Followers

Sunday, October 31, 2010

මැදපු කමිස මොකුත් නැති එකේ රහස!


මං පෙරේද පෝස්ට් කරපු මැදපු කමිස මොකුත් නැත කියන කතන්දරේ නැගල ගියා. එදා පොරොන්දු වුණු විදියට මං මේ ලියන්න යන්නේ මගේ ඇඳුම් ගොඩේ මැදපු කමිස මොකුත් නැති එකේ රහස මොකක්ද කියලයි.

එදා කිව්ව වගේ මම් තුමාවත්, කතන්දර හාමිනේවත් සාමාන්‍යයෙන් ඇඳුම් මදින්නේ නෑ. මං හිතන්නේ මං තුමා නං අවුරුද්දකට එක දවසක්වත් මැදපු කමිසයක් ඔෆිස් ඇඳන් ගිහින් නෑ.

ඇත්තම කියනවා නං මේකේ ඇති රහසක් නෑ. ඇඳුම් මැද්දොත් තමයි ආපහු මදින්න වෙන්නේ. මදින්නේ නැති ඇඳුම් ආපහු මදින්න ඕනෑ වෙන්නේ නෑ.

මං කරන්නේ වැඩ ඇරිලා ගෙදර ආපුහාම එදා ඇඳපු කමිසය උංඩි කරලා හෝදන්න තියෙන ඇඳුම් ගොඩට විසිකරන්නේ නැතුව රැක් එකේ ඉල්ලන එකයි. සති අන්තයේ කරන්නේ මායි හාමිනේයි වැඩට ඇන්ද කමිස කලිසම් වගේ හොඳ ඇඳුම් ටික වොෂින් මැෂිමේ අඩුම තීව්‍රතාවයක් තියෙන සයිකල් එකේ දාලා, හේදිලා අහවර වෙච්ච සුනංගුවෙන් ප්ලාස්ටික් හැඟර්ස්වල දාලා අව්වේ වේලා ගන්න එකයි. මේ හැඟර්ස් ගන්න පුළුවනි ආර්පිකෝ වගේ තැනකින්.

සිරස් අතට එල්ලලා තියෙන කමිස, කලිසම්වලින් වතුර බේරිලා, ඒවා වේලිලා අහවර වෙන කොට ආයේ මදින්න ඕනැ වෙන්නේ නෑ.

තවත් ඉම්පොර්ටන්ට් කරුණු දෙක තුනක් තියෙනවා.

එක: හේදිලා ඉවර වුණු ගමන් රෙදි වනන්න ඕනෑ. පරක්කු වුනොත් ඇඳුම් පොඩි වෙනවා.

දෙක: මැදපු ඇඳුම් ඉක්මනින් පොඩි වෙනවා. කවදාකවත් මැදපු නැති ඇඳුම්, සෑහෙන කාලයක් පොඩි නොවී තියාගන්න පුළුවනි.

තුන: අතින් හෝදන ඇඳුම්, මිරිකලා වතුර යවන්නේ නැතුවම හැඟර්ස්වල දාලා එල්ලලා ඩ්‍රිප් ඩ්‍රයි වෙන්න ඉඩහැරියොත් වඩාත් හොඳයි. කතන්දර හාමිනේ ගේ ඉස්තරම් වර්ගයේ බ්ලවුස් රාජිණියන්ට සලකන්නේ එහෙමයි.

ඔය දෙවෙනි කාරණයට, ඒ කියන්නේ මැදපු ඇඳුම් ඉක්මණට පොඩි වෙන්න, හේතුව මට හිතෙන විදියට ෆයිබර්ස්වල තියෙන මෙමොරි ප්‍රොපටියක් වෙන්න ඇති. එක පාරක් මැද්දොත්, ඒක මතක තියාගෙන ඉඳලා ආයෙත් මදිනකං කීකරු වෙන්නේ නෑ.

-කතන්දරකාරයා

ප/ලි
දැං ඔය මකරගේ මොලේ නිකං මාකොෆ් චේන් එකක් කියනවනේ. මගේ මොලේ නං පොයිසොන් ප්‍රොසෙස් එකකයි තියෙන්නේ.

කොටන්-පොලියෙස්ටර් ෆයිබර්ස් මොන මොන ජංජාලවල පැටලිලා ද කියලා කවුද දන්නේ?

