Saturday 2 November 2013

මට ම අයිති මගේ ම නොවන ඉඩම් කෑල්ලේ ඔහේලාට නම් ඉඩ නැත, හරිය? - How big is your patch?


ළමයි හම්බවෙන්න ඉන්න ඔන්න මෙන්න ඉන්න බඩදරු අම්මලා ගේ වෝටර් බ්‍රේක් වුණා ය කියලා කියනවා අහලා තියෙනවා නේද?

මව් කුසේ ඉන්න කාලේ අපි හැමෝම ඉන්නේ වතුර බෑග් එකක පාවෙමින් ලු. ඒ සීල් කරපු වතුර බෑග් එක හිල්වෙන්නේ උපත සිදුවෙන්න ටික වෙලාවකට පෙරයි.

අර මොකාද මන්දා කියපු විදියට කොහෙමටත් සත්වයාගේ උපත සිදුවුනේ වතුරේ ය කියනවා නේ.

එහෙම වතුරෙන් ඉපදුනා වුණාට, වතුරට වඩා මිනිස්සුන්ගේ ආසාව තියෙන්නේ පොළොවටයි. ඉඩකඩම්වලටයි.

මං හිතන්නේ සෝවාන් වෙච්ච කෙනෙකු මිසක් මේ ලෝකේ ඉඩම්වලට ආශාවක් නැති මනුස්සයෝ නැතුව ඇති.

මං කලින් දවසක කිව්වා මතකයි නේද අර තමන්ගේම සහෝදරියට අයියා කෙනෙක් කරපු වැඩේ ඉඩම්වලට ඇති කෑදරකම නිසා.

ඒ වගේ උදාහරණ නං තව බොහොමයි.

ඒ අපතයෝ අමතක කරමු.

තමන්ගේ ම කියා ඉඩමක අයිතිකාරයෙක් වෙන්න, ගෙයක් හදාගන්න අපි හැමෝම කැමතියි. මේ ලෝකේ හැමෝටම ඒ අයිතිවාසිකම තියෙන්න ඕනෑ.

ඔය බණ ටික මතක් වුනේ මේ ළඟදී සෙනසුරාදා දවසක උදේ ඉඳලා දවල් ගිනි අව්ව එනකම්ම කිලෝමීටර් ගාණක් ඉඩම් හොයන්න පැද්දට පස්සේයි.

ඉඩම් කෑලි කීපයක්ම තියෙනවාය කියලා කියපු තැනකට හියත් නිකං රස්තියාදු වුණා විතරයි. ඉට පස්සේ එතැනින් තවත් තැනකට පැද්දා, එතැනිනුත් තවත් තිප්පොලකට ගියා. අන්තිමේදී හිස් අතින් ගෙදර ආවා.

කොච්චර මහන්සියක් ද දැණුනේ කියනවා නම් මිලි ලීටර් 500 ක විතර වතුර බෝතලයක් එක හුස්මට බීගෙන බීගෙන ගියා. අව්වේ වාත වෙලා ඒ තරමට වේලිලායි හිටියේ.
වතුර ටික බීලා ඇඟ සිසිල් වෙන අතරේ මෙන්න මේ පරණ කතාව මතක් වුණා.

එකෝමත් එක රටක මිනිහෙකුට ආරංචි වුණාලු අල්ලපු ප්‍රාන්තයේ ඉන්න ස්වදේශික ජන කොටස් තමන් ගේ ඉඩම් කුණු කොල්ලෙට විකුණනවාය කියලා. ඉතිං මේ මනුස්සයා කහවනුත් අරගෙන ගිහින් තියෙනවා ඉඩම් ගන්න.

ගෝත්‍ර්‍රික නායකයා ලඟට ගිහින් ගණං හිලව් ඇහැව්වාම කිව්වලු, කහවනු සීයක් දීලා තමන්ට අවශ්‍ය ප්‍රාමණයක් වෙන්කරගන්න කියලා. ඒ කියන්නේ එක තැනක ඉඳලා පටන් අරගෙන ඇවිදගෙන ගිහිල්ලා ඉර බහින්න කලින් ආපහු එතැනටම ආවාම, ඒ ගමන් මාර්ගයෙන් වටවුණු මුළු ඉඩමම කහවනු සීයට ගන්න පුළුවනි!

