ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 31 August 2009
ඉන්දියන් කාරයා ට ලැබුණු බර්ත් ඩේ කාඩ් එක
ටික කාලෙකට කලින් ඉගෙනීමෙ වැඩකට සෙට් වෙලා හිටිය දවස් වල මට හම්බ උනා ඉන්දියන් කාරයෙක්. දැන හඳුන ගත්තට පස්සෙ අපි තරමක් මිතුරු උනා. පොර ගෙ නම එස්.සී. මිශ්‍රා. මුලකුරු වලින් කියවෙන්නෙ සුබ් චන්ද්‍ර කියන නම් දෙකයි.
මිනිහ හොඳ පොර. එලවළු ජීවිතයක්. ඩ්‍රින්ක්ස් දාන්නෙත් නෑ. සිගරැට් බොන්නෙත් නෑ. බුලත් විට වගෙ දෙයක් හපනව දැකල තියෙනව සමහර වෙලාවට. එච්චරයි.
මෑන් ගෙ ගම උතුරු ඉන්දියාවෙ බිහාර් කියන ප්‍රාන්තයෙ. පොර ගෙ පවුල එහෙ ලෝකල් පොලිටික්ස් වලට හෙම සම්බන්ධ කට්ටියක්. කෑම යි, කෂිය පැකට් එකකුයි, රුපියල් කීපයකුයි දුන්නම දේශපාලන වැඩ කටයුතු වලට ඕනැ තරම් මිනිස්සු හොයා යන්න පුළුවන් කියල මිනිහ මා එක්ක කිව්ව. ලංකාවට වඩා ලාබයි.
විස්තර ඇති දැනට. (මං දන්නෙත් ඔච්චර තමා). මෙන්න ඉතිං අද කතන්දරේ.
ඔන්න එක දවසක් අපේ මෑන්ස් ට ආව සුදු පාට ලොකු ලියුම් කවරයක් ඉන්දියාවෙන්. බැලින්නම් ඒක බර්ත් ඩේ කාඩ් එකක්. ගමේ නෑදෑයො එවල තියෙන්නෙ. පොරට හරි ජොලි. මටත් පෙන්නුව කාඩ් එක.
මෙන්න මෙහෙමයි ඒකෙ ලියල තිබුනෙ ඉංග්‍රීසියෙන්.
Happy birthday to S.C. Mishra
Greetings from
R.C. Mishra
P.C. Mishra
M.R. Mishra
V.N. Mishra
and
P.P. Mishra
මට මැරෙන්න හිනා ගියා ඒක දැකල. හැබැයි ඉන්දියන් කාරයා ට තේරුනේම නෑ ඇයි මට හිනා ගියේ කියල.
ඔහේ ල ට තේරෙනවැයි?
ප/ලිඃ
මේ කතන්දරේ බ්ලොග් එකට දාන්න කලින් දැකපු කෙනෙක් කිව්ව අයියෝ වරහනක් දාල මිශ්‍රා පොදු සාධකය එලියට ගන්න තිබුණනෙ කියල.
ප/ප/ලිඃ
මං සාමාන්‍යයෙන් කතන්දර වලට දාන්නෙ ඇත්ත නම් වෙනස් කරලයි. හැබැයි මේ ඉන්දියන් කාරයා ගේ කතන්දරේ නම් ටික නං මං වෙනස් කලේ නෑ. හී! හී!! හී!!!
නැවත හමුවෙමු.
මගේ පරණ කතන්දර මෙතනින් කියවන්න. http://kathandara.blogspot.com/
මට කෙලින්ම ඊ-මෙල් එවනවා නම්: kathandara@blogspot.com
Sunday, 30 August 2009
තුන්වැන්නී ට තමන් ගේ ම බ්ලොග් එකක්.....!!!
අනුන් ගේ ආදර කතන්දර වල අඩු පාඩු මැකීමේ සද්කාර්ය භාරය ඉටු කරන අයෙකු වන තුන්වැන්නී නමැත්තිය ඇය ගේ බ්ලොග් තරණය සිදු කලේ ද අනුන් බ්ලොග් එකකින් තමන් ගේ මුල්ම කතන්දරය ඉදිරිපත් කරමිනි.
ඒ පසු ගිය සතියේ ය. ඒ කාර්යයට කොටස්කරුවෙක් වීමට ලැබීම මගේ භාග්‍යයක් ම විය.
අසව්! අසව්!! අසව්!!!
තුන්වැන්නී තමන් ගේ ම බ්ලොග් අඩවියක් අරඹා ඇති බව චිත්තප්‍රීතියෙන් යුක්තව මෙයින් සැලකර සිටිමි.
එහි නම අහස්ගව්ව වේ.
තුන්වැන්නි ය ගේ සපෝටර් රෝල් එකේ කතා පමණක් නොව තවත් විවිධ ත්‍රෙඩ් වල ට ගොනු කල හැකි කතන්දර ද, කවි සංකල්පනා ද එහි අඩංගුය.
යන්න, ගොස් බලන්න. http://ahasgawwa-tmg.blogspot.com/
ප්‍රථම පුරුෂ වර්තමාන කාල ව්‍යාකරණයෙන් ද එහි ආදර කතන්දර ලියවේවා යයි මම පතමි.
කතන්දර කාරයා

Friday, 28 August 2009
තුන්වැන්නී - කතන්දර කාරයාට ලියා එවූ කතන්දරය - ලෙඩුන් බැලීම
මෙන්න තුන්වැන්නී මට ලියා එවූ කතන්දරය - ලෙඩුන් බැලීම
ආයෙ දවසක හමුවෙමු. මගේ ම කතන්දර මෙතනින් බලන්න. http://kathandara.blogspot.com/
ගොඩක් දෙනෙක්ට තමගෙම ප්‍රේමකතාවක් තියෙනවා කියල රසවින්ඳින්න, හිනාවෙන්න, එහෙමත් නැත්නම් මතක්කරලා හඬාවැලපෙන්න. මම කියන මේ කතා ටිකක් වෙනස්, මේවා තුන්වෙනි පාර්ශවයක් විසින් ප්‍රේමය ගැන කරන නිරීක්ෂණ වගේ දේවල්. තුන්වෙනි පාර්ශ්වයක් හැටියට ප්‍රෙම කතාවකට සම්බන්ද වීම හරි උද්වේගකර, ත්‍රාසජනක, හිනායන ඒ වගේම පස්සෙ චොක්ලට්ස්, අයිස් ක්‍රීම් වගේ දෙවල් වලින් සැලකිලි ලැබෙන වැඩක් මේ කතාව මම කැම්පස් ෆස්ට් ඉයර් ඉන්නකොට වුන දෙයක්.මගේ ෆස්ට් ඉයර් එක ගෙවුනෙ වැඩිය මිත්‍රසමාගම් නැතිව. අපේ පන්තියෙ හිටිය වැඩිඩෙනෙක් කොලඹ සහ නුවර ඉහල පෙලේ බාලිකා සහ බාලක පාසල් වලින් ආව අය. ඉතින් කාලයක් ගියා යාලුවෙන්න. අපිට රැග් එක තිබුනෙත් නැති නිසා. ඒත් කවුරුත් කොතැනදි දැක්කත් හායි කියල කියගෙන යන සිරිතක් අපේ තිබුණ. ඒ අපේ ස්ටඩි ලීව් කාලෙ.මම එදා උදෙනම ලය්බ්‍රරි ආව, නෝට්ස් මිටියත් අරගෙන පිම්මෙ පඩිපෙල නගිනකොට (මගේ හෙමින් ගමන් නැහැනේ අපේ පන්තියෙ බැචියක් වෙන උමංගා පඩිපෙල කෙලවර ඉන්නව. මම එයට හායි කිව්වත් ,එයා මූන සෝබර කරගෙන යාන්තම් ඒත් දුකෙන් වගේ හිනාවුන. මම ඇහුව පාඩම් කරන්න යන්නෙ නැතිද කියල? ගෑනි හිමිහිට නැහැ කිව්වා. එයාගෙ මූනට හොඳටම එබිකම් කලහම යාන්තම් අඬපු වගක් පෙනුන. මම බොහොම සන්වර තාලෙට ඇහුවා මොකුත් කරදරයක් ද කියල? එයා හිමිහිට හීන් හඬින් කිව්වා එයාට පොඩි කරදරයක්, සමින්දට සනීප නැතුව නවලෝකෙ ඇඩ්මිට් කරලා කියල . එයාගෙන් හාර අවුස්සන ගියෙ නැතුවට මට මීටර් වුනා සමින්ද කවුද කියල ලෙඩාට කොහොමද මම ඇහුවා හ්ම්ම්...මට එයාගෙ ෆෝන් එකට කතාකරන්න විදියක් නැහැ, එයාගෙ අම්ම්ය් තාත්තයි දෙන්නම එයාගෙ ඇඳ ගාව, යාලුවෙක් ගෙ ෆෝන් නම්බර් එකක්වත් මට නැහැ එයාගේ. උමංගා හීල්ලුවා. හරි මට ආවා අයිඩියා එකක්, කවුද සමින්දගෙ ගෙදර මේ වෙලවෙ ඉන්නෙ මම ඇහුව. එයගේ නංගි විතරක් වෙන්න ඇති. උමංගා නොසැලකිල්ලෙන් වගේ කිව්වා. දෙන්න මට ගෙදර නම්බර් එක. උමංගා පුදුමෙන් වගේ ඇස් ලොකු කරගෙන නම්බර් එක දුන්නා. මම එයාවත් ඇදගෙන ඉක්මනට පුස්තකාලෙන් පහලට ගිහිල්ල නතර වුනේ කාසි පෙට්ටි දුරකතනය ගාව. දෙකේ කාසි අහුරක් අරගෙන මම නම්බර් එක ඩයල් කරන්න ගත්ත , උමංගා බයවෙලා කියනව එපා නංගි සැක හිතය් කෙල්ලෙක් කතාකරනකොට. සමින්දගේ අම්මා උමංගා කීප දවසක්ම එයට ගෙදරට කතාකලේ ඇය් කියල අහල තියෙනවා කියල පස්සෙ එයා මට කිව්වා. ඔන්න සමින්දගෙ නංගි ෆෝන් එක ගත්ත. සිහින් හඬක්. ගැහැනු ලමයෙක් ගේ. මම මගේ කටහඬ පිරිමි ලමයෙක් වගේ මාරු කරල සමින්දගෙ යාලුවෙක් විදියට රඟපානව. එහෙම කරන්න මට හේතුවක් තිබුණ. ගොඩක් මගේ යාලුවො ඒ දවස්වල මට කියනවා පලවෙනි වතාවට මගේකටහඬ ෆෝන් එකෙනෙන් අහනකොට