Wednesday 18 December 2013

ඉස්කෝලේ යන කෙල්ල ගේ සිට ඉස්කෝලේ ටීචර් දක්වා සංක්‍රාන්තිය - Big, bigger, biggest


කෙල්ලෝ ලොකු ළමයි වෙනවාට වඩා කොල්ලෝ ලොකු ළමයි වෙන ක්‍රමය වෙනස් බව අපි දන්නවා නේ.

ඒ විදියට ලොකු වුණාය කියලා අනිත් අයට දැන ගන්න ලැබෙන විදියත් වෙනස්.

අද මං කියන්න යන්නේ කොල්ලෙක්, දැලි රුවුල ඇවිල්ලා, කටහඬ වෙනස් වෙලා, කමිස මැදලා අඳින්න, කොණ්ඩේ පීරන්න පටන් අරගෙන යොවුන් වියට එළැඹිලා එතැනිනුත් එහාට පණින පිම්ම කොහොමද අඳුණා ගන්නේ කියලායි.

යොවුන් වියට ආවට පස්සේ පාසල් යන ගමනේ දී හමුවෙන පාසල් යන සම වයසේ කෙල්ලෝ දකින කොට හඳුන් පොත්ත කීං ගානවාද මොකක්ද මන්දා එකක් වෙනවානේ.

ඕක වික්ටර් රත්නායක සින්දුවකින් මෙහෙම කියනවා. පද රචනය සුනිල් ආරියරත්න අංකල්.

හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං
බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමං වී යොවුන් වියට පිය මැන්නේ
ප්‍ර්‍රිය ලඳුනේ ඔබ නිසාය


ඒ ලෙඩේම තවත් රෝග ලක්‍ෂණයක් තමයි කවි ලියන්නට සිතීම. ඒ ගැනත් සින්දුවක් වික්ටර් අංකල් කියනවා මං අහලා තියෙනවා වගේ මතකයි, මෙන්න මෙහෙම.

ගී සියයක් මා ලිව්වේ ඔබේ නෙතින්
තව සියයක් ගී ලියවෙයි ඔබේ වතින්


දයාරත්න රණතුංග අංකල් මෙන්න මෙහෙම කියනවා.

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි


මාත් ඔය යොවුන් කාලේ ඉස්කෝලෙට යන අතරමග දී ඇස ගැටුණු ගෑල්ළමයි ගැන ඔය වගේ කවි සහ ගීත සිය ගණනක් ලියලා තියෙනවා.

ඒ දවස්වල ඒවා ලියන්නේ කොටුරූල් පොත්වල. මොකද, ඒවා යේ තනිරූල් පොත්වලට වඩා ඉරි තියෙන නිසා. වැඩි පේලි ගාණක් ලියන්න පුළුවනි. ඒ තරමට කවි ගලාගෙන එනවා ඒ දවස්වල.

කොහොමහරි, අන්තිමේදී ඒ පරණ ඇක්සයිස් පොත් ටික විතරයි මා ගාව ඉතුරු වුනේ.

ඉස්කෝලේ කාලේ ඉවර කරලා විභාගෙන් පස්සේ ගන්ධබ්බ ජීවිතය ගත කරන කාලෙත්, කොහේ රස්තියාදු ගැහැව්වත් ඉස්කෝල ඇරෙන වෙලාවට, ස්කූල් බස් එක එන වෙලාවට ටවුමේ ගැවසෙන්න හිතෙන බව කියන්නත් දෙයක්ද?

ඒ විතරක් නොවෙයි, කැම්පස් ගියාට පස්සේත් එයන එන ගමන්වලදී ඇහැ යන්නේ අර උසස් පෙල පන්ති යන එන ගෑල්ළමයි දිහාටමයි.

ඔහොම ඔහොම ගිහින් මට මතකයි මං සෙකන්ඩ් ඉයර් එකේ විතර ඉන්න කාලේ දවසක, මායි බැචෙකුයි පැනිදෙනිය පැත්තේ ඇවිදගෙන යන කොට අපට ඉස්සරහින් සාරි ඇඳ ගත්තු දෙන්නෙක් යනවා දැක්කා.

ටිකක් හයියෙන් ගිහින් ඉස්සර කරලා බැලින්නම් මේ කවුද?

සුනිල් සාන්ත ගේ "මිහිකත නලවාලා, වන මල් පුබුදාලා" කියලා ප්‍රශස්ති ගීතයක් ගායනාවෙන් පිදුම් ලැබූ ඉස්කෝල ටීචර් ලා දෙන්නෙක්.

බලාගෙන ගියාම මේ ඇත්තියෝ දෙන්නා පැනිදෙනියේ තියෙන ගුරු පුහුණු ආයතනයේ ඉගෙන ගන්න අය.

අන්න එදා තමයි, ජීවිතේ මුල්වරට එච්චර කල් ම ඉස්කෝලේ යන කෙල්ලන්ට ඇදී ගිය සිත, ඉස්කෝලේ ටීචර් කෙනෙකුට ඇදී ගියේ.

ඒ වෙනකොට වයස දහඅට පහුවෙලා, මං මොකක්ද මන්දා මැතිවරණයකට චන්දේ දිලා තිබුණා වුනත්, මංතුමා යොවුන් වියෙන්, තරුණ වැඩිහිටි වියට පා තබලා තියෙන බව මට තේරුම් ගියේ එදායි.

ඒ කියන්නේ වෙනදා විදියට ගවුම ඇඳපු ගෑල්ළමයින් වෙනුවට සාරියක් ඇඳපු කාන්තාවන්ට හිත යනවා නම් ඔන්න කොල්ලා වැඩිහිටියෙක් වෙලා!

-කතන්දරකාරයා

ප/ලි: (10am 18/12/2013)
ඉස්කෝලේ යන කාලේ පොඩි හෝ ලොකු පන්තිවලදී ඉස්කෝලේ ටීචර්ලා ට හිතෙන් ලව් කරපු කතා මෙතනට අදාල නැති බව කිව යුතුය.


ප/ප/ලි: (5pm 19/12/2013)
සාරි ගැන වෙනත් කතන්දර

1. කහ සාරිය සහ මල් සාරිය -කොල්ලන් ට නොතේරෙන කතන්දරයක්!
http://kathandara.blogspot.com/2010/12/blog-post_29.html

2. සාරි අඳින පුටු
http://kathandara.blogspot.com/2010/02/blog-post_23.html

3. ඔෆීසියේ දී දුටු යුවතිය
http://kathandara.blogspot.com/2012/03/girl-at-office.html

4. සීලවතී සිල් අරගෙන - මාලවතී මල් අරගෙන
http://kathandara.blogspot.com/2009/07/blog-post_21.html

5. අනිච්ඡාවත සංඛාරා - සුදු සාරියේ ශෝකය
http://kathandara.blogspot.com/2010/12/blog-post_31.html


(image: http://www.wired.co.uk/news/archive/2012-02/10/phones-4u-jump)

169 comments:

  1. මම නම් ඔය කීං ගාන කාලේ කවි ලියෝගත්තෙ යාලුවෙකුට කියල.

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි "අ" යන්න වත් හරියට ලියාගන්න බැරි ගොබිලෙකුට මම කවි ලියලා දෙනවා....... දැන් ඉතින් කී බෝඩ් එක තියන නිසා අකුරු අමතක වෙන එවුන් ගොඩ......

      Delete
    2. ඒ ලියල දෙන හැම සැරේටම බොට ශත 25 කුයි,ෆෝරේස් සිගරට් එකකුයි දුන්න නේද..?
      එතකොට මට කවියට වියදම් උනේ ශත 38 ක් විතර...හෙක්....හෙක්..

      Delete
    3. කෙන්ජි මාම කවිත් ලිව්වද ??

      හුටා !!

      මං හිතුවේ ස්ටාට් කොරපු ගමං ටොප් ගියර් එකේ පිකප් කොරා කියලා !!!!

