Monday 17 March 2014

බල්ලා බත් කයි කතන්දරේ කියූ නැන්දාගෙන් තවත් කතන්දරයක් - Political debates among middle-aged people


පොඩි කාලේ වැඩිහිටියන්ගෙන් කතන්දර අසා රස විඳ නොමැති අය වේ නම් ඒ ඉතා සුළු පිරිසක් විය යුතුය. "අනේ, කතන්දරයක් කියන්නකෝ?" යනුවෙන් කෙරෙන අපේ ඉල්ලීම් ඇතැම් විටෙක ඔවුනට කරදරයක් වෙන්නටද ඇත. නමුත් ඒ ඉල්ලීම් සෑම විටෙකම පාහේ ඉටු කෙරිණි.

මා කුඩා කාලයේ තාත්තාගෙන් කතන්දරයක් කියන්නැයි ඉල්ලූ විට ඔහු කියූ ඉබි පැටවුන් ගේ කතන්දරය ගැන මම මීට පෙර දිනක කීවෙමි. ඒ කෙසේ වෙතත් තාත්තා අපට නොයෙකුත් ඉතිහාස කතන්දර රාශියක් කියා දුන්නේය. ඉතිහාසය තාත්තා ගේ ප්‍රියතම විෂයක් විය.

මා පළමුවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ මට "බල්ලා බත් කයි, කොල්ලා හූ කියයි!" යනුවෙන් වාක්‍යයක් පවසා නිර්මාණාත්මක ලේඛනය ගැන පාඩමක් කියා දුන් නැන්දා ඔබට මතක ඇතැයි සිතමි.

එක් දිනක් ඇයගෙන් කතන්දරයක් කියන්නකෝ යැයි මා ඉල්ලා සිටි විට ඇය පැවසූ කතන්දරය මෙසේ විය.

"ඔන්න පුතේ එකමත් එක රටක හිටියා චූටි කුරුල්ලෙක්. දවසක් මේ චූටි කුරුල්ලාට ලොකු බඩගින්නක් දැනුණා. ඉතිං ඌ කෑමට යමක් හොයමින් ඉගිල්ලිලා ගියා."

"ඉතිං නැන්දේ?"

"ඉතිං, මෙහෙම යනකොට මේ කුරුල්ලා දැක්කා එක තැනක ලොකූ වී ගොඩක් තියෙනවා. මේ වී ගොඩ ලොකු ගෙයක් විතර විශාලයි."

"ඉතිං නැන්දේ?"

"ඉතිං, පුංචි කුරුල්ලා ඉතිං මොකද දන්නවද කළේ?"

"මොකක්ද?"

"ඉතිං, ඌ තමන්ගේ චූටි හොටෙන් වී ඇටයක් අරගෙන පියාඹලා ආපහු තමන් ගේ කූඩුවට ගියා. ඊට පස්සේ මේ චූටි කුරුල්ලා ඒ වී ඇටේ පොත්ත ඇරලා සුද්ද කරලා කෑවා."

"ඉතිං නැන්දේ?"

"ඉතිං, ඊට පස්සේ ඌ ආයෙත් පියාඹලා අර වී ගොඩ ළඟට ගිහින් තවත් වී ඇටයක් හොටෙන් අරගෙන ආපහු තමන්ගේ කූඩුවට පියඹලා ආවා. ඒ ඇවිල්ලා වී ඇටේ පොතු ඇරලා කෑවා."

"ඉතිං නැන්දේ?"

"ඉතිං ඔහොම එදා රෑ වෙනතුරුම මේ චූටි කුරුල්ලා කෙරුවේ අර ලොකු වී ගොඩෙන් ඇටේ ගානේ ගෙනැල්ලා කන එකයි."

"ඉතිං නැන්දේ?"

"ඉතිං, ඊට පස්සේ මේ චූටි කුරුල්ලා පහුවදා එළිවෙනකල් හොඳට නිදා ගත්තා."

"ඉතිං නැන්දේ?"

"ඉතිං, පහුවදා උදේ නැගිටින කොට මේ චූටි කුරුල්ලාට ලොකු බඩගින්නක් දැනුණා. ඉතිං ඌ කෙළින්ම ඉගිල්ලිලා ගියා අර වී ගොඩ ළඟට."

"ඉතිං නැන්දේ?"

"ඉතිං, ඌ තමන්ගේ චූටි හොටෙන් වී ඇටයක් අරගෙන පියාඹලා ආපහු තමන් ගේ කූඩුවට ගියා. ඊට පස්සේ මේ චූටි කුරුල්ලා ඒ වී ඇටේ පොත්ත ඇරලා සුද්ද කරලා කෑවා."

"ඉතිං නැන්දේ?"

"දැන් පුතාට පුළුවනි නේද කතන්දරේ ඉතුරු හරිය ඔයාටම කියන්න? අර ලොකු වී ගොඩ ඉවර වෙනකල්ම ඔය විදියට තමයි කතන්දරේ කියවෙන්නේ."

-කතන්දරකාරයා

ප/ලි:
සමාජවාදය ගැන හෝ ධනවාදය ගැන හෝ මොනයම් වෙතන් දේශපාලන කාරණයක් ගැන හෝ මේ වයස තිස්පහ, හතළිහ පැන්න මනුස්ස පරාණ අතර කෙරෙන සංවාදත් ඔන්න ඔය වගේ තමයි.

කතාවේ මුල් හරිය දන්නවා නම් වී ගොඩ ඉවර වෙනකල් කතාව යන හැටි හිතා ගන්න පුළුවනි.

(image: http://www.tallted.com/Story_Time_Twelve/index.html)

96 comments:

  1. Replies
    1. වර්තමානෙදි තමන්ගෙ සුපුරුදු ආකර්ෂණීය ලේඛන රටාවෙන් අයින්වෙලා ඇනෝවරුත් එක්ක මොකද්ද විකාරයක් කරමින් ඉන්න කතන්දරට ආපහු ඉක්මනින්ම යථා තත්ත්වයට එන්න පුලුවන් වේවා කියලත් මෙතනදි ප්‍රාර්ථනා කරන්න කැමතියි. කොහොම වුණත් කකා කියන්නෙ සිංහල බ්ලොග්අවකාශයට විශාල සේවයක් කරපු පුද්ගලයෙක් වගේම තමන්ට විරුද්ධ මත ඉවසන්න පුලුවන් මහත්මයෙක් විදිහට තමයි මමනං දකින්නේ. විශේෂයෙන් තමන්ගේ පඩිය ගැන පවා සඳහන් කරමින් පොර ටෝක් දෙන බ්ලොග්කරුවන් අතරේ කකා නිහතමානී චරිතයක්.

