Sunday 13 March 2011

සුදු කොඩි කතාව නොහොත් Hack me if you can...!!!


මගේ කතන්දර බ්ලොග් එක හැක් කරන බව කියා කවුදෝ පින්වතෙක් පණිවිඩයක් එවා තිබේ.

නිකං ආවට ගියාට නෙමේ, බියොන්ඩ් ද ෆ්‍රේම් බ්ලොග් එක හැක් කර ඒ හරහා ය.

මම බියෙන් ඇලලී සිටිමි. හදවත ඩුග්, ඩුග් ගා ගැසේ. තවත් මොකක්ද මන්දා බරක් ද දැනේ.

මේ අය මට වෛර කරන බව පෙනේ. මට පරුෂ වචනයෙන් ද අමතා ඇත. හේතුව පැහැදිලි නැත.

මට කීමට ඇත්තේ පහත දැක්වෙන ධම්මපදයේ ගාථා තුන පමණි.

1.
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ ච තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති
(ක්‍රෝධයෙන් බැඳුණොත් වෛරයෙන් ගැළවීමක් නෑ!)

2.
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ ච තං න උපනය්හන්ති – වේරං තේසූපසම්මති
(ක්‍රෝධයෙන් බැඳුනේ නැත්තම්, වෛරයෙන් ගැළවෙන්න පුලුවනි.)

3.
නහි වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං
අ වේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ
(වෛර කිරීමෙන් වෛරය නැති නොවේ. වෛර නොකිරීමෙන් වෛරය සන්සිදේ. මෙය ලොව සනාතන දහමකි.)

-කතන්දරකාරයා

ප/ලි:
සුදු කොඩියක් දමා ඇති බව පේනවා නේද?

කොහොමද මගේ ටිකිරි මොලේ?

දැන් ඉතිං මගේ බ්ලොග් එක හැක් කීරිමට ලේසියෙන් බැරි බව සිතමි.

ප/ප/ලි:
ඔන්න "හරී-පිණි පලස" ගේ ඉල්ලීම අනුව ගාථාවල තේරුම දැම්මා.

මේවත් බලන්න.

1. කතන්දර හාමිනේ මගේ බ්ලොග් එක හැක් කරයිද?

2. මොහොමඩ්, පිස්සා, ටැබූ, බී. එෆ්. ගේ ඒවාට කලින් මගේ එෆ්.බී එක හැක් වුණු හැටි!

image: http://www.clipartguide.com/_pages/0511-0702-0211-2545.html

36 comments:

  1. හික්.....වසන්ගත කාරයෝ....
    සුදු කොඩි නඩුව වගේ වේවිද දන්නේ නෑ....සුදු වෑන් එකකුත් එවන්න බැරි නෑ :)

    ReplyDelete
  2. මේ කරුමෙ නවතින පාටක් නැහැ එහෙනම් ,මේ හැකින් පින්වතුන් දන්නෙ නැතුව ඇති හැකින් පුණ්‍ය කර්මයට මෙලොවදීම ලංකාවේ උසාවි වලදි ම පල දීමෙ හැකියාවක් තීයනවාය කියල ,නිර්නාමිකත්වය තුල සැඟවුන දේශපාලන බ්ලොග් කරුවෙක් එතෙන්ට නොගියත් නිර්නාමිකත්වය ප්‍රශ්නයක් නැති කතන්දරට හෝ රංගට ඒ ක්‍රියාමාර්ගයකට යන්න පුලුවන් කැමැත්තක් තියනවා නම් කියලත් හැකින් සුපින්වතුන් දැන කියා ගන්න ඕනි , පොලිසියට ඕව තේරෙන්නෙ නැහැ, අපිව අල්ලන්න විදිහක් නැහැ කියල හිතනවා නම් අර SL cert කියන ආයතනය පිහිටෙව්වෙ Facebook මගඩි අල්ලන්න විතරක් නෙමේය කියල දැනගත්ත නම් හොඳයි . ෂුවර් නැත්නම් ගිහිල්ලම බලා ගන්නවල http://www.slcert.gov.lk/services.html
    . දේශප්‍රෙමී ලේබල් තිබුනාය කියල අපරාධ වලින් නිදහස් වෙන්න බැ , දැක්කනෙ ධර්ම රාජ්ජෙ ගිය උන්නාන්සෙටත් වෙච්ච දේ ,

