Wednesday 26 March 2014

අපේ අයියලා ගේ (සහ නංගිලා ගේ) හෝමෝෆෝබියාව - One step forward, two steps backward?


මේ දිනවල ලෝක ශූරතා විස්සයි විස්සේ ක්‍රිකට් තරගාවලිය බංගලාදේශයේ දී පැවැත්වේ. කලාතුරකින් ක්‍රිකට් මැච් නරඹන, ඊටත් වඩා කලාතුරකින් ක්‍රිකට් ක්‍රීඩා කරන මා එසේ කලාතුරකින් ක්‍රීඩාකරන විට පා දඟ පන්දු යවන්නේ වමතිනි. පන්දුවට පහරදෙන්නේ ද වමතිනි.

වමත් පිතිකරුවන් සහ පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ වෙනත් ජාතික කණ්ඩායම්වල ද සිටියද ඒ සුළුතරයකි.

බහුතරයක් ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙන්ම ලෝකයේ බහුතරයක් පුද්ගලයෝ ද දකුණත්කාරයෝ ය. මා ද පෑනකින් පැන්සලකින් ලියන්නේ දකුණු අතෙනි. බත් කන්නේ ද දකුණතිනි.

වමත් පිතිකරුවෙක් දැකීම අපට අද අරුමයක නොවේ. නමුත් වමතින් බත් අනා කන්නෙකු දකින අපට සමහර විට එය අප්‍රසන්න දර්ශනයක් වීමට තරමක හෝ ඉඩක් ඇත.

දිගු කලකට ඉහත වමත හුරු අය හඳුණාගෙන ඇත්තේ සාතන් ගේ පුතුන් ලෙස බව අසා ඇත්තෙමි. පුරාණ යුගවල දී ඔවුන්ට එක්කෝ මරණය නැතිනම් දකුණු අතට මාරුවීම තෝරා ගන්නට සිදුවී ලු!

වාමාංශිකයින් ලෙස සමාජවාදීන්ව හඳුන්වන්නේත්, රයිට් යන ඉංගිරිසි වචනයේ දකුණට අමතරව නිවරදිය යන අරුත ඇත්තේ ද ඒ නිසාය.

අපේ කාලයේ, අපේ රටේ ද මා ද ඇතුළුව වමත්කාරයින්ගෙන් සමහරු දකුණතින් ලියන්නට පුරුදු වී සිටින්නේ තම දරුවන් වමත්කාර යැයි නොදැන ඔවුන්ගේ දකුණතට පැන්සල දුන් දෙමව්පියන් නිසාය.

වමතෙන් කෑම මොහොතකට අමතක කරමු. බිත්තරයක් කනවා නම් සාමාන්‍යයෙන් බුල්ස් අයි හෝ ඔම්ලට් හෝ හදා හෝ අඩුතරමින් ෆුල්බොයිල් කර හෝ කන මට දිගු කළකට පෙර දිනයක හාෆ් බොයිල් කළ බිත්තරයක් බත් පිඟානට කඩා දාගෙන බිත්තර සාරු සමග බත් අනමින් කන අයෙක් දුටු විට ඇතිවුණේ තරමක අපුලකි.

මෙයින් හැඟෙන්නේ අපට වඩා වෙනස් ආකාරයක හැසීරීමක් දුටු විට ඒ ගැන අපට අඩු වශයෙන් අසීරු හැඟීමක් හෝ ඇතිවෙන බවයි. හැකිනම් ඔවුන්ව අප මෙන් හදාගන්නට අපට සිතේ. එසේ කළ නොහැකිවූ විට ඔවුන්ට වෙනස් ආකාරයකට සළකන්නට අපි ඇතැම්විට පෙළඹෙමු.

අපට වඩා වෙනස් අය කෙරෙහි අපේ සිත තුල ඇතිවන ඒ හැඟීම බොහෝවිට බියකි, අනවශ්‍ය ෆෝබියාවකි.

මිනිස් සත්වයා පෙළෙන ෆෝබියා විශාල සංඛ්‍යාවක් වේ. වෙනත් සංස්කෘතියකට අයිති පිරිසක් ගැන, වෙනත් ආගමකට අයිති පිරිසක් ගැන පවා අපට ෆෝබියා තිබිය හැක. අප අතර එවැනි ෆෝබියා විටින් විට ඉස්මතු වෙන බව නොරහසකි.

මා දන්නා පරිදි මේ විවිධ ෆෝබියවලින් දරුණුම ෆෝබියාව නම් හෝමෝෆෝබියාවයි.

හෝමෝෆෝබියාව යන්නෙන් අදහස් කෙරෙන්නේ විෂම ලිංගික චර්්‍යාවන් ඇති අය ගේ සිත් තුල සමලිංගික හෝ වෙනත් විෂම ලිංගික නොවන චර්යාවන් ඇති පුද්ගලයින් කෙරෙහි එක්කෝ අනියත බියක් නිසා හෝ නැතිනම් විවිධ ආගමික අන්ධ විශ්වාසයන් නිසා ඇතිවන විරෝධය, වෛරය, අපහාසය, අවමානය, පිළිකුල, එදිරිවාදිකම, ජුගුප්සාව යනාදී මෙකී නොකී සෘණාත්මක ආකල්ප සමුදායටයි.

මෙය ප්‍රාඨමික ගණයේ මිනිස් හැසිරීමකි. එනිසාම, ශිෂ්ඨත්වයේ සහ මිනිසත්කමේ වැඩි දියුණුවත් සමගම අප අතරින් තුරන් වී යා යුතු අශීලාචාර දෙයකි.

විෂම ලිංගික නොවන ගේ, ලෙස්බියන් සහ ට්‍රාන්ස්ජෙන්ඩර් සුළුතර ජනකොටස් ලෝකයේ බොහෝ රටවල තමන්ගේ ලිංගිකත්වය නිසාම පීඩාවට පත්වී සිටිති.

වාසනාවකට මෙන් ලංකාවේ තත්වය ලෝකයේ ඇතැම් පසුගාමී රටවල් මෙන් දරුණු නැත. එසේ වුවද, වික්ටෝරියානු යුගයේ සිට පැවතෙන විවිධ මර්ධන නීති තවමත් අපේ රටේ පවතී.

මර්ධන නීති කෙසේ වුවද, සුළුතර ජනකොටසකට, ඒ නිසාම මුහුණ පාන්නට සිදුවෙන අකටයුතු, අසාධාරණකම් රාශියක් තිබිය හැක. ගේ, ලෙස්බියන් යනාදී සමලිංගික ජනකොටස්වලට සමාන අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් අප පෙනී සිටිය යුත්තේ එහෙයිනි.

සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් ගැන කතාකරන අයද සමලිංගිකයින් පමණක්මය කියා සිතීමද මා පෙර කී හොමෝෆෝබියාවේ ම කොටසකි.

හරියට සුළු ජාතියක ගේ ප්‍රශ්ණ ගැන කතාකරන්නවුන් සුළු ජාතිකයින් යැයි සිතනවා සේ ය. එසේත් නැති නම්, කාන්තාවන්ට සමාජයේ මුහුණ දෙන්නට වෙන ප්‍රශ්ණ ගැන කතා කරන්නට නම් කාන්තාවක්ම විය යුතුයැයි සිතනවා සේ ය.

අපේ මහජාතියේ එකෙක් කුමට සුළු ජාතිකයින් ගැන කතා කරන්නේද? අපේ පිරිමියෙක් කුමට කාන්තා ප්‍රශ්ණයක් ගැන කතා කරන්නේද?

සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් ගැන කතාකරන අයද සමලිංගිකයින් පමණක්මය කියා සිතීම ද ෆෝබියාවක් වෙන්නේ ඒ ආකාරයට ය.

අද වෙනත් කතන්දරයක් නැත. ඔය බයිලාව පමණි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරත් බලන්න.

1. සමලිංගික ("ගේ" සහ "ලෙස්බියන්" ලා ගේ) අයිතිවාසිකම් ගැන මගේ අදහස් - My two cents worth about the rights of Homosexuals
http://kathandara.blogspot.com/2013/08/my-two-cents-worth-about-rights-of.html

2. සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන :: Homosexuality is a natural tendency - Dr Granville Dharmawardena
http://kathandara.blogspot.com/2011/08/homosexuality-is-natural-tendency-dr.html

3. සිංහල ලෙස්බියන් සින්දුව දන්නවාද? A Sinhala Lesbian Song?
http://kathandara.blogspot.com/2010/12/sinhala-lesbian-song.html

4. බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි :: Ban Ki Moon's gay-lesbian conspiracy revealed!
http://kathandara.blogspot.com/2012/02/ban-ki-moons-gay-lesbian-conspiracy.html

5. අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප - What's wrong with being Gay or Lesbian?
http://kathandara.blogspot.com/2011/11/whats-wrong-with-being-gay-or-lesbian.html

6. සමලිංගික පරබල්ලා! - Homosexual Pariah dog
http://kathandara.blogspot.com/2013/02/homosexual-pariah-dog.html

7. ගෑණු නොරිස්සූ සිරි කාලකණ්ණි පිංගුත්තරයා සමරිසි "ගේ" පොරක් ද? - Was Pinguththara gay?
http://kathandara.blogspot.com/2013/10/was-pinguththara-gay.html

8. ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුවක්! - A taboo subject song
http://kathandara.blogspot.com/2010/11/blog-post.html

9. ටින් ටින් ටොයියා සහ සමරිසි ටින් ටින් - Is Tin Tin Gay?
http://kathandara.blogspot.com/2013/09/is-tin-tin-gay.html


(image: http://www.huffingtonpost.com/rev-dr-nancy-wilson/international-day-against-homophobia-and-transphobia_b_3285467.html)

119 comments:

  1. මල කෙලියයි මගේ පුතා ලියන්නෙ වමතින් .එතකොට මම....................... ??????

    ReplyDelete
    Replies
    1. මගේ ලිපියේ පිවිසුම සංඛීර්ණ මදිද මන්දා?

      කෙසේ වෙතත් නැවත කියවන්න.