      Delete
    2. සිංහල බ්ලොග්කරුවන්/කාරියන් පොර ටෝක් දෙන මාතෘකා

      1. තමන්ගේ අධ්‍යාපනය (මොරටුව කැම්පස් එකේ උන් විශේෂයි. උන්ට මොකද්ද අනෙක් එවුන්ට නැති අවයවයක් තියෙනවා මං හිතන්නෙ.)
      2. තමන්ගේ පඩිය
      3. තරුණ කාලේ පාවිච්චි කරපු භාණ්ඩ
      4. තමන් ඉන්න රට (විශේෂයෙන්ම දියුණු බටහිර රටක් නම්)
      5. තමන්ගේ වත්කම් (ගෙවල් දොරවල්, කාර්, ගෙදර බඩු)
      6. තමන්ගේ නිර්මාණාත්මක හැකියාවන් (ලියපු සින්දු වගේ)
      7. තමන් දන්නා හඳුනන පොරවල්
      8. තමන්ගේ සීයලා ආච්චිලාගේ හපන්කම්
      9. තමන් කන බොන දේවල් (පාන් හා පරිප්පු කන එකා විතරක් ඇරෙන්න)
      10. තමන් කාර් එළවපු හැටි හෙම

      Delete
    3. සිංහල බ්ලොග් ලෝකෙ හීනමාන සාගරයක්. තමන්ගෙ රස්සාව ගැන පුරාජේරු කියන හීනමාන ජෝකර්ල රජකරන තැනක්. වැඩ්ඩ කවදාවත් තමන්ගෙ හපන්කම් කියන්නෙ නෑ. ගොබ්බ පුබ්බඩයො තමයි කෙකරගාන්නෙ.

      Delete
    4. හිතවත් ඇනෝ , ඔබ වැනි උදවිය බ්ලොග් කියන්නේ අනුන්ට දැනුම බෙදා හරින තවත් එක විකියක් වගේ විය යුතුයි කියල හිතන් හිටියට පෞද්ගලික බ්ලොග් වල තිබිය යුත්තේත් ඔබ කලින් උපහාසයට බඳුන් කල කාරනා මයි කියා මට සිතේ. තමන්ගේ පෞද්ගලික බ්ලොගයේ තමන් ගැන නොලියා එහා ගෙදර එකා ගැන ලියන්නද ?

      ඔබට නිතිය , දේශපාලන විද්‍යාව , රසායන විද්‍යාව , ඉංජිනේරු විෂයන් ගැන ඉගෙන ගන්න ඕනේ නම් බ්ලොග් බලන එක නවත්වල පුස්තකාලෙකට ගිහිල්ල ඒ සම්බන්ධ පොත් පරිශීලනය කරන්න. අනිත් මිනිස්සුන්ගේ ජිවිත ගලායන හැටි , ජිවිත අත්දැකීම් කියවල සතුටක් , වින්දනයක් , ලබන්න බැරිනම් .. හීනමානය , පංති වයිරය , ඉර්ශ්යාව ඉහටත් උඩිං නං පෞද්ගලික බ්ලොග් අස්සේ රිංගල ඒවා වර්ධනය කරගන්නේ නැතුව මානසික ප්‍රතිකාර ලබාගන්න. (හැබැයි මේ බ්ලොග් බලල ගොනාට ඇඳගෙන ඒ හිතවත් කන් පෞද්ගලික ජීවිතේටත් අරගෙන ඇවිල්ල , මුදල් එහෙම හුවමාරැ කරගෙන සල්ලන් වෙන උදවියට නං කණුවේ බැඳ පුන්නක්කු දිය යුතුයි )

      මෙහෙම ලියන්න හිතුනේ කාලෙක ඉඳන් සිංහල බ්ලොග් ලියන උදවිය මේ වගේ හිස් මිනිස්සුන්ගේ හිනාවට බයේ තමන්ගේ රසවත් පෞද්ගලික තොරතුරු , අත්දැකීම් , රැකියා විස්තර වගේ අන් අයට ප්‍රයෝජනවත් විය හැකි දේවල් බ්ලොග් වල ලියන්න දක්වන අකමැත්ත දුටුව නිසා.

      Delete
    5. මහෝසෝන් කියන කතාව තවත් ප්‍රවර්ධනය කළ යුතු එකක් කියා මාත් සිතනවා. තාක්ෂනකික තොරතුරු හා දේශපාලනය කතා කෙරුවට වරදක් නැහැ. හැබැයි කෙනෙක් ගෙදර ඇවිත් තමන්ගේ සහකාරිය හෝ කරු එනතෙක් බලා ඉන්නේ නැතිව පරිප්පු හොද්දක් හදල පාන් කෑවය කියල ලියන කතාවේ, ඔය පොත් පුරා ලියන සමානාත්මතාවය, සමාජවාදය, ස්ත්‍රී-පුරුෂ අධිපතිවාදය, ලිංගික නිදහස යනාදී වශයෙන් අප කතා කරන නමුත් සැබෑ ජිවිතයේ නොමැති ලොකු කරුණක් කියවෙනවා. මා එවැනි බ්ලොග් කියවන්නේ ඒ අර්ථයෙනුයි.

      Delete
    6. @මහසොහොන් පිල්ලිය,

      ඔය උඩ 1:05 PM ඇනෝ මායි. මා කළේ නිරීක්ෂණයක් මිස හරි වැරදි හොයන්නට යාමක් නොවේ. බ්ලොග්කාරයින්/බ්ලොග්කාරියන් ඕනැ මළ දානයක් කියා ගත්තාට මට කමක් නැත. හැබැයි මේ කියන දේවල් තියෙන/කරන ලෝකයේ එකම පුද්ගලයා තමන්ය ඇඟෙන විදිහට කියන එක තමයි හොඳ නැත්තේ. ඒ නිසාම තමන් පොරය හිතා ගැනීම ඊට වඩා බරපතළය. බ්ලොග් ලියන්නේද මිනිස්සුය. බ්ලොග් එකක් ලිව්වාය කියා සෙකියුරිටිකාරයා මහාචාර්ය කෙනෙක් නොවේ. සෙක්කා සෙක්කාමය. හැබැයි දෙකක් දාගෙන සරම උස්සගෙන රා බීපු මීයෙක් වගේ අනුන්ගෙන් ගේම ඉල්ලගෙන ගියොත් නම් කනවාය. එච්චරයි.

      Delete
    7. අපේ ගම්මන්පිල ලොක්කත් මේ වගේ තමා 100ය 100ය එකතු කරලා මිලියනර් කෙනෙක් වෙනවා ....

