Thursday 8 May 2014

කලකට පස්සෙමි, වෙළකට බැස්සෙමි - Long time no see!


කතන්දර 1,000 ක් ලියපු මහන්සියේ හති අරින්න සතියක නිවාඩුවක් ගන්න කියලා ප්ලෑන් කළාට අන්තිමේදී ඒක සති හතරක් විතර දිගට ඇදුණා ටිකෙන් ටික.

ඔය අතරේ බ්ලොග් අවකාශයේ වලි ගැන එකෝම එක කතන්දරයක් ලියා පල කරන්න ඉඩ ලැබුණත්, අනිත් මුළු කාලයම ගත වුනේ ලිවීමේ කටයුතුවලින් මුළුමණින්ම බැහැර වෙලයි.

ඒ අතරේ ඉඳලා හිටලා දවසක, දුවන ගමන්ම ෆෝන් එකෙන් ලොග් වෙලා බ්ලොග් තුනක් හතරක් කියෝලා කමෙන්ටුවක් දෙකක් දාගත්තා. එච්චරයි.

ආපහු කතන්දර බ්ලොග් එක යාවත්කාලීන කරන්න ඕනෑය කියලා දැන් දවස් දෙකකට විතර කලින් දිනය හිතුවාට කලින් තිබුණු උණ ටිකක් බැහැලා බැහැලා වගේ ගතියකුත් මට දැනුණා.

මං හිතන්නේ ඒක නම් හොඳ ප්‍රවණතාවයක්!

කතන්දර බ්ලොගයේ කොල නිවාඩුව කාලේ බ්ලොග්වලට අදාලව සිදුවුණු එකම සිදුවීම තමයි "සයිබර් අවුරුදු උත්සවය" ට සහභාගී වීම.

නිවාඩුවෙන් පස්සේ මුලින්ම ලියන මේ කතන්දරේ ඒ ගැන වචනයක් දෙකක් ලියන්න ඕනැයි කියලා හිතුණා.

අවුරුද්දට නෑ ගමන් යන්න තිබුණු හින්දා මං එදා උත්සවයට ආවේ තරමක් අපහසුතා මැදය කියලා කීවොත් එය නිවරදියි.

කලින්දා රාත්‍රියේ මංතුමා හිටියේ මාතර පැත්තේ අපේ නෑදෑයෙකු ගේ අහයි.

මාතර තිබුණු රස්නේ කොච්චරද කියනවා නම් එදා මං හතර පාරක් ම නෑවා. හැබැයි ඉතිං කොළඹ ආවා කියලා වැඩි වෙනසක් වුනේ නෑ. පහුවදා තුන් පාරක්ම නාන්න වුණා!

ඉරිදා උදේම නාකියා ගෙන ඇඳ පැළැද ගෙන අංකල්ට කියලා මාව මාතර බස් නැවතුමට ඇරළවා ගත්තා. එතැනින් නැග්ගා කෙලින්ම මහරගම යන බස් එකකට. දක්‍ෂිණ (සල්ලි ගන්න - Toll Road) මාර්ගයේ උපරිම වේගය පැ.කි. 100 වුණාට බස් නං යන්නේ 90 ටත් අඩුවෙන් කියලයි මගේ ස්ටොප් වොච් එක නං පෙන්නුම් කළේ.

පන්නිපිටියෙන් බැහැලා, කෙටි පාරකින් ගෙදර ගිහින් ඊලඟට කෙරුවේ, තට්ටේ ගාලා, රැවුල ට්‍රිම් කරළා, දවසේ දෙවෙනි පාරට නාපු එකයි. ඊලඟට පොත් දාපු බෑග් එකක් ඇදගෙන බත්තරමුල්ලේ යන්න පිටත් වුණා.

අවුරුදු ක්‍රීඩාවලට සහභාගී වෙන්න නොලැබුණත්, ඒ ගත කරපු පැය කිහිපය ඉතා ප්‍රයෝජනවත් එකක් වුණා. ඒ කලින් එහෙන් මෙහෙන් විතරක් දැනගෙන හිටිය සෑහෙන පිරිසක් මුණ ගැහිලා හඳුණා ගන්න ලැබීම නිසයි.

අතත්‍ය සයිබර් ලෝකයේ තියෙන සබඳකම්, ඒ ආකාරයට සැබෑ ලෝකයට අරගෙන ඒම එක්තරා ආකාරයක විරෝධෝක්තියක් (oxymoron) වුණත්, ඒක එච්චර වැදගත් කාරණක් නොවෙයි. කොහොමටත් මේක අර 2009, 2010 වසරවල තිබුණු බ්ලොග්කාරයින් ගේ බ්ලොග් පිළිබඳ කතාවෙන හමුවකට වඩා, බ්ලොග්කාරයින් ගේ සෝෂල් ඉවෙනට් එකක් විදියටයි නේ සංවිධානය වෙලා තිබුණේ!

