ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 10 February 2014
මාර්ක් ෂුකර්බර්ග් ගේ ෆේස්බුකියට කොකා පෙන්නූ සිංහල බ්ලොග්කාරයා සහ පොර ගේ මීලඟ ඉලක්කය - One down, many to go!
කලින් දවසක මං කතන්දරයක් කිව්වා මතකයිනේ ඕනෑම දේකට ඇබ්බැහි වීම නරක දෙයක් නිසා, ඒ විදියට ඇබ්බැහි වෙලාද කියලා හොයාගන්න හොඳම ක්‍රමය තමයි ඒ පුරුද්දෙන් ටික කාලෙකට අයින්වෙලා ඉන්න එක කියලා.
ඉතිං ඒ කිව්වා වගේම පහුගිය අඟහරුවාදා ඉඳලා මං ෆේස්බුකියෙන් ලොග් අවුට් වුනා. ගෙදර කම්පියුටරයේ, ෆොන් එකේ හැම තැනකින්ම බුකිය අයින් කරලා දැම්මා. හැබැයි ඉතිං එහෙම ලොග් අවුට් වෙන්න කලින් ඒ බව කියලා ස්ටේටස් අප්ඩේට් එකක් කරන්නත් අමතක කලේ නෑ!
මගේ සැලසුම වුණේ සතියක් බුකියෙන් පිටමං වෙලා ඉන්නයි.
හෙට අඟහරුවාදා උදේ පාන්දර පහමාර වෙනකොට ඒ සතියේ කාලය ගෙවී අවසන් වෙනවා. ඒත් තාම මං තීරණය කෙරුවේ නෑ, ආපහු බුකියට ලොගෝන් වෙනවාද, වෙනවා නං ඒ කවදාද කියන එක!
දැන් මේ ගෙවීයන සතිය ගැන විස්තර කියනවා නං. මට එහෙමයි කියලා විත්ඩ්‍රෝවල් සිම්ටම්ස් නං දැණුනේ නෑ. හැබැයි දෙතුන් වතාවක් නොයෙකුත් දේවල් දැක්කාම, අළුත් කෑම ජාතියක් කන වෙලාවට වගේ පුරුද්දට වගේ ෆොටෝ එකක් ඇල්ලුණා. පස්සේ දවසක ආපහු බුකියට ගියාම දාන්න පුළුවනි නේද කියලා!
පරණ යාළුවෙක් අවුරුද්දකට විතර පස්සේ ගිය සිකුරාදා මුණ ගැහුණ වෙලේ පොර, ආ උඹ බුකියෙන් අයින් වුණා කියලා දාලා තියෙනවා දැක්කා කියපු වෙලේත් මට හිතුණා ආ එහෙනං කෂ්ටිය එකසිය ගාණට මගේ ස්ටේටස් එක ගැන කතා වෙනවා වෙන්න ඇති කියලා!
ඒ හැර බුකියට ගොඩ වැදුනේ නැති හින්දා මට ඉහෙන් බහින් රෝගයක් නං හැදුණේ නෑ.
ඒ කියන්නේ මට ෆේස් බුක් ඇඩික්ෂන් එකක් නැති බව පැහැදිළියි.
දැන් ඉතිං මාර්ක් ෂුකර්බර්ගේ ෆේස් බුකිය සමතික්‍රමණය කරපු මට ඊළඟට කරන්න තියෙන්නේ බ්ලොග් ලියන්න, කියවන්න, කමෙන්ට් කරන්න මට තියෙනවාය කියලා හොදටෝම හිතෙන ඇබ්බැහිකම ගැන හරියටම ටෙස්ට් කරලා දැන ගන්නයි.
ඒ අනුව, අද මේ කතන්දරය පබ්ලිෂ් වූවායින් පසුව, සතියක් යනතුරු මංතුමා බ්ලොග් ලෝකයෙන් තාවකාලිකව සමු ගන්නට නියමිතයි!
මේ ටැස්ට් එක නං, ගිය සුමානේ කරපු එකට වඩා අමාරුවෙයි කියලා හිනෙවා.
කරලාම බලමු!
මට ජයවේවා!