      Delete
    8. හිතවත් ඇනෝ , වාදෙකට නොවේ .. මේ මගේ අදහස් ය
      "හැබැයි මේ කියන දේවල් තියෙන/කරන ලෝකයේ එකම පුද්ගලයා තමන්ය ඇඟෙන විදිහට කියන එක තමයි හොඳ නැත්තේ."

      එසේ හොඳ නැති වීමට හේතුව අපැහැදිලිය. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් අසනවා නම් වරදක් නැහැ නේද ? එසේ පොර බව දැනෙන ලෙස ලිව්වත් තමන් ඔහු/ඇය මෝඩයෙක් බව දන්නවා නම් මග ඇර යාම නේද හොඳ ? මොඩයා කියා මරන්නද ? අක්කාගේ බොග පැත්තේ දැන් යන්නේ නිල මැස්සන් පමණයි නේද ?

      "ඒ නිසාම තමන් පොරය හිතා ගැනීම ඊට වඩා බරපතළය. "
      මෙය මානසික රෝගයකි. එහි බරපතලත්වය ඇත්තේ එසේ හිතන තැනැත්තාටය. අපට එය බරපතල වන්නේ කෙසේ දැයි පැහැදිලි නැත.ඔබ සම්බන්ධයෙන්ද අන් මිනිසුන් බරපතලයි කියා සිතිය හැකි මානසික ආබාධ තිබිය හැක. සබ්බේ පෘතග්ජනා උන්මත්තකා යන පාඨය සිහිකර ගැනීම වටී

      "බ්ලොග් ලියන්නේද මිනිස්සුය. බ්ලොග් එකක් ලිව්වාය කියා සෙකියුරිටිකාරයා මහාචාර්ය කෙනෙක් නොවේ. සෙක්කා සෙක්කාමය."
      1920 ගණන් වල දී තුට්ටු දෙකේ ලිපිකාරයෙක් වූ අයින්ස්ටයින් වසර කීපයකින් මහාචාර්ය කෙනෙක් විය.සැමවිටම ක්ලාක්, ක්ලාක් නොවේමය. ක්ලේමෙන්ට් ස්ටෝන් නම් පත්තර කොලුවා ප්‍රකෝටි පතියෙක් විය. සැමවිටම පත්තර කොලුවා , පත්තර කොලුවා නොවේමය. මෙවැනි මිනිසුන් ගැන උදාහරණ ඕන තරම් තව දිය හැකිය. රැකියාවෙන් කෙනෙකුගේ බුද්ධිය මනිනවාට මම නම් කෙසේ වත් මනාපයක් නැත.

      රැකියාවෙන් ex සේක්කා වුනත් ඔහුගේ බ්ලොගය මා රසවිඳි බ්ලොග් අතුරින් ඉහලින්ම ඇති එකකි. එයට මාගේ කෘතඥතාවය ඔහුට හිමිය. වෙන ඔහු සම්බන්ධ කිසිවක් මට කිසි වැදගැම්මකට නැත.

      "හැබැයි දෙකක් දාගෙන සරම උස්සගෙන රා බීපු මීයෙක් වගේ අනුන්ගෙන් ගේම ඉල්ලගෙන ගියොත් නම් කනවාය. "
      මෙය වනාතමුල්ලේ අයි ආර් සි කාරයෙක් ගේ කතාවක් මෙන් පෙනෙනවාය. නමුත් ගැහුවොත් ගහනවාට මගේ නම් කිසි අමනාපයක් නැතිය. සහන්ට උනෙත් ඒකය.

      Delete
    9. @ ඇනෝ, මහසෝන් සහ රයිගම

      මේක වැදගත් කතාවක්. සංවාදයක්.

      මං වෙන දවසක මගේ අදහස ලියන්නම්, කලිනුත් ලියලා තියෙනවා වගේ මතකයි.

      Delete
  2. සංජිව කවිරත්න ඔබේ පාසලේ නේද...?
    සංජිව ඔබට නිවන් සුව ලැබේවා....!

    ReplyDelete
    Replies
    1. මේ මියගොස් ඇත්තේ කවුදැයි සොයන්නට ග්‍රි නිසා කමෙන්ටුවක් දැමීම ප්‍රාමද වූ අතර, ඒ කාලයේදී අනවශ්‍ය කමෙන්ටු ඟෙහි පලවී ඇත. සියල්ල ඉවත් කළෙමි.

      සංජිව කවිරත්නට නිවන් සැප ලැබේවා.

      Delete
    2. කකා ඔබට යම් අපහසුතාවයක් වුවා නම් සමාවන්න...
      පාසල් වෙනස් වුවත් ... පණිවිඩය සැමට දැන ගැනීම පිණිස සොයුරකගේ වෙන්වීම දැන්වුවා පමණි....

      Delete
  3. කකා මේ ලිපියෙන් හින්ට් ගහලා තියෙන්නේ අජිත් පැරකුම්ට සහ මාතලන්ට. මොකද කකා දැන් දින හතරකට විතර කලින් දාපු පොස්ට් එකේදී කකා ඇනොලට චෝදනා කරලා තිබුනා මානසික රෝගීන් කියලා. ඊට පස්සේ ඇනෝ කියලා තිබුනා එහෙනම් ආයේ කොමෙන්ට් දාන්නේ නෑ කියලා. ඊට පස්සේ ඇනෝලා කකාව දාලා පැරකුම්ගේ බ්ලොග් ඒකට ගිහින්.

    කකා ගියපාර දාපු පොස්ට් එක බැලුවම ඒක පෙනවා. ඒ පොස්ට් එක කොමෙන්ට් හිට්ස් නැතිව වෙලෙන්නේ නිකං ගිනිමද්දහනේ තාර පාර අයිනේ කරවෙන ගූ බෙට්ටක් වගේ.
    කොහොම හරි මේ අස්සේ අජිත් පැරකුම් ලොක්කත් පොරගේ බ්ලොග් එකේ වැටෙන හැම කොමෙන්ට් එකකටම රිපල්යි දදා හිට්ස් ටිකක් කඩා ගත්තා. කකා දැන් ඒකට හිතේ අමාරුවෙන් ඉන්නේ. ඒත් ඉතිං කකාමනේ ඇනොලා ප්‍රශ්නයක් ඇහැව්වම ඒ අයට මානසික රෝගීන් කියලා චෝදනා කලේ.

    කකාගේ මෙම කතාවට නිමිත්ත වූ කොමෙන්ටු මෙතනින් බලන්න.

    ReplyDelete
    Replies
    1. ලින්ක්ස්වලට ස්තුතියි.