මේ ආකාරයෙන් එකිනෙකා අඳුණා ගැනීමට ලොකු භාදාවක් වුණේ බොහෝ දෙනා තමන් කලින් දන්නා කියන අය සමග එකතු වෙලා කතා බහේ නිරතව සිටීමයි.

මං නං කලේ පිට්ටනිය වටේම ගිහිල්ලා එක්කෝ කෙලින්ම මාව අඳුන්වලා දීලා, නැතිනම් මගේ කාඩ් එකක් දීලා කතා කරපු එකයි. නමුත් මං හිතන්නේ නෑ සමහර අය ඒ විදියට ප්‍රොඇක්ටිව් වුණා කියලා.

අර සම්මන්ත්‍රණවලදී කරනවා වගේ හැමෝම තම තමන්ගේ නම් ලියපු කාඩ් එකක් එල්ලා ගෙන හිටියා නම් වැඩේ මීටත් වඩා ලේසි වෙන්න තිබුණා! මේක මං ගිය අවුරුද්දෙත් තැනක ලිව්වා මතකයි.

තරගවලට සහභාගී වෙන්නට ඉඩ ලැබුණේ නැතිවුණත්, තරගවලින් දිනපු අයට තෑගි බෙදා දෙන්නත්, එක තරගයක් විතරක් විනිශ්චය කරන්නත් මට ඉඩ ලැබුණා.

ඒ සමගම මා ලඟ තිබුණු පොත් දෙකක පිටපත් කීපයකුත් හමුවුණු අය අතරේ බෙදලා දෙන්නත් මට හැකි වුණා.

කාලය පිළිබඳ ප්‍රශ්ණයක් නිසා මං පහමාරට විතර එතැණින් ගියේ ජන ගායනා තරගය පැවැත්වෙන අතරතුරදීයි.

මං එතැන දිගටම ඉන්න පුළුවන් වුණා නම් මගේ නූතන ජන කවි ගායනා කරන්න තිබුණා නේද කියලා පාරේ දී මට හිතුණා.

දැන් වචන 500 ක් විතර ඉබේම වගේ ලියවිලා!

ඒ කියන්නේ මට අර කූප්‍රකට රයිටර්ස් බ්ලොක් එක සෙට්වෙලා නෑ වගේ. එහෙම නම්, හෙට ඉඳලා ලියන්නම් ආයෙත් කතන්දර!

-කතන්දරකාරයා

ප/ලි:
මාතෘකාවේ ඇති ව්‍යාකරණ දෝෂයට මට්ටම් පොලු නොදමා ඔහේ තියෙන්නට අරිමි!

(image: )

100 comments:

  1. කකා,වේල්කම් බෑක්!

    ReplyDelete
    Replies
    1. නයිස් ටු බී බැක්, තෑන්ක්ස්!

      Delete
    2. රනිල්ගේ දේශනය ගැන මගේ සත දෙක (මෙතැනට අදාළ නොවුණත් හා තාම බැලුවේ බාගයක් විතර වුණත්):

      1. රනිල් මහා ලොකු දෙයක් නොකියයි. සාමාන්‍යයෙන් එදිනෙදා ජාත්‍යන්තර මාධ්‍ය ඇසුරු කරන, පොත් කියවන කෙනකුට ඔය දේශනය ඔහොමම කළ හැක. උදාහරණයක් හැටියට සුජීව කොකාවල, දමිත් කේතක වැන්නකුට ඔය කරුණු ඔයිටත් වඩා හොඳින් ඉදිරිපත් කළ හැකිය සිතමි. ඒ වුණත් දේශපාලකයකු හැටියට රනිල් මාරය. ජාත්‍යන්තර දේශපාලනය ගැන ඔය ගැඹුර ලංකාවේ වෙනත් කිසිම දේශපාලකයකුට ඇතිය නොසිතමි. (ජී. ඇල්. පප්පා ඇතුළුව)

      2. මහින්ද මාමලා, බැසිල් මාමලා, ගෝටා මාමලා, චම්පික අයියලා, ගම්මන්පිළ අයියලා කොයිතරම් හිස් කළ ගෙඩිද තේරෙන්නේ මෙවැන්නක් බැලූ විටය. (විමල් අයියා ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැනෙ.)

