Saturday 21 June 2014

ගණංකාර කතන්දර දෙකහමාරක් - Anyone for "user pays"?


අද මට කියන්න හිතුණා පොඩි ගණංකාර කතන්දර දෙක හමාරක් විතර.

මීට කලින් 2011 ඔක්තෝබරයේ දී ත් මං මේ වගේ කතන්දරයක් ලිව්වා ලස්සෙට කොඩිය නම් බිලියනේට දාන්නේ මොකක්ද? කියන නමින්.

ඊට පස්සේ ඒක දෙගුණයක් කරලා තවත් කතන්දරයක් ලිව්වා 2012 අගෝස්තුවේ දී කැකිරි, පිපිඤ්ඤා, චීන පටස් රතිඤ්ඤා සහ මිලියනය කියන නමින්.

මේකත් ඒ කැටගරියේ එකක් තමයි.

ඔන්න මං පස්තාච්චි කුපාඩි කරන කාලේ (මේ වචන සැට් එක මේ දක්වාම නොදන්නා අයට- මේ කියන්නේ පස්චාත් උපාධි කියන එකයි) අපේ ආයතනයේ ස්ටුඩන්ට් යුනියන් බිල්ඩිමේ තිබුණා පොඩි පහේ ජිම් එකක්. ඒකේ තිබුණා ටේබල් ටෙනිස් මේස දෙකක්. මෙතන ටේබල් ටෙනිස් සෙල්ලම් කරන්න පොඩි පහේ තරගයකුත් තිබුණා ඉල්ලුම සහ සැපයුම අතර ප්‍රශ්ණය නිසා.

අපි ලාංකික සිස්සයෝ නම් ඒ දවස්වල හවසට වැඩිපුර කෙරුවේ වොලිබෝල් ගහපු එකයි. මේ දක්වා ම ඒ ගැන නොදන්නා අයට - වොලිබෝල් කියන්නේ ලාංකික අපේ ජාතික ක්‍රීඩාවයි!

ටේබල් ටෙනිස්වලට කැමති සිස්සයෝ තමන්ම අවශ්‍ය පිති සහ පිංපොං බෝල මිලට අරගෙන තිබුණා. නමුත් ඉඳලා හිටලා ඉඩෝරෙට වගේ ටීටී පාරක් ගහන්න හිතෙන අපේ පිළිසරණය වුනේ ස්ටුඩන්ට් යුනියන් එකේ තිබුණු පිති සහ බෝල සෙට් එක.

මේ පොදු භාණ්ඩ පාවිච්චි කරන කොට තියෙන ප්‍රශ්ණය තමයි ඒවා කැඩුණාම, අස්ථානගතවුණාම කොහොමද ආපහු ගන්නේ කියන එක. අනික කවුද ඒ භාණ්ඩවලට වග කියන්නේ?

මේ ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කළා අපේ යුනියන් එකේ ලේකම්. පොර කිව්වේ, මේ පොදු භාණ්ඩ පාවිච්චියට ගන්නා අයගෙන් ඒකට බාට් එකක් වගේ පොඩි ගාණක් හෝ අයකරන්න ඕනෑ කියලයි.

මේ යෝජනාව සාධාරණීකරණය කරන්නට ගෙනා පොර ගේ තර්කය වුනේ පොඩි මුදලක් හෝ අයකරගැනීම මුදල් පිළිබඳ කාරණයක් වීම නිසා, ඒ මුදල් සඳහා ලදුපතක් නිකුත් කරන්නට වෙන බවත්, එනිසාම ඒ භාණ්ඩ ගැන වගකීම පිළිබඳ ප්‍රශ්ණයද විසඳෙන බවත්. (ඒ සමගම පාට් ටයිම් කැෂුවල් ජොබ් එකක් ද ඇති වෙනවානේ!)

ටීටී ගහන නොගහන සැවොම ඒ සඳහා යන වියදම දරණවාට වඩා මේ "යුසර් පේ" නොහොත් පාවිච්චි කරන්නා ගෙවන ක්‍රමය එක අතකට මේ වගේ අවස්ථාවක දී සාධාරණ ක්‍රමයක් බව කියන්න ඕනෑ!

මෙන්න දෙවන කතාව.

කාලය: මීට වසර පහකට පමණ පෙර.