      Delete
    4. කෙන්ජි,
      සෑහෙන ගානක් වියදම් වෙලා නේද?

      කරුමේ කියන්නේ මං අවුරුදු 16 දි පෙම් කවි ලියන්න පටන් ගත්තාට ඒවා කාටවත් පෙන්නුවේ නෑ. ඒ හින්දා මට ඔය වගේ කොන්තරාත්තු ලැබුනේ නෑ. අපරාදේ!

      Delete
  2. අම්මෝ.....මේ තියරිය හරි නම් මම වැඩිහිටියෙක් වෙලා තීයෙන්නේ හය වසරෙදි..අපට හිටියා අයිශ්වර්‍යා වගේ ඉංග්‍රිසි ගුරුතුමියක්.....

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ සාරියක් අඳින යුවතියකට සිරාවටම ට්‍රයි කරන්න හිතෙන එක ගැනයි.

      Delete
    2. පිටත් හිටියා බං .

      ඉංග්‍රීසි පීරියඩ් එකේ කවුරුත් පන්තියෙ .

      ආසාවට කට් කරේ නෑ

      Delete
  3. මම නම් ටීචර් කෙනෙකුට හිතිං ලව් කෙරුවෙ 3 පන්තිය ට උගන්නපු මිස්ට.

    ReplyDelete
    Replies
    1. ඔයා එතකොට කීයේද kenji බබෝ :)

      Delete
    2. අර වගේ දුර ගමනක් නැවත උදා වුනොත්... අහම්බයෙන්....
      මතක තබාගෙන ..... ඉන්නම් .....කියන්න ... කැලාසිය .... :) :) .

      Delete
    3. එවුවා කියන්න බැහැ ආයේ සුචී හරහා යන්නේ නැහැ හි හි

      Delete
    4. මගේ අම්ම නම් කිව්වා මගේ යාලුවෙක් එක්ක KL හරහා Japan එනවා කියල එන එප්රියල් මුල් සතියේ සකුරා මල් බලන්න .
      ඒ....ඔයාද දන්නේ නැහැ......

      Delete
    5. ඔහෝ!

      දැන්නං ටිකක් පැහැදිලියි.

      Delete
    6. මටත් කෙන්ජිගේ කතාවකට ගලපාගත හැකි ඡායාවක් වගේ එකක් දැනුනා...

      Delete
    7. හි හි මාත් ගැලපෙන්න ගානට ටෝක් එක මෙවුවා කලේ එයාගේ කතාවේ මතකෙන් තමයි ඉදගෙන :D

      Delete
    8. මොකක්! අපූර්වී ජපන් යනවා.!!
      කොහොම උනත් අපූර්වී වෙනුවෙන් අපි තුන් කට්ටුව පාංශකූලය ලෑස්ති කොරන්නම්.

      Delete
    9. කා වා
      මං ගානෙ සන්ලයිට් කැට 10ක් ලියාගනිං !!

      Delete
    10. අපොයි මෙහෙමත් යාළුවො :(

      Delete
  4. කකා ඊලඟ පෝස්ට් එකෙන් මොනා ලියයිද මන්දා මේ යන ගමනේ හැටියට. හී හී...

    ReplyDelete
    Replies
    1. ගැහැණු ළමයෙකු තරුණ-වැඩිහිටි වියට පිවිසෙන දිනය ගැන දැන ගන්නේ කෙසේද?

      Delete
    2. මටත් ඒක හිතුණා අක්කේ ,

      Delete
    3. හනිමූන් ගිය දවස ගැන කලින් ලිව්වා නේ? ඇයි කියෙව්වේ නැද්ද?

      http://kathandara.blogspot.com/2010/04/for-adults-only-ma18.html

      ?

      Delete
  5. මමනම් සාරි ඇඳපු ටීචර් කෙනෙකුට ලව් (හිතින්) කරන්න ගත්තෙ 6 පංතියෙදි

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ සාරියක් අඳින යුවතියකට සිරාවටම ට්‍රයි කරන්න හිතෙන එක ගැනයි.

      Delete
    2. එහෙනං උඹත් අපේ පංතියෙ හිටපු එකෙක් :-)

      Delete
  6. Replies
    1. පව්...... ඔබට දෙකවත් නැත...... උදෙන් නැගිටින්න.......

      Delete
    2. ගවුම,සාරි ,ඊළඟට බිකිණි වෙයිද ???

      Delete
    3. බිකිනි, ටැන්කිනි යනාදිය නාන ඇඳුම් ය.

      Delete
    4. හැක් හක්, අයියෝ සල්ලි සහෝදරයාගේ අඩහැරය.
      ඕකේ නම හදාගනිං මචං
      සහෝදරයාගේ කෙඳිරිල්ල කියලා.

      Delete
  7. සාරිය .තමා එහෙනං මීටරේ...

    ReplyDelete
    Replies
    1. බාරිය අප පොරණ පටන් ඇන්දේ ශෝබන සාරිය
      සාරිය මිස ගවුං කොටේ දුවේ උඹට නැත කාරිය
      http://kathandara.blogspot.com/2011/01/blog-post_12.html

      Delete
  8. නියම කවි ටික කකා ! එලෑ එලෑ !
    දිගටම කවිම ලියන්න කකා... අපි ආසාවෙන් කියවනවා !

    ReplyDelete
  9. //ඒ තරමට කවි ගලාගෙන එනවා ඒ දවස්වල.//

    අපේ වෙලාවට ඒ කාලෙ ඉන්ටර්නෙට් තිබ්බෙ නැත්තෙ.......... නැත්නම් වහ බොන්න වෙන්නෙ අපිට......

    ReplyDelete
    Replies
    1. ඒවා පලකරන්නම් කෝ එන පාර 2014 සාහිත්‍ය මාසයට.

      Delete
  10. චීචර්ලට හිත ගියේ නං සෑහෙන්න පොඩි කාලෙදි.

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ ඒ ෆැන්ටසි කතා නොව සාරියක් අඳින යුවතියකට සිරාවටම ට්‍රයි කරන්න හිතෙන එක ගැනයි.

      Delete
    2. ඒක හොදයි.... මොකද AGA ඔෆිස් වල ඉන්න කෑලි අපායට ගහපු කැලැන්ඩර් වගේ....... ලස්සන එකියක් ආවොත් ඉතින් වැඩකරන ඇඹල ඩිග්‍රි කාරයො පියන් වැඩෙත් කරලා දීලා.... බත් පැකටුත් අදිනවා..... පව්.......

      Delete
    3. [ AGA ඔෆිස් කිව්වෙ ඉස්සර. දැන් කියන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නැත්තං ප්‍රාලේ කාර්යාල, එහෙමත් නැත්තං DS ඔෆීස්. එහෙම කොටන්න මීට පස්සෙ. (ඔහේට ඒක ඕන වෙනව නෙව නිතරම වගේ)]

      ඇත්තම කියන්න ඇනෝ, ලස්සන එවුන් නං දැං ඕන තරම් ඉන්නව. කාගෙහරි ඇ‍ඟේ එල්ලෙන්න බලං ඉන්නෙ. ට්‍රයි කලානං නිකංම ගොඩයන්න පුළුවන්. බෑග් ඉස්සිල්ල, කෑම ගෙනත් දීම වගේ ඔය පියන් වැඩ කරන්නෙ සාමාන්‍යයෙන් කැම්පස් එකේ ඉන්න කාලෙ තමයි. ඔහෙත් රස්සාවක් කාරිය කරන කාලෙක තේරෙයි වෙනස.

      කකා,
      මාත් කියන්නෙ ඒ ගැනම තමයි. කොහේද මිස්ල අපිව ගනංගත්තෙවත් නෑ නෙව! :-)

      Delete
    4. රාජ් බොස්

      ඒ හ‍රිය මොකටද ඉතිං !!

      ඔෆිස් එකෙන් වැඩක් කරගන්න ආව කෑලි වෙන්නැති !!

