Monday 23 June 2014

හොඳයි කොරලා කෝ බලමු එහෙනං - Who dares wins..!


මගේ දෙමව්පියන් සහ ඥාති පරම්පරාව වගේම මංතුමාත් සාමාන්‍යයෙන් මාංශ භක්‍ෂකයෙක්. හැබැයි අපි පොඩි කාලේ හැමදාම වගේ කෑවේ හාල්මැස්සෝ, කීරමින්, කට්ට, පරා වගේ කරෝල තමයි වැඩි වශයෙන්ම.

ඉඳලා හිටලා දවසක, පාරේ යන මාළු කාරයාව අල්ලා ගන්න ලැබුණොත් (තාත්තා ගේ මහ ගෙදර ඉඳලා බස් පාරට ටිකක් දුරයි) මූදු මාළු කෑවා.

මහනායකලාත් අබෞද්ධ වැඩක් කියා පස්සෙන් පහු තීරණය කරපු මිරිදිය මාලු නං කෑවෙම නෑ වගේ. ඔන්නං එක දවසක් කාලා ඇති.

මස් කෑවෙත් මගුල් ගෙවල්වල හරි නෑදෑ ගෙදරක හරි ගියාම විතරයි. ඒත් ඉතිං බොහෝ විට චිකන් විතරයි. හරක් මස්, ඌරු මස් වගේ ජාති තාමත් අපේ මහ ගෙවල්වල උයන්නේ නෑ සාමාන්‍යයෙන් අද වුණත්.

ඒත් විස්ස විජ්ජාලෙට යන්න ගෙදරින් පිටවුණාට පස්සේ ඒ සේරම වෙනස් වුණා. මස් නැත්තං කොහොමද අර අක්බාර් හෝල් එකේ මුදලාලි ගේ බත් පිඟාන කන්නේ? මුං ඇටයි, රාබුයි, කොල ගෝවා මැල්ලුමයි!

පස්සෙන් පහු මස් හෝ මාළු ජාතියක් නැතුව බත් කෑමක් නැති වුණා, හාල්මැස්සෝ සහ කරවල ජාති කියන්නේ කලාතුරකින් කන ඩෙලිකසි එකක් බවට පත්වුණා!

අර පින්වන්ත කුමාරියෙක් ගැන කතන්දරේත් මේකට කෙළින්ම සම්බන්ධයි.

ඉතිං අද කතන්දරේ මේකයි.

පසුගිය බ්‍රහස්පතින්දා අපිට තිබුණා ගමේ පන්සලට දානයක් දෙන්න. මේ පන්සලේ හාමුදුරුවරු වෙජිටේරියන් නිසා උම්බලකඩවත් නොදා තමයි අපි පරිප්පු පවා ඉව්වේ.

ඔය උඩ තියෙන්නේ බුද්ධ පූජාව ලැහැත්ති කළ හැටියි.

සාංගීක දානෙන් පස්සේ අපි ගිහි කෂ්ටිය වැළදුවේත් ඒ වෙජිටේරියන් කෑම ම තමයි. ඒ එක්කම මට පන්සිල් නොගෙන සිටියා කියා බැන්න අපේ සීයා කළා වගේ මද පමණින් දෂ්ථ කිරීම් වගේ ඒ පරම්පරාවට අදාළ දානමය කටයුතු තිබුණේත් නෑ අපේ ගෙදර.

සාංගීක දානෙකට සාමාන්‍යයෙන් කෑම ජාති දුසිමක් විතර හදන නිසා, අර කලින් දවසක බම්බලපිටියේ ඉන්දියානු වෙජිටේරියන් කඩේකින් කාපු දවසේ වගේ ම හොඳ රසට තිබුණා!

එදා රාත්‍රියටත් කෑවේ ඒ දානෙට උයපු කෑම ම තමයි.

ඔන්න එදා රාත්‍රියේ මට අපූරු සිතුවිල්ලක් පහළ වුණා.

ඒ තමයි මේ වෙජිටේරියන් ජීවිතය සතියක් විතර ට්‍රයි කරලා බලන්න ඕනෑ කියන එක.