      Delete
    2. කෙන්ජි සාතන් නම් නෙවෙයි...ටාසන් මිසක් :P

      Delete
    3. කකා මේකේ දෙපැත්තක් තියෙනවා නේ. ඔබ කියන විදියට සමලින්ගිකත්වයට කැමති නැති මිනිස්සු , එය විවේචනය කරන මිනිස්සු හෝමෝ ෆෝබියාවෙන් පෙලෙන අය .. එහෙමනම්,

      බත්වලට කැමති නැතිව , බත් විවේචනය කරන , පාන් කන්න කැමති අය - බතෝ ෆෝබියාවෙන් පෙලෙන අයද ?
      මහින්දට අකමැති , මහින්ද විවේචනය කරන අය - මහින්දෝ ෆෝබියාවෙන් පෙලෙන අයද ?
      ධනවාදයට අකමැති , ධනවාදය විවේචනය කරමින් ආගමක් වගේ සමාජ වාදය අදහන අය - ධනවාදී ෆෝබියාවෙන් පෙලෙන අයද ?

      මිනිස්සුන්ට තමන් අකමැති දෙයක් විවේචනය කරන්න , කැමති දෙයකට පක්ෂ වෙන්න ෆෝබියා ලේබලයෙන් තොරව ඉඩක් නැද්ද ?

      දැන් ඔබ කිව හැකියි අකමැති දෙයක් විවේචනය කරන්න , කැමති දෙයකට පක්ෂ වෙන්න අයිතියක් හැමෝටම තියෙනවා. නමුත් සමලිංගික (මේ වචනයට මම කැමති නැහැ මොකද එය සම්පුර්ණ පින්තුරය නොවෙන නිසා - LGBTI හරි වචනය වෙන්න ඕනේ ) අයට හිරිහැර , බාධා කරන්න කාටවත් ඉඩ නැහැ කියල.

      නමුත් ලංකාවේ එහෙම වෙනවද ? ලංකාවේ මිනිසුන් , තායිලන්තය තරම් සහනදායි පිළිවෙතක් මේ අය සම්බන්ධයෙන් අනුගමනය නොකරත් , මම මේ වෙනකම් කිසිම සමලිංගික කෙනෙක් සමලිංගික වීම නිසාම හිස්ගැසුම් කාපු බවක් , මෘග ලෙස පහර දීමට ලක්වූ බවක් හෝ දන්නේ නැහැ. ඔබගේ මේ ලිපියේ අර්ථය කුමක්ද ?


      අනිත් එක ලංකාවේ සමලිංගිකයයි කියා ගන්න බොහෝ දෙනෙක් සමලිංගික නොවේ. ඔවුන් ස්ත්‍රියක් ලබාගැනීමේ අපහසුව නිසා කොල්ලන් පසුපස යන අය. උදාහරණයක් විදියට සිර ගෙවල් වල සිටින බොහොමයක් සිරකරුවන්. ෆොබියා ලේබලය වැදුනා හරි නැතා හරි .... මොවුන් කරන ලිංගික බලහත්කාරකම් (සක්විති නේද කිව්වේ ඔහු දිනපතා බලහත්කාරයෙන් දුෂණයට ලක්වෙන බව ) ,ප්‍රසිද්ධියේ අස්ශිල , ලිංගික ක්‍රියාකාරකම් , හැසිරීම් වලට විරුද්ධව නම් කතාකල යුතුමයි. හදිස්සියකට කොළඹ අවට පොදු වැසිකිලියකට කොල්ලෙක්ට යා ගන්න බැරි තත්වයක් නේද දැන් තියෙන්නේ ?

      කකාත් හිරේ වැටිච්ච දවසක තේරෙයි පුක (© 2014 කකා ) බේරගන්න දුවනකොට :)

      Delete
    4. මේ කතාව ඇත්ත. අද ළමයෙක් මහණ කරන්න බැරි තත්වයක් තියෙන්නේ. අද වෙනකොට සියළුම සාමනේරයන් ලොකු හාමුදුරුවන්ගේ ලිංගික අතවර වලට ලක් වෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්. මාරයා මේ ගැන තමන්ගේ බ්ලොග් එකේ විස්තර ලියා තිබුණා වගේ මතකයි ඒ කාලේ.

      Delete
    5. කතන්දරකාරයා කුජීත වී ඇති බව නොදන්න කෙනෙක් නැත. එම්බල කතන්දරකාරය. නුඹ දැන් මගේ ලිංගිකත්වය ගැන විමසා ප්‍රශ්නෙන් පැන යන බව දනිමි. හැකිනම මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනු.

      Delete
    6. @ Mahasohon.............LGBT......lesbian,gay,bisexual, transgender

      Delete
    7. http://thanoliperera.wordpress.com/ = බෝතල්පත්තරකාර කතන්දරකාරයාට අභියෝග

      Delete
    8. thanoliperera wordpress පිටුවට කමෙන්ට්ස් දාන එක අහෝසි නොකලා නම් චැලේන්ජ් එකක් කියන්න තිබුණා!

      Delete
    9. @Aru .. We normally use the term LGBTI and I is for Intersex. And honestly i believe it shroud really be LGBTIC and the C stands for various form of Cross Dressing fetishes that does not fall under any other main category. ;)

      Delete
    10. තෑන්ක්ස් මහසොහොන්......ඇත්තටම මේ කිසිම කැටගරියකට නොවැටෙන හිජ්‍රා, චක්කා (හින්දියෙන් ) පොන්නයා (මම මේ වචණය යොදනවාට පෞද්ගලිකව අකැමතියි ) කියලා කියන කට්ටියට වුනත් ලාංකීය සමාජයේත් දකුණු ආසියානු සමාජයෙත් කිසිම පිළිගැනීමක් නැහැ. ඔවුන් කරපු වරද මොකක්ද කියන ප්‍රශ්ණය නිතරම හිතනවා. සමලිංගික හැසිරීම් අනුමත නොකරන සමාජයක්, මෙවැන්නන් ලිංගිකව හැසිරිය යුත්තේ කෙසේද කියා විග්‍රහ කල යුතුයි. මෙවැනි ලිංගිකත්වයක් සහිතව ජීවත්වෙන කෙනෙකුට බලහත්කාරයෙන් ගෑණියෙක් එක්ක නිදිවද්දවන්නද අපේ සමහරුන් කියන්නේ..නැත්නම් ගල් ගසා මැරීමද කියන ප්‍රශ්නය තියෙනවා..

      මහසොහොන්......මේ අදහස ඉදිරිපත් කරන්නේ...පොදු සංවාදයක් සඳහා. උඹ ඒ LGBTIC පැහැදිලි කිරීම තුල තමයි...මට ඔය කැටගරිය එක පාරට ඔළුවට ආවේ.

      Delete
    11. බෞද්ධ ශාසනයේත් ඔය LGBTIC කියන ඔක්කෝම තියෙනවාද? නැත්නම් සාමනේරලාට "යහමඟ" කියා දෙන එක විතරද?

      Delete
    12. @ මහසොහොන් පිල්ලිය 26 March 2014 12:51

      මේ මා කියන දෙයක් නොවේ. පිළිගත් අර්තදැක්වීමයි!

      හෝමෝෆෝබියාව යන්නෙන් අදහස් කෙරෙන්නේ විෂම ලිංගික චර්්‍යාවන් ඇති අය ගේ සිත් තුල සමලිංගික හෝ වෙනත් විෂම ලිංගික නොවන චර්යාවන් ඇති පුද්ගලයින් කෙරෙහි එක්කෝ අනියත බියක් නිසා හෝ නැතිනම් විවිධ ආගමික අන්ධ විශ්වාසයන් නිසා ඇතිවන විරෝධය, වෛරය, අපහාසය, අවමානය, පිළිකුල, එදිරිවාදිකම, ජුගුප්සාව යනාදී මෙකී නොකී සෘණාත්මක ආකල්ප සමුදායටයි.

      http://en.wikipedia.org/wiki/Homophobia

      Delete
    13. @අරූ ,
      හිජරා , ලේඩි බෝයි , කැතොයි , ෆටනාරි යනුවෙන් ආසියානු රටවල හඳුන්වන අය සාමාන්‍යයෙන් වැටෙන්නේ TG කැටගරියට. ඔවුන් සමලිංගික , විෂම ලිංගික හෝ BI විය හැකියි. ඒකයි සමලිංගික යන වචනය පොදුවේ සියල්ලන් සඳහා පාවිච්චිය උචිත නොවෙන්නේ. Sexuality එකක් . Gender වෙන එකක්. නමුත් පොදුවේ මේ සියලුදෙනා සමාජයේ මුහුණපාන ගැටළු එක හා සමානයි. එයිනුත් TG සහ CD කොටස් දෙක වැඩියෙන් සමාජයේ හිරිහැර කිරීම් වලට භාජනය වෙනවා. ඒ ඔවුන් පොදු සම්මත සමාජ නියම වලට පිටින් ප්‍රසිද්දියේ කටයුතු කරන ආකාරයක් පෙනෙන නිසා. Sexuality එක හන්ගන් ඉන්න ලේසියි. නමුත් Gender සංකුලතා සඟවාගෙන ඉන්න අපහසුයි.

      අනිත් එක මුලධර්මවාදී ඉස්ලාම් පැතිරිච්ච නැති සැම ආසියානු රටකම මේ අයට පිළිගැනීමක් නැති උනත් දැඩි හිරිහැර කිරීමක් නම් නැහැ. තමන්ගේ දක්ෂතාවය මත සමාජයේ හොඳ පිළිගැනීමක් ලබන්න අවස්තාව අහිමි වෙලත් නැහැ.

      අප උසස් ලෙස හිතා සිටින ඇමරිකාව වැනි දියුණු යයි සම්මත රටවල මොවුන් හෝල් සේල් ඝාතනය වෙනවා.

      මම කලින් තැනකත් ගණිකා වුර්තිය සම්බන්ධයෙන් කිව්වා වගේ තමයි මේකටත්. නීති හදන්නෙත් සමාජය. නීති කඩන්නේත් සමාජය. නීති පැවතිය යුතුද obsolete ද කියල තීරණය කරන්නෙත් සමාජය. ඒක නිසා නීති පාස් කරලා වැඩක් නැහැ ඒ නීති වලට පිළිගැනීමක් සමාජයේ නැත්නම්.

