Friday 27 June 2014

පරණ බඩු සහ අළුත් බඩු - Old is gold?


පොඩි කාලේ අප අසා ඇති තේරවිලි මතකද?

කපන්න කපන්න දික් වෙන්නේ මොකක්ද? යැයි ඇසීම එවැන්නකි.

මෙයට නිවරදි පිළිතුරු දෙකකි.

එකක් "අගල" යන්නය. අනෙක් පිළිතුර "රැවුල" යන්නය.

හෝදන්න හෝදන්න කිළුටු වෙන්නේ මොනවාද? යන්න මේ ආකාරයේ තවත් තේරවිල්ලකි. එයට නිවරදි පිළිතුර "වතුර" යන්නය.

අද මා මේ කතන්දරය ලියන්නේ එවැනි වෙනත් වැදගත් කරුණක් ගැන කතා කරන්නයි.

මේ තේරවිල්ල බලන්න.

පරණ වෙන්න පරණ වෙන්න හොඳ වෙන්නේ මොන බඩුද? වෙනත් වචනවලින් අහනවා නම් අළුත් බඩුවලට වඩා පරණ බඩු හොඳ වෙන්නේ මොනවා සම්බන්දයෙන්ද?
දැන් පොඩි පරණ කතාවක් කියන්නම්.

එකෝමත් එක දවසක මගේ හිතවතෙක් අපේ නිවසට පැමිණ ගමණක් යන්නට මා ඔහුගේ වාහනයට නංවා ගත්තේය.

එදා මා සිටියේ තරමක හෙබ්බා තත්වයකිනි.

වාහනය නුගේගොඩ හරියට ලඟාවෙන විට වාහනයේ ඒ.සී. එක නිසාදෝ මගේ නහය පුරා උතුරා යන්නට පටන් ගත්තේය.

කොරේ පිටට මරේ කීවාක් මෙන් මංතුමා නිවසින් පිටව තිබුණේ කලිසම් සාක්කුවේ වෙනදාට දැහැමෙන් සෙමෙන් වැජඹෙන ලේන්සු රාජයෙක් නැතුවය!

කාර් එකේ කඩදාසි ටිෂු තිබුණේද නැත.

දැන් ඉතිං මෙනවා කරන්නද?

මම වහාම කාරය පාර අයිනේ නවත්තන්නට යැයි කියා, බිමට පැන අසල තිබුණු පේව්මන්ට් අයිල තට්ටුවකින් ලේන්සුවක් මිළට ගතිමි.

යළි අසුණේ හරි බරි ගැසී වාඩි වී රාජ ලීලාවෙන් හොටු හූරන්නට සැට් වී, අළුත් ගත් ලේන්සුව නැහැයට තැබූ විට මට දැණුනේ හරියට නම්බර් සීරෝ වැලිකඩදාසියකින් නහය පිසදා ගන්නා ආකාරයේ සුව පහසුවකි.

වෙනදා හොටු හූරද්දී මගේ නැහැ පුඬු කිතිකවා ඔකඳ කරවන ලේන්සු කිහිපයේ සුසිනිදු සුමුදු මුදු පහස සිහිවී මගේ නහයෙන් හොටු පමණක් නොව ඇසෙන් කඳුළු ද වැගිරෙන්නට පටන් ගති.

මා කලින් ඇසූ තේරවිල්ලට පිළිතුරු දැන් පැහැදිළියි නේද?

පරණ වෙන්න පරණ වෙන්න හොඳ වෙන්නේ ලේන්සු වේ! අළුත්ම කිරි කිරි ටොයියා ලේන්සුවලින් ඒ නැහැ පුඬු කිතිකවා ඔකඳ කරවන සුසිනිදු සුමුදු මුදු පහස කිසිසේත්ම ලබාගත නොහැක!

