Sunday 27 October 2013

ෆේස් බුකියෙන් ඉගෙන ගත්තු වැඩක් මෙන්න බ්ලොග් ලෝකයට - Show and tell


ෆේස් බුකිය කියන්නේ සමාජ සම්බන්ධතා අළුත් කරගන්න, අමතක නොකර පවත්වාගෙන යන්න උදව්වෙන තැනක් වගේම, වෙන කරන්න වැඩක් නැති අයට කාලේ කන්න හොඳ තැනක්.

මව්බිම නැත්තං තොට මරණය කියන කෂ්ටිය, පැණි හැලිවල වැටුණු ඇඹලයෝ වගේම එතන සාහිත්‍යට ඇල්මක් තියෙන අයත් ඉන්නවා.

මේ කියන සාහිත්‍යකාරයොත් බොහෝ විට කරන්නේ තමන් ලඟ තියෙන පොතක ෆොටෝ එකක් දාලා, හා අපි දැන් මේ ගැන කතා කරමු කියන එකයි.

ලස්සන මල්, දියඇලි, දර්ශන පසුබිමේ තමන් ගේ ෆොටෝ අරගෙන ඒවා ලයික් කරන කං බලා ඉන්නවා වගේම මේකත් ජොලි වැඩක්.

මාත් මේ වැඩේට දැන් සම්මාදම් වෙලයි ඉන්නේ.

ඉතිං මට හිතුණා මේ සද්කාර්යය කතන්දර බ්ලොග් එකෙත් පටන් ගන්න.

මේකේ මුල් පියවර තමයි මං ලියපු "පොර ටෝක් දෙන කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ නින්දිත රහස් හෙළිවේ!" කියන කතන්දරේ. ඒක කියෝලා හුඟ දෙනෙක් වලිගේ පාගා ගත්තා.

මෙන්න අද කතාව.

මේ කියන කූප්‍රකට බ්ලොග්කාරයාගේ පොත් රාක්කේ තිබිලා මට තවත් අපූරු පොත් කිහිපයක්ම හමුවුණා.

මෙන්න ඒවා.

පරමේෂ්වරී සහ වෙනම රටක් - ලක්‍ෂ්මන් කොඩිතුවක්කු - සුරස - රු 225
ගමනක මුල - ගුණදාස අමරසේකර - විසිදුනු - රු 330
තාරකා විජිතය - ජගත් ජේ එදිරිසිංහ - දයාවංශ ජයකොඩි සමාගම - රු 280


අත්ත බිදෙයි පය බුරුලෙන් - ඒ වී සුරවීර - ඇස් ගොඩගේ සහ සහෝදරයෝ - රු 250
මුවලින්ද තාප්පය - ඊ ඒ ඩෝසන් ප්‍රීති - ඇස් ගොඩගේ සහ සහෝදරයෝ - රු 200
ඉස්කෝලෙ කාලේ - ජගත් ජේ එදිරිසිංහ - ඇස් ගොඩගේ සහ සහෝදරයෝ - රු 250


අතර මග - ගුණදාස අමරසේකර - විසිදුනු - රු 350
පේරාදෙණි ගුරුකුලය සහ ගුණදාස අමරසේකර - වින්තක රණසිංහ - සූරිය - රු 250
පොදු පුරුෂයා - සුනේත්‍රා රාජකරුණානායක - සරසවි - රු 450

ඉතිං මේ පොත් ටික අපේ බ්ලොග්කාරයා ගේ පොත් රාක්කයේ තිබීම මහ අරුමයක් නොවෙයි. හැබැයි තවත් පොඩ්ඩක් බලන කොට මෙන්න මට අහුවුණු හොරයක්.



තේරුණේ නැතිද? ඊට වඩා පැහැදිලියි මේකෙන්.



මේකෙන්.



මෙන්න තවත් සෙට් එකක්.



දැන් පැහැදිලි නේද?

අපේ මේ බ්ලොග්කාරයා එකම පොතෙන් කොපි දෙක දෙක අරගෙන.

මේ වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමලු.

ඔන්න පොර සෝබනේට හෙවත් ෂෝ එකට වගේ පොත් ගන්නවා. ආයෙත් පාරක් පොත් කඩේට ගියාම තවත් පොත් ගන්නවා. නමුත් පොරම දන්නේ නෑ, ඒ පොත් කලින් දවසේත් ගත්තා නේද කියලා.