15 අදහස්:

  1. මං හිතුවා කතන්දර wrinkle free/no iron කමිසවලට බැහැලා කියලා. මෙහෙ අපිත් මදින්නෙ නැහැ. ‍100% කපු කමිස හිටන් මදින්න අවශ්‍ය නැති, පොඩි නොවන විදියට නිමි! තාක්ෂණයේ දියුණුව තමයි. ඒ විතරක් නෙමෙයි ඒ කමිස වලට පැල්ලම් වැටෙන්නෙත් අඩුවෙන්, stain resistent නිසා. මොන process ද කියා නොදනිමි. හැබැයි හොද්දක තියන කහ වලින් නම් වැටෙන පැල්ලමක් යවාගන්න අමාරුයි. හදලා ‍තියෙන්නෙ මෙහෙ තියන මස්ටර්ඩ් කෙචප් වලට නිසා වෙන්නැති.
    http://www.landsend.com/pp/NoIronPinpointDressShirt~97003_59.html?bcc=y&action=order_more&sku_0=::XFO&CM_MERCH=IDX_00001__0000000009

    ReplyDelete
  2. උපදේසයට ස්තුතියි.. මාත් අලුතින් ගන්න ඒවට කරල බලන්න ඕන. T-shirt කවදාවත් මැදල නැති වුනාට කමීස නම් ඉතින් මැදල තියෙන්නෙ. මොකද අලුත් කමීසයක් ගන්නෙ විශේෂ අවස්ථාවකට සහභාගී වෙන්න වුනොත් විතරයි. :D

    ReplyDelete
  3. පොඩ්ඩ බැරි වෙන කොට වහින මම ඉන්න ගමේ නම් මේ යුද්ධය කරන්න අමාරුයි කතන්දර.

    හොඳටම තෙත මිරිකලා දැම්මක් කොච්චර අමාරුවෙන් ද වේල ගන්නේ..

    නිල්වලා ගඟට උල්පත් සපයන ප්‍රදේශ වල ඉන්න අපිට ඇදුම් අඳින්න වෙන්නේ මැදලම තමයි. හැබැයි සේද සිනිඳු මගෙ සාරි වලට නම් මේ වැඩේ පංකාදු 5යි....

    අත්යන්ත්‍ර සාරි වලට නම් ... එක දවසයි. මැදල වත් අඳිනව බොරු....

    ReplyDelete
  4. Naykek!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  5. මමත් ඔකම කරනව ඒත් මදින්නෙ නෑතුව අඳඉන්න හිතෙන් නෑනේ

    ReplyDelete
  6. හොද ක්‍රමයක් නෙ..
    අලුත් ඇදුම් ගත්තහම කරල බලන්න ඔන...

    ReplyDelete
  7. තැන්කූ කතන්දර. අදම තියරිය ක්‍රියාත්මක කරනවා. මටත් එපාම කරපු වැඩේ මගෙයි නෝනගෙයි ඇඳුම් අයන් කරන එක.:D

    ReplyDelete
  8. හා හා ඒකයි එහෙනම් වැඩේ...

    ReplyDelete
  9. මේ ක්‍රමය නං ගොඩක් වටිනවා තමයි! මම නං කමිස අයන් කලත් කාංචන වගේ ටී ශර්ට් නං අයන් කරන්නෙ නැ.

    එක දවසක් කව්දෝ ටීවී එකේ කියනවා මම අහගෙන, අච්චර අමාරුවෙන් ගංගා හරස් කරලා විදුලිය නිපදවලා ඒක ඈදුම් මදින්න වගේ දේකට පාවිච්චි කරන එක මහා අපරාදයක් කියලා.

    ReplyDelete
  10. Taboo SubjectsOct 31, 2010 08:58 PM

    අනේ, මටත් ඔච්චර නැහෙන්න පුළුවන්කමක් නෑ. පුරුදු විදියට ලොන්ඩරියට දාලා කලිසම් කමිස ටික මැද ගන්නවා. අනිත් එක දැන් නම් ලංකාවෙත් තියෙනවා තමන්ටම ගිහිල්ලා සෝදන මැසිමෙන් ඇඳුම් හෝද ගන්න පහසුකම් සහිත තැන්. (ප්‍රවාහණය හා උසස් අධ්‍යාපනය ඇරුණාම අනෙකුත් සේවා අතින් අපි බටහිරට එච්චරම පස්සෙන් නෑ.)

    ReplyDelete
  11. මමත් කමිස කලිසම් මදින්නෙම නැත (වැඩට යන කාලෙනම් මැද්දා.) ක.සූ.ගේ උපදෙස් කරුණු ටික නම් හරියටම හරි!

    ReplyDelete
  12. මට ඒගැන කියන්න වෙන්නේ කරලම තමයි. කසූගේ ක්‍රමයත් කරලම බලමුකෝ...

    ReplyDelete
  13. අප්සරා දැන් තියාම චාමිගෙන් වැඩ ගන්නව වගේ. lol

    ReplyDelete
  14. මේ මිනිස්සු මහ මෝඩයොනෙ. නැත්තන් අර නුවණක්කාර අයට විතරක් පෙනෙන ජාතියෙ ඇඳුම් අඳින්න තිබ්බා. ඒවානම් මදින්න ඕනෙම නෑ.

    ReplyDelete
  15. මමත් ඔක කරල තියෙනවා.ඔය ක්වුවට පොඩ්ඩක් රැලි තියෙනව. එව ගනන් ගන්නෙ නැතුව හිටියම හරි. දැන් ඉතින් ඒව හරි යන්නෙ නෑ. ඇවිත් අරන් ගිහින් හොදල මැදල ගෙනත් තියනව. සමහර වෙලවට සෝටක්, ජොකෙක් තියා ගන්නව.

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).