-කතන්දරකාරයා

ප/ලි:
පරණ ලේන්සු අළුත් ඒවාට වඩා හොඳ වූවාට, පරණ ජොක්කු සම්බන්ධයෙන් ඒ තියරිය අදාන නොවන බව මා මිත්‍ර දොස්තර ප්‍රේමකුමාර මින් ටික කලකට පෙර පුවත්පතකට පවසා තිබුණි.
http://kathandara.blogspot.com/2012/04/serious-medical-advice-from-dr.html


(image: http://www.indiamart.com/voratextiles/mens-hankies.html)

49 comments:

  1. මට නම් ටිෂු තමා.....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ගමනක් යන කොට ටිෂු පැකට් එකක් සාක්කුවේ දාගෙන යනවාද?

      Delete
    2. දැන් නම් නොයෙකුත් ටිෂු වර්ග තිබෙන නිසා පහසුයි....

      Delete
  2. මගෙ යාලුවෙක් පරන ලේන්සුවකින් හොටු හූරල මලා

    ReplyDelete
    Replies
    1. අනේ පව්!

      මගේ සාතිශය සංවේගය පිළිගන්න.

      Delete
  3. Replies
    1. තුවා පරණ වෙනකොට නූල් ගැලවිලා ගිහින් බූල් හැලිච්ච බල්ලා වගේ වෙනවා.

      මං නං කැමති නෑ පරණ තුවා වලට. අළුත්ම අළුත් කොටන් තුවා තමයි නියම.

      මෙන්න තුවා ගැන පරණ කතන්දර දෙකක්.

      1. රෝස පාට තුවා - Pink Coloured Towels

      2. රෝස පාට තුවා (Pink Towels) කතන්දරේ -වලි ෂේප් බව මෙයින් දැනුම් දෙමි

      Delete
  4. කොයිකත් ඔහොමයි. ඇඟ අතුල්ලන කොස්ස? පරණ වෙන තරමට තියෙන සනීපෙ කියාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි!

      කොස්සෙන්ද ඇඟ අතුල්ලන්නේ?

      එතකොට කොණ්ඩේ පීරන්නේ ඉඳලෙන් වෙන්න ඇති?

      Delete
    2. \\ඇඟ අතුල්ලන කොස්ස//

      ගේ අතුගාන කොස්ස. ඇයි අහල නැත්ද වැටකොලු කොස්ස එහෙම?

      Delete
    3. මනෝෂ් දැන් ඕවට නානාප්‍රකාර උපකරණ තියන හන්දා කකාට අමතක වෙලා ඒ දවස්වල ගැමි ජනයා භාවිත කළ වැටකොලු කොස්ස. ඒක මාර සනීපයක් ඇගට ගේනේනේ ටිකක් පරණ වුණු එක. දවසක ලියන්න වැටකොළු කොස්සක් හදා ගන්න විදියත්.

      Delete
    4. ඔන්න ඕකනේ කියන්නෙ රට රාජ්ජ පුරා ගියත් වැඩක් නෑ තමන්ගෙ රටේ දේ අමතකනම්..වැටකොලු කොස්සෙන් ඇඟ අතුල්ලපු එකා දන්නවා ඒකෙ සනීපෙ. දවසක අපි ඒ ගැනත් ලියමු නලීන් අයියා..

      Delete
    5. මිනිස්සු ඇඟ අතුල්ලන්නේ කුණු යන්න ලු. සමහරු සබන් කෑලි වගේ පැතලි ගල් කෑලිවලින් අතුල්ලනවා. අමහරු ලිං ලඟ තියෙන පොල් ගස්වල පවා පිට අතුල්ලනවා.

      තවත් අය ඇඟ අතුල්ලන්නේ හම සුදු වෙන්නලු. දවල්ට දාන දාඩිය දූවිලි එක්ක ඇඟේ තැන්පත් වෙලා තියෙන හින්දා හෝ වියලි හම ඉවත් කරන්න හෝ.

      කාන්තාවන් මේ සඳහා වැලි කඩදාසි වගේ වර්ගයක් පාවිච්චි කරනවා. රූපලාවනය කරන තැනකින් අහලා බලන්න.