කොල්ලෙක්ගෙ වගේ කියල. කොහොමහරි ලෙඩාගෙ විස්තර ලැබුන, ඒතරම් අමාරු නැහැලු, වැඩි හොඳට නවලෝකෙට ඇඩ්මිට් කරලා තියෙන්නෙ, අම්මයි තාත්තයි ලඟ ඉන්නවලු, මම කෝල් එක ඉවර කල සැනින් උමංගට විස්තර විචාරෙ අකුරක් නෑර දුන්න. ඔන්න එතකොට එයගෙ මූණ ටිකක එලිය වෙලා තෑන්ක්ස් මනෝ කියල කිව්ව. මම එයාට යෝජනා කලා වඩයක් කාල ප්ලෙන්ටියක් බොන්න යමු කියල. මොනව හරි සමරන්න ඔනෙ වුනහම මම එහෙමතමයි. මට හිතුන අපි ටිකක් යාලුවුනා වගේ කියල. උමංගත් ටිකක් හිනාවුනානෙ ලෙඩාගෙ විස්තර දැනගත්තහම. ඔන්න ඉතින් ජිම් එකේදි උමංගා එකපාරටම හූල්ලල කියනවා අනේ මට සමින්දව බලන්න යන්න තිබුනනම් ඒත් මම නවලෝකෙ තියෙන තැන දන්නෙ නැහැ. කවදාවත් කොලඹ හිටියට බස් එකෙ ගිහිල්ල පුරුදු නැහැ තනියම. කොලඹ පාරවල් දන්නෙ නැහැ. හ්ම්ම් හරි පුදුමයි මේ කෙල්ලො. ජීවිත කාලෙම කොලඹ ඉඳලා නවලෝකෙ තියෙන තැන දන්නෙ නැහැ මගේ හිත කියනව. හැම සිකුරාදම 138 බස් එකේ ගෙදරයන්න කොටුවට යන මට නවලෝක හන්දිය හොඳට හුරුයි. උමංගා තේ එක හිමින් තොලගානවා ඔනවට එපාවට පාඩම් කරන්න යන්න හිතක් නැහැ වගේ. ඔයාට නවලෝකෙ යන්නම ඔනෙද මම ඇහුව, එයා හරි පුදුමෙන් මම දිහා බැලුවේ. හරියට නිකන් ඔයාට පුලුවන්නම් මාව මගේ සමින්ද බලන්න එක්ක යන්න කියල වගේ එයාගෙ ඇස් බැගෑපත්වුනා. යන්න පුලුවනි ඒත් ආන්ටිය් අන්කලුය් සමින්දගාව ඉන්නවනෙ, ඉතින් එයාලට සැක නැතිවෙන්න යන්න ඔනෙ උමංගා , මගේ තීක්ෂණ් බුද්ධි මහිමය මම එයාට පෙන්නුව. ආයෙත් ගෑනිගෙ මූන කලු වුනා. හ්ම් හරි මට කියන්න ඔය දෙන්න මුන ගැහුනෙ කොහොමද? කොහේදිද කවුද සමින්දගෙ හොඳම යාලුවො? මොනවද ඒ අයගෙ නම් සමින්ද ක්‍රිකට් ගහන්වද? මගෙන් ඔයවගේ ප්‍රශ්න වැලක් උමංගට යොමුවුනා, එයා පුදුමෙන් වගේ මා දිහා බලාගෙන උත්තර දෙනවා. හරි මෙන්න ප්ලෑන මම ජයග්‍රාහි ලීලාවෙන් එයාට කිව්ව. අපි කියමු කූරා (සමින්දගෙ අතිජාත මිතුරෙක් ) අපිට කිව්වෙ සමින්ද ලෙඩවෙලා කියල, ඒනිසා අපි දෙන්න එයා බලන්න ආවා, අපි දෙන්න සමින්ද දන්න කට්ටියම එකට IBSL ඉන්ග්ලිශ් කෝස් එක ෆලෝ කල නිසා කියලා. ඉතින් පාඩම පැත්තක දාල මම උමංගත් ඇදගෙන නවලෝකෙට ආවා ඔන්න. හන්දියෙන් බැස්සවිතරයි එයාට ඔනෙ වුන ලෙඩා බලන්න යන්න මොනවහරි ගන්න. එයාගෙ හිත ගියේ එතන මල් කඩේ තිබුන රතු රෝස මල් වලට. මෝඩි රතු මල් ගෙනිච්චොත් අපි අහුවෙනව මම එයාට කෑගෙහුව, යන්තම් එයා කැමතිවුනා ඇපල් ටිකකුය් මිදි ටිකකුය් ගන්න, ඒවා ලෙඩ්ඩුන්ට හොඳය් නෙ. ඒත් චොක්ලට් එකක් නම් ගන්නම ඔනෙ කිව්වා. මම එයා එකඟකර ගත්තා මම ඒව සමින්දට දෙන්නම්, කියලා මොකද උමංගා ඒ වැඩේ කරන්න ගිහිල්ලා හැඟිම් බර වෙලා වැඩේ දෙල් වෙය් කියල මට හිතුනා. ඔන්න අපි ඇතුලට ගියා කියමුකෝ දැන් ලෙඩාගෙ වෝඩ් නම්බර් එක හොයගන්න ඔනේ. අපි දෙන්න රිසෙප්ෂන් එක ගාව තියෙන දැන්වීම් පුවරුව ගාවට ගියා, උමංගා හැඬුම් බර මූනකින් මම දිහා බලන්වා, අනේ මනෝ සමින්දගෙ නම නැහැනේ මෙතන, එයා ගෙදර ගිහිල්ලද? හ්ම්ම්ම් මම හොඳට එබිල බැලුව නාමපුවරුවට. මොකක් වුනා කියලද හිතන්නෙ? ගෑනි තදියම වැඩිකමට කියවල තියෙන්න් පේශන්ට්ස්ලගෙ නේම් බෝර්ඩ් එක නෙවෙය් එදාට නවලෝකෙට චැනලින් වලට එන ඩොක්ටර්ස්ලගෙ නේම් ලිස්ටෙක. හ්ම්ම් ඉතින් මම හොඳ සිහියෙන් නිසා සමින්දගෙ වෝඩ් එක හොයගත්ත, හතරවෙනි තට්ටුවේ කාමරයක්. එතින් ලෙඩාගෙ කාමරේ දොරගාවටම අපි ගියා කියමුකෝ. මෙන්න උමංගා මගේ අත අල්ලගෙන කෙඳිරිගානවා. මනෝ මට බයයි කියල, එයගේ එක අතක ඇපල්, මිදි චොක්ලට් පාර්සලය. මම අත ගසාදාල කිව්වා බයවෙන්න එපා මේ කේස් එක මම ලීඩ් කරන්නම් කියල. මම දොර ඇරගෙනම ඇතුල්වුනේ හායි සමින්ද කියාගෙන, සමින්ද තක්කු මුක්කුවෙලා බලනව මම කවුද කියලා, මම කිසි ගානක් නැතුව කූරා තමයි විස්තරේ කිව්වෙ ඔයා ලෙඩ වෙලා නවලෝකේ කියල. වක්කඩේ කැඩුව වගේ කියනව ජිවිතේ පලවෙනිවතාවට දැකපු කොල්ලෙක් එක්ක කිසි සබකෝලයක් නැතුව. ඊටපස්සෙ වැඩ වරදින්න කලින් මම, කැමැත්තෙන්ම ඉදිරිපත්වෙලා අපි දෙන්නව හඳුන්වල දුන්න සමින්දගේ පේරන්ට්ස්ලට. මොකද ඒක කරන විදිය සමින්දටත් ප්‍රහේලිකාවක් වෙලා තියෙන්න ඇත්තෙ ඒ වෙලාවෙ සමින්දගේ ඇඟට ලේ ටිකක් උන්නන්න ඇත්තෙ උමංගා දැක්කහම වෙන්න ඔනේ . ඒත් මිනිහා ඇස් ලොකු කරගෙන බලා ඉන්නවා. ඔන්න ඉතින් අපි දෙන්නා පුටු දෙකක වාඩි වුනා සමින්දගෙ අම්ම ගෙන් ලද අවසරයෙන්. උමංගා සමින්දට කිට්ටුවෙන්ම තියෙන පුටුවක වාඩිවුන. මට දැනුන සමින්දගේ අම්ම අපිව හොඳට නිරීක්ෂනය කරනව කියල. එයා අපෙන් කඩ ඉම් ප්‍රශ්නත් ඇහුව සමින්ද දන්නෙ කොහොමද කියල, උමංගා බීතවෙලා ඉන්නකොට පැනල උත්තර බැන්දෙ මම. සමින්දගෙ තාත්ත පරණ පේරදෙනි කැම්පස් උගතෙක්, එයා අපි කැම්පස් බව දැනගෙන අතීත පේරාදෙනි විසිතුරු කියවන්න ගත්ත, ප්‍රොෆෙසර් සරච්චන්ද්‍ර ගැන එහෙම, යන්තන් මම ඒකෙනුත් ගොඩගියා හූමිටි තියලා, පලිප්පු දාලා. වෙලාවට පේරාදෙනි සාහිත්ය යුගය ගැන කියවල තිබුන නිසා. ඒත් මට යාන්තමට පේනව උමංග , සමින්ද එක්ක ඇස්වලින් කෝල කතාවක්, සමින්දගේ අම්ම ඒ දෙන්න දිහා බලාගෙන, පෙම් කරන්න ගියහම සිහිය නැහැනෙ මට හිතුන වැඩ වරදීවි කියල. මම එකපාරටම කිව්ව උමංග අපි යමු පාඩම් කරන්නත් තියෙනවනේ කියල. එයාගේ මූන කලුවුනා. ඔන්න ඉතින්න් සමුගන්න වෙලාව. මම සමින්දට ඉක්මනට සනීපවෙන්න කියලා විශ් කරල උමංගගේ අතේ තිබුන පාර්සලය ගන්න හදනකොටම උමංග ඒක සමින්දට දුන්න. සමින්ද එයාගෙ අත හෙමිහිට මිරිකුව. ආන්ටිගෙ උකුසු ඇස් ඒ දෙන්නා ගාව. ඒ එක්කම ආන්ටි කියපි, දුවල ඉන්න ටිකක් මමත් එනවා ෆාමසියට යන්න සමින්දගේ බෙහෙත් ගන්න. මම තවත් හිතන්නෙ නැතුව උමංගගෙ අතින් ඇදගෙන ඉක්මනට කාමරෙන් පිටවෙලා ලිෆ්ට් එක එනකන් ඉන්නෙත් නැතුව තට්ටු හතරම පඩිපෙල බැහැල නැවතුනේ 138 කොට්ටාව බස් එකක. |
ආයෙ දවසක හමුවෙමු. මගේ ම කතන්දර මෙතනින් බලන්න. http://kathandara.blogspot.com/
Thursday, 27 August 2009
තුන්වැන්නී නොහොත් සහායට ඩැනී ගෙන් කතන්දරකාරයාට ලිපියක් ඇවිත්!