ඉතිං මේ මනුස්සයත් ඔන්න කහවනු සීය දීලා තමන් ගේ ඉඩමේ මායිම් ලකුණු කරන ගමන පටන් ගත්තා. හැකි තරම් ලොකු ඉඩමක් අල්ලා ගන්න ඕනෑ හින්දා ඈතට ඇතට ගියා.

කොච්චර මහන්සි දැනුණත් විඩාව නිවා ගන්න හෝ වතුර ටිකක් හොයාගෙන බොන්න හෝ කෑම කන්න හෝ නතර වුණේ නෑ. ඉඩම තව තවත් ලොකු කර ගන්න එක තමයි මූලික අරමුණ. ඉර අවරට යන කොට ලොකු ප්‍රමාණයක් මැදි කරගෙන ආපහු ඇවිදගෙන එන්න පටන් ගත්තා. දැන් හොඳටම බඩගිනියි, තිබහයි, මහන්සියි. ඒත් නතර වෙන්න බෑ. කොහොම හරි ඉර බහින්න කලින් පටන් ගත්තු තැනට යන්න ඕනෑ.

අන්තිමේදී වෙලා තියෙන්නේ ඉඩමේ මායිම සම්පුරණ කරන තැන පෙනි පෙනී මේ මනුස්සයා මැරී වැටීමයි.

මේක දැකපු ගෝත්‍රික නායකයා මෙහෙම කිව්වලු.

"අන්න, ඔහු ඔහුට අයත් හතර රියනක බිම් ප්‍රමාණය මායිම් කළා. දැන් ඔහුව එතැන වලක් හාරා වල දමන්න!"

කොච්චර ඉඩම් තිබුණත්, අන් අයගේ ඉඩම්වලට කැදරකම තිබුණත් අන්තිමේදී අපි හැමෝටම අයිතිවෙන්නේ ඔය හතර රියන තමයි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ සෙනසුරාදා වාත වුණා ය කියලා එහෙම මේ ඉඩම් හොයන වැඩේ අතහරින්න විදියක් නෑ.

ඊලඟ සෙනසුරාදාත් උදේම යන්න ඕනෑ දඩයමේ!

(image: http://www.spygun.com/)

49 comments:

  1. අන්තිමට අයිති වෙන්නෙ හතර රියන බව නොදැන සමහරු මොනතරම් සෙල්ලම් දානවද.?

    ReplyDelete
  2. Replies
    1. අරේ කෙන්ජි දුෂ්මන්ත් මේරා ප්ලේස් කා ඇරියා කයා!

      Delete
  3. //මං හිතන්නේ සෝවාන් වෙච්ච කෙනෙකු මිසක් මේ ලෝකේ ඉඩම්වලට ආශාවක් නැති මනුස්සයෝ නැතුව ඇති.//
    මේ තරම් විශ්වාසයෙන් මේවගේ දේ කියන්න එපා. මට හමුවී තිබේ එවැනි මිනිසුන්. කෙසේ වෙතත් සුභ දඩයම්!

    ReplyDelete
  4. කතාවනම් ඇත්ත.. අපි හැමෝටම අන්තිමට ඉතුරු වෙන්නෙ හතර රියන තමයි. එත් ජීවත් වෙලා ඉන්නකම් ඉන්න තැනක් තියෙන්න ඕනෙ නේ....

    ඒ නිසා කතන්දර අයියට හොඳ ඉඩමක් ඉක්මනටම හොයා ගන්න පුලුවන් වෙන්න කියලා ඔන්න මම සුබ පතනවා ...