      උදාහරණයක් විදියට තායිලන්තයේ ගණිකා වුර්තිය දඬුවම් ලැබියහැකි වරදක්. නමුත් පොදු සමාජයේ එය obsolete වෙච්ච නීතියක් නිසා එය පොතේ තිබුනත් ක්‍රියාත්මක වීමක් නැහැ. සමලිංගික අය ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙනුත් කියන්න තියෙන්නේ, පොතේ තිබ්බට වැඩක් නැහැ පොදු සමාජයේ ආකල්ප එයට සමාන්තරව වෙනස් නොවෙනවා නම්

      Delete
    14. @ මහ සොහොන්.......මේ පැහැදිලි කිරීම හා එකඟයි.නමුත් ලිංගිකත්වය හෝ ජෙන්ඩර් ව්‍යාකූලත්වය නිසා ඇතිවී තිබෙන වැරදි ආකල්පයන් සමාජයෙන් ඉවත්කරලීමට මැදිහත්වෙන උදවියට පවා එන බලපෑම් සහ අඩන්තේට්ටම් හරිම අසාධාරණයි. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්නට සමහරුන් අකැමතිත් ඒ නිසා විය යුතුයි. සමාජ ආකල්ප නිවැරදි හෝ වැරදි දිසාවකට වෙනස් කලගත හැක්කේ ඒ තුල සංවාද කිරීම තුල පමණයි. ඒ සඳහා ලාංකීය සමාජය සුදානම්ද කියන ගැටළුව තියෙනවා.

      Delete
    15. මහ සොහොන් සමග එක දෙයකට එකඟ නෑ: ලංකාවේ සමලිංගිකත්වය මෝටිවේට් වෙන්න ප්‍රධාන හේතුව ගෑනු ලබා ගන්න අපහසු කම කියන්න අමාරුයි. මේක මෙහෙම නම් සමලිංගිකයන් ගෙන් බහුතරය top පාට් එකට කැමති උන් විය යුතුයි. ඒත් සමහර විට විශමලිංගිකයන්ටත් කරදර වෙන තරම් bottoms ලා ලංකාවෙ ඉන්නවා. (අටම් ලඟදී එක කතාවක් ලියල තිබුනා.)

      ඒ ඇරුනම, ලංකාවෙ සමලිංගිකත්වයට ඔය කියන තරම් prosecution නැහැ. පීරිසා ඔය නීතිය අයින් කරන්න කලිනුත් නීති තිබිච්ච කවදාවත් ක්‍රියාත්මක වුනේ නෑ. එහෙම නීති වෙන රට වලත් තියනවා. Disturbing queens peace කියල එංගලන්තෙ ටික කලකට කලින් නඩු දැම්ම ගෙයක් ඇතුලෙ බයිසිකලයක් එක්ක සෙක්ස් කරපු මනුස්සයෙක්ට. මළගෙවල් වලටත් ගිහින් "God hates Fags" කියලා ප්‍රොටෙස්ට් කරන උන් ඇමරිකාවෙත් ඉන්නෙ. උන්ටත් following එකක් තියනව නේ. ලංකාවෙ වෙනව වගේ එක එක isolated සිද්දි කොහෙත් වෙනවා, ඒකෙන් රටක් මනින්න බෑ. ඩෝකින්ස් ගෙ එක පොතක (මගෙ හිතේ God Delusion) තියනව ඇමරිකාවෙ එක අනාගමිකයෙක් තමන්ගෙ රැස්වීමකට ආගමිකයො ගහන්න ඉන්නවා කියල පොලිසියට ගිහින් කිව්වම පොලිස් කාරය කියනව "ඔය රැස්වීම මෙහෙ තිබ්බොත් මමත් එනවා ගහන්න" කියලා. මේකෙන් කියවෙන්නෙ නෑ නේ ඇමරිකාව මූලධර්මවාදී කියල.

      දැන් කතන්දර කියාවි මේකත් මොකක් හරි වරදක් කිව්වම ඇමරිකාවෙ වැරදි පෙන්නලා ගොඩ යන්න හැදීමක් කියලා. එහෙම නෙවෙයි, වෙන රටවල නැති තරම් LGBT prosecution එකක් ඇත්තටම ලංකාවෙ නෑ, වෙන කොහෙත් තියනව වගේ isolated incidents අරෙන්න. අනාදිමත් කාලෙක ඉඳන් ලංකාවෙ ප්‍රසිද්ද කොලු කාරයො හිටියා අනික් පැති වලින් සාර්ථක ජනප්‍රිය මිනිස්සු. ලංකාවෙ නීති/අදහස් වෙනස් වෙනව නම් වෙනස් වෙන්නෙ හොඳ පැත්තට.

      ලංකාවෙ (සහ වෙනත් රටවල) ගේස් ලගෙ මෙහෙම ඇටිටියුඩ් එකකුත් මම දකිනව. සමහරු තැනකට එන්නෙම උන් ගේ කියල සද්ද දාගෙන. ඊට පස්සෙ උන්ට එන විවේචන ඔක්කොටම උන්ගෙ උත්තරේ prejudice. මම කලක් ලංකාවෙ වැඩ කරපු ඔෆිස් එකකත් හිටියා ඕපන්ලි ලෙස්බි ට්‍රේනී කපල් එකක්, ගොඩක් පුංචි උන්. උන්ට අන්තිමට ප්‍රශ්න ආවෙ උන් දෙන්නාට ඔෆිස් වෙලාවෙ ෆේස්බූක් කරනව, චැට් කරනව ඇරෙන්න දෙන වැඩක් කරන්නෙ නැති නිසා. උනුත් පෙන්නන්න හැදුවෙ ඒක සමාජයෙ ප්‍රශ්නයක් වගේ.

      Delete
    16. @ මහසොහොන් පිල්ලිය26 March 2014 12:51

      ඔබගේ සමහර ප්‍රශ්ණවලට උත්තර මගේ ලිපියේම තියෙනවා. සමහර ප්‍රශ්ණ ඔබ දැන දැනම නේ අහලා තියෙන්නේ.

      විවිධාකර ෆෝබියා ලයිස්තුවක් මා ලින්ක් කර තියෙනවා. හොමෝ ෆෝබියාව ගැන අර්ථදැක්වීම මං ගත්තේ විකිපීඩියාවෙන්.

      ලංකාවේ තත්වය ගැන මා ලියා ඇත්තේ මෙලෙසයි

      /* වාසනාවකට මෙන් ලංකාවේ තත්වය ලෝකයේ ඇතැම් පසුගාමී රටවල් මෙන් දරුණු නැත. එසේ වුවද, වික්ටෝරියානු යුගයේ සිට පැවතෙන විවිධ මර්ධන නීති තවමත් අපේ රටේ පවතී. */

      මේ ලිපිය ලියන්නට හිතුනේ ඉන් දින දෙකකට පෙර ගීතයක අරුත ගැන අස්වැන්න බ්ලොගයේ ගිය කතාබහකින් පසුවයි.

      http://aswanna.blogspot.com/2014/03/blog-post_9506.html

      Delete
    17. අත් දෙකෙන් හුරු අත වමඩ දකුණද කියනෑකේදී වමත හුරු අයට ඒ නිසා වෙනස්කමක් නොවියයුතුයි කියන එක පිළිගන්න පුලුවන්. නමුත් ඒ කාරනේ ලිංගික රුචිකත්වයේදී විශම ලිංගිකත්වය හා සමලිංගිකත්වය එක්ක සංසන්දනය කරන්න බෑ. මේ ලෝකේ අපි මනුස්සයෝ හැටියට බිහිවෙලා තියෙන්නේ විශම ලිංගික ක්‍රියාවක ප්‍රතිඵල හැටියට මිස සමලිංගිකත්වයේ ප්‍රතිඵලයක් හැටියට නෙවෙයි. සමලිංගිකත්වය කියන දේ විශමලිංගිකත්වයට සම තත්වයක් ලා සලකන්න කොහොමත් බෑ. ඒකට හේතුව සමාජයක් ගොඩනැගීමේදීම විශමලිංගිකත්වය ප්‍රමුඛත්වය ගන්න නිසා සමලිංගිකත්වය කියන විකුර්ති ස්වරූපයට කිසිම විටක එය පදනම හැටියට ගෙන ස්වභාවධර්මයට අනුරූප වන් මිනිස් සමාජයන් හෝ සංස්කෘතික පරිසරයන් ගොඩනගන්න බෑ. එහෙම කරන්න උත්සහ කළත් ඒ වෙන්නේත් මිනිසුන්ගේම තියෙන ස්වභාවික ලිංගිකත්වය ඒ ආකාරයෙන් පිළිගන්න අකමැති ලිංගික කුහකත්වයන් නිසයි. ඒක කරන්නත් ඕනේ කෘතීම ලෙස ස්වභාවධර්මයේ සහය නොලබා කුහකත්වය හා අත්තනෝමතිකකම් මත. මේ කතන්දර කියන අය බටහිරින් අල්ලාගන්න පස්චාත් නූතනවාදය වගේ දේවල් උඩින් පල්ලෙන් අතපතගාලා අපේ රටේ මතවාදීව අතරමංවන ආතක් පාතක් නැති පිරිස මුලාකරන්නේ ඔය ලිංගිකත්වය කියලා විකුර්ති කාමුකත්වය ඉස්මතු කරගනිමින්. මේ ලෝකේ තව කොපමණ කාලයක් ඉදිරියට ගියත් ලිංගිකත්වය් කියන දේ ඉදිරියට පරිනාමය වෙන්නේ ගැහැනු/ පිරිමි ලිංගික සුවිසේෂීතා වැඩිවන ආකාරයටත් විරුද්ධ ලිංගික සම්බන්ධතා වැඩිදියුණු වන ආකාරයටත් කියන එක පැහැදිලියි. ඒක තමයි ස්වභාවය. ඊට පිටින් කුහක මිනිස්සුන්ගේ අවශ්‍යතා මත සමලිංගිකත්වය කියන විකුර්ති ස්වරූපයට විශමලිංගිකත්වය හා සම තත්වයක් ලබා දී එය ඉදිරියට වර්ධනය කරන්න ගියොත් වෙන්නේ මිනිස් සංහතියම විනාශයට යන ගැටුමකට මගපෑදෙන එක විතරයි. ඒ නිසා බොරු සම තත්වයන් ගැන කතා නොකර තමන් මේ ලෝකෙට ජාතක උනේ කොහොමද කියලා මතක් කරගත්තනම් ඒක හොඳයි. මේ ලෝකේ සමලිංගිකයෝ හැදෙන්න බලපාන විවිධ හේතු තියෙනවා. ඒවායින් වැඩි හරිය ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක අසමබරතාවයන් එක්කයි සම්බන්ධ. මේවා සමාජයේ තියෙන කුහකකම් වලින් ඇතිකරන දුර්වලකම්. ඒවට සම තත්වයන් දෙන්න නෙවෙයි අවශ්‍ය ඒ දුර්වලකම් සමාජයෙන් ඉවත් කරන එක.

      Delete
    18. බයවෙන්න දෙයක් නෑ. වමතින් ලියන එක ලිංගිකත්වයට සම්බන්ධ දෙයක් නෙවෙයි.

