Thursday 20 February 2014

හෝඩියේ පන්තියේ සිත්තරාවිය - Wonder years


දවසේ පැය විසි හතරෙන් අප අවදිව සිටින එයින් තුනෙන් දෙකකටත් වැඩි කාලය පුරා, වසරේ තුන්සිය හැටපස් දවස පුරා, අප අවට සිදුවන, අප නෙත් ගැටෙන, අපට අසන්නට ලැබෙන, අප අත්දකින, සියක් දහසක් දර්ශන, සංසිද්ධි, කතාබහ අතරින් වසර ගණනාවකට පසුවද නොමැකී මතකයේ රැඳි තිබෙන්නේ කවර ඒවාද යන්න තීරණය වෙන්නේ කුමන සාධක මතද යන්න මට සැමදා ඇති ප‍්‍රශ්නයකි.

අද කළ යුතු දේ අමතක වුවද, ඊයේ රාත‍්‍රියේ ආහාරයට ගත්තේ මොනවාදැයි දැන් මතකයේ රැඳී නොමැති වුවද, දශක ගණනාවකට කලින් එක් දිනයක සිදුවුණු සමහර අති සරල කුඩා සිදුවීම් අද ද මතක පොතෙන් නොමැකී තිබීම පුදුමයක් ම වේ.

මේ එවැනි එක් සුන්දර මතකයක් ඔබ හා බෙදා ගන්නට කාලයයි.

හෝඩියේ පන්තිය හෙවත් පළමුවැනි ශ්‍රේණියේ සිටින සිසුන් සඳහා විෂය නිර්දේශයක් එදා තිබුණේදැයි මම නොදනිමි. එවැන්නක් තිබෙන්නට ද ඇත. නොතිබෙන්නටද ඇත.

ඒ කෙසේ වෙතත් එදා අප කළේ හෝඩි පොත කියවීමයි. අකුරු ලිවීමයි. චිත‍්‍ර ඇඳීමයි. ඒ මොනවා ලිව්වත්, ඇන්දත් ඒ සඳහා අපට තිබුණේ එකම උපකරණයකි. එනම්, අද පෑඞ් නමින් හැඳින්වෙන ගැජට්ටුවේ ආරම්භය වූ ගල්ලෑල්ල සහ අද ස්ටයිලස් නමින් හැඳින්වෙන ගැජට්ටුවේ ආරම්භය වූ ගල්කූරයි.

අකුරු ලිවීම මට ලෙහෙසි කටයුත්තක් විය. අපට තිබුණේ එක්කෝ හෝඩි පොතේ සාමා හෝ අමර ගැන ලියවී තිබුණු වචනයක් ගල්ලෑල්ලේ ලිවීමයි. නැතිනම් අපේ පන්තිය භාර ඥානවතී ටීචර් කළුලෑල්ලේ ලියන අකුරක් හෝ වචනයක් ගල්ලෑල්ලේ ලිවීමයි. සමහර විට එකම අකුර හෝ වචනය කීප පාරක්ම ගල්ලෑල්ලේ ලියන්ට සිදුවිය.

එය එසේ වී නමුදු මට අසීරු කාර්යය වූයේ අදත් මට විශාල අභියෝගයක් වන චිත‍්‍ර ඇඳීමයි.

අප මේ කතාකරන්නේ පාට පැන්සල් හෝ පැස්ටල් කූරු හෝ දිය සායම්වලින් සුදු කොළ මත චිත‍්‍ර ඇඳීමක් නොවේ. ගල්ලෑල්ල මත ගල්කූරෙන් චිත‍්‍ර ඇඳීමයි. මේවා වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම කළු සුදු රේඛා චිත‍්‍ර විය.

එසේම මේ සඳහා අපට ලැබුණේ ද පස් වසරක ළමා සිතකින් ඔබ්බට යන අභියෝගාත්මක මාතෘකා යැයි අද මට සිතේ.

ඥානවතී ටීචර් අපට ඇඳීමට නියම කළ මගේ මතකයේ රුඳී ඇති එක් චිත‍්‍රයක් වනුයේ චීත්ත මෝස්තරයකි.

අපේ ආච්චී නිවසට, අහල පහළ ගමන් යාමට, ඇන්දේ චීත්තය. අම්මා ඇඳි දිගැති ගවුම් වුවද මසා තිබුණේ චීත්ත රෙද්දෙනි. ඒවායේ තිබූ මෝස්තර, පොඩි මල්, ලොකු මල්, ඉරි, තිත් යනාදී ලෙසින් විස්තර කළ හැකිවුවද ඒවා ළමා සිතකට සරල ඒවා නොවීය. මෙහිදී වැදගත්වන අනිත් කරුණ නම් වදෙන් පොරෙන් එක මලක් ඇඳගත්තා වුවද, ඒ හා සමාන රුවෙන් යුතු තවත් මල් රාශියක්ම ඇඳ මෝස්තරයක් මවන්නේ කෙසේද යන්නයි.

මේ දැවෙන ප‍්‍රශ්නයෙන් මා ගලවාගෙන ඉතා සරල නමුත් ශූර විසඳුමක් මට ලබා දුන්නේ හෝඩියේ පන්තියේ මගේ පුටුවට ඉදිරිපස පුටුවේ වාඩිවී සිටි ශානිකා කිරිබත්ගොඩ දැරියයි.

දශක කිහිපයකට පසුව අදත් මගේ සිතේ නොමැතී පැවතෙන ඒ චීත්ත මෝස්තරය අඳින ආකාරය පහත පරිදි වේ.

පළමුව, ගල්ලෑල්ල පුරා දිග්අතට සහ හරස් අතට එක සමාන අඟලක පමණ පරතරයකින් යුතුව ඉරි ඇඳ කොටුරූල් පොතක මෙන් සකසා ගන්න.

දෙවනුව ඒ කොටුවල විකර්න රේඛා ඇඳගන්න.


තෙවනුව, තිරස් සහ සිරස් රේඛා සහ ගැලපෙන විකර්න රේඛා මැදිවන පරිදි ඒ දිගේ කොටුවල කොන් යා කරමින් සිහින් දිගැති මල් පෙති අඳින්න.


අවසානයේ තිරස්, සිරස් සහ විකර්ණව ඇඳි රේඛා මකා දමන්න. අටපෙති මල් මෝස්තරයක් එහි මැවෙනු ඇත.


මේ චීත්ත මෝස්තරය ඇඳීම පිළිබඳව ශානිකා ට සමහරවිට වැඩිහිටියෙකුගේ උපදෙස් ලැබෙන්නට ඇත. එසේ වුවද, ඒ ආකාරයෙන් මල් මෝස්තරයක් නිර්මාණය කිරීම පස් වසරක් වයැසැති ළමයෙකුට එක්තරා ආකාරයකට විශ්ම කර්ම ක‍්‍රියාවක් විය.

ශානිකා ගෙන් මා උගත් දෙවන විත‍්‍රකර්ම පාඩම වූයේ මුහුදු වෙරළක දර්ශනක් ඇඳීමයි. එය චීත්ත මෝස්තරයකට වඩා විස්තර සහිත, නමුත් පෙරටත් වඩා ශූර නිර්මාණයක් විය.

කුඹුරු, ලියැදි, කමත්, ගුරුපාර, දෙවට, බඩවැටිය, කලාතුරකින් බසයක් යනෙන තාරපාර, පොල් ගස්, කජු ගස් පිරි වතු, පන්සල, පාර දෙපස තැන තැන පිහිටි කුඩා සිල්ලර කඩ වැනි අංගයන්ගෙන් සමන්විත ගම්බද පරිසරයක් ජීවත්වුණු අපට මුහුදු වෙරළ යනු හුරු පුරුදු දර්ශනයක් නොවීය.

අපේ ගම්මානයේ සිට කොළඹට තිබුණේ සැතපුම් පහළොවක පමණ දුරකි. ඒ ගෝල්ෆේස් යනවා නම් ය. කඳාන හෝ ජාඇල හරහා බටහිර මුහුදු වෙරළට ළඟාවීම නම් ඊට වඩා අඩු දුරක් ගෙවා කළ හැකි විය. නමුත් අපේ පන්තියේ මා ඇතුළු බහුතරයක් සිසුන් ට මුහුදු වෙරළක දර්ශනයක් සිතින් මවා ගැනීම මහා අභියෝගයක් වූවාට සැක නැත.

ඒ අභියෝගය ජයගන්නා හැටි ශානිකා මට කියා දුන්නේ මෙලෙසය.

පළමුව ගල්ලැල්ල දෙකට බෙදෙන පරිදි තිරස් ඉරක් අඳින්න. මෙය ක්ෂිතිජ රේඛාවයි.

මේ රේඛාව උඩින් අඩක් ගිලෙන හිරු ද, නවතා ඇති නැවක් ද සරල ඉරි කිහිපයකින් අඳින්න.


අහසේ පියාඹන කුරුල්ලන් රංචුවක් එකතු කරන්න. මේ සඳහා අවශ්‍යවන්නේ ද ගල්කූරෙන් කුඩා රේඛා කීපයක් ඇඳීම පමණි.

දැන් මුහුද ඇති කොටස පුරා රැළි මාලාවක් අඳින්න. අවශ්‍ය නම් බෝට්ටුවක් ද එකතු කරන්න. වෙරළ අයිනෙන් පොල් ගසක් හෝ දෙකක් සරල රේඛා කීපයක් මගින් ඇඳ ගැනීමත් සමගම චිත‍්‍රය සම්පූර්ණ වේ.


මේ සරල ක‍්‍රමවේදය අනුගමනය කිරීමේදී ගල්කූරු පහරින් ගල්ලැල්ල මත මැවෙන්නේ අනර්ඝ රේඛා චිත‍්‍රයක් බවට ඔබ මා සමග එකඟවනු ඇත.

එදා මට හෝඩියේ පන්තියේදී චිත‍්‍ර කර්මය කියා දුන් ශානිකා කිරිබත්ගොඩ නම් සිත්තරාවිය මා පරදවා පන්තියේ පළමුවැනියා වූවාය. පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍යවේදී උපාධිය ලබාගත් ඇය අද හෘද රෝග පිළිබඳ විශේෂඥවරියෙකි.

මා ලියන මේ ලිපිය ඇය කියවන්නට ඉඩ ඇතත්, එදා දශක කිහිපයකට පෙර සිදුවූ මේ සිදුවීම ඇගේ මතකයේ රුඳී තිබේදැයි මට සැක සිතේ.

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සඟරාවක පළ කිරීම සඳහා ලියන ලද කතාවකි. මේ මා මෑත කාලයේ ලියූ හොඳම ලිපිය යැයි අවංකවම මට සිතේ.

(image: http://www.tvworthwatching.com/post/Whats-YOUR-Wish-List-of-TV-Shows-That-Ought-to-Be-Out-on-DVD.aspx)

154 comments:

  1. මේ අද පලවෙන්නේ සඟරාවක් සඳහා ලියන ලද කතාවකි. මේ මා මෑත කාලයේ ලියූ හොඳම ලිපිය යැයි අවංකවම මට සිතේ.

    දෛවයේ සරදමකට මෙන් එදා ගල්ලෑල්ලේ ඇන්දාට වඩා වැඩිකාලයක් මේ චිත්‍ර සටහන් MicroSoft Paint උපයෝගී කරගෙන අඳින්නට ගතවිය.

    මේ සමග ඇති ඡායාරූපය 90 දශකයේ මුල් භාගයේ ලංකාවේ විකාශය වුණු Wonder Years නම් සුන්දර ටෙලිකතන්දර මාලාවේ දර්ශනයකි.

    ReplyDelete
    Replies
    1. චෑග්! මේක නම් මා කලින් කියවල තියනවනේ.

      Delete
    2. පුරුදුයි...කවුද දෙන්න තිසර ම්ම්ම්...

      Delete
    3. /මේ සමග ඇති ඡායාරූපය 90 දශකයේ මුල් භාගයේ ලංකාවේ විකාශය වුණු Wonder Years නම් සුන්දර ටෙලිකතන්දර මාලාවේ දර්ශනයකි./

      Le passé merveilleux. Pourquoi aucun de ces programmes maintenant?

      Delete
    4. කෙන්ජි, ඔය උඩ ඉන්න දෙන්නම තමයි.

      Delete
    5. ප්‍රංස ඇනෝ .. ආයිබෝං !!
      කොයි මිල් ගයා ??

