Tuesday 15 March 2011

ගෑනු බොස් ලා හෙවත් බොසී ලා - Who wants to work under a lady boss?


සාමාන්‍ය ජීවිතයේ අපිව කවුරුත් බොස් කරනවාට අපි අකමැති වුණත්, වෘත්තීමය වශයෙන් ඒකෙන් ගැලවෙන්න බෑ. තමන් ගේ ම බොස් වෙලා කන්සල්ටින් කළත්, ඉතිං චෙක් එක ලියන එකා තමයි ඇත්ත බොසා.

කාන්තාවන් ට සම තැන ලැබීම ගැන ලංකාව ඉතිං අති ප්‍රසිද්ධයි නේ. ඒ හින්දා අපි වැඩ කරන බොහෝ තැන්වල ගෑනු බොස් ලා හෙවත් බොසී ලා ඉන්නවා.

බොසී ලා ගැන කියන කොට මට මතක්වෙන ප්‍රශ්ණයක් තමයි කාන්තාවකට වඩා හොඳ කාන්තා බොස් කෙනෙක් ද, නැත්තං පිරිමි බොස් කෙනෙක්ද? කියන එක.

ඒ ප්‍රශ්ණයට උත්තර හොයන්න කලින් මෙන්න මේ කතන්දරේ කියවල ඉන්නකෝ.

ඔන්න අර මං අවුරුදු හතරක් කල් මරපු නුවර තිප්පොළෙන් අවුට් වෙලා අවුරුද්දක් විතර ගෙවුණු කාලේ මට සෙට් වුණා වෘත්තීමය වශයෙන් හොඳ පිළිගැනීමක් තිබුණු, රජයට සම්බන්ධ තැනක රස්සාවක්. මේ වෙනකොට මං ජොබ් දෙකක් විතර කරලා, ඒ මදිවාට හොඳට කට්ට කාලා හිටියේ.

මෙතෙනට මේ මැවිසුරුවන් ව සේවයට අරං තිබුනේ අවුරුදු ගණනාවකට පස්සෙයි. කොම්පැනියේ සේරම ලොක්කෝත් මැවිසුරුවෝම තමයි. කොටින්ම, සප්ලයිස්, පර්සනල් ඩිපාට්මන්ට් වල බොස් ලා පවා මැවිසුරුවෝ. (මැවිසුරුවෝ = engineers)

මාත් එක්ක තවත් පොරවල් නම දෙනෙක් වැඩ පටන් ගත්තා, කාන්තාවන් ට සමතැන හින්දා පොරියෙකුත් හිටියා මේ පිරිසේ.

ඔන්න ප්ලෑන් එක තිබුනේ මෙහෙමයි. මුල් සති දෙකේ අපිට කොම්පැනියේ එක එක අංශ ගැන කතා සහ නැරඹීම්. ඊ ලඟට මාසෙ ගානේ එක එක අංශවල වැඩ පුහුණුව. මාස හයක් ගියාම තමයි ප්ලේස්මන්ට් දෙන්න හිටියේ.

මුල් සති දෙක ඉවරවෙලා අපි තැන් තැන්වලට ගියාට කරන්න කියල එහෙමට වැඩක් තිබුනේ නෑ. අපි පැය ගණං කැන්ටිමේ තේ බොන හැටි බලා ඉන්න බැරිම තැන, අන්තිමේදී බොස් ලා තීරණය කෙරුවා අපිට වහාම ස්ථිර ප්ලේස්මන්ට්ස් දෙන්න.

ඔන්න මහා මීටිමක් කෝල් කෙරුවා.

බෝඩ් රූම් එකේ තඩි මේසේ එක පැත්තක අපි දහදෙනා. අනිත් පැත්තේ අංශ ප්‍රධාන බොස් ලා. ඒ.ජී.එම් ල තුන් දෙනත් හිටියා. ජෙනරල් මැනේජර් තමයි මීටිම ගෙනිච්චේ.

