Saturday 12 December 2009

[කතන්දරකාරයා] චාල්ස් ඩයනා - පිට රට දේ, සිරි සැප දේ!


සිංහල භාෂාවෙ තියෙනව හරි අරුම පුදුම කියමන්. ඒව පොතේ තියෙන කොට හරි ලස්සනයි. හොඳ අදහස්. හැබැයි ක්‍රියාවට නැංවීම නම් විරලයි. ඒ ප්‍රායෝගික බවක් නැති නිසා.

මේකට හොඳ උදාහරණයක් තමා - "සිය රට දේ, සිරි සැප දේ" කියන කියමන. ලස්සන වචන ටික. හොඳට රයිම් වෙනවා අර "කළ කළ දේ - පල පල දේ" කියන වාක්‍ය ඛණ්ඩය වගේ.

හැබැයි රටින් එන ෆොරීන් බඩු වලට කැමති අපට නං ඔය "සිය රට දේ, සිරි සැප දේ" කියන කියමන නිකං විහිළුවක් විතරයි. අපේ උදාන වාක්‍යය තමා "පිට රට දේ - සිරි සැප දේ" කියන එක. එකම අඩු පාඩුවකට තියෙන්නෙ මුල් වාක්‍ය ඛණ්ඩය වගේ හොදට රයිම් වෙන්නෙ නෑ.

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න මං මීට අවුරුදු පහලොවකටත් වඩා ඉස්සර දවසක ගියා දන්න අඳුනන ගෙදරක. ලොකු ගෙදරක්. හැබැයි සාලෙ හරිම පොඩියි. ඒ ගෙදර හදපු කාලෙ තිබුණු ක්‍රමයලු ඒක.

සාලෙ ට ගිය මට මුලින්ම පෙනුනෙ එතන මූලික තැනකින් තියල තිබුන මගුල් ෆොටෝ එකක්. මේ ගෙදර ලොකු පුතා බැඳල ඒ වෙන කොට. හැබැයි ඒ කපල් එකේ ෆොටෝ එකක් නම් නෙමේ ඒ තිබුනෙ. ඊට වඩා වැදගත් දෙන්නෙකු ගෙ එකක්.

හිතාගන්න පුළුවන්නේ, ඩයන ගෙයි, චාලි ගෙයි මගුලෙ ෆොටෝ එක තමයි එතන ප්‍රධාන ඡායාරූපය විදියට වැඩ හිටියෙ.

අර මේ ගෙදර පවුලෙම බැඳපු හාදයගෙ ෆොටෝ එකකුත් තිබුන, හැබැයි ඒ බඳින්න කලින් ගත්තු එකක්.

මෙයෙම ටික කලක් ගියාම, මේ ගෙදර තව ළමයෙක් කසාඳ බැන්ද. ඒ මගුල් ගෙදරට නම් මාත් ගියා මට මතකයි.

හැබැයි, අළුත් කපල් එකේ ෆොටෝ එකක් නම් සාලෙට ආව කියල පෙනුනෙ නෑ.

මං අන්තිමට දකින කොටත් ඩයනයි, චාලි යි තමයි සාලෙට වෙලා අපූරුවට හිටියෙ. උන් දෙන්නගෙ මගුලත් කැඩිල ගිහින් ඒ වෙනකොට එංගලන්තෙ.

ගෙදර උන්ගෙ මගුල් ෆොටෝ වගේ ද, රාජ කුමාරයින් ගෙ, කුමාරියන් ගෙ රාජකීය ගණයේ ඒවා!

පිට රට දේ - සිරි සැප දේ!

කතන්දර කාරයා - දෙසැම්බර් 19 දා සාදයේ දී හමුවෙමු!
මගේ පරණ කතන්දර බලන්න
1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

10 comments:

  1. සිරා කතාව, අපේ අයට පිට රටින් නම් ඕන ජරාවක් වුනත් වටිනවනේ.

    ReplyDelete
  2. එල එල . . . "පිට රටදේ සිරි සැප දේ. . ." හික් හික්

    ReplyDelete
  3. den den kata ala wenawa..samahara eewa pampoori

    ReplyDelete
  4. අනේ මන්දා ඉතිං බොරු මොකටද මම නම් ඩයනාට හරිම කැමතියි.. විශේෂයෙන්ම එයාගේ කොණ්ඩේ කපලා තියන විදියටයි හිනාවටයි.. එයාගේ සමාජසේවා වැඩ වලටයි.. එපාම කරපු රජපවුලේ හිත හොද ගෑනියෙකුට හිටියේ ඔච්චරයි මම හිතන්නේ.. එයාගේ විවාහය ගැන නම් මට මතක නෑ.. හැබැයි එයා මැරුනේ මම 6 වසරේ ඉන්නකොට..ඒ කාලේ එයාගේ ගොඩක් පිංතූර පත්තර වල ගියා.. මම කාලයක් ඒ පිංතූර ටික කපලා පොතක අල‍වගෙනත් හිටියා.. දැන් නම් නෑ,.
    ඒ කිව්වේ එහෙම පිංතූර එකතු කරන පිස්සුව දැන් ඇත්තෙම නෑ කියන එක.

    ReplyDelete
  5. මොකේ හරි මන් දැක්කා අපේ අය බාල බඩුවක් කියන්න යොදාගන්නේ "ලෝකල්" කියන වචනේ කියලා

    ReplyDelete
  6. @malee_msg

    එයාලගෙ විවාහෙ ඔයාට මතක තියෙන්න කොහොමත් බෑ. මොකද ඔයා ඉපදිලවත් නෑනෙ!!!! සමහර විට ඔයා දිව්‍යලෝකෙ ඉන්න ඇති!!!!

    ReplyDelete
  7. මතකද කාලෙකට ඉස්සෙල්ල අපේ වාහනවල ඇමෙරිකාවෙ කොඩිය ගහන පුරැද්දක් තිබ්බ. ත්‍රීරෝද රථවල ආසන කවරවලටත් දැම්මෙ ඒවනේ ඒ කාලෙ. දැන් අපේ අය සිංහකොඩිය ආඩම්බරයෙන් දාගෙන යනවනේ. මොන දේටත් තමන්ගෙ දේ ගැන ආඩම්බර වෙන්න පුළුවන් නම් මිනිස්සු ඒක පිළිගන්නවා කියලයි මම හිතන්නෙ. ඒක ඇති වෙච්ච දවසක එය ප්‍රශ්නෙ නැතිවෙයි නේද?

    ReplyDelete
  8. @ම

    අපේ බල්ලො -වල් බල්‍ලො, අපේ ගල් -මෝඩ ‍ගල්, අපේ වෛද්‍යවරයා - වෙදා.... අපි ගෙවල් හදන්නේ - යුරෝපීය මාදිලිය, බටහිර......

    ගණන් ගන්න එපා ලංකාවනේ..

    ReplyDelete
  9. අනේ ඒ උනාට

    ලෝකෙන් උතුම් රට ලංකාවයි...
    ලංකාවයි සිරි ලංකාවයි...

    ReplyDelete
  10. ඕව ඔහොම තමා. ශත වර්ෂ ගණනාවක් බටහිරට යටත් වෙලා ඉඳලා ලැබුන ගැති මානසිකත්වය හලන්න තව කොච්චර කල් යයිද අපට?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.