එහෙම දැනගෙන ඉන්න පොත් කියවන එකෙක් වෙන්න එපායැ!

බල්ල පිදුරු කන්නෙත් නෑ, කන ගොණාට දෙන්නෙත් නෑ!

ඒ වගත් මෙසේම.

-කතන්දරකාරයා

ප/ලි:
ෆෙස් බුකියේ කෙසේ වෙතත් බ්ලොග් ලෝකයේ නම් සයිකෝපැත්ලත් ඉන්නවා. බුකියෙත් ඇති, තවම මට නං මුණ ගැසිලා නෑ!

කතන්දරකාරයා ගේ ෆේස් බුක් ගිනුමට තවත් මිතුරන් එකතුකරගත නොහැකි නිසා ඔන්න දැන් දෙවෙනි ගිනුමක් තියෙනවා.
https://www.facebook.com/kathandarakaraya2

79 comments:

  1. මාත් ලයික්

    ReplyDelete
    Replies
    1. ලැයික් කිරීම උතුම් ගතියකි.

      Delete
    2. කකා FB තවත් ගොන් පාට් එකක් තියෙනවා නේද ලයික් කලෝත් රු 100 යි, ෆේයා කලෝත් රු 200 යි කියලා සමමාදම් දායකත්වයක්.

      Delete
    3. ලැයික් කිරීම උතුම් ගතියකි.
      කමෙන්ට් කිරීම මසුනස් ගතියකි.
      ෂෙයාර් කිරීම දේව ගතියකි.

      මේ කිසිවක් නොකිරීම බලු ගතියකි.

      (මේක දැක්කේත් FB එකේ)

      Delete
    4. Kaka what is මසුනස් ගතිය??

      Delete
    5. Typo - මනුස්ස ගතියකි

      Delete
  2. කියවපු විත්තිය අමතක වෙලා මාත් ඔහොම පොත් දෙක, තුන අරන් තියෙනවා...:)

    ReplyDelete
    Replies
    1. මං නං ඔතන සමහර පොත් කියවලාම නෑ.

      Delete
    2. කියවපු පොතක් කියවපු විත්තිය අමතක වීම? අනේ මන්ද?
      කියවන්න බැරි වීම නිසා දෙවැනි වරට ගත්ත අවස්ථා නම් මටත් තියනව.

      Delete
    3. කියවපු විත්තිය අමතක වෙලා? අනේ මන්දා!
      කියවන්න බැරි වෙච්ච නිසා අමතක වීමෙන් නැවත ඒ පොත ම ගත්ත අවස්ථා මටත් තියනවා.
      සමහර වෙලාවට ගෙදර අරගෙන ගිහාම ඒ පොත කවුරුහරි ඉල්ලගත්තොත් මේ වැඩේ විශේෂයෙන්ම වෙනවා. ඉල්ලගත්තු එකා පොත ආපහු ගෙනත් දෙන්නෙ අපි දෙවැනි කොපියත් ගත්තට පස්සෙ. (මේක වෙන්නෙ අර ජාත්‍යන්තර පොත් පොළට ගිහාම තමයි)

      Delete
    4. මාත් රාහුබද්දගේ අළුත්ම පොත 2012 ප්‍රදර්ශනේදී ගත්තා අත්සනත් එක්ක. ඒක එදාම මගේ ඥාතියෙක් ගත්තා ගත්තාමයි!

      Delete
    5. පුස්ථකං රතනං - ස්ත්‍රී රතනං - පර හස්ථ ගතං - ගතෝ ගථං

      Delete
  3. mata eka wenna ooneth nehe. satha pahak watinne nathi me katha walin wedakuth nehe. meke yana comments tika balala moota rag ekak denni oone.

    ReplyDelete
    Replies
    1. මෝඩ චූන් කියන්නේ මේ වගේ කමෙන්ටුවලටයි.

      Delete
  4. ඔකේ එච්චර ලොකු දෙයක් නැහැ. පොත් වලට ආදරය කරනවා නම් , කියවන්න ආස නම් , මුදල් ප්‍රශ්නයක් පොත් මිලදීගැනීම සම්බන්ධව කොහොමටවත් නැත්නම් එක ජාතියෙන් පොත් කීපයක් එකතු වීම හරිම සාමාන්‍ය දෙයක් කතන්දර.