ස්ථානය: කතන්දර නිවස

"මොනවද අනේ ඔය ඔයා කම්පියුටරේ ලඟට වෙලා කරන්නේ?"

"මං මේ බ්ලොග් එකක් පටන් ගන්නයි යන්නේ මං ලියන කතන්දර පල කරන්න."

"මොකක්ද අනේ ඔය බ්ලොග් එකක් කියන්නේ?"

"බ්ලොග් එකක් කියන්නේ තමන්ගේ කවි හරි කතන්දර හරි වෙනත් නිර්මාණ හරි අන්තර්ජාලයේ පලකරන්න පුළුවන් මාධ්‍යයක්. ඒක පත්තරේක පලකරගන්නවා වගේ අමාරු වැඩක් නොවෙයි. ඒ වුණාට ඒ වගේ නොවෙයි ලෝකයේ වටේම ඉන්න අයට කියවන්නත් පුළුවන්, කියවලා ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්!"

"ඉතිං ඕකෙන් මොකක්ද ඔයාට තියෙන ප්‍රයෝජනේ?"

"ප්‍රධානම ප්‍රයෝජනය තමයි විශාල පිරිසක් අතරට තමන්ගේ නිර්මාණයක්, ලියවිල්ලක් ගෙනියන්යන හැකිවීම. අනික බ්ලොග් පිටුවක් අර පත්තර පිටුවක් වගේ කියවලා ඉබර වුණාට පස්සේ, දෙවනුව බත් ඔතලා, තෙවනුව කුණු ගොඩට දාන්න ක්‍රමයක් නැති නිසා අපේ ජීවිත කාලයෙන් පසුවත් පැවතෙන්න ඉඩ තියෙනවා."

"ඉතිං ඕයාගේ බ්ලොග් එක කියවන්න සෙනග ඒවිද?"

"අපොයි ඒවි. දැනටත් හොඳ රසවත් බ්ලොග් කීපයක්ම තියෙනවා මං නිතරම කියවන. අපි මෙහෙම කරමු. මගේ බ්ලොග් එකේ කතන්දරයක් කියවන්න එක් කෙනෙක් එක පාරක් ආපුවාම ඔයා මට රුපියලක් දෙන්නකෝ!"

"අපොයි සුළු දෙයක්!"

මගේ අවාසනවාට මං එදා ඒ පොරොන්දුව ලිඛිතව මුද්දරයක් උඩ අත්සන් කරලා ගත්තේ නෑ.

එහෙම කළා නම් මං අද විසි ලක්‍ෂපතියෙක්!

ඒ විසි ලක්‍ෂය පසුපස ඇත්තේ මෙය කියවන ඔබේ ඇඟිලි සළකුණු බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔබට මගේ ස්තුතිය! උපහාර සහ අභිමාන ගැන නම් කලින් දවසක ලිව්වානේ!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්නම මං සෑහෙන කාලෙකට කලින් ලියපු තවතඒ කතන්දර දෙකහමාරක්!
http://kathandara.blogspot.com/2010/06/blog-post_22.html


(image: https://scontent-a-hkg.xx.fbcdn.net/hphotos-xfp1/t1.0-9/p526x296/10403002_890621927620532_7577624367914134873_n.jpg)

93 comments:

  1. විසි ලක්ෂපතියාට සුභ පැතුම්''''!

    ReplyDelete
    Replies
    1. දස ලක්‍ෂයක් පිළිකා රෝහලට දෙන්නයි ඉන්නේ!

      ස්තුතියි, ජයවේවා!

      Delete
  2. වාචිකව පැවසූ බවට සාක්ෂියක් ඉදිරිපත් කිරීමට හැකි නම් කේස් එකක් ෆයිල් කල හැකියි නේද...... හෙක්.... හෙක්.....

    ReplyDelete
    Replies
    1. එතුමිය කියන්නේ මංතුමා ම කැටේකට රුපියල ගානේ දාන බව කීවා කියායි!