-කතන්දරකාරයා
බ්ලොග්වලට ඇබ්බැහි වීම ගැන අපේ බ්ලොග්කාරයෝ, බ්ලොග්කාරියේ එදා 2012 දී කියපු කතා මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2012/09/blogcoholic-anonymous.html
Subscribe to:
Post Comments (Atom)
අනේ අප්පේ..
ReplyDeleteමේකනම් වැඩිකල් නවත්තල ඉන්නෙ නෑ :D
ReplyDeleteඔය ඉතින් හෙට උදෙන් පස්සෙ බුකියට යන බව ඔබ දන්න නිසා එච්චර කේස් එකක් නෑ.පුලුවන් නම් තව ටික දවසක් ඉඳල බලන්න.එතකොට කකාගෙ ස්ටේටස් එකට වැටෙන කමෙන්ට් මොනවද කියල බලන්නම හිතෙන ආකාරයේ කුතුහලයක් ඇති වෙන්න පුලුවන්.
ReplyDeleteමමත් බ්ලොග් වලින් සතියකුත් දින දෙකක් අයින් වෙලා ඉදලා ඔන්න අද ආයෙමත් ආවා
ReplyDeleteමාත් දැනගත්ත මට නං ඔය දෙකෙන්ම අවුලක් නෑ කියල. පහුගිය ටිකේම බ්ලොග් කියෙව්වෙ නෑ.
ReplyDeleteමේක පුදුම කෙලියක්නේ. කමෙන්ට් ඇපෲ කරන්නෙත් ඇවිල්ලද? කලින්ම මොඩරේට් අයින් කලානං තමා හොඳ.
ReplyDelete@රාජ්,
DeleteM. Conteur connaît ses amis anonymes.:-)
එහෙනං ඉතිං මේකට සතියකට පස්සෙ කොමෙන්ට් එකක් දැම්මම මදැයි.
ReplyDeleteබුකියෙන් අයින් වුණ එක නං අවුලක් නෑ කියමුකො බ්ලොග් ලියන එකෙං අයින් වෙන එකනං නරකයි වගේ මට හිතෙන්නෙ.. මොකද කකා වගේ අත්දැකීම් සපිරි බ්ලොග් කරුවන් ඉන්නෙ අතලොස්සයි. ඒ ඉන්න එක්කෙනා දෙන්නත් අයින් වෙන්න ගත්තම .....? අනේ මංද...
ReplyDeleteඅහෝ දුකකි ඉරකි තිතකි කියල තමා කියන්න වෙන්නෙ..
සතියකට වුණත් කට්ටියට ඒක සෑහෙන්න දැනෙයි කකා....
ඔබගේ පුද්ගලික තීරණ ගැනීමේ නිදහසට බලපෑම් කිරීමට අයිතියක් නැති වුවත් මේ ගැන තව දුරටත් හිතා බලන මෙනු් ඉල්ලා සිටිනවා
කකා නැති බ්ලොග් ලෝකේ කවර නම් සැපතක්ද? මාත් අයිං වෙලා ඉන්නවා එහෙනං. (ඔය කිව්වට මං නං අයිං වෙලා ඉඳියි...හුඃ)
ReplyDeleteකකාට පුළුවන්නම් කොල්ලෙක් දිහා කැත විදිහට බලන්නෙ නැතුව සතියක් ඉන්න........
ReplyDelete.ෆෙස්බුක්,යූටියුබ්,බ්ලොග් වගෙ දේවල් වලින් ලොකු දෙයක් කරන්න පුළුවන්.නමුත් ඒවගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනවලින් 1% ක් වත් අපි ගන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.හැබැයි ඇඩික්ට් වෙන එකනම් කෝකට වුනත් හොඳ නෑ.හුගක් හානිකර දේවල් වලට ඇඩික්ට් වෙනවට වඩා මේවට ඇඩික්ට් වෙන එක එක අතකට හොඳයි.