ඉතිං පහුවදා සිකුරාදා ඔෆිස් ගිහින් දවල්ට කෑවේත් වෙජිටබල් සහිත කෑම. උදේට නං කොහොමටත් ජෑම් එක්ක පාන් නේ කන්නේ.

සිකුරාදා රාත්‍රියත්, සති අන්තයත් වෙජිටේරියන් වෘතයෙන්ම ගෙවී ගියා. බත් විතරක්ම නොවෙයි වෙන වෙන රස කෑම ජාතිත් තියෙනවා වෙජිටේරියන් ඒවා!


අද සඳුදා උදේ වෙනකොට මංතුමාත් හොඳ පළපුරුදු එළෝළු ජීවිතයක් බවට පත්වෙලා!

මුලින් සතියක් මේ වෙජිටේරියන් ජීවිතේ කොරලා බලන්නයි අදහස.

මීට කලින්:

1. මං මාසයක්ම අමද්‍යප වෙලා හිටියා වගේ,
2. සතියක්ම බුකියෙන් ඈත්වෙලා හිටියා වගේ,
3. බ්ලොග් ලෝකයෙනුත් ඈත්වෙලා හිටියා වගේ

මේ ඉදිරි දවස් තුනත් අල්ලං ඉන්නයි බලාපොරොත්තුව!

ඔහොම යං, ඔහොම යං!

-කතන්දරකාරයා

ප/ලි:
බිත්තර කියන්නේත් වෙජිටේරියන් නේද?

58 comments:

  1. හ්ම්ම්ම්....කොරල බලල කියන්නකො ...

    ReplyDelete
    Replies
    1. තව දවස් තුනයි ට්‍රයල් එක. Four down three to go!

      Delete
  2. බිත්තර ඉතිං මස් නෙමේ හන්දා වෙජිටේරියන් නේ...:)

    ReplyDelete
    Replies
    1. එතකොට කබරගොයි මස්?
      ඒවාත් තලගොයි මස් වගේ ඇති නේද?

      Delete
  3. වෙනසකට වගේ නරකම නෑ.ගෙදර අනිත් අයට බලපෑමක් නොකර කර ගෙන යන්න

    පාට වැටේවා තව තව ලස්සන වේවා!

    ReplyDelete
    Replies
    1. මෙව්චර කල් ලස්සනට කරපු කුකුල් වැඩ, ගොං වැඩ, ඌරු වැඩ තව දුරටත් කරන්න බැරිවෙයිද මන්දා?

      Delete
  4. අපේ ගෙදර නම් සතියකට එක දවසක් කරවල....දවස් පහක් මාළු....ඒ දවස් පහෙන් එක දවසක අනිවා ඉස්සො/දැල්ලො/කකුළුවො අනිවා...... ඉරිදට මස් වර්ගයක්.......
    මාළු ඕන තරම් තිබ්බ....

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලේ නං ඉතිං හාල්මැස්සෝ, කීරමින්, තෝර, පරා විතරයි. වැඩිපුරම හාල්මැස්සෝ, ඒ අපේ තාත්තාගේ ප්‍රියතම කෑම ජාතිය නිසයි.

      ඉස්සෝ දැල්ලෝ තියා බල කෙලවල්ලෝ පවා කෑවේ නෑ විවිධ ඇලර්ජීස්වලට බියෙන්.

      Delete
  5. මට තියෙන අවුල්.. නොබී මාසයක් හිටපු කකාට බුකියෙන් අයින් වෙලා ඉන්න පුලුවන් වුනේ සතියයි නේ.. ??

    ReplyDelete
    Replies
    1. ඒක මෙහෙමයි.

      මං තීරණය කලේ මුලු ජනවාරිය පුරාම නොබී ඉන්න යි.

      නමුත් බුකියෙන්, බ්ලොග්කරණයෙන් අයින් වෙන්න හිතුවේ සතියකට විතරයි.

      බුකිය ලේසියි, බ්ලොග් අමාරුයි!