      Delete
    6. ...... බලපන්, අර කතන්දරගේ බ්ලොග් එකට කමෙන්ට් කරන ඇනෝලා. කැපිටල් ඇනෝ කියයි, ෆ්‍රංශ ඇනෝ කියයි අර ඇනෝ කියයි මේ ඇනෝ කියයි. දැන් මොකක්ද ඔය ඇනෝලගෙන් තියෙන ප්‍රයෝජනය..? සහ ඒ අය නැති වුනා කියලා තියෙන පාඩුව..? සමහර වෙලාවට මම දැකලා තියෙන දෙයක් තමයි සමහර බ්ලොග් ලියන අය ඇනෝලව සුරතල් කරනවා, මොකද එතකොට තමයි ඒ අයගේ හිට්ස් මීටරේ කැරකෙන්නේ..ඇනෝ කමෙන්ට්ස් කියන්නේ සිරා කන්සෙප්ට් එකක්. ඒත් ඒක ත්‍රස්තවාදයක් වෙන්න දෙන්න බෑ.....

      සිංහල බොගෙට ආ අලුත්ම විරයා

      ‍රැම්බෝ සරමෙ-වික්‍රම

      Delete
    7. Tomiya please..! :D

      At least post the full comment

      ""රාජ්: මම දන්නේ නැහැ දැන් උඹ බ්ලොග්ස් කියවනවද කියලා. මමනම් කම්නෙට් නොකළට ඔය ප්‍රබුද්ධ පීචන් හැම එකක්ම කියවනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි, ඇනෝ කමෙන්ට්ස් වලින් ඉතා දරුණු විදිහට මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට පහර ගහනවා. සමහර මිනිස්සු හැසිරෙන්නේ හිත් පිත් නැති මුරුගයෝ වගේ. සමහර අය බ්ලොග් ලියන්නේ මචන් ඒ මිනිස්සුන්ගේ හිත්වල තියෙන පාළුව, දුක සංකාව නිවා ගන්න. ඒත් මානසික රෝගීන් සාහසික විදිහට පහර ගහන කොට හිත කිරී ගැහෙනවා. සමහර වෙලාවට ඇනෝ කමෙන්ට්ස් වල තිබුණ රසවත් කම නිසා මම වුනත් ඇනෝ කමෙන්ට්ස් අගය කරලා හිනා වෙලා තියෙනවා තියෙනවා. ඒත් ඒවා මේතරම් දුර දිග යයි කියලා මම හිතුවේ නෑ. අද ඒ දේ ගැන තියෙන්නේ පසු තැවීමක්.

      උදාහරණයක් විදිහට බලපන්, අර කතන්දරගේ බ්ලොග් එකට කමෙන්ට් කරන ඇනෝලා. කැපිටල් ඇනෝ කියයි, ෆ්‍රංශ ඇනෝ කියයි අර ඇනෝ කියයි මේ ඇනෝ කියයි. දැන් මොකක්ද ඔය ඇනෝලගෙන් තියෙන ප්‍රයෝජනය..? සහ ඒ අය නැති වුනා කියලා තියෙන පාඩුව..? සමහර වෙලාවට මම දැකලා තියෙන දෙයක් තමයි සමහර බ්ලොග් ලියන අය ඇනෝලව සුරතල් කරනවා, මොකද එතකොට තමයි ඒ අයගේ හිට්ස් මීටරේ කැරකෙන්නේ. අන්තිමට ඔය ඇනෝලා හුරතල් කරපු බ්ලොග්ස් ලියන කට්ටියට වුනේ අර කොටින්ව හුරතල් කරපු රජීවු ගාන්ධිට වුනදේ. වෙන බ්ලොග් එකක කමෙන්ට් එකක් දැම්මත් ඇනෝලා වට කරගෙන ගහනවා. මේ තත්ත්වෙට ඇනෝ ත්‍රස්තවාදය උඩු දුවන්න ඒ අයත් වගකියන්න ඕන.

      ඇනෝ කමෙන්ට්ස් කියන්නේ සිරා කන්සෙප්ට් එකක්. ඒත් ඒක ත්‍රස්තවාදයක් වෙන්න දෙන්න බෑ. අර ඉන්දික කියනවා වගේ එතන තියෙන්නේ වල් බූරු නිදහසක්.

      මම කියන්නේ නෑ හැමෝම කමෙන්ට්ස් වහන්න ඕන කියලා. මම පෙන්වන්න උත්සාහා කළේ කමෙන්ට්ස් නැතුව උනත් බ්ලොග්ස් වලට පවතින්න පුළුවන් කියලා. ඔය සමහර ඇනෝලා හිතන් ඉන්නවනේ උන් නිසයි බ්ලොග් දුවන්නේ කියලා, නෑ එහෙම නෑ, උන් නිසා නෙමෙයි බ්ලොග්ස් පවතින්නේ. මූලිකව බ්ලොග්ස් පවතින්නේ ඒක ලියන මිනිස්සු නිසා. ගොඩක් වෙලාවට හරියකට බ්ලොග්ස් කියවන්නෙත් ඔය බ්ලොග්ස් ලියන මිනිස්සුම තමයි.

      මට කවදාවත් ඇනෝ කමෙන්ට්ස් වලින් හානියක් වෙලා නෑ, මේ පෝස්ට් එකේ චාමිට එතරම් හානියක් වෙලත් නෑ. ඒත් මේ පෙනී සිටින්නේ එහෙම හානියක් වුන මිනිස්සු වෙනුවෙන්. ""


      Delete
    8. තිත් ඇනෝ හොයන මාලන්ට.....

      මචන්.... දැන් තමා කෙස් එක හොයාගෙන කියෙව්වේ.... ඇනෝ ගැන ඔය මතවාදය දරන මාලන්ට මම පොඩ්ඩක්වත් කැමති නෑ.... (ඒත් උඹට පාන්ද නේහ්... :)

      කමක් නෑ උඹගෙ කැමැත්ත උඹට..... තිත් ඇනෝ හොයාගන්න උඹට බෑ... මොකද මම දැන් බ්ලොග් කියවන්න අරන් අවුරුදු 5ක් උනත්.. කිසිම දාක ප්‍රොෆයිල් එකක් හදන් නෑ....

      කලින් තිත් ඇනෝ ගැන කකාගෙ බ්ලොග් එකේ..... උඹ කරපු උපකල්පන දෙකම යම් තාක් දුරකට හරි.....

      මට අහන්න තියෙන්නෙ මෙච්චරයි මචන්..... අපේ අදහස් අදහස් නෙවෙයිද? උඹගෙ ඔය.. පස්ට ට්‍රේසබිලිටිය නිසාම දැන් උඹට මතවාදයක් තුලට හිර වෙන්න වෙලා නැද්ද?

      Delete
    9. තිත් ඇනෝ,

      මචන්, ඔවු අවංකවම මම මේ මොහොතේ යම් මතවාදයකට මැදි වෙලා තමයි, හිර වෙලා තමයි. ඒත් මචන් මේ ගැන කතා කරන්න ගත්තේ බලන් ඉදලා බැරිම තැන.

      සමහර මිනිස්සු හැසිරෙන්නේ හිත් පිත් නැති මෘගයෝ වගේ. උඹ දන්නවද දන්නේ නෑ අටම් එක තැනක කියලා තිබ්බා දැන් උගේ ෆෝන් එකට sms හිටන් එනවා කියලා. මචන් මේක දැන් තනිකරම සයිබර් බුලියීන් ලෙවල් එකකට ගිහින් තියෙන්නේ.

      මම විශ්වාස කරන දේ තමයි මචන් ලොකේ කැත තැනක් වෙලා තියෙන්නේ "නරක මිනිස්සුන්ගේ නරකකම නිසා නොව හොඳ මිනිස්සුන්ගේ නිහඬතාව නිසයි" කියන එක [මම හොඳ මිනිහෙක් කියලා නෙමෙයි මේ කියන්නේ]. මචන් අපි අපේ ජාම බේරගෙන කට වහගෙන හිටියොත් ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද කියලා හිතන්න අමාරුයි.

      Delete
    10. @මාලන්,

      ෆෝ ආගුයුමන්ට් සේක් ඔබ කියන විදියට අනෝලා මළ කරදරයක් කියලා පිළි ගනිමුකෝ.

      දැන් ඔබ ඉදිරිපත් කරන විසඳුම්:

      1. සියළුම බ්ලොග්කරුවන් විසින් ඇනෝලා බ්ලොක් කිරීම (එහෙම නැත්නම් කකා බ්ලොක් කරත් කකාට බැනලා වෙන තැනක කමෙන්ට් කරන්න පුළුවන් නේ.) හා
      2. ඇනෝලාට හිස එසවීමට බැරි වන පරිදි මර්දනයක් දියත් කිරීම ද?

      මේ දෙකම ජේ. ආර්. ජවිපෙට කළ දේම නේද?

      Delete
    11. / අර කතන්දරගේ බ්ලොග් එකට කමෙන්ට් කරන ඇනෝලා. කැපිටල් ඇනෝ කියයි, ෆ්‍රංශ ඇනෝ කියයි අර ඇනෝ කියයි මේ ඇනෝ කියයි. දැන් මොකක්ද ඔය ඇනෝලගෙන් තියෙන ප්‍රයෝජනය..? සහ ඒ අය නැති වුනා කියලා තියෙන පාඩුව..?/

      දැන් කකාගෙ බ්ලොග් එකට ඇනෝලා ප්‍රයෝජනවත්ද නැද්ද කියලා තීරණය කරන්න ඕනෑ කකාද, ඔයාද? බ්ලොග්කරුවන් කිසිම කෙනෙක් ඇනෝලා කරදරයක් කියලා කියලා නැති වෙලාවක ඇයි මේ ඔයාට මල පැණලා? මට නම් ඔයා පෙනෙන්නේ අර පිටින් ගිහින් රතුපස්වල විරෝධතා කරපු මිනිස්සු වගේ. මොකද ඉස්සරහට චන්දය ඉල්ලන වත් අදහසක් තියෙනවද මෙහෙම ප්‍රචාරය හඹා යන්නේ?

      Delete
    12. /සමහර මිනිස්සු හැසිරෙන්නේ හිත් පිත් නැති මෘගයෝ වගේ. උඹ දන්නවද දන්නේ නෑ අටම් එක තැනක කියලා තිබ්බා දැන් උගේ ෆෝන් එකට sms හිටන් එනවා කියලා. /

      ෆෝන් එකට SMS එන එකයි (බ්ලොග්වල) ඇනෝලායි අතර ඇති සම්බන්ධය කුමක්ද? ෆෝන් එකට පීඩාකාරී SMS එන ඕනෑ කෙනකුට ඒ ගැන ගත හැකි නීතිමය පියවර තියෙනවා. ඇයි ඒවා නොගන්නෙ?

      Delete
    13. @Anonymous February 21, 2014 at 10:49 AM

      ""දැන් ඔබ ඉදිරිපත් කරන විසඳුම්:

      1. සියළුම බ්ලොග්කරුවන් විසින් ඇනෝලා බ්ලොක් කිරීම (එහෙම නැත්නම් කකා බ්ලොක් කරත් කකාට බැනලා වෙන තැනක කමෙන්ට් කරන්න පුළුවන් නේ.) හා
      2. ඇනෝලාට හිස එසවීමට බැරි වන පරිදි මර්දනයක් දියත් කිරීම ද?""

      ඕවා මම ඉදිරිපත් කරන විසඳුම් වලට වඩා මම ඉදිරිපත් කළයි කියලා ඔබ උපකල්පනය කරන විසඳුම්.

      මෙතනදි ඇනෝ බ්ලොක් කිරීමක් කිරීමට වඩා අවශ්‍ය වෙන්නේ අසහනකාරීන්ව පාලනය කිරීමක්. පෝස්ට් එකකට අදාල නොවන, චරිත ඝාතනය කරන කමෙන්ට් ඉවත් කිරීමක් සහ පාලනය කිරීමක්. ඒවගේම ඇනෝ ත්‍රස්තවාදය වගේම තවත් ප්‍රශ්නයක් වෙන ෆේක් ප්‍රොෆයිල් ත්‍රස්තවාදය. මේ දෙකටම විසඳුමක් තමයි කමෙන්ට් මොඩරේට් කිරීම [ඇත්තටම මේක මුලින්ම යෝජනා කළේ තිසර]

      මේ වාරණ වලට වඩා වැදගත්ම දේ තමයි "ස්වයං වාරණය". අපි හැමෝම අපේ සීමාවන් වල ඉදලා වැඩ කරනවනම් මේ කිසිම වාරණයක් ඕනි නෑ.

      තව දෙයක් කියන්න ඕන, මම විරුද්ධ වෙන්නේ ත්‍රස්තවාදීන් වෙන ඇනෝලට විතරයි, හැම ඇනෝලටම නෙමෙයි. හොඳම උදාහරණය ඔය උඩින් ඉන්න තිත් ඇනෝ.

      මේක හරියට සමාන වෙන්නේ දෙමළ ත්‍රස්තවාදයට. ප්‍රබාකරන් සහ ඔහුට සහ දැක්වූ පිරිසව අපි හැදින්වූවා ත්‍රස්තවාදීන් කියලා. ඒත් හැම දෙමළ මිනිහම ත්‍රස්තවාදියෙක් නෙමෙයි. [ඔය උඩින් ඉන්න තිත් ඇනෝ වගේ අය අපිට ලක්ෂ්මන් කදිරගාමර් වගේ කෙනෙක්ට සමාන කරන්න පුළුවන් :P].

