චිත්‍රපටියේ හඩ නෙවෙයි.

      සංගීතය සරත් දසනායක මහතාගේ.

      Delete
    6. @ජයශ්‍රී : මාත් හොද එක හෙව්ව හෙව්ව හොයාගන්න බැරි උනානෙ.. පුලුවන්ද ඩවුන් කරපු එක ආයෙ අප් කරන්න?

      Delete
    7. මෙන්න සුධීර upload කළා.

      http://youtu.be/VfcAe2Ibrlc

      (වැඩකරන ලින්ක් දාන හැටි නම් තේරුණේ නෑ.copy paste කරන්න)

      Delete
    8. Film එක : මයුරුගේ කතාව ... මට මතක විදියට මේ සින්දුව අමරදේව මාස්ටරුත් ඒ ෆිල්ම් එකෙම කියනවා

      Delete
  2. එඩ්වඩ් සමඟ සුනිල් එදිරිසිංහ මහතා ගයන"පෙම් කලේ අපි එක මලට "

    ලූෂන් බුලත්සිංහල මහතා ලියපු, රනිල් මල්ලවආරච්චි හා හර්ෂ බුලත්සිංහල ගයන "ඒ මගේ මලයි" ගීතය.

    හිංදි ගීයක් වන "පාපාකේ තෙහේ බඩා නාම් කරේගා" ගීයේ තනුවට වචන දාපු "ඈ මාගේ හිත ගත්ත පෙම්වන්තී" ගීතය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි -
      "පෙම් කලේ අපි එක මලට " - ඒක වෙනමම කතන්දරයක්. මා මේ දැන් පරණ ෆොටෝ එකකුත් බැලුවා.

      Delete
    2. ඒ කතන්දරෙත් කියන්න.

      දවල් බස්එකේදි මතක් වුණා තව ගීයක්.දුකා ඒක ලියල පහල.මෙන්න ලඟින් යන තව එකක්, මිල්ටන් මල්ලවආරච්චි ගයන "අවසර නැත මට ඔබේ අත ගන්නට-බැමි බැද ඇත ලොව සතර දෙසේ"

      Delete
  3. Threesome songs :D

    ReplyDelete
    Replies
    1. universal male dream?!?

      අදහස හොඳයි (වගේ) ඒත් පැහැදිලි මදි!

      Delete
    2. ත්‍රීසම් යනු තිදෙනෙක් ලිංගික ක්‍රියාවලියේ එකට යෙදීමයි.
      http://en.wikipedia.org/wiki/Threesome

      ඔබ කිව්වේ නොදැනද? එය පිරිමි ෆැන්ටසියකි!

      Delete
    3. ෆැන්ටසිය kiyanne mokakda?

      Delete
  4. අර පළවෙනි සින්දුවට අපි ඒ කාලෙ කිව්වෙ දයාරත්න රණතුංග මහත්තයගෙ ජ්‍යාමිතිය පාඩම කියල.... එක කාලයක් සින්දුවක් කියන්න අවස්ථාව ලැබෙනකොට මං නිතරම කිව්වෙ නන්දා මාලිනීගෙ 'රන් කෙන්දෙන් බැඳ....' සින්දුව... අර දුහුළු මලක් ෆිල්ම් එක බැලුවායින් පස්සෙ මම මගේ හිතෙන් ඒ කතාවයි මේ සින්දුවයි එකට සම්බන්ධ කරලා ලස්සන දුක් කතාවක් හිතේ මවාගෙන හිටිය ඒ කාලෙ... ඒ නිසා බොක්කටම වැදිච්චි සින්දුවක් ඒ....
    මේ අනිත් සින්දු දෙකත් එක එක කාලවලදි ආසා කරපු සින්දු... ඔය කපුගේගෙ සින්දුව ගැන ලස්සන කතාවක් කිව්ව කලකට ඉස්සර 'ඔබ නොදුටු ලොවක්' ද කොහෙද....
    ජයශ්‍රී කියපු ඔක්කොම සින්දු මං අහලා තියෙනවා වගේ ම ලස්සනයි....
    තව සින්දුවක් තිබුණ නේද සමිතයි මරියසෙල් නුයි කියන... මට දැන් මුල් වචන ටික ඔළුවට එන්නෙ නෑනෙ.... කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව නම් මතක් කරල දෙන්නකෝ....