    වැඩිපුර කොපි එකතු වෙලා තියෙනවා දැක්කොත් මම ඒවා ළොක් කරපු කබර්ඩ් වලින් එලියට අරං මේසයක් උඩිං තියෙනවා. දින කීපයකින් ඒවා ඔක්කොම මිසිං. (අපේ මිනිස්සු ඉන්න තැන වල පොත් කබඩ් ලොක් කරන්න හේතුව පැහැදිලියි නේ ? )

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරට ආපු අයට මං පොත් තෑගි දීලා තියෙනවා සෑහෙන්න.

      Delete
    2. පිටු 40 Exercise පොත් ද? හා හා...............

      Delete
    3. පොඩි උදාහරණයක්.
      මං ගත්තා නවකතාවක් ලියන්නේ කෙසේද කියා පොතක් 2012 දී පිටපත් පහක්. මං මේ වෙනකොට එය කියවයි කියා හිතන අයට පොත් හතරක්ම දී තියෙනවා.

      Delete
    4. ඉතිරි එක මට දෙන්නකෝ කකෝ.. හැක්...

      Delete
  5. Hane Katha Iya ada shoak kathawak liyala. Asawe behe.

    ReplyDelete
    Replies
    1. තවත් "මෝඩ චූන්" කමෙන්ටුවක්.

      Delete
    2. Praise kalama eeka kohomada moda choon wenne, Iya hareeeee narakai.

      Delete
  6. කන ගොනෙක් ඉල්ලුවොත් දෙනවද?

    ReplyDelete
    Replies
    1. ගොන්නු දෙදෙනෙක් තණ කමින් සිටින අතර එකෙකු තණ අතර තිබුණු චිත්‍රපටයක රීල් කෑලි කීපයක් දැක ඒවාද කා දැම්මේය.

      අනිත් ගොනා- කොහොමද, හොඳද?

      මේ ගොනා- නෑ බං මේ මූවි එකේ ඔරිජිනල් නවල් එක මීට වැඩිය රහයි.

      Delete
  7. කමක් නෑ කකා පොත් දෙක එකට පෙන්නේ නැතුව තියන්ට . එතකොට පොත් දෙක දන්නේ නා නොව පි දෙනෙක් ඉන්නවා කියලා: D , මටත් ඔය වැඩේ කීප සැරයක්ම වෙලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. චේ ගැන පොත් කීයක් තියෙනවාද?

      Delete
    2. ඕක සෝබනේට චේ ගහ ගත්තට, චේගේ ගැන පොත් ඌ ගාව නෑ.

      Delete
    3. ඔය ඇනෝ කියලා තියෙන්නේ හරියටම ,
      චේ ගැන පොත් දෙකයි කකා තියෙන්නේ -
      1. "චේ හා එක්ව සටන් වැද" කියන පොත ඉන්ටි පෙරේඩො කියන ලේකඛක්යගේ පොතක් ,සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ චූලානන්ද සමරනායක.
      2. අනික "අර්නස්ටෝ චෙගුවාරා" කියන පොත ලේඛකයා අයි. ලව්රෙස්කි ..ඉංගිරිසියට පරිවර්තනය කරලා තියෙන්නේ ඒ.බී. එක්ලෆ් -
      (මේ පොත මට දුන්නේ අපේ ඒ ලෙවල් කාලේ ඉස්කෝලෙට ආපු නාට්‍ය හා රංග කලාව සර්. සර් කවදාවත් ආටෝ එකක් නාට්‍ය කරේ නෑ ,කරපු නාට්‍යය "පිටගම් කාරයෝ" කියලා එකක්. එක කරන කාලේ තමයි මත්ස් ක්ලාස් එකේ අපි ඉස්කෝලෙන් පැනලා සර්ගේ නාට්‍යයේ රඟපාන්න ගියේ. හැබැයි ලජ්ජාවෙන් කියන්න ඕනේ කතාව තමයි මම තාම මේ පොත ඉවරවෙන්න කියවලා නෑ. හේතුව තමයි එක ඉංගිරිසි පොතක් වීම ,මගේ ඉන්ගිරිසි දැනුම දුර්වල නිසා මට එක කියවන්න් කම්මැලියි, ගොඩක් දේවල් තේරුම් ගන්න මාර ගේමක් දෙන්න ඕන. එක නිසයි මම අර සිංහල පොත අරන් කියෙව්වේ.