      3. අවාසනාවකට මේ රටේ ඡන්දය දාන්නේ ඇමෙරිකානුවන් නොව චතුශ තුෂර කුමාර වැනි ඉංගිරිසිත් නොදන්නා, ජාත්‍යන්තර දේශපාලනයත් නොදන්නා කොටින්ම ඔය ලෝකය ගැන පොඩි පොඩි කාරණා මිසෙක වෙන දෙයක් නොදන්නා මනසින් පුංචි මිනිසුන්ය. උන්ට මේ දේශනයේ අගක් මුලක් තේරේය නොසිතමි. ඉතින් උන්ට රනිල් වහ කදුරු වීම පුදුමයක් නොවේ. ඕනෑම කෙනෙක් තමන් නොදන්නා දෙයක් කියන මිනිසකුට වෛර කරයි. ඒ මිනිසා පිළිකුල් කරයි.

      4. ඒ නිසා රනිල් තවමත් මහින්දට තර්ජනයක් නොවේ. ඔන්න මේ රටේ වැඩි හරියක් ප්‍රියන්ත හේවගේලා බඳු රාජකීයයන් වූ විට නම් එවැනි තර්ජනයක් ඇති වීමට පුළුවන. නමුත් මේ රටේ වැඩි හරියක් ප්‍රියන්ත හේවගේලා නොව චතුශ තුෂර කුමාරලාය.

      5. ඒ හන්දා රනිල් හැමදාම විපක්ෂ නායකයාය.

      Delete
    3. 1. රනිල් මහා ලොකු දෙයක් නොකියයි. සාමාන්‍යයෙන් එදිනෙදා ජාත්‍යන්තර මාධ්‍ය ඇසුරු කරන, පොත් කියවන කෙනකුට ඔය දේශනය ඔහොමම කළ හැක. උදාහරණයක් හැටියට සුජීව කොකාවල, දමිත් කේතක වැන්නකුට ඔය කරුණු ඔයිටත් වඩා හොඳින් ඉදිරිපත් කළ හැකිය සිතමි. ඒ වුණත් දේශපාලකයකු හැටියට රනිල් මාරය. ජාත්‍යන්තර දේශපාලනය ගැන ඔය ගැඹුර ලංකාවේ වෙනත් කිසිම දේශපාලකයකුට ඇතිය නොසිතමි. (ජී. ඇල්. පප්පා ඇතුළුව)

      2. මහින්ද මාමලා, බැසිල් මාමලා, ගෝටා මාමලා, චම්පික අයියලා, ගම්මන්පිළ අයියලා කොයිතරම් හිස් කළ ගෙඩිද තේරෙන්නේ මෙවැන්නක් බැලූ විටය. (විමල් අයියා ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැනෙ.)

      3. අවාසනාවකට මේ රටේ ඡන්දය දාන්නේ ඇමෙරිකානුවන් නොව උපන්ගෙයි මෝඩයින් වැනි ඉංගිරිසිත් නොදන්නා, ජාත්‍යන්තර දේශපාලනයත් නොදන්නා කොටින්ම ඔය ලෝකය ගැන පොඩි පොඩි කාරණා මිසෙක වෙන දෙයක් නොදන්නා මනසින් පුංචි මිනිසුන්ය. උන්ට මේ දේශනයේ අගක් මුලක් තේරේය නොසිතමි. ඉතින් උන්ට රනිල් වහ කදුරු වීම පුදුමයක් නොවේ. ඕනෑම කෙනෙක් තමන් නොදන්නා දෙයක් කියන මිනිසකුට වෛර කරයි. ඒ මිනිසා පිළිකුල් කරයි.

      4. ඒ නිසා රනිල් තවමත් මහින්දට තර්ජනයක් නොවේ. ඔන්න මේ රටේ වැඩි හරියක් ප්‍රියන්ත හේවගේලා බඳු රාජකීයයන් වූ විට නම් එවැනි තර්ජනයක් ඇති වීමට පුළුවන. නමුත් මේ රටේ වැඩි හරියක් ප්‍රියන්ත හේවගේලා නොව මෝඩයින් ය.

      5. ඒ හන්දා රනිල් හැමදාම විපක්ෂ නායකයාය.

      Delete
    4. ගුරු ගෝල චිත්‍රය..... පලමු කොමෙන්ටුවත් දෙවනි කොමෙන්ටුවත් අතර වෙනස සොයන්න....