    අවසන් වශයෙන් කියන්නෙ ඔය හැකින් කෙරුවා වල් වලට මැදහත් බව , අන් මත ඉවසීම වගෙ දේවල් ලෝකෙට කියා දීපු බුදු හාමුදුරුවො ගාව ගන්න එපා , අනික රටේ ජනාධිපතිවරයගේ රූප යොදා ගන්නත් එපා , ඔය BF බ්ලොග් එකේ දාල තියෙන්නෙ ජනාධිපති තුමාගේ නිල ඡායාරූපය නම් ,ඒ පිනම ඇති වෙයි ඔහෙලට උසාවියකදි පල දෙන්න

    ReplyDelete
  3. අපි වැරදි කරලා නැත්නම් බයවෙන්න ඕනෙ නෑ කතන්දර.බයවෙන්න ඕනෙ වැරදි කරපු අය

    ReplyDelete
  4. හොඳටෝම බයවී ඇති බව පෙනේ.....(හපෝ කොක්කක් දකිනකං වගේ ඉන්නෙ ඇමිනෙන්නෙ බලාගෙන ) අර ගාථා තුනෙන් මම තේරුම දන්නෙ අන්තිම ගාථාවෙ විතරනෙ. කරුණාකර අනිත්වා පහදා දෙන්න.

    ReplyDelete
  5. අර "ප"යන්නෙන් පටන් ගන්න වචනෙ දැක්කාම මාත් හිතුවා රංගයි කකායි අන්තිම කැමැත්ත ලිව්වොත් හොඳා කියල :D

    ReplyDelete
  6. කෝකටත් පොඩ්ඩක් ලෑස්ති වෙන එක නම් හොදයි වගේ

    ReplyDelete
  7. මමත් මේ අම්බානෙක බය වෙලා ඉන්නෙ, කකා කොඩි දැම්ම නිසා මට කොඩි දාන්නත් බෑ

    ReplyDelete
  8. ඉන්න මම බිත්තර ක‍ටුවක් එවන්නම්....

    රාතු 1ක් ද සුදු 1ක් ද හොද?

    ReplyDelete
  9. කවුද මේ රංග? මමත් රංගනෙ?

    ReplyDelete
  10. මෙවැනි පණිවුඩයක් කමෙන්ටුවක් හරහා W3Lanka වෙත ද එවා තිබිණි. එය පළ වුණේ කොතැනද කියා සොයන්නට අපට කම්මැලි ය.
    -W3Lanka

    ReplyDelete
  11. දැන් ඔබතුමා කවුද?දේශද්‍රෝහියෙක්ද

    ReplyDelete
  12. ඔයා දන්නවනේ කතන්දර සහෝ බල්ලෝ බුරන්නේ හපන්න බැරි කොටයි කියලා..........!!!! වැඩ කාරයට බොරු බෑ, බොරු කාරයට වැඩ බෑ.. ඔය කයි දෙන්නේ මෙලෝ දෙයක් දන්නේ නැති අයියල තමයි.

    ReplyDelete
  13. තාම හැක් කොරන්න ඉගෙන ගන්න එවුන් ඔය. හැකර්ලා කිය කිය කොරන්නේ නෑ අයියේ...

    ReplyDelete
  14. කතන්දර මහත්තයො ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි........ කිසි අවුලක් වෙන එකක් නැහැ මගෙ හිතේ.

    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  15. කතන්දරගේ අවසාන පෝස්ට් එකේ දි තමයි කතන්දරට බුදු දහමේ ගාථා මතක් වෙලා තියෙන්නේ .

    ඉතින් මටත් මතක් වුනා ජනකවි ටිකක්.

    පීල්ලේ දියට කළයක් නැමූවත්
    නොපිරෙයි කළේ සැටපැයකින් බැලූවත්
    පින් මඳ එකා බණ දහමින් වෙලූ වත්
    උගේ ගිතය ඌ නොහරී මැරූ වත්

    තනි විමනේ සිටිමුත් දුක නොලැබෙද්ද
    පැණි මීයේ කෑමුත් පිත නැති වෙද්ද
    මිණි බරණින් සැදිමුත් ගත බබලද්ද
    පැණි වරකා ගස මුත් හෙණ නොවදිද්ද

    පටන් ගෙන වැඩක් එය අතහැර සැනසී
    වෙනින් වැඩක නොයෙදී එය නොවී රිසී
    හැරත් වැඩ සොයා යති ලුහු දන මෙලෙසී
    ගහෙන් ගහට ගිය කුකුළා තෙමී නසී

    අන්තිමට මෙන්න මේ ශ්ලෝකය කියවල බලන්න.