    ReplyDelete
    Replies
    1. ලංකවෙ නම් එකත් ස්ථිර නැහැ.මොකද මරලදාපු විශාල සංඛ්‍යාවකට හතර රියන අයත් නොවු අවස්ථා කිහිපයක්ම ලංකාවෙ තිබුණා.

      Delete
  5. බොහොත් ෂුක්‍රියා සහබ්!

    මා.පි අයියාගේ හින්දි පාඩම ලියා තබා ගත්තා. වැරදි ගොඩක් නිවැරදි කර ගත්තා!

    පත්තර මල්ලි අයියේ පුලුවන් තරම් ඉක්මනට ප්‍රොෆයිල් එකක් හදන්න! (අයියගෙ නම මිස්යූස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.)

    නලාවේ xරියා, උඹට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි!

    ප.ලි:- මේ ප්‍රොෆයිල් එක හැදුවේ මා.පි අයියට සහයෝගය දක්වන්න! (කාකාතුමා සමහර පෝස්ට්වලින් මිනිස්සුන්ගේ විශ්වාසවලට ගරහනකොට මා.පි අයියා බය නැතුව කතා කරපු නිසා) ඒකෙ අදත් වෙනසක් නෑ. (මම කාකා-විරෝධියෙක් නෙමෙයි. වැරදි දේට වැරදියි කියන්න තරම් මට කොන්දක් තියෙනවා)

    ඒත්, මා.පි අයියා, පත්තර මල්ලි අයියා, මාතලන් අයියා වගේ අය මාව ධෛර්යමත් කරනකොට මට මීටත් වඩා යමක් කරන්න හිතෙනවා! (බ්ලොගක් ලියන්න නම් වෙලාවක් නෑ අප්පා...!:) )

    හැමෝටම නමස්තේ වේවා!!!

    කාකා ජී ප්ලීස්....... මේක ඊයේ දවසට අදාල කමෙන්ට් එකක් තමයි! බස්, පබ්ලිෂ් කරෝන්ගා!

    ජයි හෝ!!!!!

    ReplyDelete
    Replies
    1. කතන්දර පිල්ලි බොස් .. බොහොත් ශුක්‍රියා . ඔන්න මන් හැදුවා .ලස්සනයි නේ මන්. බිකෝස් මන් කිරිත් එක්ක සමහන් නෙ බොන්නෙ. ඔහොම යන් මල්ලි . ජය වේවා.

      Delete
    2. අරේවා!!!!!!1 පත්තර මල්ලි සහබ්........!

      බොහොත් සුන්දර් හේ බයියා බොහොත් සුන්දර්........!!

      ඔය තියෙන්නේ දිලිසි දිලිසි!

      නියමයි අයියේ!

      ඕනැම දේකට "මේ හූ නා!"

      ජෙයි හෝ!!

      Delete
    3. දිලිසි දිලිසි :-)
      උබ නම් මරු මචන්..

      Delete
    4. ෂුක්‍රියා හේ!

      හික්z!

      Delete
  6. අරේ කාකා ජී,

    කැන්ගරු දේශේත් ඉඩම් හෙවිල්ල මෙච්චර අමාරු ද අප්පා.......?

    ReplyDelete
    Replies
    1. කැන්ගරු දේශේ නෙමේ කොහෙත් ගෙවල් , ඉඩම් හෙවිල්ල අමාරුයි මලයා.
      කොහොම නමුත් ප්‍රොපටි 100 ක් වත් නොබලා ගන්න එක රිස්කි
      - පොදු ප්‍රවාහන පහසුකම් වලට ලං වෙන්න ඕන
      - හොඳ ඉස්කෝල ළඟ පාත තියෙන තැනක් වෙන්න ඕන
      - හොඳ ෂොපින් මෝල් එකක් ළඟ පාත තියෙන්න ඕන
      - මුස්ලිම් , ලේබ්බෝ , කල්ලෝ , කුඩ්ඩෝ වගේ ethnic scum නැති අපරාද අඩු පලාතක් වෙන්න ඕන
      - ඔය ඔක්කොම තියෙන තැන් පට්ට ගනං. එතකොට ඩවුන් පේමන්ට් එක , ණය වාරික ගැන සැලකිලිමත් වෙන්න වෙනවා
      - ගෙදරක් ගන්නවා නම් හොඳට පරික්ෂා කරනන වෙනවා