රවුන් ද ටේබල් ගිහින් අපෙන් ආගිය තොරතුරු අහලා කිව්වා මෙන්න මේ මේ සෙක්ෂන්ස් වල වේකන්සීස් තියෙනවා කැමැත්ත කියන්න කියලා ඒ වෙලාවේම.

කවුරුත් කතා නෑ. ඇයි මේක ගහෙන් ගෙඩි එන්නැහැ නේ වුනේ. අනික අපි හැමෝම වගේ වයස විසි හතරේ පොඩි කොල්ලෝ නේ! (කෙල්ලෙකුත් හිටියා හොඳේ).

ඒ පාර ඔතන හිටපු එක කට හැකර ඒ.ජී.එම් කාරයෙක් කිව්වා අපි කතා නැතිව ඉන්න කොට "එහෙනං ඉතිං ගෙදර තමයි යන්න වෙන්නේ!" කියලා.

ඒ පාර ජී.එම්. කාරයා මේසේ එක කොනක ඉඳන් මොන සෙක්ෂන් එකට යන්නද කැමති කියලා අහන්න පටන් ගත්තා. මුලින්ම හිටිය පොර කිව්වා ඌ යන්න කැමති සෙක්ෂන් එක. ඔන්න ඌට ඒ ජොබ් එක දුන්නා. ඊ ලඟට හිටිය එකාගෙන් ඇහැව්වා. ඌ කැමති එක ඌට දුන්නා.

මළ සේක කිව්වලු. මං හිටියේ අනිත් කෙලවරේ ම වගේ. මට තේරුණා මට ලැබෙන්න යන්නේ අනිත් උං ටික අඩුවෙන්ම කැමති ජොබ් එක කියලා.

වෘත්තීමය සුදුසුකම් ගන්න හිතාගෙන මේ කෝපරේෂන් එකට ආවට, ඇත්තටම මේ වෙනකොට මං හිතාගෙන හිටියේ කොම්පැනියේ ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන් එකට යන්නයි. ඒකට හේතුව තමයි ඔය ෆැක්ටරි ෆ්ලෝ-වල දාඩිය කනවට වැඩිය ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන් එකේ, ඒ.සී. කාමරේ ඉන්න එක හොඳ නේද කියල හිතිල තිබුණ හින්දයි වැඩි වශයෙන් ම.

මේ සෙක්ෂන් එකට හිටියේ බොසියක්!

ජී.එම් කාරය පෝලිමේ ජොබ් දීගෙන එනව. තුන්වෙනියට හිටියේ අපේ කණ්ඩායමේ එකම කාන්තා මැවිසුරු කෙල්ල. මෙන්න බොලේ මේකි කිව්වෙ නැද්ද "අයි වොන්ට් ටු ජොයින් ද ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන්!" කියල.

"වැඩේ හරි!" මට හීන් දාඩියත් දැම්ම. "මගේ හීනේ ඉවරයි".

හැබැයි, ජී.එම්. කට අරින්න කලින් කතා කළා ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන් එකේ බොසී.

"ඉෆ් අයි වර් යූ, අයි වුඩ්න්ට් බී ජොයිනින් ද ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන් බිකෝස් අයි ඩෝන්ට් වොන්ට් ටු බී වර්කින් අන්ඩර් අ ලේඩි බොස් (මම ඔයා නං, මං නං යන්නේ නෑ ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන් එකට. මොකද මං කැමති නෑ ගෑනු බොස් කෙනෙක් යටතේ වැඩ කරන්න)" බොසී කියපි.

වරේ වා!

ඔය වහෙන් ඔරෝ කිව්වෙ -අනේ උඹ නං මගේ සෙක්ෂන් එකට එන්න එපා- කියලනේ. කාටත් තේරුණා ඒක.

ඉතිං, ඔහොම කතාවක් ඇහුවහම අර කෙල්ල කොහෙත්ම කැමති වෙන්නේ නෑනේ බොසී යටතේ වැඩ කරන්න.