      Delete
  2. සෑර් අර එකීය පුද්ගලයා ගැන ලියන ඇමරිකාවේ ඉන්න නෝනාත් හොමෝෆෝබියාවෙන් පෙලෙනවා නේ, ඒක රිපබ්ලිකන් ලක්ෂණයක් ද නැත්තං "මගේම නොවන මගේ පුකක් තියෙනවා" කියල සමරිසියො කිව්වම ඒකීය පුද්ගලයා සංකල්පය නිකං මෙව්ව වෙනවද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නයට උත්තර දීමට නම් පළමුව ඒකීය නෝනා හඳුනා ගත යුතුයි. ඒකීය නෝනා කියන්නේ ලංකාවේ ජීවිතය කඩාකප්පල් කර ගත් විනාශ කර ගත් ඉන්පසු සුද්දකුගේ කරේ එල්ලී ඇමෙරිකානු විමුක්තිය හඳුනා ගත් සාපේක්ෂව ඒ තරම් බුද්ධියක් නැති කුස්සි අම්මා ටයිප් චරිතයක්. රස්සාවක් නොකරන, රස්සාවක් හොයා ගන්නට බැරි, සැමියාගෙන් යැපෙන මේ කුස්සි අම්මාගේ ගේ ලෝකය සිය සැමියායි. දේශපාලනය සිය සැමියාගේ දේශපාලනයයි. ධනවත් සමාගම් විධායකයකු වන ඔහු රෙපබ්ලිකන් පාක්ෂිකයකු බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවෙයි. ඒ නිසා ඒකීය නෝනාගේ දේශපාලනයද රෙපබ්ලිකන්ම තමයි. (ආන්තික දක්ෂිණාංශක) එය එයා කියන විදියට ලිබෙර්ටේරියන් නෙවෙයි. ලිබර්ටේරියන්ස්ලා කියන්නේ වෙනස් මිනිස්සු ජාතියක්.

      Delete
    2. ඒකීය නෝනා ලිබර්ටරියන් නෙවෙයි කියන්න මොකුත් සාධක තියනවද?

      වෙන වැඩක් එහෙම නැත්නම් කෙටියෙන් කියන්න, මොකද එතුමිය මොකෙක්ද කියන එක මට දැවෙන ප්‍රශ්නයක් නෙවෙයි, නිකම් කුතුහලේට ඇහුවෙ.

      Delete
    3. ලිබර්ටේරියන් කියන්නෙ ආර්ථික නිදහස හා පුද්ගල නිදහස කියන දෙකම අගය කරන කෙනෙකුට. ඒකීය නෝනා ආර්ථික ආන්තික ආර්ථික නිදහස අනුමත කළත් පුද්ගල නිදහස සම්බන්ධයෙන් ඉන්නෙ යල් පැණ කිය කන්සර්වේටිව් අදහස් වල. ඒ රෙපබ්ලිකන් ප්‍රවේශය. ලිබර්ටේරියන් නෙවෙයි.

      Delete
    4. ඒකීය නෝනාගේ මල්ලි නම් මේ කිසිම දෙයක් එච්චරවත් දන්නෙ නෑ. එයාට ඇමෙරිකාව හොඳයි, ලංකාව නරකයි. කොයි තරම් සිම්පල් ප්ලෑන් එකක්ද?

      Delete
  3. ඔය වමතින් ලියන අය ඉන්නවා නේද? ඒගොල්ලෝ සාතන්ගේ පුත්තු තමාලු...:D

    ReplyDelete
    Replies
    1. @ චෝටා කුමාරි දීදී & මාමා ජී

      ගර්..ර්..ර්....ර් හෙලා දකිමි!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. මං නං බෝලින්, බැටින් විතරයි වමෙන්!

      Delete
  4. අනේ පව් අර අලුතෙන්ම ප්‍රෝෆයිල් එකක් හදාගෙන ආපු නංගා. තව මහත්තයෙක් උන්නා, එයා වැඩකල ආයතනේ හොඳ පෙනුමක් තියෙන කොල්ලෙකුට බේරෙන්න බෑ. තම්බ්ස් අප් කකා ඕනම උනොත් මාත් ලියන්නම්. තව ගෝත්‍රික කතා ගැනත් ලියනවා.. පව් ඕයි අපේ සිරි ලංකිකයෝ..

    ReplyDelete
    Replies
    1. ඈම්පල් රූම් ෆෝ ඉම්පෲව්මන්ට්!

      Delete
  5. මොකද කකා මුර්ධජ ඕනෙ නැති නැත් වලටත් යොදලා තියෙන්නෙ... හි හි...

    අනේ කකා අපේ රටේ පවුලක් වෙලා ඉන්න එවුන්ගෙත් පෞද්ගලික ජීවිත වලට හොම්බ විතරක් නෙවෙයි අත පයත් දාන එක සම්ප්‍රචායක් වෙලා තියෙන එකේ සමලිංගිකයන්ට පාඩුවෙ ඉන්න දෙයිද... කෙනෙක්ගෙ ලිංගික ජීවිතය තව කෙනෙක්ට කරදරයක් නොවෙනවා නං (ස්ත්‍රී දූෂණ/ළමා අපචාර/අතවර) අනිත් අයට මොන අමාරුවක්ද... ඒක ඒ මිනිහගෙ පෞද්ගලිකත්වය...

    ReplyDelete
    Replies
    1. මොන විරෝධය තිබුනත් ගල්ගසා මැරීම වගේ දේවල් නෑනේ!

      Delete
    2. මහාප්‍රාණ අකුරු වදින්නේ මං කපුටා ෆොන්ට් එකෙන් ටයිප් කරන නිසා විය යුුතුයි.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමාජවාදීන්ට ඇයි වමේ අය, වාමාංශිකයො කියල කියන්නේ. කොහොමද ඒ වචනෙ නිර්මාණය වුනේ? දන්න කෙනෙක් පැහැදිලි කරල දෙනවද?

      කොහොම වුනත් කතන්දර මම නම් ඔය සමලිංගික සංකල්පයටනම් තදින්ම විරුද්ධයි. සමහරවිට ඒ මම ඉන්න මතය, මම හරි කියල විශ්වාස කරන දේ හින්ද වෙන්නැති. අපිට බලු මස් කන එවුන් අපුලයි. හැබැයි තලු මර මර ඌරා,කුකුල,ගෝන,මුවා කනවා. ඒ වගේ වෙන්නැති මේකත්. ඒත් ඉතින් අපි,අපිට කැමති විදියට, අපි හරි කියල හිතන විදියට ජීවත් වෙන එකේ වරදක් නෑනෙ, ඒකෙන් කාටවත්ම අවැඩක්, හානියක් වෙන්නැත්නම්..

      Delete
    2. The terms "left" and "right" appeared during the French Revolution of 1789 when members of the National Assembly divided into supporters of the king to the president's right and supporters of the revolution to his left. One deputy, the Baron de Gauville explained, "We began to recognize each other: those who were loyal to religion and the king took up positions to the right of the chair so as to avoid the shouts, oaths, and indecencies that enjoyed free rein in the opposing camp." However the Right opposed the seating arrangement because they believed that deputies should support private or general interests but should not form factions or political parties. The contemporary press occasionally used the terms "left" and "right" to refer to the opposing sides.[10]

      http://en.wikipedia.org/wiki/Left%E2%80%93right_politics

      Delete
    3. Understood! thank you so much..

      Delete
    4. "Left" in Latin = Sinister

      Delete
  7. කකා කියන්නේ ලංකාවේ තත්වය සුරක්ෂිතයි කියලද තාම.. නැහැ.. මං හිතන්නේ එහෙම නෙමෙයි කියලයි... මේකයි කකාබාසුන්නැහේ ඔහේගේ අදහස් හරියට තේරුං ගන්න නං ගල පට්ට ගහලම ගන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇතැම් නොදියුණු රටවල සිදුවී ඇතැයි කියවෙන පරිදි ලංකාවේ සමලිංගිකයින්ව මරා දැමීමේ වගේ තත්වයක් නෑ නේද?

      ඒ වාගේම පොලිසියෙන් නඩු දාලත් නෑනේ

      (මං මේ කියන්නේ සමලිංගික ක්‍රියා ගැනයි, කුමාරකාමය හෙවත් පෙඩොෆීලියා අපරාධ ගැන නොවේ!)

      Delete
  8. සමලිංගික කතා...
    නිතර ගොතයි කකා...

    ReplyDelete
    Replies
    1. කකා හරිම සතා
      ඈත්වෙයන් පුතා
      (රචනය , අඥාත ඇනෝ )

      Delete
    2. කයි පද වැල් ගොතා....
      බස රස වනසතා....
      ලිව්වත් කොළු කතා...
      කකා කෙලින් සතා...

      එහෙම කියන කකා..
      සමරිසි දන වෙතා....
      සිත් තොස පතුරතා...
      පරිස්සමින් පුතා...

      Delete
  9. @ කාකා ජී & සර්ව ජී'ස්,

    තවත් කාලයකට බ්ලොග්ස්වල කමෙන්ට් කරන්නෑ කියලා හිතාගෙන හිටිය මට අද කාකා ජීගේ පෝස්ටුව දැක්කම කමෙන්ට් නොකරම බෑ කියලා හිතුණා!

    මොකද, අද පෝස්ටුවේ මුල් කොටස මට සෑහෙන්න අදාල වෙන නිසා!!

    "මම ජී බත් කන්නෙත් වම් අතින්ම තමයි!!!" (මේක එහෙම්ම පිටින්ම ඉල්ලන් කෑමක් බව දන්නවා! නමුත් ඇත්ත ඒකයි!!!)

    මම Left-Handed නෙමෙයි!! "මම ජී Ambidexter කෙනෙක්!!!!" (පොඩ්ඩක් ගූගල් කරලා බලන්න!!!!!!)

    මම සාමාන්‍යයෙන් ලියන්නේ දකුණතින්! ඒත් වමතින් ලියන්න පුලුවන් ඉංග්‍රීසි විතරයි! (තාම හුරු වෙන ගමන්!)

    වැදගත්ම දේ, මම වමතින් කන්න හුරු වුනේ මීට අවුරුද්දකට වගේ කලින් ඉඳලා!!! (උපන්දා ඉඳලා ඒ දක්වාම කෑවේ දකුණින්!!!!!)

    යාලුවෝ එක්ක කෑමකට පිට ගියාම, ගෙදර පාටියකදි, වෙඩින් එකකට එහෙම ගියාම, මාත් එක්ක කෑම කන අයට මගේ මේ වම් අතේ සීන්කෝන් එක ඉක්මනට නෝට් වෙනවා!!!!!