      Delete
    2. මා.පි ජී,

      අරේ භගවාන් මනුස්ස වාසෙට සුදුසු බිම් අඟලක් හොයාගන්න එක මෙච්චර අමාරු වැඩක් බව දන්නවා නම් නිකන් දුන්නත් මනුස්ස ආත්මයක් ලබන්නේ නහී නහී නහීමයි!

      //- මුස්ලිම් , ලේබ්බෝ , කල්ලෝ , කුඩ්ඩෝ වගේ ethnic scum නැති අපරාද අඩු පලාතක් වෙන්න ඕන//

      මේක නම් ගොඩාක් වැදගත් අයියේ......! මොකද, පැ‍ය විසිහතරෙම අමු කුණුහරුප ඇහෙන ඒරියා එකක ළමයෙක් තියා බල්ලෙක්ව වත් හරියට හදා ගන්න බැහැ තමයි!

      පවු අපේ කකා ජී!

      ජෙය් හෝ!!!!!!

      Delete
  7. මතක ඇතුව කෑම වතුර එහෙම අරන් යන්න

    ReplyDelete
  8. හිතන්න ලොකූ කතාවක් තියෙන කතන්දරයක් කකා. වැඩේ කියන්නෙ අපි ගොඩකට ඕක නොතේරෙන එකනෙ. අක්කර ගන්නින් ගොඩ ගහා ගත්තත් අන්තිමට ඉතුරු වෙන්නෙ හතර රියන පමණයි.
    කොහොම උනත් කකාට මේ සෙනසුරාදාවත් හොද ඉඩමක් ලැබේවා කියලා පතනවා. මොකද මොන දේ වුනත් තමන්ට තමන්ගෙ නිවස (ඉඩමත් අයත්නෙ) තරම් සැනසීමක් නෑනෙ.
    "පොඩි දුවගේ සිනහ වැලයි.....
    පොඩි පුතුගේ කථා පෙලයි....
    ප්‍රිය බි‍රිදගෙ සෙනෙහෙ විලයි....
    'මගේ නිවන මගේ පැල්පතයි'....." කියනවානෙ.

    ReplyDelete
  9. දැන් ආදාහනාගාරයෙන් දෙන අළු ටිකට හතර රියනක් ඕනිත් නෑ කශූ...
    හොඳ ඉඩමක් ඉක්මනටම හමු වේවා කියලා පතන්නම්කො..ඉඩමක් අරගෙන ඇපල් වවන්න අපි එන්නම් ඇපල් කඩන්න..

    ReplyDelete
  10. මම දන්න ඔසී රටේ බුවෙක් ඉන්නවා. එහෙදී ඉඩමක් ගන්නවා. පවුල එක්කම ඉඩමේ පදිංචියට ගිහින් මුල ඉදලම ගෙයක් හිමින් සැරේ හදනවා. අවුරුද්දකින් දෙහෙකින් ගේ හදලා ඉවර වෙලා ගේයි ඉඩමයි විකුණනවා.

    ආපහු අළුතෙන් ඉඩමක් ගන්නවා. ආයෙමත් පවුල එක්ක පදිංචියට ගිහින් ගේ හඳනවා. විකුණනවා.

    දැන් පොර ඉන්නේ හයවෙනි ගෙදර.

    ReplyDelete
  11. අපේ තාත්තගෙ යාළුවෙක් වෙච්ච උග්‍ර වාමාංශිකයෙක් ඉන්නව. මම පොඩි කාලෙ එයා සමාජවාදය කියලදෙනව. සමාජවාදයයි බුද්ධාගමයි අල්ලගෙන මෑන් කියනව මෙහෙම.