ඒ විතරක් නෙමේ එතන ඉඳන් මං ඉන්න තැනට එනකං එකෙක්වත් කිව්වෙ නෑ තමුන්ට ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන් එකට ජොයින් වෙන්න ඕනැ කියල.

එයින් පැයකට පස්සේ මං බොසී යටතේ වැඩ ඇරඹුවා.

මං එතන අවුරුද්දක් වැඩ කළා විතරක් නෙමේ, අර පස්තාච්චි කුපාඩි වැඩේ ට ගිහින් ආවට පස්සෙත් තව හරියටම අවුරුද්දකුත් එතන හිටිය.

මං හිතන්නේ ගෑනු බොස් ලා හොඳ පිරිමි සේවකයින් ට තමයි. 'ගෑනු සේවක-ගෑනු බොස්' කම්බිනේෂන් එක ගැලපෙන්නේ නෑ වගේ!

මොකද කියන්නේ?

-කතන්දරකාරයා

ප/ලි:
මේක මගේ වෙන්ට කතන්දර සීයෙන් පිට එකකි. දැන් ඒ සීයෙන් කිහිපයක් ම පලකර ඇත. මුළු ලයිස්තුව මෙන්න මෙතනින් බලන්න.

(image: http://www.theurbangrind.net/?p=2630)

47 comments:

  1. අත්දුටුවය්, සත්තය්.

    ReplyDelete
  2. very true කකා, ගෑණු ගෑණු කොහොමත් වලි නේ.. පිරිමි අපට බොසීලත් එක්ක වැඩ කරන්ට ලේසියි..

    ReplyDelete
  3. ඉතාම හරි කතන්දර මහත්තයෝ........... මට ඉන්නෙත් ලේඩි බොසෙක් තමයි..... ලේඩි බොසාල ජෙන්ට් අන්ඩර්ලින් සුසන්යෝගය තමයි හොඳම........

    ගූගල් බ්ලොග් වල ෆීඩ් වල මොකක් හරි අවුලක්ද??

    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  4. මාත් හිතන්නේ ගෑනු ගෑන් කම්බිනේෂන් එකනම් මෙලෝ හරක් නෑ.. හැබැයි ඔය ඩිසයිනින්ග් පැත්තේ සීන් වලටනම් මරේ මරු... මොකද ගැනු දන්නේ හැඩ වෙන්න විතරනේ...

    ReplyDelete
  5. කතන්දර අයියා හොඳ පිරිමි සේවකයෙක් වෙලා ඉඳලා තියෙනවා වගේ.....

    ReplyDelete
  6. හ්ම් අනේ මන්ද. මම බොසීල දෙන්නෙක් එක්ක වැඩ කරලා තියෙනවා. ඉන් එක්කෙනෙක් මට හිටිය හොඳම බොස්. අනික් එක්කෙනා හිටිය අප්සෙට් ම බොස්. පිරිමි බොස් ල දෙන්නෙකුත් ඉඳල තියෙනවා. ඒගොල්ලන්ගේ කියන්න තරම් අවුලක් නෑ - විශේෂ හොඳකුත් නෑ.