      Delete
  3. ගෙදරම මුදල් හුවමාරු කර ගත්තා කියල නම් සුගතියක් වෙන එකක් නැහැ කකා. ඕකම නේද දැනුත් කරාන්නේ (අලුත් සිංහල). මා, මගේ බ්ලොගය පටන් ගාන්න කොට නොකියවපු, නමුත් දැන් කියවන බ්ලොග් දෙක තුන අතරේ ඔබගේ බ්ලොගය මුලටම තියනවා. අර ඒ කාලේ කියවපු ඒවා සමහරක් පළාතේ වත් දැන් යන්නේ නැහැ. ඒ තමයි මගේ වෙනස් වීම.

    සුබ පැතුම් කකා!

    ReplyDelete
    Replies
    1. කීවත් වගේ සේරම එවවුන්ට් ජොයින්ට් ඒවානේ!

      බ්ලොග් ගැන කියනවා නම් - මං මුල ඉඳලාම කතන්දර ලිව්වේ මූලිකවම සරල වින්දනයක් සඳහායි. ඕනෑ අමාරු දෙයක් සරලව කතා කරන්න පුළුවනි නේ!

      ස්තුතියි.

      Delete
  4. විසිලක්‍ෂය කියන්නෙ සුළුපටු ගාණක්ද කජුඇටද කොස් ඇටද :D කොහොම උනත් විසිලක්‍ෂයට සුබපැතුම් කකා.

    අදත් title එකේ ඉංගී‍්‍රසි කල්ල හැලිල නේද? :)

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව ස්පෑම් ගොඩට ගිහින් තිබුණා!

      අඩුව පෙන්වාදීම ගැනත් සුභපැතුමටත් ස්තුතියි. ඔන්න හැදුවා.

      Delete
  5. කකා,

    කතා ලියන්නෙ මුදල් සෙවීමට ද? වටේ යන්නෙ ඇඩ් ද? අන්ධ අයට ලස්සනයි කියල හිතෙන, කැත වහගත්ත මූණක් දාගෙන මේ යන්නෙ කොහෙද කියලා බැලුවා.

    කතාවට වඩා ක්‍රියාවෙන් සේවයක් කරලා මුදල් හොයන්න අවස්ථාවක් ලබාගන්න ඕන ද? මම roselea CC එක හයර් කරලා ඒ වගේ අයට මාසෙකට සැරයක් ව්‍යාපාර කරන්න අවස්ථාවක් උදා කරල දෙන්න කතිකාවතක් දැම්මා. කැමති උන් ඉන්නවා ද?

    වැඩේ තියෙන්නෙ නිකම් බලන උන් කී දෙනෙක් සල්ලි දීලා බලාවි ද කියන එක නෙ. කෝකටත්, මගෙ සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. අන්ධ අය ඇවිත් ඕනෑ තැනක් අල්ලලා ඕනෑ දෙයක් හිතා ගත්තාවේ!

      මගේ අරමුණ එක කතන්දරයක් හෝ එහි කොටසක් නොව සමස්තය හරහා මට අවශ්‍ය දේ කීමයි!

      Delete
  6. සුභ පැතුම් කකා ...... අර බොලොග් ගැන කියලා තියෙන ටික නම් නියමයි ...

    ReplyDelete
  7. 19,99900 ගණන් වලදි ආවාම මේක හිතුණා... ඉතින් ඇත්තට ම අපි තුන් හිතින් ම සුභ පතනවා කතන්දර... විසිදාහක් ආපු දවසේ දැනුන සතුට අපි දන්නවානේ. ඉතින් 20 ලක්ෂය කොහොම සතුටක් ඔබට ගේනවා ඇත්ද කියලා අපිට හොදට ම තේරෙනවා. අපි තාම බ්ලොග්කරණයේ පොඩි උන් කරතන්දර...... ඔබ අපි ඉදිරියේ...............................

    ReplyDelete
    Replies
    1. ලොකුකම් පොඩිකම් බ්ලොග් ලෝකේ නෑ අපි කවුරුත් සමසමාජයයි!

      ස්තුතියි, ජයවේවා!

      Delete
  8. සුබ පැතුම් කතන්දර. මේ තැනට එන්ට කොච්චර මහන්සියක් වෙන්ට ඇතිද කියලා හිතාගන්ට පුලුවන්. රුපියල් විසිලක්ෂයක් එකතු කරලා දෙන්ට වටිනවා...:D

    ඒක ඩොලර්වලින් කීයක්ද?