    "බුදු හාමුදුරුවො තන්හාව නැති කරන විදිය ගැන කියල තියනව. සමාජවාදයෙන් ඕක ලේසියෙන්ම කරන්න පුළුවන්. දැන් බලන්න මේ ඉස්සරහ පාර තියනව. අපිට පාර ගැන ආසාවක් නෑ නේද? අන්න ඒ වගේ තමයි සමාජවාදය ඇවිල්ල ඉඩම්වල අයිතිය නැතිවුනාම ඉඩම් තන්හාව නැති වෙනව"

    කකා කියපු කතාව රුසියන් කෙටි කතාවක් (චෙකොෆ් හරි තෝල්ස්තෝයිගෙ හරි!). ඒකෙන් කියවෙන්නෙත් අර උඩින් සමාජවාදියා කිව්ව කතන්දරයම තමයි. මට මතකයි මේකෙ පරිවර්තනයක් තිබුන හතර රියන කියල.

    ReplyDelete
    Replies
    1. සමාජවාදය වැනිදෙයක් බුදු දහම සමග සමාන කරන්නෙ කොහොමද කියන එක මටනම් කොච්චර කල්පනා කරත් හිතාගන්න බෑ. ඒක හරියට මලකඩ කාපු යකඩ ගොඩක් රත්තරං එක්ක සමාන කරනව වගෙ

      Delete
    2. යකඩ නං කියක් හරි වටිනවා. සමාජවාදය කියන්නේ බලු අසුචි ගොඩක් කිව්වොත් වඩා නිවැරදියි ...

      Delete
    3. අද අදහන විදියට නම් බුද්ධාගම කියන්නෙත් බළල් අසුචි ගොඩක්. ඒ හන්දා වැඩි වෙනසක් නැහැ.

      Delete
  12. කකා කොහෙන්ද ඉඩමක් හොයන්නේ ලංකාවේද ඔට්ටේලියවේද

    ReplyDelete
    Replies
    1. මන් නම් හිතන්නේ ඔය කා කා හොයන්නේ ඉන්වස්ම්න්ට් ප්‍රොපටි එකක් නේද? මේදවස්වල පොලිය 5% අඩුවෙන් ගන්නවිදිහ කා කා නොදන්නවා වෙන්න බැනේ .....

      Delete
  13. HAANE, KAK IYA ADATH SHOAK KATHAWAK LIYALA, KIYAWANNA HARI ASAI. PUKA, JOKKU, CHOO, PADA JEE, WAGE TOPICS NAWATH WALA WATHDA? INDA HITALA EWWA EKAWA KUTH LIWWOTH HONDAAAI.

    ReplyDelete
  14. හ්ම්ම් ඒකනම් ඇත්ත.. ඔය ඉඩම් තන්නහව ආවට පස්සේ එක කුසේ ඉපදිච්ච බව ,, උපන්දා ඉදන් එක වහලයට එකට කාපු බීපු බව අමතක වෙනවා දරුවන්ට ,,, මට ඒක හිතාගන්නත් අමාරු අමුතුම දෙයක් ,, අපේ එහා වත්තක ඉඩම් බෙදපු දවසේ එයාලා රන්දුවෙච්ච විදිය දැකලා පුදුම හිතුණා ,, ඉතාම ලග බැදීම් විසිකරලා ජන්මාන්තර වයිරක්කාරයෝ වෙනවා ඔය ඉඩම් තාන්නාවට ....

    කොහොම හරි ඔයාටත් ඔයාගෙම නොවෙන මෙවුවා එකක් තිබ්බා එහෙනම් :)

    ReplyDelete
  15. අද මම එකද මන්දා

    ReplyDelete
    Replies
    1. හූ ඈ ,, coment මොඩරේෂන් වලට සැවටුනා නේ

      Delete
  16. වී පෑලකට ඇයි අපි විරසක වන්නේ ?

    ReplyDelete
    Replies
    1. @ පත්තර මල්ලි ජී,

      අනේද කියන්නේ.....!

      හික්z!!