      මගේ ප/ලි ප්‍රකාශය පොදුවේ කියන ලද්දක්. එය මා කලිනුත් කියා තියෙනවා.

      වයසක පොරවල් තමන්ගේ දේශපාලන අදහස් වෙනස් කරන්නේ නෑ තර්කවලින් පැරදිලා. වෙනස් කරන්නේ මුදලට පමණයි.

      Delete
    2. නිකන්ද අපි කියුවෙ.... පැරා බ්ලොග් ලියන්නෙ ඩොලර් සට සට ගාලා වැටෙන සද්දෙට කියලා...

      Delete
    3. පැරාගේ මතවාද දැක්කම මට කෙනෙක් කිව්ව මෙව්වා තමයි මතක් උනේ.
      I have been poor and happy
      and I have been rich and happy
      I have been poor and unhappy
      and I have been rich and unhappy
      I don't understand why people think one has to choose from happiness and money

      People say money is not important.
      But same people work hard whole their life for it. sacrificing all that time they could have spend with their loved ones and doing things they like.

      When I have a cancer or similar disease , I would rather have money to spend and get cured than begging people who worked hard to earn it. I have no right to beg for it because I spend my life preaching socialism and living poor, mocking at rich.

      Delete
  4. එළකිරි කනේපාර!

    ReplyDelete
    Replies
    1. කෝ අනිත් කනත් මේ පැත්තට හරවන්න!

      Delete
    2. හරවපන් බං. බයවෙන්නෙ මොටෝ? කකා නෙවැ කියන්නෙ හරවන්න කියලා.

      Delete
    3. @ රාජ්

      හිටහන්කෝ...... තොපේ දේශපාළණ ළිපි වලටත් අපේ කොමෙන්ට් එකක්වත් දායිද කියලා මීට පස්සේ..

      Delete
    4. හෙක්.....හෙක්..... :) :)

      Delete
  5. මේ වගේ කතාවක් ගියා බුකියෙත්.

    ලොකු කුරහන් ගොඩකින්
    කූඹියෙක් "කුරහන් ටිකක්" අරගෙන යනවා..
    තව කූඹ්යෙක් "කුරහන් ටිකක්" අරන් යනවා..
    තව කූඹියෙක්...

    කුරහන් කිවුවම...අනේ මන්ද ඉතිං

    ReplyDelete
    Replies
    1. කූඹි ගොඩක් ඇවිත් ටික ටික අරගෙන ගියොත් වැඩේ ඉක්මනින්ම ඉවර වෙයි නේද?

      මෙතන එක කුරුල්ලයි, එක්වරකට එක වී ඇටයයි.

      Delete
    2. හ්ම්..ඒකත් ඇත්ත..එතන නම් තිබුනෙ කුරහන් සාටකේට කතාවක් මම හිතන්නෙ

      Delete
  6. /සමාජවාදය ගැන හෝ ධනවාදය ගැන හෝ මොනයම් වෙතන් දේශපාලන කාරණයක් ගැන හෝ මේ වයස තිස්පහ, හතළිහ පැන්න මනුස්ස පරාණ අතර කෙරෙන සංවාදත් ඔන්න ඔය වගේ තමයි. /

    එතකොට කකා දේශපාලනයට සම්බන්ධ නැති කාරණා ගැන කෙරෙන සංවාද මොන වගේද? උදාහරණයක් හැටියට අර මාරයා කියන විදිහට අතුරුදහන් වෙච්චි ගුවන් යානයෙ හිටපු 40 කගේ කේන්දර බලලා ඒක තියෙන තැන හොයා ගන්න පුළුවන් කියන කතාව ගැන කකා මොකද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඉතිං කේන්දර හතලිහක් ගෙනත් දීලා වැඩේ ටක්කෙටම හරිද කියලා බලාගන්න පුළුවනිනේ!

      Delete
    2. දැන් කවුද කේන්දර 40 හොයන්න යන්නෙ කකාද? මේක නිකන් අර බේතට ඉබි පිහාටු ඉල්ලනවා වගේ කතාවක්.

      Delete
    3. ඒ වුනාට කකා ජෝතිය කියල තිබ්බ වතාවත් ටික කරා නම් ඔය අනතුර වෙන්නෙ නෑනෙ...

      Delete
    4. ඉතින් එක කුරුල්ලෙක් යවල එක කේන්දරයක් ගෙන්න ගන්නවා.
      තව කුරුල්ලෙක් යවල තව කේන්දරයක් ගෙන්න ගන්නවා.
      කුරුල්ලො හතළිහක් විතරයි ඕනැ කේන්දර හතළිහක් ගෙන්න ගන්න.
      අපි ඉතාම අඩු වියදමකින් ගුවන් යානය තියෙන තැන හොයා ගන්නවා.
      මැලේෂියන් කාරයෝ, චීන්නු, ඇමෙරිකන්කාරයෝ මාර ගොන්නු.
      මූද පීර පීරා ගුවන් යානය හොයනවා.
      ලංකාවෙ එක කේන්දරකාරයාටයි කුරුල්ලෝ හතළිහකටයි කරන්න පුළුවන් දේ.

      Delete
    5. මේක කරන්න පුළුවන් ලෝකායන ජෝතිශ්‍යය දන්න සූර වීර ඩයල් එකකට විතරයි....... මූ ලෝකයා වුනාට ලෝකායන ජ්‍යෝතිශ්‍යය දන්නවද මන්දා...

      Delete
    6. ජෝතියා නම් ලෝකායන ජ්‍යෝතිශ්‍යය දන්නවා ඇති. කොහොමත් ඌ මාරයාට වඩා ලෝකයා.

      Delete
    7. 'ලෝකායන ජ්‍යෝතිෂවේදියෝ' කියන්නෙ ලෝකෙ කාල වතුර බොන්න පුළුවන් පොරවල් වලට වෙන්න ඇති.

      Delete
    8. මාරයා කේන්දර හොය හොයා ඉන්න අස්සෙ අන්න චන්දරසිරි බණ්ඩාර මහත්මා අනාවැකිය කියලත් ඉවරයි. ගුවන් නියමුවාගේ වැඩක්ලු. උන්නැහේ නම් ඔය ලෝකායනද මොකාද ජෝතිෂකාරයෙක් වෙන්නැති ඕයි. මාරයා පරාදයි.