    ReplyDelete
    Replies
    1. 'මුළු රැයක් පුරා.......' කියන සින්දුව... මෙන්න ලින්ක් එක...
      http://www.youtube.com/watch?v=54PkjwEKChk

      Delete
    2. ස්තුතියි -
      කිව්වහමයි මතක් උනේ මා ගාව තියෙනවා සීඩී එක. මං හින්නේ ආදර ගී එකතුවක තියෙන්නේ.

      Delete
  5. කපුගේ ගෙ සිංදුව තුන්කොන් එකක් නෙවෙයි නේ.. එයා කලින් එක ඉවරවෙලා අලුත් එකක් පට්ටාං අරගෙන තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට සින්දුව කියන එකා තමාත් ලව් වගේ නේද?

      Delete
    2. ඒක නිකං ලවු එකකට වඩා ජෙලස් එක වගේ නේද..?? "මාව දාලා ඌ ගාවට ගියාට හිටපං දෙඤ්ඤං බැටේ" කියලා කේලමක් කියනවා වගේ නෙවෙයිද..??

      Delete
    3. ආදරය <==> අයිති කර ගැනීමට ආශාව

      ඔය සින්දුව අහලා අළුත් කොල්ලා බූට් එක දුන්නාම ගිහින් නලවන්න පුළුවනිනේ.

      Delete
    4. එහමනං සුභ ප්‍රාර්ථනා කියමන්..ඒකත් ඔය ගොන්න්නෙනෙ?

      Delete
  6. මියුරු,

    සමිතයි-මරියසෙලුයි කියන්නෙ 'මුළු රැයක් පුරා ඔබ ඔහු ළග' කියන සිංදුව..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුරා... මටත් පස්සෙ මතක් වෙලා ලින්ක් එකත් එක්කම දැම්ම උඩ....

      Delete
  7. මම දන්න විදිහට සනත් නන්දසිරි ගායනා කරන “වරදක් කළත් හිතකින් නොවේ“ සිංදුවනම් මව පිළිබඳව පෙම්වතියට කියන අවස්ථාවක්.. මව ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වෙලා....

    ඊට අමතරව “රන් කෙන්දෙන් බැඳ“ සිංදුවෙන් කියන්නේ විවාහක කාන්තාවකගේ අනියම් සම්බන්ධයක් ගැනයි කියන්නේ...

    ReplyDelete
    Replies
    1. /* “වරදක් කළත් හිතකින් නොවේ“ සිංදුවනම් මව පිළිබඳව පෙම්වතියට කියන අවස්ථාවක්. */

      සමහරු එහෙම හිතනවා. ඒත් වචනවලින් එහෙම අරුතක් එන්නේ නෑ කෙලින්ම.

      Delete
    2. /* ඊට අමතරව “රන් කෙන්දෙන් බැඳ“ සිංදුවෙන් කියන්නේ විවාහක කාන්තාවකගේ අනියම් සම්බන්ධයක් ගැනයි කියන්නේ... */

      ඇයි බැන්දම ලව් නැද්ද?
      ඒක ලව් මේකින් කතාවක්!

      Delete
  8. කපුගේ එක තුන්කොන් එකක් නෙමෙයි..මම කියන්න කට ගත්තා විතරයි උඩ Burathano කියලනෙ..ඒකෙ තියෙන්නෙ බූට් කාපු කොල්ලෙක්..කෙල්ලව අලුතින් දා ගත්තු කොල්ලට කියන කතාවක්..ඌට ඕනෙ ඒක කඩලා දාන්නද කොහෙද?

    මම ප්‍රශ්නයක් තියෙනවා..තුන්කොන් කියලා කියන්නෙ
    එක කොල්ලට කෙල්ලො දෙන්නෙක් ට්‍රයි නැත්නම් එක කෙල්ලට කොල්ලො දෙන්නෙක් ට්‍රයි කරන එව්වද?
    නැත්නම් එකපාර කොල්ලො දෙන්නෙකුට එක කෙල්ලෙක් කරපුවයි කෙල්ලො දෙන්නෙකුට එක කොල්ලෙක් කරපුවයිද?