ReplyDeleteඇත්තටම කකාගෙ ක්‍රමය ඇබ්බැහි වූ අයට හොඳ ප්‍රතිකාරයක්.බුකියට ගියෙනෑ කියල කකාට කිසි කරදරයක් මේ වෙනකම් සිදුවුනේ නෑ කියන එක අහන්න ලැබීමත් සතුටක්.හෙහෙ ....හෙහෙ
බූරු වැඩක් කරලා තියෙන්නේ.... කතන්දර ගොනෝ අපේ කොමෙන්ට් ටිකවත් පබ්ලිශ් කරහන්...
ReplyDeleteපාස්වර්ඩ් එක අපිට දීලා තමුසේ යන මගුලක ගියානම් ඉවරනේ ඕයි... එතකොට ආයෙ නාවත් කමක් නෑ....
ReplyDeleteJe suppose que nous ne pouvons pas commenter.
ReplyDeleteඇනෝ ගේ කවිය........
ReplyDeleteමා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතු පැතුම්
බ්ලොගේට නෑවිත් ඉටුවෙවී නම්
ආයේ නාවත් කම් නෑ ඉතින්
ආයේ නාවත් කම් නෑ ඉතින්
///ඒත් තාම මං තීරණය කරේ නෑ ආපහු බුකියට ලොගෝන් වෙනවද, වෙනවානම් ඒ කවදාද කියන එක///
ReplyDeleteහපුයි කතන්දර බොග
ජය වේවා!!!
ReplyDeleteකකා ආයි නාවට කමක් නැහැ. අපේ ඇනෝලට පාස්වර්ඩ් එක දීල යන්න. ඒගොල්ලෝ හොඳට ඇදගෙන යයි මේක.
ReplyDeleteකතන්දරයක් කියවලා ඉවරයි එහෙනම්.. :S
ReplyDeleteඔය සතිය ඇතුලත කකා මලොත් බ්ලොගය පාලු වෙනවා...
ReplyDeleteඒ නිසා යන්න කලින් යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දීලා යන්ඩ.
මේක හරියන්නෑ... මේක හරියන්නෙ නෑ.. ( චව් චව්ගේ අදහසකි )
ReplyDeleteවැඩේ අසාර්ථකයි. බ්ලොග් නොකියෙව්වට කමෙන්ට් කියවන්න වෙනව. එහෙම නැත්තං මොඩරේෂන් අයින් කරන්න වෙනව ( එතකොට සමහර ඇනේල බ්ලොග් කියවන්න එපා කරවනව - ඒ හින්ද එක අතකට ඒ ක්‍රමේ ට්‍රයි කරොත් වඩා හොඳයි වගේ :D ).
ReplyDeleteමේ බ්ලොග් අතහැරීමේ ක්‍රමෙත් අර මාලු නොකෑවට හොදි කන වෙජිටේරියන් ආන්ටිලගෙ සිස්ටම් එකට දෙවෙනි වෙන්නෙ නෑනෙ.
කරලාම බලමු!
ReplyDeleteඔබට ජය වෙවා !
@කකා, ඔබ ඔබේ කාලය කෙසේ වෙතත් මෙමඟින් අපේ කාලය ඉතිරි කරයි.
ReplyDeleteමළ කෙළියයි
ReplyDeleteමේ කමෙන්ට් එක සතියකට පෙර බලන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDelete"ඉතිං මාර්ක් ෂුකර්බර්ගේ ෆේස් බුකිය සමතික්‍රමණය කරපු මට"
ReplyDeleteමල කෙලියයි මාර්ක් ෂුකර්බර් දෑන් නිදිපෙති overdose එකක්වත් ගනීද?
KKට අපහාස කිරීමට ඈබ්බෑහිවී ඈති ඈනෝලාගේ copyright සොරාගෑනීම ගෑන මට නඩුදායිද?
වැඩිම උණොත් දවස් තුනක් දෙන්නං...
ReplyDeleteසුභ වේවා.බ්ලොග් ඇඩික්ෂන් එකෙන් මිදේවා. කල් අරගෙන හරවත් කතන්දර ලියවේවා.