      Delete
  7. හරි විදිහට නම්, "ඉතිං නැන්දේ" කියන හැම වෙලාවෙම, නැන්දා "ඉතිං, ඊට පස්සේ ඌ ආයෙත් පියාඹලා අර වී ගොඩ ළඟට ගිහින් තවත් වී ඇටයක් හොටෙන් අරගෙන ආපහු තමන්ගේ කූඩුවට පියඹලා ආවා. ඒ ඇවිල්ලා වී ඇටේ පොතු ඇරලා කෑවා." කියලා කියනවා මිසක අර විදිහට තේරුම් කරන්න යන්නේ නෑ, මොකද එහෙම තේරුම් කිරීමම ඒ කතාවේ අරමුණට පටහැණි නිසා... මම හිතන්නේ නැන්දා, පුතා පව් කියලා අර කතන්දරේ තමන්ටම ඉතුරු ටික කියා ගන්න පුළුවන් කියන එක පුතාට තේරුම් කරලා දෙනවා... ෂුවර් එකටම නැද්දා සුළු ධනේෂ්වර පන්තියේ පශ්චාත් නූතන ලිබරල්වාදී කාන්තාවක් වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. මේකට උත්තර දෙන්න පුළුවන් ජගතෙක් මේ බ්ලොග් අවකාශෙ ඉන්නවනම් ඉතින් ඒ ඉන්දික උපශාන්ත තමා....

      Delete
    2. නැන්දා කතන්දරය ඉදිරියට ඝෙනයාම මට බාර කළා.

      මං කියන්නේත් ඒ කතන්දරය ඒ විදියටමයි.

      තාමත් වී ගොඩ ඉවර නැත!

      Delete
    3. ඔය නැන්දා බැන්දෙත් සුද්දෙක්ද?

      Delete
    4. නැන්දා සුද්දෙක් බැන්දත් කළු පුක ගැන හීන මානයක් නැත්නම් සහ චෝයි අක්කේ කියන්න මල්ලියෙක් නැත්නම් වැඩේ අවුලක් නෑ...

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මේ කතාවේ අපේ තාත්තාගේ වර්ෂන් එක මෙහෙමයි....
    "ඔන්න එකමත් එක කාලෙක ලොකූඌඌඌඌඌ වී ගොඩක් තිබුණලු"
    "ඉතිං"
    "ඔන්න කුරුල්ලෙක් ඇවිත් එක වී ඇටයක් අරං ගියාලු"
    "ඉතිං"
    "තව කුරුල්ලෙක් ඇවිත් තව වී ඇටයක් අරං ගියාලු"
    "ඉතිං"
    "තව කුරුල්ලෙක් ඇවිත් තව වී ඇටයක් අරං ගියාලු"
    "මොකද්ද තාත්තේ එකමනේ කියන්නේ"
    "නෑ ඊළඟ කුරුල්ලා වී ඇට දෙකක් අරන් ගියාලු"
    ...

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ තිසර ගේ කතන්දරේ මගේ එකට වඩා ඉක්මනට ඉවර වෙනවා. මොකද කුරුල්ලෝ ගොඩයි, වී ඇට එකට වැඩියි.

      සමහරවිට තිසරගේ බ්ලොගේ කලින්ම නතර වුනේ ඒ හින්දද මන්දා?

      Delete
  10. කනේ පාරවල් සහ හින්ට් අමතක කලාම අපිට මේ කතාවෙන් ගන්න දෙයක් නම් තියෙනවා. මේ කියන කුරුල්ලට තමන්ගෙ ජීවිතේ අහවර වෙනකලම මේ වී ගොඩ ඉවරකරන්න බෑ. ඒ වගේම තමා මේක දේශපාලනේට සම්බන්ධ කලාම, අර කීව දේශපාලන මතිමතාන්තරත් ඔය කීව ජාතියෙ මිනිස්සු මැරෙනකල් වෙනස් කරන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. පහුවදාටත් අද කරපු විදියටම තර්ක කරමින් ඉන්නවා.

      Delete
    2. අන්න හරි.. පහුවදා, ඊළඟ පහුවදා, ඊටත් පස්සෙ දවසෙ පහුවදා.....ඔහොම ඔහොම මැරෙනකල්..

      Delete
  11. ඉතිං කකා ....ඔය විදිහම කතාවක් කිව්වා එක පාරක් අපි නොදන්න ලයිව් එකේ චූටි මල්ලියි පොඩි මල්ලියි ..කියන්න ගියොත් දිග වැඩියි. ඉන්න බලන්න ලින්ක් එකක් තියෙනවද කියලා

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවා, හොයා ගන්න බැරි වුණා!

      Delete
  12. වී ඈට කතාව KKගේ පෝස්ට්වල නව ප්‍රවණතාවයක් ගෑන ඉගියක් නෙමේ කියල හිතනව

    ReplyDelete
    Replies
    1. ඔන්නං පුළුවනි එහෙන් මෙහෙන් පරණ කෑලි අල්ලලා අළුත් කතන්දරයක් ලියන්නත්!

      Delete
  13. මටනම් හිතෙන්නේ නැන්දා අපි දකිනවාට වඩා යමක් දකිනවා. එයාගෙ "බල්ලා හූ කියයි" වාක්‍යයත් වී ඇට ගොඩක කතාවත් සාමාන්‍ය කතා වලට වඩා වෙනස්. හැමදාම එකම විදිහෙ කමෙන්ට්ස් දාන අපටත් මේක පාඩමක්!

    ReplyDelete
    Replies
    1. මේ වී ඇට කතාව නම් සෑහෙන්න ප්‍රසිද්ධ කතන්දරයක්.

      Delete
  14. ඔය කුරුල්ල එක එක වී ඇටය ගානෙ ගෙන්හින් කාල කරන ශක්තිය සහ කාලය අපතේ හැරීම දිහා බැලුවම පේනව මේ කියන්නෙ දකුණු ආසියාවෙ රටකට අනන්‍ය වූ කුරුළු වර්ගයක් ගැන කියල.

    ඔය කුරුල්ලො ගැන කිව්වම මතක් උනේ, කකා අහල තියෙනවද කුරුළු ලෝකෙ රජකම ලැබිච්චි බස්සට ඒක පරිස්සන් කරගන්න බැරි උනේ ඇයි කියල?

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්දිකලා කඩෙන් බඩු ගෙනැත් ගෙදරදී හදලා කනවද? නැතිනම් කඩේටම වෙලා කාලා ගෙදර එනවද?

      බස්සගෙ කතාව නම් මතකෙට එන්නේ නෑ.

      Delete
    2. අම්මට උඩු! කුරුල්ලත් උයන්ද කාල තීන්නෙ වී ඇට. මාරයිනෙ!!!

      Delete
    3. නැන්ද ගේ කතන්දරේ තිබුණු විදියට කුරුල්ලා වී ඇට පොතු ඈරලා තමයි කාලා තියෙන්නේ.