    අපේ ආච්චිගේ අවුරුද්දේ දානේ තිබුණ වෙලාවේ ආපු කට්ටිය වැඩි දෙනෙක් කතාබහ කරලා තිබුණේ (අපේ ආච්චි සම්බන්ධ මෙමරීස් වලට වඩා!) මගේ වම් අතේ කතාව ගැන!!!!!

    Ambidexter වීම මට ඇරෙන්න අනිත් හැමෝටම ප්‍රශ්නයක් වෙන්නේ ඇයි???

    හැමෝම නොවෙන නිසා ද? සමාජ සම්මත වලට පටහැනි නිසා ද???


    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ///හැමෝම නොවෙන නිසා ද?//

      හැමෝම එහෙම නොවෙන නිසා ද?

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. @ කතන්දර පිල්ලිය
      ඔබ උභයහස්ත වීම ගැන ඇතීවෙන ඒ කතාබහ ද ෆෝබියාවක රෝග ලක්‍ෂණ වේ!

      Delete
    3. @කාකා ජී,

      අනිවා!!!!!!

      //උභයහස්ත// අදමයි මම මේ වචනේ ඇහුවේ!

      බොහොත් ෂුක්‍රියා කාකා ජී!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  10. අර ලිපිය මාත් දැක්ක. අපේ මිනිස්සු ගැන කණගාටු වෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ.

    ReplyDelete
  11. මං පොරත් ලියන්නෙ වමතින්,බත් කන්න ලොකු වුණාම පුරුදු වුණා දකුණු අතට .......... හැක්


    කකා මෙක තෙරුම් ගන්න සැහෙන වෙලාවක් ගියා ඕන් ....

    ReplyDelete
    Replies
    1. මෝ රූම් ෆෝ ඉම්පෲව්මන්ට්!

      Delete
  12. මම මෑතකදි දැක්ක පට්ට ජෝක් එකක් තමයි අර "සැබෑ ලිංගික නිදහස" කියල ප්‍රොෆයිලය දාපු "ළිං ගික" කමෙන්ට් එක.

    // ස්වභාවික හැඟීම් සංවේදනයන් තියෙන කාට උනත් සමලිංගිකත්වය කියන්නේ රස විඳින්න පුලුවන් දෙයක් නෙවෙයි. එය පිළිකුල උපදවනසුලු දෙයක්. //

    කවුද මේක කියන්නෙ?

    කියන්නෙ.......සැබෑ ලිංගික නිදහස...!!!!!!!!

    පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා, සිල් අරන් ඇවිත් සීලවතී මකුණො මරනවා....




    ReplyDelete
    Replies
    1. පුක නෑ..... (පුක යනු කුණුහබ්බයක් නොවේ..- කකා)

      Delete
    2. මෙය "සැබෑ ලිංගික නිදහස" ගේ පුකත්වය එලිදරව් වීමකි!
      http://kathandara.blogspot.com/2013/02/arseholedness-exposed.html

      Delete
  13. කකා අර විචාරක කියන රිටයරි ඩයල් එක කියන පස්ට රසවින්දන හැකියාව ගැන මොනවද හිතෙන්නෙ?

    රසවින්දන හැකියාව ලබන්න පෙලපොත් සාහිත්‍යය කරන්නම ඕනෙද?

    ReplyDelete
    Replies
    1. අපියි නෑ.. සකස් කඩෙන්, පංචතන්ත්‍ර දෙකක් කාළා අමාවතුර ටිකක් බීලා, හින්ගල සාහිත්ත සංග්‍රයකකින් කටයි අතයි පිහදා ගනින්.. දවස් දෙහෙන් සම්බහිය වෙනවා..

      Delete
    2. අනේ ඔය කිසි දෙයක් ඕනැ නැහැ. දැන් ඔය අපේ මාරයා අයියා මහාචාර්ය සුචරිත් ගම්ලත්ට මයියොක්කා කාලා මැරෙන්න හිතෙන විචාරක ප්‍රහාරයක් එල්ල කළේ ඕවා කියවලයැ?

      Delete
    3. විචාරක කියන ආකාරයට සාාහිත්‍යය කතා කළ යූත්තේ සාහිත්‍යධරයින් පමණි.

      හම්පඩ ඕලෙවල් කාලේ කලා විෂයන් ගෙන් ඕළෙවල් වලට සිංහල සාහිත්‍යය උගත් අය හැර අන් අය සාහිත්‍යය නොදනිති.

      විචාරක බ්ලොග් ලෝකයට ආවෙත් අපේ සිංහල නිවරද කරලා එක්කෝ ඔහු 1971 සිටි ජේවීපීයේ හෝ නැතිනම් පසුව සිටි ආමි එකේ හෝ මෙන් ෆුල් ඩිසිප්ලීන් එකක සුරකින්නයි. පසුව ඔහු ඒ බ්ලොග් අවකාශය සුවදවත් කිරීමේ අදහස අතහැරියා.

      Delete
  14. විචාරක,යනු විචාරයක් නැති කෙනෙකි.ඔහුට යුධ ආතතිය නම් මානසික අසමතුලිත තාවය තිබේ.විටින් විට ඒ තත්වය මතුවේ.සරාගේ බ්ලොගයේ ඔහු විසින් දැමු කොමෙන්ටුවක සඳහන් කරන්නේ ඔහු විසින් රියදුරන් සිය ගනකට කම්මුල් පහරදී ඇති බවයි.මෙය සැබෑවක් නම් විචාරක නිතර කතා කරන හමුදා විනය,සදාචාරය සැබවින්ම ඔහු තුල නැති බව නේද?.

    ReplyDelete
    Replies
    1. එයා ආමි එකට යන්න පෙර 1971 ජේවීපීකාරයෙක් ලු!

      Delete
  15. මා ගැටවර වියේදී කියැවූ නවකතාවක පාදම වූයේ ලංකාවේ කුඩා නගරයක ගණිකා වෘත්තියේ නියැළෙණ අම්මා කෙනෙකු හා දුවලා දෙදෙනකු ඇති පවුලකි. ඇත්තටම මේ කතාවේ සඳහන් කාලය වන විට අම්මා ගණිකා වෘත්තියෙන් බොහෝ දුරට විශ්‍රාම ගොසිනි. දුවලාද කස්ටමර්ලා ගෙදරට ගෙන නො එති. ඔවුන් දඩයම් කරන්නේද හැමදාම නොව ඉඳහිටය. (මාසයකට දින කිහිපයක්) එසේම හැම කෙනෙකුම නොව තෝරා ගත් රෙගියුලර්ස්ලා කිහිප දෙනෙකි. මතක හැටියට කතාවේ කූඨ ප්‍රාප්තිය මේ තිදෙනා එක්ව ඉහළ පොලිස් නිලධාරියකුව රවටා ලිංගික කටයුතු පිණිස ගෙදරට ගෙනැවිත් මරා දමා සිරුර සැඟවීමය. මරා දමන්නේ ඇයිද මතක නැත. ඒ දවස්වල මට මෙය මගේ මනස කැළඹූ නවකතාවක් විය. මා පුරුදු වී සිටි සංස්කෘතිය අනුව මෙවන් දේ සිදු විය නොහැකිය. මා දැන සිටි සංස්කෘතියේදී අම්මලා දූලා එක්ව ගණිකා වෘත්තියේ නොයෙදෙති. මිනී නොමරති. හැබැයි වයසින් මෝරා යත්ම මෙවැනි දේවල්ද ලෝකයේ නොවිය නොහැකි බව තේරුම් ගියේය. කතුවරයා මෙය ලියන්නට ඇත්තේ සැබෑ සිද්ධියක් පාදක කොට ගෙන බව අද සිතෙයි. ලෝකයේ හැමදේම එහෙමය. අපේ සංස්කෘතියට එක් වර ආගන්තුක වීම නිසා යම් සිද්ධියක් සිදු නොවේය හෝ අස්වාභාවික හෝ වැරදිය කිව නොහැකිය.

    ReplyDelete
    Replies
    1. ඒ නවකතාව කියවීමට කැමත්තක් ඇති වුණා! පොතේ නම හෝ රචකයා ගේ නම මතක නැතිද?

      Delete
  16. සමලිංගිකත්වය ගැන වෙනස් විදිහකට බලන්න මාව පෙළඹෙව්වේ ශ්‍යාම් සෙල්වදුරෙයි ලියපු Funny Boy කියන පොත. මම කියෙව්වේ සුගතපාල ද සිල්වා අමුතු ඉලන්දාරියා නමින් කල සිංහල පරිවර්තනය. මෑතක් වනතුරුම 'සාමාන්‍ය තත්වයෙන් වෙනස් වූ' කියන අරුතින් 'විකෘති' ලිංගික ක්‍රියාවක් ලෙස මම එය හැඳින්වුවා. නමුත් එය අපහාසාත්මක බව ඉක්මනින්ම මට තේරුණා. ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයත් සමලිංගික මිතුරන් ඇසුරු කරන්න ලැබුණු නිසා, ඔවුන් සමාජයීය පුද්ගලයන් ලෙස කිසිම ආකාරයකින් අසමලිංගිකයන්ට වඩා වෙනස් නැති බව වැටහුණා.

    මෙන්න මිනිස්සුන්ගේ ඇස් අරින්න සමත් වෙච්ච තවත් චිත්‍රපටයක්... Brokeback Mountain

    ReplyDelete
    Replies
    1. තිසර....ලැබුනොත් Philadelphia බලන්න. 1990 යුගයේ ෆිල්ම් එකක්. ටොම් හැන්ක්ස්, ඩෙන්සිල් වොෂින්ටන්.

      Delete
    2. කවුරුත් එක වගේ මිනිස්සු.

      Delete
    3. Boys don't cry බලලා තියද, පට්ට දුක හිතෙනවා, වැඩියත්ම දුක ඇත්ත කතාවක් උඩ පදනම් වුනු එකක් නිසා.

      Delete
  17. ඔබ අදහස් කල කාරණා තේරුම් ගත්තා හොද ලිපියක් , ස්තුති.

    ReplyDelete
  18. //වාසනාවකට මෙන් ලංකාවේ තත්වය ලෝකයේ ඇතැම් පසුගාමී රටවල් මෙන් දරුණු නැත.//


    එහෙම සම්බන්ධයක් අහුවෙලා බලන්න ඕනේ, ගෙවල්වලටත් ගල් ගහල තමා නතර වෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ඉතිං පන්සල්වල උළු නැතිවෙන්න ඕනෑ!