      ත්‍රස්තවාදයට එරෙහිව "මානුෂික මෙහෙයුම්" කරද්දි වැරදිලා ඉතින් ඔය අහිංසක දෙමළ මිනිස්සුත් මැරෙනවා. ඒක ඉතින් මේ හිත් පිත් නැති යුද්ධේ හැටි.

      Oh the IRONY :D

      Delete
    14. / මේ දෙකටම විසඳුමක් තමයි කමෙන්ට් මොඩරේට් කිරීම [ඇත්තටම මේක මුලින්ම යෝජනා කළේ තිසර] /

      ඉතින් ඇයි නොකරන්නේ????????????????????????????????????????

      Delete
    15. @AnonymousFebruary 21, 2014 at 10:55 AM

      ""මට නම් ඔයා පෙනෙන්නේ අර පිටින් ගිහින් රතුපස්වල විරෝධතා කරපු මිනිස්සු වගේ. මොකද ඉස්සරහට චන්දය ඉල්ලන වත් අදහසක් තියෙනවද මෙහෙම ප්‍රචාරය හඹා යන්නේ?""

      මචන් උබ අහලා තියෙනවද "ප්‍රොග්‍රෙසිව් සොසයිටීස්" ගැන..?

      ගොඩක් දියුණු සමාජ ඒ තත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ මචන් නිකන් ඉර පායද්දි නෙමෙයි. ගොඩක් අරගල කරලා, ලේ , දාඩිය සහ බොහෝ දෙනෙක් උත්සාහයෙන්.

      උදාහරණයක් විදිහට ඇමරිකාව ගනින්කෝ. උන් මීට දශක පහකට කලින් කළු ජාතිකයන්ට සැලකුවේ බල්ලන්ගේ ගාණට දාලා. ඒත් අද ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා. මුලින් කළු ජාතිකයන්ට සම තැන දෙනවට බහුතරයක් සුදු මිනිස්සු එකඟ නොවුනත් පසු කාලීනව ඒතැනට හැමෝම අවා මචන්. ඒ තත්ත්වෙට සමාජේ ගේන්න සුලුතරයක් සුදු මිනිස්සුයි කළු මිනිස්සුයි අනවරත අරගලයක නිරත වුනා.

      ලංකාවේ අපි හැදාම එක තැන පල් වෙනවා..!

      බස් එකේ යද්දි කොන්දොස්තරගෙන් බැනුම් අහනවා, පාරේ එළවද්දි අනිත් ඩ්‍රයිවර්ලඟෙන් කුණු හරුප අහගන්නවා, ඔෆිස් එකකට ගියහම ඒකේ ඉන්න උන්ගෙන් බැණුම් අහනවා, ඔෆිස් එකේදි බොසා ගෙන් කුණු වෙන්න බැනුම් අහනව. මේ සේරම බල්ලෝ වගේ අහන් ඉදලා අපි ගෙදර ඇවිත් ගෙදර මිනිස්සු පිටින් මේ අසහනය යවනවා, එහෙම නැතිනම් බ්ලොග් එකකට ඇනෝ ගිහින් අපේ අසහනය තව එකෙක් පිටින් යවනවා, එහෙම නැති ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක් වෙලා ඉස්කෝළේ එන ළමයෙකුට "වේසි" කියලා බනිනවා.

      මචන් මේක චක්‍රයක්..!

      අපි එක තැනකදි පිඩිතයා වෙනවා, තව තැනකදි පීඩකයා වෙනවා. මේ චක්‍රය නොකැඩුවොත් අපි හැමදාම එක තන පල් වෙනවා.

      ඡන්දේ නේද..? හප්පා වැඩේ මාට්ටුද මන්දා..!

      :D

      Delete
    16. @ AnonymousFebruary 21, 2014 at 11:07 AM

      ""ෆෝන් එකට SMS එන එකයි (බ්ලොග්වල) ඇනෝලායි අතර ඇති සම්බන්ධය කුමක්ද?""

      අටම් එකේ සම්බධය ලියලා තිබ්බා. බ්ලොග්ස් වලට දමපු කමෙන්ට්ස් වලයි, ආපු වලයි සමානකමක්. අටම් මේක කියවනවනම් කමෙන්ට් කරපන් මචන්.

      ""ෆෝන් එකට පීඩාකාරී SMS එන ඕනෑ කෙනකුට ඒ ගැන ගත හැකි නීතිමය පියවර තියෙනවා.""

      මොනවද ගත හැකි නීතිමය පියවර..? හැමෝටම දැන ගන්නත් එක්ක කිව්වනම් නේද වටින්නේ..!

      Delete
    17. ""ඉතින් ඇයි නොකරන්නේ????????????????????????????????????????""
      @Anonymous February 21, 2014 at 11:47 AM

      ඒක මට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බ්ලොග්ස් ලියන අය තනි තනිව ගත යුතු තීරණයක්. අපිට කරන්න පුළුවන් ඒක ගැන කතිකාවක් හදන එක විතරයි. මේ කරන්නේ ඒක.

      Delete
    18. මාලන්.... බලපන් මචන් විහිළුව දිහා..... උඹ සිස්ටම් එකක්... ට්‍රේසබිලිටිය තියන සිස්ටම් එකක්.... ගොඩනගන්න කතා කරන මුල්ම පියවරේ ඉඳලම උඹ ඒ සිස්ටම් එකේ ගොදුරක් වෙලා....
      ඒකනෙ කස්ටිය හිටු තියන් අහන්නෙ ඉස්සර කථා කරපු මාලන්මද මේ කියලා.....

      උඹ හදාගෙන තියන ප්‍රතිරූපෙ විනාශ කරගන්න... උඹේ මතවාදෙ වෙනස් කරන්න උඹගෙ ෆෑන්ස් ලා ඉඩදෙන්නෙ නෑ...... තව ගැඹුරට බැළුවොත් උඹත් පොඩ්ඩක් හරි අකමැතියි කලින් මතවාදයෙන් වෙනස් වෙන්න......

      ඉතින් උඹ ඔය කියන සිස්ටම් එකෙන් ඇති වැඩේ මොකක්ද බන්.....

      අටමට කුනුහබ්බ කියලා මැසේජ් එන්නෙ.... ඌ මෝඩ කමට ඇනෝලා එක්ක ගේම කෝල් කරගෙන... ෆෝන් නම්බර්ස් බ්ලොග් වල දාලා.. මෝඩ ආතල් දෙන නිසා.....

      අන්තිමට කියන්න තියෙන්නේ.....ඇනෝලා නොහිටින්න අද මේ බ්ලොග් අවකාශෙ දැන් තියනවට වඩා ගඳ ගහන ගූ වලක් වෙනවා කියන එක විතරයි.....

      කාලෙකින් මතක් කරන්න බැරි වෙච්ච දේකුත් මම දැන් මතක් කරන්න කැමතියි....

      වීසා නැතුව බෝට්ටුවෙන් යන ඔබේ ගමනේ අවසානය ඕස්ට්‍රේලියාවනම් නෙවෙයි.... වංචාකාරයින්ට අහුවෙන්න එපා... ඔබේ රට සල්ලි ඩැහැ ගැනීමට මාන බලන අභීත එදිරිසිංහටත් අසුවෙන්න එපා...

      Delete
    19. / මේ දෙකටම විසඳුමක් තමයි කමෙන්ට් මොඩරේට් කිරීම [ඇත්තටම මේක මුලින්ම යෝජනා කළේ තිසර] /

      තිසර කිව්වනම් අහන්නම වෙනවා..... මොකද තිසර කියන්නෙ බ්ලොග් අවකාශෙට ඉන්න සම්පතක්.... අපේ සුසමාදර්ශය....

      Delete
    20. @මාලන්,

      පළමුව, ඔබට ඔබේ අදහස් කීමට ඇති අයිතියට සමාන අයිතියක් වෙනත් ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමටද තියෙනවා. මට පෙනෙන්නේ ඔබේ උත්සාහට මෙතැන වෙනත් කෙනකුගේ අදහස් වාරණය. ඒක 'ප්‍රෝග්‍රෙසිව්' ලක්ෂණයක් හැටියට මට නම් පෙනෙන්නේ නැහැ. ඒක ඉතාම රිග්‍රෙසිව් අදහසක්. නමුත් ඔබට එය කීමට පූර්ණ නිදහස ඇත්තා වගේම අප ඒ නිදහස වෙනුවෙනුත් පෙනී සිටිනවා.

      දෙවනුව, වාරණයක් තිබිය යුතුද නැද්ද කියන ප්‍රශ්නය මට හිතෙන විදිහට එක් එක් බ්ලොග්කරුවන්ගේ තීරණය. ඔබට එසේ කරන්නැයි ඉල්ලීමට පුළුවන් නමුත් "අඩෝ කමෙන්ට් මොඩරේට් කරපං ඩෝ" කියන එක නම් ත්‍රස්තවාදයක්. ඔබේ අදහස් එවැන්නක් කිරීම නම් ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඔබ මිස ඇනෝලා නෙවෙයි.

      තෙවනුව, ඇනෝ කෙනකු වශයෙන් අනෙකුන් කෙසේ වෙතත් මා යටත් වන්නේ බ්ලොග්කරුවන්ගේ රෙකුලාසි/ඉල්ලීම් වලට පමණයි. ඔබ මෙතැන තුන්වන පාර්ශ්වයක්. එබැවින් ඔබේ මතය මට වැදගත් නැහැ. කකා මට කමෙන්ට් කරන්න එපා කිව්වොත් මා නවතින්නම්. ඇයි මා තුන්වන පාර්ශ්වයක තර්ජන වලට බියෙන් කමෙන්ට් කිරීම අත්හළ යුත්තේ?

      Delete
    21. /මොනවද ගත හැකි නීතිමය පියවර..? හැමෝටම දැන ගන්නත් එක්ක කිව්වනම් නේද වටින්නේ..!/

      පොලීසි, උසාවි කියලා දේවල් තියෙනවා කියලා අහලම නැද්ද? යන්න SMS එකත් එක්ක පොලීසියට. දාන්න ඇන්ට්‍රියක්. මුලින් ඒ ටික කරලා බලන්නකෝ. අවශ්‍ය නම් පොලීසියට නොයා ඔන් ලයින් වුණත් පැමිණිලි කරතෑකි.

      Delete
    22. ලක්මාල් කන්දෙවිදාන සමඟ කවුරුන් හෝ ප්‍රශ්නයක් ඇති කර ගත්තා නම් ඒක ඒ දෙන්නාගේ පෞද්ගලික දෙයක් නේද? ලක්මාල් කන්දෙවිදානට පීඩාකාරී SMS එකක් ලැබුණාය කියලා හැම බ්ලොග්කරුවකුටම කමෙන්ට් මොඩරේට් කරන්න බල කරන එක සදාචාරාත්මකද/ප්‍රායෝගිකද මාලන්?

      Delete
    23. ""මට පෙනෙන්නේ ඔබේ උත්සාහට මෙතැන වෙනත් කෙනකුගේ අදහස් වාරණය.""

      කුණුහරුප කියන, පුද්ගලිකත්වයට හානී කරන සයිබර් බුලියින් වලට එරෙහිව වාරණයක්ද..?

      දැන් මෙහෙම හිතන්නකෝ ඔබතුමාගේ වත්ත ඇතුළට ඇවිත් කවුරුන් හරි ඔබතුමාට කුණුහරුපෙන් බනිනවනම්, පුද්ගලිකත්වයට හානී කරනවනම් ඔබතුමා කට වවහගෙන නිකන් ඉන්නවද..? නැතිනම් එයට විරුද්ධව ක්‍රියාමර්ග ගන්නවද..?

      ""ඔබට එසේ කරන්නැයි ඉල්ලීමට පුළුවන් නමුත් "අඩෝ කමෙන්ට් මොඩරේට් කරපං ඩෝ" කියන එක නම් ත්‍රස්තවාදයක්.""

      එකඟයි..! මම මෙතන කාටවත් බල කරන්නේ නෑ. කලිනුත් කිව්වා වගේ මගේ උත්සාහය කතිකාවක් ගොඩ නැගීම. කැමති අය කරයි, අකමැති අය නොකර ඉදී.

      ""ඇනෝ කෙනකු වශයෙන් අනෙකුන් කෙසේ වෙතත් මා යටත් වන්නේ බ්ලොග්කරුවන්ගේ රෙකුලාසි/ඉල්ලීම් වලට පමණයි. ඔබ මෙතැන තුන්වන පාර්ශ්වයක්. එබැවින් ඔබේ මතය මට වැදගත් නැහැ. කකා මට කමෙන්ට් කරන්න එපා කිව්වොත් මා නවතින්නම්. ඇයි මා තුන්වන පාර්ශ්වයක තර්ජන වලට බියෙන් කමෙන්ට් කිරීම අත්හළ යුත්තේ?""