    කණ්ටකානාං ඛලානාංච
    ද්වි විධෛව ප්‍රතික්‍රියා
    උපනහා මුඛ භංගෝවා
    දූරතෝ වා විවර්ජිතම්

    ( තේරුම ..... ඕනි ද ? )

    ReplyDelete
  16. පිනි පලසට වගෙ මටත් අන්තිම ඝාථාව විතරය් යාන්තමට වගෙ තේරුනේ, ප්‍රෂ්නයක් නැහැ Mrs Observer ආයෙත් දහම් පාසැලේ උගන්නනව, මං ශේප් එකේ අහගන්නන් ඝාතා වල තේරුං.

    බුදු අම්මෝ අපිට හැංගෙන්න තැනක් හොයන්න වෙනවා "සොඳුරු සිත" අලි මදිවට හරක් වගෙ කවි මදිවට ශ්ලෝකත් දාල.

    ReplyDelete
  17. ගේම නම් ගේම ! ක. කා අපි ඉන්නව ඕන දේකට . කතන්දර කිය කියා හිටියට කතන්දර අයියත් පොඩ්ඩ ඇත්තං . ගේමට සෙට් වෙන්නමයි බලන්නේ . කෝකටත් ඕන දේකට රෙඩි වෙයං මචං . බැකප් තියාගනිං .

    ReplyDelete
  18. එහෙනම් කතන්දර කන්නෙ ටිකිරි මාරි.....
    ඇයි කතන්දර මේසෙ යටට රින්ගුවෙ.....එන්න එලියට, සුදු කොඩිය දැම්මට කමක් නෑ.... ඒක කතන්දරගෙ නිහතමානී කම.

    "රණ බිම මැරුණෙ සිංහලයෙක් නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ....
    සතුරට ළයදී මිස මැරුනේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ"......

    මෙතන සිංහලයෙක් කිව්වෙ කාටද කියල දන්නව ඇතිනෙ.......

    ReplyDelete
  19. අනේ දෙයියනේ මේ එකෙක්ටවත් බැරිද මගේ එක හැක් කොරන්න ?
    මට මාර කම්මැලියි බ්ලොග් එක ලියන්න :D

    මොනා උනත් කතන්දර කාරයා හම්බානෙක බය වෙලා ඇහ් :D

    ReplyDelete
  20. මම මේ බ්ලොග් සoස්කෘතියට අලුත් නිසය් අහනේ.....ඇය් අය්යේ උඹලටම මේවා වෙන්නේ.....?

    ReplyDelete
  21. කතන්දර දැක්කම මට සිහියට එන්නේ කාවද?

    හා හා හරි හාවා.

    ඌ නේද අර බඩ තඩි මැරයත් එක්ක පොරයට ගියේ. මැරයට ඉන්න නොදී ඇඟිල්ලෙන් ඇනලා අවුස්සලා, ඌ ගහන්න එන කොට අහිංසකයා වගේ කන් දෙක පාත දාගෙන ඉන්න හැටි විතරක්. හැබැයි එහෙම හිටියට ගේම නේද? හැක් මි ඉෆ් යු කැන් කිව්වා එහෙනම්.

    ඔය හැකර් තුමා මට හිතෙන්නේ හරියට ස්කුබි ඩු එකෙ නරක වැඩ කරන රාස්සයෙක් වගෙයි. ලොකු සද්ද දාලා දුම් දාගෙන ආවාට අන්තිමේදී බොරු සුට්‌ දාගෙන විග්‍ එකක් දා ගත්තු නිකම් කෙට්ටු පොඩි පොරක් තමයි අහු වෙන්නේ.

    අපි තර්කයට ඉඩක් දෙමු. පස් දෙනාටම නිර්වාණාවබෝධය ලැබී තමන් මකා නොගෙන ඇත්තටම හැක් කළා නම් ඔච්චර කෙටි කලකින් ඕක කරන්න පුළුවන් එක විදිහයි තියෙන්නේ. ඔය පාස්වර්ඩ් පිසින් අරවද මෙව්වද වෙන්න බැහැනේ දරුවෝ එක රැයින්.

    ඉතින් කතන්දර දන්නවා ඒ හුකාරිස්‌ මේ අමාරිස් එක්ක බැරි බව. කතන්දරලගේ ගෙදරට ඉන්ටනෙට් බෙදන්නේ අපිට බෙදන අය නෙවෙයිනේ නේද?