      මා අදහස් කලේ වෙනත් රටවල මෙන් එල්ලා මැරීම් ගිනි තැබීම් නැති බවයි!

      Delete
  19. තවමත් LGBT ලිංගිකත්වය හා බද්ධව ජීවත්වෙන අයට බොහෝ රටවල සුරක්ෂිතභාවයක් නැහැ. එවැනි මිනිසුන්ද අපි වැනිම සාමාන්‍ය මිනිසුන් යැයි හඳුණානොගන්නන් තමයි අස්වාභාවික චරිත හැටියට මට පේන්නේ. ඒ මදිවාට සමලිංගිකත්වය වරදක් නොවේ කියන අයවත් දඬුකඳේ ගහනවා. ලෙස්බියන් සහ ගේ දෙගොල්ලන් සමගම මට නොයෙක් වර රාජකාරි කටයුතු කරන්නට ලැබිලා තියෙනවා. දැනටත් අපේ නිවසට උඩ තට්ටුවේ ඉන්නේ ලෙස්බියන් කපල් එකක්. ඔවුන් සාමන්‍ය අය අනිකුත් උදවිය වගේම..අපි මොකටද කාගෙවත් ලිංගිකත්වය ප්‍රශ්න කරන්නේ....එබිකම් කරන්නේ.

    ගෙදර ගෑණි ඉන්දැද්දි හතරවටේ බඩු ගහන එකා නිවැරදියි...තමන්ගේ සහකරු/සහකාරි සමග සමලිංගික සේවනයේ යෙදෙන එවුන් සදාචාර විරෝධියි. කොතනද අවුල..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ෆෝබියාවලින් හෝමෝෆෝබියාව තමයි නැතිකර ගන්න ලේසිම එක.
      http://phobialist.com/

      Delete
  20. අද කතාවට අදාල නැතත් කතන්දර දැනුම් සාගරයට මේක...

    මේ පෝස්ට් එක කියවන්න කලින් ඉන්බොක්ස් එකේ තිබිලා මම කියෙව්ව වෙන ලිපියකත් තිබුනේ අසාමාන්‍ය ෆෝබියා ගැන... මේ ඒකේ තිබුණ මම අද ඉගෙනගත්ත අපුරු ෆෝබියා දෙකක්...
    Hippopotomonstrosesquipedaliophobia
    Venustraphobia
    සීංහල තේරුම දාන්න ඕනේ නෑනේ ගූගල් කරලම බලන්න :)

    ReplyDelete
    Replies
    1. Venustraphobia - මෙයට මං කියන්නේ ඇන්ටිපා මෙන් ලස්සන කියායි.

      මෙන්න ඒ වගේ ගෑල්ළමයෙක් ගැන කතන්දරයක්!

      http://kathandara.blogspot.com/2009/10/buns-pans-and-bags.html

      Delete
  21. මගේ අවංක අදහස මට LGBT සීන් එක එච්චර දිරවන්නේ නැති බවයි..ඒත් ඒක ඔවුන් සමාජයෙන් කොන් කිරීමට තරම් හේතුවක් දැයි සම්භන්ධයෙන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්. මා පෞද්ගලිකව LGBT කැමති නැති උනත් නීතීය ඉදිරියේ කෙනෙකුගේ ආදරය වෙනුවෙන් තහංචි දැමිය යුතු නෑ.

    පුද්ගල රුචි අරුචිය නිදහස වගේ සංකල්ප පිලිගන්නා නිසාමයි, සමලිංගිකත්වය නීතීයා ඉදිරියේදී විසම ලිංගිකත්වයට තියෙන ස්ථානයම තිබිය යුතු යැයි උඩ කමේන්ට් වල ලියලා තියෙන්නේ... ඒක එහෙම උනාව සමලිංගිකත්වය පිලිබද පුද්ගලයකු තුල තියෙන අපුලද ඒ පුද්ගලයාගේ කැමැත්තක්...

    උදාහරනයක් වෙනුවෙන් සරීර කිස නිම කිරීමේන් පසු කොල කැල්ලකින් පිස ගැනීම සුද්දගේ සිරිතක්. ඒය අතින් සෝදා ගැනීම සුද්දෙකුට අපුලක්. ඒත් අපි වගේ ලංකාවේ උන්ට කොල කැල්ලෙන් පිස ගැනිම අපුලක්. ඉතින් සමාජ මතය තීරනය වෙන්නේ මේ බහුතරය හෝ ප්‍රබල මතය අනුවයි. ඒක නිසා තමයි සුද්දගෙ අරටේදි කොල කැල්ල යොදා ගැනීම ප්‍රභල වෙන්නෙත් අපේ රටේදි අතෙන් සේදීම ජනප්‍රිය මතය වෙන්නේත්..සමලිංගිකත්වයත් මට අනුව ඔය වගේ දෙයක්...කොල කැඑල්ලේන් පිහි දාන්න ඕනා අය කොල කෑල්ලේන් පිහි දා ගත්තාවේ..හෝදන අය හෝදා ගත්තාවේ..ඒත් මට කොල කෑල්ලේන් පිහිදීම අපුලක්.......

    ReplyDelete
    Replies
    1. තමන් විදියට අනුන් ඉන්න ඕනෑය කියා අදහසක් නැති නම් අවුලක් නෑ!

      Delete
  22. //වාසනාවකට මෙන් ලංකාවේ තත්වය ලෝකයේ ඇතැම් පසුගාමී රටවල් මෙන් දරුණු නැත.//
    හෙක් හෙක්..
    බලන්න එපාය ලිංගිකත්වය ගැන කියැවෙන නිර්මාණයක් එහෙම එළියට දැම්මම....

    පොදු මතයට එරෙහිව යන්නන් අසමජ්ජාතියෝ ලෙස හදුන්වන රටක් මේක

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ඇත්ත, යුක්තිය, හරි වැරැද්ද කතාකළමා දේශ ද්‍රෝහියෝ වෙන එක?

      Delete
  23. සමලිංගිකත්වය කියන කාරණය ලාංකීය සමාජයේදී රාජකීය සහ ග්‍රාමීය කියල දෙකකට බෙදෙන ගතියක් තිබෙනවා. රාජකීය සමලිංගිකත්වය කියලා මා සඳහන් කරන්නේ කොළඹ 7 ප්‍රෙද්ශය කේන්ද්‍ර කොටගෙන ඒ ආශ්‍රිතව තානාපති කාර්යාල, ප්‍රසිද්ධ හෝටල ආදිය අයිති සමාජය තුල තිබෙන උසස් සමලිංගිකත්වය ප්‍රසිද්ධියෙ ්පිලිගන්න කොට්ඨාශය. මේ අය තමයි වැඩිපුරම සමලිංගිකත්වය ගැන කතා කරන්නෙ. නමුත් ඔවුන්ගේ සමලිංගිකත්වය ඔවුන් විසින් මුුහුන දෙන සුලු ප්‍රශ්ණ ගනනාවක් වටා භ්‍රමනය වෙමින් පවතිනවා.

    ඒත් සමලිංගිකත්වය කියන්නෙ මොකක් හරි අවශ්‍යතාවයක් වගේ හැමෝටම ඉදලා හිටලා ඇතිවෙන්න පුලුවන් දෙයක් නම් ඒ හරහා සමස්ථ සමාජයේම සමලිංගිකයින්ට එකම වගේ තැනක් ලැබෙන්නට ඕනි. කොළඹ 7 සිටින සමලිංගිකත්වය වෙනුවෙන් ඉංගිරිසියෙන් ලිපි ලියන අය තොටළඟ සිටින පොන්නයින් ගැන ලියා ඇතිද? ඔවුන් ගැන අඩුතරමේ අධ්‍යනයක් වත් කර තිබේද? ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කර තිබේද? ඔවුන් මුහුන දෙන සමාජිය ගැටලු දෙස අනුකම්පාවෙන් බලා තිබේද? මට නම් සිතෙන්නෙ එහෙම එකක් නැහැ. සමහර උසස් සමාජ ස්ථරවල ගෑනු පිරිමි සමලිංගික වීම අභීමානයක් පොරත්වයක් විදියට සලකාගෙන ඉන්නකොට සමාජයේ ඉතිරි අයට සමලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිටීම දැඩි ලෙස සමාජයේ පීඩාවන්ට ලක්වන්නට හේතු වෙන සිද්දියක් වෙනවා...

    ලංකාවෙ කාන්තා සංගමයක තිබුන වැඩසටහනක් තිබුනා සමලිංගිකත්වය ගැන. එහිදී මම ඇහුව පස්නයක් තමයි ලංකාවෙ ගැහැනුන් විසින් මුහුනදෙන ගැටලු සිය දාස් ගානක් තියෙද්දි ඇයි ඔබ මේ වගේ ඉතාම සුලුතර ගැටලුවක් ලොකු කරන් දගලන්නෙ කියන එක..ඒක කකාට අනුව වැරදි පස්නයක් ඒක පෝබියාවක් වෙන්න ඇති. නමුත් මට අනුව ඔවුන් ක්‍රියාත්මක වන සංවිධානයන්ට වඩාත් මුදල් උපයාගත හැකි පිටරටවල් වලින් මුදල් ලබාගත හැකි වැඩසටහනක් තමයි මේක. ඊට අමතරව ධනවත් සමලිංගික ලාංකිකයින්ගේ සරණත් අර කාන්තා සංවිධානයට ඉබේම ලැබෙනවා...

    එහෙම නැතුව කාන්තා සංවිධාන විසින් කටුනායක ගුබ්බෑයම් වල එක වර්ග අඩි විස්සක තිහක තෙරපෙමින් ඉන්න, සමලිංගික නොවී නිදාගන්නවත් බැරි තැන්වල ඉන්න කාන්තාවො ගැන කතා කලානම් එයාලට මුදල් ලැබෙන්නෙ ්නැහැ... ඔවුන්ට ගතමන්ට් එක ගන්න ක්‍රමයක් නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. //////කොළඹ 7 සිටින සමලිංගිකත්වය වෙනුවෙන් ඉංගිරිසියෙන් ලිපි ලියන අය තොටළඟ සිටින පොන්නයින් ගැන ලියා ඇතිද? ඔවුන් ගැන අඩුතරමේ අධ්‍යනයක් වත් කර තිබේද? ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කර තිබේද? ඔවුන් මුහුන දෙන සමාජිය ගැටලු දෙස අනුකම්පාවෙන් බලා තිබේද? මට නම් සිතෙන්නෙ එහෙම එකක් නැහැ/////////

      කිසිම කෙනෙක් ඒ වෙනුවෙන් පෙනිසිට ඇතැයි මම හිතන්නේ නැහැ. පත්තරයක ලිපියක් පළවුවත් ඒකත් ජුගුප්සාව නංවන ආකාරයේ තේමාවකින් මිස ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න අරභයා ලියවෙලා නැහැ.