      Delete
    5. වැඩේ කියන්නේ ඇමරිකනුවන්ගෙන් 60% වැඩිය ලෝකය පරිබ්‍රමනය වෙමින් ඉර වටා යන බව නොදැනීමයි. චන්දය භාවිතය හා ඉංග්‍රීසි. "සිනා නොමසෙන් මගේ පුක"

      Delete
    6. 1/4 = 60% ??????????????????????? ඔයා ඕ ලෙවල් ගණන් ෆේල්ද අනේ?

      http://www.iflscience.com/scientific-knoweldge-trails-support-0

      Delete
  2. මේ පැත්ත පාලුවට ගිහින් තිබ්බේ. කකා ආපහු ආව එක ගැන සතුටුයි. ලංකාවේ ගිහින් ඇතිවෙන්ට නාගෙන නේ...:)

    ReplyDelete
    Replies
    1. නාකියා ගත්තෙමි!

      Delete
    2. කකා වෙනත් බ්ලොග් කරුවන්ට 'නාකියා' කියා අපහාස කිරීම හෙළා දකිමි. (අර වි**** ට නේද කිව්වේ?)

      Delete
  3. සතුටුයි ..ඈ ඉක්මනින් ලියමු ලංකාවට ආපු කතා එහෙමත් ඇති නේ නැදෑ ගෙවල් ගියා නම් :))

    මාතෘකාවේ ඇති ව්‍යාකරණ දෝෂයට මට්ටම් පොලු නොදමා ඔහේ තියෙන්නට අරිමි!////

    නැවතත් ......

    ReplyDelete
    Replies
    1. හෙට සිට හිටු කියලා ලියන්නට සිතාගෙන සිටිමි!

      Delete
    2. අපි අද සිටම හිටු කියලා කමෙන්ට් දමන්නට බලා සිටිමු.

      Delete
  4. ඔහේ තව්සන් ටෝක් දෙනකොට, මම ඊයේ පෙරේදා ඒකෙන් භාගයක් ගහගත්තා. කොහොමද ගෝලයගෙ වැඩ. එතන මට නම් උනේ ප්‍රෝඇක්ටිව් වීමක් නෙමෙයි. එන්නත් කලින් ඇක්ටිව් වෙලා ආපු එක. කොහෙද කකා කොතනත් කඩාකප්පල්කාරයෝ ඉන්නවනේ. :)

    ReplyDelete
    Replies
    1. මං නං අහුවුනේ නෑ ඒකට.

      අන්තිමේදී ඕනයා ගේ කීම අහලා 3:30 වෙනකං ඉන්න ගිහිල්ලා 5:30 ට නොකියම යන්න වුනා!

      Delete
  5. @ කාකා ජී,

    නමස්තේ කාකා ජී...........! ලෝන්ග් ලයිම් සීන් නහී හේ........!!!!!!

    ආප්කා ක්යා හුවා?

    ඇත්තටම කාකා ජීගේ එක සතියකට දවස් කීයක් තියෙනවා ද????? (අයි මීන් හති අරින සතියේ නිවාඩුව.)

    එනිවේ, කාකා ජීගේ බැක් එකට වෙල්කම්!!!!!!!!!!

    හික්z!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සතියට දවස් විසි ගාණක් තියෙනවා නේද?

      Delete
  6. මටත් හිතෙනවා නේම් ටැග් වැඩේ නම් වැදගත් කියලා. එහෙම නැත්නම්, සුළුවෙන් හරි හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් තිබ්බා නම් හොඳයි. කලින් අර බීච් එකේ තිබ්බ එකේ එහෙම වුණා මම හිතන්නේ.

    මම කොහෙ හරි දැක්කා කකා ලියලා තියනවා "කතන්දර දහසක් කරා යන ගමනක අතර මග" කියලා. ඒ වගේම අර එක සැරයක් ප්‍රෝග්‍රෑමිං කෝඩ් එකක් දාලා තිබ්බේ ඒ අදහසම දෙන. ඒකෙ 1 සිට 1000 දක්වා කියලා තිබ්බේ. මම ඒත් හිතුවා දාහෙන් පස්සෙ ඉවර කරන්නද දන්නෙ නැහැ හදන්නේ කියලා...

    දැන් තියෙන්නේ අරක "කතන්දර දසදහසක් කරා යන ගමනක අතර මග" කියලා වෙනස් කරගන්න...

    ReplyDelete
    Replies
    1. දාහ තමයි ටාගට් ලිමිට් එක වුනේ,
      ඒත් ඉතිං ස්කෝප් ක්‍රීප් වෙනවානේ.
      තව මයිල්ස්ටෝන් දෙකක් ලඟ එනවා,
      ඉන් පස්සේ බලමු!

      Delete
  7. වෙල්කම් බැක්. මම බැලුව ඒත් ඇත්තටම රයිටර්ස් බ්ලොක්ද කියල.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ගතියක් තිබුණට දැන් නං ටිකක් අඩුයි!