      Delete
  6. මස් කෑලි නොකා හොදි විතරක් කන විදිහේ එකක් නම් මටත් උත්සාහ කරන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. අල හොදි කියන්නේ නම් වෙල් ෆැන්ටා ජාතියක්

      Delete
  7. දැං සෙන්ටිමීටරයක් ඇද බාන්නෙ කඩල එක්කද ???
    ඕක නං හරියන් නෑ කකා පුරුද්දකට නං තියාගන්ඩෙපා .චැහ් .. සතියක් වැඩිත් එක්ක.
    මහ නරක පුරුදු :D

    ReplyDelete
    Replies
    1. සැන්ටිමීටරේට මොන පාවාඩ, උඩු වියන්, රෙඩ් කාපට් ද?

      Delete
  8. මගෙ යාලුවෙක් මස් කෑම නවත්තලා මලා

    ReplyDelete
  9. කකා සැබෑ සිංහලබෞද්ධයින් හැටියට අපට අවශ්‍ය මස්/මාළු ඇත්තටම කෑම නෙවෙයි. අනෙකාගේ මාළු කන්න ඉල්ලීම විතරයි. දා ගිය හම්බ ගෙයක්, කඩයක් දැක්කාම අපේ බඩ පිරෙනවා. ඒ නිසා අපට මස් මාළු කන්න ඕනෑකමක්ම නෑ.

    ReplyDelete
  10. මෙහේ නම් කරන්න වෙන්නේ නෑ.. මේ දවස්වල එළවලු අස්ස ගනන්.. අපි මේ ටිකේ එළෝලු වර්ජනය කරලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. බොරු නං කියන්න එපා මාතලන්. අර මාරයා සුපියල් 3,500කින් මාසයක්ම හොඳට කාලා බීලා ඉන්නවා කියලා ලියලා තිබුණා නේද ටික දවසකට කලින්. ඇයි ඔයාට එයාගෙන් ඉගෙන ගන්න බැරි?

      Delete
    2. කියලා වැඩක් නෑ මාතලන් ඒ ගැන නං.. අකමැත්තෙන් හරි වෙජිටේරියන් උනා කියල මෙලෝ ලාබයක් නෑ... ඒ තරං එළවලු ගනං....

      Delete
    3. හරියට හරි මාතලන්. වෙජිටේරියන් වීම සැහෙන්න අමාරුයි මේ දවස්වල.

      Delete
    4. රාජ් අමාරුයි අමාරුයි කිය කියා ඉන්නේ නැතුව මාරයාගෙන් ඉගෙන ගන්නකෝ. දැක්කෙ නැද්ද එයා හැමදාම පොටෝ දානවා බත් පිඟානේ ? එයාට පුළුවන් නම් සුපියල් 3,500කින් ඉන්න ඔයාට බැරි ඇයි?

      Delete
    5. මාතලන්
      ++++++++++
      කකාට නම් එළවළු වලට සල්ලි යන්නේ නෑ.ගෙදර එළවළු කො‍ටුවක් තියෙනවා!

      Delete
    6. //කකාට නම් එළවළු වලට සල්ලි යන්නේ නෑ.//
      හරියට හරි.... මොකද කකා කන්නෙම තණකොලනේ.....

      Delete
    7. එළවළු ගනං කියලා මස් කනවා කිව්වාම මට මතක් වුනේ ගිෆන් ගුඩ්ස් ගැන මං ලියපු කතන්දරේ!

      http://kathandara.blogspot.com/2009/08/blog-post_18.html

      Delete
  11. කකා ඔය මස්/මාළු නැතුව, බ්ලොග් ලියන්නෙ නැතුව, මත්පැන් නැතුව වගේම ටික කාලයක් sex නැතුවත් ඉන්න උත්සාහ කරලා අපට ප්‍රතිඵල කියන්නකෝ. දැන ගන්න කැමැතියි.

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න වෙලා යයි!

      Delete
    2. වෙලා යන්නෙ නවත්තලා ඉදල පටං ගත්තමද? නැත්නම් නවත්තන්න බැරි කමද?

      Delete
  12. අපිනම් ඉතින් මසුත් කනවා මාළුත් කනවා කරෝලත් කනවා මොකුත් නැත්නම් නොකාත් ඉන්නවා

    ReplyDelete
  13. මම නං ඔය මොකුත් නෑ අහුවුන දෙයක් කනව. මස් මාලු නැතිව සතියකට වැඩිය කාපු කාලයන් ඕනතරං ඇති. එපා වෙන්න කාලත් තියනව.