    ReplyDelete
    Replies
    1. තනිකර දාඩිය මහන්සිය.

      ස්තුතියි, ජයවේවා!

      Delete
  9. සුබ පැතුම් කකා
    ජයවේවා!

    ReplyDelete
  10. හ්ම්..ගනන්කාර කතන්දර...! බොරුවකුත් නෙවෙයි.

    ඉත සිතින්ම සුබ පතනවා ඔබට. මේ ආව ගමන බොහොම කෙටි එකක් වේවා. මොකද ඔබට තව ඉතා දිගු අනාගතයක් තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. අනාගතේ මගේ අතේ, ස්තුතියි ඔබටත් ජය!

      Delete
  11. හදවතින්ම සුබ පැතුම් කකා……

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ප්‍රියා, ඔබටද ජය පතමි!

      Delete
  12. /ටීටී ගහන නොගහන සැවොම ඒ සඳහා යන වියදම දරණවාට වඩා මේ "යුසර් පේ" නොහොත් පාවිච්චි කරන්නා ගෙවන ක්‍රමය එක අතකට මේ වගේ අවස්ථාවක දී සාධාරණ ක්‍රමයක් බව කියන්න ඕනෑ!/

    ඔන්න කකා අපි ඇනෝ කමෙන්ට් දාන එකටත් කෙළ වන්නයි යන්නේ. කකා මෙහෙම චාර්ජස් නියම කළොත් නරකද?

    1. බ්ලොග් එක කියැවීමට පමණක් එන පිරිසට එක් වරකට: රුපියල් 5
    2. කියවා නමින් කමෙන්ට් කරන පිරිසට වරකට: රුපියල් 3 (මොකද ඔවුන්ගෙත් කන්ට්‍රිබියුෂන් එකක් තියෙන නිසා)
    3. ඇනෝ කමෙන්ට් කරන පිරිසට වරකට: අය කිරීමක් නැත

    නැත්නම් කකාට පුළුවන් නේද ඇනෝ කමෙන්ට් කරුවන්ට කමෙන්ට් එකකට රුපියල් සීයක් වගේ ගාණක් ගෙවන්න?

    ReplyDelete
    Replies
    1. විහිළුත් දන්නවා නේද?

      Delete
  13. කකා ඔය ඉහත සඳහන් කරල තියෙන දෙබස ඇතිවුණේ කවුරු එක්කද කියලා නැති නිසා, ලිඛිත පොරොන්දුවක් නොගැනීමෙන් වාසියක් වෙන්න තිබුණාද නැද්ද කියන්න බැහැ.

    1. ඒ දෙබස ඇති වුණේ කතන්දර හාමිනේ එක්ක නම් අර රයිගම් උන්නැහේ කියල තියෙනව වගේ household income එකේ වෙනසක් වෙන්නෙ නෑ. ඒක අභ්‍යන්තර ගනුදෙනුවක් නිසා.

    2. හැබැයි ඔය දෙබස ඇතිවුණේ කකාගේ වෙනත් female friend කෙනෙක් එක්ක නම් ලිඛිත පොරොන්දුවක් නොගත්ත එක පාඩුයි තමා. .

    ReplyDelete
    Replies
    1. උම්මා එකක් වගේ පොරොන්දු කර ගත්තා නම්?

      Delete
  14. පානදුරේ නෝ-ලිමිට් ආයතනයත් අබ සරණ යයි

    පානදුරේ නෝ-ලිමිට් ආයතනය ගිනි ගෙන දැවීම පිළිබඳව බොදු බල සේනාවේ කිසිම සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළ එහි විධායක අධ්‍යක්ෂක දිලන්ත විතානගේ මහතා මෙය අන්‍යාගමිකයින් විසින් සිංහල බෞද්ධයින්ට එරෙහිව කරන කඩා කප්පල්කාරී ක්‍රියාවන්හි අළුත්ම ප්‍රතිඵලය විය හැකිය සඳහන් කළේය.

    අබ සරණ වේවා!
    බොදු බල සරණ වේවා!
    ගණ සරණ වේවා!
    මෙතුන් සරණින් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. මොකද ඇනෝනිමස් ආතල් එක වහලා?

      Delete
    2. අබ සරණ යන්න බයේ වෙන්න ඇති.