    මම එහෙම ඇහුවෙ කතන්දර මාමා දාලා තියෙන මුල් සින්දු දෙක වැටෙන්නෙ දෙවෙනි ගනයට..
    ජය ශ්‍රී කියන ඒ මගේ මලයි වැටෙන්නෙ පළවෙනි ගොඩට..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. තුන් දෙනෙක් සම්බන්ධ නිසයි ත්‍රිකෝණයක් වෙන්නේ. විවිධ ප්‍රබේධ තියෙන්න පුළුවන්.

      දයාරත්න ගේ සමකෝණී සින්දුවේත් කෙල්ලෝ දෙන්නා බයි-සෙක්ෂුවල් වෙලා දෙන්නා අතර ලෙස්බියන් සම්බන්ධයක් නොතිබුණොත් ත්‍රිකෝණයේ තුන්වන පාදය හැදෙන්නේ නෑ නේද?

      එහෙම බැලුවොත් දයාරත්න ගේ සින්දුව ජ්‍යාමිතිකව වැරදියි. තුන්වන පාදය ගැණ නොකියවෙන නිසා!

      Delete
    2. හිකිස්.. ඔන්න සිදුවට සුපිරි ගණ්යේ විවරණයක් :D :D.. අපි ඕලෙවල් වලදී අපේ ගණං සර් කිව්වා ඔතෙන්ට එන්න ඕන සමකෝණී ත්‍රිකෝණයක් නෙමෙයි සමපාද එකක් කියල.. මට එදා කිව්ව ලොජික් එක අද මතක නැති උනත්, 'සමපාද' කෑල්ල එච්චර රයිම් නොවේය කියන එක නම් දන්නව.. :D

      Delete
    3. ඈ බං, සමකෝණි ත්‍රිකෝණයක් කිවුවත්, සමපාද ත්‍රිකෝණයක් කිවුවත් දෙකම එකයිනෙ.. පාද දිගින් සමාන නං කෝණ ඉබේම සමාන වෙනවනෙ..

      Delete
    4. සුධීර ට දැන් ඕලෙවල් කාලේ අමතකයි වගේ. ගුරුවරයා කියන්න ඇත්තේ මේක සමද්වීපාද ත්‍රිකෝණයක් (ඇත්තටම ඒ සමාන කෝණ දෙක හැදෙන පාදය ගැන සින්දුවේ සඳහනක් නෑ) ගැන විය යුතුයි.

      Delete
    5. "තුන් දෙනෙක් සම්බන්ධ නිසයි ත්‍රිකෝණයක් වෙන්නේ."
      එහෙනම් 'පලංචියේ ලී ඉරුවේ' දාන්නත් පුලුවන්..

      @Buratheno :ඔයා කියන අර්ථයෙන් සමකෝණී වෙන්නෙ සමපාද ත්‍රිකෝණය විතරනෙ..පාදයක් එහා මෙහා උන ගමන්..කෝණ අසමාන වෙනවා..
      ඒත් මට මතක හැටියට නම් ගණන්වල සමකෝණී ත්‍රිකෝණ කියලා ත්‍රිකෝණ දෙකක කෝණ සමානද කියලා සංසන්දනය කරන එක තමයි කරන්නෙ..
      ඊට පස්සෙ කියනවා ත්‍රිකෝණ දෙක සමකෝණී නම් ඒ ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද අතර අනුපාතය සමානයි කියලා.. (මගේ ගණන් පාඩම :))

      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
    6. හික්ස්.. ඕලෙවල් පෑත්තකින් තියමු, ගිය සෙමෙස්ටරේ කරපුව මේ සෙමෙස්ටරේ මතක නෑ කිව්වම...