      එකඟයි..! මම කොතනද කිව්වේ ඔබතුමාට කමෙන්ට් කරන්න එපා කියලා..? ආයෙත් කියන්නේ අපි විරුද්ධ වෙන්න ඕන පුද්ගලික අපහාස, කුණුහරුප, මානසිකව බිය වැද්දවීම් වගේ සයිබර් බුලීයින් ගණයට වැටෙන කමෙන්ට්ස් වලට. ඔබතුමා එහෙම කරන්නේ නැතිනම් අවුලක් නෑනේ. :D

      Delete
    24. //මම විශ්වාස කරන දේ තමයි මචන් ලොකේ කැත තැනක් වෙලා තියෙන්නේ "නරක මිනිස්සුන්ගේ නරකකම නිසා නොව හොඳ මිනිස්සුන්ගේ නිහඬතාව නිසයි" //
      මචන් මාලන්... උඹ කොහොමද අපි ඇනෝ ආපු පලියටම අපිව කැත චරිත හැටියට නිගමනය කරන්නේ......

      Delete
    25. ""ලක්මාල් කන්දෙවිදානට පීඩාකාරී SMS එකක් ලැබුණාය කියලා හැම බ්ලොග්කරුවකුටම කමෙන්ට් මොඩරේට් කරන්න බල කරන එක සදාචාරාත්මකද/ප්‍රායෝගිකද මාලන්?""

      අටම් එක උදාහරණයක් විතරයි. අගතියට පත් වුන බොහොම දෙනෙක් ඉන්නවා.

      මොඩරේට් කරන්න කියලා බල කළේ නෑ මචන්. ඉල්ලීමක් කළා විතරයි. මොඩරේට් කරන එක, එක ඔප්ශන් එකක් විතරයි. කැමතිනම් ඒක කරත හැකි. කලිනුත් කිව්වා වගේ හොඳම දේ ස්වයං වාරණය. තමන් වගේම අනිත් මනුස්සයටත් හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් කියලා හිතුවම හරි.

      Delete
    26. ""මචන් මාලන්... උඹ කොහොමද අපි ඇනෝ ආපු පලියටම අපිව කැත චරිත හැටියට නිගමනය කරන්නේ...... ""
      මම අර ත්‍රස්තවාදීන් ගැන උඩින් ලියපු කමෙන්ට් එක,

      ""තව දෙයක් කියන්න ඕන, මම විරුද්ධ වෙන්නේ ත්‍රස්තවාදීන් වෙන ඇනෝලට විතරයි, හැම ඇනෝලටම නෙමෙයි. හොඳම උදාහරණය ඔය උඩින් ඉන්න තිත් ඇනෝ.

      මේක හරියට සමාන වෙන්නේ දෙමළ ත්‍රස්තවාදයට. ප්‍රබාකරන් සහ ඔහුට සහ දැක්වූ පිරිසව අපි හැදින්වූවා ත්‍රස්තවාදීන් කියලා. ඒත් හැම දෙමළ මිනිහම ත්‍රස්තවාදියෙක් නෙමෙයි. [ඔය උඩින් ඉන්න තිත් ඇනෝ වගේ අය අපිට ලක්ෂ්මන් කදිරගාමර් වගේ කෙනෙක්ට සමාන කරන්න පුළුවන් :P].

      ත්‍රස්තවාදයට එරෙහිව "මානුෂික මෙහෙයුම්" කරද්දි වැරදිලා ඉතින් ඔය අහිංසක දෙමළ මිනිස්සුත් මැරෙනවා. ඒක ඉතින් මේ හිත් පිත් නැති යුද්ධේ හැටි.""

      Delete
    27. //ත්‍රස්තවාදයට එරෙහිව "මානුෂික මෙහෙයුම්" කරද්දි වැරදිලා ඉතින් ඔය අහිංසක දෙමළ මිනිස්සුත් මැරෙනවා. ඒක ඉතින් මේ හිත් පිත් නැති යුද්ධේ හැටි.//

      එතකොට අපි ජිනීවා යන්න එපාද මාලන්...... ගියත් වැඩක් වෙන එකක් නෑ.... සිංහල හමුදාව දෙමළු මරනකොට මානව අයිතීන් ගැන කෑ ගහුවට.... ඇමරිකාවෙන් තම්බි මරමු කියනකොට... කස්ටිය පෝලිමට හුරේ දානවනෙ....

      Delete
    28. //අටම් එක උදාහරණයක් විතරයි. අගතියට පත් වුන බොහොම දෙනෙක් ඉන්නවා. //

      උඹ ඔය කියන වින්දිතයම.... වෙන එවුන්ගෙ.. අම්මගෙ අප්පගෙ කෑලි අරින්නත් ඔය ඇනොනිමිටියම තමා පාවිච්චි කරේ....

      මේකෙ ඉන්න එකාලා තමන්ගෙ හොර වැඩ... බළු වැඩ.... තෙල් බේත් වැඩ... ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීම්.... පොළු තැබීම්.... මිත්‍යාව පැතිරීම... කැමරා... ට්‍රයි පෝඩ්... බෝතල්... ඇතුළු දහසකුත් එකක් දූශිත අවශ්‍යතා ඉටුකරගත්තෙ ඇනෝ ඇවිල්ලා නෙවෙයි.....

      ඇනෝලා නිසා එකෙක් හරි ඔය හොර අසහන කාරයන්ගෙන්.. ගැලවෙන්න ඇති.......

      Delete
    29. /දැන් මෙහෙම හිතන්නකෝ ඔබතුමාගේ වත්ත ඇතුළට ඇවිත් කවුරුන් හරි ඔබතුමාට කුණුහරුපෙන් බනිනවනම්, පුද්ගලිකත්වයට හානී කරනවනම් ඔබතුමා කට වවහගෙන නිකන් ඉන්නවද..? නැතිනම් එයට විරුද්ධව ක්‍රියාමර්ග ගන්නවද..?/

      දැන් ඔබ කතා කරන්නෙ ඔබේ වැත්තට පැනපු එක ගැනද කවුරු හරි (ඔබට සම්බන්ධයක් නැති) අනුන්ගේ වත්තට පැණපු එක ගැනද කියන්න.

      Delete
    30. /එකඟයි..! මම මෙතන කාටවත් බල කරන්නේ නෑ. කලිනුත් කිව්වා වගේ මගේ උත්සාහය කතිකාවක් ගොඩ නැගීම. කැමති අය කරයි, අකමැති අය නොකර ඉදී. /

      කමෙන්ට් වහගෙන 'කතිකාවක් ගොඩ නඟන්නේ' කොහොමද කියලා පහදලා දෙනවද? කතිකාවක් කියන්නෙ එක් කෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වෙන දෙයක් නේද?

      Delete
    31. /මොඩරේට් කරන්න කියලා බල කළේ නෑ මචන්. ඉල්ලීමක් කළා විතරයි. මොඩරේට් කරන එක, එක ඔප්ශන් එකක් විතරයි. කැමතිනම් ඒක කරත හැකි. කලිනුත් කිව්වා වගේ හොඳම දේ ස්වයං වාරණය. තමන් වගේම අනිත් මනුස්සයටත් හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් කියලා හිතුවම හරි./

      දැන් එහෙම හිතන්න ඕනෑ ඇනෝලා විතරද? බ්ලොග්කරුවන්, ප්‍රොෆයිල් එකෙන් එන පිරිස් එහෙම හිතන්න ඕනෑ නැද්ද? මට පෙන්නන්න පුළුවන් මේ දෙපිරිසම ඇනෝලාට වඩා හිතුවක්කාර ලෙස හැසිරුණු අවස්ථා. ඇයි මේ ඇනෝලාම විතරක් ටාගට් කරන්නේ?

      Delete
    32. /කුණුහරුප කියන, පුද්ගලිකත්වයට හානී කරන සයිබර් බුලියින් වලට එරෙහිව වාරණයක්ද..? /

      කුණුහරුප කියන පෞද්ගලිකත්වයට හානි කරන කවුරුන් වුණත් බොහොමයක් බ්ලොග්කරුවන් දැනටමත් අයින් කරනවා. ඇයි තව විශේෂයක්?

      Delete
    33. /එකඟයි..! මම කොතනද කිව්වේ ඔබතුමාට කමෙන්ට් කරන්න එපා කියලා..? ආයෙත් කියන්නේ අපි විරුද්ධ වෙන්න ඕන පුද්ගලික අපහාස, කුණුහරුප, මානසිකව බිය වැද්දවීම් වගේ සයිබර් බුලීයින් ගණයට වැටෙන කමෙන්ට්ස් වලට. ඔබතුමා එහෙම කරන්නේ නැතිනම් අවුලක් නෑනේ. :D/

      ඒත් ඔබ ඇනෝලා කියලා ගහන්නෙ ඔක්කෝටමනේ. ඒකනේ ගැටළුව.

      Delete
    34. කකාගෙ කවිය....
      ඌරො ටිකක් මෙතන ඇවිත් කැකුණ තලනවා....
      කවුන්ටරේ අහස උසට මෙන්න නගිනවා...
      කෙහෙල් ගහට ඇන්නෝතින් හොට පැටලෙනවා....
      කියන එකක් ඇනෝ ඇවිත් කෙලලා දානවා....

      Delete
    35. @මාලන්,

      කරුණාකර මේ ප්‍රශ්න තුනට උත්තර දෙන්න.

      1. යම් පිරිසක් ඇනෝ ඇවිත් ඔබ කියන විදිහට පීඩාකාරී දේවල් කරනවා නම් ඇයි ඔබ සියළුම ඇනෝලාට පහර දෙන්නේ? (දැන් නෑ කියන්න එපා. ඔබ මුලින් කළේ ඒක.)

      2. ඇයි ඔබ බ්ලොග්කරුවන් හා ප්‍රොෆයිල්/ෆේක් ප්‍රොෆයිල් වලින් එන පිරිස කරන සයිබර් බුලිං ගැන කතා නොකරන්නේ? ඒ කියන්නේ ඔබට කමක් නැහැ මේ අය සයිබර් බුලිං කලාට. ඔබට ඇති ගැටළුව ඇනෝ ඇවිත් ඒක කිරීම. එහෙමද?

      3. ලක්මාල් කන්දෙ විදාන හැරුණු කොට අගතියට පත් වූ අනෙක් පාර්ශ්වයන් කවුද? ඔවුන් අගතියට පත් වුණේ කෙසේද? කරුණාකර උදාහරණ දෙන්න. ඒවාට වගකිව යුතු (බ්ලොග් වල කමෙන්ට් කරන ) ඇනෝලාම බව ඔබ දන්නේ කෙසේද?

      Delete
    36. ප්‍රොෆයිල් කාරයන්ගෙන් අගතියට පත් එවුන් ගැන නම් පොතක් පිරෙන්න ලියන්න පුළුවන්.... දැන් මාලන් උඹ බ්ලොග් නවත්තන්න කියනවද එහෙම එව්වට....

      Delete
    37. රමබෝ සමරවික්‍රම ගේ විරක්ක්‍රියා; රම්බෝ අයිය ඇදගෙන නායි
      http://www.w3lanka.com/2014/02/blog-post_18.html

      Delete
    38. රම්බෝ අයියට ලියුමක් (http://www.w3lanka.com/2014/02/blog-post_18.html)

      රැම්බෝ රාලහාමි අයියා වෙත,

      අයිය කියුවත් වගේ අයියා වගේ උත්තම පුරුෂේ අය නාගන්නවද විශේෂයෙන් අපි වගේ දුහුනන් ගෙන්. සොරි වෙන්න ඕන රැම්බෝ අයියා ඔයාගේ ප්රෝපයිලේ ගැන ඔයා ඔච්චර සීරියස් හිතනබව දන්නේ නැනේ අයියේ .

      අයියා බ්ලොග් කියවනවා කිවුවට (∑ පිච්චන් to ප්‍රබුද්ද) පොලිස් වැඩත් එක්ක සමහර ඒවා මිස් වෙන්න ඇති. උඩ තියෙන ලින්ක් එකත් අයියට තියෙන වැඩ රාජකාරි හින්ද මග හැරෙන්න ඇති. මෙන්න ඒ පොස්ට් එකේ පලවෙනි චේද කීපය අයියගේ පහන් සංවේගය පිණිස.