      මෙවන් චරිතයක් ප්‍රධාන චරිතය ලෙස ගෙන හැදූ හින්දි චිත්‍රපටයක් මතක් වුනා Tamanna කියලා. ඒ චරිතය රඟපෑවේ පරේශ් රවාල් ලියලා දක්ෂ නළුවෙක්.

      Delete
    2. /* .ඒක කකාට අනුව වැරදි පස්නයක් ඒක පෝබියාවක් වෙන්න ඇති. */

      ඇත්තටම අපේ අයියලාට ෆෝබියාව තියෙන්නේ කාන්තා විමුක්තිය ගැණ කතාකරන ඕනෑම දෙයක් සම්බන්ධයෙනුයි. ඒ කියන්නේ මූලිකවම ෆෙමිනිසම් හෙවත් ස්ත්‍රීවාදය සමහරුන්ට ගැරඬියා ට බූමිතෙල් වගේ.

      පසුගිය දවස්වල anti-feminist බ්ලොග් අඩවි කීපයක්ම බිහිවුණා.

      Delete
  24. http://kathandarakari.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මාලන් ගේ සින්ඩියට ඉල්ලුම් කළෙමි. එසේ වුවත් මාලන්ව විවේචනය නොකරනවා කියා සහතිකයක් නැත. මාලන්ද කතන්දරකාරයා වැන්නෙක් බැවින් ඔහුගේ ලිපිද විචාරය කරමි.

      Delete
    2. මේ මොකද මහසෝන් පිල්ලිය ආපු කමෙන්ට් එකක් ගෙඩි පිටින් එතැන අතඇරලා තියෙන්නේ?

      ඔහේ මහසෝන් පිල්ලියගේත් පිල්ලියක් ද?

      අනිත් කාරණය තමයි ඔහේ ගේ ඔය බ්ලොග් එකේ මට කමෙන්ට් කරන්න බැරි නම් මොකක්ද ඇති වැඩේ? ඇයි කමෙන්ට් සීමා කරලා පිරිසකට විතරක්?


      Delete
    3. මේ ජරමර අස්සට මාව ගෑවුනේ කොහොමද කියල හිතාගන්න බැරුව මං ඉන්නේ O.o

      Delete
    4. මං හිතන්නේ කතන්දරකාරී කියන්නේ කතන්දරකාරයා ගේ පිල්ලියක් හින්දා විය යුතුයි.

      හැබැයි කතන්දර පිල්ලිය කියා වෙනම චරිතයකුත් තියෙනවා නේද? ඒක බිහිවුණෙත් මහසෝන් පිල්ලිය හරහායි නේ!

      Delete
    5. ඔබ සමඟ හෝ මාලන් සමඟ අවුලක් නැත. ඔබටත් මාලන්ටත් එහි කොමෙන්ට් කළ හැක.වර්ඩ්ප්‍රෙස් එකේ නොවේ. මේ දැන් හදපු බ්ලොග්ස්පොට් එකේය. මෙය හොඳම සමලිංගික සංවාදය වනු ඇත. ඇත්තෙන්ම ඔබත් මාලනුත් නැති සමලින්ගික වාදයක් පාලුගෙයි වලන් බිඳීමකි.අර්ථයක් නැත. එන්න

      Delete
    6. ඒ බ්ලොගේ කමෙන්ට් කරන්න දීල තීන ටීම් එකේ නැති නිසා ඒ කමෙන්ට් එකත් කකාගෙ බ්ලොගේම දැම්ම ඔන්න.

      //හදිස්සියකට කොළඹ අවට පොදු වැසිකිලියකට කොල්ලෙක්ට යා ගන්න බැරි තත්වයක් නේද දැන් තියෙන්නේ ? //

      එතකොට පාරෙ යන එන කෙල්ලො විශම ලිංගිකයන්ගෙන් අරක්ෂාවෙලා ඇති.!!

      //උදාහරණයක් විදියට සිර ගෙවල් වල සිටින බොහොමයක් සිරකරුවන්.//

      ලෝකෙ පුරාම කාන්තා හා පිරිමි සිර මැදිරිවල ඉන්න බහුතරය සමලිංගික බවට උදාහරන ඕන තරම් ජාලෙ පීරුවොත් හම්බුවෙයි. ඒ විතරක් නෙමෙයි විශම ලිංගිකයො ඇසුර නොලැබෙන හොස්ටල්, පාසැල්, පන්සල්, දෙව්සත්හල්, කන්‍යාරාම වලත් අඩු නැතුව තීනවනෙ.

      සමලිංගිකත්වය ප්‍රමෝට් කිරීම, එයට උඩ ගෙඩි දීම සිදු නොවිය යුතු දෙයක්. ඒ මගේ පුද්ගලික අදහස.

      ඒත් ඒ එක්කම ඒක ඒ අයට සමලිංගිකයන් වීම නිසා දඬුවම් කරන්න උත්සාහ කිරීම, ඔවුන් පහත් සහ නීච ක්‍රියාවක යෙදෙන්නන් ලෙස අපහාසයත් වැරදියි.





      Delete
    7. ඉන්දික , දැන් මේකට උත්තර දෙන්න ඕනේ මමද , තනෝලි අන්කල් ද ? :P

      තනෝලි අන්කල් මගේ කොමෙන්ටුවක් ගෙඩි පිටින් අරන් දැම්මත් , ඔහුගේ අදහස් සහ මගේ අදහස් කිසි ලෙසකින් වත් ගැලපෙන්නේ නැත. LGBTIC කට්ටියට මාගේ කිසිම විරෝධයක් නැත. කිහිප දෙනෙකුට Transitioning වීම සඳහා උදවු , උපදෙස් ද දී ඇත. නමුත් බොහෝ විට වදයක් වෙන LGBTIC නාමරුපි ලිංගික අසහන කාරයන් විවේචනය කිරීමට කකා ලේබල් ගැසුවා කියා පසුබසින්නේද නැත.

      ඉහත මාගේ කොමෙටුව LGBTIC නාමරුපි ලිංගික අසහන කාරයන් ගැන මිස ජෙනුඉන් අය ගැන නොවේ.

      Delete
    8. @ කාකා ජී & සර්ව ජීස්,
      //මං හිතන්නේ කතන්දරකාරී කියන්නේ කතන්දරකාරයා ගේ පිල්ලියක් හින්දා විය යුතුයි.//

      මා හැර තවත් කතන්දර පිල්ලි සිටී ද? මට පේන විදිහට මේ තනෝලි ජී කියන්නේ අපේ කැපිටල් දෝස්ත්ගේ පිල්ලියක් විය යුතුයි!!!!!!!
      //හැබැයි කතන්දර පිල්ලිය කියා වෙනම චරිතයකුත් තියෙනවා නේද? ඒක බිහිවුණෙත් මහසෝන් පිල්ලිය හරහායි නේ!//
      අච්චා!! අච්චා!!!!!!!

      මහසෝන් භයියා කා බ්ලොග්ස්පොට් මේරා තිඹිරි හවුස් හේ!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    9. අනේ මුන්නෝ කාලෙකින් දැක්කේ, එක්සෑම් ඉවරද ? හොදින් නේද ඔයා

      Delete
    10. @ මෙරේ දීදී,

      අච්චා! මේරා එක්සෑම් ෆිනිශ් හේ!!!!!!!!!

      මේ ආගයා අගේන් හේ!!!!

      අයි විල් මේල් කරෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    11. @ thanoli perera

      ඇති යාන්තං කමෙන්ට් කරන්න ඉඩ දිලා.

      මේ යකා මුලින් කමෙන්ට් වහගෙන නේද චැලේන්ජ් කෙරුවේ?

      මොනවා වුනත් යකා හෝ යකාගේ පිල්ලිය අනුන්ලියපු ඒවා මෙතන දාලා නැට්ට පාගා ගෙන කෑ ගැහැව්වාට මට නං වැඩක් නෑ. වෙන කවුරු හරිවත් මෙතනට ආපු බවක් තාම පේන්නේ නෑ.

      අනික මොකද මේ මට වැලේන්ජ් කරන්න වෙනම තැනක් අවශ්‍ය? මගේ බ්ලොග් එකේ යක්ස් කමෙන්ට් මං කැපුවාද? ඔහේම නේ අයින් කර ගත්තේ?

      (This was submitted for approval as a comment in thanoli's blog - Kathandarakari a few minutes back.)

      Delete
  25. //වමත් පිතිකරුවන් සහ පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ වෙනත් ජාතික කණ්ඩායම්වල ද සිටියද ඒ සුළුතරයකි'//

    සමහර අවස්තාවල SL පිතිකරුවන් බහුතරය වමත්

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල වමත්කාරයෝ වැඩිය නෑ නේද?
      බහුතරයක් හිටපු කාලයක් මට නම් මතක නෑ, 90 දී ද?

      Delete
    2. Kusal Perera, Thirimanna, Sanga, Thisara Perera, Chathuranga Silva, etc

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොනවද "යකෝ" මේ කියන ආන්ද්‍ර තමිල්?

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකක්ද "යකෝ" මේ කතාව?

      Delete
    2. ඉස්කෝලෙ මහත්තයාට වඩා කාලයක් තනෝලිට ආයුස ලැබේවා!!

      Delete
    3. දාපු කොමෙන්ට් තමන්ම ඩිලීට් කරගන්නේ... මෙයාට යකා ගහලවත්ද?

      Delete
  28. මෙවැනි ලිපි තම සින්ඩියේ පළකරන බව මාලන් කියා තිබේ. අනේ පවු ශ්‍රී ලාංකිකයෝ කියා මාලන් කියයි.ඇත්තටම පවු මාලන්ලාය.ඔහු හෝ වල් කුමාරිහාමි හෝ මෙවැනි සමාජ දූෂණයක මින් ඉදිරියට යෙදුනොත් ඔවුන් සමඟද කතන්දරයා සමඟ වාද කළ ලෙසම වාද කරන්නෙමු. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. කෝ බං .. වාද කරලා නැහැ නේ !! O.o

      Delete
    2. කමෙන්ට් එහෙම වහලා තියන නිසා සෑහෙන උනුසුම් වාදයක් වේවි වගේ!