      Delete
  11. කකා.... දැන් කාලෙකින් බ්ලොග් එකේ කිසි ගෝ එකක් නෑ....... අපිට කිසි ආතල් එකක් නෑ.... බැරිද අර හොදම මෝඩයා තේරීම වගේ ආතල් වැඩ සටහනක් ඕගනයිස් කරලා දෙන්න.....

    අනෙක මේ මොඩරේශන් මගුල හින්දා අපිට ඉන්න වටිනා ඇනෝලා හැලිලා යනවා.... අපිට පාස්වර්ඩ් එක දෙන්න..... අපි මේක ඇදන් යන්නම්......

    ReplyDelete
    Replies
    1. මොඩරේෂන් දාන්න වුනේ කුණුහරුප නිසාය.

      Delete
    2. අවුරුදු දෙකක් පමණ කාලයක් ෆුල් ටයිම් ඇනෝවෙක් වන මම කකා සමග අනේක විධි මත වාද හා විරෝධතා ඇති වුවද කුණුහරුප භාවිතය කිසිදා සිදු කර නැත....... (කුණුහරුප කොමෙන්ට් ඉවත් කරන්නයයි ඉල්ලා ඇත )

      එසේ කර ඇත්තේ ඒවා කකා පළනොකරන බව දන්නා බැවින්ම පමණක්ම නොව එයින් කකාට ප්‍රාමාණික අන්දමේ බලපෑමක් නොකල හැකියයි වැටහුන හෙයිනි..... මොඩරේශන් කකාට යම් වදයක් වුවද එය මහා දෙයක් නොවේ...... අනෙක් අතට හිට්ස් හා කොමෙන්ට්ස් ප්‍රමාණය සැලකිය යුතු ලෙස මොඩරේශන් මගින් අඩුවීමක් නොපෙන්වන්නා සේය......

      ඒ නයින් බැළු කල..... කකාගේ බ්ලොගය තුල කුණුහරුප වැපිරීමට පැහැදිලි අවශ්‍යතාවයක් ඇතිවිය හැක්කේ කාටද?

      01. ඇනෝ කොමෙන්ට් හරහා පහර වදින බ්ලොග් කරුවන්......... ( පොළු කාරයින්, නයි අරින්නන්, බඩු කාරයින්, අසහන කාරයින් සහ බොරු බුද්ධිමතුන් )

      02. කකාගේ හිට්ස් හා කොමෙන්ට් ගොඩ දැකීමෙන් සෘජු ඉරිසියාවටත්........ එයින් වක්‍ර වෛරයකටත් මුල පුරා ඇත්තන්...... (කකා මොනවා ලිව්වත් හිට් වෙනවා අපි ලිව්වොත් මොකුත් නෑ කියන අය )

      03. කකා නිසා කලින් හිට් ලැබුණු දැන් බ්ලොග් රෝලෙන් ඉවත් කර ඇති නිසා වේලෙන බ්ලොග් කරුවන්.........

      04. පිටරට ජීවත් වීමට හැකියාව තිබුනත් පවුල් සහ අනෙකුත් ප්‍රශ්න නිසා එසේ ජීවත් වීමට නොහැකි පිරිස්...........

      05. අනෙකුත් බ්ලොග් කරුවන් මෙන් නිවාඩුවට එද්දී කකාගෙන්ද කැමරා, බෝතල්, චොකලට් ආදිය බලාපොරොත්තු වන්නන්.....

      06. ලිංගික අන්තවාදීන්......

      07. බෞද්ධ මූලධර්මවාදීන්..........

      08. ආශ්චර්‍ය්ය වාදීන්......

      09. කැපිටල් අන්කල්..................

      10. කකාගෙ වයිෆ්...........

      සිංහල බ්ලොග් ලියන්නන් හා කියවන්නන් නම් වූ මහා කුලකයේ... කකාගේ බ්ලොග් සටහන කියවන.... කොමෙන්ට් කරන.... පිරිස අයත් අනු කුලකය තුල......... ඉහත සියළු හෝ වැඩිමනත් හේතුන් හී ඡේදන කුලක වල වෙසෙන්නන් වන අතලොස්සක් පිරිස කෙනෙක්ට හදුනාගැනීමට අපහසු නොවේ......

      නමුත්..... එකී පුද්ගලයා ඉහත එක් කුලකයක පමණක්ම සාමාජිකයෙක් වීමේ සරල සම්භාවිතාවක් පවතී........

      Delete
    3. අවුරුදු දෙකක් පමණ කාලයක් ෆුල් ටයිම් ඇනෝවෙක් වන මම කකා සමග අනේක විධි මත වාද හා විරෝධතා ඇති වුවද කුණුහරුප භාවිතය කිසිදා සිදු කර නැත....... (කුණුහරුප ඉවත් කරන්නයයි ඉල්ලා ඇත )

      එසේ කර ඇත්තේ ඒවා කකා පළනොකරන බව දන්නා බැවින්ම පමණක්ම නොව එයින් කකාට ප්‍රාමාණික අන්දමේ බලපෑමක් නොකල හැකියයි වැටහුන හෙයිනි..... මොඩරේශන් කකාට යම් වදයක් වුවද එය මහා දෙයක් නොවේ...... අනෙක් අතට හිට්ස් හා කොමෙන්ට්ස් ප්‍රමාණය සැලකිය යුතු ලෙස මොඩරේශන් මගින් අඩුවීමක් නොපෙන්වන්නා සේය......

      ඒ නයින් බැළු කල..... කකාගේ බ්ලොගය තුල කුණුහරුප වැපිරීමට පැහැදිලි අවශ්‍යතාවයක් ඇතිවිය හැක්කේ කාටද?

      01. ඇනෝ කොමෙන්ට් හරහා පහර වදින බ්ලොග් කරුවන්......... ( පොළු කාරයින්, නයි අරින්නන්, බඩු කාරයින්, අසහන කාරයින් සහ බොරු බුද්ධිමතුන් )

      02. කකාගේ හිට්ස් හා කොමෙන්ට් ගොඩ දැකීමෙන් සෘජු ඉරිසියාවටත්........ එයින් වක්‍ර වෛරයකටත් මුල පුරා ඇත්තන්...... (කකා මොනවා ලිව්වත් හිට් වෙනවා අපි ලිව්වොත් මොකුත් නෑ කියන අය )

      03. කකා නිසා කලින් හිට් ලැබුණු දැන් බ්ලොග් රෝලෙන් ඉවත් කර ඇති නිසා වේලෙන බ්ලොග් කරුවන්.........

      04. පිටරට ජීවත් වීමට හැකියාව තිබුනත් පවුල් සහ අනෙකුත් ප්‍රශ්න නිසා එසේ ජීවත් වීමට නොහැකි පිරිස්...........

      05. අනෙකුත් බ්ලොග් කරුවන් මෙන් නිවාඩුවට එද්දී කකාගෙන්ද කැමරා, බෝතල්, චොකලට් ආදිය බලාපොරොත්තු වන්නන්.....

      06. ලිංගික අන්තවාදීන්......

      07. බෞද්ධ මූලධර්මවාදීන්..........

      08. ආශ්චර්‍ය්ය වාදීන්......

      09. කැපිටල් අන්කල්

      10. කකාගෙ වයිෆ්

      සිංහල බ්ලොග් ලියන්නන් හා කියවන්නන් නම් වූ මහා කුලකයේ... කකාගේ බ්ලොග් සටහන කියවන.... කොමෙන්ට් කරන.... පිරිස අයත් අනු කුලකය තුල......... ඉහත සියළු හෝ වැඩිමනත් හේතුන් හී ඡේදන කුලක වල වෙසෙන්නන් වන අතලොස්සක් පිරිස කෙනෙක්ට හදුනාගැනීමට අපහසු නොවේ......

      නමුත්..... එකී පුද්ගලයා ඉහත එක් කුලකයක පමණක්ම සාමාජිකයෙක් වීමේ සරල සම්භාවිතාවක් පවතී........

      Delete
    4. KAKKA MOKADA MEKA ANO DAMME.