      " මගේ ප්‍රියතම චිත්‍රපටය තුන්මංහන්දිය. මම කැමතියි ඒකෙ අයිසෙ කියන චරිතෙට‍. එක තැනකදි අයිසෙ අබිලිං (ජෝ අබේවික්‍රම) එක්ක සැරසිල්ලක් කර කර ඉන්නකොට අබිලිංගෙ අම්මා (දෙනවක හාමිනේ) ඇවිත් අහනවා "අයිසෙ ළමයෝ උඹටත් තේ එකක් දෙන්න ද?" කියලා. "දෙනව අයිසෙ ඕනැ එකක්," කියලා අයිසෙ කියනවා. ඉස්කෝලෙ යන කාලෙ අපට ව්‍යවහාරික ගණිතය ඉගැන්වූ වි‍ජේරත්න සර් කතා කරන්නෙත් අයිසෙලා කියලා. "අයිසෙලා ගණන් හැදුව ද?
      ඒ වගේ අයිසෙ කෙනෙක් ඊයෙ අපේ බ්ලොග් එකට ගොඩ වෙලා මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දැම්මා.
      "අයිසෙ පැරකුම්,
      මොනාද මේ දාන පොස්ට්, දානවකො හොඳ නැගල යන චූ, පඩ, කක්ක, ජී, ශුක්‍ර සම්බන්ධ පෝස්ට් එකක්.""

      දැන් රැම්බෝ අයියට තේරෙන්න ඕන මෙතන කොමෙන්ට් කරන එකාලයි පොස්ට් ලියන පැරයි අතර යම් අවභෝදයක් තියන විත්තිය. ඔයා මෙලෝ හැදෑරීමක් නොකර මැද්දට පැනල සරම ඉස්සුවම අපිට සිල් ගන්න බෑනෙ. ඔයාගේ ටෝන් එකෙන්ම රිටන් දෙන එක අපේ අයිතියක්.

      ඔව් අයියේ අයිය නාල නෑ අයිය පීනලා, දැන් ඉතින් පිහිදාගෙන අර කොපි කෝප්පේ බොන්න සිතල යන්නත් එක්ක
      (දැන් තේ බොන්නේ නැ වගේ, තේ වෙනුවට කොපිනම් බොන්නේ සුද්ද කන විදියටම කන්න නැත්තම් බොක බ්ලොක් උනාමත් ඒවා යන්නෙත් අහිංසක අපේ පිටින්)

      අයිය අර අඹගහ යට දාල තිබුන පොලිස් නෝටිස් එකේ තියෙන අයියගේ රූපේ දැකල හිත නිවිලා ගියා හරියට ජාතික රුපවාහිනියේ හිත නිවෙන කථා බැලුව වගේ. අයියගේ තඩි තුවක්කුවෙන් බස බස ගාල වෙඩි තියෙල මිනිස්සු බුරුතු පිටින් මරණ හැටි දැක්කම අයියගේ සද්දන්ත සරිරේට සාපේක්ෂව මොලේ ටිකක් අඩුයි කියල හිතෙනවා එත් කමක් නැ අයියේ අයිය අන්තිමට දිනුවනේ.., තව මොනවාද නේද?

      සයිබර් අවකාශේ ඇතුලේ අනන්‍යතා හොයන එකයි, ප්රෝපයිල් මේන්ටේන් කරන එකයි, හිස්ට්‍රි එක ට්‍රේස් බැක් කරන එකයි..... අරකයි.... මේකයි.....සාපේක්ෂ සත්‍යයන් නේද අයියේ. ඔය එක කින්වත් සයිබරේට ඩේටා එකතු කරපු එකා ගැන නිරපේක්ෂ අදහසක් දෙන්නේ නැ නේද? ඒකියන්නේ 'වන්' 'සිරෝ' ලෝකේ ඇතුලේ ප්‍රොෆයිල් පොරවල් කියල ජාතියක් නැ. ඔක්කොම ඇනෝනිමස්ලා අඩුම ගානේ බාග ඇනෝනිමස්ලා. ඒකනිසා අයියගේ ඇනෝනිමස් භීතිකාව මහා ගොන් පාර්ට් එකක්. රැම්බෝ ටයිප් රගපෑමක්.

      අයියගේ මුලික කන්කෙදිරිය තමයි අනො කොමෙන්ට් නිසා බ්ලොග් ලියන ඩයල් වල මානසිකත්වයට මොකද්ද වෙනවා කියන එක. අයියට ෂුවර්ද අයියේ? ලෝකේ කාල වතුර බිල ඉන්න සිංහල බ්ලොග් ලියන උන් අනොකොමෙන්ට් නිසා මානසිකව වැටිලා බ්ලොග් එක වහයි කියල. අපිනම් දන්න විදියට ගොඩක් බ්ලොග් රචකයෝ කොමෙන්ට් පඩේකටවත් ගණන් ගන්නේ නැ. උන්දැලට ඒකට වෙලාවක් නැ. බොහෝ අයට ඉනර් සර්කල් එකක් තියෙනවා. ඒඅය ෆීඩ් බැක් වෙන්නේ එතනින්. ඒකනිසා ඇනෝ කොමෙන්ට් වලින් අයිය කියන කෙලියක් වෙන්නේ නැ රැම්බෝ අයියේ. අයියගේ නමේ අගට වීරවංස කල්ලකුත් තියනවද? උන්දැත් වතුර කෝප්පේ battleship දකිනවා (http://www.imdb.com/title/tt1440129/).

      රැම්බෝ රාළහාමි අයියා වෙත ( නැවත නැවතත් ),

      Look closely, because the closer you think you are, the less you’ll actually see (http://en.wikiquote.org/wiki/Now_You_See_Me) අයිය වගේම රොම්බ පොරක් අර උඩ තියෙන පොර ටොක දවසක් පිචෑර් එකක දුන්න අයියේ.

      රැම්බෝ අයියේ ඔයත් පුංචි පුංචි කැලි අල්ලන් ගේම කෝල් කරන්න කලින් සමස්ථය සැලකිල්ලට ගන්න. බ්ලොග් වල සුන්දරත්වය තියෙනේ එකේ තියන සජීවී බව නිසා. විවිද මිනිස්සුන්ගේ විවිදවූ අදහස් හින්ද. විවිද වූ මිනිසුන් අනේකවිද අවශ්‍යතා වලට බ්ලොග් වටා එකතු වෙනවා. එය පරිණාමය වෙමින් ඉදිරියට යනවා. සමස්තයක් ලෙස සිංහල බ්ලොග් එයටම අනන්‍ය වූ ලක්ෂණයන් සපථ කරනවා.

      දැන් කෙස් එක තියෙන්නේ මේකේ තියෙන සමහර දේ ඔයාට දිරවන්නේ නෑ. ඔයත් එක්ක අනන්‍ය වෙන්නේ නැ. ඔයාට කැපිටල් අකුරු වලින් කොමෙන්ට් දාන උන් පෙන්න බෑ, ප්‍රංශ උන් පෙන්න බෑ, කුණුහරුප කියන උන් පෙන්න බෑ, අයිසේ කියන උන් දිරවන්නේ නෑ . කොටින්ම ඔයාට ඕන විදියට බ්ලොග් රන් වෙන්නේ නැති කොට ඕයා පොලීසියට අදින්න හදනවා.

      රම්බෝ අයියේ අවුල තියෙන්නේ ඔයාගේ මනසේ. ඔයා වෙනස්කම් පිළිගන්න තරම් විවුර්ථ නෑ. ඔයා කොයි තුත්තුකුඩියේ හිටියත් තියෙන්නේ ළිං මැඩියටත් එහාගිය චින්තනයක් (රට වෙනස් උනාට ජාන වෙනස් වෙන්නේ නෑනේ). ඒකනිසා අයියේ ඔයා කටුගෙට යන්න අපි එන්නම් බලන්න.

      Delete
    39. කමක් නෑ මචන් මම ඇදගෙන නෑවා කියලා උඹේ හිතට සංතෝසයක් දැනෙනවනම් එච්චරයි. මට ඕවා ගාණක් නෑ. අනිත් කාරණේ, උඹ මට කොයිතරම් පුද්ගලික ලෙවල් එකෙන් මඩ ගැහුවත් මම ඒ ලෙවල් එකට වැටුනේ නෑ මචන්. උඹ හිතනවනම් මම ඇදගෙන නෑවා කියලා මට ඒකේ අවුලක් නෑ.

      මෙතන අයිරනි ඒක මේකයි මචන්, මම මගේ ප්‍රොෆයිල් එකෙන් කියපු දෙයක් උඹ කොපි කරලා මම ඇදගෙන නෑවා කියලා සංතෝස වෙනවා. මම ඕක ඇනෝ කිව්වනම් උඹට ඕක කොපි කරලා පේස්ට් කරන්න බැරි වෙනවා. පොඩ්ඩක් හිතපන් ඒ ගැන. :)

      Delete
    40. අහ් තව දෙයක්, මචන් බ්ලොග් වලට ලින්ක්ස් දාද්දි දාන්න ක්‍රමයක් තියෙනවා ඒක ගූගල් කරලා බලපන්. ;)

      Delete
    41. කෝ මගේ ප්‍රශ්න තුනට තාම උත්තර නෑනෙ. දැන් මාලන්ටම නේද කතිකාවක් පටන් ගන්න ඕනැ වුණේ?

      Delete
    42. මචන් ඒ ප්‍රශ්න තුනට මෙතන උත්තර නොදී පෝස්ට් එකක් ලියන්න හිතුවේ, පොඩ්ඩක් මට වෙලා දීපන්.

      Delete
    43. @ඇනෝලා සියල්ලන්ටම,

      මාලන්ට බනින්න, ඔහු විහිළුවට ලක් කරන්න හෝ අපහාස කරන්න එපා. ඔහුට තියෙන්නෙ වැරදි අවබෝධයක්. ඔහු හිතාගෙන ඉන්නවා මේ බ්ලොග් ලියන්නේ මාර අහිංසක පිරිසක් මෙතැන ඔක්කෝම ප්‍රශ්න ඇති කරන්නේ ඇනෝලා කියලා. අපි සදාචාරාත්මකව සංවාදයක නිරතවෙලා ඒ මතය බිඳ හෙළමු. බ්ලොග් කාරයෝ ප්‍රොෆයිල්කාරයෝ වගේ අවිචාරයෙන් කුණුහරුප කිය කියා හැසිරෙන්න එපා.

      Delete
    44. @මාලන්,

      දැන් වෙන පෝස්ට් එකක් ලියල ඒකෙත් කමෙන්ට් වහනවද? එහෙම නොකරන්නැයි ඉල්ලනවා. එතකොට සංවාදයක් වෙන්නෙ නැහැනෙ. මා මේ බ්ලොග්කරුවන් විසින් කෙරුණු සයිබර් බුලිං පිළිබඳ නිදර්ශන එකතු කරන ගමන්. සමහරුන්ට නම් ඒ ගැන නඩු දාන්නත් පුළුවන්. (මා වින්දිතයා නොවන නිසා මට එහෙම කරන්න බැහැ.) බ්ලොකරුවන්ගේ "අහිංසක කම" ගැන හා ඇනෝලාගේ "හිංසාව" ගැන ඔබට තියෙන්නේ සම්පූර්ණ වැරදි අවබෝධයක්. මට දත්ත එක්ක කතා කරන්න ඉඩ දෙන්න.

      Delete
    45. අයිසේ ඇනෝ .. පිස්සුද බං මෝඩයෙක් එක්ක ආගිව් කරන්නේ.. වැඩක් නැත්නං වරෙන් අපේ වින්කලේට. හුලං ගහන්න එකෙක් නැතුව ඉන්නේ

      තමන්ට එන පීඩාකාරී SMS ගැන කරන්නේ මොකද්ද කියල දන්නේ නැති තරමේ බබෙක් එක්ක ආගිව් කරන්න උඹලගේ ඔලුවේ මැටි ද ?

      කකා අද රෑ කෑම .. stir fried comments with Deviled beef ද ?? ;)

      Delete
    46. ඇනෝ, කමෙන්ට් වහන්නේ නෑ. කැමතිනම් උබ පෝස්ට් එකක් ලියලා මෙතන දාපන් මම ඒක අඹ ගහ යට එල්ලන්නම්.