    ReplyDelete
    Replies
    1. මොනවා කෑවත් නොකෑවත් ජරාව නං කන්න එපා!

      Delete
  14. අපෙත් යාළුවෙක් ඉන්නවා උපන් දා ඉදන් (මෑන් කියන විදිහට) කිසිම මසක් මාළුවක් කන්නෑ හැබැයි හොඳි නම් කනවා. :D

    ReplyDelete
    Replies
    1. සිගරට් බොන්නේ නෑ දුම් බොනවා වගේ වෙන්න ඇති!

      Delete
    2. මම අඳුරන එකෙක් බයිට් වලට විතරයි මස් කන්නෙ.. :)

      Delete
  15. වෙජිටේරියන් සොසේජ් කාලා තියනවද? මෙන්න රෙසිපි එක. ඉතුරු දවස් ටිකේ වත් ට්‍රයි කරලා බලන්ට.
    http://www.bbc.co.uk/food/vegetarian_sausage

    ReplyDelete
    Replies
    1. වෙජි සොසේජ් සහ බර්ගර් කාලා තියෙනවා කාලෙකට කලින් මෙලෝ රහක් නැති බවයි මතක!

      Delete
  16. Dan mokadda mas maansha nawaththala kakaa balaporoththu wenne?

    ReplyDelete
    Replies
    1. කතන්දරයක් ලිවීම
      ප්‍රතිචාර ලබා ගැනීම
      පිළිතුරු ලිවීම
      ෆලෝ අප් කතන්දරයක් ලිවීම

      ඔය වගේ සරල ඒවා!

      Delete
    2. 4 ta th wada thibila nowa. (Sathiyak kolama mada oya tikata ithin)

      Delete
  17. නිර්මාංශ ආහාර විතරක් ගන්නවනං කකා Cunnilingusත් තහනං ඈ.

    ReplyDelete
  18. අපි නම් කන්නේ වැඩි තරමක් වෙජි... මුලින් හිතුව තරම් අමාරු නෑ...රසට හදා ගත්තම හරි :)

    ReplyDelete
  19. වෙජිටබල් කියන වචනෙ තේරුම එලවලු කියන එකම නෙමේ සත්ව නිෂ්පාදන නොමැති කියන එක
    ඒ අනුව වෙජිටේරියන් කියන එකේ සිංහල තේරුම වියයුත්තේ නිර්මාංශී මිසක් එලවලු පමනක් කන කියන අදහස නෙමෙයි
    ඒ වගේම කිරි වුනත් වෙජිටේරියන් ආහාරයක් නෙමෙයි
    නමුත් කිරිවලට ආදේශක හැටියට ගතහැකි නිර්මාංශ ආදේශක තියෙනවා non dairy milk කියලා ගහලා ගූගල් වලින් හෙව්වොත් මේගැන දැනගන්න පුලුවන්
    මට කෙනෙක් කිව්වා එයා අන්තර්ජාලයෙන් ගත් වට්ටෝරුවකින් හදපු ගංජා ඇට කිරි බීලා තියෙනවා කියලා
    දවස් දෙකක් ලිංගය ප්‍රානවත් වෙලා තිබුනලු

    ReplyDelete
    Replies
    1. ඔය කිරි එකම බීපු අපේ පැත්තෙ නයෙක් කෙලින් හිටගෙන ගියාළු....

      Delete
  20. මට නම් ඔය වෙජි කෑම විතරක් කන්න බැහැ.ලොකු කමකට නෙමේ.හැබැයි ඔය ඉඳල හිටලා ඉන්දියන් කඩ වලින්නම් වෙජිටේරියන් කනවා.ඒ ඇරෙන්න අරම නොකා ඉන්න අමාරුයි.