      @Buratheno : සමකෝණී ත්‍රිකෝණයක් කියලා දෙයක් නෑ මම හිතන්නේ.. ත්‍රිකෝණයක පාද සමාන වෙනවනම් ඒකෙ කෝණ සමානයි. අනෙක් අතට තියෙන්නෙ සමකෝණී ත්‍රිකෝණ(බහුවචන ) කියල එකක්.. ඒ කියන්නෙ ත්‍රිකෝණ දෙකක අනුරූප කෝණ සමාන වෙන එක. (කෝ කෝ කෝ අවස්ථාව ) එතකොට අනුරූප පාද අතර අනුපාත සමයි.. ආයෙත් කියන්නෙ මගේ මතකය ගැන කිසිම ගැරන්ටියක් නැත..

      හරී++ :මතක් කලාට තෑන්ක්ස්

      Delete
  9. "වරදක් කළත්" සින්දුව ගැන මම අහලා තිබුණෙත් කොල්ලා තමන්ගේ අම්මා සහ පෙම්වතිය අතර ගැටුමකට මුහුණ දෙන සීන් එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. කියන්නා කෙසේ කීවත් අසන්නා තමන්ට කැමති පරිදි තේරුම් ගත යුතුයි.

      Delete
    2. ප්‍රනීත් ගෙන් අහන්න වටිනවා!

      Delete
  10. ඔය උඩ තියෙන සින්දු ටික සුපිරිම කැටගරියෙ එව්වා... මෙන්න මේ සින්දුවත් අහල බලන්න. මේක ටිකක් නව තාලෙ එකක්.. Heart FM ෆිල්ම් එකේ.. හැබැයි දඩ බඩ සද්ද නෑ.. මේකෙ තුන් කොන හැදිල තියෙන්නෙ කොල්ලයි කෙල්ලො දෙන්නයි විදියට.. සින්දුවෙන් කියන්නෙ නම් කොල්ලට දෙකෙන් කාට හිත දෙන්නද කියල හිතා ගන්න බැරි සීන් එකක්..

    <>

    මෙන්න ලින්ක් එක : http://www.youtube.com/watch?v=7X24qPPFZ6k

    ReplyDelete
    Replies
    1. සිහින මන්දාකිණියේ...
      ගලන තරු නෙතු දහරේ....
      සිත ගලායයි ...
      දිලෙන තරුවද සැලෙන තරුවද ආදරය අයදින්නේ
      ජීවිතය සරසන්නේ...


      -- ලෙස්ලී තෝමස් ,මරියසෙල් & දීපිකා --

      Delete
    2. ස්තුතියි -

      (to leave a working link wrap your URL in a pair of HTML A tags.)

      Delete
  11. සුභ ප්‍රාර්ථනා කියමන්

    ReplyDelete
    Replies
    1. සමහර සින්දුවල තේරුම කෙලින්ම හිතට වදින්නේ නෑ නේද?
      ස්තුතියි!

      Delete
  12. රචකයා මේ වචන ගැන එච්චර තේරුමක් තියෙන කෙනෙක් නෙමෙයි වගේ. ඒ වචනෙ සින්දුවට දාල තියෙන්නෙ ශබ්ද රසයක් එකතු කරන්න විතරයි. ඒ හින්දා ඒ ගැන සීරියස්ලි කතාකරන එක එචචර තේරුමක් නැහැ. සමකෝනීද, සමද්වීපාදද, අංගසමද.... රචකයා දන්නවන් දෙකොනින් හිනාවෙයි! බලාගෙන යද්දි මම මාර සින්දුවක්නෙ යකෝ ලියල තියෙන්නෙ කියල...

    මතකද මේ පද වැල..ගුක ගේ "කවුරුත් එන්නැති" කියන ජනප්‍රිය සින්දුවේ.
    "සියොලඟ මිහිදුම් සලු අතුරාලා මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී"

    මේකෙ මේ "මන්දාකිනියේ" කියල කියල තියෙන්නෙ ඒක නිකන් "සොඳුරියේ", "උමයන්ගනියේ", "සුරලාලනියේ", "රුචිරානනියේ", "සුනිල් සුලෝචනියේ" වගේ එකක් කියල හිතල වගේ නේද?

    - සනාත

    ReplyDelete
    Replies
    1. නෑ නිකන් බැලකනියේ වගේ අදහසකින්!

