Thursday, 22 November 2012

වැඩි විස්තර පසුවට - More details to follow


ජිවිතේ දුක, දුක, දුක අතර පොඩි ජොලියක් දැනෙන අවස්ථාත් තියෙනවානේ. මේක ඒ වගේ වෙලාවකදී ලියවුණු එකක්.

හෙට වසන්තය උදාවේ

සලිත වෙයි සිත - කිති කවා හද
පුබුදුවයි පෙම් හැඟුම් සමුදා
ලලිත ඔබ වත - නිති සරා සඳ
පරදවයි සොමි කැළුම් විහිදා

සිතා ඔබ ගැන - බවුන් වඩමින
ඉඳින්නට හැක දින ගනන්
ගොතා කවි සනසමින් මා-මන
දකින්නෙමි සුබ සිහිනයන්

පැතුම් ඉටු වෙන - හැගුම් සැනසෙන
දිනක් නුදුරෙම උදාවේ
සිතුම් විලසෙන - පියුම් පිබිදෙන
වසත් කල හෙට සිනාවේ


-කතන්දරකාරයා

ප/ලි:
මේක ඇත්තටම වෙන්ඩ සින්දුවක්. වැඩි විස්තර පසුවට!
http://kathandara.blogspot.com/2014/03/yet-another-dream-comes-true.html

(image: http://www.collegefashion.net/trends/the-top-5-hottest-colors-for-spring-2011/)

13 comments:

  1. හරිම ලස්සනයි, දුක හැම වෙලාවකම අපිට උරුම නැහැනෙ, ඒ සමඟම සතුටත් බැඳිල තියෙන නිසා. කාකා හැම පොස්ට් එකකටම මට කමෙන්ටුවක් දාන්න බැහැ මේ ලියන විදිහට. පියුම් විලේ පොස්ට් එක මේ පාර දමා ගත්තේ හෙන සටනක් දීලා. මොනවහරි නෙට් පුරස්නයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      (නෙළුම් විල ගැන නේද කියලා තියෙන්නේ. බනිලාට නිවාඩු නම් නෙළුම් පිපෙන්නේත් නෑනේ.)

      Delete
    2. ඒ බින්දි නංගිගෙ නෙළුම් විල නොවැ.
      http://piyumvila.blogspot.com/2012/11/4.html

      Delete
  2. එහෙනම් හැම දෙයක්ම අති සාර්ථක වේවා කියලා සුභ පතනවා. මොනව උනත් හොඳම හොඳ විදිහට හැමදෙයක්ම වෙන්න ඕනෙ.වෙන්ඩ සින්දුවක් උනාට වැඩේ ඇත්තනේ ඈ. චිරං ජයතු.

    ReplyDelete
  3. අදත් කයියක් !
    අයියෝ සුපියල් පහ !

    ReplyDelete
    Replies
    1. ඔහොම යනකොට වෙස්සන්තරෙත් කියවෙයි!

      Delete
  4. මන්නම් මේක කියෙව්වේ නැහැ අෆ්ෆා.

    ReplyDelete
  5. සිතුම් විලසෙන-පියුම් පිබිදෙන
    වසත්කල හෙට සිනාවේ

    ලස්සනයි

    ReplyDelete
  6. කතන්දර... මේකෙ උඩින්ම තියෙන සයිට් එකට ජොයින් වෙන මගුල හින්දා පේජ් එක ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනව වගේ.

    ReplyDelete
  7. " Duka athara podi joliyak " Dukata pun gahana kota loku joliyak danenawa.

    ReplyDelete
  8. @ All

    සියළු දෙනාටම ස්තුතියි.
    හරිම බිසි කාලයක්.
    වැඩ, වැඩ, වැඩ!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.