      Delete
  8. අන්න කකා පොත් අරගත්තු සමහර දෙනා බැනල තිබුනා පොත් බෙදුවය කියා. අපේ ටිපිකල් ජාතික චින්තනය. වැඩකට නැත්නම්, අනේ මට නම් එපා කියල කියන්න තිබුනනේ. පහේ ශිෂ්‍යත්වය දුන්න නිසා, දුර පලාතක ඉස්කෝලෙකට යන්න වුන නිසා මුළු ජිවිතයම ආණ්ඩුව අගාදෙට හෙලුවය කියන එකත් ඔය පොත් ඉල්ලන් ගිහින් බනින එක වගේම තමා. පොඩි එවුන් වෙනුවෙන් තෝරා දුන්නේ අම්මල තාත්තලා කියමු. එතකොට වැඩිහිටි පිරිස් තමන්ට තේරීම් කරන එක ගැන මොකද කියන්නේ කකා?

    ReplyDelete
    Replies
    1. බැනලා තිබුණෙ කකා ඇනෝ කමෙන්ට් දාලා පොතක් ගහලා බෙදුවෙ නෑ කියලා.

      Delete
    2. එහෙම පොත් බෙදුවේ නෑ නිකං කුකුළන්ට පොරි විසි කරනවා වගේ. මා ගාව තිබුණේ පොත් පිටපත් කීපයක් විතරයි.

      මං හිතන්නේ මං මුලින්ම පොතක් දුන්නේ විචාරකටයි, මගේ භාෂාව කොහොමද බලන්න කියලා. ඊට පස්සේ එතැනදී හමුවුණු, පොත් ඉල්ලපු අයට දුන්නා. මං කලින් දන්නා කියන අයටත් දුන්නා.

      කාගේවත් බලෙන් ඇඟේ ගහන්න ගියේ නෑ, එහෙම කළත් කවුද පොතක් එපාය කියන්නේ?

      Delete
    3. ඔහොම කියන්න එපෑ කකා! මේ සමහර තැන් වල තිබුන කොමෙන්ට් වල හැටියට මට හිතුනේ අර රුසියානු ළමා කතා පොතක තිබුනා වගේ .... සෑම තැනම මුං ඉහලා, කිකිලියො ඒවා කාලා, රන් කුකුළට නැහැ කීවා... වගේ කේස් එකක් කියල.

      මා නම් පොත් වුනත් කියවන්න හිතෙන එකක් නොවේ නම් එපා කියනවා. හැබැයි හිතවතෙක් තෑග්ගට දෙන එකක් නොවේ, ඔය ගෙදරට ඇවිත් බෙදන්නේ. අන්න ඒවා!

      ඔබගේ පොත මා ආසාවෙන් කියවපු එකක්. ඔබ පෙළ පොත් ටික කරපු අයෙක් නොවුනත්, එහි තියෙන්නේ එක පාසලක් ගැන පමණක් නොවේ.

      Delete
    4. ඇයි කකා පොත් නිකම් දුන්නෙ? විකුණන්න තිබුනනෙ. එතකොට ඕනැ කෙනා ගන්නවා; ඕනැ නැති කෙනා නොගෙන ඉන්නවා. දැන් ධනවාදයට ගරු කරන අරුණි ශපීරෝ නෝනා කළා නම් කරන්නෙ එහෙමයි. එහෙම තමයි ෆ්‍රෙඩ්‍රික් බැස්ටියාට් උපදෙස් දීලා තියෙන්නෙත්. ශපීරෝ නෝනා කවදාවත් තමන්ගෙ පොත් සයිබර් සිහින උළෙලකදී නිකම් දීලා නැහැ. එහෙම නිකම් දෙන්නෙ කකා වගේ සිංහලෙන් ලියන වම්මු. එහෙම නිකම් දුන්නාම මාකට් එක විකෘති වෙනවා. තමන්ගෙ දාඩිය මහන්සියෙන් පොතක් ලියලා පළ කරන අවංක ව්‍යාපාරිකයෙක්ටවත් පොතක් විකුණා ගන්න ලැබෙන්නේ නැහැ. කකා පොත් නිකම් දීලා කුණු කතාත් අහනවා. දැන්වත් තේරුණාද ධනවාදයේ අගේ?

      Delete
    5. /* ශපීරෝ නෝනා කවදාවත් තමන්ගෙ පොත් සයිබර් සිහින උළෙලකදී නිකම් දීලා නැහැ. */

      මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ!

      Delete
  9. හ්ම්.. එහෙනම් දැන් ආයෙමත් ඇනෝලටත් වැඩ වැඩිවෙයි.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත. කකා නිවාඩු ගන්නකොටම ඇනෝලාත් නිවාඩු ගන්නවා. දැන් ආයෙ වැඩ.