    ReplyDelete
  21. @කකා,

    ඔය කහ රෙදි පොරවගෙන ඉන්නා තට්ට සාමිලාට තෙල් නැතුව එළෝලු විතරක් කන්න දුන්නු එක හුඟාත් හොඳයි. මොකද ඔය ගොල්ලන්ට තෙල් කන්න දුන්නාම ඊට පස්සෙ ඒ තෙල බහින්න එක්සර්සයිස් එකට ගල් ගහනවා, කඩ කඩනවා, ගෙවල් ගිනි තියනවා, මිනී මරනවා. වැඩ කෝටියයි. ඒ හන්දා එළෝලු විතරක් දුන්නාම කරදරයක් නෑ.

    ReplyDelete
  22. මස් කන එක පවු කියලනම් බුද්ධ දේශනාවෙ කොහෙවත් සඳහන් කරල නෑ. හැබැයි හැකිනම් තවත් ජීවිතයක් මරල ආහාරයට නොගෙන ඉන්න තරම් උසස් වෙන්න, ඒක ලොකු දෙයක්. මටත් එහෙම වෙන්න පුලුවන්නම් හොඳයි. ඒත් අමාරුයි.

    සතියක් නෙවෙයි, හැකිනම් දිගටම ඔහොම ඉන්න ට්‍රයි කරන්න.

    ReplyDelete
  23. ගොඩක් වෙලාවට මස් මාලු කියලා අපි බලාපොරොත්තුවෙන්නේ මිරිස් රස.බැදපු ත3+5 රස,සැර.දිවට තදින් දැනෙන රස.
    මස් ,මාලු වර්ග උයන විදියට අර්තාපල්,බිම්මල්,වට්ටක්කා,වගේ එළවලුක් වෙනුවට රස වෙනුවෙන් පාවිච්චි කරන්න පුලුවන්.

    මෙන්න මගෙන් මස් වගේ පරිප්පු උයන්න රෙසිපියක්.
    වඩේ හදන්න වගේ පරිප්පු(කැමති ධාන්‍යවර්ගයක්,කඩල බඩඉරිගු )බ්ලෙන්ඩ් කරලා ලුණු ,මිරිස්,ගම්මිරිස්,තුනපහ (බැදපු නම් වඩාත් රසයි)රතුළුනු,අමුමිරිස් දාලා කලවම් කරලා තලපය අගලක් විතර උසට තුනි කරලා,වාෂ්පෙන් තම්බලා,දෝසි වගේ කැබලි වලට කපලා,කිරට මිරිසට,තෙලට ..නැතිනම් කැමති විදියකට හදාගන්න.

    ReplyDelete
    Replies
    1. මුං ..කඩල ...කව්පි කන්නෙ නැති ළමයින්ට මේ ක්‍රමය වටිනව ......
      මාත් හදන්න ඕන.....

      Delete
  24. සමහරු විහිළුවට කියන වෙජිටෙරියන් චිකන් කියලා ජාතියකුත් තියෙනවා නේද?
    එළවලු සහ ධාන්‍ය පමණක් ආහාරයට ගෙන වැඩෙන කුකුළන් මේ ඝණයට වැටෙනවාලු.

    ReplyDelete
  25. බෞද්ධයා නිර්මාංශී විය යුතුයි කියල නීතියක් නෑ..මටනං හිතෙන්නෙ ඒව අපට හිතන්න ඉතුරු කරපු දේවල් කියල..
    මාත් නිර්මාංශීයි.. ඕක පටන් ගන්න කොට කොහොම හරි හාල්මැස්සෙක් හරි කැවෙනව. ඒත් පුරුදු වුණාම පස්සෙ කරෝල කෑල්ලක්වත් කන්න හිතෙන්නෙ නෑ..

    ReplyDelete
  26. මස් මාළු හොයාගන්න නැත්නං මමත් නිර්මාංශියි,ඔය වැඩේ ප්‍රායෝගික නෑ කකා කරල බලන්නකො.

    ReplyDelete
  27. ඔය කතාව නම් අන්තිම ඇත්ත කකා........