      Delete
    5. ඒකනම් ඇත්ත කැපිටල් ඇනෝ. ගණිත වචන භාවිතයත් වැඩියි. comment moderation කළා කියලා විග්‍රහයක් කරන කෙනා ඒක නොදන්නවා වාගේ දෙපාරක් comment publish කරයිද.....?
      මේ අපිව නොමඟ යවන්න කළ උත්සාහයක් ද......?

      Delete
    6. මොබයිල් එකෙන් බ්ලොග් රන් කරන කොට ඔහොම තමයි!

      මේ දිර්ඝ ප්‍රතිචාරය අර තිත් තිත් දාන ඇනෝ ගේ බවයි මට නං හිතෙන්නේ.

      Delete
    7. පොඩි පැහිදිලි කිරීමක්. කුණුහරුප වැපිරීමක් සිදුවුනේ නැත. දෙකක් තුනක් පමණි. ඉන් එකක් වැරදීමකින් මා අතින් ම අනුමත වී තිබී පසුව ඉවත් කරන ලදී.

      Delete
  12. අම්මප මාරයි නේ.... එහෙනම් මම බොහොම කලින් වැඩිහිටියෙක් වෙලා වගේ.....

    ReplyDelete
    Replies
    1. මේ අර්ථ දැක්වීම පිළිබඳ මා පහත [December 18, 2013 at 9:56 AM] දී ඇති පැහැදිලිකිරීම් බලන්න.

      Delete
  13. @ All
    ප/ලි:
    ඉස්කෝලේ යන කාලේ පොඩි හෝ ලොකු පන්තිවලදී ඉස්කෝලේ ටීචර්ලා ට හිතෙන් ලව් කරපු කතා මෙතනට අදාල නැති බව කිව යුතුය.

    මා මෙහි කියන්නේ ඇත්තටම සිත ගවුමෙන් සාරියට අනුවර්තනය වෙන කාලය ගැනයි!

    ReplyDelete
    Replies
    1. ඔබට සෙකන්ඩ් ඉයර් එකේ පහල වෙච්ච "සාරියට ඇලුම්" සිත මට පහල වුනේ තුන් වැනි කැලාසියේ සිට බව පැවසීම අවුල් ද.. ?

      Delete
    2. ඒක තමයි කාකා හරියට අර්ථාන්විත අදහසක් කවියෙන් ලස්සනට ලියලා ඒකෙ තේරුම ආයෙම කියාදෙනවා වගේ වැඩක් මේ ...

      ගැහැණු ළමයිනුත් ඔහොමයි කාකා නිල් කොට කලිසම් ....ඊට පස්සේ 10 වසරට වගේ ආවම ටිකක් හිතට අරගෙන සුදු දික් කලිසම් ඊට පස්සේ ඒ ලෙවල් කාලේ ඩෙනිම් ඊටත් පස්සේ කැම්පස් හෝ ඒ ලෙවල් වලින් පස්සේ නෝමල් ෆ්ලිට්ස් දෙකක් දාපු සාමාන්‍ය කලිසම් ෂර්ට් අදින වගේ තමයි

      Delete
    3. @ කෙන්ජි ඒ පොඩි පන්තිවලදී හිතෙන දේවල් ෆැන්ටසියක් විතරයි නේද? ඒවා ක්‍රියාවට නැංවෙන ඒවා නොවෙයි.

      ඒ තුනේ පන්තියේදී කොහොම හිතුනත් පස්සේ අර මං කලින් කියපු කොණ්ඩේ පීරණ, දැලි රැවුල එන, ඇඳුම් මදින කාලේ ආපුවාම ඇත්තටම හිත යන්නේ, ට්‍රයි කරන්නේ ඉස්කෝලේ කෙල්ලන්ට නේ?

      මං කිව්වේ ඒකයි.

      Delete
    4. හරි..... එතකොට සිත සාරියට අනුගත උනායින් පස්සෙ කකා.... තැඹිලි... කුරුම්බා.... දිහා බැළුවෙම නැද්ද?

      Delete
    5. කකා අපේ එකෙක් හිටියා ඉස්කෝලෙ ටයිපිස්ට් අක්කටත් ලයින් දාපු 8 වසරෙදි!!
      .ඒවවැටෙන්නෙ කොයි කැටගරියටද ??

      අක්ක ඇන්දේ නං සල්වාර් හෝ ගවුම් වගේ මතක !!"

      Delete
    6. හරි හරි කකා කිව්ව හරි. නමුත් මට තියන පස්නෙ තාමත් ඔහොම නොවීම. කොටින්ම තාමත් ඉස්කෝලෙ යන දැරිවියන්ටයි හිත! :-)

      Delete
    7. //ඒවවැටෙන්නෙ කොයි කැටගරියටද ??//

      "Pervert" කැටගරියට

      Delete
    8. දවටනේ වෙනස් උනාට ටොපිය එකයි රාජ් අයියා !!!

      Delete
    9. රාජ් ටොපිය "බුක් ග්ර්ග්ග්ග්ර්ර්ර්" ගාලා ගිල්ලද?

      Delete
  14. මට ඔය සාරිය නම් එච්චර අල්ලන්නෙ නැති ඇඳුමක්... ඕක එපාම වුණේ බැඳපු දවසේ හනිමූන් ගියාම... කටු ගලවන්නම ගියා පැයක් විතර...

    ReplyDelete
    Replies
    1. තිසරගෙන් අපි හැම විටම බලාපොරොත්තු වෙන්නෙ සුසමාදර්ශී කොමෙන්ට් එකක්.....

      Delete
    2. සාරිය මොනාද බන් හෙයාස්ප්‍රේ ගහල මැටි කරපු කොන්ඩෙ කටු තුන්හාරසීය ගලවන එක එක්ක බැලුවම.

      Delete
    3. එකනේ බන් මම වෙඩිම තිබ්බ හොටලෙන්ම ඔය වයිවාරණ ඇදුම් ටික ගලොගෙන තුන් කාලක් අන්දගත්තේ හෙහෙ හෙහ් එහෙ . . .

      Delete
    4. ඔව්වා මොනවාද.... ඔය ඔක්කොම වැඩටික පණ නැහැගෙන කරලා ඉවර වුන ගමන් අනේ අදනම් හරි මහන්සියි අපි අද නිදාගමු..... ඔයා තරහ නෑ නේද.... කියන කොට......

      Delete
    5. ඉන්දික
      ආං ඒ වැඩේ නං මටත් එපාවුනා. ග්‍රෑම් පන්සීයක විතර කටු තිබුන

      Delete
    6. රාජ්.....
      උඹ එක දවසින්ම ගෑනිව මස් කරාද...... ෂිහ්.... කටු ග්‍රෑම් 500 සුප් එකටත් මදිනෙ බන්.....

      Delete
    7. //මට ඔය සාරිය නම් එච්චර අල්ලන්නෙ නැති ඇඳුමක්... ඕක එපාම වුණේ බැඳපු දවසේ හනිමූන් ගියාම... කටු ගලවන්නම ගියා පැයක් විතර//
      වැඩේ ඉවර වෙද්දි තිසරට කලිසමේම........................

      Delete
    8. සාමාන්‍යයෙන් දැන් කාලේ වෙඩිමෙන් පස්සේ ගොයින් එවේ කියලා වෙනම ඇඳුමක් ඇඳන් නේද පිටවෙලා යන්නේ?

      Delete
    9. කකා,
      ගොයින් අවේ එකේදි උනත් හෙයාර් ස්ටයිල් වෙනස් වෙන්‍නෙ නෑ බොහෝ විට

      Delete
    10. @ඉන්දික, රාජ්,

      ඇයි උඹලා කොණ්ඩේ කටු ගලවන්න මහන්සි වුණේ? පස්සෙ හෙමින් සීරුවේ ගලවගන්න තිබ්බනේ.. :)

      Delete
    11. ඔව්වා ගලවලා නාලා කරලා ආවාම තමා පේන්නෙ හපෝයි මම මේ බැඳලා තියෙන්නෙ මොකෙක්ද කියලා...... ඒ වුනාට ටූ ලේට්.......