      නැත්තං ඇපෙන්ඩිසයිටිස් එනවනේ?

      Delete
  15. ඒ උනාට සමහර පොඩි උන් ඉන්නවා, අපරාදේ නේ නැන්දේ, ඌට බඩ පිරෙනකන් වී ගොඩ ගාවට වෙලා කන්න තිබුනනේ. ඒ වී ගොඩ ඉවර උනාම වෙන වී ගොඩක් හොයාගෙන යන්න පුළුවන්නේ කියලා...

    තිහ හතලික මොකක්ද කකා. ඊටත් වඩා වයසින් වැඩි උන්, තමන්ගේ දැක්ම වෙනස් කර ගන්නේ ඕන තරම්. ඒ ගැන තමයි මම උපදෙසක් දුන්නේ පැරාට. පොර දැන් පැන්සොන් යන්නත් ලඟයි නේ. ඉතින් ටියුෂන් පාරක් දැම්මොත්, අමතර ආදායමකුත් එනවා පැන්සොන් එකට අමතරව. අනික ඉතින් එහෙම දේශපාළණ මත්වාද ගැන නොලියා, විවාද නොකර ඉන්නවා නම්. අනිත් කිසිම දෙයක් ගැනත් කතා කරන එක විකාරයක්. මට නම් කිසිම වාසියක් නැතත්. මගේ අදහස් වෙනස් කොරගෙන තියෙනවා. දැන් බලන්න මම මේ සැරේ මනාපේ දෙන්නේ ජෙප්පන්ට. මට ලැබෙන වාසියක් තියෙනවද නෑ. ඒත් රටට යම් වාසියක් වෙයි.. මොකෝ උනුත් දේශපාළණේ ඉන්න එපාය..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ පොඩි එවුණත් ඇති, උන් ලොකු වුණාමත් කරන්නේ තනියම මුළු ගොඩමා කාගෙන කාගෙන යන්න හදන එකයි!

      පැරා පැන්ෂන් යනවා කියා මාතලන් කීම නිකං පොට් කෝලින් කෙටල් බ්ලැක් වගේ එකක්. දෙන්නම එක වයසේ නේද? ලබන අවුරුද්දේ ඉඳලා පැන්ෂොන් නෙමේ සිල් ගන්න පටන් ගනියි!

      මා කියා ඇත්තේ තරුන වයස පැන්නට පස්සේ දේශපාලන අදහස් වෙනස් නොවෙන බවයි. මාතලන් ජෙප්පන්ට පලාබබා චන්දේ දෙනවා කියන එක දේශපාලන විපර්යාසයක් නොවෙයි. ඔගේ ගේ දේශපාලන අදහස්වල වෙනසක් ඇතිවෙලා නෑ නේද?

      Delete
    2. සෑහෙන වෙනසක් තියෙනවා කකා...අවංකවම..

      Delete
    3. ////ඇත්ත රටේ ආදායම ජනතාව අතරේ බෙදී යන ක්‍රමයේ විශාල විශමතාවයක් තියෙනවා. ඒකට වැරදි ක්‍රමය නෙමෙයි. පුදගලයා.. කෑම ටික පිඟානට වැටෙනකන් බලාගෙන ඉන්න එකා, මේ ක්‍රමය යටතේ අනාතයි. //////

      මචං.....ගොවියෝ....කලාපේ ළමයි....සිකිරුටි ගාඩ්ලා..ධීවරයෝ....සොල්දාදුවා ආදී එකි නොකි.. ඒ ගොල්ලොත් බලන් ඉන්නේ ඔය කියන විදිහටද?

      Reply
      Replies

      Maathalan - Priyantha HewageMarch 17, 2014 at 8:43 AM
      අරූ දැන් උඹ ඉන්නේ සමාජවාදී රටකද..

      මෙහෙමයි මචෝ.. වී වගා කරන ගොවියෝ අනාතයි. ඒත් උන් දැන ගන්න ඕන වගාව වෙනස් කරන්න ආයේ මොකා කිව්වත්. වෙනත් බෝග වවන ගොවියෝ ඉන්නවා ඉතා සැපවත් ජීවීත ගත කරන. ගංජා නම් නෙමෙයි, ආර්ථික භෝග.... කළාපේ ළමයි උඹට පේන විදියට ගන්නේ අඩු පඩියක්, ඒ අනිත් ඒවා සංසන්දනය කලාම. ඒත් උන්ගේ සුදුසුකම් අනුව උන් ලබන්නේ ළොකු පඩියක්, අනික පිරට රැකියා අවස්ථා විශාලයි, යන නොයන එක උන්ගේ තීරණයක්.....සිකුරුටී ගාඩ්ලා හොඳ පඩියක් ගන්නවා.. නිකන්ම නේ ඉන්නේ.. රෑට කන ඇලෙන්න නිදා ගන්නවා.. අනික සමහර උන් ටයිත් දාලා ඉන්නේ.. ඉතින් ඒකත් උසස් රැකියාවක්.. ධීවරයෝ කියන්නේ අම්බ සල්ලි කාරයෝ.. එක වඩියක් මූදූ ගිහින් ආවම හොඳ ගානක් අරගෙන එන්නේ හැම එකාම.. ඒත් උන්ගේ ජීවන රටාව අනුව.. වියදම් කරන්නේ නිස්කාරන දේවල් වලට. අනික ඒ පන්තියෙන් මිදෙන්න උන්ට කිසි උවමනාවක් නෑ..... සොල්දාදුවන්ට උඹ නොදන්නවා උනාට සෑහෙන වැටුපක් ලැබෙනවා.. නමුත් දුප්පත්ම එකෙක් කොච්චර පඩියක් ගත්තත්.. පරම්පරාවම ඌගෙන් කන්න බලාගෙන ඉන්න කොට උන්දුප්පත් තමයි...

      ඕන් ඇත්ත කතාව.. පිලිගන්නවානම් පිලිගනින්//

      //සෑහෙන වෙනසක් තියෙනවා කකා...අවංකවම..//

      සභාවේ සිනා :)

      බලන් ගියාම දැන් ලංකාව සුර පුරයක් නොවැ :)

      Delete
  16. වී ගෝනියෙන් වී ඇටයක් කූඹියෙක්,තව කූමියෙක්,තවත් කූමියෙක් අරන් යන කථාව කියන “ජැන්සන්“ මාමා එනකම් බලන් හිටියා පුංචි කාලේ.
    කාටුව විදින වී ගෝනි, දැක්කම ඔය කතාව මතක්වෙලා නැවත නැවතත්,නැවත නැවතත් ඉච්ඡා භංගත්වයට පත්වෙනවා.