    අපි නිතර ම මාංශ භක්ෂක පැත්තට බර වෙනවානේ. කුණු රහ නැත්තං කෑවේ නෑ වගේනේ.. ඇත්තට ම මස්, මාලු වලින් විතරක් නෙමෙයි බිත්තර වැනි දේවලිනුත් අයින් වෙලා යම් කාලයක් ඉදලා බැලුවාම පැහැදිලි ව ම වෙනසක් පේනවා. ඒක කකා කරලාම බැලුවා ම තේරෙනවා. මස් කෑමත් එක්ක අපි තුළ යම් ආවේගශීලී බවක්, කලබලකාරී බවක් වැනි දෙයක් ඇති කරනවා වගේ. ඒත් ඒ දෙවල් වලින් ඈත් වෙන්න වෙන්න අපි තුළ නිවුන ගති ඇති වෙනවා කියලා දැනෙනවා. සරල බවකුත් ඇති වෙනවා. ඉවසීමත් මාර විදිහට වැඩි වෙනවා. ඒක මොකක් ද කියලා කියන්න දන්නෑ. ඒත් මගේ අත්දැකීම නම් ඒකයි... කරලා බලන්න තේරෙයි කියලා හිතනවා.......

    රිසල්ට් එක මේ විදිහටම පෝස්ටුවක් දාමු හොදේ............

    ReplyDelete
  28. කකා බිත්තර වෙජිටේරියන් නෙමේ බිජුටේරියන්...

    මම මාස තුන හතරක් හිටියා වෙජිටේරියන් වෙලා එක කාලයක් ආසාවට. රහට උයාගන්න පුළුවන් නම් එළවලු වලින් නියම කෑම හදන්න පුළුවන් මස් පරාදවෙන්න. හැබැයි හෙණ බෝරින් මට නම් මස් නැතුව. මාළු නැතුව නම් ඉන්න ආසයි. මට මාළු ප්‍රිය නැහැ.පොඩි මාළුනම් ෆිට්. කරවල නම් ඒ එක්ක බිත්තරයක් බැදලා ඕන.

    කකා...දවසක් එක ළමයෙක් මගෙන් ඇහුවා කෝල් කරලා...අයියේ හාල්මැස්සෝ තෙල්දානවා ,තව මොනවාද ඕනේ කියලා. මම කිව්ව බිත්තරයක් දෙකක් දාගෙන කමු කියලා. මූ බිත්තර දෙකක් කඩලා කරවල එකට දාලා ඔක්කොම එකට තෙල්දාලා. පරිප්පු එකක් හදලා බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  29. //ඒත් විස්ස විජ්ජාලෙට යන්න ගෙදරින් පිටවුණාට පස්සේ ඒ සේරම වෙනස් වුණා.//
    අපේ තාත්තා ගෙදරට හරක් මස් ගෙනාවෙත් නෑ. කෑවෙත් නෑ. ඉතින් අපිත් එසේම වුනා. අපේ ගෙදර එළදෙනක් සහ හුරතල් වසු පැටවුන් සිටීම මේකට බලපෑවා. ඒත්, දවසක් දා අක්බාර් එකේ කෑම ඉවර වෙලා මං කන්න ලෑස්ති වෙද්දි. ගියා වූස්, ගෙම්බා, හිල්ඩා, මිත්තා ම්හු. නාදන් ‍එකේ හිටියෙ නරිය මුදලාලි. "සර්, පාන් කමු මස් එක්ක" මෑන් යෝජනා කළා. මොනව කරන්නද බඩගින්නෙ මැරෙන්නයැ. එදායින් පස්සෙ සීලෙ නැවතුනා. බැන්දයින් පස්සෙ ගෙදරින් කෑම කන නිසා නැවත සීලය සමාදන් වෙලා දැන් ඉන්නෙ. හැබැයි හරක් මස් උෟරු මස් විතරයි අරහං. අනිත් ඒවා කනවා. ඒත් එළවළු විතරක් එක්ක කාපු දාට මාර ජොලියක් දැනෙනවා හිතට නෙවේ බඩට. ඇත්තටම හොඳ එළවළු තියනවනම් වෙජිටේරියන් ජීවිතේ හොඳයි වගේ.

    ReplyDelete
  30. කකාලා මාංශ භක්ෂක නෙමෙයි ඔය කියන හැටියට ස‍ර්ව භක්ෂක. මාංශ භක්ෂක කියන්නෙ මස් විත‍රක් කන සත්තුන්ට කියල‍යි, ඒ කාලේ නිරූපා ටීච‍ර් ඉගැනුවේ... :D

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.