      Delete
    3. ඇනෝනිමස් ආතල් කාරයා විතරක් නෙවෙයි පැරා, මාතලන් හෙමත් දැන් කටයි පුකයි වහගෙන ඉන්නේ. නිකන් ඉක පුරා ගන්න ඕනැ නැහැනෙ කකා. අබ සරණ කෙසේ වෙතත්, ඕනෙම නම් කෙනෙක්ව නිවන් යවන්නත් බැරි කට්ටිය නෙවෙයිනෙ ඥානෙලා දිලන්තලා.

      Delete
    4. ඒකත් එහෙමද?

      ඒ කියන්නේ ඇනෝනිමස් ලා වුනත් නෝ ආතල් විත් බොඩු බාල සෙන්නා?
      http://kathandara.blogspot.com/2013/07/kathandara-is-bodu-bala-senna-sexist.html

      Delete
    5. කකා නම් ඉතින් ඕස්ට්‍රේලියාවෙනෙ ඉන්නෙ. අපි මෙහේ බෙල්ල පරිස්සම් කරගෙන ඉන්න එපායැ. අපට සිකියුරිටි නැහැනෙ. බස් එකෙන් බැහැලා ගෙදර එන කොට මෝටර් සයිකලේකින් ඇවිත් ඇසිඩ් ගෙහගෙන ගියා. කවුරුයි කියලා හොයන්නද? කාටද පාඩුව?

      Delete
  15. ම්..ෂෝක් අදහස.!

    අතේ පිච්චියක් නැති වෙලාවට ලොගවුට් වෙලා තමන්ගේම බ්ලොග බලලා හිට්ස් වැඩිකරගන්නවා මම නම්.

    ReplyDelete
    Replies
    1. ඉතින් අපිට පාන්ද ?

      Delete
    2. @ මල්මි හි
      කවුද රුපියල ගානේ දෙන්නේ?

      Delete
  16. අමතක වුණානේ ජයවේවා කියන්න..
    ජය වේවා.!

    දැන් අර උඩ පින්තුරේ ඉරියව් ටික විදියට කකා පොටෝ අල්ලලා දැම්මානම් නරකද?

    ReplyDelete
  17. අමතක වුණානේ ජයවේවා කියන්න..
    ජය වේවා.!

    දැන් අර උඩ පින්තුරේ ඉරියව් ටික විදියට කකා පොටෝ අල්ලලා දැම්මානම් නරකද?

    ReplyDelete
    Replies
    1. ජයවේවා!

      ඔබේ කමෙන්ටු තුන නිසා මගේ ගිනුම රුපියල් තුනකින් වැඩිවිය!

      Delete
  18. හදවතින්ම සුබ පතනවා......! ජයවේවා.......

    ReplyDelete
  19. ඔය කතාව ඊට ආසන්නව අපේ උන්දැයි මමයි අතරේ වෙලා තියනවා. හැබැයි මම සල්ලි දෙන්න කිව්වේ නැහැ. මම කිව්වේ ඔයා බලන අර ඉන්දියන් ටෙලිනාට්‍ය වලට වඩා හොඳයි කියලා විතරයි. මමත් පෙන්නන්න ඕනේ අපේ උන්දැට මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේ හිට් කවුන්ටරේ.

    විසි ලක්ෂයට සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. දැන් ඔයා ගිය සැරේ තරහ වෙලා ගියේ මේ පැත්තෙ පස් පාගන්නෙ නෑ කියල නේද?

      Delete
    2. අඩෝ..... ඇනෝ .... ඒව විචාරක තුමයි කකායි බලාගනියි......
      උඹ පැත්තකට වෙලා ඉදිං බං පව් නොදී.......

      Delete
    3. ස්තුතියි විචාරක.

      ඇත්තටම මටත් මේ බ්ලොග් ලිවිල්ල නිසා සිදුවුණු එක වාසියක් තමයි දහජරා ටෙලිවිෂන් වැඩසටහන් වැරදීමකින් හෝ බැලීම නතරවීම.