ReplyDeleteමාත් බුකිය පැත්ත පලාතේ යන්නේ නැති කාලයක් තියෙනවා. broadband package එකේ Quota එක ඉවර උනාම. :)
ReplyDeleteමටත් හිතෙනවා කකාට සමගාමීව මේක කරලා බලන්න
ReplyDeleteහරි හරි ඒකත් කරල බලමුකො,හැබැයි ආපහු ඇවිත් කියන්න ඕනෑ හරිද.
ReplyDeleteහි හි ඇනෝ කොමෙන්ට්ටුත් බැහැ හොදේ
ReplyDeleteඅප්රුවල් දාලාම ගිහින් තියෙන්නේ අපේ සෙට් එකේ කෙරුවාව දන්න නිසා වෙන්ටෑ ඉදගෙන
ReplyDeleteකශූට ජයවේවා !
ReplyDeleteජය වේවා.. සටන දිනේවා...!!!
ReplyDeleteකතන්දර තමන්ගේ හිත රවට ගන්න එක වෙන්නේ කියලයි මට හිතෙන්නේ. සතියක් ප්‍රමාණවත් කාලයක් නොවේ. මාස 2-3ක් වත් ට්‍රයි කරන්න බලන්න
ReplyDeleteහුටා!
ReplyDeleteමයි කාර්, මයි පැස්ටෝල් කිව්වලු. අහිංසක කියවන අපි මොනව කියන්නද,විරෝධය පානව ඇරෙන්න?
නිකං මුරුංගා අත්තෙ තියන්නෙ නැතුව, ඇත්තම කියන නං, මේක කියවන අපිට කරන අසාධාරණයක්. ලියන සමහර ලිපි ගැන විවේචන තිබ්බත්, මෙච්චර ඉක්මනට අලුත් ලිපි පලවෙන වෙන බ්ලොග් එකක් ඇතියි කියල මං හිතෙන්නෙ නෑ. ප්‍රමාණාත්මකතාවය, ගුණාත්මකභාවයට අනුලෝමව සමානුපාතික නිසා, ඒ ගැන මුකුත් කියන්න බෑ නෙව?
වැඩේ නං කුජීතයි ඈ.
පිස්සු හැදෙයි.. බුකිය කෝම වුනත් බ්ලොග නම් අතාරිනවා බොරු..
ReplyDeleteසේම් හියර්...
බලමු දෙයක් හිතුවොත් කරන්න ඇහැකි. විශෙෂයෙන්ම කකාට එය කරන්න හැකියි.
ReplyDeleteමොන හුන්නස් ගිරියක් ද මේක ? කකාගේ යාව ජීව ඇනෝ සාමාජිකයන්ට සුමානෙකට යන එන මං නැති කරලා අනාත කරපු එකේ පාපෙට ඔහේව පණපිටින් අපායේ යනවා සත්තයි ! අපිට පාස්වර්ඩ් එක දුන්න නං අපි මේක ඇදගෙන යනවනේ කකා නැති අතරේ ! ශිහ් විතරක් !
ReplyDeleteහොඳ දේවල් වලින් ඈත් වෙන එකනම් හොඳ මදි නේද කකා?
ReplyDeleteඒ කියන්නේ අපේ කොමෙන්ට් වලට උත්තර සතියක් යනකම් නෑ ...... එහෙනම් කොමෙන්ට් එකත් සතියකින්ම දාන්නම්
ReplyDeletetest
ReplyDeleteOK.
ReplyDeleteජය වේවා....
එහෙනම් හොඳ නිවාඩුවක් අරගෙන එන්ටකෝ . අලුත් කතන්දර ටිකකුත් එකතු වෙයි ඒ කාලේ
ReplyDeleteapita panda
ReplyDeleteFrançais ont plus de 400 vérités de pain.
Deleteෆේස්බුක් එකෙන් මමත් almost අයින් වෙලා දැන් මාස තුනක් විතර වෙනවා. ස්ටේටස් දාල අයින් වුනේ නෑ, ඉස්සෙල්ල කිසි දෙයක් පෝස්ට් නොකර, ලයික් නොදා හිටියා ෆේස්බූක් යන්නෙ නෑ වගේ. එතකොට නිතර ලොග් වෙලා පෝස්ට් කල එකට මොකද වෙන්නෙ බලන්න තියන ඕන කම නැති වෙනවා. ටිකෙන් ටික උනන්දුව අඩු වෙලා ගිහින් පස්සෙ "මුන් මේ විකාර මොකට පෝස්ට් කරනවද" කියල හිතෙනවා. දැන් යන්නෙ සතියකට විනාඩි දෙකක් වගේ, එක ස්ක්‍රෝල් එකකට, ඒකත් දැන් කෙරෙන්නෙ ආසාවට වඩා නොකළොත් ලොකු නිවුස් එකක් එහෙම මිස් වෙයි කියල වගේ.