      ජෙයි හෝ!!!!!!

      Delete
  17. රියන කියන්නේ දිග මනින ඒකකයක්නේ... දැන් මේ හතර රියන කියන්නේ දිග රියන් හතරයි, පළල එක රියනයි වෙන "වර්ග රියන් හතරක්" ද?

    ReplyDelete
  18. අනුන්ගේ ඉඩම්වලට එහෙම යන්නෙපා...

    ReplyDelete
  19. කතන්දර කරන්ට හදන්නේ අර එකෝමත් එක රටක මනුස්සයෙක් කරපු දේ නෙමේනේ. අම්මෝ...මට නම් තව ඉඩම් අඟලක්වත් එපා. තියෙන ඒවා වැඩිත් එක්ක... :D:D

    ReplyDelete
    Replies
    1. මෙන්න නයා...!!

      Delete
  20. Replies
    1. ඔහේට ලැජ්ජා නැද්ද දොස්තර කෙනෙකුත් වෙලා කුණුහරුප කියන්න්?

      Delete
  21. කකා ලබන සෙනසුරාදා වැඩිය ඇවිදින්න එපා. නැත්තං පටන් ගත්ත තැන නොපෙනී යාවී

    ReplyDelete
  22. වල් වැදී තියෙන තේයායක

    නඩුහබ මැද කැළයට වැහෙනා

    මට මගේ නොවන මගේම අක්කරයක් තිබුණා

    ReplyDelete
  23. ඉඩමක් ගන්නකොට හොදට හොයලා බලන්න. සමහර අය ඉන්නවා එකම ඉඩම හොර ඔප්පු හදලා හතර පස් දෙනෙකුටම විකුණන. මම දන්න කෙනෙකුට ඔය වැඩේ උනා.එයා ඉඩමක් ගත්තා.දවසක් එයා ඉඩමට යනකොට තව කට්ටියක් ඒ ඉඩමේ වැට ගහනවලු.පස්සේ පොලීසි ගිහින් හොයලා බලනකොට දන්නේ ඒ ඉඩම 8දෙනෙකුට විකුණලා. ඉඩම ගන්නකොට හදිසී වෙන්නේ නැතිව හොදට හොයලා බලන්න.

    ReplyDelete
  24. මේ ඉඩම් වලට දන්න කාලේ ඉදන්ම අපේ පවුලේ අය දුක් වින්දා..

    ReplyDelete
  25. තමුන්ගෙම කියා බිම් අගලක් මොනතරම් සතුටක් ද මනුස්සයෙකුට..

    ReplyDelete
  26. උත්සාහය අතහරින්න එපා... හැම රටවැසියෙකුටම එක බිම් අගලක් හෝ තිබිම යහපත් ලක්ෂනයක්... අනික ඉඩම් හෙවිල්ලෙදි අර වෙලඳ දැන්විම්වල කියනවා වගේ අතළඟ සියලු පහසුකම් තිබිම වැදගත්...හොඳ බිම් කොටසක් හමුවේවා...

    ReplyDelete
  27. හොඳ බිමක් හම්බුනාම කියන්න . අපි එන්නම් බලන්න . මේ සෝවාන් වෙච්ච කෙනෙක්ට ආසාව තියෙන්න පුළුවන් . කාම රාගය තියෙනවා . එක සකෘදාගාමී කියලා වෙනස් උනානම් හරි .

    ReplyDelete
  28. කතාව අහල තියනවා. හොඳ ඉඩමක් හමු වේවා'යි පතනවා එහෙනම්.

    ReplyDelete
  29. මං අහල තියෙනවා රුසියාවෙ (ලෝකෙ විශාලම රට) අපේ දිස්ත්‍රික්ක ,පලාත් වගේ ලොකු දූපත් පාලුවට තිවයනවා කියල ට්‍රයි එකක් දෙන්නකෝ මොනව හරි හිටෝගෙන පොඩි සිල්ලර කඩයකුත් කලාහැකිනේ!!!!!!!!!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.