Saturday 15 March 2014

වෙන්ඩ සින්දුව වෙච්ච වගයි! - Yet another dream comes true!


අමරසේකරකාරයා හෙවත් (නො)දත් දොස්තර ගේය පද සාහිත්‍යය ගැන මොනවා කිව්වත් මං හිතන විදියට නම් කවියක් සින්දුවක් වෙනවා කියන්නේ ඒ කවිය කාලයක් පවතින්න, කීප දෙනෙකුගේ හෝ හිතේ මතකයේ රැඳිලා තියෙන්න තියෙන ඉඩකඩ වැඩිවෙනවා.

කොටින්ම මෑත යුගයේ හොඳම සිංහල කවියා විදියට සැලකෙන මහගම සේකර ගේ කවිවලට වඩා පොදු ජනයා අතර රැඳී තියෙන්නේ, ඒ කියන්නේ දනන් තුඩ තුඩ රැව් දෙන්නේ, පොර ලියපු, අමරදේව ලා, නන්දා මාලිනී ලා ගායනා කරපු සින්දු තමයි.

ගේය පද කියන්නේ සිංහල කාව්‍යය නමැති කෙත පුරන් කරන වල්පැල ය කියලා අමරසේකරකාරයා කියන කොට මට නං එහෙනං බම්බු ගහ ගනිං කියලා කියන්න හිතෙන්නේ ඒකයි.

කාලෙකට කලින් 2012 නොවැම්බරයේ මං වෙන්ඩ සින්දුවක පදමාලා පළ කෙරුවා මේ කතන්දර බ්ලොගයේ.

මෙන්න ඒකට පාර.
http://kathandara.blogspot.com/2012/11/more-details-to-follow.html

දැන් මේ වෙනකොට ඒ වෙන්ඩ සින්දුව ඇත්තම සින්දුවක් වෙලා.

මෙන්න පදමාලාව නැවතත්.
සලිත වෙයි සිත
කිති කවා හද
පුබුදුවයි පෙම් හැඟුම් සමුදා
ලලිත ඔබ වත
නිති සරා සඳ
පරදවයි සොමි කැලුම් විහිදා

සිතා ඔබ ගැන බවුන් වඩමින
ඉඳින්නට හැක දින ගනන්
ගොතා කවි සනසමින් මා මන
දකින්නෙමි සුබ සිහිනයයන්

පැතුම් ඉටුවෙන
හැඟුම් සැනසෙන
දිනක් නුදුරෙම උදා වේ
සිතුම් විලසෙන
පියුම් පිබිදෙන
වසත් කල හෙට සිනාවේ
තනුව- හේමාල් ජයවික්‍රම
ගායනය- ආරී සිටිනාමළුව

මෙන්න අහන්න සින්දුව.



-කතන්දරකාරයා

(image: http://weilinglovesclouds.blogspot.com.au/)

72 comments:

  1. සාර්ථකත්වයට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මෙන්න අමරසේකර (නො)දත් දොස්තර ගැන නලීන්ද සිලුවා කියා ඇති දේ.

      අප ද අපේ ක්‍රමයක්‌ අනුගමනය නොකළහොත් බලාපොරොත්තුවන ආශ්චර්යය ළඟාකර ගැනීමට නොහැකි වනු ඇත. අපට අපේ ම දැනුමක්‌ ලබාගැනීමට ප්‍රධාන බාධකය වී ඇත්තේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ පිහිටෙන් බටහිර පරාජය කිරීමට හැකි යෑයි සිතන ඊනියා ජාතිකවාදීන් ය. (නො)දත් දොස්‌තරලා ය. පසුගිය අවුරුදු තිහක පමණ කාලයක අප විසින් ගොඩනගනු ලැබූ දැනුම් පද්ධතිය අවස්‌ථාවාදී ඊනියා ජාතිකවාදී දේශපාලනඥයකු විසින් ඩැහැගනු ලැබීමට කටයුතු කෙරෙනු දැකගත හැකි ය. බටහිර නොවන අප සියල්ලන්ට ඇත්තේ අපේ නොවන අපේ ම දැනුමකි. එනම් ශූන්‍ය දැනුමකි. (මගේ නොවන මගේ ම ආදරයක්‌ ගැන කී ගීත රචකයා අනුව යමිනි)
      http://www.divaina.com/2014/03/23/nalin.html

      Delete
  2. අප්පට සිරි සිහිනය සැබෑවේ සුබ පැතුම් කකා.
    පුබුදුවයි පෙම් හැඟුම් සමුදා. වියයුතුයි නේද.