කතන්දර බ්ලොග් එක කරනවාට වඩා පාරක් ගානේ ගොස් දූවිලි බැඳී ඇති වාහන වල "අනේ මා හෝදන්න" කියා ලීවා නම් හොඳ නැද්ද යයි මට තවම සිතුනේ නැත. එසේ කල විට යම් සමාජ සේවයක් සිදුවේ.
එලෙස නොසිතීමට එකම හේතුව නම් මට නිතර ලැබෙන කමෙන්ස් සහ ඊ-ලිපි ය. තාම කවුරුත් මට බැන්නේ ද නැත. හැම විටම ලැබෙන්නේ සිත දිරිමත් කරවන ලිපිය.
පසුගිය දිනක මී මැස්සියක ගෙන් ලැබුනු ලිපි සහ ඇයගේ කතන්දර මතකයි නේද?
එහි අවසාන ප්‍රථිඵලය වූයේ මී මැස්සි අක්කණ්ඩිය විසින් ඇයගේම බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමයි. එහි නම පුලිනතලාව ය. කතන්දර කාරයා නිසා වෙනත් කෙනෙකු එලෙස කතන්දර කලාවට බැසීම කතන්දර කාරයා ට මහා සතුටකි.
මේ අතර තවත් එවැනිම සිද්ධියක් වාර්තා කිරීමට ඇත.
එය නම් මට තුන්වැන්නී ගෙන් කතාවක් ලැබීමයි.
තුන්වැන්නී කියා කියුවේ "සහායට ඩැනී" නොහොත් "ෆුඩ්බෝඩ්" නොහොත් "සපෝටර්" වැනි විවිධ නමින් හැඳින්වෙන ආදර ලෝකයේ වැදගත් කාර්ය භාරයක් කරන නමුත් නිසි පිලිගැනීමක් නැති කවුරුත් දන්නා චරිතය රඟ පා ඇති අයෙකුට ය.
කතන්දර කාරයා, දුකා, අක්කණ්ඩි ආදීන් තමන් ගේ කතන්දර කියද්දී, තුන්වැන්නී ට කියන්නට ඇත්තේ අනුන් ගේ කතා ය.
තමන්ගේ නොව අනුන්ගේ බ්ලොග් අඩවියක ඇය මේ කතා පල කිරිමට සිතුවේ ද ඒ නිසා විය හැක.
කෙසේ වෙතත් හෙට ඔබට මුල් කතාව කියවිය හැකි වෙනු ඇත.
තුන් වැන්නී ද හොඳ කතන්දර කාරියක් බව මුල් කතාව කියවූ මට වැටහිණ.
කියවන්න තුන්වැන්නී ලියන්නී ය!

Tuesday, 25 August 2009
ගෙදර එක්ක තරහ වුනා!
ගෙදර එක්ක, ඒ කියන්නෙ අම්ම තාත්ත එක්ක, එක දවසක් හරි තරහ වෙලා නැති කෙනෙක් ඉන්නව කියල මං නං හිතන්නෙ නෑ.
වරදක් කරල තාත්ත කන මිරිකුවහම, අම්ම බැන්නම, ඉල්ලපු දෙයක් ගෙදරින් අරං දුන්නෙ නැති උනාම වගේ මෙකී නොකී හේතු කීයක් තියෙනවද අම්ම එක්ක හරි තාත්ත එක්ක හරි දෙන්නම එක්ක හරි තරහ වෙන්න.
මං නං පොඩි කාලෙ මේ වගෙ ගෙදර එක්ක තරහ වුනු දවස් වල කලේ කෙලින්ම ඇදට හිහින් නිදාගන්න එකයි. කන්න නැගිටින්නෙ වත් නෑ.
එහෙම නොකා ඉන්නෙ ගෙදරට මගේ අප්‍රසාදය පෙන්වන්නයි.
උපවාසය කවදත් විරෝධතාවය පෙන්නන ක්‍රමයක් නෙ, ගාන්ධි ල ගෙ ඉඳල ජේ.ආර්. දක්වා, තිලීපන් ල ගෙ ඉඳල දඹර අමිල ල දක්වා.
තරහ වෙලා නිදාගත්තු බොහොමයක් දවස් වලට මං කන්න නැගිටින්නෙ නැත්තෙ උපවාසෙටත් වඩා, නිදිමත වැඩි කමටයි. බඩගින්න නිසා නින්ද නොඑන ලෙඩක් නං මට තිබුනෙ නෑ. ඒත් සමහර දවස් වලට අම්ම හොඳම කරදර කලොත් නැගිටල බත් කටවල් දෙක තුනක් ගිලල, එහෙම නැත්තං තේ එකක් බීල ආපහු නිදා ගෙන තියෙනව.
ඇත්තටම කියනව නං, ළමයෙක් තරහ වෙලා රෑට කන්නෙ නැතුව නිදාගත්ත කියල දෙමව්පියන් ට ඇති වෙන පාඩුවක් නෑ. එක වේලක් අඩුවෙන් කෑව කියල ලෙඩ හැදෙන්නෙ නෑනෙ?
අනික කෑම ගැන කොහොමටත් උපදෙස් දෙන්නෙ උදේට කුමාරයෙක් වගේ, දවල් ට සාමාන්‍ය මිනිහෙක් වගේ, රෑට හිඟන්නෙක් වගේ කන්න කියලනෙ.
ඒක හෙම වුනාට දරුවන් ට තියෙන ආදරේ හින්ද දෙමව්පියන් ගෙ හිත උණුවෙනව. අපේ අම්ම ලඟට ඇවිල්ල පෙරැත්ත කරනව මොනව හරි කාල නිදාගන්න පුතේ කියල. තාත්ත නං ඒ වෙලාවට කියන්නෙ "අනේ මේ නිකං පස් අල්ලන්නෙ නැතුව ඉන්න! ඌට ඕන්නං කන්නෙ නැතුව නිදාගත්තාවෙ!" කියලයි.
මේ හැඳින්වීමත් එක්ක මං අද කියන්න යන්නෙ අපේ අම්ම මාත් එක්ක කිව්ව නියම කතන්දරයක්.
ඔන්න දශක කිහිපයකට කලින් අම්ම ගෙ ඉස්කෝලෙ ඉගෙන ගත්තු කෙල්ලෙක් ඉඳල තියෙනව කමලා කියල. මට දැන් තේරෙන විදියට මේ මනුස්සය තරහ වීම, විරෝධය පෑම කියන දේ අපිට වඩා හොඳින් දැන හැඳින ගෙන හිටි කෙනෙක්.
තමන් ගෙ දෙමව්පියන් එක්ක තරහ වුනාම කමලා කරල තියෙන්නෙ මොකද දන්නවද?
හොරෙන් ම කුස්සියට ගිහින් පුළුවන් තරම් කෑම ජාති බෙදාගෙන උස්මුරුත්තාව වෙනකං කාල කාල ඊට පස්සෙ නිදාගන්න යන එකයි.
අන්න ඒක තමා නියම විරෝධතාවය!