      Delete
  20. සුබපැතුම් කකා ... තවත් තිස් හතලිස් ලක්ෂයක් මේ ගොඩටම එක්කර ගන්නට ලැබේවා ..... (Y)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      මුල් ලක්‍ෂ පහට අවුරුදු දෙකයි මාස තුනක් ගියා. ඒක දෙගුණ වෙන්න මාස දහයක් ගියා. ඒක දෙගුණ වෙන්න අවුරුද්දයි මාස දහයක් ගියා.

      දැන් නම් හති!

      Delete
    2. /දැන් නම් හති!/

      වයසට යනකොට ඔහොම තමයි. කොල්ලො කාලෙ කරපුව කරන්න බැහැ.

      Delete
  21. ලක්ෂ විස්සට සුබ පැතුම් !!
    දැං ඉතිං ලක්ෂ විස්ස හම්බ නොවුනත් කකාට හාමිනේ ඉස්සරහ පොරක් වෙන්න පුලුවංනෙ.

    ReplyDelete
    Replies
    1. කකා කොහොමත් "පොරක්" ලු ....එතුමියට යාලු වෙච්චි කාලෙ ඉදල..... ප්‍රසා....

      Delete
    2. කවදත් පොරක් නේන්නම්!
      http://kathandara.blogspot.com/2009/12/blog-post_03.html

      ස්තුතියි!

      Delete
  22. මේ ගෑණු ළමයට සිරසෙන් දීපු පොරොන්දුව පොරොන්දුවක් විතරක් වෙයිද? මෙයා ලක්ස එකහමාර පිළිකා රෝහලට දෙයිද අලුත්ගම අයට දෙයිද?

    ReplyDelete
    Replies
    1. අන්න ඔබට තේරුණා මේ කතන්දර දෙකහමාරේ අන්තිම කොටස!

      රටේ ලොකුම පිළිකාව නේද මේ විවිධ ජනකොටස් අතර ඇති අසමගිය.

      ඒ පිළිකාව සුවකරන්න හැකි නම්!

      Delete
    2. එහෙම නැතුව කොහොමද කකා ආනන්ද සමරකෝන් සීයාත් මෙහෙම ලියලා තියෙන කොට?

      එක මවකගෙ දරු කැල බැවිනා
      කෙළගමු වී නොපමා
      භේද වඩා සැම ප්‍රේම දුරැරලා
      මනෝ මනෝ මාතා....

      Delete
    3. අප චී ඊ ඊ ඊ ඊ ඊ ඊ ලංකා

      අහෝ, අහෝ, අහෝ, අහෝ මාතා!

      Delete
  23. ලක්‍ෂ විස්සට සුබ පැතුම් කකා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ලක්‍ෂ විස්සක් වේවා!

      Delete
  24. කකාට බොක්කෙන් සුබ පැතුම්!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ජයෙන් ජය!
      බොකු දිරාස් නොවේවා!

      Delete
  25. කකා සුභපැතුම් ඈ.. නැද්ද සමරන සීන් එකක් !!!

    ReplyDelete
    Replies
    1. තව සැමරුමක් ලඟදීම එනවා!

      සුභ පැතුමට ස්තුතියි!

      Delete
    2. දැනුයි මතක් වුණේ කකාගේ හැට වෙනි උපන්දින උත්සවේ නේද?

      Delete
  26. විසි ලක්ෂයට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. පැතුම් ගේ පැතුමට ස්තුතියි!

      Delete
  27. උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  28. 20 ta suba patum....

    jaya wewa!!!!

    ReplyDelete
    Replies
    1. විදානේ ගේ මලදානේටත් එසේම වේවා!

      Delete
  29. සුභ පැතුම් කතන්දර..
    කතන්දර හාමිනේ ගැන මෙච්චර ලියලා තියන එකේ එයා බ්ලොගේ ගැන මොකද හිතන්නේ කියලා ලිව්වොත් හොඳයි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. හොඳ දෙකහමාරක් අහගන්න පුළුවනි!

      Delete
  30. සුභ පැතුම් කකා...!!!

    ReplyDelete
  31. කකා දැන් විසි ලක්‍ෂ පතියෙක්.
    පුට්බෝල් ගාහන කකා කොහොම ලක්සපතියෙක් වෙන්න ඇතිද?
    සුබ පැතුම්....!!

    ReplyDelete
    Replies
    1. තැන්කියු වේවා!
      කාකාක ගේ නං කුසලාන ගැන බලාපොරොත්තු සුන් වුනා කියා දැක්කා!