    ReplyDelete
  7. මැවිසුරුවෝ ඈ..හ්? නියම වචනයක්නෙ! කොහෙන්ද කතන්දර මේක හොයාගත්තෙ? ඔයාගෙම නිර්මාණයක්ද? නැත්නම් අරීසෙන් අහුබුදු මහත්තයගෙ වචනයක්ද?
    කොහොමටත් ඔය 'ඉන්ජිනේරුව' කියන වචනෙට මමත් පොඩ්ඩක් වත් කැමති නෑ. එතකොට නිකං එන්ජිමක් තමයි මතක් වෙන්නෙ. ආදිකාලෙ ඉඳන් ලෝකෙ ඉහලම තාක්ෂණය ලංකාවෙ පාවිච්චි කලානම්, ඒව කරවපු මිනිස්සුන්ට හරිහමං නමක්වත් තියෙන්න එපායැ!
    සරත් චන්ද්‍රසිරි මහත්තය දවසක් ලිපියක් ලියල තිබුන, ඒ කාලෙ මැවිසුරුවන්ට කියන්න ඇත්තෙ 'යකා' කියලලු! 'යකා බැඳි වේල්ල' වගේ වචන එන්න ඇත්තෙ ඒකෙන්ලු!නම පොඩ්ඩක් අප්ෂට් වගේනම්, සිවිල් යකා, විදුලි යකා වගේ යෙදෙනකොට ටිකක් ෂේප්ලු!
    ඒත් ඉතින් එතුමාගෙ බිරිඳ කැමති නැතිලුනෙ එහෙම එකෙක් කසාද බඳින්න! ඒ නිසා එතුමා වැඩේ අල්ලල දැම්මලු!

    ReplyDelete
  8. ගෑනුන්ට නම් හොඳ පිරිමි බොසාලම තමා. (විශේෂයෙන් ඇහට කනට පේන, තරුන අයට ) කියන, කියනා විදියට බොසාව නැටෙව්ව හැකි. අත්දුටුවයි. සහතිකයි.

    ReplyDelete
  9. @කලිකාල
    හෆොයි යකින්නක් කියල අහගන්න තිබුණු චාන්ස් එක නැතිඋනා !!

    ReplyDelete
  10. ගැහුණු අයටනම් පිරිමි බොස් කෙනෙක් එක්ක වැඩ කරන එක ලේසියි කියල මාත් හිතනවා. මම වැඩ කළ හැම තැනම ගෑහැණු බොස් කෙනෙක් යටතේ ගැහුණු අය වැඩ කරන විට ගැටුම් කාරී බවක් දැක ඇති නිසා මම එහෙම කීවේ. ඒත් පිරිමි අයට නම් මම මේ දක්වා එහෙම ගැහැණු පිරිමි වෙනසක් දැක නෑ. මම දෙපාර්ශවයේම බොස්ලා එක්ක වැඩ කර ඇති නිසා කීවේ. ඒත් මගේ අත්දැකිම් කතන්දර එක්ක බලන විට නම් අඩුයි තමා.

    ReplyDelete
  11. අක්කලා මල්ලිලාට ආදරෙයි නේ. අනික මල්ලිලා දඟ වැඩ කලත් අක්කලා ෆුල් කවර් එක දෙනවනේ. අක්කගේ පොඩි පොඩි වැඩ වලට මල්ලිගේ අමතර සහයක් ලැබෙනවා නම් තවත් ෆිට් එක වැඩියි.

    පොඩ්ඩිගේ අදහසත් හරි.රුපයෙන් ම ලස්සන වීම අවශ්‍ය නැහැ. ගැහැණු ළමයි වැඩියෙන් කැමති රුපයට වඩා හිතේ/බුද්ධියේ ලස්සනට නේද? වලි දා නොගත්තොත් ගැහැණු ළමයින එක්ක වැඩ කිරීම ලෙහෙසියි. දෙයක් කිව්වොත් ඒ විදිහටම කරලා තියෙනවා.

    ගෙදර ඉන්න බොසිය ලැබෙන තුරු මට බොසියක් ඉඳලා නැහැ. ඒකයි මේ කැරියර් එක ලැගින්.

    ReplyDelete
  12. පිරිමි අයට බොසීලයි ගෑණු අයට බොසාලයි ගැලපෙන හින්දා තමයි කසාද බඳින්නෙ.

    ReplyDelete
  13. මේක කියවද්දී මට මතක් වුණා, "අ ‍ෆිව් ගුඩ් මෙන්" කියන බයිස්කෝප් එකේ මහළු කර්නල්වරයා කියන දෙබසක්...

    ඔන්න පහලින් දැම්මා...