ඒ විරෝධතාවය හොඳට බඩට ම වැදෙන වර්ගයේ එකක්. හිතන්න සාලයො හතර දෙනෙක් උයල තිබුණයි කියල පවුලේ අයගෙ රෑ කෑමට. කමලා නිදාගන්න යන්නෙ ඒ සේරටම වැඩේ දීලා. රෑට කන වෙලාව ආපුවාම, පවුලෙ අයට වෙන්නෙ ඇතිලිය පිහදාගෙන බත් කන්නයි.
අපේ අම්ම ඔය කතාව මට කිව්වෙ, එහෙම හරි මාව කාල නිදාගන්න පොලඹවන්න වෙන්නැති.
හුහ්! මං නං අහුවෙයි ඕවට!!
****
පරණ කතන්දර කියවන්න මෙතෙනට කොටන්නඃ http://kathandara.blogspot.com/
මට කෙලින් ම ඊ-මේල් කරනවා නම්: kathandara@gmail.com

Sunday, 23 August 2009
මෙන්න මී මැස්සිය ගේ බ්ලොග් එකේ ලිපිනය
මතකනේ මීමැස්සි මට කතන්දර එවුව කතාව. මගේ "අවවාදය" පිලිඅරගෙන එයා හැදුවා එයාගෙ ම වෙබ් අඩවියක්.
ඒ බ්ලොග් එකේ පල කරලා තියෙනවා කතා කීපයක්ම.
මී මැස්සි මට මුලින් එවලා මට රස වැටුන කතා දෙක මෙන්න.
1. මී මැස්සො අල්ලපු හැටි
2. සාහිත්‍ය දිනය සහ වේවැල් කසාය
මෙන්න බ්ලොග් එකට කෙලින්ම ලින්ක් එකඃ පුලිනතලාව
දැන් ඉතිං මට පුළුවන් ආපහු මගේ කතන්දර දාන්න. එතකං මගේ පරණ කතන්දර වලට මෙතනින් පිවිසෙන්න.

Friday, 21 August 2009
මී මැස්සිය ගේ පමාව - සමාව දෙන්න
මෙය සුභ සහ අසුභ ආරංචි පිරි කෙටි සටහනකි.
සුභ ආරංචිය නම්, මගේ "කතන්දරකාර මී මැස්සියක ගෙන් කතන්දරකාරයාට ලිපියක්" පොස්ට් එකේ සඳහන් වුනු මී මැස්සි නමැති කතන්දරකාරිය මගේ කමෙන්ට්ස් වලින් ධෛර්ය උපදවා ඝෙන ඇයගේම බ්ලොග් එකක් අරඹා ඇඇති බවය.
මට එවූ ඊ මේලයේ තිබූ විස්තර අනුව එහි ගොස් බැළුවෙමි. මරු කතතන්දර හතරක් ම දමා තිබේ. මට එවු කතන්දර දෙක ද එහි ඇත.
දැන් මගේ සැලසුම වෙනස් කරන්නට වී ඇත. අසුභ ආරංචිය එයයි.
ඇය ගෙන් පිලිතුරක් ලද වහාම ඇයගේ කතන්දර පිටුවට ලින්ක් එකක් මෙහි ඇතුලත් කරන්නට අදහස් කරමි.
මේ පමාව ගැන සමාව අයැදිමි.
පරණ කතන්දර වලට මෙතනින් පිවිසෙන්න.

Thursday, 20 August 2009
කතන්දරකාර මී මැස්සියක ගෙන් කතන්දරකාරයාට ලිපියක්
කතන්දරකාරයා ලියන බ්ලොග් සටහන් වලට සාමාන්‍යයෙන් ප්‍රතිචාර හෙවත් කමෙන්ට්ස් ලැබෙනවා. ඔය දකුණු පැත්තෙ කොලමෙ තියෙන්නෙ ඒවායින් අළුත් ම අළුත් ලොට් එක.
කොයි බ්ලොග් කාරයාට වුනත් මේ කමෙන්ට්ස් ඉතාමත් වැදගත්. ප්‍රතිපෝෂණය හෙවත් ෆීඩ් බැක් වලින් තමා ඕනෑම ක්‍රියාවලියක් වඩා හොඳින් හරිගස්ස ගන්න පුළුවන් වෙන්නේ.
ඔය අතරම, කතන්දරකාරයා ගෙ ඊ-මේල් ලිපිනයත් දාල තියෙනවා ඕන්නං කෙලින් ම සම්බන්ධවෙන්න. මේකටත් ඉඳල හිටල එනව රසික ප්‍රතිචාර.
ඊයෙ උදේ බලනකොට මෙන්න බොලේ ඇවිත් රසිකාවියක ගෙන් ප්‍රතිචාරයක්. මේ එසේ මෙසේ රසිකාවියක් නෙමේ, එයත් කතන්දරකාරියක්. මෙන්න ඒ ඊ මේල් එක.
යුනිකොඩ් වලින් ම ටයිප් කරපු ෆයිල් දෙකක් අමුණලා තිබුනා ඒ එක්ක.
මං ඒ කතන්දර කියවල බැළුවා. කතන්දරකාරිය ගේ පාසල් කාලය ගැන ලියපු හරිම සිත් ගන්නා සුළු කතන්දර දෙකක්. මගේ සිතත් මගේ ඒ සුන්දර අතීතයට ඇදිල ගියා.
කොටින් ම කියනව නං කතන්දර දෙකම එළ.
ලියන්න හොඳ හැකියාවක් තියෙන, ඒ වගේම උනන්දුවකුත් තියෙන, ඒ වගේම කියන්න හොඳ කතන්දරත් තියෙන කතන්දරකාරියෙක් වගයි මට පෙනුනෙ මේ මී මැස්සී.
මං ඒ බවත් කියල රිප්ලයි එකක් දැම්ම පුළුවන් නං, මං මේ කතන්දර මගේ බ්ලොග් එකේ දාන්නං, අනිවා ඩෙෆා, නමුත් තමන්ගෙම බ්ලොග් එකක් පටන් ගත්තොත් කතන්දර ලිවීමේ කුසලතාවය තවත් වැඩි දියුණු කර ගන්න අවස්ථාව ලැබෙනවා ය කියල උපදෙසකුත් එක්ක.
ඉතිං අද ඔන්න මී මැස්සි එවල උත්තරයක්.
ඉතිං, දැන් සේරම සෙට්. මං හෙට ඉඳල මී මැස්සි ගෙන් ලැබෙන කතාත් දාන්නං මගේ කතන්දර බ්ලොග් එකේම.
එතකං මට ලියන්න.
මට කෙලින් ම ඊ-මේල් කරනවා නම්: kathandara@gmail.com
පරණ කතන්දර කියවන්න මෙතෙනට කොටන්නඃ http://kathandara.blogspot.com/
කොයි බ්ලොග් කාරයාට වුනත් මේ කමෙන්ට්ස් ඉතාමත් වැදගත්. ප්‍රතිපෝෂණය හෙවත් ෆීඩ් බැක් වලින් තමා ඕනෑම ක්‍රියාවලියක් වඩා හොඳින් හරිගස්ස ගන්න පුළුවන් වෙන්නේ.
ඔය අතරම, කතන්දරකාරයා ගෙ ඊ-මේල් ලිපිනයත් දාල තියෙනවා ඕන්නං කෙලින් ම සම්බන්ධවෙන්න. මේකටත් ඉඳල හිටල එනව රසික ප්‍රතිචාර.
ඊයෙ උදේ බලනකොට මෙන්න බොලේ ඇවිත් රසිකාවියක ගෙන් ප්‍රතිචාරයක්. මේ එසේ මෙසේ රසිකාවියක් නෙමේ, එයත් කතන්දරකාරියක්. මෙන්න ඒ ඊ මේල් එක.
හිතවත් කතන්දරකාරයාණෙනි,
මේ සමග ඇමුණුම් ලෙස කතා දෙකක් එවමි. හොඳ දැයි නොදන්නෙමි. සුදුසු නම්, ඔබේ කතන්දර බ්ලොග් එකේ දාන්න.
මෙයට,
මී මැස්සී නමැති කතන්දරකාරිය
යුනිකොඩ් වලින් ම ටයිප් කරපු ෆයිල් දෙකක් අමුණලා තිබුනා ඒ එක්ක.
මං ඒ කතන්දර කියවල බැළුවා. කතන්දරකාරිය ගේ පාසල් කාලය ගැන ලියපු හරිම සිත් ගන්නා සුළු කතන්දර දෙකක්. මගේ සිතත් මගේ ඒ සුන්දර අතීතයට ඇදිල ගියා.
කොටින් ම කියනව නං කතන්දර දෙකම එළ.
ලියන්න හොඳ හැකියාවක් තියෙන, ඒ වගේම උනන්දුවකුත් තියෙන, ඒ වගේම කියන්න හොඳ කතන්දරත් තියෙන කතන්දරකාරියෙක් වගයි මට පෙනුනෙ මේ මී මැස්සී.
මං ඒ බවත් කියල රිප්ලයි එකක් දැම්ම පුළුවන් නං, මං මේ කතන්දර මගේ බ්ලොග් එකේ දාන්නං, අනිවා ඩෙෆා, නමුත් තමන්ගෙම බ්ලොග් එකක් පටන් ගත්තොත් කතන්දර ලිවීමේ කුසලතාවය තවත් වැඩි දියුණු කර ගන්න අවස්ථාව ලැබෙනවා ය කියල උපදෙසකුත් එක්ක.
ඉතිං අද ඔන්න මී මැස්සි එවල උත්තරයක්.