      Delete
    12. තිසර,

      අවුරුදු විසි අටක් ඉවසල ඔය දවසක් ඉවසන්න බැරිද බන්?

      පළවෙනි දවසෙ උන්නෙ හොටලෙ කිට්ටුවම තැනක. ඒකෙදි කටු ගලෝල, නාල, යාළුවො එක්ක හවස අඩියක් ගහල සින්දුවක් කියල අර මහල තිබ්බ සරොන්, හිල් කරල තිබ්බ ජොක්කු වෙනුවට අලුත් සෙට් එකක් උන්ටම කියල ගෙන්නගෙන පහුවෙනිද ඇද්ද රෝයල් රිවර් කිතුල්ගල (ගිහින් බලහන් දවස් දෙහෙකටවත්) නිදහසේ වැඩේ කරගෙන ආව. අපි එහෙමයි ඔරු පදින්නෙ.

      Delete
  15. මට නම් සාරි අඳින යට හිත ගියේ අපේ දහම් පාසලේදීය. හැබැයි ළමා සාරි.

    ReplyDelete
    Replies
    1. බාලපරාධ කරන්නෙපා ඉවා අයියා !!!

      Delete
    2. මං දහම් පාසල් ගිය කාලේ කවුරුත් ඇන්දේ සාමාන්‍ය ඇඳුම්. නීති හෝ තහනම් හෝ තිබුණේ නෑ.

      ඔය ළමා සාරි, ජාතික ඇඳම් ඇඳ දහම් පාසල් යෑම පසු කාලෙක ආ තලිබාන් වර්ගයේ නීතියක්.

      මටත් බලපෑම් ආවා පන්සල් යන්න සුදු සරමක් අඳින්න කියලා.
      http://kathandara.blogspot.com/2009/07/blog-post_30.html

      Delete
  16. සිත ගවුමෙන් සාරියට, සාරියෙන්?

    ReplyDelete
    Replies
    1. අනේ පුතේ උඔ මගේ බොගට ඇවිත් ඉංගිරිසියෙන්නම් කොටන්න එපා.
      Kenji @ Japan

      Delete
    2. Pra Jay
      සාරියෙන් ඒ තනිකඩ ජීවිතය අවසාන විය!

      Delete
    3. monogamous by choice or by force?

      Delete
    4. By mutual agreement called marriage. විවාහය නමැති අනොන්‍ය එකඟතාවය හේතුවෙනි.

      Delete
    5. Wife reads your blog, right? :-)

      Delete
  17. මට මගේ අම්මගේ ඔසරි පොට දිගට අල්ලාගෙන නවන්න කියද්දී නවපු මට තුනේ පන්තියේ සාරි ඇදපු ටීචර් ගැන ඇත්ත කීම ගැන අදාළ නැති බව කීම නම් හරිම විහිළුවක්.

    ReplyDelete
    Replies
    1. කලින් පිළිතුර බලන්න.

      Delete
    2. කකා සාරියට වැඩිය කොට ගලිසම් අදින මල්ලිලාට කැමති අයට මොකක් වෙලාද කියන්නේ.

      Delete
    3. @ කා වා
      ඔවුන් කුමාරකාමය ඇති බාලාපරාධකාරයෝ ය.

      Delete
  18. නමස්තේ කාකා ජී,

    මම ජී මේ දවස්වල ෆට්ටම බිසී හේ!!

    පහුගිය "පේරගස්" ලිපි පෙලම කියෙව් වා!!!!!!!111

    බොහොත් ගින්දර් සීරිස් හේ සහබ්!!!

    මේ කතා පෙල දැක්කම මගේ පරණ එක්ස්පීරියන්ස් එකක් මතකෙට ආගයා!!!!

    "අවවාදයයි! සංවේදී ඔබ මදකට තිරයෙන් ඉවත් වන්න!!!!!! "

    මම නවය වසරේ හිටපු දවස්වල (එතකොට මම ප්‍රිෆෙක්ට් කෙනෙක්!) 6 වසරේ නංගි කෙනෙක් හිටියා අමුතුම ජාතියේ විසයක් තියෙන! එදා අපේ ඉස්කෝලේ සිල් ගන්න දවස!!
    එදාත් අපි සුපුරුදු පරිදිම ළමයින්ව හසුරුවනවා!
    දවල් දානේ ඉවර වෙලා මම ජී සින්ක් එක ලඟට ආවා අත හෝදන්න! ඒ වෙලාවේ අර යස්සනීයි, ඒකිගේ මර දූතියෝ සෙට් එකයි එතන හිටියා!
    මට එච්චර ගානක් තිබුන්නෑ, මම මගේ පාඩුවේ ටැප් එක ලඟට එනකොටම

    අරකි (යස්සනීම තමයි!) එයාගේ යාලුවන්ට කිව්වා!

    "අයින් වෙලා ඉඩ දීපන්! මෙන්න, ලොකු සිස්ස නායකයෙක් එනවා!" (මේකි ලොකු කියන වචනේ කිව්වේ අම්බානක බර කරලා)

    උතුරු සලු පොරවන් හිටියට මාත් වාචාලය නේ!

    ඉතින් ඒත් එක්කම කිව්වා

    "ඔයා හිතන තරම්ම ලොකු නෑ නංගි!!!!"
    (ඇත්තම කිව්වොත් ඒ වචන ටික මගේ කටින් පැන්නා!)

    මේකිගේ යාලුවෝ ටික එක පාරටම අතින් කටවල් වහගෙන

    "ආ......... දැක්කද කියපු දේ......?!" "චී වල්!!!!" වගේ ටෝක්ස් දෙන්න පටන් ගත්තා!! (උන් ටික අම්බානක ශොක් වෙලා! 6 වසරේ කුරුම්බැට්ටි කෑලි නේ!)

    (මට එතකොට තමයි මම කියපු වචනේ අනිත් මීනින්ග් එක තේරුණේ!)

    අරකි මන් දිහා දවා අලු කරන සයිස් එකේ බැල්මට් එකක් දාගෙන ඉන්නවා!
    මම ඒකිට කින්ඩි හිනාවක් දාගෙන බණ ශාලාව ඇතුලට ගියා!

    හැබැයි මේකිත් සෙකන්ඩ් වෙන්න ලෑස්ති නෑ!!
    පුලුවන් තරම් ආයෙ ආයෙත් මාත් එක්ක පැටලෙන්නමයි හදන්නේ!@!

    උපන්ගෙයි වාචාලයෙක් වෙච්චි මම ජීත් දාන හැම බෝලෙටම සික්සර් වලින් සංග්‍රහ කලා!!!
    (ඒ හැම තැනදිම මගේ අපාය සහයක රැලත් මගේ පිහිටට හිටියා!)

    බණ අතරතුරේත් මේකි මං දිහා සැරින් සැරේ බලපු බව අපේ එවුන් කිව්වා!!! (මම ජී නම් ඒ පැත්ත හැරුනෙවත් නැද්ද කොහෙද! හික්z!!)

    අන්තිමට සිල් පවාරණය කරලා එලියට එනකොට මේකි ක්ලාස් එකේ පන්තියේ යක්ෂ සේනාවත් පිරිවරාගෙන මගෙ රෙදි ගලවන්න රෙඩි පිට ඉන්නවා!

    මට වල්ගා තරුත් පේන්න පටන් ගත්තා!!!!
    (මගේ නයිට්ලා ටිකත් ඒ වෙනකොට ආගිය අතක් නෑ!)

    වෙන කරන්න දෙයක් නැති හිඳා, අන්තිමේදි මම මේකිව "නොකවුට්" කරන්න තීරණය කලා!!!!!!!!

    බොරු රොමැන්ටික් මූඩ් එකක් ආරූඪ කරගත්තු මම

    ඒකිගේ සේනාව කට අරින්න කලින්ම මම එකිට "කැමතියි" කිව්වා!!!!!