      Delete
    2. ඔය වගේ තමයි 'ගෝවෙ ගෑණු පරාදයි' එකෙත් 'මාලිගෙ.... මාලිගෙ...' කියල කෑල්ලක් තියෙනවා ඒත් මාලිගෙ මොනවද කියල කියන්නෙ නෑ..

      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
    3. එතන තියන්නෙ "මා කුමරා ඔබ කුමරිය දිව්‍ය මාළිගේ" කියලනේ, එතකොට ඒක හරි නේද 'හරි'..?? :)

      Delete
    4. @Buratheno :මම ජෝකයක් කළේ..හි..හි..

      Delete
  13. බිරිඳ මගේ ඔබ? මේක මම හිතන්නෙ සෘජුකෝණාස්‍ර වෙන්න ඕන!

    එතකොට "ඔබයි මම මැවූ සිහින", "මගෙ දෑසෙ කඳුලු තව දෑසක සතුටු කඳුලු" මෙව්වත් ත්‍රිකෝණ ප්‍රේම වෙනව!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      බිරිඳ මගේ ඔබ - මං හිතුවේ සරල රේඛාවක් කැඩී යන එකක් කියලා.

      අනිත් සින්දු දෙක නං අහල නෑ.

      Delete
    2. http://blogvampa.blogspot.com/2010/08/blog-post_15.html

      http://dukaa.blogspot.com/2010/07/blog-post_10.html

      Delete
  14. අර උඩින් කියල තියෙනවා වගේ කපුගේ ගේ සින්දුව නම් බූට් සීන් එකක්...අනිත් සින්දු ටික නම් සිරා...
    සුධීරගෙයි හරිගෙයි ගණන් පාඩමයි හරි..(මගේ මතකයේ හැටියට..)

    ReplyDelete
    Replies
    1. දයාරත්න ගේ ත්‍රිකෝණ සින්දුවේ- කොල්ලා දෙන්නාටම හිතයි. කෙල්ලෝ දෙන්නා කොල්ලාගේ ආදරය පතයි. ත්‍රිකෝණයේ පාද දෙකක් සෙට්. කෙල්ලෝ අතර පාදය හිස්.

      කපුගේ ගේ ඔබ පෙම් කරනා එකේ. කොල්ලයි කෙල්ලයි ලව්. පරණ කොල්ලා තාමත් ලව්. පාද දෙකක් සෙට්. තුන්වන පාදය කොල්ලෝ දෙන්නා අතර - ඒක හිස්.

      Delete
    2. හැක්..හැක්..

      පාදයක් හිස් නම් එතන ත්‍රිකෝණයක් කොහෙද බොලේ..පාද දෙකේ ත්‍රිකෝණ තියෙනවැයි...

      ඔය කියන විදිහට ඒ පාද දෙක සැට් නම් දිගින් සමානනම්..වෘත්ත ඛන්ඩයක අරයන් කොරන්න පුලුවන්..

      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ක්ලැරන්ස්ගෙ, "සඳ පානේ ගමන් යන්න" සිංදුවෙත් ඔයවගෙ පොඩි මෙව්ව එකක් තියෙනව නේද?

    ReplyDelete
  17. bathiya santhish සිහින පැතුමන් ඈගේ ( ඇ)
    http://www.youtube.com/watch?v=gt87kWDSy0s

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      ලින්ක් එක වැඩ කරන්න නම් HTML A ටැග් යුගලක් දාන්න.

      http://www.youtube.com/watch?v=gt87kWDSy0s

      Delete
  18. මට මෙන් ඔහුටද කඳුල ඔබයි . ..
    කඳුල ඔබයි හසරැල්ල ඔබයි . . . //

    තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වී . .
    ආදර ගඟුලක් පෙර ඇදේ
    කාටද ඔබේ අත හිමිවන්නේ . .
    මා වගේම ඔහු විමසන්නේ . .

    මට මෙන් ඔහුටද කඳුල ඔබයි . ..
    කඳුල ඔබයි හසරැල්ල ඔබයි

    කිසිවෙකු රිදවා හිනැහෙනු බෑ මට . .
    එහෙයින් ඔබගෙන් බැහැර යමී
    ඔබටද ඔහුටද සුභ පතමී . . .
    ඔහුටද ඔබටද සුභ පතමී . .