    ReplyDelete
  3. පස්ටයි කකා ! ඔය කවි සිංදු කරනවට රත්න ශ්‍රී ටත් කොච්චර බැන්නද...අනික නිකන්ම සිංදුවක් එනවට වඩා කවියෙන් එනකොට ඒකෙ පිරුණු ගතිය වැඩියි වගේ

    ReplyDelete
    Replies
    1. උදාහරණයක් ලෙස රත්න ශ්‍රී ගේ බිම්බරක් සින්දුව මට නම් කවියට වඩා හොඳයි!

      Delete
  4. ගීත සාහිත්‍ය ගැන හොයන්න, විඳින්න උන තියෙන එකෙක් හැටියට මං ඔබේ කතාවට බොහෝදුරට එකඟ වෙනවා. කිව්ව කතාව ඇත්ත. කවියකට වඩා ගීතයක් වැඩිපුර සමාජගත වෙනවා. හේතුව කවියක් රස විඳින්න පෙලඹෙන්නෙ සමාජෙ එක් කොටසක් විතරයි. ඒත් ගීයක් රස විඳින්න බහුතරයක් කැමතියි. අනික ගීතයක් ප්‍රචාරණය වීමට ඇති අවස්ථාවනුත් වැඩියි. කවියක් සමාජ ගතවෙන්නෙ පොතකින්, පුවත්පතකින් වගේ විතරයි. කොහොම උනත් පෙර යුගයේ මහගම සේකරලගේ, සුනිල් ශාන්තලාගෙ, තව එතකොට වර්තමානෙ රත්න ශ්‍රී ලගේ කවි වලට වඩා ගීත සමාජගතවුනා..

    ඔයාගෙ මේ ගීතයේ පද රචනාවත් බොහොම ඉහල ගනයේ තියෙනවා. මගේ උනුසුම් සුබපැතුම කතන්දර. දිගටම ගීත නිර්මාණකරනයේ යෙදෙන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      සුනිල් ශාන්ත ලියූ කවි ගැන නම් මා වැඩිය දන්නේ නෑ.

      Delete
  5. //පැතුම් ඉටුවෙන
    හැඟුම් සැනසෙන
    දිනක් නුදුරෙම උදා වේ
    සිතුම් විලසෙන
    පියුම් පිබිදෙන
    වසත් කල හෙට සිනාවේ//

    රසවත්ම කෑල්ල..

    ජය වේවා...
    විදානේ ගේ මළදානේ - පාංශුකූලය සහ මැක්කා

    ReplyDelete
    Replies
    1. //සිතා ඔබ ගැන බවුන් වඩමින
      ඉඳින්නට හැක දින ගනන්//

      මම කැමති මේ කෑල්ලට...

      Delete
    2. පොඩ්ඩි .. එකට කියන්නේ බවුන් වඩමින කියල නෙවෙයි
      කාම විතර්ක කියල

      Just saying ....

      Delete
    3. තිදෙනටම ස්තුතියි.

      ඒකට මනෝ ගහනවා, සයිකෝ ගහනවා කියලාත් සමහරු කියනවා.

      Delete
  6. අයියෝ කකා ඇයි බං මෙහෙම හිතන්නේ? ඔබට හොඳ සිංදු ලියන්න බැරිය කිව්වේ කවුද? මම කිසිම විටක ඔබව පුංචි කර සලකන්නේ නැ. ඇයි ඔබ ඔබ ගැන එසේ සිතන්නේ? ඔබ මා ගැන කියන මාත් නොදන්නා හීන මානයක්ද නැත මම නිව්යෝක් හි වරායක නිල් කොලර් රැකියාවක් කරන කම්කරුවෙකි. මා ඉන් අදහස් කලේ දේශපාලන ආර්ථික වශයෙන් වඩා ධනවාදී රටක කම්කරුවෙකු හෝ හිඟන්නෙකු ලෙස විඳින නිදහස සමාජවාදී වැඩවසම් රජෙක් යටතේ සුදු කොලර් ජොබක් කරනවාට වඩා මම අගය කරන බවයි. ඒ මගේ තෝරා ගැනීමයි.එම නිල් කොලර් රැකියාව ගැන මට හීන මානයක් නැත ඒ ගැන මම ආඩම්බර වෙමි.මෙහි ඔබට හෝ ඔබේ පුද්ගලික ජීවිතය ගෙවන සමාජවාදී ජිවන විලාශය හෝ ඔබ සිංදු ලිවීම ගැන මට අවුලක් නැත. මගේ කොමෙන්ට් එකට උපහාසය මුසු කලේ සංවාදයක් ඇතිකිරීමට උත්තේජනයක් ඇති කිරීමට පමණි. මගේ අරමුණ කෙසේ හෝ සාර්ථක විය.