      ඔය එක අවශ්‍යතාවයක්වත් මට නැති හින්දා මං නං දවසට දෙපාරක්සබල් ගාලා නානවා මිසක ඇඟ නං අතුල්ලන්නේ නෑ ළමයිනේ!

      Delete
    6. වැටකොළු කොසු ඕනේ තරම් තියෙනවා කතන්දර ඉන්න රටේ ෆාමසි වලත්! :D

      Delete
    7. වැටකොළු කොස්සට ලස්සන සිනිදු ලී මිටවල් ගසලා අස්ප ගණං වලට විකුණන්න තියෙනවා ආපිකෝ එකේ රුපියල් තුන්සිය ගානක් වගේ මතක.තව නානකොට අතුල්ලන බඩු අර නානාප්‍රකාර බුරුසු ජාති තියෙන පැක් වලත් සාප්පුවල තියෙනවා පිටරටවලින් ගෙනාපුවා.

      අනේ සංසාරේ..ලංකාවේ දිය වැටකොළු වනේට හැදිලා ,දිරලා යනවා.

      Delete
  5. ගැල්ලමයින්ගේ පරණ ලේන්සු නං අපි ඉස්සර පෙට්ටගමං වල තියං සුවද බැලුවා අනේ..

    ReplyDelete
    Replies
    1. අපේ අම්මලාගේ කාලේ කතාවක් ඒක!

      අනික ලේන්සුවක් දුන්නොත් තරහ වෙනවාලු ඊට පස්සේ!

      අපි නං ඔය නරක වැඩ කළේ නෑ.

      Delete
    2. ඒක තමා හෙනං ලේන්සු ටිකේ අයිතිකර ගැල්ලමයි මාත් එකක් තරහ උනේ .. හැක්..

      Delete
    3. ලේන්සු හාර පන්සීයක් තියෙන්ඩැති :D

      Delete
  6. Replies
    1. හිනාව මගේ කතන්දරේටද, දේශකයා ගේ කමෙන්ටුවටද?

      මොනවා වුනත් මෙන්න මගේ පිළිතුර.

      8-) 8-) 8-)

      Delete
    2. මං හිතන්නේ ඔයැයිගේ කතන්දරේට. ඒ ළමයා මට හිනා වෙන්නෙ නෑ.. හැක්..

      Delete
  7. කකා ලේන්සුවෙන් නහය පිහ දැම්ම නිසා හොඳයි. වෙන සංවේදී අවයවයක් හෙම පිහි දැම්ම නම් තරු පේන්නත් ඉඩ තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඇයි කියවල නැද්ද එබුවෙගෙ හොටු කතා....

      Delete
    2. නහර තරම් සංවේදී ඉන්ද්‍රියක් වෙන නැත. ගඳ සුවඳ දැනෙන්නේ වෙන මොන අවයවයටද?

      Delete
  8. හෝදපු නැති පරණ ලේන්සුනං තවත් හොඳයි. :D

    ReplyDelete
  9. හොටු? හ්ම්ම්ම්. දැන් ඔක්කොම වගෙ ශරීරයෙන් පිටවෙන ද්‍රව්යයන් ගැන මෙතන ලියවිලා තියනව නේද? ( ඇනෝ කෙනෙක් කියන්න ඉස්සෙල්ල කියන්න හිතුන )

    සමහර බොන දේවලුත් පරණවෙනකොට හොඳයි නෙ

    ReplyDelete
    Replies
    1. පරණ ෙවන කොට හොඳ වෙන බොන දේවල් ගැනත් ලියා ඇත!

      http://kathandara.blogspot.com/2012/05/aging.html

      Delete
    2. //සමහර බොන දේවලුත් පරණවෙනකොට හොඳයි නෙ//

      ප්‍රා :D

      Delete
  10. හැම පරණ බඩුවක්ම කල් යත්දි පල් වෙන්නෑ. පරණ වෙන්න පරණ වෙන්න වටිනාකම වැඩිවෙන ඒවත් තියෙනවා. හොදම උදාහරණෙ තමා ලේන්සුව. :D

    ReplyDelete
  11. ඒ කියන්නෙ පරණ ලෙන්සු සුවපහසු අතින් වැඩි ... :D එහෙම වෙන්න හෙතුව මොකක්ද කකා ????