      Delete
    3. ඔය අද ඇරඹූ කතන්දරකාරී බ්ලොගයේත් ඊයේ ද කොහෙද පටන් ගත් තනෝලි පෙරේරා බ්ලොගයේත් දෙකේම වෙනත් අයට කඟෙන්ට් කරන්න බෑ. මෙය හිතා මතා කළ දෙයක් නොවේ නොදැනුවත්කම නිසා වූ දෙයක්.

      මේ පොර කවුද කියා මා දන්නවා! පිස්සු යකෙක්!!

      Delete
    4. මීට සති කීපයකට කලිනුත් වාද විවාද වලටමයි කියා බ්ලොගයක් නිර්මාණය වුණා... වෙන කවුරුන්හෝ පෙන්වා දෙන තුරු, එයත් කොමෙන්ට් වහලා තිබ්බේ...

      Delete
    5. @ thanoli perera

      ඇති යාන්තං කමෙන්ට් කරන්න ඉඩ දිලා.

      මේ යකා මුලින් කමෙන්ට් වහගෙන නේද චැලේන්ජ් කෙරුවේ?

      මොනවා වුනත් යකා හෝ යකාගේ පිල්ලිය අනුන්ලියපු ඒවා මෙතන දාලා නැට්ට පාගා ගෙන කෑ ගැහැව්වාට මට නං වැඩක් නෑ. වෙන කවුරු හරිවත් මෙතනට ආපු බවක් තාම පේන්නේ නෑ.

      අනික මොකද මේ මට වැලේන්ජ් කරන්න වෙනම තැනක් අවශ්‍ය? මගේ බ්ලොග් එකේ යක්ස් කමෙන්ට් මං කැපුවාද? ඔහේම නේ අයින් කර ගත්තේ?

      (This was submitted for approval as a comment in thanoli's blog - Kathandarakari a few minutes back.)

      Delete
  29. කතන්දර ඔබ මේ කරන දේ හොඳ නැත. ඔබ සමාජය විකෘති ලිංගිකත්වය කරා ගෙන යයි.ඒ සදහා සයිබරයේ ඔබේ මිතුරු මිතුරියන්ද උදවු කරයි.මම පිරිමියෙක් නොවේ ගැහැණියකි.ඔබ අදුරේ අත පත ගාන්න එපා. මම ෆේක් ප්‍රොෆයිල් වලින් හැමදාම එන්නේ නැහැ. දැන්ම ඡායාරූපයක් නොදාන්නෙ හේතු ඇතිව. මා ඔබ සමඟ වාද කරන්නේ මෙවැනි අවරගනයේ ලිපිවලට පමණයි .ඔබ වෙන මොනවා ලිව්වත් මට කමක් නෑ.

    මගේ බ්ලොග් එකත් කතන්දර බ්ලොග් එකක්. ඒකෙ පුංචි ළමා කතා සුරංගනා කතා ඉවුම් පිහුම්, මෝස්තර ආදිය පළකරන අතරේ කවුරුහෝ බ්ලොග්කරුවෙකු රෝන්සයිඩ් යන විට ඔහු හා වාද කිරීමද කරමි.

    ReplyDelete
    Replies
    1. තනෝලි ඇන්ටිට පොඩි සප් එකක් දෙන්න හිතුන

      දැන් බලන්න කකා.. ප්‍රසිද්දියේ , බස් හෝල්ට් , පාක් බංකු වගේ ප්‍රසිද්ද ස්ථාන වල ලව් මේකින් ( © 2014 කකා ) කරන්න කැමති අය අපේ සමාජයේ ඉන්නවා. එත් ඔවුන්ට එක නිදහසේ කරගන්න බැහැ නේ. සමාජයේ ගොඩක් දෙනෙක් එකට කැමති නැහැ. නීතිමගින් දඬුවනුත් කරනවා. දියුණු යයි සම්මත රටවලත් එහෙමමයි. තමන් කැමති දෙයක් කාටවත් කරදරයක් නැතුව නිදහසේ කරගන්න බැරි අපේ මිනිස්සුන්ගේ තියෙන ෆොබියා එකයි, ලිං මැඩි ආකල්පයි හින්ද නේද ? අනියත බිය නිසා හෝ නැතිනම් විවිධ ආගමික අන්ධ විශ්වාසයන් නිසා ඇතිවන විරෝධය, වෛරය, අපහාසය, අවමානය, පිළිකුල, එදිරිවාදිකම, ජුගුප්සාව යනාදී මෙකී නොකී සෘණාත්මක ආකල්ප නේද මේකට බලපාන්නේ ?

      අනිත් කරුණ බල්ලන් , බුරුවන් ආදී තිරිසන් සතුන් සමග කරන ලව් මේකින් (© 2014 කකා ) එකත් ගොඩක් දියුනුයියි සම්මත රටවලත් දඬුවම් ලැබිය හැකි වරදක්. කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ කරන වැඩේට විරුද්ද වෙන්නේ ඇයි වෙන කවුරුවත් ? අපේ මිනිස්සුන්ගේ ඇති අනියත බිය නිසා හෝ නැතිනම් විවිධ ආගමික අන්ධ විශ්වාසයන් නිසා ඇතිවන විරෝධය, වෛරය, අපහාසය, අවමානය, පිළිකුල, එදිරිවාදිකම, ජුගුප්සාව යනාදී මෙකී නොකී සෘණාත්මක ආකල්ප නේද මේකටත් බලපාන්නේ ? ස්ත්‍රී යෝනියක් වෙනුවට සත්ව යෝනියකට ඇති ඇල්ම , වමතින් කනවද දකුණෙන් කනවද වගේ තමන්ට තීරණය කරගැනීමට නිදහස තිබිය යුතු දෙයක් නේද ?

      තවත් කරුණක් තමයි බහු භාර්යා සේවනයට "වික්ටෝරියානු යුගයේ සිට පැවතෙන විවිධ මර්ධන නීති" මගින් ඉඩ අහුරා තිබීම. මට ගෑනු 10 නඩත්තු කරන්න පුළුවන් නම්, ගෑනුත් මාත් එක්ක ඉන්න කැමති නම් අනිත් එවුන්ට මොකද්ද තියෙන රුදාව ? ඉරිසියාවද ? ෆොබියාවද ? මෙයින් පෙනෙන්නේ වෙනස් ආකාරයක හැසීරීමක් දුටු විට ඒ ගැන අපට අඩු වශයෙන් අසීරු හැඟීමක් හෝ ඇතිවෙන බවයි. හැකිනම් ඔවුන්ව අප මෙන් හදාගන්නට අපට සිතේ. එසේ කළ නොහැකිවූ විට ඔවුන්ට වෙනස් ආකාරයකට සළකන්නට අපි ඇතැම්විට පෙළඹෙමු. බහු භාර්ය සේවනයට කැමති මා ගැන ඔබ සිත තුල ඇතිවන ඒ හැඟීම බොහෝවිට බියකි, අනවශ්‍ය ෆෝබියාවකි. නේද ?

      අනිත් අතට , පිරිමින්ට පමණක් නොව සම අයිතිවාසිකම් යටතේ ගැහැණුන් ටත් තමන්ට අවශ්‍ය පිරිමින් සංක්‍යාවක් සමග පවුල් කෑමට ඉඩ දිය යුතු නොවේද ? මේ කරුනු වලට විරුද්ධ වීම ෆොබියාත්මක ලක්ෂනයක් නොවේද ?මේ අනිත් මිනිසුන්ගේ අහිංසක නිදහස් හැසිරීම් වලට වැට බැඳීම , නීති ගෙන ඒම ප්‍රාඨමික ගණයේ මිනිස් හැසිරීමකි. එනිසාම, ශිෂ්ඨත්වයේ සහ මිනිසත්කමේ වැඩි දියුණුවත් සමගම අප අතරින් තුරන් වී යා යුතු අශීලාචාර දෙයකි. නේද ?

      මගේ අදහස (කකාගේ ලියමන අනුව කකාගේ අදහසත් මෙයම විය යුතුයි සිතේ ) මේ සියලුම ආකාරයේ සමාජ බන්ධන , මිනිස් නිදහසට වැට බඳින ෆෝබියාත්මක නීති අපේ සමාජයෙන් ඉවත් විය යුතුයි. එතකොට තමයි පිවිතුරු නිදහස් නිවහල් සමාජයක් බිහිවෙන්නේ. මොකද්ද කකාගේ අදහස මේ ගැන ?

      මෙන්න මෙහෙම ලියල බලන්න තනෝලි ඇන්ටි. අනිත් එක කකා එක්ක වාද කරන්න ටියුෂන් ගන්න ඕනෙනං මගේ ගාවට එන්න. ඌර ගේ මාළු ඌරාගේ ඇඟේ තබා කැපීම් , හරවා ගැසීම ආදී මෙකි නොකී සියලු කාරනා සිලබස් එකේ තියෙනවා. පැයකට ඔසී ඩොලර් 40යි. මේ රේට් එක ඔහේ ගණන් එක්ක සාදාරනයි නේද කකා ? ;)

      Delete
    2. යකාගේ පිල්ලියේ සහයට මහසෝන් පිල්ලිය සටනට!

      ;-)

      Delete
    3. /* මොකද්ද කකාගේ අදහස මේ ගැන ? */

      මගේ අදහස නම් මා ඔබේ අදහසට එකඟ බවයි!

      Delete
  30. ලංකාවේ තත්වය හොඳයි ඇත්තටම. සමලිංගිකත්වය නිව් සවුත් වේල්සයේ තහනම් වී තිබු නීතිය ඉවත් කර ඇත්තේ අනූවැ දශකයේය.

    ටැබූ ,අහතා ගේ පැරණි මතයක් [එයා දැන් පැරණි පොරක් නේ] අනුව ලාංකීය සිස්ටම් එක අකමැති විෂම ලිංගික හෙවත් කෙලි-කොලු ආදරයට පමණි. සමලින්ගිකත්වයට පෙළඹෙන මට්ටමට පාසල් එක ජෙන්ඩර් එකකට පමණක් වන සේ සීමා කර තිබේ. කෙල්ලන් හා කොල්ලන් දුරස් වී සිටිය යුතුය. උනුනුන් ගෙන් උන් ආරඛ්සා කරන්නට දෙමාපිය වැඩිහිටි හමුදා සේනාංක යෙදවේ. සම ලිංගික යුවලකට මේ කිසිත් බාධාවක් නැත. ලංකාවේ දේශපාලනය තුල ද සමලිංගික වීම ටැබූවක් නොවේ.

    ReplyDelete
  31. හාෆ් බොයිල් කරනවා වගේම බුල්සායි එකත් යන්තම් වැක්කෙරෙන මට්ටමට කාලා බලන්න

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.