    කෙල්ල විතරක් නෙමෙයි උන්ගේ ක්ලාස් එකම ෆුල් හොල්මන්!!!!!

    ඒත් එක්කම, ඒකිගෙම නයි ටික ඒකිවම කන්න පටන් ගත්තා!!!!!!!!!!

    කෙල්ල අම්බානක බයිට්!!!!!!

    සිරාම සීන් එක කියන්නේ දවස් දෙකක් යන්න කලින් මට උණ ගැනුනා! (ඒක වෙනම සීනරියක්!) මම ඉස්කෝලේ ආවේ සතියකට පස්සේ!!

    බලනකොට ඒ සතියම ඒකි ඇවිල්ලාත් නෑ!!!

    හයියූ!! මාවත් අපේ එවුන් අතින් රේප් නොවුණු ටික විතරයි!!!!

    ඒකි ඉස්කෝලෙට ආවේ තවත් සතියක් හමාරක් පහුවෙලා!!

    සීන් එක තේරෙන්න ඇති නේ..............!

    හික්z!!!!! මම "කැමතියි" කිව්ව දවසෙම.................

    "කෙල්ල හෑස් ෆෝලන් ඩවුන් ෆ්‍රොම් ද ජම්බු ට්‍රී" හුක්කියෝ.......!!!!

    බොලා නිකමට හිතලා බලාපියව්!

    මම කැමැත්ත අහලා එකිට ඔහොම වුණා නම්........?!!!!!

    කරුමෙට හරි මම ඒකිගේ අතින් ඇල්ලුවා නම් එහෙම???!!!!!

    එහෙනම්, මෙලහකටත් මේ පිල්ලියා පස්දරු පියෙක් බොලවු!!!!!!!!!

    හුක්කි හුක්කි හූ.............!!!!

    ( පස්දරු පියෙක් කිව්වේ! ටුවින්ස්ලා හොඳේ! අතෙත් ඇඟිලි පහක් තියෙනවා නේ! හික්z!!!)

    ප:ලි:- මර්වින් අයියගේ ඒරියා එකේ සිදු වූ සත්‍ය සිදුවීමකි. නම් ගම් මනංංකල්පිතයි!!!!!!!!!

    හුකෑZZZZZZzz!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් කොල්ලෙක්ට වඩා අවුරුදු දෙක තුනකින් වැඩිමහල් ය කියනවානේ.

      ඔබ දෙදෙනාම එක වයසේ තමයි ඉඳලා තියෙන්නේ. ඒකයි දෙන්නාටම එක කාලයේ උණ ගත්තේ!

      කෙසේ වෙතත්, ඔහේත් බ්ලොග්කාරයෙක් වෙන ලකුණු පේනවා වගේ!

      Delete
    2. හුටා~ හේ!!!!!

      යකෝ මේක පෝස්ට් එකක් සයිz එකට දික් වෙලා නේ!

      (හොඳ වෙලාවට අතුරු කතා ටික ලිව්වේ නැත්තේ!)

      හික්z!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. පිල්ලි ජී

      ඔයිං ගියා ඇති අතක් පයක් නොකැඩි !!!!

      ජයී හෝ . !!

      Delete
    4. කකා

      සුදු පාට ගවුමේ

      ඉන ගාව රවුමේ

      පොත් පේලි අතරේ නංගිගේ

      පාසල් පොතක් වී

      මට ඉන්න ඇත්නම් !!!!!!

      ඔන්න සිංදු බොස් !

      Delete
    5. අනේ පිල්ලි මුන්නා දැක්ක කල් ..ඔයා නම් දැම්ම බ්ලොග් ලියන්න එපා ,

      Delete
    6. පිල්ලි ජී පොඩි කාලේ කතාව පොඩි එකාගේ ලියුම විදිහටම ලියලා තියෙනවා කකා. හැබැයි බං ස්ටෝරිය හින්දියෙන්ම ලියුවානම් තමා ආතල් ..........................

      Delete
    7. @කාකා ජී,

      අරේවා!!!!! කාකා සහබ් මගේ කමෙන්ට් එකකට රිප්ලයි එකක් දුන්නමද කොහෙද!!!

      ඇත්තටම වෙන්න ඇත්තේ ඒකම තමයි සහබ්!

      එකම සීසන් එකේ "ජම්බු & පේර" දෙකම හටගන්න ඇත්තේ අපේ වයස් සීමාව නිසාම වෙන්න ඇති!!!!!!

      බොහොත් ෂුක්‍රියා කකා ජී!!!!!!!!!!

      @ පත්තර මල්ලී භයියා,

      සිරාවටම අයියණ්ඩි!!

      හැබැයි මේ සීන් එකෙන් මගේ යාලුවෝ ගොඩ දෙනෙකුට වාසනාව පෑදුනා!!!

      එකෙන්ම!!! මේ තියෙන්නේ සිංදු නේ!!!!!!!

      හැබැයි දැන්නම් කියන්න තියෙන්නේ!!!!!!!

      "අද තනියෙන් මා හඩන්නේ නෑ මා
      මා දමා.. ඈ ගියා කියා...... මා දමා
      සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
      ඔබ නෑ කියා
      මා ලගින් මා සිතින් ඔබ ගියා කියා

      පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ..//
      ඔබ දන්නෑ
      අද මා ඔබේ නමින් තනි වෙන්නෑ.......!!"

      හික්z!!!!!!!!!!!

      (ඒ නංගි ඇත්තටම හොඳ ළමයෙක්!)

      @ අපූර්වි දීදී,

      මේ දවස්වල ටිකක් බිසී අක්කේ!!

      අක්කගේ පෝස්ට් සෙට් එකම කියෙව්වා! (මොනාලිසාවකි නුඹෙ අම්මා 1 & 2, ළමාවියේ අමිහිරි මතක 1, 2 & 3)

      ෆට්ට ලිපි පෙල අක්කණ්ඩි!!!!!!

      අච්චා! අච්චා!! බ්ලොගර් කෙනෙක් වෙන්න නම් තව ගොඩාක් අත්දැකීම් ඕනේ නේන්නම්!!!!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    8. පිල්ලි ජී.

      ඕවට සැලෙන්ඩෙපා

      ඒ නගාට පින නෑ මල්ලී

      වෙලාව ආසම ඉබ්බ ගෙට එන්නෙ තුනපහ පිටේ බැඳගෙන !!!!

      ජයි හෝ !!

      Delete
    9. @ කාවා ජී,

      බොහොත් ෂුක්‍රියා මචෝ!!!!!!!!!!

      මටත් උවමනාව තිබුණේ මේක ෆුල් හින්දුස්ථානි කරන්න තමයි!!!!!

      බස්, මගේ නංගි ස්ක්‍රීන් ලඟින් නිතරම එහෙට මෙහෙට ගියපු නිසා මේ ටික ලියා ගන්නත් ෆට්ට ගේමක් දෙන්න වුණා!!!!!!







      හික්Z!!

      නිතර දෙවේලෙ කන් පිරෙන්න පොරටෝක්ස් දෙන අයියණ්ඩිඩයගේ කෙරුවාව රෙවීල් වුණොත් එහෙම මං ජීට සූසයිඩ් සරණම තමයි මචෝ!!!!!!!!!!!

      (පොඩි එකාගේ ලියුම ක්යා?????)

      @පත්තර මල්ලී භයියා,

      අනිවා ඩෙෆා අයියණ්ඩි!!!!!!!!

      අපි වගේ උත්තම සුවාමි පුරුෂ ජී ලා ලබන්න උන් කරලා තියෙන පින් මදි නේන්නම්!!!!!!!!!!

      එකෙන්ම!!!1

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!1

      Delete
  19. ක කා මට ඉස්කෝලෙ ඉංග්‍රීසි මිස්ට හිත ගියේ 6 වසරෙදි.. මට විතරක් නෙවෙයි පන්තියෙ කොල්ලොොක්කොම වගේ මිස්ට ලව්.

    එතකොට ???