      Delete
    4. මා ගාව නං චේ ගැන පොත් එකක්වත් නැත. ඇත්තේ ටී-ෂර්ට් තුනක් පමණි.
      http://kathandara.blogspot.com/2013/10/close-to-heart.html


      Delete
  8. සෑර්, වැඩිපුර පොත් ටික මට තැපැල් කලොත් සෑර්ට ගොඩාක් පින් ලැබෙයි නෙව.

    ReplyDelete
  9. අද බුකියේ දැක්කා කොහෙද ඇත ගමක පාසලක පුස්තකාලයට දෙන්න බුකියේ පිරිසක් ඉවෙන්ට් එකක් හදලා පොත් එකතු කරනවා. නරකද වැඩි පොත් ටික පරිත්‍යාග කළොත්.

    ReplyDelete
    Replies
    1. වරක් පුස්තකාලයක් හදන්න සල්ලි එකතු කරන කොට මං කිව්වා ඔය සල්ලි එකතුව දෙන්නේ අහවලාට නිසා ඒ වෙනුවට මං පොත් දෙන්නං කියලා. තාම උත්තරයක් නෑ.

      Delete
  10. කතන්දරගේ පොත් පෙරලිල්ල..............

    ReplyDelete
    Replies
    1. පොත් තැබීම කියලා ජොබ් එකකුත් තියෙන්නේ!

      Delete
  11. Like (y)

    ඔතන තියෙන වර්චස්ම පොත "පොදු පුරුෂයා"

    ReplyDelete
    Replies
    1. ඒ ඒක පිරිමියෙක් ලියන විදියට ගෑණියෙක් ලියලා තියෙන නිසාද?
      http://kathandara.blogspot.com/2013/10/blog-post.html

      Delete
  12. කෙන්ජි මල ගෙදර ගොහින් වගේ පැත්ත පලාතේ පෙනෙන්න නැත්තේ.

    ReplyDelete
  13. මම කියන්න ගිය එක සූස්ති ගුණේ කියල.සූස්තිට දීල ඉතුරු උනොත් මටත් එවනවද වැඩි පුර තියෙන පොත්?

    ReplyDelete
    Replies
    1. කකා නිකං දෙනවනං ගන්නද මිනිස්සු නැත්තේ ! අම්මේ ලංකාවේ මිනිස්සු තරම් පෙරේත මිනිස්සු වෙන කොහෙවත් නැතිව ඇති. උන හෙම්බිරිස්සාව උනත් පෝලිමේ ඉඳල ගනීවි.

      මේ ඉල්ලන මිනිස්සු කවුරුවත් ඇත්තටම පොතක් ගන්න වත්කමක් නැති දුප්පත් අසරණ මිනිස්සු වත් , දුර්ලභ ගන්න අපහසු පොතක් කියවන්න ආසාවෙන් ඉල්ලන අයවත් නොවේ කියල මම කිව්වොත් එක වැරැද්දක් නම් නෙවෙයි.

      හොඳට නෝටිස් කරලා බලන්න. ඔය ඉල්ලන්නේ නැති බැරි කමට නෙවේ. පුලන්නෝ වගේ ඕන උනත් නැති උනත් ඉල්ලන එක දැන් අපේ ලාංකේය ජාන වලට බද්ධ වෙච්චි දෙයක්. කාට හරි වැඩිපුර දෙයක් තියෙනව දැක්කොත් ඒක ඉල්ලන එක ලංකාවේ මිනිස්සුන්ගේ හරිම ජරා පුරුද්දක් . ඉල්ලලා දුන්නේ නැත්නම් ඒක හොරකං කරගෙන යනවා.

      ඔය ඉල්ලන අයට කියන්න බලන්න අඩුගානේ තැපැල් ගාස්තුව වත් එවන්න කියල. ඒක නේ සාමාන්‍යයෙන් නැහැදිච්ච නොවෙන මිනිහෙක් මේ වගේ දෙයක් ඔබෙන් ඉල්ලගන්නකොට ඒක කෙරෙන විදිහ. එකෙක් වත් ආයි මුණ වත් බලන්නේ නැතුව අරිවී. ඒක තමා අපේ ගතිය!


      Delete
    2. පොත් සාපේක්‍ෂව ලාබයි.
      තැපැල් ගාස්තුව පොත් තැපෑලෙන් යැවීම තහනමට ලක් කරන්ණ දැම්මා වගේ වැඩියි!