හිතාදර කතන්දරේ,
මගේ ම කියා බ්ලොග් එකක් කතන්දර දමලා හැදුවොත් නම් හොඳයි. ඒත් මට ඔය තාක්‍ෂණ වැඩ එතරම් බැහැ. ලඟ පාතක කවුරුවත් ඇත්තෙත් නැහැ උදව්වක් ඉල්ලා ගන්න. මක් කොරන්නද නේද? මගේ කතන්දර දානවට පිං හොදේ.
මෙයට,
මී මැස්සී
ඉතිං, දැන් සේරම සෙට්. මං හෙට ඉඳල මී මැස්සි ගෙන් ලැබෙන කතාත් දාන්නං මගේ කතන්දර බ්ලොග් එකේම.
එතකං මට ලියන්න.
මට කෙලින් ම ඊ-මේල් කරනවා නම්: kathandara@gmail.com
පරණ කතන්දර කියවන්න මෙතෙනට කොටන්නඃ http://kathandara.blogspot.com/
Tuesday, 18 August 2009
අරක්කු ඕනා කෝක් වානා - ගිෆන් භාණ්ඩ
මට තියෙන එක ප්‍රශ්ණයක් තමයි එක කතාවක් කියන්න යනකොට වෙනත් අතුරු කතාවලට පැටලෙන එක. දැං දවස් දෙක තුනකට කලින් අර අරක්කු ඕනා කෝක් වානා කතාව කියන්න ගිහිනුත් ඒකමයි උනේ. කතාව දික් වුනා. ඉතුරු හරිය දෙවෙනි කොටසකට කල් දාන්නත් වුනා. මෙන්න ඒ දෙවෙනි කොටස අද.
ලංකාවෙ යුනිවසිටි කොල්ලන් ට අරක්කු බොන්න සල්ලි තියෙනවනං ඒ අරක්කු ෂැන්ඩි කරන්න කෝක් ගන්න සල්ලි නැත්තෙ ඇයි කියන එක ඉන්දියාවෙ ඉගෙන ගත්තු අපේ යාළුවෙකු ට තේරුනේ ම නෑ.
ආර්ථික විද්‍යාවෙ තියෙන ගිෆන් භාණ්ඩ කියන සංකල්පය මේ අරක්කු ඕනා, කෝක් වානා සංසිද්ධියට සෑහෙන්න සමාන කම් තියෙනව කියල මට හිතුන. ඒ විස්තරේ මෙන්න මෙහෙමයි.
ඔන්න දහඅටවෙනි සියවසේ ද කොහෙද කාලෙක අයර්ලන්තෙ අර්තාපල් වගාවට හෙනහුරා ලැබුව. වගා විනාශ වුනා. අර්තාපල් ගනං ගියා. එහෙ බත් කන්නෙ නෑනෙ. අර්තාපල්, තිරිඟු වලින් තමා කාබෝහයිඩ්‍රේට් ලැබුනෙ.
මෙතනදි අර්තාපල් මිල වැඩි වෙන්න හේතු වුනේ, අස්වැන්න අඩුවීම, ඒ කියන්නෙ සැපයුමේ, සප්ලයි එකේ අඩුවීම නිසයි. සාමාන්‍ය පාරිභෝහික භාණ්ඩ වල නම් මිල වැඩි වුනාම බඩු විකිණෙන එක අඩුවෙනව. ඒ කියන්නෙ ඉල්ලුම, ඩිමාන්ඩ් එක, අඩුවෙනව. තියෙන පොඩි අර්තාපල් ගොඩ කාර්යක්‍ෂමව බෙදල දෙන්න පුළුවන් ධනවාදී ආර්ථික ක්‍රමයෙ තියෙන ක්‍රමය ඒකයි. ඒ කියන්නෙ, මිල වැඩි වෙනව. ඇති හැකි අය ගන්නව. නැති බැරි අයට හුලං.
එහෙම කියන කොට තේරෙනව නේද වැඩේ අසාධාරණයි කියල?
මේ භාණ්ඩයේ මිල මත පදනම් වූ ක්‍රමයට තියෙන විකල්පය තමයි ස්ථාවර මිලකට සලාක ක්‍රමයට හැමදෙනාටම අර්තාපල් ගෙඩි දෙක තුන ගානෙ වෙන්න බෙදල දෙන එක. හැබැයි ඕක මේ සෙනසුරාදා පොලේ දි කරන්න පුළුවන් එකක් නෙමේ. ආංඩුව සේරම අර්තාපල් ටික අරගෙන, සමූපකාර හරහා, කූපන් පොතට අර්තාපල් ගෙඩිය දෙක ගානෙ දෙන්න වෙනව. මේ අතර කළු කඩ ඇතිවීම වලක්වන්නත් ඕනැ. ගමින් ගමට අර්තාපල් පොළු දාන්නත් ඕනැ. වැඩ කෝටියයි නේද?
ආපහු දහ අටවන සියවසේ අයර්ලන්තය ට යමු. අර්තාපල් කියන්නෙ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් නෙ. ඉතිං මිල වැඩි වෙන කොට විකිණෙන එක අඩුවෙන්න ඕනැ. නමුත් එදා අයර්ලන්තෙ හිටිය ගිෆන් කියන ආර්ථික විද්‍යාඥයට තේරුණා එහෙ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත කියල. අර්තාපල් ගනං යන්න, ගනං යන්න ඉල්ලුම තව තවත් වැඩිවුනා.
ගිෆන් කාරය මේ ගැන හොව්ව. මෙන්න මිනිහ ගෙ පැහැදිලි කිරීම.
අයර්ලන්තෙ හිටියෙ දුප්පත් මිනිස්සු. ආදායම සීමා සහිතයි. මස් සහ අර්තාපල තමයි ප්‍රධාන ආහාරය. අර්තාපල් ගනං යන කොට මේ ගොල්ලන්ට ඉස්සෙල්ල අර්තාපල් අරං ඉතුරුවෙන සල්ලි වලින් කොහොමටත් මස් ගන්න බෑ. ඉතිං ගොඩ දෙනෙක් කලේ ඒ ඉතිරි මුදලෙනුත් අර්තාපල් ම ගන්න එකයි. මේකෙන් අර්තාපල් ඉල්ලුම වැඩි වුනා!
මිල වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙන භාණ්ඩ වලට එනිසා ගිෆන් භාණ්ඩ කියල කියනව.
ලංකාවෙ කැම්පස් කොල්ලො කෝක් දාල ෂැන්ඩි කරන්නෙ නැතුව අමුවෙම අරක්කු බීවෙත් මේ අයර්ලන්ත කතාවෙ වගේම හේතු හින්දයි. උන්ගෙ තියෙන තුට්ටු දෙක අරක්කු වලට ගියාම, කෝක් ගන්න සල්ලි නෑ!
හැබැයි අරක්කු කියන්නෙ ගිෆන් වර්ගයේ පාරිභෝගික භාණ්ඩයක් නම් නෙවේ. මිල වැඩි වෙන කොට විකිණීම වැඩි වීමක් වාර්තා වෙලා නෑනෙ.
මට හිතෙන විදියට එදා අයර්ලන්තෙ අර්තාපල් කේස් එකට කිට්ටුවෙන් යන ලංකාවෙ ගිෆන් භාණ්ඩය නම් ළදරු කිරි පිටි. ළදරු කිරි පිටි ගණං යන කොට අම්මලා ට තමන් ට පෝෂ්‍යදායී ආහාර ගන්න සල්ලි නැති වෙනව. ඉතිං, අම්මල ගෙ පෝෂණය අඩු වුනාම වෙන්නෙ, තව තවත් ළදරු කිරි පිටි වලට ඉල්ලුම වැඩි වෙන එක විතරයි.
තවත් කතන්දරයක් සමග ලඟදීම හමුවෙමු.
කතන්දර කාරයා ට කමෙන්ට්ස් දැමූ, ඊ මේල් එවූ හැම දෙනාටම ස්තුතියි.
හති වැටෙන කොට ඒව නිකං ග්ලූකෝස් වගේ.

Saturday, 15 August 2009
ඇනෝනිමස් කාරයා ට පිලිතුරු ~ අරක්කු ඕනා කෝක් වානා කතාව නීරස ද?
අර ඉන්දියාවෙ යුනිවසිටි එකක ඉගෙන ගෙන ලංකාවට ආවට පස්සෙ ලංකාවෙ යුනිවසිටියක හිටපු කොල්ලො ඒ කාලෙ කෝක් නැතුව අරක්කු බීවෙ ඇයි කියල තේරුනේ නැති මගෙ යාළුවෙකු ගැන මං ලිව්ව අරක්කු ඕනා කෝක් වානා කියන කතන්දරේ නීරස බව කියල ඇනෝනිමස් කියන හිතවතා (ලස්සන නම නේද?) කමෙන්ට් එකක් දාල තිබුණ.
නීරස වෙන්න හේතුව මං නං දන්නව.
ඇයි කෝක් දාල නෑනෙ. අමුවෙන් ම ගහන්න ගියාම ඔහොම තමයි ඇනෝනිමස් කාරයෝ!
විහිළු කෙසේ වෙතත් මං මේ සටහන ලියන්නෙ අරක්කු ඕනා කෝක් වානා කතන්දරේ මං ලිව්වෙ ඇයි කියල කියන්නයි. වෙනත් වචන වලින් කියනව නං, මං ඒ කතන්දරේ දකින පොඩ්ඩක් හරි වැදගත් කරුණු මොනවද කියල කියන්නයි.