    ReplyDelete
  12. ඔන්න මං කියන්න කියලා හිතාගන එනකොට ප්‍රා ජේ කියල දාලා. පරණ වෙනකොට හොදම බඩු මොනවද කියලා. දැන් තියනවා සියවසරක් පරණ කළ බඩුත්. පරණ අරක්කු වලට මාර ඉල්ලුමක් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇයි පත්තරකාරයො! පරණ වෙන්න වෙන්න ඉල්ලුම වැඩියි. පේනවනෙ බොලාගෙ මානි බොස්

      Delete
  13. පරණ වෙන්න පරණ වෙන්න හොඳයි අර බොන ජාති එහෙම. කෝ අර ඇනෝ?
    පරණ වෙනකොට හොඳ ජාති තව තියනව. ‍
    සරම්
    ඩෙනිම්
    කෞතුක වස්තු

    ReplyDelete
  14. ඇඹුල් තියල්...

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් ගොඩක්ම පරණ උනහමත් අවුල්... :)

      Delete
  15. දවසක්දා උදේ කෝච්චියේදී මගෙ නහය බුරුල්වෙලා හොටු එන්න ගත්ත.සාක්කුවට අතදාල බැලුව ලේන්සුව තිවුනෙ නෑ.එදානං පුදුම අපහසුතාවක් ඇතිවුණේ.

    ReplyDelete
  16. පරණ වුනාම හොඳ ගොරකා. හැබැයි අනුන්ගෙ නෙමෙයි.

    ReplyDelete
  17. WE READ AND COMMENTED ABOUT KAKA'S CHOO, PADA, JEE, PUKA, JOKA, ETC.,
    NOW HOTU, WHAT NEXT ?

    ReplyDelete
  18. Is it true a woman is really like wine, the older they get the better they are ?
    Up to a point, but then usually they turn to vinegar.
    කොහේ හෝ දැකපු එකක්.

    ReplyDelete
  19. මට පොඩි කාලේ නිතරම පීනස නිසා ඔය වැඩේ වෙලා තියෙනවා.
    මම ඒ නිසා කැමතිම අම්මා මැදල දෙන අලුත් මල් ලේන්සු ගෙනියන්න වඩා තාත්තගේ පරණ ලොකු ලේන්සු වලට!

    ReplyDelete
  20. අලුත් සරමක් ඇඳපුවහමත් ටිකක් විතර අමාරුයි නේද?
    ජොකා නැතුව ඇ‍න්දොත් (ඇඳගෙන බීප් බීප් කිව්වොත්) මොකද හිතන්නෙ?
    මට හිතෙන්නෙ ටිකක් පරණ වුනාම වැඩියෙන් හොඳ බව පෙනෙන දේවල් ගොඩක් තියනවා.

    ReplyDelete
  21. පරණ වෙන්න පරණ වෙන්න හොද වෙන්නේ ඉතින් වයින් තමයි..

    ලේන්සු නම් අන්තිමට වගේ පාවිච්චි කලේ ඉස්කෝලේ යන කාලේ තමයි.. දැන් නම් ටිෂු තමයි..

    ReplyDelete
  22. පරණ අමුඩ ලේන්සුවලටත් ඕක අදාළ වෙනවාද ?

    ReplyDelete
  23. කෝ මගේ කමෙන්ට් එක? තිලක, රූ දෙන්නාටත් දැම්මා ඒවා කොහේ ගිහින්ද දන්නෙත් නෑ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.