    ReplyDelete
    Replies
    1. පත්තරේ

      ඒක ෆැන්ටසියක්. නැතිනම් ප්‍රොයිඩ්ගේ ඊඩිපස් සංඛීර්ණයේ දිගුවක් කියා කියන්න පුළුවනි.

      නොදත් දොස්තර අමරසේකර ගේ යලි උපන්නෙමි වැනි නවකතාවකත් ඔහොම කතා තියෙනවා.

      Delete
  20. ඔබ නිවරිදිද​???? ඒ අනුව දැනට ඔය ළමා අපචාර කරන සීයලා තවම ගවුමෙන් සාරියට මාරුවෙලා නැද්ද​????? කොහොම වුනත් කතාව මරු

    ReplyDelete
    Replies
    1. උබ වැරැදි නෑ. එත් එක රෝගයක්.

      Delete
    2. @ "අසීමාන්තික සංචාරයක් සදහා"

      ඔවුන් කුමාරකාමය ඇති බාලාපරාධකාරයෝ ය.

      Delete
  21. සාරිය ඇඳපු කෙල්ල ටීචැර් කෙනෙක්ම වෙන්න ඕනද කකා. මංතුමා හිතන්නේ එහෙනම් මම තවම ලොකු වෙලා නෑ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කාවා

      N T S එකේ ට්‍රේනින් වෙන සුදු යුනිෆෝම් එකත් වලංගු‍යි !!

      Delete
    2. ඒ කාලේ ට්‍රයි කොරලා හරියන් නැතිව අතෑරපු කෑල්ලක් දැන් නර්සින් ට්‍රේනිං වෙනවානම්............ ?

      (මචං කළු පරියටද? රතු පටියටද? වැඩියෙන්ම ලකුණු ලැබෙන්නේ)

      Delete
    3. රතු යකෝ රතු :-

      නර්ස් නෙවෙයි දොස්තර වෙලා ආවත් ඇඹරෙන්නෙපා .. කඩ දොලහට බැහැලා වැඩ පටං ගනු !!





      Delete
    4. මචං හවසට කඩ පනහ (අනුරාජපුරේ) හරියේත් හරි හරියට නර්ස් ගැටිස්සියෝ ගැවසෙනවා. උන් හුඟක් නවාතන් අරගෙන තියෙන්නෙත් ඒ පැත්තේනේ.

      Delete
    5. ඒක නෙමේ මචං, මට හරියට අකුරු වරදිනවා.
      //මචං කළු පරියටද//
      ඒක
      "කළු පටියට" කියලා නිවැරදි වෙන්න ඕන. ඔන්න හිතා මතා ලියපු දෙයක් නෙමේ.

      Delete
    6. කා වා
      එහෙනං එහෙනං ..
      ඒ පැත්‍ත මාත් ඩිංගක් දන්නවා !!
      නවාතැං අ‍රං ඉන්නෙ ඒ පැත්‍තෙ නොවැ ගැටිස්සියෝ !!
      හප්පේ 5 ට විතර nts එක ගාව ලස්සන.
      වැඩි හරියක් ඉන්නෙ 3 වෙනි පියවර පැත්තට වෙන්න නේ !!

      Delete
    7. මචෝ මට පේන්නේ උබත් මේ පළතට නෑකමක් තියෙනවා වගේ. අර ඉස්සර කීවනේ මේ පැත්තට සැප දෙන පුද බිම කියලා.

      Delete
    8. @ කා වා
      සාරිය ගැන මා කීවේ මගේ අත්දැකීම මතය. එය සුදු ගවුමෙන්, ගුරු සාරියට වෙන සංකේතාත්මක සංක්‍රාන්තියයි.

      Delete
    9. කා වා
      එහෙමයි මචෝ !!
      ස්වර්නපාලිය අපිට සින්නක්කර ලියල දීල තිබුනේ !!

      Delete
    10. අනිවා අනිවා. අපිට එකෙන්ම තේරුනා කකා. අපි මේ ආතල් එකට එක එක වල් පල් දේ කීවට.

      Delete
  22. කැම්පස් ආපු ගමන් සාරියකට හිත ගියේ නැහැනේ මට . . අවුරුද්දක් ගියාම තමා ඔන්න සිරා එක්ක ඕන උනේ . .

    ReplyDelete
    Replies
    1. මාත් මේ සුදු ගවුමෙන්, ගුරු සාරියට වෙන සංකේතාත්මක සංක්‍රාන්තිය කෙරුවේ දෙවන වසරේ දී යි.

      Delete
  23. හුරේ

    වැදගත්ම කෑල්ල අමතක උනානෙ කකා

    මං තුමා මොනර පිල් සාරියකට ලව් කොරන්න ගිහිං

    කසාද බැඳලයි පස්ස බැලුවේ !!!!

    අපි එහෙමයි ඈ !!!!!!

    අන්න කොල්ලෝ !!

    ReplyDelete
    Replies
    1. දැගනිං මචං මගෙනුත් 5 ක්.

      Delete
    2. එහෙමද ශෝක් නේ

      Delete
    3. මම හොයන්නේ අපූර්වී වගේ කෙනෙක්.

      Delete
    4. අපූර්වි ඇන්ටී

      ෂෝක් නේ !!

      චේතනා පරිශුද්ධ වේ නම්

      පෙම් සටන් පරදින්නෙ නෑ !!!

      පත්තර මල්ලි සාක්කි ඕං !!


      Delete
    5. මල්ලි ඇන්ටි කියන්න එපා හරිය අපි සාරි ඇඳලා නෑ තාම :(

      Delete
    6. පත්තර මල්ල මට නේද කිව්වේ...?

      Delete
    7. ඕකි යක්ෂණියක් ඇනෝ

      Delete
    8. @ පත්තර
      මොනර පිල්, ඈ!

      එහෙනං අපේ සනා බෝයි වගේ කේස් එකක්?

      රංග ගේ මගේ ලෝකය බ්ලොග් එකේ ඔය මොනරපිල් ලව් කතා රාශියක් ගියා.

      Delete
    9. @ අපූර්වී මිස්
      ඇන්ටි මෙවේ එහෙනං නැන්දේ කියන්නං :-)

      කෙන්ජි මාමේ
      මං කීවෙ මගෙයි ගෑණිගෙයි ලව් එක ගැන නොවැ !!
      අවුරුදුම 6 ක් :-)

      කකා මාමේ.
      අම්මෝ නෑ . මං එච්චර පොරක් නෙවේ :-):-):-)
      මේක ග්‍රවුන්ඩ් කේස් එකක් !!

      Delete
    10. උඩ ඇනෝට
      ආ එහෙමනම් මචං, මම හොයන්නේ යක්ෂණීයක් වගේ අපූර්වී කෙනෙක්.

      Delete
  24. අප්පේ එහෙනම් ඉස්කෝලෙට එන ට්‍රේනින් ටීචර්ලට ...අයියෝ පව් අෆ්ෆා

    ReplyDelete
  25. අප්පේ එහෙනම් ඉස්කෝලෙට එන ට්‍රේනින් ටීචර්ලට ...අයියෝ පව් අෆ්ෆා

    ReplyDelete
  26. කකා මොකද මේ වෙන්න යන්නේ " ඇන්ටිමනි " ආයි ඔලුවට ගැහුවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඇන්ටිමනී නිසා අපේ පන්තියේ සිටි කොල්ලේක් පිස්සු ගැහැව්වාය කියා මට ආරංචි වුනේ පසු කළෙකයි.

      Delete
  27. මටත් තාම සාරි ඇදපු යට හිත යන්නේ නැත ... හිත යන්නෙම කොට පොඩි ගවුම් ඇදන් ඉන්න අයටමය..... ඒ කියන්නේ මම තාම වැඩිහිටියෙක් වෙලා නැද්ද ???

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි පේන්නේ!

      හැබැයි දැං සාරිය අඳින වයස කල් ගිහින් ඇති.