    "There is nothing on this earth sexier, believe me, gentlemen, than a woman you have to salute in the morning. Promote 'em all, I say, 'cause this is true: if you haven't gotten a blowjob from a superior officer, well, you're just letting the best in life pass you by"

    මමත් විශ්වාස කරන දෙයක් තමයි ගෑනු බොස් කෙනෙක් ඉන්න සේවකයෙකුට ලෝකයේ සෙක්සියස්ට්ම අත්දැකීමක් ලබන්න පුළුවන් මූලික කාරණා වලින් එකක් සම්පූර්ණ වෙනවා...

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. අපේ නම් ලොකුම බොසා , දෙවෙනිය බොසී ... අපිත් ඉතින් මොකක් හරි කල්මැරුණ දිග්ගැහුන වැඩක් අරහෙ මෙහෙ තියනම් කෙලින්ම අරන යන්නේ බොසා ලඟට...

    හැබැයි ඉතින් මෙහෙම කතාවක් තියෙනවා.සමස්තයක් විදිහට ගත්තහම බොසා ල එක්ක වැඩ කරන එක බොසීල එක්ක වැඩ කරනවට වඩා ලේසිලු.

    සමහර විට කතන්දරට මේක හොද අත්දැකීමක් වෙන්න ඇති. මොකද පස්සෙන් පහු කොහොමත් කතන්දරට ඉන්න වෙන්නේ බොසියක් යටතෙ නෙව.

    ReplyDelete
  16. මැවිසුරුවා කියන වචනය මා දන්නා තරමට මැවිසුරු ඊලියන් ද සිල්වා විසින් සකසන ලද්දක්. ඔහු එවැනි වදන් සිය ගණනක් මවා තියෙනවා.

    ReplyDelete
  17. නොදකින්...ගෑනු ගෑනු ගැන නම් කතා කොරන්න එපා...කුජීතයි

    ReplyDelete
  18. මමනම් ගැහැණු බොස් කෙනෙක් යටතේ වැඩ කරලම නැහැ. හැබැයි මටත් හිතෙනව ගැහැණු බොස්ලා යටතේ ගැහැණු කට්ටියට වැඩ කරන්න අමාරුයි කියලා.

    ReplyDelete
  19. තාම බොසියක් යටතෙ වැඩකරන්න බැරි උනා නෙ...
    එ අතින් නම් මම පව් අනෙ...

    ReplyDelete
  20. මට නම් බොසිලා ඉදලා තියෙන්නේ එක එක පාරයි..හැබැටි එයා තරම් බොසී ජොබ් එක අනාගත්තු කෙනෙක් මම ජීවිතේට දැකලා නෑ, අනික තමා එයා රාජකාරිය පර්සනල් ලෙවල් ගන්නවා...මට පේන්නම් බැරි අන්න ඒක.
    මගේ දැනට ඉන්න බොසා තමා මෙතෙක් කාලෙකට හිටපු හොදම එකා...හොදට හොදයි...නරකට ඉතින් දෙයියන්ගෙම පිහිටයි...

    ReplyDelete
  21. බොසී ලා එක්ක වැඩ කරන්න ගෑණු කස්ටිය හරියන්නේ නෑ තමය්........

    ReplyDelete
  22. @ Kathandara,
    සර්ව ලෝක පුට්ටුව,රජ ඇණය එහෙමත් මැවිසුරු ඊලියන් ද සිල්වාගේ නිර්මාණද?

    ReplyDelete
  23. දැන් සිය ගානක් දෙනා මේ කතන්දරේ බැලුවත් ඔය ෆොටෝ එකේ කතන්දරේ ගැන කිසි කතාවක් නෑනේ!

    ReplyDelete
  24. කාන්තාරෙදි ඕකෙ අනිත් පැත්තද මන්ද......
    නැත්තO මගේ කේන්දර පුරස්නක්ද?

    වෙලාවකට එපා වෙලා තව ටිකක් එපා වෙනව....