      Delete
    47. ඔය පරණ ඇරියස් කවර් කරගන්න හදන ඔළුව කරකවගෙන ඉන්න මහත්තයා පොඩ්ඩක් පැත්තකට ගිහින් සෙල්ලම් බත් උවුවනම් :D

      Delete
    48. මට පරණ ඇරියස් නැහැ සර් . මම "ඔබතුමා" එක්ක මිට කලින් කොහේ හරි කතාවක් ගියාද ?? ගියා නං ඒවා ගිය තැනම තිබිච්ච දෙන්. මම නං පුක (©2014 කකා) හෝදගෙන එන්නේ ඒවගේ තැනකින් එනකොට . "ඔබතුමා" තාමත් හෝදගෙන නැද්ද ? ;)

      මම කතා කරේ මට මෙතන කියවන්න ලැබිච්ච ඒවගෙන්. බ්ලොග් ත්‍රස්තවාදේ ගැන කතා කරන "ඔබතුමා" මෙතන කරන කැත වැඩේ දිහා බලන්න.. කතන්දර "තුමා" දැහැමෙන් සෙමෙන් තමන්ගේ ආශ්චර්යවත් චූටි , බටිති මලිති පාසල් කාලයේ ඇතිවෙච්චි සුන්දර ප්‍රථම මෙව්වා එක ගැන ඉතාමත් රහ වැටෙන්න දුරු මිරිස් දාල ලියපු (අරූ .. විහිළුවට ඈ ) මේ සුන්දර පොස්ට් එක සම්පුර්ණයෙන් හයි ජැක් කරලා එකට කිසි සම්බන්ධයක් නැති විකාරයක් ඇදගෙන යන්නේ "ඔබතුමා" නෙවේද ?

      "ඔබතුමා" අනුන්ගේ අගු පිල් වලට ගිහිල්ල කක්ක (©2014 කකා) බාල්දි පෙරලලා එන එක ගැන ඒ ඒ බ්ලොග් අයිති අය මොනවා හිතනවා කියල ඔබ හිතනවද.. ඒ සම්බන්ධයෙන් ඔබට මේ වෙනකන් feed back එකක් ලැබුනද ?

      Delete
    49. රායිට් මම වැරැද්ද පිළිගන්නවා.

      මෙච්චර කල් කැපිටල් ඇනෝලා, ෆ්‍රංශ ඇනෝලා, අර ඇනෝලා මේ ඇනෝලට ඕන බයිලයක් කියන්න දීලා ඒ සම්බන්ධව කටක් නොඇරපු මහත්මයෙක්ට එක පාරටම සදාචාරය මත වෙලා අනේ වාසනාවන්.

      ඇනෝ මචන්, මම පෝස්ට් එකක් දානවා. ඒක බලපන්. අපි එතන කතා කරමු.

      Delete
    50. ප/ලි ලේ ලියන්න තිබුණු දේ කමෙන්ටුවක් ලෙස දාලා මං කර ගත් විපතක මහත!

      ඇනෝවාදය ගැන නම් මං කිලන් ලියලා තියෙන නිසා අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.

      මෙන්න ඒ පරණ කතන්දර කිහිපය.
      1. නෝටි ඇනෝ ලා වෙනුවෙන් අද ස්පැෂල් කතන්දරයක් : කන හාරන හැටි එදා සහ අද - Removing Ear Wax : Yesteryear and Today

      2. http://kathandara.blogspot.com.au/2012/08/most-beautiful-dream-i-have-ever-seen.html

      3. මං වාරණයට අකමැතියි නංගියේ - I hate censorship

      4. මෝඩ ආතල් ඇනෝලා, මන්ද බුද්ධික ඇනෝලා සහ මානසික රෝගී ඇනෝලා - Sub-categories of Naughty Anonymous Bastards


      Delete
  2. මටත් නම් චිත්‍ර අරහං අප්පා....

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් කුණුහරුප කියවන්න ඇර මොන ඉටි ගෙඩියක්වත් පුලුවන් එකෙක්ද යකෝ

      Delete
    2. ඒකනේ ...මචන්....හෙක්...හෙක්....

      Delete
  3. >>මා ලියන මේ ලිපිය ඇය කියවන්නට ඉඩ ඇතත්, එදා දශක කිහිපයකට පෙර සිදුවූ මේ සිදුවීම ඇගේ මතකයේ රුඳී තිබේදැයි මට සැක සිතේ. <<
    මතක හිටින්න තරම් ඒ ළමයාගේ සිත "වල්" නැතිව ඇති මම හිතන්නෙ ..

    ReplyDelete
    Replies
    1. ඇය වඩාත් දන්නේ සිත් ගැන නොව හදවත් ගැනයි!

      Delete
  4. මට නම් චිත්‍ර ටිකක් ඇන්ද හැකි. කවි තමා ලියාගන්ට අමාරු.

    ශානිකා ඒ කාලෙදිත් හරිම දක්ෂ ලමයෙක් බව චිත්‍රවලින් පේනවා...එයා හදවත්වලත් මේ වගේ ඉරි කෑලි අඳින කෙනෙක්ද දන්නේ නෑ. :P

    කකාගේ පාසැල් කාලේ කතා මාත් කියවලා තියෙනවා. මෙච්චර විස්තර එක්ක මේ වගේ ලිපියක් කියෙව්වද කියලා මතකයක් නෑ. (චිත්‍රත් එක්ක )

    අපූරු, සුන්දර මතක සටහනක්!!!

    ReplyDelete
    Replies
    1. /* කකාගේ පාසැල් කාලේ කතා මාත් කියවලා තියෙනවා. */

      මං හිතන්නේ මං මේ බ්ලොගයේ පලකරපු කතන්දර අතරින් 200ක්වත් පාසල් කාලේ තකන්දර තමයි!

      වෙලාවක ගණං කරලා බලන්න ඕනෑ.

      Delete
  5. මේ කතාව ශානිකා දැකලා තියෙනවද? :)

    ReplyDelete
    Replies
    1. සමහරවිට සඟරාව දකින්නත් ඇති!
      කෝකටත් පිටපතක් යවන්න ඕනෑ, ලිපිනය හොයාගෙන.

      Delete
  6. මුහුදු වෙරළක දර්ශනයක් නම් අපිත් ඇන්දේ ඔය විදිහටමයි. හැබැ‍යි රුවල් ඔරු තමයි අපි ඇන්දේ. අර ඉර මුහුදේ ගිලෙන තැන ඉරේ ඡායාව මුහුදු රළ මත වැටිලා කියලා පෙන්වන්න මුහුදු රැලි වලට අමතරව තව පොඩි පොඩි ඉරි ටිකක් අඳිනවා.

    ඒ කාලේ කාක්කෝ ක්ලෝනිං ටෙක්නොලොජි එක දැනගෙන ඉඳලා තියනවා.... :D

    ReplyDelete
    Replies
    1. ශානිකා නං ඒ පරාවර්තිත කිරණ ගැන දැන හිටියේ නෑ. අපි දෙන්නාම අවුරුදු පහේ ළමයි!

      කාක්කෝ විතරක් නොවෙයි, මූදු රැළිත් ක්ලෝනින් තමයි!

      Delete
  7. ඔබ කියන්නේ ගල්ලෑල්ල සහ හුණු කෑල්ල ගැන නම්.... මේ ලිපිය තනි කර වැරදී ;)

    //කළු සුදු රේඛා චිත්‍ර// විය නොහැක. ගල් ලැල්ල කළු නිසා, හුණු කෑල්ල සුදු නිසා //සුදු රේඛා චිත්‍ර// විය යුතුය.

    පේන්ට් වලින් ඇඳ ඇති චිත්‍ර සියල්ලේම පසුබිම කළුද, රේඛා සුදුද විය යුතු :))

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. කළු සුදු රේඛා චිත්‍ර කියල භාවිතා කරන්නේ රේඛා සුදු සහ කළු යන දෙවර්ණයෙන්ම තිබෙන නිසා නොවේ. කකාගෙ කතාව නිවැරදි කරනවානම් කළ යුත්තේ "කළු සුදු" වෙනුවට "සුදු කළු" කියා යෙදීමෙනි.

      Delete
    2. කළු සුදු කියන්නේ භාවිතා වන වර්ණ. රේඛා කියලා කියන්නේ ක්‍රමවේදය. චිත්‍රය කියන වචනයට අදාල විශේෂණ පද දෙකක් මේ තියෙන්නේ.

      Delete
    3. සෑම්, ගල් කූර කියන්නේ හුණු කෑල්ලක් නොවේ. මේ දෙකක්. ගල් කූර යනු කුමක්දැයි මෙහි කර්තෘ තුමාම පැහැදිලි කරනු ඇතැයි සිතමි.

      Delete
    4. සෑම් ගේ ප්‍රශ්නයට ස්තුතියි.

      මා මෙහි උඩින් ලියා ඇති පරිදි මේ චිත්‍ර MS Paint මගින් අඳින්න සෑහෙන වෙහෙසක් ගන්න වුණා.

      ගල්ලෑල්ල කළුයි, ගල්කූරෙන් අඳින කොට සුදු වගේ පාටකින් මතුවෙන්නේ ඉරි/අකුරු. සුදු හුණු පාටම නොවෙයි.

      කළු පසුබිමේ සුදු ඉරිවලින් මේ චිත්‍ර MSPaint ඇන්දාම ටිකක් ගොරෝසුයි, එය සඟරාවට ගැලපෙන්නේ නෑ, එනිසායි මේ නෙගටිව් කලර්ස්වලින් ඇන්දේ.

      මෙන්න මං කියන ගල්ලෑල්ක සහ ගල්කූරක ලඟින් යන ෆොටෝ එකක්.
      http://upload.wikimedia.org/wikipedia/commons/b/b9/A_slate_and_a_stone_stick.jpg

      මං භාවිතා කළ ගල්කූරු මීට වඩා හීනියි. මේවා 1990 විතරත් තිබුණා වගේ මතකයි.

      Delete
  8. ඒ කියන්නේ කකාගේ ෆස්ට් ක්‍රෂ් එක තමයි "ශානිකා කිරිබත්ගොඩ".. මේ තරම් හොඳට කියා දුන්න පාඩම් මතක හිටින්න.

    ReplyDelete
    Replies
    1. මං ශානිකා ගැන සඳහන් කතන්දර තුනක් හෝ හතරක්ලියා තියෙනවා. මේ කතන්දරේ ඉන් දෙකක්ම ලින්ක් කරලයි තියෙන්නේ.

      Delete
  9. /මෙය සඟරාවක පළ කිරීම සඳහා ලියන ලද කතාවකි. මේ මා මෑත කාලයේ ලියූ හොඳම ලිපිය යැයි අවංකවම මට සිතේ./

    හොඳම ලිපිය නෙවෙයි එකම ලිපිය කිව්ව නම් තමයි නිවැරදි. ඇයි කකා වෙනදට ලියන්නෙ ලිපි නෙවෙයි මෙලෝ රහක් නැති පල් හෑලිනෙ.

    ReplyDelete
    Replies
    1. ළමයා, සඟරාවේ ලිපි පළවෙන්නේ කතන්දරකාරයා කියා නොවෙයි.

      කතන්දරකාරයා කියන්නේ මේ බ්ලොග් එක සඳහා මවපු චරිතයක්. මං බ්ලොග් එකට ලියන ඒවා සඟරාවට දාන්නේ නෑ. සඟරාකාරයා නම් දෙතුන්වරක් කොපි කරලා දැම්මා, ඒ මේ කවුද ලියන්නේ කියලා දන්නේ නැතුවයි.

      Delete
  10. මට චිතු අදින්න බැරිය... හැබැයි චිත්‍රය නං ලස්සනට තිබ්බ කියල හිෙතනව

    ReplyDelete
  11. මෑතක ලියූ ලිපි වලින් මමත් කැමතිම ලිපිය මේක.
    ඒ කාලෙ චිත්‍ර වලට දෙන අනිවාර්ය මාතෘකා තමයි චීත්ත මෝස්තර, දොර රෙදි මෝස්තර වගේ දේවල්. ශානිකා කියල දීල තියෙන්නෙ හොඳ පාඩමක්.

    ReplyDelete
    Replies
    1. මේ කතාව ලිව්වේ 2012 නොවැම්බර්වල!

      Delete
  12. ශානිකා කිරිබත්ගොඩ ළදැරියගේ කළු සුදු රේඛා චිත්‍ර කලාව අනර්ඝය. මා දැන සිටියේ රේඛා චිත්‍ර වශයෙන් බල්ලකු සහ පූසකු අඳින ආකාරය පමණකි. කේජු බෝල, කෙසෙල් ගෙඩි වැනි පහසු රූප කීපයක් ඇඳීමෙන් පූසා අඳින ආකාරය ඉගෙනගත්තේ ව්ලැදිමීර් සුතේයෙව්ගේ කතන්දර හා පින්තූර නමැති පොතෙන් වන අතර අත් කොට කමිසයක අර්ධයක් ඇඳ එය බල්ලකුගේ රූපයක් බවට පත් කරන ආකාරය කියා දුන්නේ මගේ ඥාති සහෝදරයකු විසිනි.

    ReplyDelete
    Replies
    1. කේජු බෝල?

      බුදු අම්මෝ ජීවිතේට දැකලා ණැති ඒවා අඳින්නනං ඉතිං සෑහෙන ඉමැජිනේෂන් එකක් තියෙන්න ඕනෑ!

      Delete
  13. ම්ම්ම්ම් ...ශානිකා ඉගෙන ගන්න උගන්වන්න දක්ෂ කෙනෙක් ...කොම වුණත් කකා තවම පාඩම අමතක කරලා නෑනේ (ශානිකාවත් ) හොද යහළුවෙක් කියලා හිතනවා ...