ReplyDeleteකතන්දර ගේ මේ වෙනස මොකුත් ප්‍රයෝරිටි නැවත සලකා බැලීමකට වත් ද?
බුකියෙන් අයින් වුනත් මට නම් බෑ බ්ලොග් එකෙන් අයින් වෙන්න.. මම හිතන්නේ නෑ කතන්දරට ඉන්න පුළුවන් වෙයි කියලා..
ReplyDeleteමොනවා උණත්, ලියන එක නවත්තන්ට නම් එපා කතන්දර.
ReplyDeleteඔය කිව්වට හොරෙන් ඇවිත් බලන්න ඇති.
ReplyDeleteකෝ කකා කමෙන්ට් ටික ???
ReplyDeleteඅදහස් 0 හෙහ්..හෙහ්.... උගත් පාඩං සමග සතියකිං.... තොට ජය වේවා.....
ReplyDeleteබ්ලොගටත් ටටා බායි වගේ.
ReplyDeleteඋත්සාහ වන්තයා ජයගනී කියල තියෙනවා... හැබැයි මමත් ජාලෙ ඉන්නෙ දිවා කාලයේ නම් ඉතාමත් අඩුවෙන් ඒත් රැට නම් පැය කීපයක් ගතකරනවා. මේක නැතිවුනා කියල ඒතරම් ගානක් නෑ.
ReplyDeleteඑහෙනම් ඉතින් මේ දාන කමෙන්ට් පබ්ලිෂ් වෙන්නෙත් නෑනෙ.
ReplyDeleteමාත් ඉස්සර සිගරට් බීම නවත්තලා කාලයක් ඉඳලා, මට ඇත්තටම ඇබ්බැහියක් නැද්ද කියලා චෙක් කරන්නෙ එකක් බොනවා. ඊට පස්සේ තව එකක් බොනවා. ඔය විදියට....
ReplyDeleteහරියන්නේ නෑ කකා මාත් කකාව අනුගමනය කරන්න වෙනවා ,අදින් පස්සේ සතියක් විතර කොහොමත් බ්ලොග් බලන්න වෙන්නේ නෑ... සමහරවිට හැමදාටම බලන්න බැරිවෙයි ද දන්නෙත් නෑ...බායි කකා
ReplyDeleteMACHO, UMBA BLOG LOKAYEN SADAHATAMA SAMU GANNAWANAM APATA KARANA LOKUMA UDAWWAI.
ReplyDeleteකකාත් මොකකක් හරි fb පටලැවීල්ලක වගෙයි. හැබැයි වැල්ලේ බේල දාගන්නනම් හිතන්නවත් එපා හොදේ.