    ද්වේෂ සහගත වචන ලිවීමට තරම් ද්වේෂයක් මට ඔබ ගැන නැත. I love you man.

    ReplyDelete
    Replies
    1. තැන්කූ කොපිපේස්ට් ඇනෝ ...I love you too..ඔයා සම.රිසිද?

      Delete
    2. අප අතර දේශපාලනික මතවාදී ගැ‍ටුම් තිබුනද, පැරා යනු අපගේ ගෞරවය දිනාගත් බ්ලොක් රචකයෙකි. අක්කාට හිට්ස් ලබාදීමේ අදහසින්, එවැන්නෙකු උපහාසයට (අපහාසයට) බඳුන් කොට , ලකුණු දමා ගන්නා"මල්ලී" කෙනෙකු වීම තුට්‍ටු දෙකේ ක්‍රියාවකි.

      බොහෝ කලකට පෙර අප සැවොම ' අක්කාගේ" ලිපි කියවීමට ගියෙමු. ටිකෙන් ටික එහි යෑම නතර වී, අද එය, අවාරෙට කජු වැටෙන්නාසේ, කමෙන්‍ටුවක් දෙකක් පමණක් වැටෙන තත්ත්වයට පත්වී ඇත්තේ, දේශපාලන හෝ ආගමික වේවා, අන්තවාදය යනු පි‍ටු දැකිය යුතු දෙයක් යැයි, වැඩි දෙනෙක් පිළිගන්නා නිසා යැයි සිතමි.

      මට ධනවාදය එපාවූයේ , අක්කාගේ නීරස , පැදුරු, මාගල් මෙන් දිග මහප්ප්‍රාණ ලිපි කියවීමෙනුත්, විවේචන නොඉවසන ඇය දෙන "මුග්ධ" පිළිතුරුත් නිසාය.

      I hate you man

      Delete
    3. අල්ලලා දාහන් බං. මේ කම්කරුවො දන්න දේශපාලනේ. අපේ අටමා දන්නවා ඊට වැඩිය.

      Delete
    4. මෙන්න මේක බලන්න වටින බ්ලොග් එකක්.

      කොළඹ ගමයා

      Delete
    5. අනේ කොළඹ ගමයෝ, කබ්බෝ ෆෝම් නොකර හිටපිය.

      Delete
    6. උදිත මල්ලී.... ඔයාත් සමරිසිද... අනේ අපි සෙට් වෙමුකෝ.... ඔයා ටොප් ද බොටම්ද මෙයා...?

      Delete
  7. C'est une bonne chanson. Bravo M.Conteur!

    ReplyDelete
  8. මේ ගීතය නම් අති විශිෂ්ඨයි කකා. මම දීර්ඝ කාලයක් මළ බද්ධයෙන් පෙළෙමින් හිටියේ. මේ සින්දුව ඇහුණු ගමන් බුරුස් ගාලා බඩ ගියා. බොහෝම ස්තූතියි කකා.