එක වගෙ පිරිසක් එක තැනක, එක පරිසරයක දිගු කාලයක් ජීවත් වෙද්දි, එතන පොඩි උප සංස්කෘතියක් ගොඩනැගෙනව. මේ ආකාරයේ උප සංස්කෘති, ඒවා පවතින ප්‍රධාන සංස්කෘතියෙන් වෙනස් කරල අඳුන ගන්න පුළුවන් ඒ උප සංස්කෘතිවලට අදාල සුවිශේෂී භාෂාව, ක්‍රියාකාරකම්, ආචාර ධර්ම යනාදිය නිසයි. ලංකාවෙ හොඳින් අඳුන ගන්න පුළුවන් ඒ වගේ උප සංස්කෘති කිහිපයක් තමයි, විශ්ව විද්‍යාල උප සංස්කෘතිය, සංඝ සමාජය, බන්ධනාගාර උප සංස්කෘතිය වගේ ඒවා.
මේ ඕනෑම උප සංස්කෘතියක භාවිතාවෙන සුවිශේෂී වචන, සාමාජිකයින් ගේ සිරිත්, චර්යා වගේ දේවල් එයින් පිටස්තර කෙනෙකුට එක පාරටම තේරුම් ගන්න අමාරුයි. ඉන්දියන් යුනිවසිටියෙ ඉගෙන ගත්තු මගේ යාළුවට උනේ ඒකයි. පොරට තේරුනේම නෑ අරක්කු කෝක් සංසිද්ධිය.
මගේ මිතුරා කොහොමටත් ඉහල සමාජ තලයක හැදුණු වැඩුණු කෙනෙක්. ලංකාවෙ විශ්ව විද්‍යාල කොල්ලන් ට තියෙන සල්ලි අමාරු කම් ගැන උනත් පොරට වැඩි වැටහීමක් තිබුනෙ නෑ.
අන්තිම ට කියන්නං ඒ කතන්දරේ ලියන වෙලේ මං ලියපු හොඳම කෑල්ල මොකක් ද කියල.
අරක්කු නැතුව අරක්කු බොන්න බෑ. හැබැයි කෝක් නැතුව අරක්කු බොන්න පුළුවන්.
ඒක කතන්දර කාරයා ගේ සිතට ආපු හොඳම රුවන් වැකියක්.

Friday, 14 August 2009
අරක්කු ඕනා කෝක් වානා
අර "සෝඩ එපා!" කියන කතාව අහල තියෙනව නේද?
හොඳයි, අහල නැති අය වෙනුවෙන් ඉස්සෙල්ලාම ඒක කියල ඉන්නංකෝ.
ඔන්න පොරක් ගියා යාළුවෙකු ගෙ ගෙදර. යාළුවො දෙන්න ටිකක් කතා බහ කර කර ඉඳල ඔන්න ආගන්තුක සංග්‍රහයට සැරසුනා.
දන්නවානෙ සාමාන්‍ය ක්‍රමය. දෙතුන් පාරක් එපා කියද්දි බලෙන් වගෙනෙ සංග්‍රහ කරන්න ඕනැ.
"තේ එකක් බොමුද?"
"අනේ තේ එපා."
"එහෙනම් කූල් එකක් බොමුද?"
"අනේ කූල් බීම එපා."
"එහෙනම් අරක්කු ටිකක් වත් බොමුද සෝඩ එක්ක ෂැන්ඩි කරල?"
"අනේ සෝඩ එපා!"
මේකත් ඒ වගේ කතාවක්. හැබැයි පොඩ්ඩක් වෙනස්.
අපේ යාළුවෙක් ඉන්නව මිනිහ ඉගෙන ගෙන තියෙන්නෙ ඉන්දියාවෙ යුනිවසිටියක. ඉතිං පොර ලංකාවෙ කොල්ලො කොළු කමට කරන සමහර ඒව ගැන වැඩිය දන්නෙ නෑ. සමහර විට ඒකට තවත් හේතුවක් තමා, අද අපි වගේ අය ආශ්‍රය කෙරුවට, මිනිහ කොළඹ ඉහල මධ්‍යම පන්තියෙ පවුලක කෙනෙක්. මං මෑන් ව අඳුන ගන්න කොට මිනිහ ඉන්දියාවෙ ඉඳල ඇවිත් අවුරුදු කීපයක් ගතවෙලා.
ඔන්න දවසක් අපේ කොල්ලො කෂ්ටිය පොඩි ඩ්‍රින්ක්ස් එකකට සෙට් වුනා.
එතන හිටිය ලංකාවෙ යුනිවසිටි එකක ඉගෙන ගත්ත පොරකුත් මං ලඟදි අඳුනගත්තු. පොර කිව්ව කැම්පස් ඉන්න කාලෙ විභාග ඉවරවෙන දවසට, රිසල්ට්ස් එන දවසට හෙම කොල්ලො එකතු වෙලා බොන විදිය. සල්ලි එක්කහු කරල, මොරටුවෙන් හරි පිලියන්දලින් හරි බඩු ගෙනැල්ල, හොස්ටල් එකේ හරි, බෝඩිමක හරි සෙට් වෙලා බොන හැටි.
මේ කතාව යන අතරෙත් සිද්ද වෙන්නෙ ඒ ආකාරයේම වැඩ සටහනක්. එකම වෙනස, පොල් සහ වඩේ වෙනුවට විස්කි බෝතලයකුයි, කෝක්, අයිස්, සෝඩ යනාදිය තියෙන එකයි.
"හැබැයි, අපි නම් අරක්කු බොන්න කවදාවත් කෝක් දැම්මෙ නෑ!" ලංකාවෙ යුනිවසිටි එකේ පොර කිව්ව.
"ඇයි ඒ, පොල් අරක්කු බොන්න පුළුවන් ද ඩයිලූට් කරන්නෙ නැතුව?" ඉන්දියන් උපාධිකාරය අහනව.
"බොන්න නං අමාරුයි තමා. ඒත් කෝක් ගන්න කෝ සල්ලි? අරක්කු බෝතලේට ගාන හොයා ගන්නෙත් කොච්චර අමාරුවෙන් ද?"
"අරක්කු බොන්න සල්ලි තිබේනම් කෝක් ගන්න සල්ලි නැත්තේ ඇයි? තව රුපියල් කීපයයි නෙ ඕනැ."
"ඒකම තමයි හේතුව, තියෙන සල්ලි ටික අරක්කු වලට ගියාම කෝක් වලට සල්ලි කෝ?"
කොච්චර පැහැදිලි කලත්, අපේ යාළුවට නම් හිතාගන්න ම බැරිවුනා, ලංකාවෙ කොල්ලො කෝක් නොබිව්වෙ ඇයි කියල.
වැඩේ මේකනෙ. අරක්කු නැතුව අරක්කු බොන්න බෑ. ඒත් කෝක් නැතුව අරක්කු බොන්න පුළුවන්. ඕකයි සරලම පැහැදිලි කිරීම.
මං ඉගෙන ගත්ත ආර්ථික විද්‍යාවෙ සංකල්පයක් තිබුන මතකයි ගිෆන් භාණ්ඩ කියල. ඒක මේ "අරක්කු ඕනා, කෝක් වානා" සංසිද්ධියට සෑහෙන්න සමානයි.
මේ බ්ලොග් සටහන දැං හුඟක් දික් වුන හින්ද ඒ කතාව තව දවස් දෙක තුනකින් වෙනම දාන්නං.
ආපහු "කතන්දර" බ්ලොග් එකට එන්න අමතක කරන්න එපා!
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න ඒ ගිෆන් භාණ්ඩ ගැන කතන්දරේ.
http://kathandara.blogspot.com/2009/08/blog-post_18.html
(image: http://www.divaina.com/2010/08/11/news13.html)
Wednesday, 12 August 2009
කතන්දර බ්ලොග් එකට මාසයයි! මට ජයවේවා!!
කතන්දර බ්ලොග් එක පටන් අරන් මාසයක් ගියා දන්නෙම නැතුව. හිට්ස් තුන්දහකට කිට්ටු වෙන්න ආවා. කමෙන්ට්ස් ලැබුණා. ජොලිම වැඩේ මං දන්න අයත් කතන්දර කාරයා මං කියලා හිතාගන්න බැරුව මට කමෙන්ට්ස් එවන එකයි.
මෙන්න මුල් මාසය ඇතුලත දාපු කතන්දර ලයිස්තුව.
1. කාලෝ ට සීට් එක දුන්න දා
2. සුද්දට පාර කියපු හැටි
3. සීලවතී සිල් අරගෙන
4. සුසන්ත සිස්සස්සෙස යනවද
5. සුදා ල ගෙ කඩේ ප්‍රේමේ
6. පන්සල් යන්න සරොං අඳින්න ඕනැද?
7. ඔන්න සිංහල තලිබාන් ලා ඇවිත්
8. ලව් ලෙටර් එකක කතාවක්
9. අංකල් ල ගෙ කතා
10. ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!! මගේ බ්ලොග් එක උස්සලා
11. අංකල් නම්බර් ටූ සහ අංකල් නම්බර් ත්‍රී
කතන්දර කියවපු, කමෙන්ට්ස් එවපු, ඊ මේල් එවපු සියළු දෙනාටම ස්තුතියි.
කලින් දවසක කිව්ව වගේ දැන් මං ඔක්තෝබර් අග වෙනකං සතියකට දෙක ගානෙ දාන්න කතන්දර ලියලයි තියෙන්නෙ.
මේ පිටුව බුක් මාක් කර ගත්තොත් නරකද?