      Delete
    2. Ano. ano go away,
      Come again another day.

      Delete
    3. @ සර්ව ජීස්,

      කැපිටල් වෝන්ට්ස් ටූ ප්ලේ විත් මී.......!!!

      ඇනෝ ඇනෝ ගෝ අවේ...............!!!!!

      Delete
    4. ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. අපේ කකා ආවා .ඕ යේස් .දැං මලත් කාරි නෑ. !

      Delete
  10. ඒ කියන්නේ මට අර කූප්‍රකට රයිටර්ස් බ්ලොක් එක සෙට්වෙලා නෑ වගේ./// මොකක් ගැනද අප්පා මේ කියන්නෙ

    ReplyDelete
  11. ඕස්ත්‍රේලියාව ගැන ලියපු කාව්‍ය ග්‍රන්තය කියවමින් යනවා. ස්තූතිය පුද කරමි. ඒ රට ගැන ඉගෙන ගන්ඩ බොහෝ කරුණු එහි අන්තරගතයි

    ReplyDelete
  12. කකා ගේ කවි පොත කියවල ඉවරයි. දැන් තට්ටේ පැලෙන්නේ නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. දැන් හොඳයි, Thanks.
      රස්නේ නිසයි හම ගියේ පැලුණා නොවේ!

      Delete
    2. කකා ලංකාවට ඇවිත් තට්ටෙන් සොමිය දෙන්න බැරි උනා නේ ?? ඇයි හම ගිහිං නෙ.. ආං ඒකයි කොන්ඩෙ අගේ.. ඕ යේස් !

      Delete
  13. කකා සයිබර් සිහින උළෙල දවසේ මාරයාටයි අටමාටයි අතට අත දෙනවා දැක්කා ෆොටෝ වල. මතක ඇතුව ඊට පස්සෙ ඩෙටෝල් දාලා අත හෝදා ගත්තා නේද?

    ReplyDelete
    Replies
    1. ලක්මාල් සහ මං හග් කරන ෆොටෝ දැක්කේ නැද්ද?

      Delete
    2. අපොයි අහිංසකයා!

      Delete
    3. @කකා, මාරයා අයියා එයා මේ දවස් වල එළවන 40 ශ්‍රී ලොරියෙන්ද ඇවිත් හිටියෙ?

      Delete
    4. නැහැ මෙයා එකා ලොරිය පාක් කරලා ඇවිත් තිබුනෙ.... මූ එදා රෑ ලෑල්ලට පාගලා එන්ජිම ඕවර් හීට් වෙලා....

      Delete
    5. බැලුවම ඉහත කමෙන්ට් අවුලක් නෑ වගේ; මොකද සයිබරය තුළත් අපේ “ගම“ සහ “අපේකම“ ආරක්ෂා වෙනවනෙ.

      Delete
    6. ඒකනෙ මෙයා. උන් උන්ගෙ කම ආරක්ෂා කර ගන්න කොට අපි අපේ කම ආරක්ෂා කර ගන්න එපාය.

      Delete
    7. හග් කරන ෆොටෝව මාත් දැක්ක. ලක්මාල්ගෙ අත්දෙක ගැනත් මං ඇහුව කොහේදෝ තැනක

      Delete
    8. මොකද එන්ජිම ඕවර් හීට් වෙලා ? මාරයා 40 ශ්‍රී ලොරියෙන් හයි වේ එකේ ගිහින්ද?

      Delete
    9. මොකක්ද රාජ් අත්දෙකේ කතන්දරේ , මට තේරුනේ නැනේ

      Delete
    10. //අත්දෙක ගැනත් මං ඇහුව කොහේදෝ තැනක//

      මොකක්ද රාජ් මං නොදන්න මගේ අත්දෙකේ කතාව

      Delete
    11. මටත් ඒක ප්‍රශ්ණයක්!

      Delete
  14. බ්ලෙග් එක වල් වැදිලි තිබුනේ... කියපු විදියට සතියකින් අාපු එක හොදයි...
    කතන්දරගේ කතන්දර පොතටත් ගොඩක් ස්තුතියි...
    2000ට ටාර්ගට් කරමු...

    ජය වේවා!!!!

    ReplyDelete
  15. පොත් දෙකට ස්තුතියි. ඔබට පොරොන්දු ආකාරයටම එය මගේ පොඞි එකාගේ පුයෛාඡනය සදහා අරන් තිබ්බා

    ReplyDelete
    Replies
    1. බලාගෙන මචං... පුස්කයි

      Delete
    2. මං හිතුවේ පුතාට දැනටමත් කියවන්න හැකියි කියායි. වයස ඇහැව්වේ නෑනේ!