      Delete
    3. පොත් ගණන්. ඒ ගණන් සුළුවට දැනෙන අයත් ඇති. ඒත් එහෙම නොවෙන අය ඕනතරම්. ඊළඟට මුදල් තිබුනත් හොඳ පොතක් ගන්න තියෙන අමාරුව. කොළඹ/ප්‍රධාන නගරවල ඉන්න අයට මේක ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඒත් ලංකාවේ වැඩිම බිම් ප්‍රමාණය වන ඩොටේ ඉන්න එකෙකුට පොතක් ගන්නවා කියන එක වෙනම වැඩක්. එක්කෝ ටවුමකට යැවෙන වෙලාවට ප්‍රමාණවත් මුදල් නැහැ. මුදල් තියෙන වෙලාවට යන්න බැහැ. ඒ ගියත් ඩිස්කවුන්ට් සුම්මා.
      හද්ද ඩොටේ ඉන්න මම ඔය වගේ හේතු නිසා අවුරුදු පහකින් හයකින් විතර එක පොතක් වත් අරන් නැහැ. ඒ නිසාම පොත් වලට තිබුනු ආසාවත් දැන් නැතිවෙලා ගිහින් වගේ.

      Delete
  14. කකා මටත් පොතක් එවනවද? මේ දුරකථන අංකයෙන් මාව සම්බන්ධ කර ගන්න.

    මහේෂ්
    0382238934

    ReplyDelete
    Replies
    1. මට ඊ-මේල් එකකින් ලිපිනය එවන්න.
      kathandara@gmail.com

      Delete
  15. අපි මේ කියවන්න සිංහල පොත් නැතිව ඉන්නවා. තියෙන එකාට දෙක දෙක තියෙනවා. අසාධාරණ ලෝකේ.
    මාත් ආසයි සිංහල පොත් ඇමසන් වගේ සයිට් එකකට එනවා නම්. දැණට ලංකාවේ පොත් ඔන් ලයින් ගන්න ගියාම සෑහෙන්න වියදමක් දරන්න වෙනවා. මී ඊයේ පෙරේදා මට එහෙම දෙයක් වුනා. පොතේ වටිනාකම වගේ හය හත් ගුණයක් ගෙවන්න වෙනවා. ඊටත් වඩා කාලය. කාට හරි බැරිද දන්නේ නෑ හොඳ සිංහල ඔන් ලයින් බුක්ශොප් එකක් කරන්න. පොත් වලට ආදරේ කරන කෙනෙක් වෙන්නම ඕනේ. බිස්නස් එකටත් වඩා කියවීම ගැන හිතන කෙනෙක් වෙන්නත් ඕනේ.

    ReplyDelete
    Replies
    1. පොත් සාපේක්‍ෂව ලාබයි. තැපැල් ගාස්තුව පොත් තැපෑලෙන් යැවීම තහනමට ලක් කරන්ණ දැම්මා වගේ වැඩියි!

      මේකට සරල විසඳුමක් නෑ. ඉතාලියේ පොත් ඕනෑ අය එකතුවෙලා බල්ක් ඕඩර් කළොත් නැව් මගින් ගෙන්නා ගන්න පුළුවන් වේවි, එක පොතකට ගාණ අඩුවට වැටෙන්න.

      Delete
  16. වෙනියට පින් පිණිස මේ පාර පොත් ප්‍රදර්ශනෙන් පොත් වගයක් ගත්ත. පව්ලේ වැඩකට සහෝදරයෝ ටික සෙට් උනා.ඔය දුර රට ඉන්න ලොකු සහෝදරයෝ එහෙම ආව.මගේ පොත් ටික දැක්ක.ඒ අක්කගේ ළමයින් සිංහල පොත් දැකල ආසාවෙන් බැලුව.මට දුක හිතුන.පොත් ටික දුන්න.දැන් අපහු පොත් ටිකක් ගන්න හිතන් ඉන්නවා .ඔය වගේ කොපි ගත්ත නම් මමත් කියවනවා ....

    ReplyDelete
  17. BTW Many Happy Returns Of The Day Ayya... Have a Superb Day

    ReplyDelete
    Replies
    1. මේ මොකටද සුභ පතලා තියෙන්නේ ??? අද කකා ගේ උපන්දිනේද

      Delete
    2. කතන්දර අයියාට සුබම සුබ උපන්දිනයක් වේවා (දැනුයි දැනගත්තේ )

      Delete
    3. Hey Kenji, There's another English comment here! How is your flower?

      Delete
    4. ඔබටත් එසේම වේවා!