    මට මෙන් ඔහුටද කඳුල ඔබයි . ..
    කඳුල ඔබයි හසරැල්ල ඔබයි . . .

    ReplyDelete
  19. එපා තවත් ඔබ මා රිදවන්නට
    ඇගේ සෙවන මුදු මල් මල් යහනාවක් නම්
    ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
    අඳුරු මතකයෙන් මට සමු දෙනු මැනවී

    මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ
    තව දිවයනු රිසි නෑ . .
    ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
    එහි මහරුත ඔබ තව වටහා ගෙන නෑ . . .

    තව මොහොතක් හෝ මේ පෙම් රංගයේ
    නිළියක වනු පල නෑ . . .
    අවසන් පෙම් සුසුමත් පුද දුන් පසු
    ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ . .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුකා.

      අද (ඉරිදා) ඔෆිස් එකේ වැඩ වගේ!

      Delete
  20. කතන්දරත් දන්න දේවල්! චතුරශ්‍ර, පංචාශ්‍ර, ශඩාශ්‍ර ප්‍රේම වෘත්තාන්ත ගැන සින්දු හෙම නැද්ද?

    ඔය මුල් සින්දුවට අපි ඉස්සර කිව්වෙ ජ්‍යාමිතික සින්දුව කියලා. අංක ගණිත සින්දුව තමයි නිහාල් නෙල්සන්ගේ අර දවසට මෙච්චර හරක් මරනවනම් අවුරුද්දට කොච්චර මරණවද කියල වැඩි කරලා ගණන් හදන එක. වීජ ගණිත සින්දුව පහළ:

    ආදරයේ ඔබ ඔබමයි (x=x)
    ඔබ මා නොව (x අසමානයි y)
    මා ඔබ නොව (y අසමානයි x)
    හඳුනාගත්තොත් ඔබ මා (x = ?)

    ReplyDelete
    Replies
    1. බලන්න මේ සින්දු ගොඩ. හැම සබ්ජෙක්ට් එකක් ගැනම වගේ තියෙනවා.

      1. http://kathandara.blogspot.com.au/2010/09/blog-post_05.html

      2. http://kathandara.blogspot.com.au/2010/09/blog-post_08.html

      !

      Delete
  21. මල්ලිකා කියා රැවටිලා . .
    මට කතා කලාදෝ . .
    මල්ලිකා මගේ නම නෙමේ
    ඇයි නොදන්නවාදෝ . .

    ඒ වුනත් කාරි නෑ
    ඒ නමත් ලස්සනයි ..
    ආදරෙන් කීවොතින්
    මට කොයි නමත් ලස්ස්නයි . .

    ඒ නමින් කවුරු හෝ
    ඔය හිතේ ඉඳීදෝ
    පෑරුනා සිත මගේ
    ඔව් ඒ තමා ආදරේ

    - මරියසෙල් -

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වැරදිලා නං?

      Delete
    2. ඇයි තව ඊයේ රැ ඔබ හීනෙන පැවසු ඒ උපුලි කවුදෝ ..

      Delete
  22. කතන්දර දන්නවද බුදු හාමුදුරුවො කියන සින්දුවකුත් තියෙන්නෙ...

    යසෝදරා...යසෝදරා...
    සිතේ නැඟුණු කල කිරීම කුමරිය - ඔබ පමණයි දැන සිටියේ පෙර සිට...

    ReplyDelete
    Replies
    1. ඕක කියන්නේ සිදුහත්. අස්සයා පිටේ යන ගමං!

      Delete
  23. කමෝන් දුකා..... වන් මෝ..... වන් මෝ...

    ReplyDelete
    Replies
    1. දුකා අද ඔෆිස් එකේ බරටම වැඩ!

      Delete
    2. ඔන්න ඔන්න ඉතිං ඕකනේ බැරි . .

      Delete
  24. කාන්තාවකට සිංහයෙක් පෙම් කලා වගේම මුවෙක් පෙම්කල බවකුත් ගීයකින් කියවෙනවා
    "නංගිගෙ හිත ලඟ කවුරුද මුවා උනේ...."