    ReplyDelete
  25. කතන්දර..... ඊලියන ද සිල්ව මහත්මයගෙ "සිංහල සිප්යුරු වඳන්" කියල පොතක් තියෙනව, එය දැනට මා ලඟ නැහැ. පහත ලින්ක් එකෙ එතුමාගෙ Audio වගයක් තියෙනව.

    http://www.archive.org/details/SinhalayageSiplakuvaByAelianDeSilva

    ReplyDelete
  26. @All
    ඔය උඩින් තියෙන ෆොටෝ එක ගැන පොඩි හින්ට් එකක්.

    අපි හැමෝටම අපිට වඩා ලොක්කෝ (බොස් ලා, බොසී ලා) ඉන්නවා.
    හැබැයි මෙයා ට වඩා ලොක්කෙක් මේ ලෝකේ නෑ.

    මෙයා තමයි ලෝකෙටම බොසී!

    ReplyDelete
  27. මෙයා , ඔබාමගෙත් බොසී ද මෙයා .......

    ReplyDelete
  28. ලෝකෙටම බොස් ඔබාමා වෙච්චි
    ඒ ලොක්කගෙ බොසී
    Michelle Obama වෙච්චි
    බලන් ගියහම අන්තිමට ලොකුම ලොක්කා
    බොසියෙක්

    ReplyDelete
  29. @ Kathandara
    මේ ඉන්නේ ලෝකෙට ලොක්කා වෙච්චි ඔබාමා මහත්තයගෙත් ලොක්කී නේද? :D

    ReplyDelete
  30. අඳුනන්න බැරි වුනානෙ,Mrs.Barak Obama ව

    ReplyDelete
  31. ඒක ඇත්ත මමත් හිතන්නේ ගැනු බොස්ලට සේවිකාවොත් එක්ක ඉන්න බැහැ.

    මම ඉසෙල්ලා වැඩ කරපු තැනත් මගේ දෙවනියට හිටියේ බෝසි කෙනෙක් තමයි. එයා නම් ගොඩක් හොඳ කෙනෙක්

    ReplyDelete
  32. මේක බලන පලමු වතාව.ඇත්තටම මට මේ වෙනකම්ම මේක ගැන කල්පනා වෙලාතිබුනේ නැහැනේ.මම හැමදාම ඉදල තියෙන්නෙ කාන්තා පර්ශවය යටතේ නෙවෙන්නම්..ඔක්කොටම හප0 අඵත් තැන මේකේ ඉහලම තැන ඉදල පහලටම ඉන්න තරමක් ලොක්කො කාන්තාවොම තමයි...මේ අස්සෙ මගෙ යාඵවෙක් නිතරම කියන දේකුත් කියන්න හිතුන..ඒ තමයි ල0කාවෙ හෝටල් වලට යද්දි කවදාවත් කැශියර් එකේ ඉදල සර්විස් ඔක්කොටම කාන්තාවො විතරක් ඉන්න ඒවාට යන්න එපා කියල..මොන ජරාවක් හරි හිනාව දාල ඇගේ ගහනවාලු..බඩේ අමාරුවක් අනිවා.

    ReplyDelete
  33. මේ අපේ මිචෙල් නෝනනෙ...

    ReplyDelete
  34. සහතික ඇත්ත කතාව. එක සමාන ධ්‍රැව දෙකක් එකට පෑහෙන්නෙ නෑ නෙ. ඔය උඩ ඉන්නෙ එයාද හැබැටම. චැහ් ! අඳුරගන්නත් බෑ නෙව.

    ReplyDelete
  35. ගැණු වුනාට පිරිමි වගේ ඉන්න හදන කෙල්ලොන්ට නම් පිරිමි බොස්ල එක්ක වැඩ කරන්න අමාරුයි.. උන් හිතන් ඉන්නේ හැම එකම උන් දන්නව කියල නේ.. හික්.. හික්..