Monday, 10 August 2009
අංකල් ල ගෙ කතා - අංකල් නම්බර් ටූ සහ අංකල් නම්බර් ත්‍රී
අංකල් ල ගෙ කතා කියන්න ගියාට පසුගිය සැරේ කියන්න ඉඩ ලැබුනෙ එකම එක කතාවයි. අද මෙන්න තව කතා දෙකක් ම.
අංකල් නම්බර් ටූඃ
මේ අංකල් නම් එච්චර උග්‍ර වාමාංශිකයෙක් නෙමේ මං දන්න තරමට. හැබැයි කතා බහ අදහස් ප්‍රගතිශීලීයි. හොඳ ජොලි මනුස්සය.
දවසක හම්බ වෙච්ච වෙලේ මොකක් හරි කතාවකින් මගෙන් දේශපාලන මතවාදයක් ප්‍රකාශ වුන වෙලේ මෑන් මට කියනව මෙන්න මෙහෙම.
පුතා! මටත් ඔය වයසෙ දි ඔය වගෙ අදහස් තිබුණ තමයි. තරුණ කාලෙ දි ඔහොම තමා. ටික ටික ඕව ඇරිල යනව කාලයත් එක්ක. බලාගෙන යනකොට මේ ධනවාදී සමාජ ක්‍රමයෙත් කියන තරම් වරදක් නෑනෙ!
අංකල් නම්බර් ත්‍රීඃ
මේ අංකල් නං වාමාංශිකයෙක් නෙවේ. දක්‍ෂිණාංශිකයෙක්. ඒකෙත් අන්තයේම ඉන්නෙ. යූ.ඇම්.පී කණුව.
ඇත්තටම කියනව නං පොඩි කාලයක් යූ.ඇම්.පී ය එක්ක විරසක වෙලත් හිටිය. ඒ වෙන එකක් හින්ද නෙමේ යූ.ඇම්.පී ය, යූ.ඇම්.පී මදි, ඒ කියන්නෙ දක්‍ෂිණාංශික මදි ය කියල.
හිනාම වැඩේ මේකයි. මේ අංකල් ගෙ දක්‍ෂිණාංශිකත්වය ලංකාවෙන් නවතින්නෙ නෑ. අංකල් ෆුල් ඉන්ටර්නැෂනල් පොරක්.
මෑන් ඇමරිකාවෙ ජනාධිපතිවරණ ඡන්දෙදි ෆුල් සපෝට් රිපබ්ලිකන් අපේක්‍ෂකයට. ඒ කියන්නෙ රොනල්ඩ් රීගන්, ජෝර්ජ් බුෂ්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් කට්ටියගෙ සපෝටර් කෙනෙක්. කාටර් ලා ව ක්ලින්ටන් ලා ව පෙන්නන්න බෑ.
හේතුව දන්නවද?
ඩිමොක්‍රටික් කාරයන් ට වැඩියෙන් ඊශ්‍රායලය ට සපෝට් කරන්නේ රිපබ්ලිකන් කාරයො ලු.
මේ අංකල් බුෂ් ල ට සපෝට් ඒකයි.
කාට කියන්නද?

Friday, 7 August 2009
ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!! මගේ බ්ලොග් එක උස්සලා!
අද අන්තිම ජොලි දවසක්.
මගේ බ්ලොග් එක උස්සලා කියල දැනගන්න ලැබුනා. ඉස්සුව විතරක් නං මදෑ. කොලම් එකක් විදියට මාසික සඟරාවකත් අරං. මෙතන කිසි අවුලක් නෑ. ලස්සනට මගෙ නමයි, බ්ලොග් එකේ URL එකයි දාලා තියෙනවා.
ගිහිං බලන්නකෝ මෙන්න URL එක: http://sannasa.net/27.pdf
මං නොදැන උනාට මොකෝ, මේක හරිම ෂෝක් වැඩක්. ඒකයි ප්‍රීතියි, ප්‍රීතියි කිව්වෙ. සන්නස කාරයාට ජයවේවා. මිනිහා කොහොමටත් අපි වගෙ අයට තැන දෙන හොඳ පොරක් කියලයි ආරංචිය.
මට තියෙන්නෙ එක ප්‍රශ්ණයයි.
සන්නස සඟරාවට දිගටම කතන්දර බ්ලොග් එකෙන් උස්සලා දායිද? නැත්තං මේක වන් ඕෆ් එකක් වෙයි ද කියන එකයි.
කොහෙම උනත් දැනටම කතන්දර කාරයාගෙ කොම්පියුටරේ කතා තිස් ගානක් (30+) තියෙනව. ඔක්තෝම්බර් යනකං අඩුවක් නැතුව දාන්න සතියට දෙක ගණනේ.
මගේ බ්ලොග් එකට සන්නසෙන් සපෝර්ට්. මගෙනුත් මෙන්න සපෝර්ට් එක.
සන්නස වෙබ් අඩවිය මෙන්නඃ http://www.sannasa.net/
සන්නස අවුරුදු පහක සඟරා බලන්න යන්න මෙතෙනටඃ http://sannasa.sinhalajukebox.org/
ඉදිරියටත්, සන්නස කාරයාට ඔන්නං කතන්දර කාරයාගෙ බ්ලොග් එකෙන් හොඳ කෑලි ගත්තාවෙ. මට මොකෝ.
මේ සයිබර් අවකාසෙට මේ කතන්දර දාන්නෙ බදාගන්න නෙමේ බෙදාගන්නනෙ!
(ඒ අන්තිම කෑල්ල මං වෙන තැනකින් - http://www.boondi.lk/ - උස්සපු එකක්, හික්!)

Labels:
kathandara blog,
sannsa,
කතන්දර බ්ලොග්,
සන්නස
Thursday, 6 August 2009
අංකල් ල ගෙ කතා
මාමා ට ඉංගිරිසියෙන් කියන්නෙ අංකල් කියල. බාප්පල ට, මහප්පල ට කියන්නෙත් අංකල් කියල. ඒ වගෙම නැන්දලත්, පුංචි අම්මලත්, ලොකු අම්මලත්, කුඩම්මලත් සේරම ආන්ටි ලා නෙ.
ඉස්සර පොඩි කාලෙ ගමේ ඉන්න කොට වැඩිහිටි අය හැමෝට ම කතා කලේ මාමා හරි නැන්ද හරි කියලයි. නෑකමට මාමා ද, නැන්දා ද කියල බලන්නෙ නැතුව. නෑ කමක් තිබුණ අයට විතරයි බාප්ප, මහප්ප, පුංචි අම්ම, ලොකු අම්ම කියල කිව්වෙ.
ටික ටික නාගරික වෙනකොට මේක පොඩ්ඩක් වෙනස් වුනා. මාමා, නැන්ද කියල දැන් කියන්නෙ නෑ කමක් තියෙනව නං විතරයි. අනිත් සේරම අංකල් ල ආන්ටිල.
එහෙම බැලුවහම මේ අංකල් ල ගෙ කතා මාමා ල ගෙ වෙන්නත් පුළුවන්. බාප්ප ල ගෙ වෙන්නත් පුළුවන්!
අද එක අංකල් කෙනෙක් ගැන ලියන්නම් කෝ
අංකල් නම්බර් වන් පරම්පරාගත වාමාංශිකයෙක්. අංකල් ගෙ අයියල හෙමත් සමසමාජ පක්‍ෂයෙ බල කණු ඒ දවස්වල. ප්‍රාදේශීය සභා, නගර සභා ලයිස්තු වලත් හිටිය මං හිතේ දිනුවෙ නැති උනාට. මං දන්න අංකල් නම් ඡන්දෙ ඉල්ලුවෙ නෑ. හැබැයි මුලං කිව්ව වගේ අරටු බැහැපු වාමාංශිකයෙක්. කොටින් ම මගුලට අත්සන් කරන්න ආවෙත් නව සමසමාජෙ වාසුදේව යි, කොමියුනිස්ට් පක්‍ෂයෙ සරත් මුත්තෙට්ටුවේගම යි ද කොහෙද. (හැබැයි සාමාන්‍ය වාමාංශික සංධාන වලට වෙනව වගේම අංකල් ගෙ මගුලත් මාස දෙක තුනකින් කැඩිල ගියා!)
ඉතිං කතාව මේකයි. අංකල් දවසක් ගියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මොකක් ද පොඩි වැඩකට. අංකල් ජීවත් වුනේ ගමේ කඩ මංඩියෙ පොඩි වෙළදාමක් කරල. පොඩිත් නෑ. ලංකාවෙ හොඳම පාරිභෝගික භාණ්ඩ වර්ගයක් තමයි අංකල් ගෙ කඩේ වික්කෙ. ඒ සම්බන්ධ ලියකියවිලි වැඩකට වෙන්න ඕනැ එදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේ. ඉතිං එදා හවස මං නෑ ගෙදරක ඉන්න කොට ඔන්න අංකල් එහෙට ගොඩ වැදුණ තරහෙන් පිපිරි පිපිරි.
"අම්මප මට නම් දැන් හිතෙන්නෙ, මේ සේරම දේවල් ප්‍රයිවටයිස් කරන්න ඕනැ කියලයි. නැත්තං මුං ගෙං පොඩි වැඩක් වත් කර ගන්න බෑ".
අංකල් මේ යෝජනා කරන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රයිවටයිස් කරන්නයි. මේ රජයේ විවිධ නිෂ්පාදන ආයතන පෞද්ගලික කරණය වෙමින් තිබුණු, වාමාංශිකයො ඒවට විරෝධතා දක්වමින් හිටපු කාලයක්. අංකල් ගෙ යෝජනාව රාජ්‍ය යන්ත්‍රයේ ම යට තට්ටුවෙ පුරුකක් පෞද්ගලිකකරණය කරන්නයි.