    ReplyDelete
    Replies
    1. ඇයි මාළු කාරයින් ගේ ගීතය

      තෝරා දෙමි මං ප්‍රේමයේ පාඩම්
      තෝරා දෙන්න..

      !

      Delete
    2. ජෝතිපාල මහත්තයාගේ "මුවා" සිංදුව????

      Delete
  25. හර්ෂගෙයි රනිල්ගෙයි " ඒ මගේ මලයි" සිංදුවට මම ආසයි... කපුගේ මහත්තයාගේ සිංදුවට තමයි වැඩිම මනාපේ..

    ReplyDelete
  26. මේකෙනම් පොස්ට් එකට වඩා කොමෙන්ට් ටික සාරවත්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බ්ලොග් වල බලේ. පාඨකයෝ නැත්තං ලියන්නෝ නො වෙයාර්!

      (අනිත් අතට කමෙන්ට් එන්නේත් පෝස්ට් එකේ තරමට තමයි.)

      Delete
    2. hee heee පෝස්ට් එකේ තරමට වඩා තුන්කොන් ප්‍රේම අත්දැකීම් බහුතරයකට තියෙනවා වගෙයි .......... :D ;)

      Delete
  27. Mage kadulin nimaaavuu mawathe mawathe.......

    Sayiman ayiyayi martin goyiyayi hodhama yaaluwoe dennaaaaaa.... - ethakota me sinduwea hade mokakdha kasuu.....?

    ReplyDelete
  28. එඩ්වර්ඩ් ජයකොඩි : මගෙ කඳුළින් නිමාවූ

    ReplyDelete
  29. ඔහොම බලාගෙන ගියාම තියෙන තරමක් තියෙන්නෙම ත්‍රිකෝණ තමයි..
    දීපිකා ප්‍රියදර්ශනී නෝනයි දිවුල්ගනේ මහත්තයයි කියන "මුදු මුහුණේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද"

    තව දාහක් උනත් හොයන්න පුළුවන් වෙයි..:D

    ReplyDelete
    Replies
    1. ""මුදු මුහුණේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද""

      ඒක අනන්ත ලක්ෂ්‍යන් සහිතවූ වෘත්තයක් ගැන කියවෙන්නෙ.

      Delete
    2. ඇයි දීපිකා කොල්ලෙක් චූ කරන එක ගැන කියන සින්දුව..
      'බිම තෙමන්නෙ වැහි විතරද?' එක..

      අසංක ප්‍රියමන්තගෙ 'පුංචි පුතා හින්දයි මම හවස ගෙදර එන්නෙ'..

      දීපිකාගෙම 'මගේය ඔබ දැන් මගේය ...'

      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
    3. //දීපිකාගෙම 'මගේය ඔබ දැන් මගේය ...'//

      හරි එක ඇගේය ඔබ දැන් ඇගේය

      Delete
  30. පෝස්ට් එක නම් බැලුවා.... මට නම් ඒ ගැන නෝ අයිඩියාස් !!!

    ReplyDelete
  31. මං මේ අධයාපන සහතික හොයනව, ජ්‍යාමිතිය පාස්ද ෆේල්ද බලන්න....හොයන කොට චරිත සහතිකයක් හම්බුනා...ඒක ලියල තියෙන්නෙ බ්ලොටින් පේපර් එකක... කෑමට 100 % යි ... බීමට 100 % යි ...හැසිරීමට 0 % යි කියල තිබුනෙ ඒකෙ නං

    ReplyDelete
    Replies
    1. හැසිරීමට 0% ලැබුන එක ගැන සන්තෝස වෙන්ට.. :P

      Delete
  32. ඇයි ප්‍රේම ත්‍රිකෝණ අටපට්ටම් විතරක්??? ප්‍රේම පුරා "වෘත්ත " එහෙම ගනන් ගන්නේ නැද්ද???

    ReplyDelete
  33. මේ සින්දුවෙ මුලදි තියෙන්නෙ වෙන කතාවක්.. අගට යනකොට ත්‍රිකෝණෙ සෙට් වෙන්නෙ...

    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලදේ

    බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
    මා අභියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ලතවෙන
    මා අභියස ඔබ සයුර නොවේ

    අවසර නැත මට...