    රට හවා තමා මට මතක ඒ කාලේ ඇන්ද එවා ගෙන් ...

    ReplyDelete
    Replies
    1. මං ශානිකාව අන්තිමට දැක්කේයුනිවසිටි කාලේ එක දවසක් විතරයි. දැන් පරම්පරාවකට විතර .

      Delete
    2. කණ්නාඩිය නතුව මුලින් බලන කොට 'ශානිකාව' කියන එක දැක්කෙ 'ගනිකාව' වගේ. කණ්නාඩිය දාගෙන බැලුවම තමයි ඇඟට ටිකක් ලේ ඉනුවෙ.

      Delete
  14. චිත්‍ර වලට මාත් කැමතියි

    ReplyDelete
    Replies
    1. හැකියාව කොහොමද?

      Delete
    2. පොටෝ එකක් එව්වොත් ඇදල දෙන්න පුළුවන් කකා

      Delete
  15. ඇඳගන්න එක කරල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. කාගෙ ඇඳ ද?

      අනේ මට අනුන්ගේ ඇඳවල් එපා. තියෙන එක හොඳයි!

      Delete
  16. ඉස්සර අපිත් චිත්‍රයක් කොපි කරගන්න ඕනේ වුනාම ඔය චීත්ත මෝස්තරේට ඉරි ගැහුවා වගේ චිත්‍රය උඩ ඉරි ඇඳලා සුදු කොලේකත් ඒ විදියටම ඇඳලා කොටුවෙන් කොටුව වෙන වෙනම චිත්‍රය අඳිනවා...වැඩේ සාර්ථකයි...

    ReplyDelete
    Replies
    1. මාත් ඔය විදියට බුද්ධ රූපයක් ඇඳලා තියෙනවා. ලියනාඩෝ ඩාවින්චි මෝනලිසාව ඇඳලා තියෙන්නේත් කොටුරූල් විදියට කම්බි ඇදපු හතරැස් ෆ්‍රේම් එකකින් බලාගෙනයි!

      Delete
  17. චිත්‍ර මගේ ආසම විෂයක්...හැබැයි මෝස්‌තර චිත්‍ර වලට නම් ආස උනේ නැහැ. ඒක එකම මෝස්තරය නැවත නැවත රිපීට් වෙන්න අඳින සහ පාට කරන එක මට හරිම බෝරින්...ඔය මල් මෝස්තරේ අපි 4,5 වසරකදී මිස්ම කියල දුන්නද කොහෙද...ළමයි ඒක මතක තියන් විභාගෙට ඒකම ඇන්දා...මම නම් ඇන්දේ මිනිස් රූප තියෙන චිත්‍ර.
    ශානිකා චිත්‍ර අඳින්න යොදා ගෙන තියෙන්නේ හරිම methodical සහ clinical ක්‍රම වේදයක්! එයා artist කෙනෙක් නොවී දොස්තර කෙනෙක් වුනේ ඒ හන්දා වෙන්න ඇති කියල හිතෙනවා...
    ශානිකා bright case එකක් ...පොඩි කාලෙදිම ශානිකා තේරම් අරං, artist කෙනෙක් නොවී චිත්‍ර විෂයට ලකුණු ගන්න ක්‍රමය. මේක චිත්‍ර වලට විතරක් නෙමෙයි ගොඩක් විෂය වලට කරත හැකි :)

    ReplyDelete
    Replies
    1. මිනිස් රූප අඳින්න පුඋවන් වුණාට ඇඟිලි අඳින්න පුළුවනිද? ඒක වෙනම කලාවක්!

      ශානිකාව ඔබට කිසි දිනයක ඇගේ ඔෆීසියේ දී හමු නොවේවා!

      Delete
    2. //මිනිස් රූප අඳින්න පුඋවන් වුණාට ඇඟිලි අඳින්න පුළුවනිද?//
      පුළුවන්. :)

      //ශානිකාව ඔබට කිසි දිනයක ඇගේ ඔෆීසියේ දී හමු නොවේවා!//
      ඔබටත් එසේම වේවා!

      Delete
  18. ශානිකා උදව්වක් කරන අදහසින් කලාට ඇත්තටම එක්තරා විදියකට කරලා තියෙන්නේ කතන්දරට කුමාරට හානියක් නෙමේද..? :) චිත්‍ර අදින විදියට වඩා මේ කියලා දීලා තියෙන්නේ චිත්‍ර විෂයට ලකුණු ගන්න හැටි වෙන්න ඕනේ...

    මේක කියවද්දි මට මතක් උනේ වාහන ලයිසම් ගන්න පොකට් පාකින් එක උගන්නද්දි ඒ උගන්නපු මනුස්සයා නොවැරදීම පොකට් පාකින් එක කරන විදිය ඉගැන්නුවා... " කාර් එක් පිටිපස්සේ වීදුරුව ගාවින් පාකින් එකේ දකුණු පැත්තේ කනුව මතුවෙනකොටම නවත්තන්න... ඊට පස්සේ දකුණට ෆුල් කපලා රිවස් කරන්න... වම් පැත්තේ සයිඩ් මිරර් එකෙන් වම්පැත්තේ කනුව මතුවෙනකොටම නවත්තන්න... අනිත් පැත්තට ෆුල් කපන්න..." ඔන්න ඔය වගේ... එක පාරින්ම පොකට් පාකින් එක කරලා ලයිසමත් අරන්, ඇත්තටම පොකට් පාකින් එකක් කරන්න ගිය දවසේ තමයි තේරුනේ එතන කණු නැහැ කියලා... :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ශානිකා පන්තියේ පළමුවෙනියා වුණු බව මතකයේ තිබුණාට අපි ගත්තු ලඛුණු හෙම අමතකයි. ඒ කාලේ අපේ රිපෝර්ට් කාඩ් හෙමත් දැන් අස්ථානගත වෙලා.

      ඔය රිවර්ස් පාකින් වැඩේ ගැන දැක්කාම මට මතක් වුනේ අර කඩුව ගිලින පාඩමේ කතාව.

      Delete
  19. කතාව මගේ හිතට ඇල්ලුවා කකා !!

    ReplyDelete
  20. මුහුද නිතර දැක නැති දරුවන් වන ඔබ විසින් ඇඳුනු මුහුදු වෙරළත්, මුහුද නිතර දැකපු දරුවන් වන අප විසින් ඇඳුනු මුහුදු වෙරළත්, බොහෝ සමානයි කතන්දර තුමා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ මුහුදු වෙරළ චිත්‍රය බොහෝ දුරට ඉමැජිනේෂන් එක මත කරපු එකක් තමයි.

      හැබැයි මං මුහුදු වෙරල ගැන කවියකුත් ලිව්වා තුනේ පන්තියේදී!
      http://kathandara.blogspot.com/2009/11/blog-post_08.html

      Delete
  21. මිට පෙර කියවල නම් නැහැ , ශානිකාට හැකිනම් මේල් එකකින් හරි යවන්න එයා සතුටු වෙයි . ඒ වගේම ඒ වයසෙදි ඒ විදියට කියාදෙන්න තරම් එයා දක්ෂ කෙනෙක් .,.. මාත් ඉස්සර චිත්‍ර අදින්න ආසයි ඒත් මිනිස් රූප අදින්න බැහැ ඒ නිසා කරන්නේ මෝස්තර අදින එක ,

    ReplyDelete
    Replies
    1. මේල් කරන්න ඉන්න තැනක් හරියට දන්නේ නෑනේ.
      මේ ලිපිය පලවී දැන් අවුරුද්දක් ගත වුණා!

      Delete
  22. අපූරු සුන්දර සිතුවම් මතකයක්.. ශානිකා පුංචි කාලේ ඉදලම දක්ෂ කෙනෙක්නේ..

    චිත්‍ර අඳින්න විශේෂ හැකියාවක් නෑ.. ඒත් පුංචි කාලේ ඇටකෝටු මිනිස්සු ඇන්දා මතකයි..

    ReplyDelete
    Replies
    1. ස්ටික් ෆීගර්ස් නං මාත් ඇන්දා පසු කාලයේ යූස් කේස්වලට!

      Delete
  23. මේ තීන්නෙ අපේ "ලොකු බාහු" අවුරුදු පහේදි ඇඳපු චිත්‍රයක් ගැන කතාවක්!

    ජීවිතේ අපි හැමෝම ලැබුන දේ ගැන සතුටු වෙන තරමටම හෝ ඊටත් වඩා නොලැබුන දේ ගැන දුක්වෙනව නැත්තන් ඒ ගැන හිතනව.

    කකා ඉඳ හිට මේ වගේ සූරියාරච්චි උන්නැහෙගෙ පෝස්ට් එහෙකුත් දාන එක අර කවි පරඬැල් ( සොරි, පදවැල් ) වලට වඩා රහක් ගේනව.

    ReplyDelete
    Replies
    1. මං මේ කල්පනා කරන්නේ මං ලියලා තියෙන්නේ ලැබුණු දෙයක් ගැනද, නොලැබුණු දෙයක් ගැනද කියලයි!

      කවි ගැන නම් කියන්න තියෙන්නේ පෙදෙහි රස හව් විඳිනා දෙනෙත් ඉතා දුලබෝ කියලා තමයි!

      Delete
    2. /...ඊටත් වඩා නොලැබුන දේ ගැන දුක්වෙනව නැත්තන් ඒ ගැන හිතනව.../

      අර ගරු අභීත උදය බණ්ඩාර එදිරිසිංහ මැතිතුමාට දීපු ණය වගේ. නේද?

      Delete
    3. කතන්දර, කතන්දරේ කතන්දරේමද කමෙන්ට් එකේ තියෙන්න ඕනත්?

      ඇනෝ,

      සල්ලි ආයි හම්බුකරගන්න පුලුවන් උනාට කොච්චර කරත් කවදාවත් ආයි නොලැබෙන වෙන දේවල් තීනව, දුක අන්න ඒ ගැන.

      Delete
  24. චිත්‍ර කලාවට මම කැමැත්තෙමි , නමුත් චිත්‍ර ඇදීමට නොහැක.ඉස්කෝලෙදි කළා විෂයක් තෝරා ගන්න යනවිට චිත්‍ර තෝරාගත්තේ ඉහල පන්ති වල චිත්‍ර කල මිතුරන් ඒ කාලච්චේදයේ පිට්ටනියේ සිටීමට හැකි වූ නිසාවෙනි.වර විභාග තුනට චිත්‍ර තුනක් පමණක් ඇදී මට ද්‍රව්‍ය බලා ඇදීම නොකළ හැකි නිසා සාමාන්‍ය පෙලට ඒ කොටස ඇද දුන් අල්ලපු පන්තියේ මිතුර තවමත් ආදරයෙන් සිහිපත් කරමි

    ReplyDelete
    Replies
    1. ෂෙහ්, විත්‍රත් කොපි කළාද?

      අර පිකාසෝ වගේ දන්න විදියට බලි රූප ඇඳලා දැම්මානම් ඉවරයිනේ!

      Delete
    2. බැරි දේ බෑ කකා . . . ඒ වගේද ලයිට් කණූවක් ආවනම් . . .

      Delete
  25. //මේ මා මෑත කාලයේ ලියූ හොඳම ලිපිය යැයි අවංකවම මට සිතේ.// එකඟයි .
    ඔය ඉරි අඳින්න රූලක් හරි වෙනත් දාරයක් යොදා ගත්තාද? , හෝඩියේ පන්තියේදී අතින් හරි දාරයක් තියල හරි සමාන පරතරයකින් ඉරි අඳින්න පුළුවන් වුනානම් ඒකම සෑහෙන හුරුබුහුටි කමක්

    ReplyDelete
    Replies
    1. ඉරි ඇන්ද විදිය මතක නෑ, සමහර විට ගල්ලෑලි දාරයක් තියන්න ඇති. හතරේ පන්තියේදී නම් පැන්සල සහ මාපට ඇඟිල්ල කොම්පස් එකක් වගේ තියලා රවුම් අඳින්න ඉගෙන ගත්තා.

      ෆරස්ට් ඉයර් එකේ ස්කෙචින්වලට ෆ්‍රී හැන්ඩ් අඳින කොට කොහොමද ජොලිය?

      Delete
  26. බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com

    මේ Commnet එක මකන්න එපා puluvnm අපිට හෙල්ප් එකක් denna

    ReplyDelete
  27. බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com

    මේ Commnet එක මකන්න එපා puluvnm අපිට හෙල්ප් එකක් denna

    ReplyDelete
  28. මමනම් චිත්තර කලාවට නිලේ නිල් අප්පා.ඒ හින්දා චිත්‍ර අඳින්න පුළුවන් අය වට පේන්නෙ හෙන වැඩකාරයො වගේ.