      Delete
  28. කතාව ඇත්ත,හැම කොල්ලෙකුගෙම ප්‍රථම ආදරය පන්තියේ උගන්නන ටීචටලුනේ.අර කී ගාන්නෙ හඳුන් පොත්ත නෙවෙයි කකා හඳුන්පෙත.ඒ කියන්නෙ හදවත,ඔය වැදි භාෂාවෙ වචනයක්.

    ReplyDelete
    Replies
    1. එහෙමද හැලප?ගාමිණි F තවලම ෆිල්ම් එක කරද්දී ඔය වගේ වචන ගොඩක් නිවැරදි කරපු මතකයක් ආව.

      Delete
    2. ඇයි බං මී හරකා පික්චැර්එක.

      Delete
    3. හැලපේ ස්තුතියි.

      නමුත් මේ අන්තර්ජාලයේම "හඳුන්පෙත" කියන වචනය මුලින්ම ලියා ඇත්තේ ඔබ මේ කමෙන්ටුව සඳහායි.

      මෙය "හඳුන් පොත" වත්ද? ඒ වචන යුගලය නම් සෑහෙන්න ලියවෙලා තියෙනවා.

      Delete
    4. හඳුන්පොත තමයි නිවැරදි වචනය...

      Delete
    5. තිසර කිව්වොත් ඉතින් වරදින්න විදිහක් නෑ.........

      Delete
    6. කකා,තිසර,
      මම මතකයෙන් ලිව්වෙ,ස්පිටල්ගෙයි කහඳගමගේ ගෙයි පොත් ටික ආයෙම කියවන්න වෙන වැඩක්.

      Delete
  29. සෙහ් මට තරුණ වැඩිහිටි උනු කාලෙ මතකවත් නෑනෙ :D

    ReplyDelete
    Replies
    1. වයසට යනකොට ඔහොම වෙනවා!

      Delete
    2. තාම වයසට ගියෙ නෑ තාම 21යි :D

      Delete
    3. එහෙනං උඹට මේව හොඳ නෑ මල්ලී

      2020 විතර වරෙං

      Delete
  30. මේ අනුව කෙල්ලන් දෙස තවමත් බලන මා තවමත් පොඩි දරුවෙක් යැයි මට සිතේ.

    ReplyDelete
    Replies
    1. කෙල්ලන් දිහා බලන ඔබ අසහන කාරයෙක් යැයි සිතෙන්නේ එය දකින පුද්ගලයාටය.......

      Delete
    2. හනේ මන්ද උබ පොඩි ලමයෙක් නම්. . . යකෝ මේක පැහිල තියන තරම්

      Delete
    3. කෙල්ලන් ගේ බලන්නේ කොතැනද දෙසද යන්න අනුව සමහරවිට බබෙක් ද විය හැක.

      Delete
    4. සමහර විට කොළුකාරයෙක්ද විය හැක.....

      Delete
    5. කොළු කාරයෙක් නෙමේ ඕකා කොළු තාත්තෙක්

      Delete
  31. ගවුම් කොටේ ඇදලා ඉන්න කෙල්ලෝ සාරියට බැහැලා ලස්සන වෙද්දී ඒ දිහාට හිත ඇදිලා යන්න පටන් ගත්ත එක මේ ගණයට අයිති වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මට නං උසස් පෙල කාලේමගුල් ගෙදරකදී දන්නා කෙල්ලෙක් ඔසරිය ඇඳලා ඉන්නව දැක අපොයි කියා සිතුණි!

      Delete
    2. ඇයි බඩේ ගෝමර තිබ්බද?

      Delete
    3. ගෝමර නොවෙයි, සම වයසේ කෙල්ලෙක් ඔසරිය ඇන්දාම මට පෙනුනේ ඇන්ටි කෙනෙක් වගේ!

      Delete
  32. Kollek badu karayek una kiyala dena ganna vidiyath liyanna

    ReplyDelete
    Replies
    1. ටිකක් ඉන්නකෝ... කකා ඔය ගැනත් ඉක්මනටම ලියයි

      Delete
  33. කකා මල්කාන්ති නන්දසිරිගෙත් තියෙනවා නේද,
    “පුංචි කාලේ පුංචි කමට ගෙදර හිටිය මං" කියලා සිංදුවක්. ඒකත් ලොකු වුන කේස් එකක් ගැන නේද?

    ReplyDelete
  34. කකා අපිට කියන්න දෙයක් ඉතුරු කරන්නේ නෑ දැනටමත් ලංකාවේ ඉදිරි පරම්පරා ගානකට හිතන්න දේවල් ඇති වෙන්න කියල ඉවරයි.................

    ඇත්තටම කකා මම තීරණය කරා තවත් මේවා කියල වැඩක් නැහැ වෙන දෙයක් කරන්න ඕනෑ කියල..........

    2014 මම කතන්දර ලියන එකෙන් ඈත් වෙනවා information overload කරලා වැඩක් නැහැ........ මේ කකා කියන එක ලිපියකුත් ඇති වෙනස් වෙනවා නම්.........
    ඒක නිසා මම කතන්දර වලින් අංශක 180 කැරකිලා මිනිස් මනස සහ අධ්‍යාත්මික පැත්ත දිහා බලන්නයි යන්නේ. . මිනිස්සු කකා කියන මේවායේ ප්‍රයෝජනේ ගන්න අවුරුදු කීයක් යයිද දන්නේ නැහැ. 50 ක් ????

    ReplyDelete
    Replies
    1. කකාගේ පෝස්ට් සිරා ගන්න පිස්සොත් ඉන්නවා නෙහ්...

      Delete
    2. උත්ප්‍රාසය කියන්නේ මේවාටයි!

      Delete
  35. කකා......මමත් ඉස්සෙල්ලාම කෙල්ලෙක් ගැන හිතලා කවියක් ලිව්වේ කොටුරූල් පිටුවක. ඒක කොල්ලන්ට පෙන්නලා මාර ත්‍රිල් එකක් ගත්තා.

    ගවුමෙන් සාරියට ගියේ ටීචර් කෙනෙක් ගෙන්..ඉස්කෝලෙන් අස්වුනාට පස්සෙත් ගියා ටීචර්ව බලලා එන්න. ඒ ටීචර්ගෙන් මම ගෙදර එන්නත් ඇහුවා. ඔය ළමයට පිස්සුද කියලත් ඇහුවා මගෙන්.

    ReplyDelete
    Replies
    1. අපේ පන්තියෙත් පොරකට ඔය උණ හැදුණා!

      Delete
  36. සාරි ගැන වෙනත් කතන්දර

    1. කහ සාරිය සහ මල් සාරිය -කොල්ලන් ට නොතේරෙන කතන්දරයක්!
    http://kathandara.blogspot.com/2010/12/blog-post_29.html

    2. සාරි අඳින පුටු
    http://kathandara.blogspot.com/2010/02/blog-post_23.html

    3. ඔෆීසියේ දී දුටු යුවතිය
    http://kathandara.blogspot.com/2012/03/girl-at-office.html

    4. සීලවතී සිල් අරගෙන - මාලවතී මල් අරගෙන
    http://kathandara.blogspot.com/2009/07/blog-post_21.html

    5. අනිච්ඡාවත සංඛාරා - සුදු සාරියේ ශෝකය
    http://kathandara.blogspot.com/2010/12/blog-post_31.html

    ReplyDelete
  37. මාර සොයා ගැනීමක් කතන්දර!

    ReplyDelete
  38. අයියයියෝ !!! කකා අන්කල් ගියෙ පැණිදෙනියටද ? එහෙනම් මෙච්චර දවසක් පොර ටෝක් දුන්නෙ පේරාදෙණියට ගියා කියල. ගඟෙන් එගොඩට යන්න බැරිවුනා එහෙනම්. පවු.
    කටුබැද්දට එන්න ලකුණු මදිවෙච්ච තරහට අපිට කට්ටො කියල කියන කකා අන්කල් බලන් ගියාම නිකන්ම නිකන් පැනියෙක්.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.