      Delete
  18. බුද්දාගම ගැන ලියවෙච්ච පොත පත උවමන කරන පුස්තකාලයන් තියෙනවනම් ලෝකයේ ඕනෑම තැනක, මාහට මේලයක් එවන්න සිංහල ඉංග්‍රීසි දෙමල හා චීන භශාවන්ගෙන් රචිත පොත් නොමිලයේ ගෙන්වාගත හැකිය..... කකා පොස්ටුවට අදාලම නැති කොමෙන්ටුවක් වගේනම් sorry වෙන්න ඕනා
    s.l.malayrala@gmail.com

    ReplyDelete
    Replies
    1. මචං..

      අදාළ නැති ප්‍රශ්නයක් මෙතනට... බුද්ධාගම ගැන කියලා තියෙන නිසා දාන්න හිතුවා..

      කතාව මේකයි...

      බුදුහාමුදුරුවෝ පෙරුම් පුරන කාලේ කරපු අකුසල් වැඩ 7ක් ගැන මම ඇහුවා බණක... (සෝම හාමුදුරුවෝ කැළණියට ආපු වෙලාවක දෙසපු බණක් මතක හැටියට... ෂුවර් නෑ)

      1ක් තමයි පෙර ආත්ම භවයක පැංචා කාලේ ඉද්දි මෙයා කැමතියි ලූ මාළු අල්ලනවා බලන්න යන්න... මාළුන්ව දැලේ පැලලිලා උන් දඟලද්දි මේ පැංචා ට මාර හැපී ලූ...

      බුදුහාමුදුරුවො පිරිනිවන් පාන්න කළින් දරුණු හිසේ කැක්කුමක් ඇති වුණා කියන්නේ ඔන්න ඔය හේතුව නිසා ලු.

      උඹ දන්නවද ඔය වගේ සීන් එකක්? දන්නවද ඇහුවේ කියවලා තියෙනවද?

      මම දන්න හැම හාමුදුරුවෝ කෙනෙක්ගෙන්ම ඇහුවා... එයාලා ප්‍රශ්නේ මඟ ඇරියා...

      Delete
    2. ඔය කතාව මමත් අහල තියෙනවා.
      ඒ වගේම සිදුහත් තවුසාට සය වසරක් දුෂ්කර ක්‍රියා කරන්න වුණෙත් එක්තරා ආත්මභවයක යම් සතෙක් ගුහාවක් තුල දීර්ඝ කාළයක් සිරකර තැබූ පවට විපාක වශයෙන් කියල කියනවා.
      බුදු වූ ආත්මභවයේ වුණත් කර්ම විපාක ලැබෙනවා.

      Delete
  19. මෑන්ස් ලයිබ්රි එකක් දාන්න ඉන්නවද කවුද දන්නේ??

    ReplyDelete
  20. BOGOF වෙන්ටැති :-)

    ReplyDelete
    Replies
    1. එහෙම ලැබෙනවා හිසරද නම්!

      Delete
  21. කතන්දර අයියට අපෙනුත් උපන්දින සුබ පැතුම් !!!

    සල්ලි දීල පොත් ගන්නවට වඩා මම නම් කරන්නෙ පුස්තකාලෙන් පොත් අරගෙන කියවන එක..

    හුඟක් පොත් කියවල නැති වුනත් පොතක් සම්පුර්ණයෙන්ම කියවල ඉවර කලාම හිතට දැනෙන හැගීම වචන වලින් විස්තර කරන්න බැරි තරම්.

    ReplyDelete
    Replies
    1. ඔබ සැමටත් එසේම වේවා!

      මාත් අපේ ගම් පළාතේ පුස්තකාලේ තිබුණු සේරම පොත් වගේ කියෙව්වා උසස්පෙළ සහ විවිය අතර කාලේ.
      http://kathandara.blogspot.com/2009/09/blog-post_09.html


      Delete
  22. කකා......මගේ ගාවනම් කකාගේ තරම් සාහිත්‍ය පොත් නැහැ. මට මල්ලි මේ පැත්තේ එනවානම් එකවර ටිකක් ගෙනත් දෙනවා. මගේ ලඟ තිබූ කුකරි සහ වයින් පොත් සීයකට වඩා ප්‍රමානයක් මෙහේ ගමේ පුස්තකාලේට දුන්නා....මට දැන් ප්‍රයෝජනයක් නැති නිසා...