    ReplyDelete
    Replies
    1. මං නං හැම අතින්ම වැඩකාරයෙක්!
      වැඩකාරයාට බොරු බෑ!

      Delete
    2. පුෂ්ෂ්!! පුෂ්ෂ්!! පුෂ්ෂ්!
      :)

      Delete
  29. මටත් හිටියනේ ඔහොම යාලුවෙක් 4 වසරේදී... අපි දෙන්න එකට චිත්‍ර ඇන්දා... ඒ කාලේ නම් හරි ස්වීට් චූටි කෙල්ලෙක් දැන් අවුරුදු හෙන ගානකින් හම්බ වුනේ නෑ....

    ReplyDelete
    Replies
    1. මං කියලා තියෙන වොන්ඩර් ඉයර්ස් කතා මාලාවේ ඔය වගේ කතා රාශියක්ම තියෙනවා!

      Delete
  30. පොඩි කාලෙ හැම දරුවම චිත්‍ර ශිල්පියෙක්,ඒ අර්ථයෙන් ගත්තම මමත් සිත්තරෙක්.
    සෑහෙන කාලෙකින් කකා ලියපු හොඳ සහ හිතට දැනෙන කතාවක් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. අපිත් දුවට කාමරයකම බිත්ති දීලා තිබුණා චිත්‍ර අඳින්න.

      Delete
  31. අතීත මතකයක්.. දැන් බැරි උනාට ඉතින් අපිත් ඒ කාලේ පුළු පුළුවන් විදිහට චිත්‍ර අදින්න ට්‍රයි කලා.. හැබැයි ඉතින් කතන්දරට වගේ ශානිකාලා ඉදියේ නෑනේ.. ඒකයි අවුල..

    ReplyDelete
    Replies
    1. මට නං තිබුණු අනිත් ප්‍රශ්නේ තමයි පන්තියේ පොළාව ඇද වීම!

      Delete
  32. කකාට, අපිට ලැබුන අවස්ථා අපේ දරුවන්ට නොලැබීම දුකයි!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ලක්මිණි ගේ ළමයි යන්නේ මිශ්‍ර පාසලකට නොවෙයිද? මගේ ළමයි නං යන්නේ ආණ්ඩුවේ මිශ්‍ර පාසලටයි.

      Delete
  33. Replies
    1. සීසන් 1, එපිසෝඩ් 4 තමයි මේ දක්වා බලපු හොඳම එක!

      මං හිතන්නේ ලංකාවේ ගියේ සීසන් 4 විතර වෙන්න ඕනෑ.

      Delete
  34. හෙන්රි වර්ණතුලසූරිය21 February 2014 at 12:18

    මාවත් මොහොතනට අතීතයට ගෙන ගියා.
    ගල්ලෑල්ලේ, වැලි පිල්ලේ අකුරු ලියූ, සිතුවම් ඇඳි ඒ සුන්දර ළමා විය සිහිපත් කරමින් කකා ලියූ මේ බ්ලොග් එක නිසා මතකයේ වැළලුණු 5 පංතියේදි ඇති වූ ප්‍රථම ප්‍රේමයත් සිහියට ආව.

    ReplyDelete
    Replies
    1. වැලීපීල්ල කියන එක නං මං දැකලා ම නෑ. මාටින් වික්‍රමසිංහ ගේ අපේ ගම පොතේ චිත්‍රයක් තිබුණා නේද?

      Delete
  35. කකෝ,
    මම අද දවල් කෑමට පිට කඩේකට ගියා. කඩේ අයියා මං දිහා බලාගෙන ඉදලා බත් හැන්දක් වැඩිපුර බෙදුවා.
    කකාටත් එහෙම දේවල් වෙලා තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. කඩේ අයියා තට්ටයෙක්ද?

      Delete
    2. වේටර් ලා මුදලාලි ලා බත් බෙදන බත් කඩ තියෙනවාද?

      Delete
    3. ඇයි කකා වන් මෑන් ෂෝ කඩ ඕනා තරම් තියෙන්නේ..... කටුබැද්ද කැම්පස් එක ගාව තිබ්බ රතු කැකුළු බත් කඩේ කෑම බෙදන්නේ මුදලාලි අක්කාමයි...

      බුදු අම්මෝ ඒ කඩේ මුදලාලි කකා උනා නම් මටත් වැඩිපුර බත් හැන්දක් බෙදයිද?

      Delete
    4. මං දන්නේ කටුබැද්දේ කුකුළා ගේ කතන්දරේ පමණයි!
      http://kathandara.blogspot.com/2011/04/tale-of-two-cocks-of-katubedda-campus.html

      Delete
  36. //එදා මට හෝඩියේ පන්තියේදී චිත‍්‍ර කර්මය කියා දුන් ශානිකා කිරිබත්ගොඩ නම් සිත්තරාවිය මා පරදවා පන්තියේ පළමුවැනියා වූවාය...//

    කොහොමටත් medicine කරන්නේ brightoනේ..මෙය පිළිගත යුතු සත්‍යකි.

    ReplyDelete
    Replies
    1. එය කෙසේ වෙතත්, උසස් පෙලට බයෝ කරන්නට යන්නේ නම් ගණිතයට බිය ඇති සහ කටපාඩම් කිරීමට ප්‍රිය අය බව නම් දනිමි!

      Delete
    2. එමෙන්ම ගණිතය හදාරන්නේ, පාඩම් කටපාඩම් කිරීමට අකමැති අය බවත් පිළිගත යුතුයි නේද?

      Delete
    3. කට පාඩම් කිරීමට අකැමති වෙන්නේ හොද ධාරණ ශක්තියක් තියෙන අය :D

      Delete
    4. ගණිතය කරන අය Chemistry ෆේල් වීමේ අනුපාතය තරමක් ඉහල, ධාරන ශක්තිය වැඩිකමකටද?

      Delete
    5. මේ ප්‍රශ්න කීඵයටම අත්දැකීම් අනුසාරයෙන් උත්තර දෙනවා නම්-
      1. මං මැත්ස් කරන්න ගියේ ගණිතයට ඇති කැමත්ත නිසාය. ඒ සමගම බයෝවලට මගේ තිබුණේ ඉතා අකමැත්තකි. පොත් පාඩම් කිරීමද මට අරහං දෙයකි. කොහොමටත් පවිත්‍රාට මෙන් මට ගණිතයට විශිෂ්ඨ සාමාර්ඨයක් තිබුණු අතර විද්‍යාවට තිබුණේ ක්‍රෙඩිට් එකකි. අම්මා සහ තාත්තා බයෝ කරන්නයැයැ කීවද මම නොසැලුණෙමි.

      2. කතන්දර හාමිනේට ද ගණිතට විශිෂ්ඨ සාමාර්ඨයක් සහ විද්‍යාවට තිබුණේ ක්‍රෙඩිට් එකක් තිබී ඇත. ගුරුවරුන් ඇයට කියා ඇත්තේ මැත්ස් කරන ලෙසයි. නමුත් ඇය තම කැමැත්ත සහ මවගෙන් ලැබුණු උපදෙස් මත බයෝ පන්තියට ගොස් ඇත.

      3. මා උසස් පෙළ සඳහා අඩුම ලකුණු ලබාගත් විෂය රසායන විද්‍යාවයි.

      4. බයෝ කළ බොහෝ අය මෙන් හාමිනේද අඩුම ලකුණු ලබා ඇත්තේ භෙෘතික විද්‍යාවටයි!

      Delete
  37. ඔබේ කතාන්දරයත් ඇත්තෙන්ම සුන්දරයි. මීට වඩා කියන්න දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      ඒ කියපු ටික මදැයි!!

      Delete
  38. කකාගේ මේ ලිපියට මම ඉතාම කැමතියි. අර ගල්ලෑල්ලේ සිතුවම් දැනුත් මැවිලා පේනවා. මට වනාත පාරේ අම්බලන්දූව ටීචර්ගේ මොන්ටිසෝරියට ආපු විශාකා සහ තක්ෂිලා මතක් වුනා. කකාට මතකද ගල්ලෑල්ල පිහිදාන්න ගත්ත වතුර ගස් කියලා අපි කියපු පැලෑටි ජාතිය.

    නැවතත් කිය යුතුයි...මේ ලිපිය ඉතාමත් රසවත් බව.

    ReplyDelete
    Replies
    1. මං හිතාගෙන හිටියේ ගල්ලෑල්ල මකන්නේ කෙලවලින් කියලයි නේ!

      Delete
    2. කකා......පොඩි පැල ජාතියක් තිබුනා. ඒවායේ කඳ තනිකරම වතුර. ලංකාවේ නිවිතිවල වගේ. නමුත් ඉතාම පොඩි පැලෑටියක්. අතින් පොඩි කරත හැකි. ඔය ගහේ පොඩි කඳ කෑල්ලක් පොඩි කරලා ඒකෙන් පිහිදානවා. මාක්ස් හිටින්නේ නැහැ. නම මතක නැහැ. වතුර ගස් කියලා කිව්වේ අපි.

      Delete
    3. අරූ, ඔය කුඩා පැලෑටි වලට, අප කියුවේ මට මතක හැටියට දිය තිප්පිලී කියල (අර බෙහෙත් තිප්පිලී නොවේ). හැබැයි හැමෝම භාවිතා කරපු නමක්ද දන්නේ නැහැ. කුඩා දරුවන්ට ශාක මුල් වලින් ජලය (හා ලවන) ශයිලමය තුලින් උරා ගැනීම ගැන පාඩම් කියා දීම සඳහාත් මේ කුඩා පැළෑටි උපයෝගී කර ගත්තා. ඉස්සර තීන්ත පෑන් වලට දමන්න තිබුන තීන්ත ටිකක් වතුරට දමා, මේ පැලයක් මුල් සමග ගලවා එම වතුර භාජනයේ ටික වෙලාවක් තැබූ විට, ගහේ කඳ දිගේ තීන්ත ඉහලට ගලා යාම නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙම කුඩා පැලෑටි අද වඳ නොවී තියනවාද කියලා දන්නේ නැහැ. ඒ දිනවා මා ගිය පාසලේ වත්තේම ඕනේ තරම් මේ පැලෑටි තිබුනා. අපට ඒවා පන්තියට ගේන්නත් ඉඩ දීල තිබුන, ගල්ලෑල්ලේ අකුරු මකන්න

      Delete
    4. @රයිගම්......සාධාරණ මතකයක්....දැන් නම් හොඳටම මතකයි .අපිට ඕවා මුල් පිටින් ගලවන් එන්න කියනවා කඳ නිල්පාට වෙනවා බලන්න. හරිම ලේසියි ගලවන්න. බුරුල් පසේ හැදෙන්නේ. අපේ ටොයිලට් වල ගාව හරියට වැවුනා. නම මතක නැහැ.

      බෙහෙත් තිප්පිලිත් අපේ දෙල්කඳ ගෙවත්තේ තිබුනා...චූටියට ගම්මිරිස් කරල් වගේ ආවා.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මචං තිප්පිලි කතාව හරියට හරි. මේවා ගම්මිරිස් වැල් වගේම තමා. කරලුත් ඒ වගේ. හැබැයි වෙනසකට තියෙන්නේ කොළ දිලිසෙන මතුපිටකින් යුක්තයි. මගේ කලින් ප්‍රතිචාරයේ ඇමුණුම වණයක් වුනා. තිප්පිලි කියා ගුගල් දෙය්යගෙන් ඇහුවොත් පින්තුරත් ගන්න පුළුවන්.

      Delete
    7. නැහැ කකා ඔය අප දෙන්න කියන පැලෑටි දෙකම නොවේ. ඕකට කියන නමත් මගේ දිව අග තියනවා. මතක් වුනොත් ලියන්නම්. මේක වැඩ කරයිද? මේ බෙහෙත් වලට ගන්නා තිප්පිලි.

      http://sin.way2medicare.com/?p=129

      Delete
    8. දැන් මතක් වුනා. කකාගේ ඇමුණුමේ තියෙන්නේ ඉරිවේරිය. කොහොමද නිකමටද කියන්නේ බොරුකාරයට වැඩ බැහැ කියල?

      Delete
    9. ඉරිවේරිය හොඳ බෙහෙතකි කසාය වලට
      බැරිවීරිය ගන්න එපා මගෙන් දිනන්ට :D

      ඉස්සර කියපු වාද බයිලා එකක්.

      Delete
  39. ර යන්න සහ ට යන්න ලියලා හාවෝ ඇන්දේ නැද්ද ?

    ReplyDelete
  40. මටත් චිත්‍ර බෑ. මාත් ඉස්සර මෝස්තර ඇන්දෙ අර විදියට කො‍ටු ගහල තමයි. යාලුවට නම් අනිවාර්යයෙන්ම වැඩිහිටි ගුරුහරුකමක් ලැබෙන්න ඇති.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.