    කූමියාට පියාඹන්න බැහැ-කුරුල්ලට පියාඹන්න පුළුවන්.
    කෝකත් එක වගේ නැතත්,කෝකත් එකයි.

    ස්තුතියි,කකා
    කූමි- වී කථාව වී කාටුව පිරුණු මේ දවස්වල ,හිතේ හොල්මන් කරද්දි,
    ඔබ හෙවණැල්ලක් වගේ හයියට ළගින් ඉන්නවා වගේ දැනුණා.!



    ReplyDelete
    Replies
    1. ඔය කතාවේම විලෝමය තමයි අර -
      - සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා මිලියනයර් කෙනෙක් වෙන අදහස!

      Delete
  17. කාක්කෙක් නම් කෑමක් දැක්කම කාක් කාක් කියල අනිත් කාක්කන්ට පණිවිඩේ දීල ගෙන්න ගන්නව. හැබැයි කතන්දරගෙ මේ චූටි කුරුල්ලා නම් අපේ සමහර දේශපාලකයො වගෙයි , තනියම ඔක්කොම කන්නයි කල්පනාව :)

    මට අමිහිරිම මාතෘකාවක් තමා දේශපාලනය , කතන්දරගෙ කතාව දැක්කම මට හිතුන දේ තමා ලිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ඒත් චූටි කුරුල්ලා ගෙඩ තමන්ට අයිති කරගන්න ගියේ නෑ නේද? තමන්ගේ බඩට සරිලන ප්‍රමාණය විතරයි අරගන්නේ්!

      Delete
    2. ඇත්තට කකා ට අදහසක් නැද්ද කාට හරි සල්ලි යවන්න

      Delete
  18. කකා........නිව් යෝර්ක් නගරයේ පුවත්පත් හිමියා වූ ජෝසෆ් පුලිට්සර් එයාගෙ පත්තරෙන් ඇමෙරිකන් ජනතාවගෙන් ඒ සඳහා සල්ලි ඉල්ලුවාම මාසය හයක දී ඩොලර් ලක්ෂයකට වඩා ගාණක් ඔවුනට එකතු කරගන්නට ලැබුණ.

    නරකද.. කකාත් බ්ලොග් එකෙන් කීයක් හරි ඉල්ලලා බැළුවොත්....

    ReplyDelete
    Replies
    1. පටන් ගත් දවසේමයි ඒක හිතුවේ. පසුව ඒ ගැන විස්තර කියන්නම්!

      Delete
    2. Man Trades Up From Paper Clip to House

      http://abcnews.go.com/WNT/story?id=2171378

      Delete
    3. කකා දන්නවද..ලංකාව වගේ නෙමෙයි හැබැයි ඇමෙරිකාව කියන්නෙ නම් ලෝකයේ ලාබ හොයන අය බහුලව සිටින රටක්නෙ. ඒත් ඔවුන් 1884 දී වෙන රටකින් තෑගි ලැබිච්ච ප්‍රතිමාවක් තමන්ගේ රටේ සුප්‍රසිද්ධ අගනුවරක තියන්නට කැමැත්තෙන් මුදල් පරිත්‍යාග යැව්ව. ..

      කකාටත් හිතෙන්නෙ නැද්ද කාට හරි සල්ලි ටිකක් යැව්වොත් හොඳයි කියලා....

      Delete
  19. හි හි... අපූරු සංකේතයක්. ප.ලි. නම් මරු!

    ReplyDelete
  20. පොඩ්ඩිට බත් කවන්ට ඔය කතාව අම්මා කියනවා මතකයි . ඒ කුරුල්ලා ඉතින් කඳු උඩින් ගිහින්, මූදු උඩින් පියාඹලා ආපහු වී ගොඩට එනකොට බත් කට කාලා ඉවර වෙන්ට ඕනි.

    පස්සේ කාලෙක අම්මා බත් කවන එක නතර කරලා දැම්මා. කතන්දර නැතුව නෙමේ. කවන්ට තියෙන අමාරුව නිසා....:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි පැරාගෙ සයිට් එකේ කඩ්ඩෙන් පැරාත් එක්ක හෙන ගේම වගේ .ඔහොම යන් හොම යන්

      Delete
  21. ඉතිං කකා ,35 ;40 පැන්නට පස්සෙ දේශපාලනය ගැන නැති වෙන මොනවා ගැන කතා කරන්නද?
    දේශපාලනේ තරම් ආතල් මාතෘකාවක් වෙන තියේ‍ය්ඓයි/?

    ReplyDelete
    Replies
    1. ඇයි බං ජ්‍යෝතිෂය ආශ්‍රයෙන් නැති වෙච්චි ප්ලේන් හොයන්නෙ කොහොමද කියලා කතා කරන්න පුළුවන්. රාජ් වගේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කර ගන්නෙ කොහොමද කියල කතා කරන්න පුළුවන්. කෙන්ජි වගේ තරුණ කාලෙ කරපු දේවල් ගැන කතා කරන්න පුළුවන්. කකා වගේ රටේ නැති බයිලා කතා කරන්න පුළුවන්.

      Delete
  22. පොඩි කුරුල්ලා ට වී පොතු ගහන්න උගන්නන විදිහ ගැන පාඩමකුත් ඔය කතාව ඇතුලේ තියේ කියල මට හිතෙන්නවා ඔන්න

    ReplyDelete
  23. ඇත්තට මේ කකා කියන්නෙ මාර ප්‍රබුද්ධයෙක්නෙ. හොර පාරෙන් ඔසී පැන්න ඉන්ජිනේරුවෙක් විතරක් නොවෙයි නේද මෙයා.ඉන්ජිනේරුවො ඔසී වල පාරෙ හයරුත් යනවා.ඔසී වල කකාට තැනක් නෑ.අනේ කකෝ බලලෝ

    ReplyDelete
    Replies
    1. ඔයා ජීවිතේට රටෙන් පිට ගිහිල්ලා නෑ නේද..... බෝට්ටුවෙන් වත් යන්න ට්‍රයි එකක් දීපන් ඔසී වලට... එන්න පුළුවන් නොමිලේ ෆ්ලයිට් එකේ......

      Delete
    2. උඹ බයිල කියනව.මට ඔසී යන්න වෙලාවක් නෑ.මට තියන ප්‍රශ්නෙ බුදු වෙලා ඉන්නෙ කකාද පැරාද කියන එක. දෙන්නම එකෙකුට එකෙක් පරදින්නෙ නෑනෙ. ඉතින් අපි තමයි අමාරුවෙ වැටෙන්නෙ .එහෙ බලද්දි කකා පොර මෙහෙ බලද්දි පැරා පොර. කාට දමනය වෙන්නද දන්නෙ නැතිව අපි උඩ බිම බලනව.