    ReplyDelete
  9. පදමාලාව , ගායනය හොඳයි. සංගීතය නං අන්තිමයි. ඔන්න අවංකවම ඇත්තම කිව්වා. එත් අපේ විවේචන මොකටද . කකාට උඩපනින්න තරං සතුටු නං ඒක තමා සැබෑ සතුට. අපිත් සතුටුයි..... ඇනොලට කේක් අරං දෙන්නේ නැතෙයි ?? :)

    ReplyDelete
    Replies
    1. සින්දුවකට සෑහෙනපිරිසක් සහභාගී වෙනවා.
      එයින් සින්දුවක පද ලියන එක තමයි ලේසියිම වැඩේ.
      මට බැරි වුනත් ගායනයටත් දක්‍ෂ අය බොහෝ ඉන්නවා.
      මියුසික් කොම්පෝස් කිරීම තමයි අසීරුම වැඩේ.
      ඊලඟට ඒ මියුසික් වාදනය කරලා පටිගත කරන්න ඕනෑ. වාදනයත් ලේසි නෑ.

      Delete
  10. //සිතා ඔබ ගැන බවුන් වඩමින
    ඉඳින්නට හැක දින ගනන්
    ගොතා කවි සනසමින් මා මන
    දකින්නෙමි සුබ සිහිනයයන්//


    ඇත්තටම කියනවනම් කවි කියවනවට වඩා ගොඩාක් දෙනා සිංදු අහනවා. මේ ගීතයත් හරිම රසවත්. " සුබ පැතුම් "

    ReplyDelete
  11. අවංකවම සතුටුයි කකා...
    මේ කී වැනි එකද....?

    ReplyDelete
    Replies
    1. දැන් සීඩී එකකට බඩු හෑව්!

      Delete
  12. හරිම ලස්සණයි...මගෙත් සුබ පැතුම්!!! :)

    ReplyDelete
  13. කකා... හරිම ෂෝක් සිංදුව.... මම මේක ඇහුවෙ එක පාරයි.... වේල් දෙකක් කෑවෙ නෑ.... ලංකාවට හොඳ මේවගේ සිංදු තමා....

    ReplyDelete
    Replies
    1. මේ පැය දෙක තුනට වෙනදා වේල් දෙකක් කනවාද?

      Delete
  14. සුබ පැතුම් ඔබට.................

    ReplyDelete
  15. සිහිනය සැබෑ වීම ගැන නම් බොහෝම සන්තෝශයි.. ඒත් සින්දුව බොක්කට වදින්නේ නම් නෑ.. සමහර ගීත තියෙනවා.. එක සැරයක් ඇහුවම බොක්කටම වදිනවා.. මේ කිව්වේ අවංක හැඟීම...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      සින්දුවක් මුල්වරම හිතට වදිනවා කියන්නේ අති සාර්ථකයි.
      මං මේ ලඟදී සීඩී එකක සින්දු විස්සක් ඇහැව්වා.
      මුල්වර හයකට විතරයි සිත ගියේ.
      දෙවෙනි තුන්වෙනි වර අහන කොට දොලහකට වඩා මගේ සිත දිනා ගත්තා.

      Delete
    2. කකා වැඩිය ගෑනු ළමයි දිහා බලන්න එපා. දෙවෙනි තුන්වෙනි වර බලනකොට දොළහකට විතර හිත යාවි.

      Delete
  16. ආ හා..සුබපැතුම් කකා..

    ReplyDelete
  17. කවියට වඩා ගීතයක් ජනතාවට යන බව ගුවන්විදුලිය ආරම්භවී ජනතාව අතරට ගිය කාලයේ සිටන්ම සිදුවූ දෙයක් බව පරණ අය කියනවා. අමරසේකරට හැම දෙයක්ම පේන්නේ වෙනස් ආකාරයටනේ.
    මේ ගීතයේ පදමාලාවට මම කැමතියි. සංගීතය තවත් සුනම්‍ය වී ගායකයාගේ කටහඬ මීට වඩා ප්‍රභලවුනා නම් කකාගේ පදවැලට වඩා වැඩි සාධරණයක් වෙන්න තිබුනා කියලා මට හිතෙනවා.
    තිදෙනාටම ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. why, why ??

      Delete
    3. කුණුහරුපයක් සහිත කමෙන්ටුවක් ඉවත් කළෙමි.

      Delete
    4. what is the kunuharupe

      Delete
    5. /* what is the kunuharupe? */

      අපි අහුවෙයි ඕවට?

      Delete
    6. මෙන්න අමරසේකර (නො)දත් දොස්තර ගැන නලීන්ද සිලුවා කියා ඇති දේ.