    රන්ගයෝ උඹ තමයි මගේ පරීක්ෂණය. උඹටයි මටයි නැහැනේ කතන්දරට වගේ බුල් බල්ලෝ. උඹට කෙලියොත් කරුණු සැහෙන්න ගැලපෙනු ඇති.

    වැහුණු වැහු වැහෙන හා වහන සියලු බ්ලොග් කරුවන් නැවත අප අතරම ඉපදේවා.

    ආ, මං මේක දැම්මේ මුණු පොතේ. මෙතනත් දාමු.

    "හැක්කරණය වූ ද, හොරෙන් වසන ලද්දා වූ ද, ඒ දෙක අතර ඩුවලිටියක ඇත්තා වුද, නොවූ ද, හැක් වීමට නියමිත වූ ද, නොවුද, හැක් කරන්නට අභියෝග ලද්දා වුද, නොවුද, සියලු බ්ලොග් වලින් ඉවත්වී, ඩොන්ගලයක් ඒ ඩි එස් එල් තියා පවර් ලයින් එකක් වත් පේන්නට නැති පැත්තක ගොස් ලංකාණ්ඩුවේ පරණ දිනපොතක ලංකාණ්ඩුවේ පරණ පැන්සලකින් දින සටහන් ලියන්නට මට සිතේ."

    කතන්දරට වගේ පැන්සල් විතරක් නොවේ, අපේ ගෙදර දින පොතුත් තිබ්බා.

    ReplyDelete
  22. @එඩිතර [W3L];

    බ්ලොග් පහකට එකවර නිර්වාණාවබෝධය ලැබුනේ නම්, මෙතෙ බුදුන් පහළ වී ඇති. එහෙම නැත්නම් ඔය බ්ලොග් පහම එකා ලිව්වා වෙන්න ඇති, මගේ එකයි ඔබේ එකයි ඔක්කොම ලියන්නෙත් ඌ වෙන්න ඇති සමහර විට.

    කට්ටියගේ පුලුල් දැනුම හිනා ගස්සන පාස්වර්ඩ් හැකිං, පිසින් වගේ කතා තවත් කියල වැඩක් නැහැනේ ලොක්ක. එක රැයකින් ඔච්චර කරන්න බැහැ.

    දැන් ඉතුරු සමීකරණ පොඩ්ඩයි. විචල්‍ය අඩුවෙනවා. උත්තර දෙක තුනයි ඉතුරු.

    කතන්දරට නම් තර්ජනය විහිළුවක් වුනත් ඔබටයි මටයි එහෙම හිතන්න බැරි බවයි මගේ මතය.

    එහෙම කිව්වට ඔය හැකර් මං ද දන්නෙත් නැහැ. සමහර විට ඔබේ බ්ලොග් එක ලියන්නේ මම වෙන්නත් පුළුවන්. මගේ බ්ලොග් එක ලියන්නේ කතන්දර වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  23. ඔන්න "හරී-පිණි පලස" ගේ ඉල්ලීම අනුව ගාථාවල තේරුම දැම්මා.

    ReplyDelete
  24. මේවත් බලන්න.

    1. කතන්දර හාමිනේ මගේ බ්ලොග් එක හැක් කරයිද?

    2. මොහොමඩ්, පිස්සා, ටැබූ, බී. එෆ්. ගේ ඒවාට කලින් මගේ එෆ්.බී එක හැක් වුණු හැටි!

    ReplyDelete
  25. @All
    නෝනාවරුණි, මහත්වරුණි, හැකර්වරුණි,

    ප්‍රතිචාර මගින් සහයෝගය දැක්වූ ඔබ සැමට ස්තුතියි.

    සියළු දෙනාටම පිලිතුරු දීමට කාලවේලාව හරස්වෙයි. (පෝස්ට් 345ක් සහ කමෙන්ටු ඩවුන්ලෝඩ් කරගන්නම සෑහෙන වෙලාවක් යනවානේ!)

    සුජීව කියූ විදියට ලඬ්කාණ්ඩුවේ පැන්සලකින් දිනපොතක් ලියන්නට තිබුණා නම් හොඳයි. නමුත් කවුද බලන්නේ?

    මාත් කාලයක් දිනපොත් ලිව්වා!

    ඒවා තිබුණා නං වෙන්ට කතන්දර ලයිස්තුව සීයක් නෙමේ දාහක් වෙන්න ඉඩ තිබුණා.