ඔන්න අපේ අංකල් ගෙ වාමාංශිකත්වය.
Tuesday, 4 August 2009
ලව් ලෙටර් එකක කතාවක්
බ්ලොග් අවකාශයේ කතන්දර සගයෙක් වන දුකා, මේ ඊයෙ පෙරේදා ලියල තිබුන පොර ගෙ පරණ ලව් කතාවක්. ලව් කිව්වට පැහැදිලිවම කියනව නං බූට් කතාවක්.
දුකාට උනා වගේම, අවුරුදු දොලහෙ දහතුනේ කාලෙදි මට මතකයි, අපේ පන්තිවල හිටපු හොඳ ලස්සන කෙල්ලන්ව අපි බල බලා ඉන්දැද්දිම ලොකු පන්තිවල කොල්ලො ඇවිත් සෙට් කරගන්න හැටි. අපි නිකං හූල්ල හූල්ල හිටිය විතරයි.
ඒ අතින් නම් දුකා මට වැඩිය ගව් ගානක් ඉස්සරහින්. පොර ඒ කාලෙම කිස් එකකුත් ස්කෝර් කරල නේ.
දුකා ගෙ කතාව බැලුව වෙලේ මටත් කතා කීපයක් ම මතක් වුනා. මෙන්න එයින් එකක්. හැබැයි මේක ලියන්නෙ කතන්දර කාරයා වන මං නිසා ඔය සෙන්සිටිව් ෆීලින්ග්ස් අයිං කරලයි ලියන්නේ. ඒ එක්කම, යම් හේතුවක් නිසා කතාවෙ පොඩි කොටසකුත් අයිං කලා.
ඔන්න කතන්දර කාරයා හයේ පන්තියේ ඉන්න කාලෙ, අවුරුද්ද අන්තිමේ විභාග හෙම ඉවර වෙලා රිපෝට් කාඩ් එන්න කලින් අර ජොලියෙ ඉන්න දවස් දෙක තුනෙන් අන්තිම දවසෙ, පිට්ටනියෙ බෝල ගහ ගහ හිටපු මා ලඟට ආව අපේ පන්තියෙ කුමුදුනී කියන කෙල්ල.
කතරන්දර කාරයා ට විජේසිංහ ටීචර් එන්න කිව්ව ස්ටාෆ් රූම් එකට කුමුදුණී කිව්ව.
බුදු අම්මෝ, විජේසිංහ ටීචර් කියන්නේ ඉස්කෝලෙ විනය භාර ගුරුවරියයි. මට දෙලෝ රත්වුනා. ඒත් එයාට බාර කෙල්ලන්ගෙ විනයනේ. ඇයි මට එන්න කියන්නෙ? කොල්ලන් ගෙ විනය බාරව හිටියෙ අර දැක්ක දැක් තැන කොල්ලන් ට ටොකු අණින විල්සන් කාරයායි.
මං හෙමින් හෙමින් ගියා ස්ටාෆ් රුම් එකට. විජේසිංහ ටීචරුයි, ජයසෝම ටීචරුයි ඉන්නව මේසයක් අල්ලං වාඩිවෙලා. ජයසෝම ටීචර් කියන්නේ 6 බී පන්තිය බාර ටීචර්. මං හිටියෙ 6 ඒ පන්තියෙ.
මං ටීචර් ල ලඟට ගියා.
කතන්දර ගෙ නෑයො වෙන නංගි කෙනෙක් ඉන්නවද මේ ඉස්කෝලෙ?
නෑ ටීචර්.
පවුලෙ හිතවත් පවුලක කෙනෙක්?
නෑ ටීචර්.
එහෙනං, 6 බී පන්තියෙ පබසරා ව අඳුණනවද?
නෑ ටීචර්.
හොඳයි කතන්දර, එහෙනං මේ ළමය දැන් යන්න.
මං නිදහස් වෙලා කෙලින් ම ගියා අපේ පන්තිය පැත්තෙ. ඔළුව අඤ්ඤකොරොස් වෙලයි හිටියෙ ඒ ප්‍රශ්ණ ටිකෙන්.
අපේ පන්තියෙ කුමුදුණී දැන ගෙන හිටිය බිහයින්ඩ් ද සීන් ස්ටෝරිය.
අල්ලපු පන්තියෙ හිටපු පබසරා ගෙ පොතක් ඇතුලෙ තිබිල කොල්ලෙකුට ලියපු ලියුමක් අහුවෙලා ඒ පන්තියෙ පන්ති නායිකා කෙල්ලට. ඒ මෝඩ හැතිරි ඒක කියවල බලල, පස්සෙ පන්ති බාර ජයසෝම ටීචර් ට දිල. වැඩේ විනය බාර විජේසිංහ ටිචර් දක්වා දුර දිග ගිහින් තියෙන්නේ ඊට පස්සෙයි.
පන්ති නායිකා කෙල්ල ගේ එක හොඳක් තියෙන්නේ මේ මුළු විස්තරේම අපේ පන්තියේ කුමුදුණී එක්ක කියපු එකයි.
කුමුදුනී මට කියපු විදියට මෙන්න මෙහෙමයි ඒ ලියුමෙ තිබිල තියෙන්නෙ.
දයාබර කතන්දර,
ඔයා මේ පාර විභාගෙන් ගණං වලට හොඳට ලකුණු ගත්තු බව දැනගත්තා. මට හරි ආසයි ඔයා එක්ක හමුවෙලා කතාකරන්න. අද හවසට ඉස්කෝලෙ ඇරුනයින් පස්සේ හන්දියේ ගීතා ස්ටෝර්ස් එක ලඟට එන්න පුළුවනි ද?
මේ
පබසරා
අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ. පබසරා ඊට පස්සෙ අපේ ඉස්කෝලෙට ආවෙ නෑ. කොල්ලෙකුට ලියුමක් ලියපු ආනන්තර්ය පාප කර්මෙ එදාම පල දීල, අස්වීමෙ සහතිකේ එක්ක තාත්ත අතේ කෙල්ලව ගෙදර යවල තිබුණ.
මේ කතාව කියවන බ්ලොග් අවකාශයේ කෂ්ටිය දැං හිතනව ඇති මේ කතන්දර කාරයාගෙ පංපෝරි කතාවක් කියල. ඇත්තටම කියනව නං, මං අවුරුදු ගණනාවක් ම ඔය සිද්ධිය මතක් කර කර සිතින් ආඩම්බර වුනා.
අවුරුදු නමයකට පස්සෙ තමයි නියම ඇත්ත පැහැදිලි වුනේ.
පබසරා මට හොර ලියුමක් ලියන්න හේතුව ඇත්තටම මට ගණං හොඳට පුළුවන් වීම නිසයි. එයා ට ගණිතය අමාරු විෂයක් වෙන්න ඇති. ඒ දවස් වල ගණං බැරි නං කරන්නෙ මොකක්ද කියල දන්නවනෙ? බයෝ සයන්ස් කරනවා.
ඉතිං අවුරුදු නමයකට පස්සෙ, මං පබසරාව දැක්කෙ යාළුවෙක් මුණ ගැහෙන්න කොළඹ විශ්ව විද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටියට ගිය වෙලෙයි. මැත්ස් බැරිව, බයෝ කරපු පබසරා ඒ වෙන කොට පළමු වසරෙ වෛද්‍ය ශිෂ්‍යාවක්.
එදා හයේ පන්තියෙ ඉන්න කාලෙ මාව ගීතා ස්ටෝර්ස් එක ලඟදි හමුවෙන්න එයාට ඕනැ වෙලා තිබුනෙ මගෙං ඇත්තටම ගණිතය විෂයය හොඳට ඉගෙන ගන්නෙ කොහොමද කියල අහන්නයි.
එහෙම නැතුව වෙන මොකකට වත් නෙමේ!

Sunday, 2 August 2009
ඔන්න සිංහල තලිබාන් ලා ඇවිත්! - හෙට සිට හැම පිරිමියා ම උඩු රැවුල වැවිය යුතුය!
වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම, සිසුන් ට, ගුරුන් ට, ජංගම දුරකතන තහනම සමග දැන් දැන් ඇහෙනවා සිංහල තලිබාන් ලා ගැන කසු කුසුවක්.
ලඟදීම අනේ හැම පිරිමියාම උඩුරැවුලත් වවන්න ඕනි කියයි ද මන්දා?
මං මේ කියන්න යන්නේ, නොදැනුවත්වම වගේ කතන්දර කාරයාත් මේ මාතෘතාව කතා කරලා තියෙනවා දැන් ටික දවසකට කලින්. හැබැයි වෙනිං පසුබිම් යටතේ.
සීලවතී සිල් අරගෙන කතන්දරේ මතකද?
පිරිමි ගුරුවරු කලිසම් ඇන්දට, ගැහැණු ගුරුවරියන් ට සාරි, ඔසරි විතරයි කැප. අනික්වා තහනම්.
ඒ තලිබාන් නීතිය දශක ගණනාවක් තියෙන එකක්.
එතකොට පන්සල් යන්න සරොං අඳින්න කියලා නාලන්ද ලා මට නීති දැමීම එක?
ඒකත් සිංහල තලිබාන් වර්ගයේ එකක්. අවුරුදු ගණනකට ඉස්සර කතාවක්.
ඩේ ජා වූ (Deja Vu) ගතියක් මට නම් දැනෙන්නේ මේ අළුත් තලිබාන් කතා අහලා.
කතන්දරකාරයා
Subscribe to:
Posts (Atom)