    ReplyDelete
  36. මගේ බොසා වෙලාවකට බොසියෙක් වගේ . වෙලාවකට බොසෙක් වගේ . ඉතින් මට අද්දැකීම් දෙකයි ! ඒත් මට හොයාගන්න බෑ මට හරියටම ඉන්නේ බොසෙක්ද බොසියෙක්ද කියලා ..

    ඔය උඩ පින්තූරේ ඉන්න බොසීව මම දන්නේ නෑ නෙව ...

    ReplyDelete
  37. මූදු කොල්ලකාරයාගෙන් ගෑනු ගැන පොඩි හයිපොතිසිස් එකක්.

    http://kollakaraya.blogspot.com/2011/03/blog-post_15.html

    ReplyDelete
  38. කවදාවත් ඔහොම තත්වෙකට මූන දීල නැත.

    ReplyDelete
  39. @Naveen Madhawa
    හික් හික් හැමදේම දන්නවා කියල හිතන් ඉන්නේ ගෑනු බොසී ල විතරද? ඕක පිරිමි කට්ටියට නැද්ද ? රස්සාව කරද්දී ගෑනු ළමයෙක් මොකක් හරි අදහසක් කිව්වොත් එයා ගෑනු ළමයෙක් වීම නිසාම ඒ අදහසට කිසිම අවධානයක් දෙන්නේ නැති පිරිමි අය මට හම්බ වෙලා තියෙනවා. හැමෝම නෙවෙයි - සමහරක්. ගැහැණු කෙනෙක් වීම නිසාද වයසින් බාල නිසාද දන්නේ නැහැ.

    ReplyDelete
  40. කතාන්දර කාරයාත් දෙයියෝ රකෝ රකෝ කියුවාලු......

    ReplyDelete
  41. @ All

    බැට්ල් ඔෆ් ද සෙක්සස් තමයි මං හිතන්නේ හැම තැනම ජනප්‍රිය මාතෘකාව. මේ ලිපියට ලැබුණු පාඨක ප්‍රතිචාරවලින් ඒ බව තවත් තහවුරු වුණා.

    මං නං එදා වගේම අදත් කැමතියි බොසී ලා ට.

    දැන් ඉන්න බොසී නං -හරිම සොඳුරු ආඥාදායකයෙක්. ඒක හොඳයි. නැත්තං ජීවිතේ අයාලේ යන්නත් ඉඩ තියෙනවා.

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  42. @All
    මේ කතන්දරෙන් ආපු අතුරු කතන්දරයක් තමයි ඔය මැවිසුරුවා කියන වචනය. හෙට මං වෙනස් ආකාරයක ලිපියක් දාන්නයි හිතන් ඉන්නේ. ඒකට මග පෑදුනේ ඔය මැවිසුරුවා වචනය හින්දයි.

    ReplyDelete
  43. හැබෑට මමත් තාම ගෑනු බොස් කෙනෙක් යටතේ වැඩ කරලා නෑ නේ . . .

    බලමු අනාගතයේදීවත්

    ReplyDelete
  44. මට නම් ගෑනු බොසියක් යටතේ රස්සාව කරන්න ලැබිලා නැතිවුනාට, ලගකදි ඉදලා ගෑනු බොසියක් යටතේ ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙනවා. මෙච්චර කල් ජීවිතේ ඉතින් බොස්-less නෙ ගෙවුනේ. වෙනසකටත් එක්ක හොඳයි අප්පා...

    ReplyDelete
  45. ඔව් මැවිසුරු කියන වචනෙ ඊලියන් ද සිල්වා මහත්තයගේ වචනයක් තමයි. එතුමා හෙළ බසට මහා සේවයක් කරන විද්වතෙක්. එතුමාගේ සහෝදරයා වන අප කාගෙත් ආදරණීය ටයි මාමාත් එතුමා වගේම නව වදන් හෙළ බසට දායාද කරලා තියෙනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.