    -කතන්දරකාරයා

    ReplyDelete
  26. සුදුකොඩි දැම්මට වැඩක් නැ... මම දැන් ඔයැයිව හැක් කරල් තියෙන්නෙ.. හික් ය. ඔක්කොන්ටම ඇහෙන්න දෙන්නද පාස් වර්ඩ් එක හැමෝටම.. අහ්?? ලොල්ය...

    ReplyDelete
  27. නියම විදියට ආරක්ෂක ක්‍රම අනුගමනය කරනවානම් කාවවත් Hack කරන්න බැහැ

    ReplyDelete
  28. තේරුම ..... ඕනි ද

    කණ්ටකානාං ඛලානාංච = බාල වැඩ වැඩ කොරන්න ආවොත් කනට ගහනව.
    ද්වි විධෛව ප්‍රතික්‍රියා = දෙවිධියකට රිටර්න් එක දෙන්න පුළුවන්
    උපනහා මුඛ භංගෝවා = කට බිම අතුල්ලා භංග (විනාස) කොරනවා
    දූරතෝ වා විවර්ජිතම් = තෝව විසි කොරනවා ආපහු එන්න බැරි තරං දුරකට

    ReplyDelete
  29. සැරින් සැරේ මුණු පොතේ අප්ඩේට් වැටෙන්නේ මක්කයි කියලා නිච්චියක් නැතිව උන්නේ.

    දැනුයි තේරුනේ, ගල උඩ මාලිගාවට මහා රෑ පලා යමින් ඉන්න බව මහා භාණ්ඩාගාරයත් ඇන්න.

    බ්ලොග්ගුන්ට ගිය කල.

    ReplyDelete
  30. @All
    සියළු දෙනාටම නැවතත් ස්තුතියි.

    දැක්කනේ මගේ සුදු කොඩිය වැඩ කළ හැටි! බ්ලොගේ යහතින් වැජඹෙනවා තවමත්.

    කෝකටත්, මං ආයෙත් බ්ලොග් එක බැක්අප් කළා. මේකේ නැතිවෙන්න දෙයක් තියෙන්නේ පාඨක ප්‍රතිචාර ටික විතරයි. කතන්දර නං මං සති ගානකට කලින් ඉඳලා වර්ඩ්වල ටයිප් කරන ඒවානේ.

    මේ හැකින් සංසිද්ධිය නිසා මට දුක හිතුණු අනිත් කාරණය නම්, වෙන්ට කතන්දර සීයේ ලයිස්තුව දාලා මාස බාගයක් ගියත් තාමත් ඒඛෙන් දෙක තුනයි පල කරන්ණ පුළුවන් වුනේ, මේ අනං මනං ලිපි දැම්ම නිසා.

    ඒ අතර ලයිස්තුවත් 118 ක් දක්වා වැඩි වෙලා.

    අද දානවා අලුත් කතන්දරයක්. "ගෑනු බොස්ලා හෙවත් බොසී ලා".

    සැමට සැප තුතට ජය.

    කතාකාර්වාලා

    ReplyDelete
  31. තේරුම දැම්මට ස්තූතියි.. ඔබ්සවර් හාමිනේ දහම් පාසලේ උගන්නන තේරුම වෙන්ටැ ඔය දාලා තියෙන්නෙ :D

    ReplyDelete
  32. අපිනම් අනුන්ගෙ දිනපොත් බලන්නෙ නැ.. කැත වැඩ..
    බලන්න කියල දුන්නොත්නම් බලනව.. නේ ද?

    ReplyDelete
  33. කතන්දරේ, පුදුම විදිහට බය වුණා නේද? මොකට සුදු කොඩි දැම්මද? ඔබ්සර්වර් කියපු කවි සහ සොලොක නම් හරිම අගෙයි. මටත් ධම්ම පදයෙ ගාථාවක් මතක් වුණා.

    'සෙලො යථා එක ඝනො
    වාතෙන් න සමිරති
    එවං නින්දා පසංසාති
    න සමිජ්ජනති පන්ඩිතා'

    ReplyDelete
  34. කතන්දරේ, පුදුම විදිහට බය වුණා නේද? මොකට සුදු කොඩි දැම්මද? ඔබ්සර්වර් කියපු කවි සහ සොලොක නම් හරිම අගෙයි. මටත් ධම්ම පදයෙ ගාථාවක් මතක් වුණා.

    'සෙලො යථා එක ඝනො
    වාතෙන් න සමිරති
    එවං නින්දා පසංසාති
    න සමිජ්ජනති පන්ඩිතා'

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.