      අප ද අපේ ක්‍රමයක්‌ අනුගමනය නොකළහොත් බලාපොරොත්තුවන ආශ්චර්යය ළඟාකර ගැනීමට නොහැකි වනු ඇත. අපට අපේ ම දැනුමක්‌ ලබාගැනීමට ප්‍රධාන බාධකය වී ඇත්තේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ පිහිටෙන් බටහිර පරාජය කිරීමට හැකි යෑයි සිතන ඊනියා ජාතිකවාදීන් ය. (නො)දත් දොස්‌තරලා ය. පසුගිය අවුරුදු තිහක පමණ කාලයක අප විසින් ගොඩනගනු ලැබූ දැනුම් පද්ධතිය අවස්‌ථාවාදී ඊනියා ජාතිකවාදී දේශපාලනඥයකු විසින් ඩැහැගනු ලැබීමට කටයුතු කෙරෙනු දැකගත හැකි ය. බටහිර නොවන අප සියල්ලන්ට ඇත්තේ අපේ නොවන අපේ ම දැනුමකි. එනම් ශූන්‍ය දැනුමකි. (මගේ නොවන මගේ ම ආදරයක්‌ ගැන කී ගීත රචකයා අනුව යමිනි)
      http://www.divaina.com/2014/03/23/nalin.html

      Delete
  18. කවියක් සිංදුවක් බවට පත් වුනාම ඒක අහන්නත් ආසයි. සමහරු කතන්දර සිංදු බවට පත් කරගෙන ගායනා කරන්න උත්සාහ කරනවනෙ. ඒවනං මළ අප්පිරියාවයි. කොටින්ම මට මේ වෙලාවෙ උදාහරණයක්වත් මතක් වෙන්නෙ නැති තරමට ඒවා මතකයේ නොරැඳෙන සුළුයි.

    ReplyDelete
  19. මගෙත් සුබ පැතුම්... ගීතය නිසා කවිය යටපත් වෙනව කියන අදහසට මගෙත් එකඟත්වයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ගීතය කවිය තවත් සුන්දර කරනවා නේද?

      Delete
  20. සින්දුව අහන්න බෑ කන්තෝරුවෙ ඉන්න නිසා. ඒත් පද වැල නම් අපූරුයි මෙන්න මේ ටික ඇර
    "ලලිත ඔබ වත
    නිති සරා සඳ
    පරදවයි සොමි කැලුම් විහිදා".
    ( අර සුනෙත්ලගෙ "සඳ තනියට චන්ද්‍රයා ඇවිත්" කියපු සින්දුව මත්ක් උනා :D )

    කොහොම උනත් ඕක ලොකු ජයග්‍රහනයක්. සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. මං කැමතිමත් ඒ ටිකට තමයි.
      මොනවා කරන්නද?

      Delete
  21. මෙලෝ රහක් නෑ

    ReplyDelete
    Replies
    1. ලුනු ටිකක් ඉහගෙනවත් රස විඳින්න බලන්න.

      Delete
  22. කටහඬේ යන්තං පොඩි අප්ෂැට් ඒකක් තියෙනවා ද මන්ද , මහසොන් ලොක්කා කියුවැහේ කකාට සැටිස්නම් අපිටත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. විභාගෙකින් පාස් වෙන්න 50%ක් ඇති නේ?

      Delete
  23. හොඳ උත්සාහයක්,ගීතයක් හැටියට පද පෙලත් , ගායනයත් හොඳයි.. තනුවනම් ටිකක් අමුයි වගේ. බොහොම සරළ තනු නිර්මාණයක්.. රෙකෝඩින් එකත් තනි කීබෝඩ් එකක් විතරක් පාවිච්චි කරල මම හිතන්නෙ කරල තියෙන්නෙ..

    කමක් නෑ අපට මෙතන වැදගත් ඉතින් පද පෙල නොවැ... ඒක හොඳයි... අන්තිම වර්ස් එකට තමා මම නම් කැමති...

    අර බවුන් වඩන කතාව නම් එච්චර ගනන් ගන්න ඕන නෑ... මම හිතන්නෙ කරුණරත්න අබේසෙකර වෙන්න ඕන,
    " සිහි කර ඔබ ගැන .. බවුන් වඩයි මන.. අන්ධය දෙනයන .. බිහිරිය දෙසවන .." කියල ලියල තියෙන්නෙ..