    කකාගේ උපන්දිනය නම් එයටද සුභ පතමි.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට තුති.
      ඇයි මොකද කුකරි පොත් දන් දුන්නේ?
      පැන්ෂොන්ද?
      රැකියාව මාරු කළාද?
      පොත් කට පාඩම්ද?

      Delete
  23. කකා මට ඉස්කෝලේ කාලේ පොත ගන්න පුලුවන් ද ??

    ReplyDelete
    Replies
    1. මා ගාව තියෙන දෙවෙනි කොපියද? ආවොත් ගන්න පුළුවන්.

      Delete
    2. එහෙනං අරන් තියලා තියන්න කකා... මම ඇවිත් ගන්නම්..
      එන්ඩ කලින් මං කෝල් එකක් දීලා එන්නම් :)

      Delete
  24. කකාගේ උපන්දිනය නම් October 27 සුභ පතමි.

    ReplyDelete
  25. @All
    ඊයේ අපේ නිවසට පැමිණි බූන්දියෙන් හඳුණා ගත් මිතුරෙකුට මේ වැඩිපුර පොත්වලින් දෙකක්ම ත්‍යාග කළ බව විත්තප්‍රීතියෙන් යුතුව දැනුම් දෙමි!

    ReplyDelete
  26. කතන්දර ටික කියවනවා හැමදාම. කමෙන්ට් දාන්නේ නම් කලාතුරකින්. එකක් මගේ ෆෝන් එකෙන් මේකට කමෙන්ට් එකක් දාන්න බෑ. එකක් කඩ්ඩෙන් විතරක් නිසා සහ අනික එකෙන් කමෙන්ට් ටයිප් කරලා ලෝඩ් කරහම ඒ ලියපු ටික අතුරුදහන් වෙන නිසා. ඒ හින්ද කම්පියුටරෙන් ආවම තමා කමෙන්ට් එකක් කොටන්නේ.
    පොත්.... මමත් ඔය බුකියේ පොත් ගෘප් එකක ඉන්නවා. ඒ වගේම පොත් කියවනවා. හැබැයි ගන්නේ නම් ඕනෙම ටිකක් විතරයි.. ඒ නිසා මම දන්නවා මගේ ගාව තියන්නේ මොනාද කියල. :)

    ReplyDelete
  27. බුද්ධික28 October 2013 at 13:31

    කතන්දර අයියට මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ, හොඳේ. මමත් 1994 ඉඳලා කොම්පුයුටර් අතගෑවට බ්ලොග් එකක් කියලා හරියකට සෙට් වෙලා කියෙව්වෙ රංගගෙ "මගේ ලෝකය". රංග මිසින්ග් උනාට පස්සෙ බ්ලොග් කියවන එක එහෙමම නතරවෙලා තිබිලා ඔයාගෙ බ්ලොගය අහම්බෙන් දැකලා දැනට මාසෙක වෙලා ඉඳලා ඕ.ටී. දාගෙන කියවනවා පරණ ඒවත් එක්ක. තව තවත් කතා ලියන්න වාසනාව ලැබේවා! (ඒක නෙමෙයි, රංගට මොනවා උනාද කියලා දන්න කෙනෙක් නැද්ද?)

    ReplyDelete
    Replies
    1. රංගට උනෙත් අනිත් හැම කසාද පිරිමියට වෙච්ච දේම තමයි...... හයියෝ සල්ලි......

      Delete
  28. සුබ උපන් දිනයක් වේවා
    -මේක නිතරම බලන ඇනොවෙක්.

    ReplyDelete
  29. ɐʇɐɯ ǝƃɐɐʞɐʞ ssǝɹppɐ ɐʞǝ ɥʇoʍʍıʞ ɥʇɐɯ ɐʍɐuǝ ɥʇod ɐuuɐƃ. ɥʇod ɐuuɐʍɐʎıʞ ɐʎɐƃ ɐʇɐuʍıɥʇ ǝɥʇɐ ǝɥʇɐs ǝuɐu ɐuuɐƃ

    ReplyDelete
  30. පොත් තෑගි දෙනවනම් හොයාගෙන එන්නම්. ඊයේ පෙරේද අලුත් පොතකට කියවන්න ලැබුනේ සෙන්කොට්ටන් තමා. කාලෙකින් කියෙව්ව හොද පොතක්

    ReplyDelete
  31. කෙන්ජී නැතිව කකාගේ අඩවිය පාළුවට ගිහින් වගේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.