      Delete
    3. අපේ මිනිස්සු නිකම් දෙනවා කිව්වොත් දෙමළ පත්තරේ හරි ගනීවි. අරගෙන ඉවර වෙලා තමයි ඒකට කරන්නේ මොකද්ද කියලා හිතන්නෙ.

      Delete
    4. කාකා මගේ පුතාට තවම අවුරැදු 4යි.
      ඇනෝ දන්න හු#%& ටයි නොදන්න හු@$% කට නෝදා කෙනෙකුට වැඞක් ඇති යමක් ලියනවාකෝ.
      (කාකා සමාවෙන්න වැරැදි වචන භාවිතා කරානම්)

      Delete
  16. වෙල්කම් කකා. පළමුව මවිබිම කියල බෝඩ් ගහන කොට මට හිතුන දේ ඇයි නොකව්වේ කියල හිතන කොටත් තරහයි.. හැක්.. කකාගේ තට්ටේ පලන්න පුළුවන් විදියේ ලංකාවක් තමා දැං තියෙන්නේ. රට්ටු නං කිව්වේ පොත් ලෝඩ් එකම නිකං බෙදල කාමරයක් හිස් කරගත්තයි කියල තමා.. හැක්..

    ලබන පාර හැමෝම තමන්ගේ නම ගහපු ටී එකක් ප්‍රින්ට් කරං ආවනං හරි වගේ.. එහෙනං රයිටර්ස් බ්ලොක් නැති කකා සමග දිනපතා හමුවෙමු.. ජය වේවා. දැකීමත් සතුටක්..

    ReplyDelete
    Replies
    1. මා ළඟ තිබුණු පොත් කිහිපයක් තමයි බෙදා දුන්නේ.

      ටී ෂර්ට් නං සංවිධායකයෝ දුන්නානේ!

      Delete
  17. අනේ කකා දන්නා පුක. කකාගේ විශ්ව විද්‍යාල සහ න්‍යායාත්මක භාෂාව අපි වගේ හිංගලෙන් හිතන, හිංගලෙන් ආගම දර්මේ අදහන, ඉස්තෝප්පුවට වෙලා සරම දෙකට නවලා බැඳගෙන ලබ්බට හුළං වැදි වැදී අත උඩ තියාගෙන බත් කන උන්ට අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ කකාලාට මීට වඩා සරල වෙන්න පුලුවන්නම් විතරයි අපිට කකාලාව තේරුම් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දැන් කියන්නේ සෝභිත කතන්දර කාරයා කිය්ලා. උඹලා හදන්නේ උන්නාන්සේ කතන්දර හාමු කරන්න. උඹ හිතනවද මේ සංසාරෙදි කතන්දර, බ්ලොග් ලියන එක අතහරිනවය කියලා.

      Delete
    2. ඔරිජිනල් වර්ෂන් ම කියෙව්වා.

      Delete
  18. කකා ආගමේ ජාතියේ දේශයේ නාමයෙන්, බටහිර විරෝධය පතුරවමින්, මිනිස් නිදහස උල්ලංඝණයට ඉදිරිපත් වෙන චණ්ඩි ගැන වැඩියෙන් අහන්නට ලැබෙද්දී, නිදහස යන්න නිවැරදිව වටහා ගන්නට හැකියාව ඇති ඔලුමයෝවා ඔකෙඩිරන් සේ ලියන ලංකාවේ එක බ්ලොග් කරුවෙක් හෝ මගේ ජීවිත කාලයේ දී හමුවේවා යැයි මගේ පැතුමයි!!!!

    ReplyDelete
  19. හොඳ නිවාඩුවක් ගත කරලා වගේ... හොඳයි හොඳයි.. හෙට ඉඳලා කතන්නදර අහන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඇයි අදත් තියෙන්නේ කතන්දරයක් තමයි!

      Delete
  20. වෙල්කම් බැක්..! කිව්වා; අපිවත් මතක ඇති මහිතෙ..

    ReplyDelete
    Replies
    1. කකා කන්නංගර බාර් එකටත් ආවැයි... හැක්..

      Delete
    2. බාර් නං දැක්කේ නෑ!

      Delete
    3. චැහ් කකා .. එහෙනං කන්නංගර බාර් එකට ගියෙ නැත්තං ඒ ගමනෙං පලක් නෑ..