      Delete
  32. අම්මේ අපිට හිට්ස් විසිදාහත් කොච්චර ලොකු ගානක්ද! ඉතින් විසිලක්ෂයක් කීවාම!

    උණුසුම් සුභපැතුම් කකා!!!

    ReplyDelete
    Replies
    1. විසි දාහේ ඒවා එකතු වෙලා තමයි විසි ලක්‍ෂය වෙන්නේ! Thanks.

      Delete
  33. සුබ පැතුම් කාකා..

    ReplyDelete
  34. සුබ පැතුම්! කතන්දරගේ ලක්ෂ විස්සට මගේ රුපියල දෙන්න තීරණය කලේ මෙන්න මේ කතාවෙන් පස්සේ...
    http://kathandara.blogspot.com/2010/02/blog-post_08.html?m=1

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      එදා බ්ලොග් එක කියෙව්වේත් මොබයිල් ෆෝන් එකෙන්ද? මොකද ඔය දාලා තියෙන ලින්ක් එක මොබයිල් ෆෝන් එකකින් ගත්තු එකක්!

      Delete
  35. මාත් ගෙදරින් රුපියල ගානේ ඉල්ලා ගන්න ඕනේ කවදා හරි මටත් ලක්ෂපතියෙක් වෙන්න පුළුවන් වේවි එතකොට :D

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ අදහස!
      දැන්මම කැමති කරවා ගන්න. ලිඛිත පොරොන්දුවක් අවශ්‍යයයි.

      Delete
  36. මීටපස්සේ විසිලක්ෂපති කතන්දරකාරයා නැත්නම් 2M කතන්දරකාරයා කියල පාවිච්චි කරමු නේද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ටීවී පටන් ගත්තු කාලේ ටීවී සීරීස් එකක් තිබුණා සික්ස් මිලියන් ඩොලර් මෑන් කියලා!
      http://en.wikipedia.org/wiki/The_Six_Million_Dollar_Man

      Delete
  37. @ All
    සියළු දෙනාටම,

    මේක කතන්දර දෙකහාමාරක් කියලා මං කිව්වාට කවුරුත් නොකියපු කතන්දර බාගේ මොකක්ද කියලා අහලා නෑ.

    ඒ මොනවා වුනත්, කතන්දර බ්ලොගයේ හිට්ස් මිලියන දෙකේ කිසි රහසක් නෑ, ඒ පිටිපස්සේ තියෙන්නේ පහුගිය අවුරුදු පහක පමණ කාලය තුල මේ බ්ලොග් එකේ පළවුණු කතන්දර කියනව්න මවුස් ක්ලික් කළ ඔබ සැමගේ මහන්සිය තමයි!

    සියළු දෙනාටම ස්තුතියි!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඉතිං කියන්නකො මොකක්ද කතන්දර බාගෙ කියල..... :)

      Delete
  38. ඉතුරු කතන්දර බාගේ පින්තූරයට සම්බන්ධ එකක් වෙන්න ඇති...

    විසිලක්ෂයට සුභ පැතුම්... අර විදිහට හිට් එකට රුපියල ගානේ දැම්මා නම් "හිට්ස් තම්බලා කන්නද?" අහන එකට "ඔව්" කියලා කියන්න තිබ්බා.

    ReplyDelete
  39. හම්මෝ එහෙනං මේ අවුරුද්දෙම වැඩේ කරගත්තා නේද අර නහර ඇනෝවෝ කිව්ව කතා නාහ.. මට නං බෝම සන්තෝසයි කකා..

    අර පින්තුරේ ඉන්න දරුවා එක්ක තිබුන ප්‍රොෙග්ම් එක මං බැලුවා..ඔය නානාසාරලත් ඒක බැලුවනං හොදා..

    ReplyDelete
  40. Dear Sir,

    indeed it is great..!!!!

    ReplyDelete
  41. ලස්ස විස්සට උණුසුම් සුබ පැතුම් !!. මේ ලක්ෂ විස්ස ලබා ගැනීම ග්‍රේට් වැඩක්. නොනවතින කැපවීම, සරල හා අනවරත රිද්මය මීට හේතු වුවාට සැක නැහැ . ජය !!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.