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
    ඔබ කැදවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ

    ReplyDelete
  34. අර 'වරදක් කලත් හිතකින් නෙමේ' සිංදුවේ එන ගැහැනු දෙන්නා අම්මයි, වයිෆුයි කියන කතාව ඇත්තද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් මමත් අහල තියෙන කතාවක්, තමන් කැමති වීදීයට අර්ථකථනය කරන්න පුළුවන් වෙන්න තමයි මේ සින්දුව ලියල තියෙන්න මට තේරෙන විධියට

      Delete
  35. Mama dawasak rupavahini wedasatahanaka ahapu widiyata, sama koni thrikonayaki geethaya thun kon premayak gena kiyawena deyak nemei.. Eka ammath, birindath athara dolanaya wena kenekugege kathandarayak..

    Kathandara puluwannam megena hoyala balanna..mata mathaka widiyata me geethaye padha rachanaya Kalo Fonseka mahathmayage..ethumama thmai me gena Rupavahiniye kiwweth..

    ReplyDelete
  36. අදමයි මේ පැත්තෙ ආවෙ මටත් සිංදුවක් මතක් වුනා කසුන් කල්හාර කියන " පමාවී පිපුණ මල් සුවඳයි " කියන සිංදුව.ඉන්දිකා උපමාලියි උරේශයි එක්ක කියන්නේ අහලා බලන්නකො මේක අංජලිකා ෆිල්ම් එකේ සිංදුවක්.


    http://www.youtube.com/watch?v=fhJarWCLzew

    ReplyDelete
  37. තුන්කොන් ආදර කතාව වලට දස්කොන් ප්‍රෙමිලා ගන්න බෑ ද ?

    ReplyDelete
  38. අදයි මතක් උනී, අර රුක්මණී දේවි ගයන "ආදරයයි...කරුණාවයි...හිමි බැතියයි ...මා සිත පාරයි..."කියන්නෙත් නියම තුන්කොන් සින්දුවක් තමයි.

    ReplyDelete
  39. මා හඬනා කඳුළු ගලා
    සැදුන කඳුළු සාගරේ
    ඔබ ඇය හා ඔරු පැද පැද
    සිනාසුනේ ඇයි
    - නන්දා මාලනී

    ReplyDelete
    Replies
    1. this is the song! love it, feel it, thanks for the remind (y)

      Delete
  40. waradak kalath sinduwen kiyanne thumkon adarayak gana nwe mama hitanne...eke kiyanne amma ganai wife ganai...kage patta gannada hitaganna bariwa inna seen ekak...:)

    ReplyDelete
  41. ඇයි පමා වැඩී ඔබ පමා වැඩී..සින්දුව

    ReplyDelete
  42. ඇයි රාජු බංඩාර ගායනා කරන රන් මලක් ලෙස ගෙන පුදන්නට සිංදුව

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. චාමර වීරසිංහගේ ප්‍රේමය පුද දී අවසානයි...............

    ReplyDelete
  45. තැඟිලි බැදුනේ ඇයි මේ විලසින්
    ඔබ හමුවෙන්න කලින්
    සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
    අන්සතු ළඳකි මෙමං...

    ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
    මා හට නොමැත වරම්...
    මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
    ඔබේ රුව දකින තරම්...
    සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
    අන්සතු ළඳකි මෙමං...

    සිත සිත ඔබ ගැන දින දින ල්තැවෙන
    වෙන මා කරමි කුමක්...
    හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
    එය මා සිතට දුකක්...
    සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
    අන්සතු ළඳකි මෙමං...

    සිතු පැතු සැමගේ නැහැ ඉටුවන්නේ
    ලොව අප පතන ලෙසින්
    මතු එක් වෙන තුරු යළි වෙන්වෙමු අපි
    ඔබහට ආයුබොවන්
    සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
    අන්සතු ළඳකි මෙමං...

    ReplyDelete
  46. ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය
    මගේය එනමුත් මගේය හදවත මගේය
    අගේය ඔබ මට අගේය කදුලැලි නැගේය
    මගේය ඔබ නම් මගේය සැමදා මගේ

    (Deepika Priyadarshani Peeris)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.