    ඒ වුනත් පොඩි දෝසයක් පෙන්නල දෙන්නත් ඕන... පුලුවන්නම් තනුව හදපු එක්කෙනා එක්ක කතාවෙලා වෙනස්කරන්න තරම් ඕන එකක් මට හිතෙන හැටියට.. මේක තියෙන්නෙ කෝරස් එකෙන් පස්සෙ එන පළවෙනි වර්ස් එකේ දෙවෙනි කොටසෙ..

    එතන තනුව දාල තියෙන විදිහට කියවෙන්නෙ "ගොතා කවිසන සමින් මා හද " කියල... ඒක හරි මදි.. "මැවිලා පෙනේ විරූපේ හදේ " වගේ...

    ....

    කකා අර මාතලන්ට දුන්න පිලිතුරේ කිව්ව වගේ මේක අස්සවන්නයි දැන් ඕන.. මම ඔන්න මූණු පොතෙත් දානව..

    ReplyDelete
    Replies
    1. ඒක තේරුණේ සින්දුවේ පළමුවෙනි කට් එක අහපු දවසෙදිමයි. හද කියලා දැම්මේ නැත්තේ රයිම් වෙන්න ඕනෑ හින්දයි.

      විචාරයට ඉතා ස්තුතියි.

      Delete
  24. හෙන්රි වර්ණකුලසූරිය16 March 2014 at 00:36

    කතන්දරකාරයා ගේය පද රචකයෙක් වීම ගැන මගේ හද පිරි සුභාශංසන පිළිගන්න.
    සරසවි දිවියේදීම ඔබේ කවිත්වය මොනවට පිළිඹිබු වුණා මතකයි.

    ReplyDelete
  25. ෂා ඔයා මාරයි නේ.සුභ පැතුම්

    ReplyDelete
  26. සිංදුව ඇහැව්වේ නෑ .... සිහිනය සැබෑ වීම ගැන උණුසුම් සුබ පැතුම්
    ඊළගට ඔබ ලියු ගි සහිත CD එකක් එලි දැක්වීමේ සිහිනයද ඉක්මනින්ම සැබෑ වේවායිද පතමි

    ReplyDelete
    Replies
    1. ඇයි නොඇහැව්වේ?
      පැතුමට ස්තුතියි!

      Delete
  27. ගීතය නරකයි කියන්න බැහැ. සුබ පැතුම් කකා. දැන් ගහමු CD තැටියක්. දොස්තරගේ කෙසේ වෙතත්, මා සිරි ගුනසිංගගේ නිසඳැස් නම් කාලයක් හුඟක් ප්‍රිය කළා.

    ReplyDelete
    Replies
    1. මාත් පේරාදෙනිය පුස්තකාලයෙන් අරගෙන කියවා තියෙනවා.

      Delete
  28. මෙන්න අමරසේකර (නො)දත් දොස්තර ගැන නලීන්ද සිලුවා කියා ඇති දේ.

    අප ද අපේ ක්‍රමයක්‌ අනුගමනය නොකළහොත් බලාපොරොත්තුවන ආශ්චර්යය ළඟාකර ගැනීමට නොහැකි වනු ඇත. අපට අපේ ම දැනුමක්‌ ලබාගැනීමට ප්‍රධාන බාධකය වී ඇත්තේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ පිහිටෙන් බටහිර පරාජය කිරීමට හැකි යෑයි සිතන ඊනියා ජාතිකවාදීන් ය. (නො)දත් දොස්‌තරලා ය. පසුගිය අවුරුදු තිහක පමණ කාලයක අප විසින් ගොඩනගනු ලැබූ දැනුම් පද්ධතිය අවස්‌ථාවාදී ඊනියා ජාතිකවාදී දේශපාලනඥයකු විසින් ඩැහැගනු ලැබීමට කටයුතු කෙරෙනු දැකගත හැකි ය. බටහිර නොවන අප සියල්ලන්ට ඇත්තේ අපේ නොවන අපේ ම දැනුමකි. එනම් ශූන්‍ය දැනුමකි. (මගේ නොවන මගේ ම ආදරයක්‌ ගැන කී ගීත රචකයා අනුව යමිනි)
    http://www.divaina.com/2014/03/23/nalin.html

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.