      Delete
    4. දේශක යා, ඇද්ද උඹට, හැක්.. හැක්

      Delete
    5. \\චැහ් කකා .. එහෙනං කන්නංගර බාර් එකට ගියෙ නැත්තං ඒ ගමනෙං පලක් නෑ..\\ ++++++++
      පොත් වල අත්සන් කලේ කැබ් එක උඩ තියාගෙන. ඒ පැත්තට ආවෙ නෑ කියනන් බැහැ.

      Delete
    6. ආ බාර්මන් ඇවිල්ලා !!!! :D

      Delete
    7. ආ බාර්මන් ඇවිල්ලා !!!! :D

      Delete
  21. කකා.... අපේ ඇමරිකාවෙ ඉන්න මළකඩ මල්ලි බ්ලොග් ලිවිල්ල නවත්තන්න යනවලු.... අනේ මොනා හරි කරන්න කකා.....

    ReplyDelete
  22. වෙල්කම් බැක් කකා,අර පිටේ බෝඩ් එල්ලන යෝජනාව මමත් දැම්ම ඒක කළයුතුමයි.

    ReplyDelete
    Replies
    1. පපුවේ බෝඩ් වඩා හොඳයි!

      Delete
  23. උත්සවේදි හදුනා ගැනීම සතුටක් කකා. ඒ වගේම පොතටත් බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ජයවේවා කිව්වා!

      Delete
    2. පොත ගත්තෙ පින්තූර බලන්නද බං ???

      Delete
  24. වෙල්කම් කාකා. ආයෙම ලියන්න තව දස දහසක්

    ReplyDelete
  25. යළි ආගමනය ගැන සතුටුයි...

    ReplyDelete
  26. දැන් කකා වගේ උගත් බුද්ධිමත් මැසිමදුරුවෙකුටත් ලජ්ජාවක් කියලා දෙයක් නැද්ද මේ කර දඬු උස් වෙච්චි නාකි සමයන් ටිකක් හිච්චි එවුන් ගානට වැටිලා බනිස් කන, අලියන්ට ඇහැ තියන, මුට්ටි බිඳින චාටර් තැනකට යන්න?

    ReplyDelete
    Replies
    1. එහෙම දේවල් දැක්කේ නැත. කොල්ලන්, කෙල්ලන් නම් එවැනි ක්‍රීඩා කරනු ෆොටෝ මගින් දැක්කෙමි!

      Delete
  27. ඕ යේස් කකා , බහිනවනං තමංගෙ වෙලට !! නැත්තං කඩෙං කමු !!.

    ReplyDelete
  28. වෙලකට බැහැලා තලකට පස්සේ
    මේ අවුරුද්දේ මොනවද දැක්කේ
    සිරි ලංකාවේ දකුණු පලාතේ
    අඳුනා ගත්තද දැන් එහි තත්වේ

    කිරිබත් තිබුනද කැවුනුත් තිබුනද
    මොනාද ගෙනාවෙ අපට ඉතිං
    ඇදගෙන නෑවද ඇතුලෙන් නෑවද
    දකුණත් රස්නෙද කොළඹ තරං

    කොල්ලො කුරුට්ටන් වටකර ආවද - අහගන්නට ඔබෙ කතන්දර
    නැත්නම් උන් ඔබ වටකර දෙසුවද - රටේ තොටේ කයි කතන්දර

    ReplyDelete
    Replies
    1. හොඳ කවියෙක් හැඩයි.

      මං නං ලියන්නේ කයි-කතන්දර...!!!

      Delete
  29. ආ ඔය ඇවිත් තියෙන්නෙ ආයිමත් එහෙනම් !..
    ලියන්නත් කමැලියි, කියවන්නත් කම්මැලියි කමෙන්ට් කරන්නත් කම්මැලියි දැන් නම්...

    ReplyDelete
    Replies
    1. ඕකට කියනවා පුකේ කම්මැලිකම කියලා!

      Delete
  30. හැබෑ ලොකෙත් අදුරගත්තු එක වාසනාවං..
    ඒත් මෙකේ අයියංඩි කියලා ආමන්ත්‍රනය කරලා තිබ්බාට එතනදි එහෙම කියන්න හිත දුන්නෑ.. :D

    ReplyDelete
  31. 1000 මහන්සිය අඩුවෙන්නත් එක්ක ලෝන්ග් නිවාඩුවක්ම දාලා තියෙන්නේ.. බලමුකෝ දවසක මටත් කතන්දරව මුණ ගැහෙන්න පුළුවන් වෙයිද කියලා..

    ReplyDelete
    Replies
    1. එන්නං කෝ ඔය පැත්තේත් දවසක!

      Delete
  32. @ All

    කතන්දරේ කියවූ, ප්‍රතිචාර දැක්වූ හැමෝටම තැන්කියු වේවා!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.