ReplyDeleteමෙයා නැතුව මේ පැත්තම පාලුයි අප්පා...:(
ReplyDeleteපුරවැසියෙනි! සෑම කාලයක දී ම දේශපාලන ක්‍රම දෙකක් ලොව පැවතුණි. ඒ දෙකම හොඳ හේතු නිසා පවත්වාගෙන යන ලදැයි කිව හැකියි. එයින් එකකට අනුව, ආණ්ඩුව විසින් ගොඩක් දේවල් ඉටු කළ යුතුයි. එහෙත් ඒ සඳහා එය විසින් පුරවැසියාගෙන් ගොඩක් ලබාගත යුතුයි. අනෙකට අනුව, මේ දෙකේ ක්‍රියාකාරීත්වය පුරවැසියාට ඉතා අඩුවෙන් දැනී යා යුතුයි. අපි තෝරාගත යුත්තේ මේ ක්‍රම දෙකින් එකකි. එහෙත් තුන්වැනි ක්‍රමයක් ද අද පවතී. එහි අර කළින් ක්‍රමයන් දෙකේම හෝඩුවාවන් දැකිය හැකියි. එය කියන්නේ කිසිවක් නොගෙන ආණ්ඩුවකට සියල්ල ලබා දිය හැකි යැයි කියාය. ඒ ක්‍රමය අමූලික වූවකි, අභූතරූපී වූවකි. බොළඳ වූවකි. ප්‍රතිවිරුද්ධ වූවකි. අනතුරුදායක වූවකි. ඒ වෙනුවෙන් පෙනී සිටින අය, සියළු ආණ්ඩුවල පවතින දුර්වලතාවයන් පෙන්වන සතුටෙන්, ඒවා පෙන්වා ඔබේ පහරට ලක් කරන්නට ඉදිරිපත් වෙන අය, ඔබට චාටු බස් කියමින් ඔබව රවටන අය වෙති. එසේම ඔවුන් තමන්ව ද රවටා ගනිති.
ReplyDeleteWhat a blogger you are......!!!
ReplyDeleteමේකනම් එච්චර හොද නැහැ නේ
ReplyDeleteපට්ට කතන්දරයක් තමා අෆ්ෆා.........................
ReplyDeleteඕයි කකෝ උඹ කෝ යකෝ?
ReplyDeleteඅවාසනාවට මේදිනවල මට එහෙම සුමාන ගනන් බ්ලොග් වලින් අයින් වෙලා ඉන්න සිද්ද වෙලා තියෙනවා මගේ කැමැත්තක් නැතුවම :(
ReplyDeleteදෑස රිදෙනවා පාර බලා ඉඳලා!!!!!!!!!!
ReplyDeleteකකෝ, උඹ මැරිලද?
ReplyDeleteකාකා එන්නකු අනී ,, ඔයා නැතුව ඇනෝ කොමෙන්ට් කියවන්න තැනක්වත් නැහැ,, :( දවස් 7 හෙටින් ඉවරයි ... කාකා සුදු වෙලා ,මහත් වෙලා ඇති හි හි
ReplyDeleteසතියක් පුරා විහිදුණු අති සාර්ථක ස්වයං බ්ලොග් වාරණයකින් පසුව නැවතත් මා බ්ලොග් කියවීමට, ප්‍රතිචාර දැක්වීමට සහ ලිවීමට පටන් තග් බව කණගාටුවෙන් දැනුම් දෙමි.
ReplyDelete;-)
වැඩි විස්තර පසුවට.
සැමට ජයවේවා!
කකා ආයෙ එනබව කියලනෙ ගියේ. ඇබ්බැහි වෙලාද කියල බලන කතාව කවර්අප් එක,මටනං හිතෙන්නෙ කකා කලේ වෙන පොඩි අත්හදා බැලීමක් :).
Deleteඅති සාර්ථක??
Delete//ඒ වුණාට බ්‍රහස්පතින්දා උදේ නැගිට්ට වෙලේ ඉඳලාම අර ඊ-මේල් ටික ගැන හිතේ වැඩ කරන්න පටන් ගත්තු නිසා, දවල් වෙනකොට ඔන්න ඔහේ කියලා, කමෙන්ට්ස් ටික කියවලා දැම්මා!//
හොරෙන් කමෙන්ට් කියෝන එක වාරණයට අදාළ නැද්ද කකා??
ජය වේවා. . . .හරි හෙට ඉදන් දාන්න කතන්දරයක් . . .
ReplyDeleteකකා ධනේශ්වරය යනු කුමක් ද?
ReplyDeleteහුරේ .. අපේ කකා ඇවිල්ලා !!
ReplyDeleteජයවේවා .. !!!
ඇති යන්තම් කකා ඇවිත් .....හෙට ඉදන් කතාවක් කියවන්න පුළුවන්
ReplyDeleteසතියක් ගෙට වෙලා හිටියහම අපේ පැත්තේ නම් නාවනවා...
ReplyDelete++++++++++++++
Deleteඅපේ පැත්තෙත් එහෙමයි....:)