      Delete
  24. කකා කොච්චර කතන්දර කිව්වත් පුක කළු බැල්ලිගෙ කතාව කියන්නෙ නැහැනෙ. මේක නිකම් සොකරි නාඩගම වගෙ. පුක කළු බැල්ලියි, මතුගම ගුරුන්නාන්සෙයි,කතන්දරකාරයයි.
    අපට නම් කිසිම දෙයක් හිතා ගන්න බෑ.
    ආ ඒක නෙවි බ්ලොග් ලිව්වෙ නැත්නම් කකෙක් ගැන අපි දන්නෙත් නෑනේ

    ReplyDelete
    Replies
    1. නාට්‍ය පටන් ගන්නව පුක කළුබැල්ලි වේදිකාවට පැනල හතර අතට බුරනව. එතකොටම මතුගම ගුරා ශ්ලෝක කියාගෙනම එනව. කතන්දර තමයි ජෝකරය. මේක තමයි බ්ලොග් කතාව.

      Delete
    2. එතකොට නිල් කොලර් ජොබ් එක කරන මල්ලිගෙ කොටස මොකක්ද?

      Delete
  25. කකා... මම ඊයෙ හවස ෆුඩ් සිට් එකට ගිහිල්ලා බටර් එකක් ගත්තා... කවුන්ටරේ ගාවදී කවුද පිටිපස්සෙ ඉඳලා උගුර පාදනවා වගේ ඇහිලා බැලුවාම... තට්ට්යෙක් සාක්කුවෙ අතක් දාගෙන මගේ දිහා බලන් හිටියා... ඊට පස්සෙ බටර් කාල දිහා බලලා අනිත් අතින් තට්ටෙ අතගෑවා.....

    මට කකාගෙ බ්ලොග් එකේ වෙනදා කොමෙන්ට් කරන ඇනෝ මතක් උනා... කකාටත් එහෙම වෙලා තියෙනවද?

    ReplyDelete
  26. පැරාගෙ සයිට් එකේ කඩ්ඩෙන් පැරා එක්ක ගේම ඉල්ලන්නෙ පොඩ්ඩිද මාතලන්ද?

    ReplyDelete
    Replies
    1. ස්පෙලින් , ග්‍රැමර් වරද්ද වරද්දා , "හඩු" ඉංගිරිසියක් ගැන ලියන විදිහෙන් නම්, ඉංගිරිසි හරියට දන්න එකෙක් කියල පේන්නෙ නෑ :)

      Delete
    2. මචන්.. පුළුවන්නම් ඔය කෑල්ලවත් උඹ ඉන්ග්‍රීසියෙන් කියපන්...

      Delete
    3. බාල්දිය පෙන්නන්න විතරයි තියෙන්නෙ, ඇඳගෙන නානව නේද? :)

      ඔය ඇවිල්ලා තියෙන්නෙ, ගේම ඉල්ලපු කස්ටිය

      Delete
    4. හඩු ඉංග්‍රීසිය ගෙ ජරා බතල ස්ටයිල් එකේ ග්‍රැමර් ,ස්පෙලින් මොකවත් නෑ ගොනෝ.යමල්ල උගෙන් ටියුෂන් ගනිල්ල.උඹලගෙ ඉංග්‍රීසි හලෝ දෙයා වලින් ඉවරයි. මොකෙක් හරි ගෝතයෙක් උඹලට දෙයියෙක්. අනේ කකෝ බලලෝ කිව්වලු

      Delete
  27. ග්‍රැමර් වැරැද්දුවෙ පැරානෙ. නෝනිස්ගෙ ඉංග්‍රීසි තේරෙන්නෙ නැතිව අමුතු ඉංග්‍රීසියක් හදන්න හදනව පැරා අනේ පවු . කකා අනේ පවු
    අපි ඉංග්‍රීසියෙන් වැඩ කරන එවුන් ගොනෝ. උඹල වගෙ කෑලි අහුලන් තටමන එවුන් නොවෙයි. අනේ කකෝ බලලෝ කිව්වලු

    ReplyDelete
    Replies
    1. ගෝටගේ ඉංග්‍රීසි සරල වැඩියි. හඩු ඉංගිරිසි. නෝනිස් ගේ ඉංග්‍රීසි බරසාර වැඩියි. වික්ටෝරියානු ඉංගිරිසි. දෙන්නම ඔටුවෝ.අපේ නොවන අපේම ඉන්ගිරිසියක් හදන්න හදන මමයි රජා. එත් එක්කෙනෙක් ආරක්ෂක ලේකම්. අනිකා තානාපති. දෙන්නටම ඉරිසියා කරන මම ? හීනමානය නොවේ නම් වෙන මොකක්ද ?

      Delete
  28. හප්පේ ඔය එක තැන කැරකෙන කතන්දර නිතරෝම කියවෙන තැනක් තමයි ව්‍යාපෘති රැස්වීම්. නැත්නම් කන්සල්ටට්ලාට රස්සා නැති වෙනවනේ.

    ReplyDelete
  29. @ All

    මුල් දිනයේ විවේකය තිබුණත් ඊට පස්සේ කාර්යබහුල වුණා! සැමටම පිළිතුරු වෙනම ලියන්න කාලයක් දැන් නෑ!

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  30. පොඩි කාලේ මේ වගේ තව කතාවක් අහලා තියෙනවා ගමරාළ කෙනෙක් ගැන. එකමත් එක රටක ගමරාළ කෙනෙක් හිටියා. එයා ඉන්න කොට ඉන්න කොට ඉන්න කොට වුණාලු. ඉන්න කොට ඉන්න කොට ඉන්න කොට වුණාලු. ඉන්න කොට ඉන්න කොට ඉන්න කොට වුණාලු. ඒකෙත් ඉවරයක් නැහැලු.

    අරාබි නිසොල්ලාසෙද මන්දා මෙහෙම කතාවක් අහලා තියෙනවා. ඒකෙත් රජතුමාට නන්ස්ටොප් කතා ඕනේ නිසා කියාගෙන යද්දී කූඹි set එකක් අබ ගබඩාවකින් අබ ඇට අරගෙන යන සීන් එකකට එනවලු. ඉතින් අබ ඇටෙන් ඇටෙන අරන් යනවා කියද්දී රජ්ජුරුවන්ට මල පනිද්දී කතාව කියන කෙනා කියනවලු පොඩ්ඩක් ඉවසන්න රජතුමනි තාම අබ ඇට අහුරක්වත් කූඹි අරගෙන ගියේ නැහැ කියලා :D

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.